හදවත ඉල්ලා

❤ මෙම සටහන උපුටා ගනු ලැබුවේ දිවයින පුවත්පතෙනි. මහනුවර රෝහලේදී හදවත් බද්ධයකට සූදානම් වෙමින් සිටියදී වෛද්‍යවරුන් අතර ඇති වූ කඹ ඇදීමක් නිසා බද්ධයට ගෙන ආ හදවත මිය යාමේ සිද්ධියට එම පුවත සම්බන්ධයි.

//නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ජගති පෙරේරා මහත්මිය මෙසේ කීවාය. "හදවතක්‌ බද්ධ කරද්දී පිළිවෙළක්‌ තියෙනවා. මේ සමහර වෛද්‍යවරු පළවැනි හදවත් බද්ධ කිරීමේ ශල්‍ය කර්මයෙන් පස්‌සේ තනි තනියම තමන්ව වර්ණනා කර ගන්න උත්සාහ කළා. මාධ්‍ය වලින් දැකපු අය මටත් කිව්වා. මේ සැරේ මේ ශල්‍යකර්මය කරන්න ලෑස්‌ති වෙනවා කියලා මට කිව්වේ නැහැ. මම සඳුදා රෝහලේ හිටියා. ඒත් මට කවුරුවත් මේ බව කිව්වේ නැහැ. ගිය පාර ශල්‍යකර්මය වෙලාවේ වෛද්‍ය ඥානකාන්තන් බොහොම මහන්සි වුණා. එයා ගැන කවුරුවත් කතා කළේ නැහැ. ශල්‍යකර්මයට පස්‌සේ ඒ ලෙඩාගේ ජීවිතේ රැකගන්න මායි මගේ කණ්‌ඩායමයි බොහොම වෙහෙසක්‌ ගත්තා. ඒවා කවුරුත් දන්නේ නැහැ. මේ සිස්‌ටම් එක හඳුන්වලා දුන්නේ වෛද්‍ය අනිල්. මේක ටීම් වර්ක්‌ එකක්‌. සාමූහිකව ම හැමෝම මේකට මහන්සි වෙන්න ඕනි. ඒක දන්නැතුවද මන්දා තනි තනියම තීරණ ගන්නවා.

"මම හවස කොළඹ ගියා. මගේ බබාගේ ජාත්‍යන්තර ක්‍රීඩා තරගයක්‌ තිබුණා. මම එයා එක්‌ක ඉන්න ඕනිනේ. අඟහරුවාදා රෝහල් අධ්‍යක්‌ෂකතුමා මට කතා කරලා කිව්වා, අනිත් දෙන්නාට ඒ කියන්නේ වෛද්‍ය ප්‍රියන්ත දිසානායකටයි වෛද්‍ය අරුණි ජයසේකරටයි උපදෙස්‌ දෙන්න ශල්‍යකර්මයට අවශ්‍ය කටයුතු ගැන කියලා. එතකොට මම ඇහුවා මොන ශල්‍යකර්මයද කියලා. ඒ වෙලාවෙ තමයි කිව්වේ, හදවතක්‌ බද්ධ කරන්න යනවා කියලා. ඔය කියන ලෙඩා බොහොම දුර්වලයි. හරි අමාරුයි එයාගේ පසුවිපරම් කරන්න."//

මෙතන තියෙන දෙය තේරුම් ගන්නට මේ ප්‍රකාශය ප්‍රමාණවත්. ඕනැම කුණු ගොඩක් පසුපස සිටින මාධ්‍යවලටත් මෙහි වගකීම පැවරෙනවා.

⁣සාමාන්‍යයෙන් රජයේ රෝහල්වල තිබෙන අඩුපාඩු අනුව හදවත් සැත්කම් තබා තුවාලෙක⁣ට බෙහෙත් දැමීම සම්බන්ධයෙන්වත් වගකියන්නට බැහැ ය කිව හැකියි. සැලකිලිමත් නො වීම පිළිබඳ වගකීම්වලින් ගැලවෙන්න⁣⁣ට නීතියේ සිදුරක් සොයා ගැනීමත් අමාරු නැහැ.

මෙම නිර්වින්දන ⁣⁣වෛද්‍ය විශේෂඥවරිය⁣ දිවයින පුවත්පතට කරන ප්‍රකාශයෙන් ම ඇයට තිබෙන සැබෑ ප්‍රශ්නය කියවෙනවා. එය කීර්තිය, පිළිගැනීම, අභිමානය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ සියල්ලටමත් වඩා හදවතක් නැතිකම පිළිබඳ ප්‍රශ්නයක්.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. It's pathetic to see how so called "well educated" people are running after the cheap publicity. This is a matter of attitudes. How these silly people are demanding that they are well suited for work in the first world countries too ??? Defa they'll be chased away, if they go there. Ha...ha...this is definitely a problem with the "SAITM". SAITM should be banned para uncle...

    ReplyDelete
    Replies
    1. I did not know this Doctor Jagathi Perera learned her medical skills at SAITM, don't talk bull shit! all these Doctors are from Government medical colleges except for few exception (who are educated in a Foreign medical schools) even for them only after a complicated test conducted by GMO they will be able to practice medicine in Sri Lanka

      Delete
    2. Same thing I have to tell you. "Don't talk bull shit!!". Can't you see the irony that I have highlighted at the end of my comment. Doctors are tellin abolish SAITM, even they sneezed... It is very much pathetic "lankika sithuvilu". Lack of common sense...the nature of so called "lankikayoo"

      Delete
  2. ජගති පෙරේරා මහත්මිය ඔය ප්‍රකාශය ඇත්තටම කලා නම් එයින් පෙන්නුම් කරන්නේ වෘත්තීය ඉරිසියාව ය.

    ReplyDelete
  3. ජගති මෙහෙම ඇඟ බේරා ගත්තාට
    අගති උනේ හදවත පැතු රෝගියට
    පවති වේද මෙවැනි සිරිත් ඉදිරියට
    සුගතියකට යනු නොහැකිය දොස්තරට

    ReplyDelete
  4. පැරා,

    මම ඊයේ දිවයිනේ මේක දැක්කම ඇතිවුනේ කම්පාවක් සහ පිළිකුලක්
    මේකේ goo.gl/sCLvXC
    පේනවා මොනතරම් අමාරු වැඩක්ද මේ හදවත් බද්දය කියන්නේ කියල.
    මෙවැනි හදවතක් ලබාගැමිමේදී ඇමරිකාව වගේ දියුණු රටක උනත් ප්‍රවාහන පහසුකම් වේගවත් කිරීමට විශේෂ රථවාහන සැලැස්මක් පවා සකස්කරනවා.

    මෙතන කල්පනාවෙන් බලන විට "වෛද්‍ය ජගති පෙරේරා මහත්මිය" කියන වචන වලින් ම "මේ සමහර වෛද්‍යවරු පළවැනි හදවත් බද්ධ කිරීමේ ශල්‍ය කර්මයෙන් පස්‌සේ තනි තනියම තමන්ව වර්ණනා කර ගන්න උත්සාහ කළා" කියන එකෙන්ම ඔබකියන

    {මෙම නිර්වින්දන ⁣⁣වෛද්‍ය විශේෂඥවරිය⁣ දිවයින පුවත්පතට කරන ප්‍රකාශයෙන් ම ඇයට තිබෙන සැබෑ ප්‍රශ්නය කියවෙනවා. එය කීර්තිය, පිළිගැනීම, අභිමානය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ සියල්ලටමත් වඩා හදවතක් නැතිකම පිළිබඳ ප්‍රශ්නයක්.
    }

    දේ 200% ඔප්පු වෙන්ව නමුත් මෙය ඇයට පමණක් දොස් පවරන්න බෑ ඇය කියන "මේ සැරේ මේ ශල්‍යකර්මය කරන්න ලෑස්‌ති වෙනවා කියලා මට කිව්වේ නැහැ"

    අනිත් අයගේ පැටිකිරියත් පේනවා.

    ඒවගේම තවත් දෙයක් කියන්න ඕනේ දොස්තර අනිල් අබේවික්‍රම විශාල වැටුපක් අතහැරලා ශ්‍රී ලංකාවට පැමිණිලා තියන්නේ රටට සෙවයක් කිරීමටයි, ඔහුගේ සම්මුක සාකච්චාවේදී ඔහු කිව්වා, ඔහුගේ මවත් ශ්‍රී ලංකාවට එනවට දොස් කියපු බව, අද ඔහුට තමා ගත්ත තීරණය ගැන පසුතැවෙනවා ඇති.

    මෙතැනදී තව දෙයක් තියනවා කියන්න ඇමරිකාවේ සිංගප්පුරුවේ සහ ශ්‍රී ලංකාවේ තියෙන්නේ බටහිර වෙදකම උනාට පුහුණුවේදී මේ රටවල පාවිච්චි කරන ක්‍රමවේද වෙනස්, ඔබ හිතන්න ඔබ ECG වර්තාවක රුදිර කැටියක් ඇතිබව අනුමාන කල හැකිනම් ශ්‍රී ලංකාවේ clot busting drug එකක් කිසිම අතිරේක පරීක්ෂණයකින් තොරව ලබාදෙනව නමුත් දියුනු රටවල බලනවා ලෙඩාගේ වයස සහ අදාළ රුදිර කැටියේ අවදානම් කොච්චරද කියල, මොකද 98% රුදිර කැටි ඉබේම අයින් වෙනවා 2% අනතුර තියන්නේ එහෙම අනතුරක් තිබුනත් ලෙඩාගේ වයස 60 වැඩිනම් එත් මේ බේත ලබාදීමට වඩා අවදානමක් තියන බවයි සදහන් වෙන්නේ.

    මෙන්න මේ නිසයි රටේ සෞඛ්යය ඇමති වරයත් ලෙඩ උනාම සිංගප්පුරුවට දුවන්නේ, දොස්තර වරයෙක් වන ඔහු දන්නවා තමන්ගේ ගෝලබාලයන්ගේ කෙරුවාව.

    ReplyDelete
  5. පැරා මේ ටික දැක්කෙ නෑ වගේ
    "ඔය කියන ලෙඩා බොහොම දුර්වලයි. හරි අමාරුයි එයාගේ පසුවිපරම් කරන්න."

    මේකත් බලන්න.
    https://m.facebook.com/story.php?story_fbid=1679345095459075&id=119154468144820

    ReplyDelete
    Replies
    1. පැරා,

      මෙන්න ලස්සන වැඩක් ටිකක් කල්පනාවෙන් බලන්න මේ ප්‍රවුර්තිය දාපු ජන මාද්යට බනින පිරිසක් මේ https://m.facebook.com ඉන්නවා ඔවුන් ගෙන් ටිකක් බලන්න ඔවුන් සියලු දෙනා දොස්තර වරුන්,

      මෙතන මේ ප්‍රධාන දොස්තර වරයා කියනවා නිර්වින්දන දොස්තරවරුන් විරුද්ධ වුන නිසා මේ ශල්‍යකර්මය නොකළ බව, මට හඳුනා තියන ප්‍රශ්නය මේකයි ඔවුන් විරුද්ද උනානම් අදාළ හදවත මොලේ මියගිය පුද්ගලයාගෙන් ඉවත් කලේ ඇයි ? මිට පෙර ඔහුගේ වකුගඩු ඉවත්කර සාර්ථකව වෙන රෝගියෙකුට බද්ද කිරීමක් කරලා තියනවා, යම් විදියකින් මුලින්ම මිට විරුද්ධ උනානම් මේ හදවත ඉවත් නොකර තබාගන්න තිබුන.

      Delete
  6. ඒ වගේම මෙහිදී හෙලි වූ තවත් වැදගත් දෙයක් තමයි හදවත් සැත්කම් ගැන හිතලවත් නොතිබ්බ අවුරුදු 11 කට කලින් ගෙනාපු උපකරණ වලින් මේ ශල්‍යකර්මය කිරීමට සැලසුම් කළ බව ( රෝහල් අධ්‍යක්ෂවරයා පැවසූ පරිදි ).

    ReplyDelete
    Replies
    1. එතකොට ඉස්සල්ල සාර්ථකව සැත්කම ඔය රෝහලේම කලේ කොහොමද ?

      Delete
  7. මෙවර සිටින රෝගියාට pulmonary hypertension තත්වය තියෙනවා. එවැනි රෝගියෙකු ශල්‍යකර්මයෙන් පසු නිරීක්ෂණයට අවශ්‍ය උපකරණ දැනට ලංකාවෙ නෑ. කලින් රෝගියාට එවැනි තත්වයක් කලින් රෝගියාට තිබුනේ නැහැ. යම් හෙයකින් මේ ශල්‍යකර්මය සිදුකර රෝගියා මිය ගියා නන් ඔබ ඇතුලු අනෙක් අය "නිවැරදි ඇගයීමකින් තොරව මෙම ශල්‍යකර්මය කලායැයි" දොස් පවරන්නේ නැති වෙයිද???

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා