මහයහපාලකයාණෙනි, ඌවේ බල්ලා පන්නා දමනු!

ජනාධිපතිතුමා මේ දිනවල රට පුරා යමින් දූෂණය නැති කිරීම, යහපාලනය ඇති කිරීම ගැන උද්වේගකර කතා පවත්වයි. ඡන්ද කාලෙට ඔහොම අමුතු ජවයක් එන එක තේරුම් ගන්නට පුළුවන. එහෙත්, අවුරුදු තුනක් නො කළ දේවල ඡන්ද කාලෙට විතරක් කරයි කියා අමුතුවෙන් විශ්වාසයක් අපට ඇති වන්නේ නැත. දැන් උවමනා නම්, ඔන්න ක්‍රියාත්මක වන්නට අවස්ථාව එළඹී තිබේ.

ජනාධිපතිවරයා විසින් ම ඌව පළාත් සභාවේ ප්‍රධාන ඇමතිකමට පත් කරන ලද චාමර සම්පත් දසනායක විසින් ප්‍රධාන දෙමළ පාසලක විදුහල්පතිනියක දණගස්වා ඇති බවට ඇය විසින් පහත වීඩියෝවල ලබා දෙන සාක්ෂිවලින් පැහැදිලි ය.

බදුල්ලේ පාලිත ආරියවංශ විසින් මේ පිළිබඳ විශාල ප්‍රබන්ධයක් අද ලංකාදීප පුවත්පතේ පළ කර තිබේ. ඔහු එසේ කරන්නේ පැහැදිලිව ම චාමර සම්පත්ගේ උවමනාවට බව පෙනේ.

දුම්රියේ වඩේ විකිණීමෙන් ජීවිත සටන ආරම්භ කළ බව කියන මෙම පුද්ගලයා අද වන විට සාර්ථක ව්‍යාපාරිකයකු වන්නට පුළුවන. අනෙක් පැත්තෙන් ඔහු වැනි අය නූගතුන් ලෙස සලකා බැහැර කරන්නට උත්සාහ කරන සමායක් ඇති බවත් ඇත්ත ය. කෙසේ වෙතත්, මේ වන විට ඔහුට ඌව පළාතේ අධ්‍යාපන ඇමති ධුරය හොබවන්නට ද අවස්ථාව ලැබී ඇත. එවැන්නකු විදුහල්පතිනියක දණගස්වා පීඩාවට පත් කිරීම පැති ගණනාවකින් අවධානයට ලක් විය යුතු ය.

එක පැත්තකින් මෙම විදුහල්පතිනිය කඳුරට දෙමළ ප්‍රජාවේ නායිකාවකි. ඇය දණගස්වා මේ අන්දමින් පීඩාවට පත් කිරීමට ඔහු පෙළඹෙන්නේ එක පැත්තකින් ඇය දෙමළ නිසා ය. අනෙක් පැත්තෙන් ඇය කාන්තාවක නිසා ය.

මේ මුග්ධ දේශපාලකයා කොන්දේසි විරහිතව ඉවත් කළ යුතු ය.

අනෙක් පැත්තෙන් දේශපාලකයන් ඉදිරියේ දණගසන, වැඳවැටෙන, එසේ කරන්නට වෙනත් අය පොළඹවන, මෙවැනි සාපරාධී සිදුවීම් වසන් කරන, ඒ අතට - මේ අතට වැනෙන රජයේ සේවකයින් සම්බන්ධයෙන් ද කිසිදු අනුකම්පාවක් දැක්විය යුතු නැත. මන්ද, මහජනතාව ඉදිරියේ වීරයන් ලෙස හැසිරෙන මේ නිවටයන් රටේ ඇති වී තිබෙන මෙම තත්වයට වගකිව යුතු හෙයිනි. 

චාමර සම්පත් දසනායක මෙවැන්නක් කරන්නට පෙළඹෙන්නේ ගුරුවරියක් දණගස්වා වැරදිකරු වී අධිකරණයෙන් දඬුවම් ලැබූවකු වන ආනමඩුවේ ආනන්ද සිසිර කුමාර වැනි පුද්ගලයන්ට පවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අඬ ගසා තනතුරු දුන් සංදර්භයක් තුළ ය. හරි නම්, එවැනි පත්වීම් දුන් මහ යහපාලක මෛත්‍රීපාලන සිරිසේන ද ඉල්ලා අස් විය යුතු ය.

එහෙත්, මේ රටේ දේශපාලකයන්ට ලජ්ජාවක් නැති බැවින් අපි එවැන්නක් බලාපොරොත්තු වන්නේ නැත. ජනාධිපතිවරයා ඌවේ ප්‍රධාන ඇමතිවරයා ඉවත් කළ යුතු ය.

ලංකාදීප පත්තරය ටොන් පචයක් ඇද බෑවේ ඔහු මේවා දැන ගන්නා බව කියන්නේ මාධ්‍යවලින් නිසා විය හැකි ය. එහෙයින් මාධ්‍යවල මේවා පළ වූ විට නම් අනිවාර්යයෙන් ම මහ යහපාලකවරයා සිය අන්තේවාසික ඌවේ මහ ඇමතිවරයා ඉවත් කරනවා සිකුරු ය.

සිද්ධිය සිදු වූ හැටි පහත වීඩියෝවල දැක්වේ.






ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මොහු අස් වෙලා තියෙන්නෙ අධ්‍යාපන ඇමතිකමින් විතරයි. මහ ඇමතිකමිනුත් අස් වෙන්න ඕනැ. ඒ වගේ ම මොහුත්, මොහුගේ සහචරයිනුත් අත්අඩංගුවට ගන්න ඕනැ. මෙතන පොදු දේපල අපහරණය, පැහැර ගැනීම, බලහත්කාරය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය වැනි අපරාධ ගණනාවක් තියෙනවා.

    ReplyDelete
  2. මෙම කාන්තාවගේ කතාව අනුව පැහැදිලි වෙන්නේ තමන් නොකරපු වරදක් වෙනුවෙන් (උපකල්පනයක් පමණි) චෝදනාවකට ලක්වීම නිසා බියට පත්වෙලා ස්ව කැමැත්තෙන් වැඳපු බවක්. පසුව එය මෛත්‍රී පාර්ශවයට ගහන්න unp හොරු විසින් මෙහෙයවන jvp ය විසින් පාවිච්චියට ගැනීමක් සිදුවී තියෙනවා.

    ReplyDelete
  3. නියමයි පැරා... තීන්දුවත් දීල ඉවරයි. මහා ඇමති වැරදි වෙන්න පුළුවන් විදුහල්පති දන ගැස්සුවා කියන එකට නෙමෙයි. රජයේ නිලධාරීන්ට රස්සාවට බලපෑම් කරා කියලා... විදුහල්පතිනිය දන ගන්න ඕනනේ තමන්ගේ protocol, සිමාවන් හා වගකීම. මුලින්ම මහා ඇමතිගේ ගෙදර ගියේ අහවල් එකකට ද.එහෙම යනවනම් අඩුම ගැනේ ඉහල නිලධාරියෙකුට කියලා යන්න ඕනනේ... තව කාත් එක්ක හරි... හොඳ වෙලාවට දනගහලා නැවතුනේ.. නැති නම් තව මාස 9-10න් හම්බ වෙන දරුවාගේ තාත්තා ත් මහා ඇමති වෙනවා...ඕව තමයි සිඟිති ආතල් කියන්නේ...

    ReplyDelete
  4. ආණමඩුවේ මන්ත්‍රී එකට දඬුවම් වින්දා... එහෙම නම් ඉතින් පැරා ටත් බැහැනේ සිවිල් සමාජයේ ක්‍රියාකාරිකයෙක් වෙන්න.. රජයේ ගුවන් විදුලියේ වැඩ කරන්න... මිනිසෙකුට වැරදි කරාම දඬුවම් ලැබෙනවා..ඒක ජීවිත කාලයටම බලපාන්න ඕනනේ නැහැ... බුදු බැනේ හැටියටත් අන්ගුලිමාලත් රහත් උනා...

    ReplyDelete
  5. මහා ඇමතියව උසාවි දැක්කුවේ මේ ලිපියයි මම බුකියේ ලියපු ඒවා දැකලද මන්ද? දැන් ඉතින් රනිල්ගේ වාරේ රවිව කනෙන් අල්ලලා පක්ෂෙන් දොට්ට දාන්න . නැත්තම් චන්ද ලක්ෂයක් හමාරක් UNP ට නැතිවෙනවා ෂුවරිනුත් ෂුවර්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා