රාජේන්ද්‍රගේ සටන

රාජේන්ද්‍ර සත්‍යජිත් මා හඳුනන්නේ ඉතා කුඩා කාලයේ සිට ය. අප එකට පාසල් ගිය, එකට සෙල්ලම් කළ, එකට වල ගැසූ මිතුරෝ වෙමු. අප අතර ඥාතිත්වයක් ද ඇත. 

මගේ පාසල් මිතුරකු මෙන් ම ගමේ අසල්වැසියකු ද වූ ඔහු සම්පත් බැංකුවේ සේවය කරන සමයේ අපේ ගමේ දේපල විකුණා පානදුරයට සංක්‍රමණය වූයේ ය.

බලාපොරොත්තු නො වූ අවස්ථාවක ඔහු බැංකු සේවයෙන් විශ්‍රාම ගෙන ඇමරිකාවට සංක්‍රමණය වූයේ ය.

එහෙත්, ඔහු පසු කලෙක ඔහු දැනට වයස අවුරුදු 95ක් පමණ වන සිය වියපත් පියාට උවටැන් කිරීම පිණිස යළි ලංකාවට පැමිණියේ ය.

පසු කලෙක ඔහු පානදුර නගර සභා බල ප්‍රදේශය තුළ තමන් ජීවත් වූ ප්‍රදේශයට දැඩි ලෙස අහිතකර බලපෑමක් සිදු කළ අනවසර සංවර්ධනයකට එරෙහිව දිගු කලක් තිස්සේ නො සැලී ඉතා වෙහෙසකර අරගලයක් කරනු මම බලා සිටියෙමි. 

ඔහු අරගල කළ ආකාරය සාමාන්‍යයෙන් ලාංකිකයන් අරගල කරන්නට පෙළඹෙන ආකාරයට වඩා වෙනස් ය. අසල්වාසීන් සමග එක්ව, පළමු පියවර ලෙස ම වීදි බසින්නට පළමුව ඔහු සියලු නීතිමය කාරණා ගැඹුරින් අධ්‍යයනය කළේ ය. රාජ්‍ය අංශවලින් සිදු වී ඇති අතපසු වීම් හා ඔවුන් විසින් කළ යුතු කාර්යයන් හඳුනා ගත්තේ ය. ඒ වෙනුවෙන් නො පසුබටව දිගින් දිගට ම ලියුම් ලියමින්, සාකච්ඡා කරමින් අරගල කළේ ය.

ඔහු සුවිශේෂ වන්නේ අත නො හැර මේ අරගලය සිදු කළ වෘත්තිකමය පරිණතභාවය නිසා ය. එසේම, ඔහු තොරතුරු දැනගැනීමේ හිමිකම පිළිබඳ පනතින් තොරතුරු ලබා ගත් පළමු ශ්‍රී ලාංකික පුරවැසියා ලෙස ඉතිහාසගත වූයේ ද මෙම අරගලය නිසා ය.

අරගල කළ යුත්තේ අරමුණක් ඉටු කර ගැනීමට මිස අරගලය වෙනුවෙන් ජීවත් වීමට නො වේ. රස්සාවට අරගල කරන්නන්ට ඇත්තට ම අරමුණු දිනා ගැනීමට අවශ්‍යතාවක් නැත. එහෙයින් ඔවුන් අරගල කරන්නේ අරමුණු කඩාකප්පල් වන ලෙසයි. බොහෝ විට ඔවුන්ගේ අවසාන අරමුණ ද කඩාකප්පල්කාරිත්වය මිස විසඳුම් සෙවීම නො වේ.

රාජේන්ද්‍රගේ අරගලය තවමත් ජය ගෙන නැත. එහෙත්, රජයේ චිත්‍රපට අංශය ඔහුගේ අරගලයේ වැදගත්කම හඳුනාගෙන මෙම වීඩියෝව නිර්මානය කළේ ය. එය බලන්න. ඊට පහළින් දැක්වෙන්නේ පළාත් පාලනය හා පුරවැසි වගකීම් පිළිබඳව අප සාරප්‍රභාගිර වැඩසටහනකදී රාජේන්ද්‍ර සමග කළ සාකච්ඡාවයි.






ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Wow. I know him from my time at Sampath bank when I was quite junior, and he is a person with great integrity.

    ReplyDelete
  2. රාජේන්ද්‍ර මහතා නිවැරදිම නැත. මා පා.න.ස. සභාපතිව සිටි කාලයේ 2011 මාර්තු - 2014 නොවැම්බර් දක්වා කාලය තුල මෙම ප්‍රශ්නයට මැදිහත්වී ගොඩකිරීම නතරකල බව සහ තදින් එරෙහිව කටයුතු කල බව ඔබට මතක්කළ යුතු ව ඇත. මා සභාපති වන්නට කලින් කරනලද අවිධිමත් ඉදිකිරීම් ඉවත්කිරීමට මා සමත් වූයේ නැති බව පමණක් පිලිගනිමි. - නන්දන ගුණතිලක

    ReplyDelete
    Replies
    1. Foremost, I shall thank you for your constructive response. If you have carefully listened to my deliverance at “Saraprabagira” on Commercial Service at SLBC on 20.10.2017, You have noticed that I was appreciative of your subsequent intervention to rectify certain irregularities (Cancellation Of Sub Divisional Approval and to stop ongoing undue development activities). I am confident that you are humble enough to accept that the physical aggravations that were taken place thereto remain as yet.

      However, my constructive criticism does not stand to find, who is wrong but what is right.

      Further, I am more appreciate on your current role as the Co- chairman of the Panadura Divisional Coordinating Committee for the decision taken amicably to remove all unauthorized physical developments of the said issue at the Committee Meeting held on 03.07.2017. Unfortunately the Public Officials seem to be reluctant to carry out the vertical instructions jointly by a former cabinet Minister and an incumbent cabinet minister. Imagine such circumstances; the civil society would be open to all manner of abuse.

      Despite above, I still admire with gratitude the good you did for the Urbanized Society at Panadura during your short tenure as the Chairman of the Urban Council unmatchable to your predecessors and successors. I wish that you should be back again at the local authority to continue the good that you have already introduced and initiated.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා