රාජිත ද? අනුර කුමාර ද?

රාජිත දැවැන්ත, අස්වාභාවික ප්‍රහාරයකට ලක් වී තිබේ.

විජේදාස රාජපක්ෂ නෙරපා හළ දවසේ අනුර කුමාර දිසානායක රාජිතට පාර්ලිමේන්තුවේදී එල්ල කළ කර්කශ ප්‍රහාරය එම අස්වාභාවිකත්වයේ උපරිමයකි.

දැන් ඔහුට එරෙහිව විශ්වාස භංගයක් ද ගෙනැවිත් තිබේ.

රාජිත පිරිසිදු දේශපාලකයකු යයි අපි නො සිතමු. දේශපාලකයන්ගේ පිරිසිදුකම සාපේක්ෂ ය. 

2015දී අනුර කුමාර දිසානායක ද සුළු හෘදයාබාධයකට ලක් වී රෝහල්ගත කරන ලදී. රාජිත සේනාරත්න හෘදය රෝගියෙකි. එහෙත් ඔහු හෘදය රෝගියකුට නොහොබිනා තරමින් සක්‍රිය දේශපාලනඥයෙකි. 

දේශපාලනඥයන්ගේ රෝගාබාධ සඳහා ජනාධිපති අරමුදලෙන් ලොකු ලොකු ගණන් මුදල් ලබා ගැනීම කලක සිට සිදු වේ. රාජිත සේනාරත්නට සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම පිණිස ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 100ක් ලබා දී ඇති බව රාජිත 2016 නොවැම්බරයේදී පිළි ගත්තේ අනුර කුමාර දිසානායක ඒ පිළිබඳ මතු කළ නිසා ය. 

කෙහෙලිය රඹුක්වැල්ලට ජනාධිපති අරමුදලින් රු. ලක්ෂ 109ක් ලබා දී තිබේ. එයට අමතරව තවත් තැන්වලිනුත් මුදල් ගත් බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ. 

සාමාන්‍ය මිනිසකුට මෙවැනි රෝගාබාධයක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ගැනීමට ජනාධිපති අරමුදලින් ලැබෙන්නේ ලක්ෂ කීපයක් බව ඇත්තකි. 

සාමාන්‍ය මිනිසකු කුඩා කාරයක් මිළ දී ගන්නා විට එහි සත්‍ය වටිනාකම මෙන් කීප ගුණයක් බදු ගෙවද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තීරුබදු නො ගෙවා වාහන ආනයනය කර ගනිති. එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මහජන මුදලින් තවත් වරප්‍රසාද රැසක් ලබා ගනිති. ජවිපෙ මන්ත්‍රීවරුන් ද 1994 සිට මේ වරප්‍රසාද ලබා ගෙන තිබේ.

ජවිපෙ මන්ත්‍රීවරු මහජන මුදලින් මෙසේ වරප්‍රසාද ලබා ගනිමින් ලංකාවේ සංවර්ධනයට කළ දායකත්වයක් තිබේ ද? සීිගිරිය මුදුනට ගඩොල් ගෙන ගිය කතාව හැර ජවිපෙ රටේ සංවර්ධනයට කරන ලද වෙනත් දායකත්වයක් පිළිබඳ කතාවක් තිබේ නම් කියන්න.

රාජිත සේනාරත්න පිරිසිදු දේශපාලකයකු නො වුණත් ඔහු විසින් කරන ලද කාර්යයන් රැසක් තිබේ. විශේෂයෙන් ම මෑත වකවානුවේදී රාජිත සේනාරත්න සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඉතා වැදගත් වෙනස්කම් රැසක් සිදු කළ බව කුහක නො වී පිළිගත යුතු ය.

අත්‍යවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ මිළ අඩු කිරීම සඳහා ගත් පියවර නිසා වෛද්‍ය ව්‍යාපාරිකයන් රැසකගේ ජාවාරම්වලට කෙළ විණි. එසේම, සෞඛ්‍ය ක්ෂේත්‍රය නියාමනය කිරීමට ගනු ලබමින් තිබෙන ඇතැම් පියවර නිසා ජාවාරම්කරුවන් හෙල්ලී සිටින බව ඇත්තකි. 


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වනාහි ජාවාරම්කරුවන්ගේ තිගැස්ම නියෝජනය කරන වෘත්තික සංවිධානයකි. එහි පරාජිත ස්වභාවයට හේතුව රාජිත බැවින් ඔවුන් ඔහු සමග බද්ධ වෛරයෙන් කටයුතු කරන බව ඉතා පැහැදිලි ය.

රාජිතගේ තබා අනුර කුමාරගේ හෝ පිරිසිදුකමක් නැත. උදාහරණයක් ලෙස අනුර කුමාරගේ අයර්ලන්ත අභිරහස නො විසඳුණු එකකි. එහෙයින් මේ මොහොතට අදාළව කිසිදු දේශපාලකයෙකුගෙන් පිරිසිදුකම් බලාපොරොත්තු වීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීම වැනි තත්වයකි. ඒ වෙනුවට අප කළ යුත්තේ ඉන්නා ගොනුන් බැඳ කරත්තය අපට අවශ්‍ය දෙසට දක්කා ගැනීමයි. අප දේශපාලනය ලෙස කරන්නේ එයයි. 

එහිදී රාජිත යනු ලංකාවේ දේශපාලන සම්පතකි. ඔහුට වාමාංශික ව්‍යාපාරයේ හා වෘත්තීය සමිති ව්‍යාපාරයේත්, සිවිල් සමාජයේත් තිබෙන අත්දැකීම් ප්‍රමාණය අති විශාල ය. දේශපාලනික උපායශීලිත්වය හා සන්නිවේදනය පැත්තෙන් ඔහු අති දක්ෂයෙකි. මෑත වකවානුවේදී ඔහුගේ දේශපාලනික තෝරාගැනීම් රටේ ගැඹුරු වෙනස්කම් ඇති කිරීමට ඉවහල් විය. 

එබැවින් මේ අවස්ථාවේදී අප රාජිත ආරක්ෂා කළ යුතු ය. ඒ රාජිත අවංක, පිරිසිදු දේශපාලකයකු නිසා නො වේ. රාජිත පමණක් නොව, අනුර කුමාර පවා අවංක හෝ පිරිසිදු හෝ දේශපාලකයන් නො වේ. එවැනි අය ලංකාවේ ඉන්නා බවට අපට නම් ගැරන්ටියක් දිය නො හැකි ය.  

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා,

    //අත්‍යවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ මිළ අඩු කිරීම සඳහා ගත් පියවර නිසා වෛද්‍ය ව්‍යාපාරිකයන් රැසකගේ ජාවාරම්වලට කෙළ විණි.//

    බැලු බැල්මට ඔබ කියන දේ නිවැරදියි මෙනිසා බෙහෙත් වල මිලෙහි යම් අඩුවක් වෙලා තියනවා, හැබැයි දැන් වෙලා තියෙන්නේ මොකද්ද ? මෙනිසා සියලුම විදේශීය සමාගම් රජයට කෙලින්ම බෙහෙත් දෙන්න වෙනකොට අතිවිශාල කොමිස් මුදල රජයේ ඇමති ගේ විදේශ ගිණුමටම ගෙන්වාගන්න පුළුවන්, මේ නිසා මේ මුදල් ශ්‍රී ලංකා භූමියට වත් නෑවිත් කෙලින්ම අල්ලස් චෝදානවලින් තොරව විදේශ බැංකු වල තැම්පත් කරන්න පුළුවන්.

    //එහිදී රාජිත යනු ලංකාවේ දේශපාලන සම්පතකි. //
    අනේ මගේ කට !

    මම ගේ ආයතනය මේදවස්වල රජයේ අමත්යන්ෂයකට මෘදුකාංග නිර්මාණය කරමින් ඉන්නවා, අවංකව මම කරන දේ ගැන ඔබට කිව්වොත් මෙයින් වෙන්නේ ඉහලම මට්ටමේ නිලදාරීන් හැර පහල නිලදාරින්ට කිසිදු හොරකමක් කිරීමට ඇති අවස්තාව අවම කිරීමයි කරන්නේ. මේ නිසා පහල මට්ටමේ පාගා ගැසීම දුෂණය වැනි දේ බොහෝවිට නැතිවෙයි හැබැයි මෙම මුරුදුකාංග ඉහලම මට්ටම සදහා අදාළ වෙන්නේ නෑ.

    මෙනිසා මේ වැඩවලින් යම් හොදක් තියනවා ඔබ මතක තියාගන්න රජයේ ඇමතිවරු ඇතුළු ඉහල නිලදාරීන් කැමති නෑ පහල මට්ටමේ අය සොරකම් කරනවට නමුත් ඉහල මට්ටමේ තමන්ට දුෂණය කිරීමට අවස්තාව ලබාගන්නවා.

    මම කලින් කිව්වේ ඉහල නිලදාරීන් අදාළ වන්නේ නෑ කියල මම නිර්මාණය කරන මෘදුකාංග වලට නියාමනය කිරීමට උපදෙස් දීල තියෙන්නේ ඔවුන් ගෙන් පහල අය සදහා විතරක් නිසා.

    ReplyDelete
    Replies
    1. @ Lankika Sithuwili --

      ඔබට කිසි ම විටක සිංහලෙන් නිවැරදිව ටයිප් කිරීමට නොහැකි තත්ත්වයක් තුළ නිවැරදිව මෘදුකාංග නිර්මාණය කරන්නේ කෙසේද යන්න විශාල ගැටළුවක්.

      අඩු ම ගණනේ ඔබට 'අමාත්‍යාංශය' යන වදනවත් නිවැරදිව ටයිප් කරන්න බැහැ. බලන්න, ඔබ එය ලියා ඇති ආකාරය: අමත්යන්ෂය

      'මෘදුකාංගය' යන්න ඔබ ලියා ඇත්තේ 'මුරුදුකාංග' ලෙස යි.

      මට පෙනෙන ආකාරයට ඔබ නිතර ම YouTube වීඩියෝ ක්ලිප් බලමින් කාලය නාස්ති කර, අනුන්ගේ බ්ලොගයන්හි 'පොර ටෝක්' දෙන අයෙක්.

      Delete
    2. AnonymousAugust 26, 2017 at 11:58 AM

      //ඔබට කිසි ම විටක සිංහලෙන් නිවැරදිව ටයිප් කිරීමට නොහැකි තත්ත්වයක් තුළ //

      ඔබ නිවැරදියි මම වෙලාව ඇති විට https://www.google.com/intl/si/inputtools/try/ මගින් තමයි ටයිප් කරන්නේ එහිදී නැවත කියවා වචන නිවැරදි කරනව අඩුයි.

      කෙසේ වෙතත් මම සිංහලෙන් කිසිවක් නිර්මාණය කරන්නේ නෑ මේ නිසා ඔබ කියන ප්‍රශ්නය මට අදාළ නෑ.

      //මට පෙනෙන ආකාරයට ඔබ නිතර ම YouTube වීඩියෝ ක්ලිප් බලමින් කාලය නාස්ති කර, අනුන්ගේ බ්ලොගයන්හි 'පොර ටෝක්' දෙන අයෙක්.//
      එසේ පොර වීමට කිසිදු උවමනාවක් නෑ මොකද මම මගේ පුද්ගලික අනන්‍යතාවය හෙළි කරලා නෑ මේ නිසා කිසිවෙක් මාව පොර ලෙස ලෝකයේ හදුනන්නේ නෑ, මම කරන්නේ මගේ අදහස ඉදිරිපත් කිරීම පමණයි එය හොදනම් මිනිසුන් බාරගනී වැරදිනම් පිලිනොගන්නැයි තියෙන්නේ.

      Delete
    3. Hariya hari pora talk deela veerayek wenna dangalana kenek..
      Drugs mila adu kalaama koheda manussayo ae company walin salli denne.. moo kudu gahalada, ganja gahalada..? Nethnam amu kevilada?
      Panadol companya lankawen yanawa kiyala tharjanaya kalaa.. anthimedi pethi 10 card eka Rs.37 indan balukukko wage Rs.14ta adu karaa..
      Mehema samahara drugs 300%n vithara adu kalaama, Nethnam Tobacco walata 90% badu gahala, 80% roopamaya awawaada daanna neethi genalla, siyalu bahu jaathika rata beema walata seeni pramanaya neernaya karana"Traffic Loght" kramawedaya penawu lowa palamu rata bawata path kalaama......commis hambuwena kramayak ho hethuwak nethi bawa manda buddhikayakuta wuwath yherenawa...

      Delete
    4. ///බෙහෙත් වල මිලෙහි යම් අඩුවක් වෙලා තියනවා, හැබැයි දැන් වෙලා තියෙන්නේ මොකද්ද ? මෙනිසා සියලුම විදේශීය සමාගම් රජයට කෙලින්ම බෙහෙත් දෙන්න වෙනකොට අතිවිශාල කොමිස් මුදල රජයේ ඇමති ගේ විදේශ ගිණුමටම ගෙන්වාගන්න පුළුවන්///

      රජයට සපයන භාණ්ඩවල මිළ අඩු කර වූ විට, එම භාණ්ඩ ගෙන්වන සමාගම් රජයේ නිලදරුවන්ට පගා දෙනවා යැයි මා ඇසූ පළමු වතාව යි මේ!!!!!!

      :D :D :D :D :D

      සමාගම් පගා දෙන්නේ බඩු මිළ වැඩි කරවා ගන්න මිසක් අඩු කරවා ගන්න නෙවෙයි කියන එක මේ මනුස්සයාට නොතේරෙන හැටි.

      Delete
    5. ඔව් බෙහෙත් වල මිල අඩුවෙලා තියෙන්නේ මෙතෙක් ශ්‍රී ලංකාව තුල බෙහෙත් ගෙන්වන අතරමැදියන්ට යන වියදම සම්පුර්නයෙන් කපාදමා ඇති නිසයි, මෙය වාසියක් තමයි ජනතාවට, නමුත් මෙහිදී සිදුවී ඇත්තේ කුමද්ද ? රජය විසින් තෝරාගන්න විදේශ සමාගම් වලින් අතිවිශාල ලෙස මිලදී ගැනීමයි වෙන්නේ මෙවැනි ටෙන්රඩයකදී රටේ සෞඛ්යය ඇමති ප්‍රදාන ඉහල නිලධාරීන්ට විශාල මුදලක් මේ සමාගම් මට ටෙන්ඩරය ලබාදීම වෙනුවෙන් ගෙවනවා.

      මෙය ශ්‍රී ලංකාවේ විටරක් නෙමෙයි දියුණු රටවලත් සිදුවෙනවා https://www.youtube.com/watch?v=dsMHivLMfuU

      Delete
    6. කියන්නේ රනිල්, යූඑන්පිය, බටහිර එක්ක ඇරියස් එකක් තියෙන ඇමරිකාවෙ බෙහෙත් කොම්පැනි ඇමරිකාවෙ මිනිස්සුන්ට හානි කරනවයි වගේ ගොන් කතා කියන අමුතු පිස්සෙක්...
      මේ වගේ හාදයො බටහිරත් ඉන්නව.. උන්ට තමා කියන්නෙ...
      ඒ වගේ උන්ගෙ සහතික ආන්ඩුවලට අවශ්‍ය නෑ... මැදමූලන වනචාරියට සාපේක්ශව මේආන්ඩුව ලක්ෂ වතාවක් හොදයි

      Delete
    7. @Lankika Sithuwili,
      //ඔව් බෙහෙත් වල මිල අඩුවෙලා තියෙන්නේ.............ලබාදීම වෙනුවෙන් ගෙවනවා.//

      ඔයා වගේ කෙනෙක් නෙමෙයි මේක හාඩ්කෝ මාක්ස්වාදියෙක් කියන්න ඕනෙ කතාවක්නේ.

      //මෙය ශ්‍රී ලංකාවේ විටරක් නෙමෙයි දියුණු රටවලත් සිදුවෙනවා //

      බලන්න ශ්‍රීලංකාවේත් දැන් දැන් දියුනු රටවල සිදුවන දේ සිදුවෙන බව ලාංකික සිතුවිලි වැන්නනුත් පිලිගන්නා හැටි! යහපාලනය තව ටික දවසකින් ලාංකික සිතුවිලි වැන්නනුත් දිනාගන්නා බව මට සහතිකයි!!

      - Dimithri

      Delete
    8. රාජිත ඇමතිවරයා රවි, මලික්, කබීර් ගෙන් වෙනස් වෙන්නෙ මෙතැනදි. යූඇන්පියේ මේ කැටගරියේ (රාජිත වැනි ) ඉන්න අනික් ප්‍රබල ඇමතිවරු මංගල චම්පික වැනි දෙතුන් දෙනෙක් විතරයි.

      මෛත්‍රි පිලේ ඉන්න මොන තරම් හොරු වුනත් එස්බී, විජයමුනි සොයිසා, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර (සාපේක්ශව එතරම් දූශිතයෙක් නොවෙයි කියලයි අහලා තියෙන්නේ ) යහපාලනය වෙනුවෙන් ඒකාබද්ධයට දෙන කවුන්ටර් ඇටෑක් එක ඉතා වැදගත් කියලයි මම හිතන්නේ.

      - Dimithri

      Delete
    9. AnonymousAugust 26, 2017 at 11:58 AM
      @ Lankika Sithuwili --
      මේ පිළිතුර ඉහත නමක් නැති, නම ඉදිරිපත් කිරීමට තරම්වත් "ගටක්"නැති මිත්‍රයා වෙනුවෙන්,
      සිංහල ටයිප් කරන්න පුරුදුවෙන්න කොච්චර අමාරුද කියලා ඒ වැඩේ කරන අය දන්නවා.
      මම 1995 සිට ඉඳන්ම සිංහල ටයිප් කරනවා,අදට වඩා ඒ දවස්වල සිංහල ටයිපිං බොහොම අමාරුයි.
      මේ අදහස් දක්වා ඇති මහතාගේ කරුණු වලට එකඟ වීම හෝ නොවීම කෙසේ වෙතත්,ඔහුගේ සිංහල ටයිපිං ගැන කතාකිරීම කොතරම් බොළඳ ක්‍රියාවක් දැයි ඔබම සිතා බලන්න.

      Delete
  2. 87/89 කාලයේ ඉඳන් එන වෛරයක් බවයි මට නම් පෙන්නේ. රාජිත වටින මිනිහෙක්. එකඟයි. අනුර කුමාරට උනත් තදවෙනවා වැඩියි. දෙන්නම හදවත් රෝගීන් නම් යන්න ඕන එකා ඉස්සෙල්ල යයි. කවුරු ඉස්සර උනත් අපට එකයි.

    ReplyDelete
  3. මොවුන් මොන වරප්‍රසාධ රජයෙන් ලබා ගන්න එක මහජනයාට වලක්වන්න බැරි ඔවුන්ට හිමිවි ඇති බලය නිසාය.
    නමුත් අවම වශයෙන් ඔවුනට රජයේ කොම්සම් වැනි පිළිගත් ආයතන වලට ඉදිරිපත්ව ඇති පැමිණිලි වලදී එවාට ඉදිරිපත්ව තමන්ගේ වැරදි නිවැරදිභාවය පෙන්වා දියයුතුය.

    එහෙම නැතිව ඒවා මගහරිමින් සිටිමින් ඔවුන් කරනුයේ කුමක්ද, යන්න මහජනයාට ඔවුන් වැරදි කල පුද්ගලයින් ලෙස තීරණය කිරීමට, සිතිමේ අවකාශය වැඩියයයි නිගමනය වීමෙනි.

    පරකුම් විසින් "එබැවින් මේ අවස්ථාවේදී අප රාජිත ආරක්ෂා කළ යුතු ය."යන්නෙන් අදහස් කරනුයේ
    වරදක් කලත් ඔහු අපට කම් නැත. අවශ්‍ය මෙ අවස්තාවේ ඔහුව ආරක්ෂා කරගැනීමද ?

    පැරකුම් මේ ඔබේ අවස්ථාව පැහැදිලි කරනවානම් :-

    ReplyDelete
  4. There are only two political parties in Sri Lanka.Party of the politicians and the party of the citizens. Why do you want to forget your party and support the opposition party that has all the powers?

    ReplyDelete
  5. රජිතයි අනුරයි වගේ කියල තමා කියන්න වෙන්නේ
    විචාරක දියණිය

    ReplyDelete
  6. අනුර පපුව බදාගෙන ඇඩ්මිට් වුනාට තිබ්බේ ගැස්ට්‍රික් කියල රෝහලෙන් කිවා නේද?

    ReplyDelete
  7. රාජිතගේ හොඳ පෙනෙන්නට ඇත්තේ නෙළුම් යාය සම්මාන සංවිධානය කරන්න ගිහිල්ලා වෙන්න ඇති

    ReplyDelete
  8. All people have good and bad two side too. Rajitha and Anura both good people I beleave. Rajitha go always against to money curuption. Anura kumara is socalism man too. I what tell there both Anura and Rajitha must wotk one team. No go against each others and figt.

    ReplyDelete
  9. අනිත් බොහෝදෙනා ගැන සලකන විට මොහු අපේ රටේ දනාත්මක වෙනසකට අති විසාල කැපකිරිමක් කරන කරප කෙනෙකි...

    ReplyDelete
  10. පැරා වැටුනු වැටිල්ලක්....හිරිකිතයි....

    ReplyDelete
    Replies
    1. පැරා වැටී නැත. ඒකාබද්ධය නම් තම වහලුන් සමග අසුචි වළක අවු. 2 පුරා වැටී සිටී.

      Delete
    2. දේවසිරි මේ ලිපිය දැකලා පැරා ගැන ලියූ දෙයමයි මේ ලියා තියෙන්නෙ, ඊටත් වඩා මහා ප්‍රාඟයෙක් ඒකාබද්දයක් මේකට පටලවලා පිස්සුවක් කෙලලා...හැම එකටම ඒකාබද්දෙ ගාව ගන්න එපා..පැරා ගේ ධීන කමේ වගකීමත් ඒකට දාන්න එපා..එතකොට දාන්න ඕන එකක්වත් දාගන්න බැරි වෙනවා....ඉඳල හිටලා හරි මොළෙත් පාවිච්චි කරන්න..

      Delete
  11. https://www.facebook.com/nationalizeMalabeSAITM/photos/a.994415513974101.1073741829.918480461567607/1492521664163481/?type=3&theater

    ReplyDelete
  12. පැරකුම් කියන්නෙ කිව යුතු වටින කතාවක්. ලාංකික සිතුවිලි මේ ගහන මල විකාර පන්ඩිත ටෝක් වල පදනම මොකක්ද?
    එලොවටත් නෑ මෙලොවටත් නෑ. මගේ ප්‍රශ්නෙ මේකයි.
    1) ඹය කියන විදියට නිලධාරීන්ට කෙලින්ම කොමිස් එන බව දැන දැන පහුගිය ආණ්ඩු ඹය “දස“ වැඩේ නොකලෙ ඇයි?
    ඇයි කෙලින්ම රට අකවුන්ට් වලට දාගන්න තිබුනද? ඒ කාලෙ හිටපු ඇමතිල / නිලධාරීන් රටට විෂේශ ආදායමක් අරන් දෙන්නද එහෙම
    කලේ?
    2)
    //එහිදී රාජිත යනු ලංකාවේ දේශපාලන සම්පතකි. //
    අනේ මගේ කට !

    දැන් මේ කියපු ඉහත එකට ලාංකික සිතුවිලි කියන සොෆ්ට්වෙයා කතාව කොහොමද අදාල වෙන්නෙ?

    //මේ නිසා පහල මට්ටමේ පාගා ගැසීම දුෂණය වැනි දේ බොහෝවිට නැතිවෙයි හැබැයි මෙම මුරුදුකාංග ඉහලම මට්ටම සදහා අදාළ වෙන්නේ නෑ.//

    දැන් මේක පිටිපස්සෙ ඉන්නෙ රාජිතද? අනික අඩුම තරමෙ පහල මට්ටමේ පගා “බොහෝ විට “ නැතිවෙයි කියල එයාටම ෂුවර් නම් ඒක ධනාත්මකයි නෙ හැම බැල්ලිගෙ පුතාලම බලුවංශ ටයිප් එකේ පජාති බලු වැඩ කරනවට වැඩිය.!
    ලා.සි බලාපොරොත්තු වෙන්නෙ අර ආමර් වීදිය ෆුල් වොෂ් කරා වගේ එකපාරටම 100% ක්ලීන් කරන සර්ෆ් එක්ස් එල් ආණ්ඩුවක් වෙන්න ඇති. ඇත්තටම ලා.සි ඔයා කියන දේ කියන පොයින්ට් එක පැහැදිලිව කියන්න.

    ReplyDelete
  13. පැරකුම් කියන්නෙ කිව යුතුව තියෙන වටින කතාවක්. මටත් අනුරයගෙ කතාව බලද්දි හිතුනෙ යකෝ මොකක්ද මූ (මූ කිව්වෙ මේ කපේ බලයට එන්නෙ නැති අනුරය) මේ නටන නාඩගම කියල? ලාංකික සිතුවිලි මේ ගහන මල විකාර පන්ඩිත ටෝක් වල පදනම මොකක්ද?
    එලොවටත් නෑ මෙලොවටත් නෑ. මගේ ප්‍රශ්නෙ මේකයි.
    1) ඹය කියන විදියට නිලධාරීන්ට කෙලින්ම කොමිස් එන බව දැන දැන පහුගිය ආණ්ඩු ඹය “දස“ වැඩේ නොකලෙ ඇයි?
    ඇයි කෙලින්ම රට අකවුන්ට් වලට දාගන්න තිබුනනෙ? උන් හැත්තම කොහොමත් කරෙත් ඒකනෙ! ඒ කාලෙ හිටපු ඇමතිල / නිලධාරීන්
    රටට විෂේශ ආදායමක් අරන් දෙන්නද රාජිතට කලින් ඹ්ක නොකලෙ??
    2)
    //එහිදී රාජිත යනු ලංකාවේ දේශපාලන සම්පතකි. //
    අනේ මගේ කට !

    දැන් මේ ඉහත කියපු එකට ලාංකික සිතුවිලි කියන සොෆ්ට්වෙයා කතාව කොහොමද අදාල වෙන්නෙ?

    //මේ නිසා පහල මට්ටමේ පාගා ගැසීම දුෂණය වැනි දේ බොහෝවිට නැතිවෙයි හැබැයි මෙම මුරුදුකාංග ඉහලම මට්ටම සදහා අදාළ වෙන්නේ නෑ.//

    දැන් මේක පිටිපස්සෙ ඉන්නෙ රාජිතද? අනික අඩුම තරමෙ පහල මට්ටමේ පගා “බොහෝ විට “ නැතිවෙයි කියල එයාටම ෂුවර් නම් ඒක ධනාත්මකයි නෙ හැම බැල්ලිගෙ පුතාලම බලුවංශ ටයිප් එකේ පජාති බලු වැඩ කරනවට වැඩිය.!
    ලා.සි බලාපොරොත්තු වෙන්නෙ අර ආමර් වීදිය ෆුල් වොෂ් කරා වගේ එකපාරටම 100% ක්ලීන් කරන සර්ෆ් එක්ස් එල් ආණ්ඩුවක් වෙන්න ඇති. ඇත්තටම ලා.සි ඔයා කියන දේ කියන පොයින්ට් එක පැහැදිලිව කියන්න.

    ReplyDelete
  14. රාජිත හොඳ වැඩ කර ඇති, යම් ප්‍රගතිශීලි අදහස් තියෙන අයෙකු බව ඇත්තයි. නමුත් එනිසා ඔහු වෙනත් වැරදි සඳහා ලැබිය යුතු දඬුවම්වලින් ගලවා ගත යුතු ද?
    යුද්ධය අවසාන කොට රට බේරාගත් නිසා මහින්ද රාජපක්ෂට ඕනෑම වරදක් දූෂණයක් හොරකමක් කටයුත්තක් කිරීමට ඉඩ දිය යුතු යැයි කියවෙන බයියන්ගේ තර්කය සහ රාජිත සේනාරත්න සම්බන්ධයෙන් එලෙස ගොඩ නගන ඇති තර්කයේ වෙනසක් මට නම් සිතාගන්න බෑ.

    ඔහුට විරුද්ධව ඇති විශ්වාසභංගයේ තියෙන චෝදනා ගැන මේ ආකාරයෙන් විශ්ලේෂණය කරුණාකර කරන්න.

    ReplyDelete
  15. /* 2015දී අනුර කුමාර දිසානායක ද සුළු හෘදයාබාධයකට ලක් වී රෝහල්ගත කරන ලදී. */

    ඒ අවස්ථාවේ දී සමහර ජවිපෙ විරෝධීන් කළ කී දේ නම් අන්තිම කැතයි!


    අනුර කුමාර දිසානායක ගේ හදවත සහ හිටපු ජේවීපීකාරයින් ගේ (සහ තවත් අය ගේ) නිරුවත - Heart attack and nakedness

    ReplyDelete
  16. /* රාජිත සේනාරත්න හෘදය රෝගියෙකි. එහෙත් ඔහු හෘදය රෝගියකුට නොහොබිනා තරමින් සක්‍රිය දේශපාලනඥයෙකි. */

    මෙහෙම කියන්න නම් රාජිත ගේ සුවිශේෂී සෞඛ්‍ය තත්වය ගැන නිවැරදි දැනුමක් අවශ්‍යයි.

    බයි-පාස් සැත්කමකදී කරන්නේ හදවත ක්‍රියා කරන්නට ලේ සපයන අවහිර වී ඇති රුධිර නාලිකාවක් වටා කොලොස්ටරෝල් බැඳී නැති හොඳ නාලිකාවක් ඈඳීමයි. එසේ කළ විට සාමාන්‍යයෙන් සෞඛ්‍ය තත්වය තිබුණාට වඩා හොඳ වෙනවා. වසර දහයකින් තරුණ වෙන බවයි සාමාන්‍යයෙන් කියවෙන්නේ.

    මට බයි පාස් පහක් කළා. එනිසා, මා වසර පනහකින් තරුණ වී වයස සෘණ අගයකට ගියා. :-)

    http://rasikalogy.blogspot.com/2016/07/fading-away.html

    ඒ මීට අවුරුදු එකොළහකට කලින්.

    ReplyDelete
  17. //යුද්ධය අවසාන කොට රට බේරාගත් නිසා මහින්ද රාජපක්ෂට ඕනෑම වරදක් දූෂණයක් හොරකමක් කටයුත්තක් කිරීමට ඉඩ දිය යුතු යැයි කියවෙන බයියන්ගේ තර්කය සහ රාජිත සේනාරත්න සම්බන්ධයෙන් එලෙස ගොඩ නගන ඇති තර්කයේ වෙනසක් මට නම් සිතාගන්න බෑ.//

    ඒක තමයි ප්‍රශ්නෙ!

    අර්ථය සන්ධර්භයට සාපේක්ෂයි කියල අහලම නැත්ද?

    ReplyDelete
  18. මෙන්න ලාසිට බලනවනම් නියම ලිපියක්.
    (රාජිතට එරෙහිව විශ්වාස භංගයක් ගෙනාවේ ඇයි?)
    http://sudukukula.blogspot.com/2017/08/blog-post_28.html
    //අවුෂධ මාෆියාවට එරෙහිව කටයුතු කළ කිසිවෙකු වැඩි කලක් පන පිටින් සිටියේ නැත ජාතික අව්ෂධ ප්‍රතිපත්තිය සැකසු මහාචාර්ය සේනක බිබිලේ අවුෂධ මාෆියාව විසින් මර දැමු බව ප්‍රසිද්ධ කරුණකි. රාජිතට කෝටි ප්‍රකෝටි ගණනින් යටිමඩි ගැසීමට උවමනා නම් කළ යුත්තේ අවුෂධ සමාගම් වලට වාසි දායක වන ලෙස කටයුතු කිරීමය . එවිට කිසිදු අයෙකුට දැනගනීමට බැරිවන ලෙස දිනකට රුපියල් කෝටියක් හමාරක් ඔහු කියන ගිණුමකට අවුෂධ සමාගම් දමනු ඇත.. එහෙත් ඔහු කළේ අවුෂධ මාෆියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමය. අවුෂධ බොහෝ ගණනක මිළ බොහෝ සෙයින් අඩු කිරීමට රාජිත කටයුතු කිරීම නිසා කෝටි ගණනින් ලාභ අඩුවූ දේශීය අවුෂධ ව්‍යාපාරිකයෝත් ජාත්‍යන්තර අවුෂධ ජාවාරම් කරුවනුත් ඔහු දේශපාලනයෙන් ඉවත් කිරීමටත් එසේ නොහැකි වුවහොත් මරා දැමීමටත් කුමන්ත්‍රණය කරමින් සිටින බවට සැකයක් නැත . එබැවින් රාජිතට එරෙහි සියලු දේශපාලන ව්‍යාපාරවලට ඔවුන් මේ වන විට මුදල් පොම්ප කරමින් සිටිනු බවටද කිසිදු සැකයක් නැත .//

    අපිට නම් ඇඟට දැනෙන්නෙ ආරක්ෂිත ලණුවකුත් නැතුව අත්තක අයිනෙ ඉඳන් ඒ අත්තම මුලින් කපන්නෙ මෝඩයින් බව.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා