හිරේ යන එක මාර ෆන් ද? (රජයේ නිලධාරීන්ගේ විශේෂ අවධානයට)

කට කණේ ගෑවෙන තරමට පනාව දාගෙන අත් උස්සාගෙන හිරේ යන දේශපාලකයන් කෙළින්ම යන්නේ බන්ධනාගාර රෝහලට ය. ගෙවන වාට්ටුවලට යන අයත් සිටිති.

හිරේ යන එක ෆන් වැඩක් නො වන බව එයින් ම පෙනෙනවා ය.

හිරේ ජීවිතය ගැන හිතාගන්නට උවමනා නම් බැඳලා හදන බල්ලකුගේ ජීවිතය හිතින් මවා ගන්න.

එය ඉතා කටුක ය. විශේෂයෙන් ම, වියපත් මිනිසුන්ට එය ඉතා දුෂ්කර ය. ප්‍රියයන්ගෙන් වෙන් වී ජීවත් වන්නට සිදු වීම එහි ඉතාම කටුක තත්වයයි.

සිරදඬුවමකට ලක්ව බන්ධනාගාරගත වූවෙකුට සිය පවුලේ අය පමණක් මසකට වරක් හමු විය හැකි ය. ආහාර පාන කිසිවක් පිටතින් ගෙන්වා ගැනීමට බැරි ය. බිරියන්ගෙන්, සැමියන්ගෙන්, දරුවන්ගෙන් හිටි හැටියේ එසේ වෙන් වීම පහසු නැත. එය දුරකථන ඇමතුම්, ස්කයිප් කෝල් සහිතව පිටරට චාරිකාවකට ගියා සේ නොවේ.

ලංකාවේ සිරගෙවල්වල සාමාන්‍යයෙන් ඇඳන් නැත. මදුරු දැල් නැත. මා සිතන පරිදි මදුරු කොයිල් පවා තහනම් ය. විදුලි පංකා නැත. සාමාන්‍ය වාට්ටුවල නම් විවිධ රෝගාබාධ ඇති, අපිරිසිදු, කුඩුකාර, කොලුකාර, ඒඩ්ස්කාර, මදාවි, පිස්සු ආදී විවිධාකාර ඩයල් සමග එකට වැටී සිටිය යුතු ය. දළයන්ගේ හෙවත් බලවත් හිරකාරයන්ගේ උදහසට ලක් වුණොත් නිදාගන්නට සිදු වන්නේ ඩස්බින් එක හෝ කක්කුස්සිය හෝ ළඟ ය.

සෙල් හෙවත් සිරමැදිරි තුළ එක්කෝ තනිව, නැතිනම් තුන්දෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සමග රැය පහන් වන තුරු සිටිය යුතු ය. සෙල් එකට දමා වැසූ පසු පසුදා පහන් වන තෙක් මුත්‍රා, මළපහ කළ යුතු වන්නේ ඒ සඳහා දෙන බාල්දියකට ය. එය කුටිය තුළ ම තබා ගත යුතු ය. මේ කුටිවල බොහෝ විට වාතාශ්‍රය දුර්වල ය. සාමාන්‍යයෙන් සියලු සිරගෙවල් අධික ලෙස තදබද ය.

සිරගෙදරට අඳින ජම්පරය යයි කියන කොට කලිසම හා බැනියම සහිත ඇඳුම ඉතා රළු එකකි. බලවතුන්ට අවසර ගෙන ගෙදරින් සීමිත ඇඳුම් සංඛ්‍යාවක් ගෙන්වා ගැනීමට පුළුවන. එහෙත්, එහි ස්වභාවය ද කලින් කී පරිදි ම ය.

නාගැනීම නලාවට අනුව ය. ශාරීරික පිරිසිදුකම පවත්වා ගැනීම ලෙහෙසි නැත.

සාමාන්‍යයෙන් උදේට පාන් හා පොල් සම්බෝල ද, දවල්ට හා රෑට මස් හෝ මාළු හෝ බිත්තර හෝ සමග බත් ද ලැබේ. බෙරි වූ, නීරස, නිසි ලෙස නො සෝදන ලද ආහාර ලැබීම සාමාන්‍ය දෙයකි. කල්දේරම්වල තම්බන ලද උඩ තෙල් පාවෙන තේ යයි හැඳින්වෙන කහට වර්ගයක් ද බාල හකුරු සමග දිනකට දෙවරක් ලැබේ.

හිරගෙදරදී රසට ප්ලේන්ටියක් බොන එක පවා ඉතා දුෂ්කර ය. තත්වය හිතා ගන්නට ඒ ඇතැයි සිතමි. 

දුරකථන ඇමතුම්, අන්තර්ජාලයට පිවිසීම, අවසර සහිත මාධ්‍ය හැර වෙනත් මාධ්‍ය පරිහරණය නීති විරෝධී ය.ලියුම් ලිවීමට පවා අවසර ඇත්තේ මාසයට දෙකකි. එය ද තැපැල් කිරීමට පෙර කියවනු ලැබේ. එන ලියුම් ද කියවා ඇතැම් කොටස් වාරණය කරනු ලැබේ.

රෝගාබාධ සහිත අයට වෛද්‍ය නිර්දේශ මත බන්ධනාගාර රෝහලට ඇතුළත් විය හැකි ය. තදබල රෝගාබාධ ඇති අය මාංචු දමා, ආරක්ෂාව සහිතව ප්‍රසිද්ධ රෝහල්වලට ඇතුළත් කරනු ලැබේ.

බරපතල වැඩ සහිතව සිර දඬුවම් ලද අයට කිසියම් වැඩ කණ්ඩායමක හෙවත් පාටියක වැඩ කරන්නට ද සිදු වේ.

සිරගෙදර වනාහි ලිංගික අපයෝජන බහුල තැනකි. පිරිමින් විසින් පිරිමින්ව දූෂණය කිරීම සුලබව සිදු වේ. පැමිණිලි කරන්නට ගියොත් උණු පොල්තෙල් ඇස්වලට ගසා අන්ධ කිරීම, හැංගී සිට කටුවලින් ඇණ තුවාල කිරීම හෝ මරා දැමීම වැනි ක්‍රියා කරන අය සිටිති. ඇතුළේ සිටින සිරකරුවන් ලවා තරහකරුවන් මරා දැමීමේ සිට බලෙන් ගුද සංසර්ගය කිරීම දක්වා දේ කොන්ත්‍රාත් දෙන්නට ද පුළුවන්කම තිබේ. මේවා ගැන කියා ආරක්ෂාව ඉල්ලන්නට පුළුවන. එවිට ඔබට පැය 24 ම සිර කුටියක් තුළ සිටිය හැකි ය.

බලවතුන්ට බන්ධනාගාර පරිපාලනයට බලපෑම් කර හෝ අල්ලස් දී හෝ හිතවත්කම් මත හෝ යම් වරප්‍රසාද ලබා ගත හැකි මුත්, ඒවා අයිතිවාසිකම් නො වන නිසා පොරවල් සේ සිටින්නට බැරි ය. ඒ වෙනුවෙන් දරන්නට සිදු වන වියදම් ඉතා අධික ය.

හිනා වෙවී හිරේ යන අය ගේට්ටුවෙන් ඇතුළු කර ලියාපදිංචි කිරීමේ පටිපාටිය හරහා යන විට අභිමානය අවසන්ව, අවමන් සහගතබව හා ආත්මානුකම්පාව සමග අවපීඩනයට පත් වෙති.

ඔය අව් අස්සේ සිරේට නියම වන ප්‍රභූන් බන්ධනාගාර රෝහලට ඇතුළත් වන්නේ කෙසේ ද යන ප්‍රශ්නය බාහිර සමාජයේ මාධ්‍ය විසින් මතු කරන විට, බන්ධනාගාර නිලධාරීන්ට ද තමන්ගේ රස්සාවට කෙළවා ගන්නවා ද නැතිනම්, නීති ප්‍රකාරව කටයුතු කරනවා ද යන්න ගැන දෙවරක් සිතන්නට සිදු වේ.

බන්ධනාගාර නිලධාරීන් ගැන කියන්නට තිබෙන්නේ මෙයයි. යම්කිසි ලක්ෂණ නිසා අප පොලිස් නිලධාරීන් නරක යයි කියනවා නේද? එම ලක්ෂණ පැත්තෙන් බන්ධනාගාර නිලධාරීන් පොලිස් නිලධාරීන්ට වඩා අන්ත ය. ඔවුන් සාමාන්‍යයෙන් ගත් කල සිරකරුවන්ට කතා කරන්නේ, සලකන්නේ ඉතා අවමන් සහගතව ය. 

මධ්‍යම පංතික මිනිසුන්ට, ගැහැණුන්ට සිරගෙදර ජීවිතය කිසි සේත් ම දරා ගත හැකි එකක් නො වේ. එය අතිශය පීඩාකාරී අත්දැකීමකි. කිසි දිනෙක කිසිවකුට අත් නො විය යුතු ශෝචනීය ඉරණමකි.

සිරගත නො වන පරිදි වැඩ කරන්නට අප පරිස්සම් විය යුත්තේ එහෙයිනි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. වෘත්තීය සමිතියක් හදන්න ගිහිල්ල රණ්ඩුවක් වෙලා මන් සතියක් රිමාන්ඩ් හිටිය. රිමාන්ඩ් එකේ තත්වයත් ඕකම තමයි.ඒ කාලේ එක ශාලාවක 150 ක් විතර ඉන්නවා,රේට්ටු කියන රෙද්දක් තමා නිදාගන්න දෙන පැදුර, කොට්ට නැහැ, එකිනෙකාගේ ඇඟේ ගෑවී නිදාගෙන උදේට නැගිටින කොට මුළු ඇඟම රස්නෙයි .නාන්න පොරයක් නාන්න තියා මුණ හෝදගන්න වත් අමාරුයි .ඉස්සර රිමාන්ඩ් එකේ ඉන්න පුළුවන් උනත් අද නම් එක දෙතිස් වාදයෙන් එකක් හා සමාන වෙනවද සැකයක් නැහැ

    ReplyDelete
  2. පැරා,
    ඇඟ හිරිවැටෙනවා මේක කියවනකොට,පුරුස අැඟ හැර.

    කොළඹ 9 බේස්ලයින් පාරේ බොරැල්ල පැත්තට යන කිසිම මනුෂ්‍ය ප්‍රාණියෙක් කිසිදා නොලැබිය යුතු අද්දැකීමකි, වැලිකඩ මැගසින් එක තුල නේවාසිකයකු වීම. මෙය අද්දැකීම් ප්‍රත්‍යාක්ෂ කියමනකි. ඊට ඇතුල් වන සියලු බෝඩිං කාරයෝ තම ලොකුකම් බේස්ලයින් පාරේම තබා ආ යුතුය.

    එහෙත් රාජ්‍ය සේවයේ ඉහලම නිලධාරින් ට තම වෘත්ත්තික භාවය ඉහලින්ම සිදු කිරීමට අගනා පිටිවහලක් ලබා දෙනු වස් ස්ව රැකියා පත්වීම ලැබීමට පෙර දින කිහිපයක ස්වෙච්ඡා නේවාසිකත්වයක් ඔවුනට ලබා දීම වැදගත් විය හැක.

    එමඟින් වැරැද්දේ/නිවරැද්දේ එහි යන්නට සිදුවූ සියල්ලන්ගේ සාමාන්‍යයෙන් සිදුවන ඇඩ්‍රිනලීන් ස්‍රාවය වීමේ උපරිමය කෙතරම් පීඩාකාරීදැයි දැනගෙන තම කාර්යය උපරිම අවංක බවින් යුතුව ඔවුන් සිදු කර මහත්මාවරුන් ලෙස විශ්‍රාම යනු ඇත.

    +CP

    ReplyDelete
  3. පැරා,

    //මධ්‍යම පංතික මිනිසුන්ට, ගැහැණුන්ට සිරගෙදර ජීවිතය කිසි සේත් ම දරා ගත හැකි එකක් නො වේ. එය අතිශය පීඩාකාරී අත්දැකීමකි. කිසි දිනෙක කිසිවකුට අත් නො විය යුතු ශෝචනීය ඉරණමකි.//

    මේ කතාව නම් හරියට හරි !! නමුත් අතිවිශාල වංචා කල අයට මෙය අදාළ නොවෙයි.

    // ඒ වෙනුවෙන් දරන්නට සිදු වන වියදම් ඉතා අධික ය. //
    රුපියල් බිලියනයක් ඇති කෙනෙකුට ඔය කියන මුදල හුණු බිජුවකි.

    //ඔවුන් සාමාන්‍යයෙන් ගත් කල සිරකරුවන්ට කතා කරන්නේ, සලකන්නේ ඉතා අවමන් සහගතව ය.//
    මෙවැනි බලවත් මිනිසුන්ට නම් එහෙම කතා නොකරයි, මොකද නැවත රජය වෙනස්වී බලවතකු උනහම අදාළ නිලදාරින් බලු වන හැටි බලන්න පුළුවන්
    ඔබම උදාහරණයකට හිතන්න පැරා සරත් ෆොන්සේකා දැනට වසර කීපයකට පෙර සිරකරුවෙක් නමුත් දැන් ඔහු ඇමති කෙනෙක් නිකන් හිතන්න ඔහු අධිකරණ ඇමති උනානම් තමන්ට අවමන් සහගතව කටයුතු කල නිලදාරියාට වන දේ ඔබට හිතාගන්න පුලුවන්ද ?

    අද මහින්දට මේ ආණ්ඩුව බය වෙන මොකවත් නිසා නෙමෙයි ඔහු ලග ඩොලර් බිලියනයකට වඩා මුදලක් තියනවා, මේ මුදල් ඔහු නිසි වෙලාවේ පාවිච්චි කරපුවහම ඔබට බැහැයි කියල හිතන බොහෝ දේවල් සිදුවෙන්න පුළුවන්.

    ඇත්ත තත්ත්වය පැරා ලෝකයේ කොහෙත් බලවත් මිනිසුන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ මෙය තේරුම් ගැනීමට ඔබට සරල දෙයක් පෙන්වන්නම් ලෝකයේ දියුණු අමරිකාවෙන්ම ලබාදෙන්නම්. http://www.nytimes.com/2012/07/03/business/glaxosmithkline-agrees-to-pay-3-billion-in-fraud-settlement.html?mcubz=1

    GlaxoSmithKline කියන ඔවුෂද සමාගම ඩොලර් බිලියන 3ක් වන්දි ගෙවන්නේ වසර 12ක් නඩු කියලයි, දැන් මෙතන මේ දියුණු යයි කියන රටවල් වන්දනාමාන කරන වහල්ලු කියයි "එහෙම තමයි ඒවායේ නිතිය අකුරට ක්‍රියාත්මක වෙනවා " කියල නමුත් මේ වන්දිය ඔවුන් ගෙවන්නේ ඩොලර් බිලියන 30ක් පමණ උපයා ගත්තට පසුවයි.

    දැන් මට කියන්න කෝ දඩුවම් ඔබ කියන්නේ ඩොලර් බිලියන 3 දඩුවමද ? මමනම් කියන්නේ ඔවුන්ට වියාපාරය කිරීමට ගිය වියදම කියලයි.

    මේ සියලු දේ එළිපිට වෙන්නේ මේ ආණ්ඩුව අවංක නිසා නෙමෙයි පැරා මේ ආණ්ඩුවේ ප්‍රතිවිරුද්ද පිරිසක් අතර බල අරගලයක් තියන නිසා, එහම නැත්නම් මේ කිසිදෙයක් පෙන්න ගන්නේ නෑ.

    මෙතන වෙන්නේ සිරිසේන පිල රනිල් පිලේ අබුඩේ කඩනවා රනිල් පිල සිරිසේන පිලේ අබුඩේ කඩනවා මහින්ද පිල හෙළුවෙන් ඉදගෙන අනෙක් දෙගොල්ලෝ හෙළුවෙන් සිටීම හරිම කැත බව කියනවා.

    මට පෙන්නේ මේ සියලුම දෙනා දැඩි බියෙන් තමයි ඉන්නේ, තමන්ට බලය නැතිවුනාම සිදුවෙන දේ ගැන හිතන කොට.

    ReplyDelete
    Replies
    1. මොක කීවත් මැක්ක ගැන කියනවා නේද අන්තිමේ ? :D

      Delete
    2. තුන්වෙනි ලෝකයෙන් මෙපිටට නොගිය කෙනෙක් ඇමරිකාව ගැන දන්න රෙද්ද... ඇමරිකාව කියන්නේ නීතිය අකුරටම ල්‍රියාත්මක වෙන රටක්.. ඇමරිකාවේ ප්‍රාන්ත ආන්ඩුවල සෙනෙට් සභිකයො හිරේ ගිහින් තියෙනවා තමන්ගේ ගෙදර වැඩ කරන කාන්තාවකට බලහත්කාරකම් කලා කියල.... ඔහේට හිතෙන ගනන් සමාගම් වලට දඩ ගහන්න බෑ, ඇමරිකාවෙ විනිසුරුවරු ෆලෝ කරන්නේ ඔවුන්ට නීතියේ දී ඇති sentencing guidelines .අවු.12 නඩු කියන්නම ඔය කොම්පැනිය ඩොලර් බිලියන ගනනක් වියදම් කරනවා, ඇමරිකාවේ විනිසුරුවරු පගා ගන්නවා වගේ විහිලු කතා කියන්න තරම් ඔබ මන්ද බුද්ධික නැතිව ඇති

      Delete
    3. laankika sithuwili යාට් තියෙන්නේ රාජපක්ෂ කුනු සුද්ද කිරීමේ උනක්... මැදමූලන මිනීමරුවාව එලව දවසේ ඉදන් ඔවුන්ගේ මොන අපරාධය පෙන්නුවත් "දෙපැත්තම එකයි/ ඇමරිකාවෙත් එහෙමයි" වගේ අමන කතා කියකියා මිනිහා හදන්නේ මැදමූලන වනචාරින්ගේ හා ඔවුන්ගේ වහල්ලුන්ගේ චෝදනා දියාරු කරන්න....
      ට තියෙන අමන එජාප විරොදය, රනිල් විරෝදය හා බටහිර විරෝදය (මම දන්නා විදිහට මිනිහාගේ ඇමරිකානු වීසා ප්‍රතික්ශේප වීම නිසා හටගත් එකක් ) නිසා අපි මෝඩයෝ කියා හිතලද කොහෙද මැදමූලනයාගේ රෙදි මෙතැන හෝදනවා...

      Delete
    4. //laankika sithuwili යාට් තියෙන්නේ රාජපක්ෂ කුනු සුද්ද කිරීමේ උනක්//

      https://lankasithuwili.blogspot.com/2015/01/blog-post_15.html
      මහින්ද බලයේ සිටියදීම ඔහුගේ පාලනය ගැන විවේචන කරලා තියනව,
      මම නැවත කියන්නේ මම කියන දේ ඇත්තද බොරුද කියල කියන්න, බොරුනම් මම ඉදිරිපත් කරන තොරතුරු බොරුයි කියල ඔප්පු කරන්න එහෙම කරන්න බැරිව කරන උදුබුරලීම් වලින් බුද්ධිමත් මිනිසුන්ට වැඩක් නෑ

      Delete
  4. wow. I heard some of these stories and agree with you. I think Sri Lanka need a big overhaul of prisons and prison services.

    ReplyDelete
  5. මේ පින්තූරේ ඉන්න කෙනාට මුල් වතාවට මාංචු වැටුන වෙලාවේ මුණ මෙහෙම් නෙවෙයි තිබුනේ. හරියට දියෙන් ගොඩගත් මාලුවෙක් වගේ. මට හොඳට මතකයි. මේ අයට මේ පෙනුම එන්න පටන් ගත්තේ පහුවෙනකොට හිර ගෙවල් ගෙවල් වගේ වෙලා බන්ධනාගාර රෝහල් ගත වෙන්න පටන් ගත්තට පස්සේ.

    ReplyDelete
  6. සියලු සිර කරුවන් සිටින්නේ සෙල් තුල නොවේද ? වඩා ලොකු අවකාශයක ඉන්න අයත් ඉන්න වාද ?

    ReplyDelete
    Replies
    1. බන්ධනාගාරවල වාට්ටු නමින් හැඳින්වෙන බොහෝ ශාලාවල සිරකුටි නැත. ඒවායේ මිනිසුන් එක ගොඩේ සිටිති. බොහෝ විට සුළු අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ අය හා රිමාන්ඩ් සිරකරුවන් රඳවා තබන්නේ මෙම ස්ථානවල ය.

      Delete
  7. සිරගෙදර වනාහි ලිංගික අපයෝජන බහුල තැනකි. පිරිමින් විසින් පිරිමින්ව දූෂණය කිරීම සුලබව සිදු වේ.

    සමනලුන්හට හිරගෙදර පාරාදිසියකි . බ්ලොග් ලොවේ සමනලුන්ට කරන ආරාධනකි .

    ReplyDelete
  8. //හිර ගෙදර සමනලුන්ට පාරාදි
    ීසයකි.//
    බාධා විරහිත පුඃ සමරිසි සැප විඳිනු වස් වැලිකඩට ආරාධනා කිරීම වනාහි ක්ෂනික මෝ‍චනය පමා කරනු වස් වෘෂණ යුගලය වටා ලෝහ දඟරමය පුඩුවක් තද කොට දමා ගැනීමක් වැනිය.

    +CP

    ReplyDelete
  9. //දැන් මෙතන මේ දියුණු යයි කියන රටවල් වන්දනාමාන කරන වහල්ලු කියයි// Please study before publicizing opinions. Just compare the standard of life of an average individual at present and fifty years ago. Now people live longer and have better medical facilities that can even be considered as miraculous. It is because of these companies who are working for a profit. And what the law makers of these countries are trying to do is to make the process a balanced one,benefiting the average or poor man . Even the average lifespan of Sri Lankans are increasing, thanks to whome? to Deshapremi Sinhala Baudhdha Gedi Veda Mahattaya or Sudu Adirajyawadin?Please do a little investigation with open mind and then make your opinion known to others if you really want to make the world a better place.

    ReplyDelete
  10. හොඳ ලිපියක් ජය වේවා.

    ReplyDelete
  11. පැරා,
    අැයි බං දෙමටගොඩ හිර ගෙදට්ට මැගසින් ප්‍රිසන් කියලා කියන්නේ..
    අපි දන්නේ තුවක්කුවේ මැගසින් එකයි, සඟරාවට කියන ඉංග්‍රීසි වචනෙයි විතරයි.
    කොහෙමද හිර ගෙදර "මැගසින්" වුනේ?
    +CP

    ReplyDelete
    Replies
    1. තව එකක්.. ඇයි බං දෙමටගොඩ තියෙන එකට වැලිකඩ බන්ධනාගාරය කියන්නේ?

      Delete
  12. ලලිත් වීරතුංග යනු ලීල් ගුණසේකර හෝ බ්‍රැඩ්මන් වීරකෝන් නොවේ - පුවතක් -
    මේ ටිකද එකතු වියයුතුය. "ඉන්ද්‍රානි සුගතදාසද නොවේ".

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා