තෙල් රනා නෑවා ද?

තෙල් අර්බුදය ඇත්තෙන් ම ආණ්ඩුවේ හා රටේ පවතින තත්වයේ සංකේතාත්මක ප්‍රදර්ශනයකි.

මෙම ප්‍රශ්නයට ඉතා පැහැදිලිව ම ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග වගකිව යුතු ය. එය ඉතා අසාර්ථක කළමනාකරණයකි.

ප්‍රංශයෙන් LIOC සමාගම විසින් ආනයනය කරන ලද මතභේදයට තුඩු දුන් තෙල් නැව ලංකාවට පැමිණ ඇත්තේ ඔක්තෝබර් 15දා ය. එහි තෙල්වල තත්වය බාල බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව කියයි. එහෙත්, එහි තිබුණු අංශු පෙරහන් කිරීමෙන් පසු එම තෙල් තොගය වෙළඳපොළට නිකුත් කළ හැකිව තිබුණු බව LIOC පවසයි.

අනෙක් පැත්තෙන් LIOC සමාගම හසුරුවන්නේ ලංකාවේ ඉන්ධන වෙළඳපොළෙන් 15%ක් පමණි. 85%ක් ම විකුණන ලංකා ඛනිජ තෙල් සංස්ථාවට තත්වය කළමනාකරණය කර ගන්නට හැකියාව තිබිය යුතු ය. එහෙත් බැරි විය.

කෙසේ හෝ කල් ගත කරමින් නො සිට මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවිය හැකිව තිබිණි. තෙල් නැවට අවසර ඉල්ලා ඇතැමුන් තමන්ට මුදල් පවා දෙන්නට ඉදිරිපත් වූ බව ඇමතිවරයා පවසයි. අැමතිවරයකුට අල්ලස් දෙන්නට ඉදිරිපත් වීම බරපතල අපරාධයකි. ඇමතිවරයා කළ යුත්තේ මේවා මාධ්‍යවලට කිය කියා ඉන්න එක නොව අල්ලස් කොමිසමට පැමිණිලි කරන එක ය. දැන් වුණත්, මේ අල්ලස් කතාව ගැන විමර්ශනය කළ යුතු ය.

ඇමතිවරයා මෙම සමාගම් දෙකෙන් එකක්වත් විශ්වාස කළ යුතු නැත. රජයේ සමාගම වූ පළියට ලංකා ඛනිජ තෙල් සංස්ථාව යනු මහජනතාව සූරා කන තවත් එක් සමාගමක් පමණි. එහි සිදු වන නාස්තිය හා දූෂණත්, නිලධාරීන් ගන්නා ඉහළ වැටුප්, වරප්‍රසාද ආදියත්, අකාර්යක්ෂමතාවත් ලංකාවේ ජනතාව පිට පැටවී තිබෙන විශාලතම බරවලින් එකකි. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අධික වියදම් පියවීම පිණිස තෙල් මිළ ඉහළ මට්ටමක තබා ගැනීමට සිදු වී තිබේ. ඒ හේතුවෙන් LIOC අධික ලාභ ලබයි.

අකාර්යක්ෂම ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන්ට ඒ මදිවාට ලංකාවේ තෙල් වෙළඳපොළ ඒකාධිකාරයක් අවශ්‍යව තිබේ. තෙල් විකිණීම යනු ඇත්තෙන් ම රජය නම් කොම්පැනිය මහහජනතාව සූරා කන ප්‍රධාන ම ආකාරයකි. තෙල් බිස්නස් එක රජයට පවරා ගත්තා ය කියා මේ රටේ ජනතාවට සිදු වූ කිසිදු සෙතක් නැත. පෞද්ගලික සමාගම් හොඳ බවක් මෙයින් අදහස් වන්නේ නැත. අප කියන්නේ රජය නම් සමාගම ද අතීතයේ තිබුණු ෂෙල් කොම්පැනිය තරමට ම මහජනතාව සූරා කන බවයි. ලාභය බෙදී යන්නේ දේශීයව විය හැකි ය. එහෙත්, මහජනතාවට එයින් ඇති වැඩක් නැත.

අනෙක් පැත්තෙන්, තෙල් ගැටලුව මහා අර්බුදයක් බවට පත් කළේ මාධ්‍ය විසිනි. මාධ්‍ය හැසිරීමෙහි වගකීම් විරහිත ස්වභාවය ගැන පුදුම විය යුතු නැත. විශේෂයෙන් ම සමාජ මාධ්‍ය කටකතාවල තිඹිරි ගෙය වන නිසා මෙම යුගයේ මාධ්‍ය පාලනය පහසු නැත. කළ යුතුව තිබෙන්නේ මාධ්‍ය පාලනය කරන්නට යාම නොව තමන්ගේ රාජකාරිය හරියට කරන එක ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. //ලාභය බෙදී යන්නේ දේශීයව විය හැකි ය.//
    More likely, that "profit" has been deposited in a foreign account.

    ReplyDelete
  2. ට්‍රිවියල් දෙයක්...

    "සූරාකෑම" කියන එකට නිශ්චිත වුනු අර්ථයක් තියෙනවා. තෙල් වෙලඳාමෙන් රජය මහජනතාව සූරා කනවා යැයි කියන එක නිවැරදි නැහැ.

    (මේ වගේ එකකට හොඳ උදාහරනයක් මතක් වෙන්නේ නැහැ. "ආගමේ" කියන එක ටිකක් ලඟින් යනවා - හොඳම උදාහරනයක් නොවේ.)

    - Dimithri

    ReplyDelete
  3. අපේ රටේ අර්බුධ කළමනාකරණයක් වෙන්නේ නැත, එහෙම කරන්නට රජයට උවමනාවක් නැත. රජයට තියා ජනතාවටවටවත් අර්බුධයක් කළමනාකරණය කරන්නට හෝ කල්තබා හඳුනාගෙන අර්බුධයක් අතිනොවෙන ලෙස රජය වැඩ කරනවා දකින්නට උවමනා නැත. .
    එයින් විඳවන්නට නොලැබුනොත් එය කම්පාවට හේතුවක් වනු ඇත. යම් සිද්ධියක් අර්බුධයක් දකවා ගියපසු කවුරු හෝ සුපර් මෑන් කෙනෙකු මැදිහත් වී ප්‍රශ්නය විසඳයි. 2015 ට පෙර රජ කාලේ නම් මේ ලකුණු දාගන්නේ බොහෝ විට මහරජාණෝය.

    එවිට ජනතාව සාදුකාර දුනි . යම්හෙයකින් මේ අර්බුධය කල්තබා හැඳිනගෙන ඊට පිළියම් යෙදුවෙනම් ඇමතියාගේ වටිනාකමක් ජනතාවට නැත . මන්ද එසේ වූවා නම් මෙහෙම ප්‍රශ්නයක් තිබ්බද කියා ජනතාව දන්නේද නැත. එවිට ඇමතියා හෝ ජනාධිපති හෝ සුපර් මෑන් කෙනෙක් වැඩක් කළා කියලා ජනතාව දැනගන්නේ නැත . එය ඇමතියාට පාඩුය. මොකද බුද්ධියෙන් කටයුතු කර අර්බුධ ඇතිනොවන ලෙස සිද්ධි කළමනාකරණය කළා කියලා ජනතාව ඡන්දය දෙන්නේ නැති නිසාය.

    දැන් අර්ජුන සෙනවියා රටේ නැති පොර ටෝක් දෙයි , බාල තෙල් ගෙනත් බෑමට බලපෑම් මධ්‍යයේ ඉඩ නොදීම නිසා දැන් එයා ජනතාවට වීරයෙක්ය (එයා සහ සමහර ජනතාව හිතං ඉන්නේ එහෙමය).

    ඕක කලින්ම කලමනාකරණය කර ප්‍රඅහනයක් ඇති නොවෙන ලෙස වැඩකලානම් ජනතාව කිසිම දෙයක් දන්නේ නැත. එහම වුනා නම් ජනතාව අප්ඩේට් වෙන්නේද නැත. දැන් ට්‍රැක් කරමින් තෙල් නැව තිබෙනා තැන දැනගැනීමට තරම් ජනතාව අප්ඩේට් වී ඇත. ඒ නිසා මේ තෙල් නැව රටේ ජනතාව අප්ඩේට් කළේය .
    ඒගැන ගෞරවය අර්ජුන සෙනවියාට හිමිවිය යුතුය .

    ReplyDelete
  4. අර්ජුන වරාය කෑවා. සංවර්ධනය නැවැත්තුවා. අර්ජුනත් හොරෙක් . හැබැයි ස්මාට් හොරෙක් නෙවෙයි අතේ පත්තුවෙන වැඩකරන්නේ. හොරකම හරියට කරන්න දන්නේ නෑ.

    ReplyDelete
  5. මමයි ගොබ්බසේන
    පරසිඳු තෙල් මැති කමින්
    හා හා මැතිකමින්

    රැවුල කපන්න මට
    අණ ලැබුණා මැතිසබෙන්
    හා හා මැතිසබෙන්

    දයාසිරියයි මට ඒ අණ දුන්නේ.

    ReplyDelete

  6. පැරා ,
    eNews තහනම් කරපු එක හොඳද, නරකද?
    නැත්නම්, ගණන්ගන්න තරම් දෙයක් නෙවෙයිද?

    ReplyDelete
  7. I thought Arjuna reports to the President and the PM?

    ReplyDelete
  8. ගැටලුව කළමනාකරණය තාවකාලිකව පත්වන දේශපාලුවන්ට පවරා උන්ට ගැතිකම් කරන ලාංකික මානසිකත්වයේය. ලංකාවට තෙල් අවශ්‍ය බව දැනගැනීමට හෝ ඇනවුම් කිරීමට ඇමතියෙක්ම උවමනාද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා