මහාචාර්ය නලින් ද සිල්වා හා ඇත්ත බොරු වීම

නලින් ද සිල්වා මහාචාර්යතුමාත් හරියට සනත් ජයසූරිය වගේ ය. ජයසූරිය ක්‍රීඩාවෙන් සමුගත් මුත් ඉන් අනතුරුව නැවතත් ක්‍රීඩා කළේ ය. 

මහාචාර්ය නලින් ද සිල්වා ද ලිවීම නවත්වන බව කීව ද ඔහු ඇත්තට ම එසේ නවත්වා ඇද්දැයි නො දනිමි.

කෙසේ වෙතත්, මහාචාර්ය නලින් ද සිල්වා ලිවීම නැවැත්වූයේ ඇයි?

ඔහුගේ ලිවීම නතර වීම ගැන විස්සෝප වෙමින් එයින් තමන් ප්‍රවර්ධනය කර ගත් බොහෝ දෙනෙකුට මහාචාර්ය නලින් ද සිල්වා තමන් ලිවීම නතර කරන බව කීවේ ඇයිදැයි අමතක විය. 

ඔහු ලිවීම නතර කළේ සයිටම් අහෝසි කිරීමට ආණ්ඩුව තීරණය කළ නිසා බව ඔහු කියයි. ඔහු මෙතෙක් මේ ආණ්ඩුව ගැන කිසිදු හොඳක් කියූ, ඒ ගැන බලාපොරොත්තුවක් තිබුණු අයෙකු නො වූව ද හදිසියේ ඔහුට ආණ්ඩුව මතක් වූයේ ඇයි?

මහාචාර්ය නලින් ද සිල්වාගේ දාර්ශනික මැදිහත් වීම බැරෑරුම් ලෙස ගන්නා අය ඔහුගේ පහත සඳහන් ප්‍රකාශය ද බැරෑරුම් ලෙස ගත යුතු ය. 

මගේ අදහස වූයේ නිදහස් අධ්‍යාපනය යනු මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීමට හැකි අයට ඒ අවස්ථාව නැති කිරීම නොවන බව. 

මෙය තව බොහෝ දේවලට අදාළ ය. නිදහස් සෞඛ්‍යය යනු මුදල් ගෙවා සෞඛ්‍ය පහසුකම් ලැබීමට හැකි අයට ඒ අවස්ථාව අහිමි කිරීම නො වේ.

ඊනියා සයිටම් විරෝධීන් ඉදිරියේ ආණ්ඩුව දණ නමන්නට ඇත. ඒ ගැන පුදුම විය යුතු ද නැත. එහෙත්, ඇත්ත බොරු වෙන්නේ නැත.

මේ ලිපිය නැවත කියවා වටහා ගැනීම වැදගත් ය.


අන්තිම ලිපිය

මා ලියන්නේ පුරුද්දට වුවත් මා ඒ ලිපි පළ කරන්නේ ඇයි? ඒ මට අනෙක් අයට කීමට යමක් ඇතැයි සිතන නිසයි. එහෙත් ඒ කියන දේ ඒ අනෙක් අය වැරදි කියා නිගමනය කරන්නේ නම් මා ඒ ලිපි පළ කළ යුත්තේ ඇයි? අවුරුදු තිස්පහකට වැඩි කාලයක් මා ලියා පළ කර ඇති නමුත් තුන්හාර සියයක්වත් මා කියන දේ නිවැරදි කියා නොපිළිගන්නා බව පැහැදිලියි. 1994 දී මා කළුතර දිස්ත්‍රික්කයට තරඟ කළ අවස්ථාවේ දී මට මනාප පන්දහසකට වඩා ලැබුණෙ නැහැ. ඒ මුළු දිස්ත්‍රික්කයෙන් ම! මෙරට ජනයා මගේ දේශපාලන අදහස්වලට අකමැති බව, ඒ වැරදි යැයි සලකන බව මා එදා තේරුම් ගත යුතුව තිබුණා.

ඊයේ (නොවැම්බර් 08) මට ඒ අවබෝධය ලැබුණු දවස ලෙස සලකන්න පුළුවන්. ආණ්ඩුව සයිටම් අහෝසි කරන්න තීරණය කරලා. සයිටම් නිසා නිදහස් අධ්‍යාපනය විනාශ වන බව මෙරට ඉතා වැඩි පිරිසක් කියනවා. මගේ අදහස වූයේ නිදහස් අධ්‍යාපනය යනු මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීමට හැකි අයට ඒ අවස්ථාව නැති කිරීම නොවන බව. මා මේ සම්බන්ධයෙන් ලිපි රාශියක් ලියා ඇති. එහෙත් බොහෝ දෙනා එය අනුමත කරන්නේ නැහැ. ඔවුන් මට විරුද්ධ වනවා පමණක් නොව ඒ ලිපි කියවීම ද ප්‍රතික්‍ෂෙප කළ බව ප්‍රතිචාරවලින් පැහැදිලි වුණා. මා ගෙන ආ තර්ක වැරදි බව කිසිවකු පෙන්වා දී නැති නමුත් අති විශාල බහුතරය මගේ තර්ක වැරදි බව පිළිගෙන තිබෙනවා. සයිටම් අහෝසි කිරීමත් සමග දෙතුන් සියයක් හැර රටේ බහුතරය මා කියන දේ නොපිළිගන්නා බව පැහැදිලියි.

මා පළ කරන ලිපිවලින් පලක් නොවන බව පැහැදිලියි. රටේ බහුතරයට මගෙන් ඉගෙනීමට දෙයක් නැහැ. බුදුදහම ඉතිහාසය බටහිර විද්‍යාව සාහිත්‍යය දර්ශනය යථාර්ථය දැනුම ආදිය ගැන කියන කිසිවක් බහුතරයක් පිළිගන්නේ නැහැ. මා අසාර්ථක බවත් දැනුම් තේරුම් නැත්තකු බවත් පිළිගැනීමට සිදු වී තිබෙනවා. මගෙන් ඉගෙනීමට දෙයක් නොමැති අයට ලිවීමෙන් පලක් නැහැ. හැරත් මට වඩා යමක් කමක් දන්නා අය දසදහස් ගණනින් රටේ සිටින විට, ඔවුන් ඉතා තර්කානුකූල ව ලියන විට, මා කිසි දෙයක් අලුතින් ලියා නැති බව විචක්‍ෂණ ජනමාධ්‍යවේදීන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන විට, ලිපි පළ කිරීම අනවශ්‍ය බව පැහැදිලියි.

මින් පසු අවුරුදු තිස්පහකට වැඩි කාලයක් තිස්සේ මා කළ වරද කරන්නේ නැහැ. මේ ලිපිය මා පළ කරන අන්තිම ලිපියයි. මගේ ලිපි අන්තිම බව පාඨකයා තේරුම් ගෙන බොහෝ කල්! මා මින් පසු මෙරට අයට කියවීමට සිංහලෙන්වත් ඉංගිරිසියෙන්වත් ලිපි පළ කරන්නේ නැහැ. ඉංගිරිසියෙන් ලිපි පළ කිරීම නවතා අවුරුදු කිහිපයක් වෙනවා. අවුරුදු තිස්පහක් ඔබේ කාලය නාස්තිකිරීම ගැන කණගාටු වෙනවා.
නලින් ද සිල්වා

2017 නොවැම්බර් 09

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පරක්කු වෙලා හරි නුවණ පහල වීම ගැන හරිම සතුටුයි.

    ReplyDelete
  2. ඇයි xxxx මේක මීට ඉස්සෙල්ලා නොකලේ? එසේ කලා නම් අපේ රටේ බිමට උරා ගත්ත ලේ ටිකක් හරි අඩු වෙනවා නේද? දැන් ඉතින් කරන්න දෙයක් තියෙනවා.

    මැරෙන්න ලං වෙලා හරි කරපු ගොං කම් තේරෙනවා නම් ලොකු දෙයක්. ඒත් 80 දසකයේ ඉඳන් තමුසේ පදවං ආපු මාරක වාහනෙන් බැස්සා කියලා දැන් ඉතින් අමුතු දෙයක් වෙන්නේ නැහැ ලංකාවට.

    ඒත් තමුසෙට තව එක වතාවක් තියෙනවා.තමුසේ දන්නේ නැති මඟුල් කරන්න ගිහින් ලංකාව අපායක් කරන්න සම්මාදම් වුන එකේ පව ගෙවා ගන්න නම් linear algebra, vector calculus , topology , geometric calculus වැනි තමුසේගේ field එකට අදාල දෙයක් ලියලා ,පල කරලා, අඩු මිලට දෙනවාකෝ.

    එහෙම කරලා ජාතික වීරයෙක් වෙනවකෝ.අනාගත electrical ,civil, geomatics ඉංජිනේරුවෝ , ගනිතය සහ ⁣physics තදයෝ තමුසෙගේ පොටෝ ගෙදර එල්ල ගනියි.."නලියාගේ පොත් නිසා තමයි අපි ගොඩ ගියේ කියලා.

    තමුසේ ගනිතය පොතක් මුද්‍රනය කරන්න යනවා කිව්වොත් ඒකට ආධාර කරන්න එන සෙනඟ හසුරුවන්න පොලිසිය දාන්න වෙයි.

    මේක නම් කිව යුතුමයි.

    තමුසෙගේ දෙමව්පියන්ට පිං පිනිසවත් ඒ දේ කරනවා.නැත්නම් තමුසෙට මැරෙන්න වෙන්නේ දුටුගැමුණු වාගේ.නැත්තම් තමුසෙව අපායෙන්බේරා ගන්න නාථයා එන්නේ නැහැ.

    *ලියපු එකාගේ පැටිගිරිය වැඩක් නෑනේ.
    ලංකාවේ එකෙක් ඒත් දැං ලංකාවේ නැහැ.
    *තමුසේ= තමුන්නාන්සේ

    ReplyDelete
    Replies
    1. //"ඒත් තමුසෙට තව එක වතාවක් තියෙනවා.තමුසේ දන්නේ නැති මඟුල් කරන්න ගිහින් ලංකාව අපායක් කරන්න සම්මාදම් වුන එකේ පව ගෙවා ගන්න නම් linear algebra, vector calculus , topology , geometric calculus වැනි තමුසේගේ field එකට අදාල දෙයක් ලියලා ,පල කරලා, අඩු මිලට දෙනවාකෝ.

      එහෙම කරලා ජාතික වීරයෙක් වෙනවකෝ.අනාගත electrical ,civil, geomatics ඉංජිනේරුවෝ , ගනිතය සහ ⁣physics තදයෝ තමුසෙගේ පොටෝ ගෙදර එල්ල ගනියි.."නලියාගේ පොත් නිසා තමයි අපි ගොඩ ගියේ කියලා.

      තමුසේ ගනිතය පොතක් මුද්‍රනය කරන්න යනවා කිව්වොත් ඒකට ආධාර කරන්න එන සෙනඟ හසුරුවන්න පොලිසිය දාන්න වෙයි."//

      අම්මප සහතික ඇත්ත , අනුන්ටත් නොතේරෙන තමුන්ටත් නොතේරෙන මලදාන ලිය ලියා හිටපු වෙලාවේ මේ විදිහේ දෙයක් කලානං දැන් ජාතික වීරයෙක් වෙලා

      Delete
  3. ප්‍රශ්නය:මහාචාර්ය නලින් ද සිල්වා ලිවීම නතර කලේ ඇයි?
    උත්තරය: නාථ දෙවියන්ගේ අණ පරිදි

    ReplyDelete
  4. නලින් ද සිල්වා ට ඇත්තේ කාලෝ ෆොන්සේකා ට විරුද්ධව සිට ගැනීම වුවමනාව මිසක් වෙන දෙයක් නොවේ. මම සිතන්නේ ඔහු ගේ තර්කය නිවැරදි... නමුත් ඔහුට එය නිවැරදිව සමාජ ගත කිරීමට නොහැකියාව ඔහුගේ ලිවීමේ දුර්වල කම මිස සමාජයේ දුර්වල කම නොවේ...

    ReplyDelete
  5. නලින් ද සිල්වා මා අප්‍රිය කරන චරිතයක්. එයට නිශ්චිත හේතුවක් නැතත් අප කොළඹ සරසවියේ ඉන්නා කාළයේ ඔහු සහ ඔහුගේ ජාතික චින්තන නඩය කළ කී දෑ , විශේෂයෙන්ම ඒ දවස්වල නාට්‍ය රසවින්දන සාකච්ජා සඳහා සරසවියට පැමිණි මහාචාර්ය සරච්චන්ද්‍රයන් එලවා ගැනීම එම අප්‍රියතාවයට බොහෝ ලෙස හේතු වූ බවයි මට හිතෙන්නේ.
    ඔහුගේ 'කාළය' ලිපි කියවන්නට කිහිපවරක් උත්සාහ කළත් ඒවායේ ඇති නීරස බව නිසාම කියවීම අතහැරියා.
    නමුත් ඔහුගේ අවසන් ලිපියට නම් මම කැමතියි. හේතුව මේ ලිපියේ ඔහු අවංකවම මිනිසුන් ඔහුට අකමැති බව පිළිගෙන ඇති .නිසා.

    ReplyDelete
  6. Nalin has good point, most of us living in SL do not understand the message, why we have green, blue or red in our blood, we are looking through colored glasses. Politicians (however uneducated) knows this exploit this and situation to be in power.

    ReplyDelete
  7. දැන් ඉතින් ඊළඟට ලියන එක නවත්වන්නේ අජිත් පැරකුම් මහතාද ?

    ReplyDelete
  8. නලින්ද සිල්වා බැරෑරුම්ව ගන්නා සහ සයිටම් විරෝධී කියන්නේ ඉතා කුඩා කුලකයක්. මම දන්නා විදියට කතිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් විතරයි. (වාමාංශිකයන් නලින්ද සිල්වා ව බැරෑරුම්ව ගන්නවා උනත් ඒ රිනාත්මක ලෙසයි ) ඉතින් මේ කියන කතාව කිසිම් වැදගැම්මකට නැහැ. ඔන්න නලින්ද සිල්වා ජනවාර්ගික ප්‍රශ්නය දෙමලාගේ / සිංහලයාගේ සම්භවය වගේ ඒවා ගැන එයා කියන ඒවා කවුරුවත් පිලිගන්නේ නැහැ, ඒ නිසා මම ලිවීම නතර කරනවය කිව්වනම්, අන්න ඒක නම් වැදගැම්මකට ඇති දෙයක්..

    -Dimithri

    ReplyDelete
  9. හැමදාම මෙලෝ වැඩකට නැති විකාර ලියල ඵලක් ඇති දෙයක් හදිසියෙන් ලිව්වත් කවද ගණන් ගන්නේ ?

    ReplyDelete
  10. මහචා්‍්‍යතුමනි, ලෝකය විවිධයි විෂමයි කියල ඔබ තුමා දන්නව නේ.ඇත්ත වුනත් නැත්ත වුනත් එහි අන්තර්ගතයේ ඇති කරුණු පිළිගත්තත් නැතත් අපි ඒව කියවනව.කියෙවිවා...ඇත්ත තිත්තයි කියනව නේ.පිළිගත්තත් නැතත් බොහෝ දේ සත්‍යයි... කුහක කමට හෝ ගලායන සැඩ පහරට හසුවීම නිසා සමහරු ඒව පිළිගන්න අකමැතියි.සමිපුදායෙන් පිට පනින්නත් සමහරු අකමැතියි. එිකයි යතාර්තය

    ReplyDelete
  11. උපුටා ගැනීම​;
    "......මා මින් පසු මෙරට අයට කියවීමට සිංහලෙන්වත් ඉංගිරිසියෙන්වත් ලිපි පළ කරන්නේ නැහැ......"

    ඔහු කියන්නේ මෙරට අයට නොලියන බවයි. පිට රට අයට ඔහු දිගටම ලියාවි.

    ReplyDelete
  12. හිත් අවුල්කරගන්ට ඕන නෑ, චන්දෙන් පස්සේ රාජිත නැවත ලිවිම අරම්බකරන්න උද්යෝගයක් ලබාදෙයි.

    ReplyDelete
  13. බයිබලයේ තියෙන හැටියට මෝසස්ටත් ඔයවගේ හිත් වේදනා ආවා.
    අපේ ධර්මපාල තුමාටත් ඔය විදියටම හිත් වේදනා ආවා.
    ඔව්වාට සැලෙන්න හොඳ නෑ.
    පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවන්ගේ වචනයක් කියනවා නම් හැම දෙයක්ම මනසින් අතහැරිය යුතුයි.
    එතකොට හිත රිදෙන්නේ නෑ.

    කොහොමත් එතුමාගේ ලිවීම් අපතේ ගියා කියා කියන්න බෑ. එතුමාගේ අදහස් වලින් පෝශණය වූ සෑහෙන පිරිසක් ඉන්නවා.
    මමත් එයින් එක්කෙනෙක්.

    ReplyDelete
  14. පාඨකයෙක් ලෙස නලින් ද සිල්වා ලියන එක නැවතූ එක ගැන කණගාටු වෙනවා. නලින් ද සිල්වා ගැන මේ සතියේ කියවපු 3 වන බ්ලොග් ලිපිය.

    මේ ලිපි දෙකත් කියෙව්වාද?
    http://chandimagomes.blogspot.com/2017/11/blog-post_12.html
    http://transyl2014.blogspot.com/2017/11/blog-post_14.html

    ReplyDelete
  15. //නිදහස් සෞඛ්‍යය යනු මුදල් ගෙවා සෞඛ්‍ය පහසුකම් ලැබීමට හැකි අයට ඒ අවස්ථාව අහිමි කිරීම නො වේ.//මට PHI එකක් තියනවා පවුලටම. ඒකෙන් නිදහස් සෞඛ්‍ය සේවයට් මුකුත් වෙන්නේ නැහැ. අපට වෙලා නැත්නම් ඒක භාවිතා කරලා ඉක්මනින් වෛද්‍යවරයෙක් හමුවෙනවා වෙලාව ඉතිරි කරගන්න. නැත්නම් ටිකක් වඩා සුව පහසු තැනක ඉන්නවා. නමුත් අපි ගෙවන නිසා තවත් කෙනෙකුට දෙන්නෙකුට නොමිලේ ප්‍රතිකාර කර ගන්න අවස්ථව ලැබෙනවා. ඒ නිසා ඒ ක්‍රමයේ වරදක් මට පෙන්නේ නැහැ.

    ReplyDelete
  16. මහාචාර්ය නලින්ද සිල්වා මහතාගේ මේ අදහසට අපි සලකනවා. චන්දිම ගෝමස් ඉතා හොඳට නලින් ද සිල්වා මහතා ගැන ලියා තිබුනා. 'ජාතිය සහ ආගම' සම්බන්ධ මාතෘකා හැර වෙනත් කරුණු සම්බන්ධව ඔහු සමග සංවාදයක නියැලෙන්නට ත් පුලුවන්. ඔහු එහිදී ඉතා විද්යාත්මක දෘෂ්ටි කෝණයෙන් බලා විශිෂ්ට විදග්ධ විශ්ලේෂණ සැපයූ අවස්ථා (2001-2004 අතර කාලයේ තරම) මට මතකයි. ඔහුගේ කොළඹ සරසවි සේවාකාලයේ දී වෘත්තීය සමිති නායකයකු ලෙසත් ඔහු හොඳට කටයුතු කළා. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ පඩි වැඩිකරගැනීම වෙනුවෙන් ඔහු ඉතා කැපවීමෙන් කටයුතු කළබව ඔහු සමග ඒ කටයුතු වල නියැළුණු සෙසු ආචාර්යවරු ඉතා ගෞරවයෙන් සඳහන් කරනවා. ඔහුට න්‍යායාචාර්යවරයෙකු ලෙස වැජඹීමේ උවමනාවක් වූ බවයි පේන්නෙ. බොහෝ ආසියානූ සංස්කෘතීන්හි ගුරුවරයාට අනවශ්‍ය සිවිල් බලයක් සංස්කෘතියෙන් උරුමකර දෙනවා. එනිසා ඔවුන් අතින් වන වැරදි නිවැරදි කරගන්නත් අමාරුයි. චන්දිම ගෝමස් සඳහන් කරන අඩුපාඩු නැතිව ඊ ළඟ භවයේ එතුමා උපදින තැනකට යහපතක් වේවායි පතනවා.

    ReplyDelete
  17. නලින් ද සිල්වා වැනි උගත් බුද්ධිමත් අය අපේ රටේ ප්‍රයෝජනයක් නොගෙන වියැකෙන්නට හැර තියෙනවා. අවසානයේ ඔහු ඉච්ජාභ්0ගත්වයට පත්ව ඇති බවක් පෙනේ. රටක් ලෙස මෙවන් දේවල් සිදුවීම ගැන අපි ලැජ්ජාවට පත් විය යුතුයි. මෙවන් දේවල්වලින් කාළකන්නි සතුටක් ලබන වුන් සිටීම ගැන ඊටත් වඩා ලැජ්ජා විය යුතුයි.

    ReplyDelete
  18. තමන් දන්නා දේ හැර (ගණිතය ) අනෙකුත් සියලුම දේ ගැන ලියන අරුම පුදුම ඵකම මහාචාර්ය වරයාට නුචණැස පහලව වුු වගයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා