ගල්කිස්සේ රෝගින්යා සරණාගත පිරිස හා අපි

පසුගිය අප්‍රේල් මාසයේදී නාවික හමුදාව විසින්  මුහුදේදී බේරා ගන්නා ලද රෝගින්යා සරණාගතයන් පිරිස
ඔවුන් ලංකාවට පැමිණි ආකාරය මෙම වාර්තාවෙන් කියවන්න.  
මියන්මාර් සරණාගතයින්ගේ සත්‍ය කතාව මැයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් විසින් නිකුත් කර තිබෙන නිවේදනය මේ සමග පළ කරමි. 

මෑත ලංකා ඉතිහාසයේ කිසිදු විදේශිකයෙකුට ලංකාවේ ස්ථිර පුරවැසි බව ලැබී නැත. දෙන්නට නීතියක් ද නැත.

මහ මුහුද මැද බෝට්ටුවක අතරමං වී සිටි මියන්මාර් වැසියන් 30 දෙනෙකු ලංකාවේ නාවික හමුදාව විසින් බේරාගෙන ගොඩබිමට ගෙන එනු ලැබීය. ඔවුන් උතුරුකරයේ කාලයක් රැදී සිට පසුව කොළඹට ගෙන එනු ලැබූවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙනි.

ලංකාවට බුරුමයෙන් මුලින්ම සරණාගතයින් පැමිණියේ 2012 වසරේ ය. ඒ පිරිස 100 කට වැඩිය. එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්වී ඒ පිරිස ඇමරිකාවේ සහ කැනඩාවේ සරණාගත තත්වය ලබාදී ඔවුන් ලංකාවෙන් පිටත් වී ගොස් ජාත්‍යන්තර නීතිය හා පහසුකම් සහිතව නව ජීවිත අරඹා ඇත.

1948 අංක 20 දරණ ‘ආගමික හා විගාමික පනත‘ අනුව ලංකාවේ රජයට කිසිම පුද්ගලයෙකුට ස්ථිර පුරවැසිභාවය හෝ PR යැයි කියන තත්වය ලබාදීමට නීතිමය හැකියාවක් ලංකාවේ නැත. ඒ නිසා මියන්මාර් වැසියන්ට ලංකාවේ පුරවැසි භාවය ලැබීම හිතලුවක් පමණී. ලංකාව, ලෝකයේ ස්ථිර පුරවැසි භාවය ලබාදීමට නීතිමය ප්‍ර‍තිපාදන නොමැති රාජ්‍යයන් කිහිපයකින් එකකි. ඒ නිසාම ලංකාවට ලෝකයේ කිසිදු සරණාගතයෙකු බාර ගැනීමට හැකියාව නැත. බාරගෙන ඇත්තේ ද නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට එවැන්නක් කිරීමට හෝ ඉල්ලා සිටීමට ද හැකියාවක් නැත. ඉල්ලා ද නැත. ආගමන විගමන පාලක විරසේකර මහතා මේ බව සහතික කරයි.

මෙම නීතිය කොරතම් බලවත් ද යන්නේ නම්, ලංකාවේ පුරවැසියෙකු විදේශිය කාන්තාවක් හා විවාහකර ගත්තේ වුව ද, ඇයට, ස්ථිර පුරවැසි බව ලැබෙන්නේ නැත. ඇයට හිමිවන්නේ ද කලත්‍රයාගේ වීසා බලපත්‍ර‍යකි.

ලංකාවේ දැන් සිටින මියන්මාර් සරණාගතයින් පිරිස අතර පිරිමි 7 ක්, ගැහුණු 7 ක් හා ඉතිරි පිරිස දරුවන් වෙති. එකතුව 30 කි. එයට අමතරව ලංකාවේ දී එක් දරුවෙකු උපත ලබා ඇත. අඩුම ගානේ ඒ දරුවාට ලංකාවේ පුරවැසි බව ලබාදෙන්නට හෝ නීතියෙන් ඉඩක් නැත! මෙයට අමතරව ව්‍යාජ පාස්පෝට් භාවිත කරමින් පැමිණි 4 දෙනෙකු ද වෙනම මේ පිරිස සමග සිටී. එකතුව 35 කි.

ජාත්‍යන්තර නීතියට අනුව මේ පිරිස රැදී සිටිනේනේ එක්සත් ජාතීන්ගේ රැකවරණය යටතේ ය. ඔවුනට කන්නට බොන්නට අඳින්නට දෙන්නේ ද, පුංචි දරුවන්ට සෙල්ලම් බඩු, පෑන් පැන්සල් දෙන්නේ ද, ලංකා රජය නොව එක්සත් ජාතීන්ගේ සංවිධානය යි. ඔවුන්ට රැකවරණය දීමට බටහිර රාජ්‍යයන් කිහිපයක් සමග එක්සත් ජාතීන්ගේ සාකච්ඡා සිදුවේ. අද දිනය පුරාම කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය පමණක් නොව බටහිර තානාපති කාර්යාල ද සිදුවන දේ ගැන වාර්තා කරමින් සිටිනවාට සැක නැත. බොහෝ විට මේ 35 දෙනාට ද, මෙයට පෙර 2012 දී සිදු වූ ලෙසම, ඇමරිකාව හා කැනඩාව සරණාගත පහසුකම් සැපයීමට ඉඩ ඇත. එය එසේම වේවා! ඉක්මනින් වේවා!!

මා මේ සටහන තබන්නේ වෙනත් හේතු නිසාය. පළමුවැන්න, අප බෝට්ටුවෙන් එන අන්ත අසරණයින්ටත් බිය ජාතියකි. දෙවැන්න, ලංකාවේ බංකොලොත් දේශපාලනය ජීවිතය පරදුවට තබා මහ සයුරේ සටන් කර දිවි බේරාගන්නා මිනිසෙකුට හෝ අනුකම්පා නොකරන, බංකොලොත් දේශපාලන රැළකගේ උසිගැන්වීමට අන්ධානුසාරයෙන් ගොදුරුව සිටී. තෙවනුව, අපට රටේ ආගමන විගමන නීතිය හා ව්‍යවහාරය පිළිබඳ ජනතාවට ඇති අවබෝධය අල්පය.

තවත් අතකින්, 1983 න් පසුව ලාංකිකයින් ලක්ෂ 18 කට වැඩි පිරිසකට බටහිර රාජ්‍යයන් සරණාගත තත්වයන් ලබාදී රැක බලාගෙන අති දැඩි කොට ඒ රටේ සම්පත්වලින් අපේ රටේ ඥාති හිතවතුන්ට සම්පත් සාදා දෙන්නට ද ඉඩ දී ඇත.

රජිත් කීර්ති තෙන්නකෝන් විසින් අවසන් ඡේදයේ සඳහන් කරනු ලබන කාරණය ඉතා වැදගත් ය. එසේ බටහිර රටවල රැකවරණ ලබා සිටින ලාංකිකයන් විසින් ලංකාවට එවනු ලබන මුදල් අදත් මේ රටේ ආර්ථිකය උසුලා සිටීමට අත්‍යවශ්‍ය ය. විදෙස් රටවල ජීවත් වන හා වැඩ කරන අයගෙන් ලංකාවට ලැබෙන මුදල් නැතිනම් ගල්කිස්සේ යකා නැටූ පිරිසට කන්නට, බොන්නට, අඳින්නට, කොඩි උස්සන්නට ලැබෙන්නේ ද නැත.

මෙසේ විදෙස් රටවල දේශපාලන රැකවරණ පැතූ අය අතර බොහෝ සිංහලයෝ ද සිටිති. ඔවුන් ඇතැම් විට බටහිර රටවලට සංක්‍රමණය වුණේ ඉන්දියාව, නේපාලය වැනි රටවල් හරහා ය. 

ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන පිරිස්වලට පහසුවෙන් දේශපාලන රැකවරණ නො ලැබෙන මුත්, ඔවුන් කිසිවෙකුට ගල්කිස්සේදී රෝහින්ග්‍යා සරණාගතයන්ට මුහුණ දෙන්නට සිදු වුණ අන්දමේ ඉරණමක් නම් අත් වූයේ නැත. 

වසර කීපයකට පෙර පකිස්තානයෙන් පළා විත් මීගමුවේ තාවකාලිකව රැඳී සිටි අහමදියා මුස්ලිම් ප්‍රජාවකට ද මේ හා සමාන සිද්ධියකට මුහුණ දීමට සිදු විය. ඒ පිළිබඳ අප මීට පෙර ලියූ වාර්තාවක් මෙතැනින් කියවිය හැකි ය. ඒ අවස්ථාවේදී මෙම මුස්ලිම් ප්‍රජාවගේ රැකවරණයට ලාංකික මුස්ලිම් නායකයන් හෝ ඉදිරිපත් වූයේ නැත. 

මෙම වීඩියෝව බලන්න. 

මෙයත් බලන්න. 

මේවායේ සිටින බෞද්ධ භික්ෂූන් ඇතුළු පිරිස් හැසිරෙන ආකාරය කෙතරම් උම්මත්තක ස්වරූපීදැයි සිතා බලන්න. අවසානයේදී ඔවුන් සොයා ගන්නා ත්‍රස්තවාදීන් පිරිස ගැන ඔබ සිතන්නේ කුමක් ද? එම වීඩියෝවේ විස්තර කථනයක යෙදෙන පුද්ගලයා සිතන අයුරින් ඔබත් සිතනවා ද?

අවසානයේදී මෙයත් වටහා ගන්න. මෙම සිදුවීම ජාත්‍යන්තරව ප්‍රචාරය වන කල ලාංකිකයන්, සිංහලයන්, බෞද්ධයන් හා භික්ෂූන් ගැන ලෝකයා අතර ඇති වන හැඟීම්වලට ඔබ කැමති ද?

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Para
    I have been following your blog regularly and most of the time I agree with your views. However on this Muslim refugee issue I cannot agree with you due to many reasons. If we consider legal aspect what you have written is not correct. Under the SL citizenship act the minister in charge of citizenship can grant SL citizenship to 25 foreigner a year at his discretion. This has been used by many in the past including maharajas, Abans etc. however in the recent past this has not been used as SL is not an attractive place and there are other options in other countries. There had been many such cases in the 60s and 70s. On the permanent residency even though SL Act does not use the same word same thing is there in other words. SL act for this purpose uses the word resident guest.
    Para
    You may have political knowledge and experience in politics. But you should agree your knowledge on how these things work is limited.. These refugees at present may be small in numbers. But this is a part of an internationally organized scheme. Otherwise they could go to other near by countries rather than coming to SL. I am in favor of granting refugee status to any genuine refugees.but it should be in accordance with international standards and we should have nececery procedure and facilities like in other developed countries. Right now we do not have a system to even identify some one living without any papars. There are many places in the society where such people could hide and integrate in the society. There are community members who are prepared to assist them and depending on the success many others will follow and our country would become like Peshawar in Pakistan.
    Most Sinhalese Sri Lankans are not racist. But other communities openly work with a racist agenda. If a Sinhalese person speak on behalf of other Sinhalese he is labelled as a racist but the same does not apply to other communities. Therefore we all should campaign for the government to make laws against campaigning openly or secretly seeking any benefits on the basis of religion or race.there are no constituencies or political parties in other countries on the basis of race or religion and politicians do not speak on racist lines. When SL is ready with necessary policies preventing such activities and everyone is equal as one community with a responsible society we could accept refugees from any country.

    ReplyDelete
    Replies
    1. It's only 30. You are talking tons. " there are no constituencies
      or political parties in other countries on the basis of race " Of course there are countries in the developed world where constituencies are allocated to some ethnic group.

      Delete
    2. already one was born here.The day they will become a colony is not far away.So yeah the numbers will not matter for now but soon as they grow we will have another ethnic issue right back on SL soil.My only question is why are arabic countries are keeping a blind eye on this matter? While They can clearly intervene and help the fellow muslim folk in distress,the refugees also flock to non muslim countries.

      Delete
    3. I strongly agree for Lord of Gems, I'm there for any action against these illegal refugees, I would say little version of terrorist, everybody knows what happened to Eastern province, aluthgama darga town and other Muslim populated areas. They all come to a new area with more innocent shape, carrying kids on their hands, being most hospitality people in the world, Sinhalese always pay kind attention over them. But see what has happened after their 2nd and 3rd generations. They all try to rules the society and start fighting with other communities, spreading illegal activities etc. then all other religions have to keep quite as they will be labeled as racists. This is the common penonmina happen in all around the world. Don't let these refugees to come to SL, I will voluntarily fight against.
      See how it's difficult to take admission to our kids for a school, all birth certificates, marriage certificate and many other requirements to be satisfied to be entitled for admission. but there were 11 kids already entered in to school. I just asking How does that been happened.

      Delete
    4. Whole world saw how we paid kind attention.

      Delete
    5. Read what others say. Read international agreements we have. We are not living in 6 century. Then fight voluntarily.

      Delete
    6. AnonymousSeptember 28, 2017 at 9:36 AM

      well said bro ... +++++++++++++++++++++++

      Delete
  2. ඇත්තටම ලංකාවේ දේශපාලකයො වග කියන්න ඕනෙ මෙවැනි අවාසනාවන්ත තත්වයට, අපි රටක් වශයෙන් සරණාගතයන්ට සැලකියයුය්ත්තේ කෙසේද කියනවා මිස අපි රෝහින්ගියට එන්න දෙන්නේ නෑ පිළිගන්නේ නෑ කියනවා වෙනුවට රටේ වග කීම එළිපිට කීමට ශක්තිය තිබිය යුතුයි,

    උදාහරන ලෙස මෙහෙ NZ වල පත්තරයකට ගැනු කෙනෙක් කියල තිබුන එයට රජයේ ගෙයක් ලැබුනේ නැතිවුනාට සරණාගතයන්ට ලැබෙනවා කියල. ඇමති එතකොට කීවේ එයත් මමත් සතුටු වෙන්න ඕනේ එහෙම දෙයක් අපි කලාට කියල. මේ අබෞද්ධ රටේ මිනුස්සුන්ගේ සනුකපිත බව ප්‍රකාශ වන අන්දම, මේ video එක දැක්කහම මට බියක් ඇතිවුණා

    ReplyDelete
    Replies
    1. නවසීලන්තය බටහිර ජාතීන් කොල්ල කා ගත් රටක්. ඒක අයිති මයෝරි ජාතිකයන් ට.

      Delete
  3. කෙතරම් අපහසුවෙන් උනත් මේ වීඩියෝව බලන් හිටිය. නවසිය හැත්තැ ගනන්වල වියට්නාමෙන් පැනල ආපු බෞද්ධ අනාථයන්ටත් මුස්ලිම් බහුතරයක් ඉන්න මැලේසියාවෙත් ඉන්දුනීසියාවෙත් කතෝලික බහුතරයක් ඉන්න පිලිපීනයෙත් අනාථ කඳවුරුවල රැකවරන දුන්න. ගැටළු නොතිබුනා නෙවෙයි ඒ රටවලදිත්. (ඒ කාලෙ සමහරවිට දේස සීමාවට ආපු අනාථයො අරගන්නෙ නැතිව කෑම බීමත් ඉන්ධනුත් දීල යවපු අවස්ථාත් මම කියවල තියෙනව)(ථායි ලන්තය ත් ඒ සේවයම කලා.හැබයි දකුණු ථායිලන්තයෙ මුහුදු කොල්ල කාරයො බෞද්ධ අනාථයන්ගෙ බෝට්ටුවලට පැනල කාන්තාවන් දූෂනය කළා. කෙටේරිවලින් ගහල කටවල්වල දාගෙන ආපු රත්තරන් දත් කඩල ගත්ත ඒ අසරණයන්ගෙ. එක අවස්ථාවක අනාථවූ භික්ෂුවකගෙ සිවුර යටට කාන්තාවන් දාල බේරගත්ත කථාවකුත් මම් අහල තියෙනව. මොකද මූදු කොල්ල කාරයො සිවුරට අතතියන්න බය උනා. ඒ අයත් උපතින් බෞද්ධයො තමයි මගෙ හිතේ. ). ආගමික ස්ථානයක දි රාජ අපරාධකාරයෙක්ව වත් අත් අඩංගුවට ගන්න එපා කියල නීති හදමින් බුදු දහමින් ශික්ෂණය ලැබූ පැරණි රජවරුනුත් ගරු කලේ අහිංසාව දේශනා කල බුදුහිමියන්ට. අව්‍යාපාදය සහ අවිහිංසාව ප්‍රඥාවට ඇතුලත් කළ බුදුහාමුදුරුවනුත් මතක් උනා, ආර්ය සංඝ පරම්පරාව නමැති රන්දම් වැලේ මේ මලකඩ කාපු කම්බිකෑලි ටික දැකල. ඒ රැස්වීම ඉවර කරපු අර ආර්ය සංඝ නම් වූ රන් දම්වැලේ මේ දිරච්ච් කම්බි කෑලි ඔබ හැමට තෙරුවන් සරණයි කියළත් කිවුව.

    ReplyDelete
  4. බුදු සරණයි!

    බුදුහාමුදුරුවන්ගේ වාසනාවට තමයි යටිපතුලේ සිල් එක ගහන්න අවුරුදු 2500කට ඉස්සෙල්ල එන්න පුළුවන් වුනේ, පහු වුනා නම් යටි පතුලත් නැතුවයි යන්න වෙන්නේ.

    ReplyDelete
  5. ethakota ajith tea kola kadanna apu ayata mehe puravesi kama dila thiyenne kohomada? ajith ge post eke hetiyata mona hethuwakata vath puravesi kama denna ba kiyala kivvata eka aththe neme neda? explain karannako.

    ReplyDelete
  6. මේවායේ සිටින බෞද්ධ භික්ෂූන් ඇතුළු පිරිස් හැසිරෙන ආකාරය කෙතරම් උම්මත්තක ස්වරූපීදැයි සිතා බලන්න. අවසානයේදී ඔවුන් සොයා ගන්නා ත්‍රස්තවාදීන් පිරිස ගැන ඔබ සිතන්නේ කුමක් ද? එම වීඩියෝවේ විස්තර කථනයක යෙදෙන පුද්ගලයා සිතන අයුරින් ඔබත් සිතනවා ද?......

    නැත , නැත , නැත . අපට නැවත 1983 යාමට අවශ්‍ය නැත
    ශ්‍රී ලංකා පොලිසියේ ඉහල නිලධාරීන් [එම ස්ථානයේ සිටි] ගේ හැසිරීම සම්පුර්ණයෙන් අගය කලයුතුය
    එම අවස්ථාවේ කහ කයින් සහ කළහකාරින් අත් අඩංගුවට ගැනීමට ගියානම් සිදුවන්නේ ඇවිලෙන්නට ගිය ගින්න පෙටෝල ගහලා නිවන්න ගියා වැනි වැඩක් වෙන නිසා ය
    නමුත් දැන් ඔවුන්ට [මේ වීඩියෝ සාක්කි සහිතව] රටේ පොදු නිතිය යටතේ නිතිය ක්‍රියාත්මක කල යුතුය නිතියට ලැදි කවුරුන් හෝ ඉදිරිපත්ව [ දේපල හිමියන් හෝ ] පැමිණිලි කර මෙවන් පුදගලින්ට රටේ නීතියක් තියනවා කියා පෙන්නුම් කලයුතුය

    එකසත් ජාතින් ගේ සමුළුව ජිනීවාහි ක්‍රියාත්මක හමුවන මේ අවස්ථාවේ ගින්නක් ඇවිලවීම සතුරන්ගේ වාසියට මිස අප රටට නම් සෙතක් නැත

    ReplyDelete
  7. පැරා මොවුන් දැන් බුදුදහම වැළඳ ගතහොත් කුමක් සිදුවේද එතකොට මේ චිවර්යින් welcome to sri Lankan Buddhism කියල දෑත එක්කර පිළිගනිද

    ReplyDelete
  8. Ashamed to be a Sri Lankan. Is this what lord buddha taught to his disciples ?

    ReplyDelete
  9. Dan Priyasad ට ඇමරිකානු පුරවැසිභාවය දුන්නොත් අක්මීමන දයාරතනට තව ගෝලයෙක් හදාගන්න වෙයි.

    ReplyDelete
  10. මේ 30දෙනාට කෑගහන අය ඇයි ලක්ෂ 3ක් පමණ විද්ශිකයන් පොර්ට් සිටිය නිසා ලංකාවට පැමිණීමට නියමිතයි අයි ඒවලට කතා නැත්තේ. 99 අවුරුදු බදු මත.

    ReplyDelete
  11. //වසර කීපයකට පෙර පකිස්තානයෙන් පළා විත් මීගමුවේ තාවකාලිකව රැඳී සිටි අහමදියා මුස්ලිම් ප්‍රජාවකට ද මේ හා සමාන සිද්ධියකට මුහුණ දීමට සිදු විය.//
    මේ කට්ටිය සමහරක් නං තාම මීගමුවේ ඉන්නවා.

    ReplyDelete
  12. පසුගිය දිනවල අවුන් සාන් සු කී ගේ පුකත්වය හොඳින් හෙළිදරව් වුණු ආකාරයට ම අපේ සිරි ලාංකිකයින් ගේ පුකත්වය ද, සෙනෆෝබියාව ද, ගෝත්‍රවාදය ද ඉතා හොඳින් හෙළිදරව් වී ඇත.

    ReplyDelete
    Replies
    1. රසික ,අවුන් සාන් සු කී ගේ පුකත්වය හොඳින් හෙළිදරව් වුණු ආකාරයට ම අපේ සිරි ලාංකිකයින් ගේ පුකත්වය ද, සෙනෆෝබියාව ද, ගෝත්‍රවාදය ද ගැන ඔබ ඔසී රටේදී ඔබේ ගේ පුකත්වය ද, සෙනෆෝබියාව ද, ගෝත්‍රවාදය ද හොදින් ඔසියන්ට පෙන්වාදෙන්න

      මුදල් ගෙවා ලංකාවේ පුරවැසි භාවය ලැබගත් ඔබ සිරි ලාංකිකයින් ගේ පුකත්වය ද, සෙනෆෝබියාව ද, ගෝත්‍රවාදය ද කලබල වන්නේ ඇයි
      අපේ රටේ ප්‍රශ්න අප විසදා ගන්නම් ඔබට පුකත්වය ද, සෙනෆෝබියාව ද, ගෝත්‍රවාදය ද ඔසියන්ට පෙන්වන්න ගොස් ඔබේ දීනත්වය අපේ සිරි ලාංකිකයින් ට ඉතා හොඳින් හෙළිදරව් වී ඇත.
      කරුණාකර රට අතහැර ගිය ආකරයා ට පෑත්තකට වි සිටින්න. අනෙකුන් මෙන් ඔබ ලක් රජය ට බදු නොගෙවන නිසා ඔබේ ලාංකිකය පුකත්වය යෙන් අප රටට වෙන සෙතක් නැත .

      Delete
    2. Ano 1.50 PM

      Well said & agree with you 100%.
      Thanks for your logical explanation. This is the sad truth behind Sri Lankan refugees in other countries. Do this Rohingya refugees do the same for their counterparts in Myanmar in the future?

      Delete
  13. \මෙම නීතිය කොරතම් බලවත් ද යන්නේ නම්, ලංකාවේ පුරවැසියෙකු විදේශිය කාන්තාවක් හා විවාහකර ගත්තේ වුව ද, ඇයට, ස්ථිර පුරවැසි බව ලැබෙන්නේ නැත. ඇයට හිමිවන්නේ ද කලත්‍රයාගේ වීසා බලපත්‍ර‍යකි./

    එතකොට ඔවුන්ගේ ළමයින්ව අයිති වෙන්නේ කුමන කැටගරි එකටද.
    රටවල් දෙකේම පුරවැසිභාවය හිමි වෙනවද.

    ReplyDelete
  14. ලංකාව වගේ රටවල් වල මිනිසුන් පිටරටවල් වලට ...
    බෝට්ටුවෙන් යනවා ...
    දේශපාලන රැකවරණ පතා යනවා ...

    ඒ රටවල් වල ඉන්න ස්වදේශික මිනිස්සුත් මේ වගේම අපේ එවුන්ව එලෙව්වොත් ....
    අපේ එවුනුත් අයෙත් මෙහෙට එනවද පොදි බැදගෙන ? ?

    ඒ රටවල් වල මිනිස්සුන්ට අපේ එවුන් තරම් අවුරුදු 2500 ඉතිහාසයක් නැතිවුනාට ....
    මානුෂික ගුණාංග තියෙනවා මොනවා වුනත් ඒ පැත්තෙන් බලද්දී ?

    අපේ එවුන් ....
    පොඩි එවුන් ගෙවල් වල ඉන්න බව දැනගෙන ගල් ගහන්නේ.... වීදුරු කඩන්නේ !
    තව එවුන් කොමෙන්ට් වලින් ... මිනී මරන්න ... ගෙවල් ගිනි තියන්න කතා කරනවා ...

    මෙහෙම කියන එවුන්ට පුලුවන්ද ? තවත් කෙනෙක්ට / ජන කොටසකට ත්‍රස්‌තවාදියා කියන්න...

    ReplyDelete
  15. I live in Hong Kong for nearly 20 years now and we have like 2,000 Sri Lankans here as refugees. Most of them are Sinhalese from places like Kandy, Rathnapura etc and they have registered with the UN (UN High Commission for Refugees).

    These people are getting like Rs, 30,000 per month for food and another Rs30,000 for lodging etc., Its not much to live here and they do lot of part time work which is illegal too.

    All of their plans are to get refugee status in a country like Canada or Australia, but less than 2% of them are getting that chance and it has become a big burden for Hong Kong govt.

    They have make Sri Lanka name tarnished by saying they will be killed if they reach Sri Lanka and try to cheat and stay for ever.

    That is why we need to have compassion and love for these innocent regugees and what i know., they were rescued by Sri Lanka Navy in high seas and not they come all the way to Sri Lanka.

    ReplyDelete
    Replies
    1. You are correct. One Sinhala lady working in Hong Kong or Singapore requested refugee status for her daughter from NZ saying her daughter was raped by her uncles. It became a big issue and at last minister of immigration resigned because she has reveled her persona information. The idea people in NZ got is that raping children by uncles is a thing that commonly happened and accepted thing. At last she did not get refugee status in NZ but got from another country through UNHCR. These sangaya should have protested for such things which tarnished the image of the country.

      Delete
  16. කරපු වැඩේ කැතයි. ජඩයි.

    හැබැයි, ඕකෙන් අපේ රටේ මිනිස්සුන්ටත් ඉගෙන ගන්න ලොකු පාඩමක් තියෙනවා. තමුන්ගේ තරුණ කොටස් එකතුවෙලා අනිත් මිනිස්සුන්ට චන්ඩි කම් පෙන්වනකොට හිත යටින් හෝ සතුටු වෙවී ඒවාට නිහඬව හිටියහම අන්තිමට ඔක්කොටම වෙන්න මොකක්ද කියන එක. මුස්ලිම් අය කොහොමටත් බස් නගින්න මුස්ලිම් පෙනුම තියෙන නොදන්නා කෙනෙක් වුනත් ඉන්නවා නම් ඇතුලේ වාඩි වෙලා ඉන්න කෙනා සීට් එක අල්ලගන්නවා. මේවට මුහුණ දුන් අයගේ ද්වේශය තමයි ඔය බොදුබල සේනා වැනි සංවිධාන මුස්ලිම් උදවියට එරෙහිව බෞද්ධයෝ මෙහෙයවන්න යොදාගත්තේ.

    ලංකාවේ මුස්ලිම් වැඩිහිටි උදවියත් තේරුම් ගන්න ඕනේ තමුන්ගේ බහුතරය ඉන්න තැන්වල අමුතු නීති හදාගෙන චන්ඩි කම් කරන තරුණයන්ව දැන්වත් පාලනය කර නොගත්තොත් තමුන්ටත් ඔය ටික වෙන්න පුළුවන් බව. එතකොට ඔය සෞදියවත් වත් පිහිටට එන්නේ නෑ, මානුෂික කම තිබෙන එක්සත්ජාතීන් මිසක්.

    අපි අන්තවාදී බෞද්ධයෝ තදින් විවේචනය කාලය කිසිම මුස්ලිම් මිනිහෙක් අන්තවාදී මුස්ලිම් අය විවේචනය කරන්නේ නෑ. එය වෙනස් නොවුනොත් ඔය ටික ලංකාවෙත් වෙන්න පුළුවන්. හැබැයි ඒක බෞද්ධ මුස්ලිම් ක්‍රිස්තියානි හැමෝටම හොඳ දෙයක් නම් නෙවෙයි. ඒ නිසා රොහින්‍යා අය දිහා බලල ලංකාවේ මෙහෙම වෙන්න්න තියෙන ඉඩ වලක්වා ගන්න හැමෝම හිතට ගන්නවා නම් අපි හැමෝටම හොදයි.

    ඔය ආගමන විගමන නීතිය නම් ලොකුවට වැඩක් ඇති එකක් නෙවෙයි. මොකද දැනටම වීස රහිතව සැලකිය යුතු විදේශිකයෝ පිරිසක් ලංකාවේ ඉන්න නිසා. ඔය නීතිය පොතේ තිබුනට ඒ අය යන්නේ නැහැනේ. පොලිසියෙන් අල්ලලා යවන්න ඕනේ.

    ReplyDelete
  17. මෙය සංවේදී හා මානුෂීය විය යුතු අවස්ථාවක්..බංග්ලාදේශයේ නිතර හිරිහැරවලට ලක්වන චක්මා බෞද්ධයන් පකිස්තානයට පිළිසරණ පතා ගියා නම් කුමක් සිදුවේවි ද ...ගැටළුවක් නිරාකරණය කර ගැනීමට එක් පාර්ශවයක් පමණක් නම්‍යශීලී වීම ප්‍රමාණවත් නො වේ ..

    ReplyDelete
  18. ලංකාවේ හිංගලබෞජ්ජයින්ගේ ගෝත්‍රික භාවය හොදට පෙනිච්ච අවස්තාවක්...
    ඇමරිකාවේ ට්‍රම්ප් රටවල් 6ක සරනාගතයින් පැමිනීම තාවකාලිකව අත් හිටවූ වෙලාවේ ඇමරිකාව පුරා නගරවල දහස් ගනනක් මිනිස්සු පාරට බැහැලා එයාපෝට් ඉස්සරහා "Refugees Welcome" බෝඩ් අල්ලගෙන සරනාගතයින්ට සහයෝගය දැක්වුවා... නිව්යෝක් නගරයේ ප්‍රසිද්ධ නීතීඥයින් නොමිලේ Newyork JFK එයාපෝට් එකේ ලොබියේ හිටගෙන immigration එකෙන් එලියට එන්න බැරුව හිටිය සරනාගයින්ට දුරකතනයෙන් නීති උපදෙස් දුන්නා... දවස් කිහිපයක් ඇතුලත ප්‍රාන්ත අධිකරනවල ට්‍රම්ප් ගේ executive order එරෙහිව වාරන නියෝග ගත්තා... ඒ සියල්ලම කලේ තමන්ගේ රටටත් හානිකල හැකි මුස්ලිම් අන්තවාදීන් පවා සරනාගතයින් විදිහට එන්න පුලුවන්කම තියෙන අවධානම තිබියදීමයි...

    ReplyDelete
  19. දෙහිවල නැදිමාල සිරි සදහම් ආශ්‍රමවාසී පූජ්‍ය සිරි සමන්තභද්‍රහිමියන් මෙවැනි එයක් කරයිද

    ReplyDelete
  20. ඒක මිසක්. නැත්නම් මියන්මාරය වගේ හෝ ඊටත් වඩා අන්ත හිඟන රටකට උන් ඕනකමින් එයිද?

    ReplyDelete
  21. ඔය කෑගහන එවුන් විජය රජතුමාගේ කාලේ එහෙම හිටියනම් ඉතිහාසය ඔයිට වැඩිය වෙනස් විදිහටයි ලියවෙන්නේ.

    ReplyDelete
  22. කෝ අර ලාංකික සිතුවිලි?

    - Dimithri

    ReplyDelete
  23. //1948 අංක 20 දරණ ‘ආගමික හා විගාමික පනත‘ අනුව ලංකාවේ රජයට කිසිම පුද්ගලයෙකුට ස්ථිර පුරවැසිභාවය හෝ PR යැයි කියන තත්වය ලබාදීමට නීතිමය හැකියාවක් ලංකාවේ නැත. //

    පැරකුම් මේක නම් අමුලික බොරුවක් වෙන්න ඕනේ.

    එතකොට ආතර් සී ක්ලාක් ට ශ්‍රී ලාංකික පුරවැසි භාවය දුන්නේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. ආතර් සී. ක්ලාර්ක් ලංකාවේ පුරවැසියෙක් වෙලා හිටියේ නැහැ. ඔහු ලංකාවේ resident guest කෙනෙක් වී සිටියා පමණයි.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා