අගමැතිට පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබේදැයි විමසිය යුතු ද? නැද්ද?

මහින්ද රාජපක්ෂ මේ රටේ ජනප්‍රිය දේශපාලන නායකයකු බව අප පිළිගන්නවා. අප ඔහුගේ ප්‍රතිපත්තිවලට එරෙහිව සටන් කළත්, මේ රටේ ජනතාව ප්‍රජාතාන්ත්‍රික අන්දමින් ඔහු රාජ්‍ය නායකත්වයට පත් කරනවා නම් අප හිස නමා එම තීරණය පිළිගන්නවා. ඒත්, කූට, වංචනික, ව්‍යවස්ථා විරෝධී, නීති විරෝධී, කුමන්ත්‍රණකාරී ක්‍රියාවලින් බලය ඇල්ලීම විලි ලැජ්ජා නැති සාපරාධී ක්‍රියාවක්.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසි සේත් ම ජනප්‍රිය නායකයෙකු නෙමෙයි. ඔහුගේ පක්ෂය පසුගිය පළාත් පාලන ඡන්දයේදී තුන්වන තැනට වැටුණා. පළාත් සභා මැතිවරණ කල් දැමීම සඳහා විවිධ උප්පරවැට්ටි සැලසුම් කළේත් ඔහුගේ පක්ෂයයි. ඒ තවත් මැතිවරණයකට ගියහොත් ඔහු තවත් පහළ අඩියකට වැටෙන බව දැනගත් නිසායි.
ඔහු නැවත වතාවක් කර තිබෙන්නේ මහින්ද රාජපක්ෂ උගුලක පටලැවීමයි. මෙවර රාජපක්ෂ පටලා තිබෙන උගුල එසේ මෙසේ එකක් නොවේ.
මහින්ද දිවුරුම් දුන්නාට පස්සෙ වාසු කිව්වෙ මේක දේශපාලන ගේමක් ය කියන එක. ඇයි දැන් එහෙම කියපු අය ව්‍යවස්ථාවට ආපහු එන්නෙ. ප්‍රජාතන්ත්‍රවාදයට දුන්න ගේමට එරෙහිව අපිත් පෙනී ඉන්නවා. ව්‍යවස්ථාවට අනුව ගත්තත් සිරිසේන වැරදියි. මහින්දත් වැරදියි. සිරිසේනට ව්‍යවස්ථාවෙන් යම් මුක්තියක් ලැබෙයි. ඒත් දෝෂාභියෝගයකට ලක් කරන්නට පුළුවන්. මහින්ද කරලා තියෙන්නෙ බරපතල වරදක්. පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්නුවත්, මහින්ද නීති විරෝධී අගමැති කෙනෙක්. මේ අර්බුදය කළමනාකරණය කරගන්නට නම් අඩු ගානේ ඒකටවත් මුහුණ දීමේ එඩිතරකම තිබිය යුතුයි.
මේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය ගැන අලි සබ්‍රි නම් නීතිඥ මහතෙකු විසින් කරන ලද තර්කය වඩාත් විධිමත් තර්කය යයි සලකන නිසා අප විවිධ තර්ක අතරින් එය පමණක් අරගෙන මෙම වරදෙහි ස්වභාවය පෙන්වා දෙනවා. මේ කරුණු දක්වන මා කිසිදු අන්දමක ව්‍යවස්ථා විශාරදයකු නොවන බව මෙහිදී අදාළ කරගත යුතු නැහැ. මා බුද්ධිමත් පුරවැසියෙකු විතරයි.
අලි සබ්‍රිගේ තර්කය මෙහෙමයි (පරිවර්තනයක් සැපයීමට නොහැකි වීම ගැන සමාවන්න):
Opinion
Could His Excellency President Maithripala Sirisena invite Hon. Mahinda Rajapakse to form the new government or swear in Hon. Mahinda Rajapakse as the Prime Minister?
There is a constitutional law discussion which had arisen after the President had decided to swear in Former President Mahinda Rajapakse as the Prime Minister of the country. Former Prime Minister Hon. Ranil Wickramasinghe continues to claim that he is the Prime Minister. It is interesting to study the Constitutional Provisions governing the appointment and/or seizure of the post of Prime Minister in terms of the law. In other words the Supreme Law of the land.
Article 42 (1) of the Constitution reads as follows and thus talk about the formation of a government.
➢ Article 42 (1) reads as follows;
42. (1) There shall be a Cabinet of Ministers charged with the direction and control of the Government of the Republic.
Thus the formation of the government begins with the formation of the cabinet. In that scenario, the President who is the head of the cabinet of ministers [Article 42(3)] can appoint a member of parliament who in the President’s opinion is most likely to command the confidence of the Parliament.
➢ Article 42 (4) reads as follows;
The President shall appoint as Prime Minister the Member of Parliament, who, in the President’s opinion, is most likely to command the confidence of Parliament.
The President in terms of Article 43(3) of the constitution is entitled at any time to change the composition subject and functions of the Ministers.
Once the President and the Prime Minister decides to form the cabinet. Such cabinet shall be restricted to numbers specified in Article 46 (1)(a) Article 46(1)(b) of the constitution.
➢ Article 46 (1)(a) Article 46(1)(b) reads as follows;
46. (1) The total number of–
(a) Ministers of the Cabinet of Ministers shall not exceed thirty; and
(b) Ministers who are not members of the Cabinet of Ministers and Deputy Ministers shall not, in the aggregate, exceed forty.
The outgoing cabinet was beyond the aforesaid numbers. THE ISSUE ARISES AS TO WHETHER IT WAS CONSTITUTIONALLY POSSIBLE?
Yes. It was possible because of the provisions in Article 46(4) and Article 46(5) of the Constitution in terms of which in the event of a national government the Parliament has the right to decide on the number of Ministers and the Ministeries.
What is a National Government is specified in Article 46 (5) of the Constitution which reads as follows;
➢ Article 46 (5) reads as follows;
For the purpose of paragraph (4), National Government means, a Government formed by the recognized political party or the independent group which obtains the highest number of seats in Parliament together with the other recognized political parties or the independent groups.
Accordingly and admittedly the National government which was formed ceased to exist as one of the constituent parties thereof namely United People’s Freedom Alliance [UPFA] had withdrawn from the said Government. In other words, the Government of the day upon the withdrawal of UPFA ceased to exist. Thus, the necessity to form a new government had constitutionally arisen.
Next logical question is when the National Government ceases to exist what happens to the Cabinet and the Prime Minister?
When the government had fallen there cannot be a cabinet. The Cabinet ipso facto dissolves.
It is important to look at the provisions in Article 46 (2) of the Constitution which talks about the Prime Minister’s post and his tenure in office.
➢ Article 46 (2) reads as follows;
The Prime Minister shall continue to hold office throughout the period during which the Cabinet of Ministers continues to function under the provisions of the Constitution unless he –
(a) resigns his office by a writing under his hand addressed to the President; or
(b) ceases to be a Member of Parliament.
Accordingly, with the withdrawal of UPFA the then existing unity government and the Cabinet of Ministers cease to exist so does the Prime Minister. Hence, the post of Prime Minister had fallen vacant. Thus it’s a new beginning which begins with the formation of the new Government. 
First of such test is for the President to invoke Article 42(4) of the Constitution.
➢ Article 42(4) reads as follows-
The President shall appoint as Prime Minister the Member of Parliament, who, in the President’s opinion, is most likely to command the confidence of Parliament.
Accordingly, the President appointing a member of Parliament who in the President’s opinion is likely to command the confidence parliament is perfectly constitutional.
At this point in time which is an interim period until such time the Parliament is convened and the Hon. Prime Minister is to prove his majority what matters is the President’s opinion. H.E President Maithripala Sirisena in his opinion had appointed Hon. Mahinda Rajapakse as the Prime Minister of the Republic.
It goes without saying whoever who is appointed as the Prime Minister, shall show his majority in the Parliament to continue to function in the said position.
අපට දෙන්නට තිබෙන පිළිතුර මෙහෙමයි: සම්ප්රදායන්, සදාචාරය, ආචාරධර්ම, හෘදය සාක්ෂිය ආදී කිසි මගුලක් ගණන් ගන්නෙ නැතුව ව්යවස්ථාවෙන් විතරක් කතා කරනවා නම්, 46 (5) වගන්තිය හරියට අධ්යයනය කරන්න ය කියන්න. ඒකෙ තියෙන්නෙ මෙහෙමයි.
For the purpose of paragraph (4), National Government
means, a Government formed by the recognized political party
or the independent group which obtains the highest number of
seats in Parliament together with the other recognized political
parties or the independent groups.

මේකට අනුව, එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ පළියට ජාතික ආණ්ඩුව බිඳවැටෙන්නෙ නැහැ. ඒකට හේතුව මේකෙ ජාතික ආණ්ඩුව පිහිටුවල තියෙන්නෙ එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ක විතරක් නෙමෙයි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයත් එතන ඉන්නවා. මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවෙන් අයින් වෙන්නට තීරණය කළේ නැහැ.
අලි සබ්‍රිගේ තර්කයට තවත් ප්‍රති තර්ක තියෙනවා. ජාතික ආණ්ඩු සංකල්පය අදාළ වන්නෙ ඇමති තනතුරු සංඛ්‍යාවට විතරයි. උදාහරණයක් ලෙස අපි හිතමු පාර්ලිමේන්තුවේ ආසන 200ක් තිබෙන පක්ෂයක් ඉතුරු 25 හිමි පක්ෂය එක්ක යහපත් අරමුණකින් ජාතික ආණ්ඩුවක් පිහිටුවනවා ය කියලා. එතකොට අර 25 හිමි පක්ෂය අයින් වුණා ය කියලා ජාතික ආණ්ඩුව බිඳවැටෙනවා ද? ජාතික ආණ්ඩු සංකල්පයෙන් අයින් වීම කියන්නෙ ආණ්ඩුව අහෝසි වෙන්නට හේතුවක් නෙමෙයි. එයින් සිදුවන්නේ එක දෙයයි. ඇමති මණ්ඩලය පත් කිරීමේදී 46(1) වගන්තියට අනුකූල සීමා තුළ එය කරන්නට සිදුවීමයි.
ජාතික ආණ්ඩුව පිහිටුවන්නෙ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් තිබෙන පක්ෂය. ඒ කියන්නෙ ඒ පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය තියෙන්නෙ ඒ පක්ෂයට මිසක් ඒ සමග එක් වෙන අනෙක් පක්ෂවලට නෙමෙයි. එතකොට එකී වැඩිම ආසන සංඛ්‍යාවක් තිබෙන පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නට තීරණය කළොත්, එය අදාළ වන්නෙ ඇමති තනතුරු සංඛ්‍යාවට විතරයි.
අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ තිබෙන බහුතර විශ්වාසය පිළිබඳ විමසීමක් නොකළ යුතුයි කියා තර්කයකුත් දැන් මතු වෙනවා. එහෙම තර්ක කරන්නේ මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් නැති නිසායි. ඒ තර්කය ම අවුලක්. එසේ නම්, නව අගමැතිවරයකු පත් කිරීමට ජනාධිපතිවරයාට කිසිම හේතුවක් නැහැ.
මීට කලින් ජනාධිපතිවරයා ඔහුගේ මතය අනුව තීරණය කර තිබෙනවා රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසය ඇති පුද්ගලයා ය කියා. ඒ මතය වෙනස් කරන්නට කිසිදු හේතුවක් මෙතන නිර්මාණය වෙලා නැහැ. හේතුව පාර්ලිමේන්තුවේ බලතුලනය කිසිදු අයුරකින් වෙනස් වෙලා නැහැ. ඒක 2015දි තිබුණු විදියමයි දැනුත් තියෙන්නෙ. ජනාධිපති සිරිසේන නායකත්වය දරණ එක්සත් ජනතා නිදහස් සන්ධානය මහින්ද රාජපක්ෂට විපක්ෂ නායකකම නොදුන්නෙත් ඔය පදනමින්මයි. හේතුව ඔහු හිටියෙ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයකු විදියටයි. එම පක්ෂය ආණ්ඩුවේ හවුල්කරුවකු නිසා ඊළඟ ලොකුම පක්ෂය වුණ දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායකකම හිමි වුණා. දැන් මහින්ද රාජපක්ෂට හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වෙන කෙනෙකුට හෝ විපක්ෂ නායකකම ලබාගැනීමේ කිසිදු ගැටලුවක් නැහැ. එම පක්ෂය ආණ්ඩුවේ නැති නිසා. President’s Opinion කියන්නෙ එක එක වෙලාවට හිතෙන හිතෙන විදියට වැඩ කරන්නට පුළුවන්කම නෙමෙයි. ඒක වගකිවයුතු තීරණයක්. කලින් ගත් තීරණයක් වෙනස් කරන්නට හේතු වන සංදර්භයක් තිබිය යුතුයි. ඔන්න අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව වෙලාවෙ නම් එහෙම සංදර්භයක් තිබුණා. ඔහු එය ජය අරන් පෙන්නුවා. මෙතනදි එහෙම සාධාරණ සංදර්භයක් නිර්මාණය වෙලා නැහැ.
අපි රනිල් වික්‍රමසිංහට හෝ එක්සත් ජාතික පක්ෂයට වඩා පක්ෂපාතිත්වය දක්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට. ඒ වෙනුවෙන් පත් කරගත හැකි හොඳම පාලකයා අප පත් කරගන්නවා. රනිල් හොඳ නායකයකු නොවන බව ඇත්ත. මහින්දත් හොඳ නායකයකු නෙමෙයි. ඒ බව ඔහු මේ කුමන්ත්‍රණයෙන් නැවතත් ඔප්පු කළා. අපි හොඳ නායකයින් නිර්මාණය කරන්නට වැඩ කරනවා.
හැබැයි, ඒකට රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි මෙවැනි කුමන්ත්‍රණ පැරදවිය යුතුයි. ව්‍යවස්ථාව කියන්නෙ ලේඛනයක්. එහි වචන විවිධාකාරයෙන් අර්ථ දක්වන්නට පුළුවන්. හැබැයි, එය නීතියේ සිදුරු බවට පත් කරගැනීම දියුණු දේශපාලනයකදී පිටුදැකිය යුතු තත්වයක්. දේශපාලනයෙදි වෙන මොනවා නැතත් ලංකාවට දීර්ඝකාලීන පාර්ලිමේන්තු සම්ප්‍රදායන් රැසක් තිබෙනවා. ගේම ඒ ඇතුළෙ ගහන්න. කැළේ පනින්න එපා.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා