කැලනි හිඟන්නන් බිහි කරන විශ්වවිද්‍යාල සංස්කෘතිය

පඤ්ඤාය පරිසුජ්ජති: "ප්‍රඥාව තුළින් පාරිශුද්ධත්වයට පත්වන්න"
ජවිපෙට පෙසපට අන්තරේට හා කොළඹ කේන්ද්‍රීය ෆේස්බුක් විප්ලවවාදී තවත් කල්ලි සම සම්බන්ධ කැලනි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් විද්‍යා පීඨයේ සිසුන්ගේ ප්‍රදර්ශනයක් කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් පොදු ජනතාවට පැත්තෙන් විවේචන එල්ල වෙද්දී මා ඉහත නම් සඳහන් කළ බලවේග පිට්ටු කෑවා සේ සිටිනු පෙනේ.

මෙම ප්‍රදර්ශනය කඩාකප්පල් කරන්නේ එයට බහුජාතික සමාගම්වල වෙළඳ අරමුණු සම්බන්ධ ය, හමුදාව සම්බන්ධ ය ආදී වශයෙන් චෝදනා එල්ල කරමිනි.

මේ බහුජාතික සමාගම් කතාව ම දැන් යල් පැන ගිය එකකි. වේගයෙන් පුළුල් වෙමින් තිබෙන ගෝලීය වෙළඳපොළ තුළ ජාතික සමාගම්වලට පැවැත්මක් නැත. ගෝලීය තලයේ සම්බන්ධකම්වලින් තොරව මධ්‍ය හෝ සුළු පරිමාණ කර්මාන්තයකටවත් දැන් පැවතිය නො හැකි ය. ආර්ථික ජාතිකවාදය යල් පැන ගොසින් හමාර ය. එය ජීවත් වන්නේ ජාතිවාදය සමග අත්වැල් බැඳගෙන දෘෂ්ටිවාදී තලයක පමණි.

ප්‍රාග්ධනයට නිදහස් සංචලනය සඳහා පුළුල් නිදහසක් හිමිව තිබේ. ජාතිවාදී දෘෂ්ටිවාදයන් මුල් බැසගෙන තිබෙන ලංකාව වැනි රටවල් පවා කොටස් වෙළඳපොළවල් විදේශ ආයෝජනවලට විවෘත කර තිබේ. එසේම, ඍජු විදේශ ආයෝජනවලට වන්දනාමාන කරනු ලැබේ. බහුජාතික සමාගම් හා බහුජාතික නොවන සමාගම් හඳුනා ගැනීම ඉතා දුෂ්කර ය.

කොකා කෝලා ප්‍රතික්ෂේප කළ යුත්තේ අලියා බීම ප්‍රතික්ෂේප කරන පදනමින් ම ය. මේ බීම වර්ග කොයිකත් යැපෙන්නේ ප්‍රචාරණය හා ඒ මත පදනම් වූ ව්‍යාජ විඥානයක් මත ය. කොකා කෝලා බහු ජාතික සමාගමක් වුණා ය කියා අලියා බීම කුඩා සමාගමක් වුණා ය කියා ඒවායේ අරමුණු අතර වෙනසක් නැත.

වඩා යහපත් හා මානුෂික සමාජයක් වෙනුවෙන් සමාගම්වල අධික ලාභ ලැබීමේ වෙළඳ අරමුණුවලට එරෙහිව සටන් කළ යුතුව තිබෙනවා. ඒත්, ඒ තහනම් කිරීම් ඔස්සේ නෙමෙයි. වැළඳ නො ගැනීම ඔස්සේයි. වැළඳ නො ගැනීම බිහි වන්නේ සමාජය හා පුද්ගල ජීවිත වඩා සබුද්ධික හා උසස් වීමත් සමගයි.

විශ්වවිද්‍යාලවල අධිපති දේශපාලනය කියන්නේ සබුද්ධික එකක් නොවෙයි. එය පවත්වාගෙන යන්නේ නවක වදය, තහනම, ආධිපත්‍යය, මැර බලය, මොබ් මානසිකත්වය, ත්‍රස්තවාදය, හිංසාව ආදිය පදනම් කරගෙන තනිකර කෘත්‍රිම වටපිටාවකයි.

එ් නිසා තමයි, විශ්වවිද්‍යාලවලින් පිට වන පිරිස් අතර විශ්වවිද්‍යාලයෙන් ගෙන ආ අයියා මල්ලී කීම් හා පරණ කාඩ් වැනි බොල් හර පද්ධතීන් ටිකක් හැර හරවත් කිසිවක් ඉතිරි නො වන්නේ.

මෙම ඊනියා විශ්වවිද්‍යාල ශිෂ්‍ය උප සංස්කෘතිය විසින් ලංකාවේ අධ්‍යාපනයට, සංස්කෘතියට, දේශපාලනයට පමණක් නොව ආර්ථිකයට පවා කරන හානිය අති විශාලයි. එහෙත්, එය මුල් බැසගෙන ඇති ගැඹුර අනුව එය වෙනස් කිරීමත් පහසු නැහැ. හැබැයි, එය වෙනස් කිරීම ගැන සමාජය ගැඹුරින් සිතිය යුතුයි. 

කෙසේ වෙතත්, මෙයත් කිව යුතුයි. ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල මේ හිඟන සංස්කෘතිය පරාජය කර හමාරයි. එහි ඇති වානිජමය ලක්ෂණ කෙසේ වෙතත්, මේ හිඟන සංස්කෘතිය පැරදවීම තුළ ඔවුන් සැලකිය යුතු ගුණාත්මකභාවයක් අත්පත් කරගෙනත් හමාරයි.

දැන් මෙහෙමත් කල්පනා කර බලන්න. රජයේ විශ්වවිද්‍යාල සමාජයට එපා වන තත්වයක් නිර්මානය කර දෙන මේ ඊනියා රැඩිකල් බලවේග ඇත්තට ම සේවය කරන්නේ ඔවුන් මාරාන්තික ලෙස විරුද්ධ යයි කියන නවලිබරල්වාදයට නොවේ ද?


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. // රජයේ විශ්වවිද්‍යාල සමාජයට එපා වන තත්වයක් නිර්මානය කර දෙන මේ ඊනියා රැඩිකල් බලවේග ඇත්තට ම සේවය කරන්නේ ඔවුන් මාරාන්තික ලෙස විරුද්ධ යයි කියන නවලිබරල්වාදයට නොවේ ද//
    ----පරා , සහතික ඇත්ත කතාව.
    විජේවීර ගේ කටු කන්නෝ ටික මොන සමාජවාදේ දේශනා කලත් මේ රටේ නිදහස් අධ්‍යාපනය ට වලකපන්නේ ඔන්න ඔය අන්තරෙයි, ජෙප්පොයි, පෙරට්ටෝ යි උන් එක්ක තව එකතුවෙලා ඉන්න කාලකන්නි ටිකකුයි තමයි.
    රටේම විශ්ව විද්‍යාල ටික අකර්මන්‍ය කරපුවාම රටේ උගතුන් බිහිවෙන එක අකර්මනය වෙනවා, එහෙම නැත්තන් අඩාල වෙනවා. සමහර විට නතර වෙනවා. එතකොට ඉතුරුවෙන්නේ මෝඩ රැලක් විතරයි. එහෙම බිහිවෙන මෝඩ තරුණ ප්‍රජාව හරි ලේසියෙන් තමුන්ගේ පරගැති දුෂ්ට වැඩ වලට හවුල් කරගන්න මේ කුමන්ත්‍රණ කාරී සංවිධාන වලට පුළුවන්.
    හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා.
    විධායක බලය තියාගෙන, තුනෙන් දෙහෙක බහුත්රෙකුත් තියාගෙන ඉන්න මහා ලොකු ආණ්ඩුව මේ සිද්ධිය එක්කෝ තේරුම් අරං නැහැ. එහෙම නැත්තන් තේරුනේ නැහැ වගේ රඟපානවා.
    එකෙන් වෙන්නේ රටේ උගත් සහ බුද්ධිමත් තරුණ පරපුර රටට අහිමිවෙන එක.
    මගේ නම් යෝජනාව නම් බලය භාවිතා( හෝ අවභාවිතා කරලා) මේ වසංගත ය සමාජෙන් අයින් කරන්න ඕනා කියලයි.
    නැත්තන් මේ රට ඉවරයි.
    දැනටමත් 90 ට පස්සේ ඉපදිච්චි හරක් රැලක් ඉන්නවා මේ ගස් බල්ලෝ කියන කියන දේට හරෝ හරා කියන

    ReplyDelete
    Replies
    1. /දැනටමත් 90 ට පස්සේ ඉපදිච්චි හරක් රැලක් ඉන්නවා මේ ගස් බල්ලෝ කියන කියන දේට හරෝ හරා කියන / පුනුරුප්පත්තිය, ඒ කාලේ වල කජ්ජගහපු අනගාරික අනාගරිකාවෝ නැවත ඉපදිලා.

      Delete
  2. පුදුමය නම් තමන්ගේ සරසවි අධ්යාපනය ලබන දරුවන්ට අන්තරය කරන මේ සහගහන අපරාධය ඇස් පනාපිට පෙනෙත්දීත් අන්තරය වෙනුවෙන් අට්ටාලවලට නගින දෙමාපියන්ද මහපොලොවේ සිටීමයි.
    නූපන් පරපුරකට අධ්යාපනය රැක දෙන්නට දත කනවට කලින්; ඉපදිලා, ඉස්කෝලෙත් ගිහිල්ලා සරසවියටත් ගිය ලමයින්ට විභාග අවසන්කොට පිටවෙන්නට ඉඩ නොදෙන්නේ මෙවැනි අට්ටාලවලට නගින දෙමාපියන්ගේ පූරුවේ පව් හා කරුමයන් අන් අහිංසක අය අතරත් බෙදීයන තරමටම බලවත් වීමෙන් දැයි වරෙක සිතේ.

    ReplyDelete
  3. ඉතාම කාලීන අදහසක්.
    විභීශන කියල තියෙනවා වගේ බලය භාවිතයෙන් හෝ අවභාවිතයෙන් මේ කරුමය අවසන් කර දැමිය යුතුයි.
    ලංකාව කෙලින් හිටුවන්නට ඇති ලොකුම භාධකය මේ ඊනිය සමාජවාදී ව්යාපාර.

    කොහොමත් දැන් මේ කෙටි කාලය තුල ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය මුලුමනින්ම ඇන හිටලා. ඒත් සයිටම් හා කොතලාවල වෛද්‍ය සිසුන් හොඳින් අධ්‍යයන කටයුතු කරගෙන යනවා. සයිටම් වෛද්‍ය පීටයේත් විභාග පැවැත්වෙන්නේ නැහැ.

    ඉතින් රටට වෛද්‍ය වරුන් බිහි වීම නැවතිලා

    පෞද්ගලික විශ්ව විද්‍යාල වල අනෙකුත් සියළුම පීඨ ඉතා සාර්ථකව ක්‍රියාත්මකයි.
    වෛද්‍ය හැර අනෙකුත් විශය ධාරා වල උපාධිධරයින් තොග ගනනින් පෞද්ගලික ආයතන හරහා හෙට රටට එකතු වේවී.

    රාජ්‍ය විශ්ව විද්‍යාල උන්ගේ වල කපාගෙන අවසන්.

    ReplyDelete
  4. //දැන් මෙහෙමත් කල්පනා කර බලන්න. රජයේ විශ්වවිද්‍යාල සමාජයට එපා වන තත්වයක් නිර්මානය කර දෙන මේ ඊනියා රැඩිකල් බලවේග ඇත්තට ම සේවය කරන්නේ ඔවුන් මාරාන්තික ලෙස විරුද්ධ යයි කියන නවලිබරල්වාදයට නොවේ ද?//

    මේ කියමන නිවරදී නෑ පැරා ඔබ ටිකක් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිටයේ පරිඝනක අංශයේ අවසාන වසර සිසුන් ගැන සොයාබලන්න දක්ෂම සිසුන්ට ලෝකයේ විශාල සමාගම්වල විවිද වියප්පෘති වලට සම්බන්ද වීමට අවස්තාව ලැබෙනවා ඔවුන්ගේ උපාධිය ඉවරකල වහාම ඔවුන්ට යුරෝපයේ හෝ ඇමරිකාවේ අදාළ සමාගම්වල පහසුවෙන් රැකියාව ලබාගැනීමට පුළුවන්.

    මෙතන මොරටුව විශ්වවිද්‍යාලය රජයේ විශ්වවිද්‍යාලයක් උනාට ලෝකයේ දියුණු සමාගම් සමග වැඩකිරීමට බාදාවෙලා නෑ, නමුත් ඔබ කියන කැලනි විශ්වවිද්‍යාලයේ තියන්නේ වෙනම කතාවක්, ඔවුන් ප්‍රවර්ධනය කරන්නේ කළා විෂයන්, මේ විෂයන්ට ලෝකයේ කොහෙත් ඉල්ලුම අඩුයි, එහෙම වෙන්න තව වැදගත් දෙයක් තමයි කළා විෂයන්ට අන්තර්ගත විදේශීය භාෂා නිසිපරිදි ප්‍රවර්දනය නොකිරීමත් ලෝකයේ කළා විශයන්ටම අන්තර්ගත චිත්‍ර අංශයේ infographics වැනි නව තක්ෂණික ප්‍රචාරණ මාද්‍ය පිළිබද දැනුම ලබානොදීමත් කියන කාරණයයි.

    මෙහිදී මේ තක්ෂණික දැනුම සහිත චිත්‍ර ශිල්පයේ දක්ෂතා ඇති අන්ත්ර්ජාතික භාෂා වලින් සන්නද්ධ කෙනෙක් නම මසකට 5 ලක්ෂ පහසුවෙන් උපයන්න පුළුවන් කිසිම ආයතනයක රැකියාවක් ලබා නොගෙන.

    ReplyDelete
    Replies
    1. මොරටුවට, කොළඹට, ජයවර්ධනපුරයට හොඳ අනාගතයක් තියෙයි..... කැළණියේ වුනත් හොඳ පාඨමාලා තියෙනවා. මම අහලා තියෙන විධියට ලංකාවේ හොඳම "Marketing Management" උපාධි පාඨමාලාවක් තියෙන්නේ කැළණියේ...

      ඒ අය පෞද්ගලික අංශයත් එක්ක හොඳින් වැඩ කරනවා. අන්තරේට ඔවා පේන්න බෑ.. මොකද උන්ගේ නායකයින්ගේ ළමයින්ට, නායක බට්ටන්ගේ අක්කලාට තියෙන අවස්ථා ගමෙන් ආපු කොල්ලන්ට කෙල්ලන්ට ලැබුනොත් ලොකු විනාසයක්නේ වෙන්නේ......

      Delete
  5. /මේ ඊනියා රැඩිකල් බලවේග ඇත්තට ම සේවය කරන්නේ ඔවුන් මාරාන්තික ලෙස විරුද්ධ යයි කියන නවලිබරල්වාදයට නොවේ ද?/ සිංහල-බෞද්ධයෝත් ඔය වගේම උත්කෘෂ්ට සේවයක් කරනවා එයාලගේ ඇදහිල්ල පජාතකරන්න.

    ReplyDelete
    Replies
    1. ඕක තේරුම් ගන්න තරම් මොළයක් එයාලාට තියෙනවා කියා හිතනවාද?

      Delete
  6. This is unrelated. Please investigate Russian dud ship deal. Everybody including JVP is silent about it now may be come up with protest later then it is too late.

    ReplyDelete
  7. ජවිපෙට පෙසපෙට සහ අන්තරේට වැඳ වැඳ
    මහ මග පෙළපාලි ගිහින් මොරදී හඬදී නද
    කැලණිය විසු විදුහල තටමන කල එක තැන හිඳ
    මොරටුව සරසවි දරුවෝ ජයපැන් බොති දී නද.

    ReplyDelete
  8. රුපියල් මිලියන 1000කට වඩා වාර්ෂික වියදමක් කරන්න තරම් හයිය තියෙන, කොලඹට ආසන්නයේ බිලියන ගණන් වටින දේපලක් සහ සම්පත් සහිත, දේශීය, සහ විදේශීය විශ්ව විද්යාල වලින් උසස් උපාධි ලබා ඇති ආචාර්ය මණ්ඩලයකින් ද පරිපාලන සහ කාර්යාලයීය කාර්ය මණ්ඩලයකින් ද යුක්ත විශ්ව විද්යාලයක් 'එදාවේඅල ටුවරස්' දේශපාලන කබ්බන්ට බය වෙලා ඉන්න තරම් 'ලොස්ට් ලොට්' එකක් වීම ගැන මොකද හිතෙන්නෙ?

    ReplyDelete
  9. //// මෙම ඊනියා විශ්වවිද්‍යාල ශිෂ්‍ය උප සංස්කෘතිය විසින් ලංකාවේ අධ්‍යාපනයට, සංස්කෘතියට, දේශපාලනයට පමණක් නොව ආර්ථිකයට පවා කරන හානිය අති විශාලයි. ////

    අද වනවිට ජාතික විශ්වවිද්‍යාලවලට ඉල්ලුම් කරන සිසුන් ප්‍රමාණයේ පැහැදිලි අඩුවීමක් තියෙනවා. UGCය මේ වනවිට සමහර පාඨමාලාවලට සිසුන් පුරවාගැනීමට නොහැකිව ලතවන බවයි ආරංචිය. මට නම් කියන්න තියෙන්නේ.....ඔහොම යං........එක්කෝ හැදෙයි, නැතිනම් ෆුට්නෝට් එකක් වෙයි....කියන එක.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා