ලිංගික අල්ලස්, නාම යෝජනා සහ කාන්තා නියෝජනය තහවුරු කළ පළමු මැතිවරණය

මධූෂා රාමසිංහට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා මැතිවරණයේ නාමයෝජනා දීම සඳහා පොදු ජන පෙරමුණේ යම් අය විසින් ලිංගික අල්ලස් ඉල්ලීම සරලව ගත හැකි සිද්ධියක් නො වේ.

එයට හේතුව මෙය සිදු වන්නේ පළාත් පාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා නීතිමය සංශෝධන සිදු කර පවත්වනු ලබන පළමු මැතිවරණයේදී ම වීමයි.

මෙම සිද්ධිය පිළිබඳව ඇය මැතිවරණ කොමිෂම ඉදිරිපිට උද්ඝෝෂණයක් පවා කරන ලදී. ඇගේ පැමිණිල්ල නිසි පරිදි ලේඛනගත කරගෙන එය විමර්ශනය කළ යුතු ය.

එපමණක් නොව, මෙම සිද්ධිය නිකම් යටපත් වන්නට ඉඩ නො දී කාන්තා සංවිධාන විසින් මෙය ඉස්මතු කරගෙන දැවැන්ත හඬක් නැගිය යුතුව තිබේ. ඒ අන් කිසිවක් නිසා නොව මෙවැනි දේ නැවත සිදු වීම අවසන් කළ යුතු නිසා ය.

මෙම සිද්ධියට රාජපක්ෂවරුන්ගේ සම්බන්ධයක් නැති බව මධූෂා පවසා ඇති බවක් වාර්තා වී තිබිණි. රාජපක්ෂවරුන් නායකත්වය දෙන පොදු ජන පෙරමුණ මේ සම්බන්ධයෙන් වහා පියවර ගත යුතු ය.

කාන්තාවන්ට ඉදිරියට පැමිණීමට අවස්ථාව ලබා දුන් මෙම මැතිවරණයේදී ස්ත්‍රී විරෝධීන්ට හා කාන්තාවන් දෙවෙනි පෙළ පුරවැසියන් බවට පත් කිරීමට උත්සාහ කරන අයට එරෙහිව විරෝධය සලකුණු කිරීම කාන්තාවන්ගේ මෙන් ම සමස්ත සමාජයේ ම වගකීමකි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. සිංහල කාන්තා නියෝජනය සේම අසිංහල කාන්තා නියෝජනයත් නිසි පරිදි තිබිය යුතුයි.
    විශේෂයෙන්ම පක්ෂ කිහිපයක් සන්ධානගතවනවිට එම සංධානයේ කාන්තා නියෝජනය තුල අසිංහල ස්ත්‍රීන් ප්‍රමාණය අඩුවිය හැකියි.

    අනිත් අතට මෙහි සඳහන් ලිංගික අල්ලස් සිද්ධිය කාන්තා නියෝජනය අනිවාර්ය කිරීමේ අතුරු ප්‍රතිඵලයක්.
    පොල් වල මිල පාලනය නිසා වෙළඳපොලේ පොල් හිඟයක් ඇතිවීමත් මීට සමාන තත්වයක්.
    එසේම
    ජනවාර්ගික අර්බුධයට දේශපාලන විසඳුමක් දීම කියන අදහසත් මිල පාලනය වගේ දෙයක්.

    ReplyDelete
  2. කාන්තා නියෝජනය වැඩි කිරීම හොද දෙයක්.
    කවුද ස්ත්‍රී විරෝධීන් කියන්නෙ.
    පුරුෂ විරෝධීනුත් ඉන්නවද

    ReplyDelete
  3. ඉදිරිපත්වන සෑම කන්තාවන්ගෙන්ම මෙසේ ලිංගික අල්ලස් නොයිල්ලන්නේ මන්ද ? ඇයට පමණක් මෙසේ ඉල්ලන්නේ ඇය මිට කලින් මෙවැනි දේ ගැන ප්‍රසිද්ධ නිසාද

    මෙම සිද්ධිය නිකම් යටපත් වන්නට ඉඩ නො දී කාන්තා සංවිධාන විසින් මෙය ඉස්මතු කරගෙන දැවැන්ත හඬක් නැගිය යුතුව තිබේ..........

    පැරාට පිස්සුද
    බලාගෙන ඉම්මු. කාන්තා සංවිධාන කියක් මේ ගැන කතා කරයිද කියලා

    ReplyDelete
  4. අජිත්,

    කාන්තාවන් බලයට පත්වුනා කියල සමානාත්මතාවය වත් කාන්තා අයිතීන් ආරක්ෂා වෙනවා කියනවනම් ලෝකයේ කාන්තාවන්ට ආරක්ෂිතම තැන මේ ශ්‍රී ලංකාව වෙන්න ඕනේ මොකද ලෝකයේ පලවෙනි අගමැතිනිය බිහිවෙන්නේ ශ්‍රී ලංකාවෙන්, ඒ අගමැතිනියගේ දියණිය මෙරටේ ජනාධිපතිනිය වෙනවා පසුව චෝරරාජිනී පට්ටම සමගව තමයි පට්ටමෙන් විසි වෙන්නේ.

    මට ජනතාවට හරිහමන් සේවයක් කල එක කාන්තාවක් කියන්න, ඔබට මතක ඇති ගම්පහෙන් ආව පබා තුමී (උපේක්ෂා ස්වර්ණමාලි ) දැන් බලය ඉල්ලනව මධූෂා රාමසිංහ, මුන් එන්නේ කාන්තා අයිතින් රකින්නද ? මුන් එන්නේ හෙලුව පෙන්නන්න තමයි එහෙම නැතුව ජනතා සේවයටද ?

    තවම ඇමරිකාවෙ කාන්තාවකට ජනාධිපති කම දීල නෑ අද්දැකීම් වැඩි හිලරි හිටියදි බලය දෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්පට, ඉතින් ඔබ කියන්නේ ඇමරිකාව කාන්තා අයිතීන් උල්ලංගනය කරනවා කියලද ?

    මට උදාහරණයක් දෙනවද කාන්තාවක් දියුණු කල එක රටක් ගැන.

    ReplyDelete
  5. කාන්තාවෝ අහවල් එක භාවිතා කරලා පුරුෂයන්ගේ අයිතිවාසිකම් කොච්චර අහිමි කරනවද? ඔය මධූශලාත් බබාලම නෙමේ.. ඒ අය ලි0ගික සිස්ටම් එකෙන් ගොඩක් වැඩ කරගත්ත අය... දන්න අයට ආසා ඇති රස බලන්න... ඔය සුජාත දියණිය ප්‍රසිද්ධියේ කියලත් තිබුනා වගේ මතකයි කාගෙදෝ හොර ගෑණි මමයි වගේ කතාවක්...
    නිකම්ම නිකම් මතුපිට දුවලා නම් වැඩක් නෑ පැරකුම් උන්නැහේ..

    ReplyDelete
    Replies
    1. මහත්මයාණෙනි , ඇය ගණිකාවක් වුවත් ඇයගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමට ඔවුන්ටද එය සාධාරණිකරනය කිරිමට ඔබටද අයිතියක් ඇතැයි මම නොසිතමි. හැකියාවක් තිබේ නම් මේ ගැන අගනා තීරු ලිපියක් තුෂාර වන්නිආරච්චි ඊයේ අද (25) පත්තරේට ලියාලා තිබ්බා. කියවන්න

      Delete
  6. රාජයෝගයක් තිබුනත්
    ජනපතිකම ඉල්ලන්නට
    කෝට්ටෙ ලැබුනත්
    මට ඇති
    කැපවෙමි මහජන සේවෙට

    ලිංගික අල්ලස් මොකටද
    දුමින්ද මොනවත් කිව්වද
    මම එමි මහජන සේවෙට
    දැනගව් තොපි හොඳ හැටියට

    අනර්කලී වෙන්න තමයි
    මමත් හොඳට දඟලන්නේ
    හොඳනම් මහජන මුදලින්
    නඩත්තු වෙන්නට එයාට
    මං කරාම තොපිට මොකද
    ඇයි දැන් උඹලට පාංද?


    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා