සොරුන්ට සර්ව සාධාරණ නඩු විභාග අවශ්‍ය නැත

බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය සාධනීය, සුබවාදී එකක් ලෙස අගය කරමු. එහෙත්, අවංක එකක් යයි සිතා නො රැවටෙන්නට ද වග බලා ගනිමු. ජනාධිපතිගේ කිල්ලෝටයේ ද මල්ලි ටෙලිකොම් එකේ සභාපති කිරීම, දුවගේ ඇඩ්වටයිසිං හා ඉවන්ට් මැනේජ්මන්ට්, ඩඩ්ලි මල්ලිගේ බිස්නස් වැනි හුණු තිබේ.

ඒ නිසා ඔහු දැන් තමන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා බවට පත් කරගෙන සිටින, තමන්ට ජනාධිපතිකමට ගොඩ වීමට පය තැබීමට උර දුන් රනිල් වික්‍රමසිංහට වඩා ඔහු හොඳයයි අමුතු රැවටීමක් අපට නැත. දෙන්නා ම නරක ය. අප ඔවුන් අපගේ නායකත්වයට පත් කරගෙන ඉන්නේ එහෙම මහ ලොකු හොඳක් බලාපොරොත්තුවෙන් නො වේ. අපට තෝරා ගැනීමට සිටින්නේ ඔවුන් නිසා ය. එසේම, කොච්චර නරක වුණත්, ඔවුන් රාජපක්ෂ පවුලේ අයට වඩා හොඳ නිසා ය. අඩු තරමේ ඔවුන් හොරකම් කරන්නේ අහු වෙන්න ය. රාජපක්ෂලා දුන්නේ ඇඩ්‍රස් නැති වෙන්න ය.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ නිර්දේශ වහා ක්‍රියාත්මක කළ යුතු ය. ඒ හා සම්බන්ධ වගකීම ජනාධිපතිවරයා භාර ගත යුතු ය. නීතිපතිට බෝල පාස් කළ යුතු නැත. 

ලොව කිසිම තැනක පොදු සමාජයට එරෙහි බරපතල අපරාධ සිදු කළ අය සම්බන්ධයෙන් සාධාරණ නඩු විභාග පැවැත්වෙලා නැහැ. සාධාරණ නඩු විභාග කියන්නෙ එක්තරා ව්‍යාජයක්. හැමතිස්සෙ ම තීන්දුව කලින් නිගමනය කරගෙන, පූර්ව විනිශ්චයක් සහිතව තමයි එවැනි නඩු ඇහිලා තියෙන්නෙ.

වඩා වැදගත් වන්නේ මහජනතාවගෙන් සොරා ගන්නා ලද ධනය ආපසු ලබා ගැනීම මිස සොරුන්ගේ මානව හිමිකම් නො වේ. මෙය අර්ජුන්ලාට මෙන් ම රාජපක්ෂලාට ද අදාළ ය.

ඒ නිසා මේ වෙලාවෙ රටේ යහපත වෙනුවෙන් අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, රවී කරුණානායක විතරක් නෙමෙයි රනිල් වික්‍රමසිංහ වුණත් වන්දි ගෙවිය යුතු නම් ඒ වන්දිය අය කරගෙන සමාජය ඉදිරියට යා යුතුයි. ඒකට ඇඹරෙන්න ඕනැ නැහැ. ඒක ගැන කිසිම විවාදයක් නැහැ. රාජපක්ෂ පවුලෙන් අය කළ යුතු වන්දිය අය කර ගන්නට ඇඹරුණා ය කියන එක දැන් අදාළ නැහැ. මෙතන ඉඳලා හරි පටන් ගන්න ඕනැ. ඒගොල්ලන් ළඟටත් ආපහු යන්න ඕනැ. කිසිම පුද්ගලයකු වැදගත් නැහැ. වැදගත් වෙන්නෙ පොදු සමාජයයි.

මේ මුදල් රටෙන් පිටට ගියේ නැහැ. ඇලෝසියස්ලා ලබපු ලාභයෙන් ස්කාගාර දැම්මා හෝ පත්තර ගැහුවා හෝ මොනවා කළත්, ඒ සල්ලි රටට අහිමි වුණේ නැහැ. හැබැයි හෙජිං ගනුදෙනුව වගේ දූෂිත ගනුදෙනුවලදි රටේ ධනය රටට අහිමි වුණා. ඒ දූෂිත ගනුදෙනු කරපු අය තවමත් කයිවාරු ගහනවා.

රාජපක්ෂ යුගයේ දූෂණ පිළිබඳව කටයුතු නො කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වගේ ම අගමැතිත් වගකිව යුතුයි.

දැන් මේක හොඳ ආරම්භයක්. විශේෂ නීති ගෙනැවිත් හෝ මේ මුදල් ආපසු අය කර ගත යුතුයි. ඒ නීති පාවිච්චි කරමින් ම රාජපක්ෂලා හොරකම් කළ මුදලුත් ආපසු අය කර ගත යුතුයි.

මේ කිසිවෙකුට නැවත දේශපාලනයට පිවිසෙන්නට හෝ ඉඩක් හෝ නො තැබිය යුතුයි. දීර්ඝ කාලීනව සිරගත විය යුතු සොරුන් සියලු දෙනා හිරේට තල්ලු කරන්නට මේක හොඳ ආරම්භයක් කර ගත යුතුයි. දැන් අධිකරණවල සිදු වන තෙපරබෑම්වලට තියෙන නීතිමය බාධක මේ ගැම්මෙන් ම ඉවත් කරගෙන ඉදිරියට යා යුතුයි. නීතියේ සිදුරු භාවිතා කර ඇප පිට එහෙම නිදහස් වී සිටිනවුන්ටත් ආපසු සිරගෙදර යකඩ දොරටු විවර කර දිය යුතුයි. 

මූලික තර්කය මේකයි. දන්නා සොරුන්ටඅමුතුවෙන් සර්ව සාධාරණ නඩු විභාග අවශ්‍ය නැත. ඒවා කරන්නට ගියහොත් සිදු වන්නේ රිංගා ගන්නට සිදුරු හමු වීම පමණි. 

විශේෂ නීති ගෙනැවිත් මොවුන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන, දේපල පවරාගෙන, පසුව අවශ්‍ය නම් නඩුත් ඇසිය හැකි ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අර්ජුන අලෝසිඅස් EPF හා ETF එකට බලෙන් බොන්ඩ් වික්කේ නැනේ. සාදාරන නඩුවකින් ඔහු නිදහස් වෙන්න එදා තියනවා.

    ReplyDelete
    Replies
    1. ව්‍යාපාර කරන්නෙ ලාභ ලබන්නට තමයි. හැබැයි, තමන්ට ලාභ ලැබෙන්නට යන්නෙ කොහොමද කියන එක සම්බන්ධයෙන් අවබෝධයකින් කටයුතු කිරීම ව්‍යාපාරිකයාගෙ වගකීම.

      මේක හරියට ඉතුරු සල්ලි දෙනකොට දැන දැන ම පන්දාහෙ ඉතුරු සල්ලි වෙනුවට දාහෙ ඉතුරු සල්ලි දීලා ලාභ ලවනවා වගේ නේ.

      සාධාරණ නඩු විභාගයක් තිබ්බොත් මුන් නිදහස් වෙනවා. මේක පූර්ව විනිශ්චයක් සහිතව ම සිදු විය යුතුයි. හේතුව, ඔය කොමිසමත් ඕපදූප ගොඩක් වාර්තා කළා මිස ඉන්සයිඩර් ට්‍රේඩිං ඔප්පු කළ හැකි සාක්කි සොයා ගත් බවක් මම නම් හිතන්නෙ නැහැ.

      හැබැයි, මෙතන ඉන්සයිඩර් ට්‍රේඩිං වෙලා නැහැ ය කියලා ඔප්පු කරන්නට සිදු වෙනවා නම් එහෙම ඒක වුණත් කරන්නට බැහැ.

      Delete
    2. අර්ජුන වැරදි නෑ. කවුරු හරි මට කිව්වොත් පෙට්‍රල් ලීටරේ මගෙන් රු.1000 ගානේ ගන්නවා කියලා, මම ශෙඩ් එකෙන් පෙට්‍රල් අරන් පොරට විකුනනවා. පොර ඇයි ශෙඩ් එකෙන් කෙලින්ම පෙට්‍රල් නොගන්නේ කියන එක මගේ ප්‍රශ්නයක් නෙමේ.
      මෙතන වැරදිකරුවන් රනිල් ඇතුලු රජයේ නිලදාරීන්

      Delete
    3. // ඔය කොමිසමත් ඕපදූප ගොඩක් වාර්තා කළා මිස ඉන්සයිඩර් ට්‍රේඩිං ඔප්පු කළ හැකි සාක්කි සොයා ගත් බවක් මම නම් හිතන්නෙ නැහැ. //

      මොකද නැත්තේ කසුන් පලිසෙන ගේ ප්‍රකාශයෙන් පස්සේ තමයි "ඉන්සයිඩර් ට්‍රේඩිං" පිළිබද වෝහාරික සාක්ෂි ඔප්පු උනාට පස්සේ තමයි අර්ජුන ඇලෝසියස් ගේ හිටපු නිතිඥ මහතා ඉවත් වෙන්නේ, නමුත් නීති ශේස්රයේ අතිදක්ෂයෙක් වන ගාමිණි මාරපන මහතා මෙය බාරගැනීමෙන් පිටතට නොපෙනෙන අපුරු දෙයක් මේ තුල තියනවා, නිකම්ම පරදින නඩුවක් ගාමිණි මාරපන මහතා වැනි ඉහල ජනාධිපති නිතිඥ වරයෙක් බාරගන්නේ නෑ. ඔහු දන්නවා මේ නඩුව ඉදිරියට ගියොත් රනිල්ටත් සිරගත වෙන්න වෙන බව, මේ නිසා නීතිපති දෙපාර්තමේන්තුව කිසිම දිනක මේ නඩුව රනිල් අගමැති පුටුවේ සිටින කල් ඉදිරියට ගේන්නේ නෑ, මේකට තමයි සුද්ද "Golden Rule" කිව්වේ එකියන්නේ "Whoever has the gold, makes the rules! "

      මට කියන්න තියන සරලම දේ තමයි මේ නඩුව කිසි විටකත් පවරන්නේ නෑ එහෙම පැවරුවත් කිසිවෙක් වරදකරුවෙක් වෙන්නේ නෑ

      උදාහරණ :- සරත් සිල්වා අගවිනිසුරු වීමට ඉස්සල්ල ඔහුට විරුද්දව චෝදනා විබාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්ය කරුවන් දෙදෙනෙකුට පැවරුන එම නඩුවට උනේ මොකද්ද කියල අද කිසිවෙක් දන්නේ නෑ අඩුගානේ ඔබ දාන්නෙත් නෑ නේද ?

      අන්න එක තමයි මෙතනත් වෙන්නේ.

      Delete
    4. ඒ කියන අභ්‍යන්තර වෙළෙඳාම ඔතන සනාථ වුනා නම් ඒකට වැරදි කරුවො වෙන්නේ EPF සහ PST සමාගමේ ඒක මෙහෙයවූවන්. ඒත් එතනින් මහජනයාට අලාභයක් වුනා කියනවා නම් අපි හිතමු ගනුදෙනුව ආපසු හැරවූවා කියලා. එතකොට ඒ මිලට බැඳුම්කර යළි සමාගමට දෙනවා නම්, EPF එකට සිද්ධ වෙනවා මෙතෙක් කල් උපයාගත් පොළී ආදායම් ආපහු දෙන්න. ද්වීතික වෙළෙඳපොළේදි ලාභ උපයන එක වරදක් නෙවෙයි. ඒක බැඳුම්කර නිකුතුවට අදාළ දෙයකුත් නෙවෙයි.

      Delete
  2. "You are in front of an idiot when you are in the court"... said by the Senior Lawyer of Colvin
    පූර්ව විනිශ්චය (Fixed කළ) නඩු වෙනුවට HYBRID උසාවි ක්‍රමය හොඳයි නේද?

    ReplyDelete
  3. //රාජපක්ෂ පවුලෙන් අය කළ යුතු වන්දිය අය කර ගන්නට ඇඹරුණා ය කියන එක දැන් අදාළ නැහැ. මෙතන ඉඳලා හරි පටන් ගන්න ඕනැ. ඒගොල්ලන් ළඟටත් ආපහු යන්න ඕනැ. කිසිම පුද්ගලයකු වැදගත් නැහැ. වැදගත් වෙන්නෙ පොදු සමාජයයි. // i agree

    ReplyDelete
  4. අජිත් පැරකුම් වෙනම් රාජ්‍යයක රජවූ දවසක ඒ වගේ ගෝත්‍රික වැඩ කලාට කමක් නෑ. ඕනෑම චූදිතයෙකුට උපරිම සාධාරණ නඩු විභාගයක් හිමි වීම ඔහුගේ අයිතියක්. අප සමාජය ශිෂ්ඨත්වය කරා මිස ගෝත්‍රිකත්වය කරා යොමු කලයුතු නෑ.
    කොහොමත් නටබුන් ජවිපෙ අන්කොන් අස්සේ ධනපතියන් කෙරේ ඇති පැරකුම්ලගේ වෛරය ඉබේම උඩට මතුවෙනවා...

    ReplyDelete
    Replies
    1. මෙතනදි සාධාරණ නඩු විභාගයකට ඉඩක් නැහැ. මේ ජනාධිපති කොමිසම පවා එහෙම නැහැ. මහජන මුදලින් මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වූවා මිසක් ඉන්සයිඩර් ට්‍රේඩිං ගැන පැහැදිලි සාක්කියක් මෙහි ඇති බවක් පෙනෙන්නෙ නැහැ. සාධාරණ නඩු විභාගයක් තිබ්බොත් මේගොල්ලන් නිදහස්. මේ වැඩේ මුල පුරපු ජනාධිපති මේකෙ වගකීම ගන්න ඕනැ.

      Delete
    2. මා නම් කොටස් වෙළෙදපොල ගනුදෙනු ගැන දන්නේ නෑ... කොමිසම තුල අඩුපාඩු ඇතිනම් එයට අර්ජුන්ලා වන්දි ගෙවිය යුතු නෑ.
      අර්ජුන් ඇලෝසියස් මෙහිදි රගපා ඇත්තේ රාජ් රාජරත්නම්ගේ චරිතයම බවයි මගේ අවබෝධය. 2008 සිටම ඔහු මෙය කරන්නට ඇති. අන්ත දූෂිත රාජ්‍ය සේවක අනුග්‍රාහය ඔහු ලේසියෙන් ලබාගන්නට ඇති.
      එහෙත් ඔහුට සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය කිසිදු හේතුවක් නිසා අහිමි වෙන්නේ නෑ. කොටින්ම සාධාරණ නඩු විභාගයක් අහිමි කිරීමම ඔහුව නිවැරදිකරුවෙකු ලෙස අර්ථ දැක්වීමට හේතු වෙනවා... අනෙක් පසින් පාර්ශ්ව වැරදිකරුවන් (දැනට සැගව ඇති ) හෙළිදරව් වීම වැළැක්වෙනවා.
      ඔබගේ යෝජනාව අන්ත දූෂිත රාජ්‍ය සේවකයන්ගේ හා දේශපාලකයන්ගේ අමන්දානන්දයට නම් හේතුවක් වේවි.

      Delete
  5. ඒ වංචාකර බිස්නස් කාරයාගේ බිස්නස් රජසන්තක්කකරලා, ඒවා වෙන වංචාකර බිස්නස්කරයකුට කුනුකොල්ලෙට දීල සල්ලිහොයගෙන ආපසු ඊටිඑෆ් එකට දාමු, ඒ මුදලින් එටිඑෆ් එකේ අලුත් තැරැව්කාරයන්ට අයේ වෙනස් වංචාකර බිස්නස්කරයකුගෙන් කොමිස් කුට්ටියක් කඩාගත හැකි වෙන්ට.

    ReplyDelete
  6. සාධාරණ නඩු විභාගයන් සිදුවන්නනේ චුදිතයා මුදල් සහ හෝ දේශපාලන බලයෙන් තොරවු විට පමනයි. එහෙම නැත්නම් බොහෝවිට නඩුවක් ඇහෙන්නෙත් නෑ. ලිපිගොනුව නීතිපති ලඟ පල්වෙනවා. මේක තමයි ලංකාවේ තිබෙන කනගාටුදායක තත්වය.

    ReplyDelete
  7. පැරා පොඩ්ඩක් කල්පනාවෙන් මේ දිහා බලන්න

    // අපට තෝරා ගැනීමට සිටින්නේ ඔවුන් නිසා ය.//

    මෙතන රනිල් සහ මයිත්‍රී කියන්නේ ප්‍රතිවිරුද්ද පිරිස් සිටින නායකයන් දෙදෙනෙක් මහින්දට තිබුන බලය ඔවුන්ට නෑ

    //කොච්චර නරක වුණත්, ඔවුන් රාජපක්ෂ පවුලේ අයට වඩා හොඳ නිසා ය. //

    කොහොමද එහෙමෙ කියන්නේ ඔබට මතකද කොටින්ට ආයුධ දුන්න ප්‍රේමදාසව ආරක්ෂා කලේ රනිල් හිගන්නාගේ තුවාලේ වගේ යුද්දේ පවත්වාගෙන ගියේ රනිල්, රටේ ධනය කෝටිගණන් මේ නිසා විනාශ උනා විතරක් නෙමෙයි මිනිස් ජිවිතත් විනාශ උනා.

    ඔබට මහින්දගේ කාලේ හොරකම් කල බව කියන්න පුළුවන්, ඔවුන්ට පුළුවන් "ඔව් අපි හොරකම් කළා මෙන්න අපි හදපු පාරවල් මෙන්න අධිවේගී මාර්ග මෙන්න හම්බන්තොට වරාය කියලා පෙන්වන්න," නමුත් රනිල් ට පුලුවන්ද ඔව් අපි මහබැංකුව හොරකම්කලා මෙන්න හදපු දේවල් කියල මහජන දේපල පෙන්වන්න ?

    //අඩු තරමේ ඔවුන් හොරකම් කරන්නේ අහු වෙන්න ය. රාජපක්ෂලා දුන්නේ ඇඩ්‍රස් නැති වෙන්න ය. //
    යමක් කියනකොට පොඩ්ඩක් කල්පනා කරන්න පැරා ඔබට මතක නැද්ද පිටිපන කොමිසම රනිල් පත්කරලා කිව්වා කිසිම දැකියහැකි වංචාවක් නෑ කියල සුජීව සෙනසිංහ පොතකුත් ලිව්වා මතක නැද්ද ?

    නමුත් මේවා මෙහෙම සොයන්න හැකි උනේ රනිල් රවී වගේ අය හොරකමට අදක්ෂ නිසා නෙමෙයි රටේ පාලන බලය සම්පුර්ණයෙන් රනිල් ගේ අතේ තිබුනේ නැති නිසා, රටේ පාලන බලයෙන් සැලකියයුතු කොටසක් මයිත්‍රී ලග තියනවා, ඔහු තමන්ට ලකුණුදාගන්න රනිල්ගේ රෙද්ද කඩල පෙන්නුව.

    ඔය සරල දේ ඔබට තේරෙන්නේ නැද්ද ?

    මහින්දගේ කාලේ සම්පුර්ණ බලය ඔහු ලග තිබුන නිසා ඔහුට විරුද්දව කිසිම පරීක්ෂණයක් උනේ නෑ එහෙම නැතුව සොරකම් අසු නොවන විදියට වැඩකරන්න දක්ෂ නිසා නෙමෙයි.

    //රාජපක්ෂ යුගයේ දූෂණ පිළිබඳව කටයුතු නො කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වගේ ම අගමැතිත් වගකිව යුතුයි. //

    අන්න නිවැරදි ප්‍රශ්නය ඔබට මතකද පාටලී රනවක කිව්වා තාක්ෂණික විගණනයක් කරන්න ඕනේ කියල කෝ දැන් අවුරුදු 3 ගියා අඩුගානේ එහෙම එකෙක් පත්කරලා වත් නෑ නේ.

    මෙතන තියෙන්නේ පැරා බලය ඇතිවිට කොහොමද හොරකම් කරන්නේ කියන දෙයයි, අපේ වගේ රටවල් හදල තියනවා නම් හදල තියෙනේ ඒකාධිපතියෙක් තමයි එකයි මම හැමදාම මැක්කාගේ කතාව වගේ සිංගප්පුරුව මතක් කරන්නේ මොකද එහෙ පාවිච්චි කල මොඩල් එක තමයි සාර්ථක
    ඒ තමයි දෙසපාලකයට වැඩි වැටුප් සහ වංචා කලොත් දැඩි දඩුවම් කියන ක්‍රමය මේකට තමයි using "carrots and sticks" method කියන්නේ.

    ඔබල මේවා දැනගෙන බයිලා ගහනවා.

    මේ පැරා රනිල් බලයේ හිටියනම් ප්‍රබාකරන් තවම උතුරේ යහතින් ඉන්නවා එහෙනම් තවම අගනගරයේ බෝම්බ පත්තුවෙනවා, කතාව එච්චරයි.

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ ඔබ තුමා Para ව මේතරම් නිරුවත් කලේ ?

      Delete
  8. අජිත් පැරකුම්ලාට මිනිස් ජීවිත වලට වඩා වටින්නේ සල්ලිය. හොරා හොරකන් කරපු ගාන මිලියනද බිලියනද යන්න පැරකුම්ලා සොයයි. ඒ උනත් රට දෙකඩ වී රට එක එකා කුලල් කා ගන්නා සටන් බිමක් වෙනවාට අජිත් පැරකුම්ලාට ප්රශ්නයක් නැත.

    ReplyDelete
  9. https://www.facebook.com/lankaenews/posts/1727616530636838

    ReplyDelete
  10. sankyatha wagayak Sirasata nomile dunna kiyanne kawda? Eka Eththda?

    ReplyDelete
  11. /* සොරුන්ට සර්ව සාධාරණ නඩු විභාග අවශ්‍ය නැත */

    සාධාරණ නඩු විභාග නොමැතිව සොරුන් නිවැරදිව සොයා ගන්නේ කෙසේ ද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා