පරණවිතානගේ අලුත් සංකල්පය හෙවත් සුභද්‍රගේ අභද්‍ර වචනය

ලංකාවට අලින් වැඩි බවට කරුණාරත්න පරණවිතාන නියෝජ්‍ය ඇමතිවරයා කළ ප්‍රකාශය වැරදි සභාවකට කළ නිර්භීත ලෙස ඇත්ත කීමකි. මෙතරම් අලි-මිනිස් ගැටුමක් ඇත්තේ ද දෙපාර්ශ්වයේ ම මරණ වාර්තා වන්නේ ද අලින් වැඩි නිසා ය.

අලින් වැඩි බව බොරුවක් නම් ඉතා පැහැදිලිව ම මිනිසුන් වැඩි ය. මිනිස් ගහණය පාලනය කළ යුතු ය. එය ද නිසි පරිදි සිදු වන්නේ නැත. අලි ගහණය පාලනය කරනවාට විරුද්ධ අය ජනගහනය පාලනය කරනවාටත් විරුද්ධ ය. අලි ගහණය පාලනය කරනවාට විරුද්ධ ඇතැම් අය ඔවුන් අල්ලා, ජීවිත කාලයට ම බැඳ තබාගෙන, වධ දෙමින් පෙරහරේ ගෙන යනවාට පක්ෂ ය. මේකත් ලෝකයක් ද මර්තේලිස්. 

ජනගහණ වර්ධනය සම්බන්ධයෙන් වැදගත් සාධකයක් වන්නේ සමස්ත සාඵල්‍යතා අනුපාතිකයයි. සාමාන්‍යයෙන් මෙයින් අදහස් වන්නේ ප්‍රජනන වියේ සිටින කාන්තාවන් සාමාන්‍යයෙන් ලබන දරුවන් සංඛ්‍යාවයි.

බොහෝ රටවල් සම්බන්ධයෙන් ගත් කල, 2.1ක සමස්ත සාඵල්‍යතා අනුපාතිකය ජනගහණය තිබෙන මට්ටමෙන් පවත්වා ගැනීමට ඉවහල් වේ. එයට ප්‍රත්‍යාදේශන සාඵල්‍යතා අනුපාතිකය යයි කියනු ලැබේ.

වසර 2011දී කරන ලද ජන සංගණනය අනුව ලංකාවේ සමස්ත සාඵල්‍යතා අනුපාතිකය 2.4කි. එය බංග්ලාදේශයේ තත්වයටත් වඩා නරක අගයකි.

කලින් මිලියන 22ක පමණ උපරිමයකට ළඟා වනු ඇතැයි උපකල්පනය කළ ලංකාවේ ජනගහණය වසර 2040 පමණ වන විට මිලියන 25ක් පමණ වනු ඇතැයි ජනවිකාස විද්‍යා මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා ප්‍රක්ෂේපණය කරයි. මේ පිළිබඳ විද්වතුන් අතර වෙනස් මත තිබේ.

කෙසේ වෙතත්, ලංකාවේ ජනගහණයට තවත් ලක්ෂ 50ක පමණ පිරිසක් එකතු වීමට ඉඩ තිබේ. එවිට ඔවුන්ට අලුතෙන් නිවාස, ජල පහසුකම්, ආහාර, ඉඩම් වැනි බොහෝ දේ අවශ්‍ය වනු ඇත.

වැඩි වන අලි ගහණයකුත් සමග වැඩි වන මිනිස් ජනගහණයක් තුලනය කර ගන්නා ආකාරය ලංකාවේ OMDV පරිසරවාදීන් හා ආගමික අන්තවාදීන් වහා පැහැදිලි කර දිය යුතුය. එවිට එ් අනුව ප්‍රතිපත්ති සම්පාදනය කළ හැකි ය.

OMDV පරිසරවාදීන් යනු කවරෙකුදැයි දන්නවා ද? OMDV= ඕනැ මළ දානෙකට විරුද්ධ

ලංකාවේ පාලනය කළ යුතු සත්ව ගහණයන් රැසකි. ඒ අතර, රිලා, වඳුරු, වල් ඌරු, කිඹුල්, මැසි, මදුරු ආදීහු වෙති. අවධානය යොමු නොවූ වඳුරු මිනිස් ගැටුම පිළිබඳ මෙම ලිපියෙහි විස්තරයක් තිබේ. 

OMDV පරිසරවාදීන් විසින් පැහැදිලි තෝරාගැනීමක් කළ යුතුව තිබේ. ඒ වනාහි මිනිස් ගහණය තීරණාත්මක ලෙස පාලනය කරනවා ද නැතිනම් මිනිසා සත්ව ගහණය හා සොබා දහම පාලනය කරනවා ද යන්නයි. 

මෙම පරිසරවාදීන්, දේශපාලකයන් හා විවිධ පටු අරමුණු මත ඔවුන් පසුපස වැටෙන ජනතාව නිසා ශ්‍රී ලංකාවේ වැඩි වන ජනගහණයට සරිලන සංවර්ධනයක් සිදු වන්නේ නැත. හැමෝටම විදුලිය අවශ්‍ය ය. ඉන්ටර්නෙට් අවශ්‍ය ය. සන්නිවේදනයෙන් මුළු රට ම ආවරණය විය යුතු ය. හැබැයි, ජල විදුලි ව්‍යාපෘතිත් එපා ය. ගල් අඟුරු බලාගාරත් එපා ය. එල්.එන්.ජී. හෙවත් ද්‍රව ස්වාභාවික වායුත් එපා ය. සුළං බලාගාරත් එපා ය. 

මෙම සටහන තබන මොහොත වන විටත්, අගලවත්ත ප්‍රදේශය ගංවතුර තර්ජනයට ලක් වී තිබේ. ලංකාවේ වැඩිම ජල ධාරිතාවක් ඇති ගඟ වන කළු ගඟෙහි වතුර රඳවා ගන්නට ඇති එකම ජලාශය වන කුකුළේගඟ ජලාශයෙහි විදුලිය නිෂ්පාදනය සඳහා ජලය රඳවා ගත හැක්කේ මීටර් දෙකක් උසට පමණක් බව ඔබ දන්නවා ද? එය ජලාශයක් ලෙස හඳුන්වන්නට පවා වාරි ඉංජිනේරුවෝ කැමැත්තක් නො දක්වති. එය එතරම් කුඩා ය. මේ ජලාශය විශාල කරන්නට ඉඩ නො දුන්නේ කවුරු ද? තම මහා ඉඩම් යායවල් රැක ගැනීම වෙනුවෙන් ඉඩම් අහිමි වන කුඩා ඉඩම් හිමියන් කුපිත කරවූ දේශපාලකයන් එක පැත්තකින් සිටිති. අනෙක් පිරිස වන්නේ ජලාශය විශාල කළහොත් සිංහරාජයේ කොටසක් විනාශ වන බව කියමින් එයට විරුද්ධ වූ පරිසරවාදියෝ ය. ජලාශය ඉදි කළේ නැති ය කියා සිංහරාජය ආරක්ෂා වෙනවා නම් කමක් නැත. ජලාශයත් නැත. සිංහරාජයත් නැත. ගංවතුර ඇත. දැන්වත් ජනතාව මේ සංවර්ධන විරෝධී ඊනියා පරිසර අන්තවාදීන් ගැන අවබෝධ කර ගත යුතු ය.

OMDV පරිසරවාදීන් යනු පාරිභෝජනවාදීහු පිරිසකි. එයට මූලික හේතුව වන්නේ ඔවුන් රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘතිවාදීන් වීමයි. ව්‍යාපෘතිවාදය යනු සමාජ දේශපාලන දර්ශනයකින් තොරව, ප්‍රශ්න හෙවත් ඔවුන්ගේ භාෂාවෙන් ඉෂූස් වෙනුවෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන පිරිසකි. මේ ව්‍යාපෘති ගැන ද කීමට තිබෙන්නේ අනෙකුත් රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘති ගැන කියන්නට තිබෙන දේ ම ය. එම අරමුදල්වලින් වැඩි ප්‍රතිශතයක් වැය වන්නේ ද උත්සව ධනවාදය හා කාමසුඛල්ලිකානු ජීවිත ගත කරන නිලධාරීන්ගේ වැටුප් වෙනුවෙනි. උත්සව ධනවාදය යනු කුමක්දැයි මෙම ලිපියෙන් හඳුනාගන්න. 


ලංකාවේ පාලනය කළ යුතු පරපෝෂී මිනිස් ගහණයන් ද කීපයක් තිබේ. ඒවා මෙසේ ය:

  • දේශපාලකයන්
  • රජයේ නිලධාරීන්
  • රාජ්‍ය නොවන සංවිධාන
  • වෘත්තීය සමිති නායකයන්
  • කලාකරුවන් යයි කියන නලාකරුවන්
  • ජනමාධ්‍ය‘වේදීන්'
  • සල්ලි පොළියට දෙන්නන්


මේ වනාහි රිලවුන්, වඳුරන් වැනි පිරිසකි. හේතුව, ඔවුන් එක ගෙඩියකින් කෑල්ලක් කන්නේ ගෙඩි දහයක් බිම දමමින් නිසා ය. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අලි පිටරටට විකුනන්නෙ මොනවටද මෙහෙ ගන්න මිනිස්සු ඉන්න කොට. අලි රොෂාන්ට කතා කරලා බලන්නකෝ. උඩුවේ උනත් එපා කියන එකක් නෑ. තිළිණ නඩුකාර උන්නාන්සේ උනත් ගන්න කැමති වේවි. හැබැයි ගොය්යෝ ඩේසි ආච්චිගේ මුනුපුරාලට නම් කතා කරන්නවත් එපා. උන්ට දුන්නොත් සල්ලිත් නෑ. බඩුත් නෑ.

    ReplyDelete
  2. මේ කාරනාව ගැන වැඩියෙන්ම කතා කලෙ රාවය පුවත්පතෙ වික්ටර් අයිවන්..මෙ කාරනා සම්බන්දව දිගින් දිගටම එයාගෙ ලිපි මගින් කතා කලා සමාජයෙ අවධානයක් යොමුනොවුනට.

    ReplyDelete
  3. පරිසරවේදීන්ගේ විරෝධතා තිබීත්, පරිසරයට පසුගිය දශක හතර තුළ සිදුවී ඇති විනාශය ගැන සළකන විට උන් නොසිටියා නම් කුමක් වෙන්නට තිබුණා ද කියා හිතෙන්නේ නැති ද?

    ReplyDelete
  4. කරුණාරත්න පරණවිතාන "හෙල උරුමය" රට පටවන්නට යෝජනා කරයි?

    ReplyDelete
    Replies
    1. අන්න එක නම් අනගි යෝජනාවක්.

      Delete
  5. ඔහු කළ කතාවේ ගත යුත්තක් තියෙනවා. ඒත් ඔහු ලංකාවේ අලි වැඩියි කියන්න පදනම් කර ගන්න මූලාශ්‍රය මොකක්ද? අනික භූමි ප්‍රමාණය එක්ක ගනිද්දි අලි වැඩියි කියන්න බෑ මොකද වසරින් වසර වන ගහනය අඩු වෙන හින්දා. අනික දැන් අලි ගහනය වැඩියි කියලා වෙන රටවලට අපනයනය කරනවා නම් ලංකාවේ ජනගහනය වැඩි වෙනකොට මොකද කරන්නේ?

    ReplyDelete
  6. රිලවු වඳුරෝ ගැන තීරණයක් නැද්ද තාම? මාරම කරදරයක් තමයි..

    දැන් ඔය ඇන්ජීඕ සෙට් එකට පැරා අහුවෙන්නේ නැද්ද නැතිනම් වඩා හොඳ ඇන්ජීඕ සේවයක් සඳහා ඇතුලේ ඉඳම්ම සටං කරනවද? :))

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ මිත්‍රට බැරිද ඔය නෙලුම් යාය සමාජීය සත්කාරක සේවය මගින් රිලවු වඳුරෝ සෙට් එකට යමක් කරන්න. අප යෝජනා කරන එක සඳහන් කලොත් , එක්කෝ ඕනේ නෑ

      Delete
  7. ඔව් අපි මෙම ගැටලුව දෙස කිසිදු මත වාදයක හො කාගේ හෝ යම් කන්ඩායම හෝ මතයකට වඩා නිදහස් ලෙසින් සිතමු.මම දන්න විදියට සතුන්ගේ බෝවීම හා පැවත්ම පිලිබද මූලිකම සාදකය නම් ස්වාභාවික ජෛව පාලනයයි .නමුත් අද කෘමිනාශක නිසා බොහෝ ජෛව පාලනයට අදාල සතුන් වද වී ගොසින්‍ .ඉතින් ආහාර දාම සියල්ල දැන් බිද වැටිලා එතකොට සමහර සතුන් ගේ වර්දනය අදික වී ඇත අනෙක කරුන නම් ඉස්සර සතුන් දඩයම් කලා දැන් එහෙම දෙයක් වෙන්නෙ නෑ මිනිස් ගහනයට වඩා වේගයෙන් සතුන් බෝවන නිසා යම් පාලනයක් ඕනි වෙනවා එය එක වර මරනවා ට වඩා සියලු පාර්ශ්වයන් එකව කතා කල යුතුය .ඒ සදහා බොහෝ යෝජනා කරන්න කැමතී මෙය ඉතාම අවැසි දෙයකි.

    ගරු නියෝජ්‍ය ඇමති තුමා හා අපේ අදහස් ඉදිරිපත් කරන්නට ඔනම මොහොතක සූදානම්. අප මේ මොහොතේ සිට තවත් මේ ගැන කරුනු සවිස්තරාත්මක ලෙසින් සොයන්න ට පෙලබෙමු.... හරවත් සංවාදයක අඩුව දැනෙන නිසා හොද සූදානමකින් මෙය කරන්නට වෙහෙසෙමු.

    ReplyDelete
  8. පැරා,

    //වසර 2011දී කරන ලද ජන සංගණනය අනුව ලංකාවේ සමස්ත සාඵල්‍යතා අනුපාතිකය 2.4කි. එය බංග්ලාදේශයේ තත්වයටත් වඩා නරක අගයකි. //

    මෙතැනදී ඔබ පරිසම්වෙන දෙයක් තියනවා, මේ අගය ඔබ පෙන්වන්න උත්සාහ කරන්නේ නෑ ජාතින් ලෙස වර්ග කරලා මෙය සිංහල අයගේ සාඵල්‍යතා අනුපාතිකය ඔබ මෙතන කියන්නේ නෑ මේ විශාල අගයට මුලික හේතුව මුස්ලිම් ජනයාගේ සාඵල්‍යතා අනුපාතිකය බව කියන්න බය වෙන්නේ ඇයි.

    මෙතන මේ උපදෙස් පිළිපදින්නේ නැති ජනයා පිළිබද ගතයුතු පියවර ගැන ඔබ නිහඩ ඇයි පැරා ?

    මෙන්න මේවට තමයි කියන්නේ Hidden Agenda's කියල.

    ReplyDelete
    Replies
    1. ඔන්න අපතයා ජාතිවාදය ඇදල ගත්තා... හරකො ඔනෑම රටක හෑම ජන කොට්ටාශයකටම එකම සාපල්‍යතා අගයන් නෑ... උදාහරනෙකට ඇමරිකාවේ හිස්පැනික් මිනිස්සුන්ගේ Fertility Index එක වැඩියි.... යුරෝපයේ කලු, යුදෙව් සහ මුස්ලිම් අයගේ F.I. එක සුද්දන්ට වැඩිය වැඩියි... උපත් පාලනය කිරීම කියනකොට එකෙන් කියන්නේ හැමෝම එක මට්ටමින් ජනගහනය අඩුකිරීම නොවෙන විත්තිය මොලේ ඇති උන්ට තේරෙනව... එකයි කොලඹ 7 නොකෙරෙන පවුල් සැලසුම් වැඩමුලු කාන්තන්කුඩියෙ කෙරෙන්නෙ... එහෙම නැතිව ඔහේ වගේ හිංගලබෞද්ධ ගෝත්‍රවාදී බූරුවො කියන විදිහට සින්හල පවුල් චෝයි මුස්ලිම් උන් ලමයි හදන එක අතහැරපල්ලා වගේ හරක් කතා ශිෂ්ට සමාජවලට ගැලපෙන්නෙ නෑ....

      Delete
    2. විරුද්ධ මත පළ කිරීමේදී ශිෂ්ට අන්දමින් කරුණු ඉදිරිපත් කරන ලෙස කාරුණිකව නැවත මතක් කරමි. නො එසේ නම්, කරුණු වශයෙන් කෙතරම් වැදගත් වුවත්, මින් ඉදිරියට පුද්ගල අපහාස ඇතුළත් කමෙන්ටු පළ කරන්නේ නැති බව කරුණාවෙන් සලකන්න.

      Delete
  9. අලි විකිනීමට පෙර හෝ පෙරහැරේ යැවීමට පෙර අපේ රටේ සිටින අලි කොපමන සංඛ්‍යාවක් සිටීදෑයි නිවැරිදි සංගනනයක් කර තිබේද? අලි ගනනය කිරීම සඳහා විද්‍යාත්මක ක්‍රමයක් අප රටට නැත. අපේ රටේ සාමාන්‍යයෙන් සිටින්නේ අලි 3500-4500 අතර ප්‍රමානයකි. මිනිසුන් පැටව් ගසන ආකරයට අලි පැටව් ගසන්නේ නැත. අලියෙකුගේ ගැබ් කාලය මාස 24-25 අතර කාලයකි. පැටවා බිහි වූ පසු වසර හතරක් යනතෙක් මව් කිරි පානය කරයි. ඒ නිසා ඇතින්නක් ගැබ් ගන්නේ අවුරුදු පහකට වරකි. ඒ සඳහාද සැපිරිය යුතු පරිසර සාධකද ඇත. ඔය ටයි කෝට් මහත්තුරු කියන වේගයෙන් අලි ප්‍රජාව වැඩෙන්නේ නැත. මිනිස් ක්‍රියාකාරකම් නිසා වසරකට අලි කී දෙනෙක් මියයනවාද?
    අලි මිනිස් ගැ‍ටුම් ගැන සඳහන් කලොත්, අලි අපේ ගෙවල් වලට ගහනවා. අලි අපිව මරනවා කියන බොහෝ අය වනය හෝ අලි මංකඩ වල් වල අනවසරයෙන් පදිංචි වූ අයයි. මේ අතර ගංජා හේන් කරුවන්, අභය භූමි වල සතුන් දඩයම් කරන්නන්ද සිටී. ඔවුන් තමන්ට රජයෙන් ලැබුනු ස්වර්ණ භූමි ඔප්පු , ජය භූමි ඔප්පු විකුනා හෝ උගස් කර ලබා ගන්නා මුදල් නාස්තිකර කෙටියෙන් කීවොත් කසිප්පු බී වනය කපා හේන් කොටා පදිංචි වූ අයයි. උදාහරණයක් ගතහොත් උඩ වලව, ලුණුගම් වෙහෙර හරහා යාල අභය භූමි ප්‍රදේශයට අලි සංක්‍රමණය වන අලි මංකඩක් වන වැටහිර කන්ද අලි මංකඩ අයිති කරගෙන සිටින්නේ ප්‍රදේශයේ දේශපාලනය කරන පුද්ගලයෙකුගේ හිතවත් පිරිසකි. මෙම පිරිස මෙම අලිමංකඩ වෙන් කිරීම සඳහා අවශ්‍ය මිනුම් කටයුතු වලට ගිය සැම අවස්ථාවකම කඩු පොලු අමෝරා ගෙන විත් මිනිම් කටයුතු කරන නිලධාරීන්ට තර්ජනය කරයි. වසර දහස් ගනනක් තිස්සේ අලි සංක්‍රමණය වන අලි මංකඩවල් හරහා අලි සංක්‍රමණයවීම නැවැත් වීමට අපට නොහැකිය. එය ඔවුන්ගේ සාම්ප්‍රදායික වාසභූමි හා ඔවුන් සංක්‍රමණය වන මාර්ගයි.
    මෙම අලි විකිනීමේ කථාව පි‍ටුපස සිටින්නේ ලංකාවේ හීලෑ අලිහිමියන්ය. ඔවුන්ගේ ව්‍යාපාර සඳහා අලි අවශ්‍යව ඇත. පිට රටට අලි විකිනීම ඔවුන් ඉඩ නොදෙයි.ඔවුන්ගේ ධනය උපයන මාර්ගය අලින්ය. සදාකල් පොල් අත්තක් පමනක් ආහාරයට දී විශාල මුදලක් උපයයි. පෙරහැරවල් වලට අලි නොමිලේ දෙන්නේ නැත. ඒ සඳහාද මුදල් අය කරයි. දැන් අලුත් ප්‍රවණතාවය බොහෝ පන්සල් දේවාලවල ඓතිහාසික ඇසළ පෙරහැර පැවැත්වීමයි.
    බොහෝ පුවත්පත්වල ටීවී නාලිකාවන් වල සිටින මාධ්යවේදීන්යැයි කියා ගන්නා අය අලි මිනිස් ගැ‍ටුම් වාර්තා කරන්නේ අලි යූ.ඇන්.පී කාරයෝ ලෙස සිතා ගෙන ද්වේශ සහගතවයි. අලි යනු අහිංසක සත්ව කොටසකි. ඔවුන් මිනීමරුවන් කර ඇත්තේ කකුල් දෙකෙන් සිටගත් දියුනු මොළයක් ඇතැයි සිතන හෝමෝ සේපියන් නම් අම්බරුවන් විසිනි. එක මූනිස්සමක්වත් නොවැදුනු අලියෙක් ලංකාවෙන් සොයාගත හොත් එය අරුමයකි. මේ හොමෝ සේපියන් කකුල් දෙකෙන් සිටගත් දා පටන් සිතන්නේ මා ජීවත් උනොත් ඇතැයි සිතාගෙනයි.
    OMDV කෙසේ වෙතත් KMDNM නම් සිටී.

    ReplyDelete
  10. සුබද්‍රෙග් අභද්‍ර යන යෙදුම ස්ථානගත කිරීම පංකාදුයි

    ReplyDelete
  11. කරු පරණවිතානගේ වත්පොත් පිටුවෙන්.

    "බොරුව පත්තියම් වූ සමාජයක ඇත්ත වෙනුවෙන් .............
    වන සත්ව - මිනිස් ගැටුම සම්බන්ධයෙන් මා ඉදිරිපත් කළ අදහස් ඇතම්හු දඩ බල්ලන් මස් කටු හපන්නා සේ රස විදිමින් විකෘති කරතිි. සත්‍ය වෙනුවෙන් මට යලිත් කතා කිරීමට මට සිදු වී ඇත.
    වන අලින් මරා දැමිය යුතු යැයි ම පැවසුවේ නැත. අලින් මරා මස් කර පිට රට පැටවිය යුතු යැයි පැවසුවේද නැත. එහෙත් මා එසේ පැවැසුයේ යැයි කියමින් ඇතැම්හු බොරුවම පතුරවති. බොරුව පැතිරවීමෙන් ප්‍රශ්නය දිනිය නොහැකිය.

    වල් ඌරන් මරා දැමීම සම්බන්ධයෙන් මා ප්‍රකාශ කළේ් මරා දමන ඌරන්ගේ මස් විකිණීමට ඇති තහනම ඉවත් කළ යුතු බවය. වල් ඌරන් මරා දැමීමට නීතියෙන් තහනමක් දැන් නැත. ගම්් වදින ඌරන් සහ රිලවුන් මැරීමට තිබූ තහනම ඉවත් කරන ලද්දේ විජිතමුණි සොයිසා මහතා වනජීවී අමාත්‍ය වරයා සිටින කාලයේදී බව ඒ මහතා අද මට පාර්ලිමේන්තු ලොබියේදී පැවසුවේය. වල් ඌරු මස් ප්‍රවාහනය තහනම් කළේ ඇයිදැයි මම ඒ මහතා ගෙන් ඇසූ කල ඔහු "මුන්ට පිස්සුනේ" යැයි පවසමින් ඉගි කළේ එයට තමාගේ එකගතාවක් නැති බවය. "රා මදින්න පුලුවන් රා ප්‍රවාහනය කරන්න බැහැ. ඒක පිස්සු නීතියක් බව පෙන්වන්න මම ගහක් යට ඉදගෙන මාධ්‍යය ඉස්සරහම රා බිව්වා."කියමින් ඔහු තව අතුරු කතාවක්ද මට පැවසීය.

    කෙසේ නමුත් සතුන් මැරීම හා විකිණීම ගැන ප්‍රසිද්ධියේ කතා කිරීම බෞද්ධ හෘද සාක්ෂිය රිදවන්නක් බව මට දැන් වැටහේ. මෙය මිනිසුන් මැරීමට පක්ෂ මසුන් මැරීමට විරුද්ධ සමාජයක් බව මට අමතක විය. නීති විරෝධී ඌරැ මස් විකිණීම දැන් ජාවාරමකි. මට අවශ්‍ය වුයේ මෙය පැහැදිලි කිරීමටය. කොහොමත් නීත්‍යනුකූලව මරණා සතුන්ගේ මස් නීති විරෝධී ලෙස නොව නීත්‍යනුකූල ලෙස විකිණීමේ වැරැද්ද කුමක්දැයි මට නොතේරේ. මෙය ඌරුමස් නොකන සමාජයක් නොවේ. ඌරු විදමන නමින් ගැමි ශාන්ති කර්මයක්ද තිබේ. ඒ ඌරුමස් කෑම අපගේ ගැමි සංස්කෘතික අංගයක් වූ බැවිනි.දැනටත් බොහෝ දෙනා සතුටු සාජ්ජ වලදී සොයන්නේ උරු මස්ය. මා මස් මාංශ ආහාරය ප්‍රවර්ධනය කරන්නේ නැත. ජීවත් වූ කාලයෙන් වැඩිකාලයක් නිර්මාංශිකයකු ලෙස ජීවත් වූ මා මනුෂ්‍යයන්ගේ ආහාර සම්බන්ධයෙන් අද දරන්නේ විවෘත ආකල්පයකි. මම සරල ආහාරයකින් ජීවත් වෙමි. විකෘති කරුවන් කියන්නේ ඌරන් මස් පිට රට පටවා ඩොලර් උපයන බව මා පැවසූ බවය

    වදුරන් රිලවුන් මොනරුන් කිඹුලන් මරා දැමියයුතු යැයි මා පැවසුවේ නැත. එම සතුන්ගේ බෝ වීම පාලනය කළ යුතු බව මගේ මතය විය. විකෘති කරුවන් කියන්නේ එම සතුන් ද මරා පිට රට පැටවිය යුතු බව මා යෝජනා කළ බවය.

    කෙසේ වුවත් මට මඩ අවලාද ගැසීමෙන් ප්‍රශ්නය විසදෙන්නේ නැත. වල් ඌරන්ට ගම භාරදී ගැමියන් පලා යන තත්වයට ගම පත් වී ඇත. මා සංවේදී වන්නේ මේ ගැමි ජන දුකටය. අපි සතුන් ලෙස නොව මිනිසුන් ලෙස සංවාද කර මේ ජනදුක පියමං කිරීමට කටයුතු කරමු. සතුන්ගේ දුකට සංවේදී හදවත් මිනිසුන්ගේ දුකටද සංවේදී කරවීම මාගේ වෑයමයි. සෙස්ස පස්සට...."

    ReplyDelete
  12. පරණවිතාන මහතාගේ මේ කතාවට මමනම් එකහෙලා එකඟයි..ගොඩක් අප්‍රිකානු රටවල අලි ගහනය පාලනය කරලා තියෙන්නේ මේ වගේ ක්‍රම වලිනුයි.

    ReplyDelete
  13. අරාබියට අලි වෙළදාම ජයටම කෙරිලා තියෙන්නේ පරාක්‍රමබාහු යුගයේ,බුරුමයෙන් ගෙන්වූ අලින් ප්‍රති අපනයනය පවා කෙරුනලු.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා