රාජ්‍ය නිලධාරීන් කණ් කෙටි දෙකෙන් අල්ලා උස්සා දෙපයින් සිටුවන නඩු තීන්දුවක්

ලලිත් ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරියකු නිසා තත්වයේ බරපතලකම දනියි. ඔහුගේ මුහුණින් පෙනෙන්නේ එයයි. අනුෂ පැල්පිට මෑත වකවානුවේදී දේශපාලනයෙන් ඉදිරියට පැමිණි නිලධාරියෙකි. ඔහුට බරක්පතලක් නැත. 
ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට මහජන මුදල් වංචා කර, මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී ඡන්ද අල්ලස් ලෙස සිල් රෙදි බෙදූ බව ඔප්පු වී තිබේ. ඡන්ද ලබා ගැනීම සඳහා මේ අල්ලස් දීම මෙහෙයවූ පිරිස් නිරුපද්‍රිතව සිටියදී නෛතික වගකීමට උර දුන් රාජ්‍ය නිලධාරීන්ට දඬුවම් විඳින්නට සිදු වීම ඉතා වැදගත් ය.

මේ වනාහි රාජ්‍ය නිලධාරීන් කණ් කෙටි දෙකෙන් අල්ලා උස්සා දෙපයින් සිටුවන නඩු තීන්දුවකි.

කවුරුන් වුණත් සිරගත වීම හොඳ දෙයක් නො වේ. ලලිත් වීරතුංග වැනි ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරියකුට මෙසේ වීම ඉතා අවාසනාවන්ත ය. එහෙත් කරන්නට දෙයක් නැත. ඔවුන් මේ පක්කලිකම් කළේ මීයක් කඩා අත ලෙවකන්නට ම නො වේ.

මේ අය රාජපක්ෂලාට සේවය කර පස්සා පැත්තේ අත් පිසදා ගත් අය ද යන්න ඔවුන්ගේ පවුල්වල දේපල සම්බන්ධයෙන් විමර්ශනයක් කළොත් හෙළිදරව් කර ගත හැකි ය.

කෙසේ වෙතත්, ඔවුන් සිරගත වන්නේ සමස්ත රාජ්‍ය සේවයම නඟා සිටුවීම වෙනුවෙනි. ඔවුන් දෙන පණිවුඩය වන්නේ රාජ්‍ය නිලධාරීන් තමන් සේ කටයුතු නො කළ යුතු බව හා එසේ කළ හොත් සිදු වන්නේ මෙය බවයි. මොවුන්ගේ විශ්‍රාම වැටුප් ආදී වරප්‍රසාද අහෝසි වී යයි. අනාගතයේ යම් සමාවක් ලැබුණත් ඒවා ආපසු ලැබෙන්නේ නැත. ඔවුන්ට යම් සහනයක් ලබා ගන්නට ඉඩක් ඇත්තේ අභියාචනය හරහා පමණි.

ලංකාවේ රාජ්‍ය අංශය තුළ දූෂණය ඉහවහා යන්නටත්, දේශපාලනය සොරුන්ට ම සින්න වන්නටත් මූලික හේතුව රාජ්‍ය අංශයේ පරිහාණියයි. මේ සම්බන්ධයෙන් රාජ්‍ය අංශයේ පරිපාලන හා කළමනාකාර ශ්‍රේණිවල නිලධාරීන් විශේෂයෙන් වගකිව යුතු ය.

තනතුරු ලබා ගැනීම, ඒවායෙහි වැජඹීම, වරප්‍රසාද භුක්ති විඳීම, රට යාම, සෙස්සන්ගෙන් පළි ගැනීම, අයථා ආදායම් ලබා ගැනීම වැනි උවමනාවන් වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් දේශපාලකයන් පසුපස යාමත්, දේශපාලකයන් රාජ්‍ය නිලධාරීන් පාවිච්චි කිරීමත් ආරම්භ වූයේ එකට ම ය. වර්තමානය වන විට රාජ්‍ය සේවයේ ඇති වී තිබෙන පරිහාණියට දේශපාලකයන් වගකිව යුතු තරමට ම රාජ්‍ය නිලධාරීන් ද වගකිව යුතු ය.

දේශපාලකයන් තරමට ම හෝ ඊටත් වැඩියෙන් දූෂිත ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීහු සිටිති. ඔවුහු දේශපාලකයන් තරමට ම මහජන මුදලින් වරප්‍රසාද භුක්ති විඳිති. එහෙත්, දේශපාලකයන් තරම්වත් මහජනතාවට වග නො කියති.

පසුගිය කාලයක් මුළුල්ලේ ම, විශේෂයෙන් ම ලංකාවේ වම හා ජනමාධ්‍ය රාජ්‍ය නිලධාරියා සුරතල් කරමින් දේශපාලකයා පිට සකල දෝෂ පටවන ප්‍රචාරණයක යෙදී සිටියහ. මෙය දූෂිත රාජ්‍ය නිලධාරීන්ට ලැබුණු කදිම ආවරණයක් විය. එහෙත්, දීනකම අයිතිවාසිකමක් නො වේ. දේශපාලනය නිසා හරියට වැඩ කරන්නට බැරි නම් ඒ රැකියාවලට නො ආ යුතු ය. තමන්ට පහළින් සිටින අය පීඩනයට ලක් කරන විට හෝ ඔවුන්ට තමන් දේශපාලකයන් ඉදිරියේ හැසිරෙන ආකාරය සිහිපත් විය යුතු ය.

සංඛ්‍යාත්මකව ගත්තොත්, දේශපාලකයන් සංඛ්‍යාව සුළු ය. එහෙත්, ඒ හා සමාන වරප්‍රසාද මහජන මුදලින් භුක්ති විඳින රාජ්‍ය නිලධාරි තන්ත්‍රය ගතහොත් දේශපාලකයන් සංඛ්‍යාව මෙන් පනස් ගුණයක් පමණ වේ.

අප මේ කරන්නේ දේශපාලකයන් නිදොස් කිරීමක් නො වේ. අප උත්සාහ කරන්නේ දේශපාලකයන්ගේ පිටුපස සැඟවී සිටින රාජ්‍ය නිලධාරීන් ද එළියට ඇද දැමීමයි.

ග්‍රාමසේවකගේ සිට, කාර්යාල කාර්ය සහායකගේ සිට, පාසල් මුරකරුවාගේ සිට ඇතැම් රජයේ සේවකයන් වනාහි මහජනතාවට පාට් දාන චණ්ඩි, වැඩ නො කරන වංචාකාරයෝ සහ අල්ලස් ගන්නෝ ය. රාජ්‍ය සේවකයාගේ කොන්ද බිඳ දමා ඇති ය යන ජනප්‍රිය කතාවක් ඇත. එහෙත්, වඩා බරපතල තත්වය වන්නේ රාජ්‍ය නිලධාරියා ඉදිරියේ මහජනයාගේ කොඳු බිඳ දැමීමයි.

දේශපාලකයන් මෙන් ම රාජ්‍ය නිලධාරීන් ද නො බියව ප්‍රශ්න කරන මහජනතාවක් ගොඩනැගිය යුතු ය.

ලලිත් වීරතුංග නඩුව යනු හුදු පුද්ගලයකු සම්බන්ධ කාරණයක් නො වේ. සමස්ත රාජ්‍ය ව්‍යූහයක් ම ප්‍රතිසංස්කරණය කිරීමේදී ගෙවිය යුතුව තිබෙන මිළකි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඔන්න හෙට ඉදලා අනුෂටත් ලලිත්ටත් බන්ධනාගාර රෝහලේ ඇදන් වෙන්කරලා ඇති.

    ReplyDelete
    Replies
    1. hariyata hari,wela iwarai dan

      Delete
    2. රාජ්‍ය සේවයේ පරිහානියට මුලිකවම වග කිව යුත්තේ රාජ්‍ය සේවකයාම බව නියම සත්‍යයි.හැම රජයේ සේවකයෙක්ම කොන්දක් ඇතිව තම තනතුරේ වගකීම් ඉටු කරනවනම් දේශපාලකයින්ට කල හැකි දෙයක් නැත.ඔහුව අනින් කර ගෙදර යවා වෙන කෙනෙක් ගත්තත් එකම ප්‍රථිපලයමය. දැන් තත්වය එසේ නොවේ.තම සහෝදර නිලධරියා කැපෙන විට දේශපාලකයාගේ මනදොළ සපිරීමට දුසිම් ගණනක් බලා සිටී.ඒ රාජකාරිය හරියට කිරීමට නොවේ.එය අමු අමුවේම පවා දී තමන් වරප්‍රසාද ලබාගැනීමටය.මේ ආකල්පය වෙනස් විය යුතුය.

      Delete
  2. පැරා,

    මෙය එක පැත්තකින් හොද දෙයක්, එනම් රාජ්‍ය සේවකයන් දැනගන්නවා තමා සිටියයුතු සීමාව අනෙක් පැත්තෙන් ඉදිරියේ සියල්ලන්ගේම පලදායිතාව මනින ක්‍රමයක් ඉක්මනින් ආවේ නැත්තම් ඉතා අක්ර්යක්ෂම ක්‍රමයක් නිර්මාණය වෙයි.

    ReplyDelete
  3. Can this be the only fraud comitted by LW ? It seems this is least important case .Can't it be eye-washer to please the mass ? Lets see what happen next?

    ReplyDelete
  4. ඇතුලට යනකොටත් හිනාවෙවී යන්න කියල උපදෙස් ලැබිල ඇති. විශ්‍රාම වැටුප නැතත් මොකද මිලියන 600කට
    සියයට එක ගානේ තිබ්බත් ගාන මිලියන හයක්. ඉන්ද්රානිගෙ සායමත් හේදිල යන වැඩ!

    ReplyDelete
  5. පැරා දැන් ඔය තීන්දුවට ඇපෑලක් දාල එක තව අවුරුදු 2-1/2 විතර ඇදිලා බැරිවෙලාවත් ආණ්ඩුවත් පෙරලිලා
    තිබුනොත් මොවුන් නිවැරදි කරුවන් වශයෙන් [දේශපාලන බලය මත ] තීරණය කලහොත් වන්දි ත් එක්ක නැවතත් මහජන මුදල් වැය කරාවි
    එහෙම නෙවේ කියා ඔබට අනුමාන කළහැකිද

    ReplyDelete
  6. //ලලිත් ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරියකු නිසා තත්වයේ බරපතලකම දනියි. ඔහුගේ මුහුණින් පෙනෙන්නේ එයයි. අනුෂ පැල්පිට මෑත වකවානුවේදී දේශපාලනයෙන් ඉදිරියට පැමිණි නිලධාරියෙකි. ඔහුට බරක්පතලක් නැත. //

    ඔය පින්තුරේම ලලිත් වීරතුංග ළඟ සිටින සිනාසෙන නිලධාරියා සහ අනුෂ පැල්පිට ළඟ සිටින සීරියස් නිලධාරියා දෙස බැලු විට ඔබ කියන දෙය වැරදියි කියා සිතේ.

    ReplyDelete
  7. එළියෙන් හිනාඋනාට හදවතින් කොඉතරම් දුක්වෙනවා ඇද්ද.?

    ReplyDelete
  8. සැබවින්ම මෙය හොද ආරම්භයක් නමුත් පොදු දේපළ අවභාවිතය වැලැක්වීමට තව බොහෝ දේ සිදු කළ යුතුව ඇත . මේ රටේ ජිවත්වන පුරවැසියන්ට කොකා පෙන්වා දේශපාලකයන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් කටයුතු කරමින් වරප්‍රසාද වරදාන ලබා ගන්නා රජයේ නිලධාරීන් දැන්වත් පාඩමක් ඉගෙන ගතයුතුය . මෙම පැමිණිල්ල සිදු කිරීමට මුලික වුනු ජනතා විමුක්ති පෙරමුණට සහ අදාල පැමිණිල්ල නිවැරදිව මෙහෙයවූ නිලධාරීන්ට සහ නිවැරදි තීන්දුවක් ලබා දුන් ගරු අධිකරණයටද පුරවැසියන් වන අපගේ ප්‍රණාමය.

    ReplyDelete
  9. මේ නඩු තීන්දුව වැදගත් වෙන්නේ රාජ්‍ය සේවයේ ඉහළම නිලධාරීයකු කෙරේ ලැබුණු තීන්දුවක් නිසා.මිට කලින් පොලිසියේ හෝ ආරක්ෂක අංශ වල සාමජිකයින්ට තමයි මේ වගේ තීන්දු බොහෝවිට ලැබුනේ.රාජ්‍ය නිලධාරීන් බිය විය යුත්තේ වැඩ කරන්න නෙමේ.මේ නඩු තීන්දුව පුර්වාදර්ශයක් කර ගනිමින් ඉදිරියටවත් නිත්‍යානුකුල නොවෙන කරනා ඉදිරියේ නීතිගරුකව හා සෘජුව කටයුතු කිරීමයි.

    ReplyDelete
  10. දෙන්නගේ මූණු දෙකේ වෙනස!!!

    මේ කතාව අනාගතේ දවසක ලලිත් වීරතුංග වගේ පරිණත රාජ්‍ය සේවකයෙකුගෙන්ම අහන්ට ලැබුනොත් වටිනවා..

    ReplyDelete
  11. රට කාපු මේ වගෙ VVIP සුනඛයින්ට අදාලව උසාවිය නඩු තීන්දුව ලියන විටම බන්ධනගාර රෝහලේ ඇඳ මත අවුරුදු *** ගනනක් බරපතල වැඩ ඇතුව නිදාගත යුතුය. කියලා ලියලා දැම්මනං අහවරයි.නැද්ද මං කියන්නේ .
    බන්ධනාගාර රෝහල තමයි උන්ගෙ විනෝද උයන.එකම රටක් නීතී දෙකක් ........ෂෝක් නේ පැරා.
    යහපාලනේ තරම් රටේ මිනිස්සු ගොනාට අන්දන ආන්ඩුවක් ලොවෙත් නැත.ඩීල් ගොඩ් ෆාදර්ල ඉන්නෙ.

    ReplyDelete
  12. පොදු දේපල භාර කරුවන්, ජනතා සේවකයන් වන රාජ්‍ය නිලධාරීන් තමන්ගේ එම වගකීම සහ භාරය අමතක කොට විවිධාකාර වරප්‍රසාද වෙනුවෙන් අවනීතික ක්‍රියා හෙවත් දුෂණයන්ට සම්බන්ධ වූ දින සිට ස්වාධින රාජ්‍ය සේවය අවසන් විය. එතැන් සිට දේශපාලකයින් තම අවනීතික ක්‍රියා ඉටු කර ගැනීමට රාජ්‍ය සේවකයින් එළිපිටම යොදා ගත් අතර රාජ්‍ය සේවකයා එය තම අභිමතාර්ථය වෙනුවෙන් යොදා ගත්තේ දුෂිත දාමයක එකට සම්බන්ධ පුරුක් දෙකක් වශයෙනි.

    දේශපාලනඥයින්ට අවුරුදු 5කින් විශ්‍රාම වැටුප හිමි වීමෙනුත් රාජ්‍ය සේවකයාට ඒ වෙනුවෙන් වසට 55 වනතුරු සේවක කරන්නට සිදු වීමෙනුත් අදහස් වන්නේ රාජ්‍ය සේවකයා සෑම ආණ්ඩුවක් යටතේම අපක්ෂපාතිව කටයුතු කල යුතු බවයි.

    සිල්රෙදි නඩු තීන්දුව පෙර සඳහන් කල දාම සම්බන්ධතාවය යම් දුරකට අභියෝගයට ලක් කොට ඇත. මිට වඩා දුෂිත නිලධාරීන් තවදුරටත් රජයේ සේවයේ ඇතත් සහ සමහරු සාමකාමී විශ්‍රාම දිවියක් ගෙවුවත් මෙම නිලධාරීන් දෙදෙනා පමණක් දඬුවමට ලක් වීම තරමක දෛවෝපගත ය.

    කෙසේ නමුත් රාජ්‍ය සේවකයින්ට තමන් සතු ජනතා වගකීම සහ වගවීම පිලිබඳ නැවත සිතීමට මෙම තීන්දුව අවස්ථාවක් සපයා ඇත.

    නිසැකවම රාජ්‍ය සේවයේ පරිහානියට මුලිකවම වග කිව යුත්තේ රාජ්‍ය සේවකයා බව රාජ්‍ය සේවයේ දශක 3කට ආසන්න සේවයක් හිමි මට පහැදිලි ලෙසම කිව හැක.

    ReplyDelete
  13. පහුගිය කාලේ ජනාධිපති මැතිවරණ කාලේ මහින්දගේ දේශපාලන වැඩවලට පඩි සහ අතිකාල සහිතව වරාය සේවකයින් යවා මිලියන ගනනක් පාඩුකල වරාය හිටපු සභාපති හොරාචාර්ය ප්‍රියත් බංදු එක්ක බැළුවහම මුංදෙන්න පව්.

    ReplyDelete
  14. Even they end up in the prison hospital it is a great achievement of regime change. No one will be happy to confined to little room with TV and good food. Very hard to get rid of influence peddlers.

    ReplyDelete
  15. I really feel sorry for Mr.weerathunga.

    ReplyDelete
  16. කොහොමත් දැන් බන්ධනාගාර වල' බරපතල වැඩ' කියා දෙයක් නොමැත . ඇත්තේ පුණරුත්තාපන ක්‍රියාවලියකි . වැඩ පාටි (කණ්ඩායම්) වලට යෙදවීමේදී බොහෝවිට සිරකරුගේ අධ්‍යාපන තත්වය සලකා බලනු ලබයි .වැලිකඩ දී නම් මෙවැනි සිරකරුවන් බොහෝවිට මුද්‍රණ අංශයට හෝ කාර්යාලයීය අංශයට දමයි . සිරකරුවන්ට අවශ්‍ය පරිදි තෝරාගත් වෘර්තිය පුහුණුවක් ලබාගත හැක . නමුත් රජ සැප තිබුනත් ඉන්නේ හිරේය .මෙවැනි සිරකරුවන් තමයි සිර ගෙදර ඉතාම ඉහලින් මානසිකව පිඩනයට ලක්වී විවිද මානසික අභාධ වලට ලක් වේ

    ReplyDelete
  17. ඉතා නිර්භීත නඩු තීන්දුවක්
    විචාරක දියණිය

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා