පියකු දුවට ලියූ ලියුම්

සිරගතව සිටි ජවහර්ලාල් නේරු මහතා විසින් 1928දී සිය 10 හැවිරිදි දියණියට ලියන ලද ලිපි එකතුව ලංකාවේ පාසල් දරුවන්ට පමණක් නොව බොහෝ වැඩිහිටියන්ට ද නිර්දිෂ්ට ග්‍රන්ථයක් වැනි විය යුතු පොතකි.

දරුවන් වෙනුවෙන් මිළ දී ගත් මෙම පොත කියවන අතර මෙම කොටස උපුටා දක්වන්නට සිතිණි. අවුරුදු 90කට පමණ පසු ලංකාවේ තත්වය පැහැදිලි කිරීම⁣ට මෙය කෙතරම් අගනේ ද?

ඉන්දියාවේ දැනුදු බොහෝ රාජාවරුන්, මහරාජාවරුන් සහ නවාබ්වරුන් දැක ගත හැකි ය. ඔවුන් මාහැඟි ඇඳුම් ලාගෙන, සුඛෝපභෝගී මෝටර් රථවල ගමන් කරමින්, මහත් ධනස්කන්ධයක් වැය කරමින් ජීවත් වන බව ඔබ දැක ඇති. මේ අයට මේ මුදල් හිමි වූයේ කෙසේ ද?

ඔවුහු රටවැසියාගෙන් අයබදු ලෙස මුදල් ලබා ගනිති. අයබදු වශයෙන් එක් රැස් කර ගන්නා මුදල් පාසල්, ආරෝග්‍යශාලා, පුස්තකාල, කෞතුකාගාර, මහාමාර්ග තැනීමට සහ මහජන හිතසුව පිණිස වූ වෙනත් දෑ සඳහා වැය කළ යුතු වෙයි.


එහෙත් අපේ රාජාවරු, මහරාජාවරු මහජන මුදල් නිකරුණේ හුදු විනෝදාස්වාදය සඳහා වැය කරති. ඔවුන් ප්‍රංශයේ රජවරු මෙන් රාජ්‍යය තමන්ගේ පෞද්ගලික බූදලයක් කොට සිතති. ඔවුන් සුඛෝපභෝගීව ජීවත්වන විට, ඔවුන් උදෙසා මෙහෙ කරන, ඔවුන්⁣ට ධනය උපයා-සපයා දෙන රටවැසියා කුසගින්⁣නේ පෙළෙති. සමහර විට ඔවුන්ගේ දරුවනට අධ්‍යාපනය සඳහා පාසලක් පවා නැත.

- පියකුගෙන් ඔහුගේ දුවට යැවුණු ලිපි, ජවහර්ලාල් නේරු, පරිවර්තනය ඩබ්.ඕ.ටී. ප්‍රනාන්දු

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඉන්දියාවේ මහා නයිකාවක් ගොඩනගන්න ඒ ලිපිවලට හැකිවුණා
    විචාරක දියණිය

    ReplyDelete
  2. පැරා අද පෝය නිසා බණ කියනවා ඕන කියවපල්ලා

    ReplyDelete
  3. ආයුබෝවන් මහ රජාණෙනි
    වඩිනු මැන තව වාරයක්
    නොමැත කිසි අඩුවක්
    පෙරාගෙන හොටු නාසයෙන්
    ගයාගෙන ගී නුඹ නමින්
    යමින් පසුපස නුඹේ
    නොඅඩුවම එන බැතිමතුන්

    කන්නට තව යමක්
    ඉතිරිවී ඇත්නම්
    ණය බරින් මිරිකුණ රටේ
    රීරි මස පමනි
    නූගත් දනන්ගේ

    දිව බොජුන් සේ සලකා
    ඇම්බනියට හා පුතුන්ටද
    සේම තක්කඩි සොහොයුරන්ටද
    රිසි සේ බෙදාදී
    වළඳනු මැන
    රජතුමනි
    බුදුවන්න
    පස්වාන් දහසකට.

    ReplyDelete
  4. ඒ රජාලා උපතින් රජකම ලබා පාලිතයින් පීඩනයට ලක් කළ උං ය.

    අද ඉන්නා රජාලා යනු පීඩිතයින් විසින් තමන්ව පාලනය කිරීම පිණිස පත්කරගත් උං ය.

    ReplyDelete
  5. ලංකාවේ විතරක් නෙවෙයි පැරා, ලෝකයේ දියුණුම රටවල පවා මහජන මුදල් තමන්ගේ සුඛ විහරණය සඳහා යොදාගන්න දේශපාලකයෝ ඉන්නවා. එක උදාහරණයක්. මීට වසර ගණනාවකට පෙර ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පාර්ලිමේන්තුවේ හිටපු කථා නායිකාව තමන්ට පැයකින් පමණ වාහනයකින් යන්න හැකි ගමන් හෙලිකොප්ටරයකින් ගිහින් එක ජනමාධ්‍ය වල දැඩි ලෙස විවේචනයට ලක්වුනා. අන්තිමේ මෙහේ හිටපු අගමැති ඇයට ඉල්ලා අස්වන්න ඉල්ලා සිටියා. ඇය ඒක කළා විතරක් නෙමෙයි ඇය එම ගමන් සඳහා වියදම් කල මුදලත් ආපසු ගෙව්වා. ලංකාවේ වෙනස ඔන්න ඕකයි. බලවතුන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා