රවී අස් නො වුණොත් මොකද කරන්නෙ?

බැඳුම්කර කොමිෂම හමුවේ රවීගේ රෙදි ගැලවී යාමත් එක්ක බොහෝ දෙනෙකු සැලිලා. රවී ඉල්ලා අස් විය යුතුයි කියා අවධාරණය කරන පිරිසක් ඉන්නවා. එහෙම නො වුණොත් අප කොහොමද මේ ආණ්ඩුව තවදුරටත් ආරක්ෂා කරන්නෙ කියා අසන පිරිසකුත් ඉන්නවා.

රවී කරුණානායක ඉල්ලා අස් වෙනවා ද, ඔහුට විරුද්ධ විශ්වාස භංග යෝජනාවෙදි එයට සහයෝගය දෙනවා ද වගේ ප්‍රශ්න වැදගත් වෙලා තියෙන බොහෝ දේශපාලකයන්ගෙ ඉතිහාසයේ මෙවැනි ඉල්ලා අස් විය යුතු සිදුවීම් ඕනැ තරම් තියෙනවා. 

ඒ විතරක් නෙමෙයි, මේවා මතු කරන මාධ්‍යවල තත්වය මොකක් ද? පාරදෘෂ්‍යභාවය ගැන කතා කරන රාජ්‍ය නොවන සංවිධානවල තත්වය මොකක් ද? දූෂණයෙන් ඩීල්වලින් තොර දේශපාලන පක්ෂයක් තියෙනවා නම් කියන්න. රජයේ සේවය දූෂණයෙන් තොර තැනක් ද? ලංකාවේ මහජනතාව දූෂිත නැද්ද?

යහපාලනය කියන්නෙ හොඳ සටන් පාඨයක්. හැබැයි එය යථාර්ථයක් කරන්නට නම් රටකට හොඳ නායකයන් අවශ්‍යයි. හොඳ නායකයන් බිහි වෙන්නෙ හොඳ සිවිල් සමාජයක් තියෙන තැනක. හොඳ සිවිල් සමාජයක් බිහි වෙන්නෙ හොඳ පුරවැසියන් සිටින තැනක. මේ කිසිවක් නැති තැනක යහපාලනය දැඩි කොන්දේසියක් කර ගන්නට ඕනැ නැහැ. 

ආණ්ඩුව යහපාලනය පැත්තෙන් සාර්ථක වෙච්ච පැති වගේ ම අසාර්ථක වෙච්ච පැතිත් තිබෙනවා. උදාහරණයක් ලෙස, රවී කරුණානායක ඇලෝසියස්ගෙන් සන්තෝසම් ගත්ත එක හරි, ලක්ෂ්මි කාන්තන්ගෙ සල්ලිවලින් මුදල් විශුද්ධිකරණයක යෙදුණු එක හරි බරපතල විදියට යහපාලන මූලධර්ම උල්ලංඝනය කිරීමක්. 

හැබැයි, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දප්පුල ලිවේරාට රවි කරුණානායක වැනි ප්‍රබල ඇමතිවරයකුගේ මුහුණට ම බොරුකාරයකු යයි කියන්නටත්, මහ බැංකුවේ සේවකයන්ට ඉදිරියට ඇවිත් බය නැතුව සාක්කි දෙන්නටත් පුළුවන් වන්නේත් යහපාලනය තුළ රාජ්‍ය ආයතන ශක්තිමත් වීම නිසායි. අප ඒ තත්වය ආරක්ෂා කළ යුතුයි. හැබැයි, ඇතැම් රජයේ නිලධාරීන් ඇවිත් දෙන සාක්කි හරියට ‘මඒන්ද්‍රන් මට බැල්ලා, ඌ... ඌ.... ඌ....' වගේ ඒවා ය.

රවී කරුණානායක ඉල්ලා අස් වෙනවා ද නැද්ද කියන එක ගැන මා එතරම් උනන්දුවක් දක්වන්නෙ නැහැ. මා උනන්දු වන්නේ රටට වැදගත් වන ආර්ථික, දේශපාලන හා සමාජ ප්‍රතිසංස්කරණ කෙරෙහියි. 

පසුගිය අවුරුදු දෙකහමාර කියන්නේ මෑත ඉතිහාසයේ එවැනි වැදගත් ප්‍රතිසංස්කරණ මාලාවක් ම සිදු වුණ හා තවත් ප්‍රතිසංස්කරණ මාලාවකට මුල පුරා තිබෙන කාල වකවානුවක්. ඒවා සිදු වෙන්නට ඉවහල් වූ වත්මන් බල තුලනය තව දෙවසරක් හෝ ඉදිරියට ගෙන යාම තමයි මට වැදගත් කාරණය වන්නේ. 

ගාන්ධි කිව්වා වගේ තමන් අපේක්ෂා කරන වෙනස තමන් තුළ දැන් සිට ම ඇති කර ගැනීමේ උවමනාවක් මේ ආණ්ඩුවට නැති වුණත්, ඒ වෙනස්කම් ඇති කළ යුතුයි කියන අදහස හෝ ඔවුන් තුළ තිබෙනවා. එහෙම වෙනස්කම් ඇති කිරීමේ අදහසක්වත් වෙනත් දේශපාලන හවුල් තුළ නැහැ.

දැනට පවතින බලතුලනය වෙනස් කළොත්, අපට අදට වඩා හොඳ තත්වයක් ලබා ගත හැකි ය යන විශ්වාසයක් ඇති කර ගැනීමේ හැකියාවක් දැනට දකින්නට නැහැ. ජවිපෙ, පෙසප පක්ෂ දෙකට වැදගත් එකිනෙකා අතර බල පොරය විතරයි. සෙසු කුඩා වාමාංශික කල්ලිවලට තිබෙන්නේ අනන්‍යතා අර්බුද. ඒකාබද්ධ විපක්ෂය කියන්නේ දූෂණය, වංචාව, ඝාතනය හැර වෙනත් හරයක් නැති, ප්‍රතික්ෂේපිත, ගර්හිත හත්තිලව්වක්. මේ තියෙන එක නැති කර ගත්තොත්, මොකුත් නැති වෙනවා මිසක් ලැබෙන කිසිවක් නැහැ. 

රවී කරුණානායක කියන්නේ මෙවැනි වංචාවක් අසු වූ පමණින් ඉල්ලා අස් වන්නට තරම් සදාචාරයක් ඇති දේශපාලකයෙකු නොවෙයි. ඔහුත් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් වැනි ම ලජ්ජා නැති චරිතයක්. හැබැයි, රාජපක්ෂ පවුල වගේ ම, රවි කරුණානායකත් තනිකරම හොරකම වෙනුවෙන් පවතින අය නෙමෙයි. ඔවුන් හොරකම් කරන සල්ලිවලින් දේශපාලනයත් නඩත්තු කරනවා. ලංකාවේ පවතින කුණු වුණ දේශපාලනය තුළ මෙවැනි දේශපාලකයන් හමු වන එක ඉතාම සාමාන්‍ය තත්වයක්. 

භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය ගැන වුණත් තත්වය මෙය ම තමයි. සොරකම් කරන ලද දැවැන්ත මහජන මුදල් කන්දක් මත සිට ඡන්ද කරපු සහ තවමත් කරමින් සිටින රාජපක්ෂ පවුල හා අන්තේවාසිකයන් පරද්දන්නට මෛත්‍රීපාලගේ ජනාධිපති ඡන්දයට ගත් ණය පවා ගෙවන්නට බැඳුම්කරයෙන් ලැබූ ලාභ උපයෝගී කර ගන්නට ඇති. එය එක්තරා ආකාරයක විසෙන් විස නැසීමක් ලෙස සැලකුවත් වරදක් නැහැ. 

භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය විමර්ශන කරන කොමිෂම ඉදිරියේ කොයි තරම් නාටක රඟදැක්වුණත්, අත්‍යවශ්‍ය සාක්කි වන්නේ ඉන්සයිඩර් ට්‍රේඩිං සිදු වීම සම්බන්ධයෙන් ඉදිරිපත් වන සාක්කියි. ඒවා ඉදිරිපත් කරන්නට බැරි වුණොත්, අවසානයේදී මේ වාර්තාවත් කෝප් වාර්තාවට වැඩි එකක් නො වෙන්නට පුළුවන්. ඒ වගේ ම, දුර්වල සාක්කි නඩු විභාගයකදී ලෙහෙසියෙන් ම බිඳ වැටෙන්නටත් පුළුවන්. අවසානයේදී මේ විමර්ශනයෙන් ලාභ ලැබූ එකම පිරිස ප්‍රවෘත්ති විකුණාගත් අය පමණක් වෙන්නට පුළුවන්. 

කොහොම වුණත්, මේ වන විට මට නම් භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධියේ විමර්ශන අවසන් වීමත් වැදගත් නැහැ. තමන් තනතුරේ ඉන්නකල් කලින් ආණ්ඩුවේ සිටින ඇතැම් අපරාධකරුවන් උසාවිය ඉදිරියට ගෙන එන්නට ඉඩ නො දෙන බවට වහසි බස් කියූ අධිකරණ ඇමතිවරයකු සිටින රටක, කලින් ආණ්ඩුවේ සොරුන්ගේ නඩු අනන්තය දක්වා කල් යමින් තිබෙන යුගයක, මේ ආණ්ඩුව හෙට එළි වෙන විට කුරුසේ තබා ඇණ ගහන්නට අපට හදිසියක් නැහැ. 

සරලව කිව්වොත්, රවි කරුණානායක ගැන, මහ බැංකු බැඳුම්කර සිද්ධිය ගැන විමර්ශනත්, රාජපක්ෂලාගේ විමර්ශන සිදු වන වේගයෙන් ම සිදු වුණාවේ. තව අවුරුදු දෙකක් අප මේ ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින්නේ ඔය ඔක්කොටම හිරේ යන්නට සිදු වන තරමට ශක්තිමත් සමාජ දේහයක් හැදීම වෙනුවෙනුයි. අප අසාර්ථක වන්නට ද පුළුවන. එහෙත් කමක් නැත. අපි මේ අභියෝගය ගෙන උත්සාහ කරමු.

දැන් ඉතින් යහපාලනය, රාජපක්ෂලාගෙ හොරකම් ඔප්පු කළා ද, මුනුත් හොරු නේද අරක මේක අපෙන් අහගෙන එන අයට දෙන්නට තියෙන උත්තරයත් ලියා තබමි. ඔව්, උනුත් හොරු ය. මුනුත් හොරු ය. හැබැයි අපි දැන් හොරු එක්ක වැඩ කරන්නෙමු. ඒ රට කිසියම් පථයකට දමා ගැනීම වෙනුවෙනි. 

ඒ වනාහි ආරළු බූරළු නැති ප්‍රායෝගික සමාජවාදී පථයකි. රජයේ ආධිපත්‍යය හා එමගින් මහජනතාව පිට පැටවෙන බර අවම කරන පථයකි. රජය ප්‍රමාණාත්මකව නොව ගුණාත්මකව සංවර්ධනය කිරීම හා එහි කාර්යක්ෂමතාව වෙනුවෙන් පෙනී සිටින පථයකි. මධ්‍යම පන්තියේ දේශපාලන බලය අභියෝගයට ලක් වන, ව්‍යවසායකයන් හා වැඩ කරන ජනතාව ශක්තිමත් වන පථයකි. ආර්ථික ජාතිවාදය පරාජය කරමින් ගෝලීය ආර්ථිකය සමග යහපත් සම්බන්ධතා ගොඩනගා ගැනීම වෙනුවෙන් අරගල කරන පථයකි. ජාතිවාදයට හා වෙනත් ස්වෝත්තමවාදයන්ට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගල කරන පථයකි. 

ඒ පථයට දමා ගත්තාට පසුවත් ඊළඟට එන එවුනුත් සොරුන් ම වන්නට පුළුවන. හැබැයි මේ පථය ඔස්සේ රට ඉදිරියට යනවා නම් අඩු තරමේ  අනාගත පරම්පරා හෝ යම් වෙනසක් සිදු කරනු ඇත. අවශ්‍ය වන්නේ අරමුණ වෙනුවෙන් අධිෂ්ඨාන සහගතව කරන අඛණ්ඩව අරගල කිරීමයි. 

වඩා වැදගත් අරමුණ ය. අන් සියලු දේ ඊට ප්‍රාථමික ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ආන්ඩු මාරුකරන්න ඔනෑ ඊට වැඩිය හොද විකල්පයක් තියෙනවානම් විනා කාගෙවත් තදියම් වලට නෙමේ... මේ ආන්ඩුව පෙරලුනොත් බලයට එන්නේ අන්ත ජාතිවාදී, ගෝත්‍රවාදී, අන්ත දූශිත රාජපක්ෂ වනචාරියො ටික මිස ඒබ්‍රහම් ලින්කන්ගෙ පරමාදර්ශික රජයක් නෙමේ... කැහි ගෑනි එලවල ඒඩ්ස් ගෑනි ගන්න හෝ පෙරේත දිශ්ටි එලවලා මහසෝන් දිශ්ටි වද්දාගන්න අපිට නම් පිස්සුවක් නෑ...

    ReplyDelete
  2. මෙවැනි චෝදනා නැගුණු සැම විටම වගේ ඕස්ටේ‍ර්ලියාවේ සිදු වෙනවා මා දැක ඇත්තේ පරීක්‍ෂණ නිම වෙනතුරු අදාල නිලධාරියා/ ඇමතියා තනතුරෙන් ඉවත්විමයි.

    එවිට ඔවුන් කියන කතාවක් තමයි, මා නිවැරදිකරු වුවනත්, පක්‍ෂයේ (සහ ආණ්ඩුවේ) නම තමන් නිසා නරක් විම වළක්වා ගැනීම වඩා වැදගත් ය කියන කතාව.

    http://rasikalogy.blogspot.com/2015/08/what-joke.html

    චෝදනා ලද අයව බේරා ගන්නට ඒ පක්‍ෂවලින් වැඩ කරන්නේ නෑ.

    එලෙස අස් නොවී අල්ලාගෙන සිටි අවස්ථ්වකුත් ගිය වසරේ පමණ දුටුවා.
    http://rasikalogy.blogspot.com/2015/08/good-riddence.html

    ReplyDelete
  3. ජනවරම හොරු අල්ලා දඬුවම් කිරීමය එය ඉටු නොකරනු ලැබුවහොත් කලින් බලයේ සිටි හොරු රැල නැවත බලයට පැමිණ ලැබූ ජයග්‍රහණ කුණු ලොරිවලට පැටවීමට ඉඩ තිබේ

    ReplyDelete
  4. රවී ගේ විතරක් නෙමෙයි, පැරගේත් රෙදි ගැලවිලා දෝ කොහේදෝ, රාජ්‍ය අංශය ශක්තිමත් කිරීම සමගම ඒ අංශය සදාචාර සම්පන්න කිරීමත් කලයුතුයි. නැති නම් වෙන්නේ නිසි පුද්ගලයා වග වෙන්නේ නැතුව සුළු පුද්ගලයින් මත වරද පැටවීම. ඒ පුර්ව ආදර්ශය ලබාදිය යුතුවන්නේ යහපාලනය සඳහා පැමිණි රජය. රවී ඇමතිකමෙන් අයින් කිරීම පමණක් නොව නිසි ආකාරව රවිට නිතිය ක්‍රියාත්මක කල යුතුයි. මේ රජය තව දුරටත් රවී සඳහා පෙනී සිටියොත් වෙන්නේ නරියන් සඳහා කුකුල් කොටුවේ දොරටුව ඇර තැබීම වැනි දෙයකි.

    ReplyDelete
  5. රවි කරුණානායකට වගේම අනිකුත් හොර දේශපාලකයන්ටත් ඉක්මනින්ම නීතිය ක්‍රියාත්මක විය යුතුයි. නමුත් වෙන්නේ රනිල්ට ඕන වෙලාවට නීතිය ක්‍රියාත්මක වීමයි.

    ReplyDelete
  6. උඹලගේ පථයෙන් රටේ මිනිස්සුන්ට වෙන සෙතක් නෑ..... ඒ නිසා ‍මේ ආන්ඩුව අයින් කරලා නියම ජනතා ආන්ඩුවක් ගේන්න ඕනි....

    ReplyDelete
  7. රවි කරුනානායක ඉවත් නොකර සිටීමට අවශ්ය නි්යායික පසුබිම.

    ReplyDelete
  8. මොනතරමි දුෂණ චෝදනා ආවත් මෙී රජය තවමත් රාජපක්ෂ රෙජිමයට සාපේක්ෂව ඉදිරියෙන් ඉන්නවා අනික රජය රටතුල ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම පැත්තෙන් යමි ඉදිරිගාමී වැඩකොටසක් කරල තියෙනවා.නමුත් ජිවිත පරදුවට තියා ගෙනා මෙී රජය පෙරලුනොත් නැවත බලයට එන්නෙ කවිද?දුෂිත රාජපක්ලා තම වැරදි නිවැරදි කරගෙන සමාව ගෙන තියෙනවද?එනිසා මොන අඩුපාඩු තිබුණත් මෙී රජය තව දරටත් පැවතිය යුතුයි මිනීමරැ රාජපක්ෂලාට නැවත කොහෙත්ම ඉඩදිය යුතු නැත.නමුත් දුෂිත රවී ඉවත් කිරීම කල යුතු දෙයක්.

    ReplyDelete
    Replies
    1. මේ රජය රාජපක්ශ ආන්ඩුව වඩා සාපේක්ෂව ඉදිරියෙන් ඉන්නේ මොන අංශ වලින්ද? අපේ රටේ අද තියෙන්නෙ මොන ප්රජාන්තරවාදයක්ද? ලක්ස 52ක චන්දෙ දීපු මිනින්සු‍න්ගේ පාර්ලිමේන්තු නියෝජනයට මොකද වෙලා තියෙන්නෙ? එ චන්ද බලයෙන් තියාගෙන ඉන්‍න එක මොන විදිය‍ේ ප්රජාන්තර වාදයක්ද? චන්ද නොතියා බොරැ හේතු තිය තිය චන්ද කල් දාන එක මොන විදියේ ප්රජාතන්තර වාදයක්ද?

      Delete
    2. අනේ ගොනෝ, සුදුවෑන් වලින් මිනිසු ගෙනිච්ච, සුලු ජාතිකයින්ව මරාගෙන කන්න හදපු, මාධ්‍ය නිදහස බල්ලට යවපු, පවුලකට රට ගියපු කාලෙට වැඩිය අද රට ඉස්සරහට ගිහින් තියෙනව... ඒබව නොතේරෙන්න නම් උපන්ගෙයි මැදමූලන අසූචි බුදින්නෙක් වෙන්න ඔනෙ...

      Delete
  9. පැරා,

    //ඒ විතරක් නෙමෙයි, මේවා මතු කරන මාධ්‍යවල තත්වය මොකක් ද? පාරදෘෂ්‍යභාවය ගැන කතා කරන රාජ්‍ය නොවන සංවිධානවල තත්වය මොකක් ද? //
    හොදට මතක තියාගන්න ලොක්ක මහින්ද රාජපක්ෂ ට විරුද්දව මෙවැනි චෝදනාවක් තවම ඉදිරිපත් වී නැති බව. හැබැයි රවී කරුනානයකට විරුද්දව මේ චෝදනාව විබාගයේදී ඔහු දී ඇති පිළිතුරු අනුව ඕනෑම බුද්ධියක් ඇති මිනිහෙකුට තේරෙනවා දැනටමත් ඔහු වැරදිකරුවෙක් කියල.

    //හොඳ නායකයන් බිහි වෙන්නෙ හොඳ සිවිල් සමාජයක් තියෙන තැනක. හොඳ සිවිල් සමාජයක් බිහි වෙන්නෙ හොඳ පුරවැසියන් සිටින තැනක. මේ කිසිවක් නැති තැනක යහපාලනය දැඩි කොන්දේසියක් කර ගන්නට ඕනැ නැහැ. //

    මෙන්න පැරා අතේ පත්තුවෙන පල් බොරුවක් ලිව්වා, සිංගප්පුරුව ලී කවන් යු බලය ගන්න විට අන්තයටම පිරිහුණ සිවිල් සමාජයක් තමයි තිබුනේ, රටේ මිනිසුන්ගේ විනය ශ්‍රී ලාංකිකයන්ගේ විනයට වඩා ඉතා පහලින් තමයි තුබුණේ, එහෙම නරක සමාජයක තමයි හොද නායකයෙක් බිහිඋනේ, මේවගේ අතේ පත්තුවෙන බොරු ලියන්න එපා.


    //හැබැයි, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දප්පුල ලිවේරාට රවි කරුණානායක වැනි ප්‍රබල ඇමතිවරයකුගේ මුහුණට ම බොරුකාරයකු යයි කියන්නටත්, මහ බැංකුවේ සේවකයන්ට ඉදිරියට ඇවිත් බය නැතුව සාක්කි දෙන්නටත් පුළුවන් වන්නේත් යහපාලනය තුළ රාජ්‍ය ආයතන ශක්තිමත් වීම නිසායි.//

    මෙහි පසුබිම තේරුම්ගන්න ඕනේ (සරසගේ අඩවියේ දාපු කොමෙන්ටුවම මෙතන මම දානවා )

    අධිකරණ අමාත්යංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව, අන්තරායකර ඔවුෂද පාලක මණ්ඩලයේ හිටපු ප්‍රධානිය වන Dr.Nilanga Samarasinghe හ කුඩු ගෙන්වන දෙසපාලුවන්ගේ නම් හෙළි කරන බව කිව්ව හැටියේ ඔහුගේ ආරක්ෂාව ඉවත්කර ඔහුගේ තනතුර අහෝසිකිරීමත් දිල්රුක්ෂි ඩයස් රාජිතගේ සොරකම් පෙන්වා දෙන්න ගදනකොට රටේ ජනාදිපති ඇයට පල නොකියා පලාබෙදිමත් නිසා නිලදාරීන් දැනගත්ත මේක දේසපාලන සෙල්ලමක් බවත් රටේ මිනිසුන් රවටන්න කරන මේ සෙල්ලමේ එක පාර්ශවයක් ගත්තොත් යම්විදියකින් බලය හුවමාරු උනාම තමන් ගේ ජිවිත වලට අනතුරු වියහැකි බවත්.

    මෙනිසා මේ ආයතන වල බොහෝ පරීක්ෂණ ඉවර කරලා තිබුනත් වැරදි කරුවන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීම මන්දගාමී වුනා, දැන් තමයි සිරිසේනට තේරෙන්නේ මේ මන්දගාමී වීම නිසා වැඩිම අනතුර ඇත්තේ තමාට බව, දැන් ඔහු දන්නව මේවා සාමාන්‍ය නිලදාරීන් කිසිවිටක බය නැතුව ක්‍රියාකාරී වෙන්නේ නැතිබව, ඔහු කරන්නේ දැඩි නීතිගරුක පුද්ගලයෙක් සහ කීර්තිමත් ඉතිහාසයක් තියන කිසිවකට බය නැති දප්පුල ලිවේර වැනි නිලදාරියෙක් අදාළ ස්ථානයට පත් කිරීමයි. හැබැයි ඔහු නොදන්නේ මේ පුද්ගලයා ජේ ආර් ජයවද්දන යුගයේ නෙවිල් සමරකෝන් වැනි මහත්මයෙක් බවයි, ඔබට දැකගන්න පුළුවන් ඉදිරි අනාගතයේ මේ නිලදාරියා සිරිසේනගේ මිනිසුන්ට විරුද්දව නිතිය ක්‍රියාත්මක කරන විට ඔහුව ඉවත්කිරීමට උත්සහ ගන්න හැටි.

    හැබැයි මේ නිසා මේ නිලදාරීන් බය නැතිව ක්‍රියාකරනවා එහෙම නැතුව යහපාලනයේ හොදක් නිසා නෙමෙයි මෙතන සිරිසේන තමන්ගේ ආරක්ෂාව සලසාගනිමක් වෙලා තියන්නේ.

    //සොරකම් කරන ලද දැවැන්ත මහජන මුදල් කන්දක් මත සිට ඡන්ද කරපු සහ තවමත් කරමින් සිටින රාජපක්ෂ පවුල//

    පැරා දැන් අවුරුදු 2ක් ගිහිල්ල දැවැන්ත මුදලක් සොරකම් කල බවට කිසිම පිළිගතහැකි චෝදනාවක් නෑ මහින්දට හෝ ඔහුගේ පවුලට වුරුද්දව හැබැයි පැරෝ රවිට විරුද්දවන් නම් ඕන්න තියනවා චෝදනා, ඉදිරිපත් වෙලා බුද්ධිමත් ජනතා මනස ඉදිරියේ වරදකරු වෙලත් ඉවරයි.

    //කලින් ආණ්ඩුවේ සිටින ඇතැම් අපරාධකරුවන් උසාවිය ඉදිරියට ගෙන එන්නට ඉඩ නො දෙන බවට වහසි බස් කියූ අධිකරණ ඇමතිවරයකු සිටින රටක, ///
    ඉතින් හතිලව්වේ මොනාටද ඔහොම ඇමතියෙක් තියාගන ඉන්නේ අවංක රනිල් ට පුළුවන්නේ ඕකා එලවල දාන්න.

    ReplyDelete
    Replies
    1. Lankika Sithuwili

      පැරා අමාරුවේ වැටෙන ප්‍රශ්න අහන්න එපා ඕයි.

      Delete
    2. LS, ප්‍රශ්නයක් දෙකක් අහන්නද?

      //රවී කරුනානයකට විරුද්දව මේ චෝදනාව විබාගයේදී ඔහු දී ඇති පිළිතුරු අනුව ඕනෑම බුද්ධියක් ඇති මිනිහෙකුට තේරෙනවා දැනටමත් ඔහු වැරදිකරුවෙක් කියල.//

      RK දීල තියෙන උත්තර කියවල ඩේසි ආච්චිත් විලියෙන් රතු වුනාලුද? ඔයා මැරිලා ඉපදිලාද මේ ලියන්නේ? ඔයා නාමල්ලා, යෝශිතලා, බැසිල්ලා උසාවියෙදි / පරීකශනවලදි දෙන උත්තර දකින්නැති බබෙක්ද?? ඒවා ඔයාට තේරෙන්නැත්තේ ඒ වෙලාවට ඔයා බුද්ධියක් නැති මිනිහෙක් වන නිසාද?

      - Dimithri

      Delete
    3. //හොදට මතක තියාගන්න ලොක්ක මහින්ද රාජපක්ෂ ට විරුද්දව මෙවැනි චෝදනාවක් තවම ඉදිරිපත් වී නැති බව. //

      //පැරා දැන් අවුරුදු 2ක් ගිහිල්ල දැවැන්ත මුදලක් සොරකම් කල බවට කිසිම පිළිගතහැකි චෝදනාවක් නෑ මහින්දට//

      අන්න බලලා මල්ලෙන් එලියට පැන්නා.. පන අදින මැදමූලන වනචරය රවි පිටින් බලයට ගේන්න ආස ඇති නේද... ඔහෙලට රැවටෙන්න පි බූරුවො නෙමේ... කොහොමත් ඔහේ යූඑන්පී විරෝදී, බටහිර විරෝදී, රනිල් විරෝදී ජාතිකවාදී ගොබ්බයෙක් උනාට අපිටනම් ඒකාධිඅති වනචරයො ආපහු බලයට ගේන්න පිස්සුවක් නෑ... මරා වගේ කාලකන්නි පාපතරයෙක් එක්ක අවු.10 දුක්විදලත් ඔහෙල වගේ ගොබ්බයින්ගෙ වහල්කම යන්නෙ නැති හැටි...

      Delete
    4. @ලාංකික සිතුවිලි...
      අත් අඩංගුවට ගැනීමට නියමිතව ඇතැම් පුද්ගලයන්ට news එක කලින් ලබාදීමෙන් රෝහල් ගතවන්නට කල් ලබාදෙන නිලධාරියාද දපු. ලිවේ. බව මීට කලින් හෙළිදරව් වූ බව ඔබ නොදන්නා බව පෙනේ.
      නන්දසේන රාජපක්ෂගේ (නරා) අත්සන තවම තහවුරු කරගන්න බැරිව අවුරුදු 2ක් ගතකළ නීතිපතියේ ඇත්තෝ බැදුම්කරේට අයත් පිටු 8000 ක සටහන් දින දෙකෙන් කියවා තේරුම් කරගෙන ඇති බවද ඔබ නොදන්නා බව පෙනේ.
      නීතිපතියේද තවම මරාගේ ලංකික සිතුවිලි රජයන බව ඔබ නොදන්නා බව පෙනේ.
      එයට විජේදාස රාජපස්ස (විරා) උපරිම තල්ලුව දෙන්නේ ලක්ෂ 62 ක ජනතාවගේ බලාපොරොත්තු සුන් කරමින් බව ඔබ නොදන්නා බව පෙනේ.
      ලාංකික සිතුවිලි .. නින්දෙන් අවදිවෙන්න ........

      Delete
    5. @LS, ගූ කප්පරක් ඔලුවෙ තියාගෙන රවි ගැන කතා කරන්න එනවා!

      දුමින්ද සිල්වා උසාවියේ දී පුකෙන් හිනා යන උත්තර දෙනකොට, හේතු දක්වනකොට ඔයා මොන්ටිසෝරි වයසෙ පොඩි ලමයෙක්ද?

      //......අවුරුදු 2ක් ගිහිල්ල දැවැන්ත මුදලක් සොරකම් කල බවට කිසිම පිළිගතහැකි චෝදනාවක් නෑ මහින්දට හෝ ඔහුගේ පවුලට වුරුද්දව හැබැයි පැරෝ රවිට විරුද්දවන් නම් ඕන්න තියනවා චෝදනා, ඉදිරිපත් වෙලා බුද්ධිමත් ජනතා මනස ඉදිරියේ වරදකරු වෙලත් ඉවරයි.//

      මහින්ද සහ එයාගෙ පවුල බුද්ධිමත් ජනතා මනස ඉදිරියේ හොරකමටයි, මිනීමැරුම් වලටයි, අතුරුදහන් කිරීම් වලටයි, ජඩ කම් වලටයි, මැරකම් වලටයි වරදකරුවන් වෙලා ඉවරයි ඔයා නොදන්නවා උනාට. ඔයා කියන බුද්ධිමත් මනස තියෙන්නෙ කාටද? ජී එල් පී, බන්දුල ගු, දිනේශ් ගු වගේ අයටයි ඒ ගොල්ලන්ගෙ වහල්ලුන්ටයිද?

      - Dimithri

      Delete
    6. //රෝහල් ගතවන්නට කල් ලබාදෙන නිලධාරියාද දපු. ලිවේ. බව මීට කලින් හෙළිදරව් වූ බව ඔබ නොදන්නා බව පෙනේ.//

      ඔහු මේ තනතුරට පැමිණියේ මාස කීපයකට පෙර බව ඔබ දන්නවාද? මිට හේතුවුනේ ජනාධිපති බව ඔබ දන්නවාද ?

      Delete
    7. මේ දෙගොල්ලම කඩේ යන හැටියටත්, ජංගි හෝදන හැටියටත් මට නම් හිතෙන්නේ මේ රට හදාගන්න තව පරම්පරා ගානකටවත් බැහැ. ආපස්සටමයි ගියර් එක දාන්නේ. ඒවට තමයි මිනිස්සු කැමති. කරුමයක්ම තමයි. එක්කෝ සල්ලිවලට අහුවෙලා, එක්කෝ ජාතියට අහුවෙලා, එක්කෝ ආගමට අහුවෙලා. ඒත් නැත්නම් එක එක අයගේ එඩියුකේශනල් පොර පත්‍රිකා හෝ ටෝක්ස්වලට අහුවෙලා. එකෙක්වත් නිදහස් නැහැ.

      Delete
    8. දැන් ඒකට උත්තරේ ජනාධිපති එලවලා මැදමූලන යක්ශයාව බලයට ගේන එකද?

      Delete
  10. රවී කරුණානායක නියම මහත්මයෙක් විදියට මේ වෙලාවේ කටයුතුකළ යුතුයි ඔහු නිසයි ආණ්ඩුව මේ තම හෑල්ලු වෙන්නේ

    ReplyDelete
  11. මීට වඩා ගණන් ගහපු අයත් අස්වුණේ නැහැ. ආයිමත් එන්න බලාගෙන ඉන්නවා. ඒවුණාට අස් වුණොත් ඒකෙන් මෙච්චර කල් තිබ්බ වගකීමක් නොගැනීමේ ක්‍රමයට වෙනසක් එනවා. ඉදිරියෙදී මෙවන් අවස්ථාවකට පත්වුණ කෙනෙකුටත් අස්වෙන්න බලකරන්න ශක්තියක් සමාජයට ලැබෙනවා. ඒ වෙනුවෙන්වත් අස් විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. නරකද ඉයන් සල්ලිගත්ත නිසා සුවර්ගෙට යනකොට ඔය අස්වියයුතු ඔබ කියන අයත් කතාකරගත්තොත් ..සුභ ගමන් ඉයන්

      Delete
  12. රවී අස්වෙනකම් බලන් ඉන්න ඕන නැහැ. බෙල්ලෙන් අල්ලලා එලියට දාන එක මෛත්‍රීගෙ-රනිල්ගේ යුතුකමක් වෙන්න ඕන. කොමිසමෙන් පස්සේ නඩු දාලා දඬුවම් දෙන්නත් ඕන. දේපල රාජසන්තක කරන්න ඕන. ඒත් ඕවා නොකරන එක නම් බුදු ශුවර්.....තියෙන නඩු යටගහගෙන ඉන්න රටේ , අලුත් නඩු ගැන කවර කතාදා...

    ReplyDelete
    Replies
    1. Aruna PereraAugust 7, 2017 at 2:26 PM,
      //බෙල්ලෙන් අල්ලලා එලියට දාන එක මෛත්‍රීගෙ-රනිල්ගේ යුතුකමක් වෙන්න ඕන//

      රවිව බෙල්ලෙන් අල්ලලා එලියට දාන්න ඕනේ නම් රනිල් වත් බෙල්ලෙන් අල්ලලා එලියට දන්න ඕනේ

      Delete
    2. ඔය ඔක්කොම දවල් හින ලොක්කා යුරෝපයේ ඉන්න උඹත් ඕය වගේ හීන දකිනවනම් ලංකාවේ ඉන්න එවුන් දිවා රෑ නොබලා නිදාගනියි ඕවා බලන්න කොහේ ගියත් අපි අපේ සංස්කෘතිය වෙනස් කරගන්න කැමති නැනේ බන්

      Delete
    3. බෙල්ලෙන් අල්ලලා එලියට දාන්න ඕන රනිල්ව, මෛත්‍රීව විතරක් නෙමේ තව ලොකු සෙට් එකක් ඉන්නවා. බෙල්ලෙන් අල්ලලා කෙසේ වෙතත් පුකට පයින් ගහලා එලියට දාපු එවුනුත් දැන් පුකෙන් මාල ගොතනවා. තමිල්නාඩු, හරාරේ, මැදමූලන සහ කලම්බු සෙවන් දේශපාලනේ..නොදකින්...

      Delete
  13. /**
    යහපාලනය කියන්නෙ හොඳ සටන් පාඨයක්. හැබැයි එය යථාර්ථයක් කරන්නට නම් රටකට හොඳ නායකයන් අවශ්‍යයි. හොඳ නායකයන් බිහි වෙන්නෙ හොඳ සිවිල් සමාජයක් තියෙන තැනක. හොඳ සිවිල් සමාජයක් බිහි වෙන්නෙ හොඳ පුරවැසියන් සිටින තැනක. මේ කිසිවක් නැති තැනක යහපාලනය දැඩි කොන්දේසියක් කර ගන්නට ඕනැ නැහැ.
    */

    මචං පැරා,

    උඹ ඔය මහින්දට ඡන්දෙ දෙන එවුන්ව වැඩිය ආස්සරේ කොරන්න යන්න එපා.

    "මේ කිසිවක් නැති තැනක යහපාලනය දැඩි කොන්දේසියක් කර ගන්නට ඕනැ නැහැ." වගෙ ගොං කතා උංගෙ ඔළුවල තිබිලා තමයි, දැන්, උඹේ ඔළුවටත් ඇවිත් තියෙන්නෙ. මොකද 2015 ජනාවරි 8ට ඉස්සර, උඹ ඔය වගේ පසුගාමී අදහස් දැරුවයි කියලා අපිට නම් මතක නෑ. මහින්දගේ බයියො තමයි, යහපාලනය කියන්නේ, සුන්දර සංකල්පනාවක් මිස කොරන්න පුළුවන් මගුලක් නෙමෙයි කියලා කිය කිය හිටියේ.

    එක අතකට, ගණදුරු මැදියම දකිනෙමි අරුණළු, අරුණළු සෙරෙන් අරුණෝදයට, වගේ පොත් වලින් මාර්ක්ස්වාදය කියවපු උඹ දැන්, යහපාලනය ගැන බයියන්ගේ ඉගෙන ගන්න එකේ පුදුමයක් නෑ.

    මේ ළඟදි ඩොකෙකුත් කියලා තිබුනා, උඹ ඒ ඩොකා ඉස්සරහා පාපෝච්චාරණය කළා කියලා උඹට ගුණදාස අමරසේකරව බලපෑවා කියලා.

    [සමාජ ප්‍රගමනයට මූලිකවම හේතුවෙන්නේ, නිශ්පාදන බලවේගවල වර්ධනය ය, නමුත්, මධ්‍යම පංතිය කියන්නේ, නිශ්පාදනයට ඍජු සම්බන්ධයක් නොමැති සුළුධනේශ්වර පංතියක් ය, කියන මූලික මාර්ක්ස්වාදී සිද්ධාන්තය උඹට නොවැටහීම] සහ [මේ රටේ වැදගත්ම පංතිය, මධ්‍යම පංතිය ය කියන ගුණදාස අමරසේකරගේ සිද්ධාන්තය ඔස්සේ, උඹ ඔය කියන සමාජවාදී පථයට අපිට යාගන්න හැකිය යන උඹේ සිහිනය] යන දෙක, එකිනෙක පෝෂණය කරන බව, උඹට නොපෙනුනාට, අපිට නම් පේනවා.

    ReplyDelete
  14. දේසප්‍රේමය නිසා රාජපක්ශගේ හොරකං වලට ඇස් වහගෙන හිටපු බයියෙක් හා යහපාලන ආන්ඩුව රැක ගන්න රවි රනිල්ගේ බැංකු සුද්දය ලෙස්සලා යවන්න යෝජනා කරන ටොයි පැරා අතර වෙනස තෝරා අගනා ත්‍යාගයක් දිනා ගන්න

    ReplyDelete
    Replies
    1. රනිල්ව රකින්න ඔනෑ රනිල් වැටුනොත් බලයට එන්නේ ඊලග දකුනු ආසියාවේ මාකෝස් වෙන්න ඉන්න මැදමූලන ත්‍රස්තවාදිය නිසා...

      Delete
  15. Lajjayi para. Obe redi Obama galogena..

    ReplyDelete
  16. රවි ව ආරක්ශා කරගෙන ආන්ඩුව ඇදගෙන ගියොත් මොකද වෙන්නේ? එලිපිට හොරමක් කලත් බේරෙන්න පුලුවන් කියලා හැමෝම දැනගන්නවා. ආන්ඩුවත් 'ඇදගෙන' යන්නේ, කොයි වෙලාවෙ වැටෙයි ද දන්නේ නෑ. රට සම්පූර්නයෙන්ම අරාජික වෙනවා. හැමෝම පුලුවන් තරම් හොරා කයි ආන්ඩුව වැටෙන්න කලින්.

    හොරු අල්ලන්න ආපු යහපාලනය හොරු රකින කොට​, මොකක්ද මහින්ද ලට ඇගිල්ල දික් කරන්න තියෙන අයිතිය​?

    මතක තියා ගන්න​. මහින්ද ගේ + ලකුනු වලට කිට්ටු කරන්න වත් මේ අයට බෑ. හැබැයි මෙයාලගේ - ලකුනු ගනන වේගයෙන් මහින්ද ගේ - ලකුනු ගනන ඉක්මවා යනවා.

    ReplyDelete
  17. අපි කියලා මොනවා කරන්නද පැරා ..... 2020 වෙනකම් බලන් ඉන්න වෙනවා ravi ව ගෙදර යවන්න ඒ යැව්වත් කොහොමද චිට් මන්තිරියෙක් වගේ ඇතුලට ආවොත් ,ඇමති කමක් ගත්තත්, අපි කියලා මොනවා කරන්නද

    ReplyDelete
  18. යහපාලනය ගැන අධි තක්සේරුවක ඉන්න පැරා වැනි අය සිතන්නේ මේ බැඳුම්කර වංචාව එලිවෙන්න හේතුව යහපාලන ප්‍රතිපත්ති කියල. මේ ආණ්ඩුව රනිල් සහ මෛත්‍රී සම්බන්ධ වෙච්ච හයිබ්‍රිඩ් ආණ්ඩුවක්. ලංකාවෙ විධායක ජනාධිපති මෛත්‍රී වුණාට, ආණ්ඩුව ගෙනි යන්නෙ රනිල් ප්‍රමුඛ රෝයල් සෙට් එක. මේ දෙපිල අතර තියෙන්නෙ සීතල බල අරගලයක්, දෙගොල්ලොම හදන්නෙ 2020 තනියෙන් ආණ්ඩුව පිහිටුවන්න. ඒ සීතල බල අරගලේ ප්‍රථිඵලයක් තමයි බැඳුම්කර ජනාධිපති කොමිසම, එහෙම නැතුව ඊනියා යහපාලන ප්‍රතිපත්ති නෙවෙයි. දැන් ඉන්න සියළුම දේශපාලකයො අඩු වැඩි වශයෙන් හොරු මිසක්, බණ්ඩාරනායකල, ඩඩ්ලි හෝ ඩී.එස් වැනි තමන්ගේ මුදල් වියදම්කර දේශපාලනය කරන පරමාදර්ශී චරිත නෙමෙයි. මෑත ඉතිහාසයේ එහෙම චරිතයක් තිබුණේ නම් ඒ ලක්ෂ්මන් කදිරගාමර් වැනි මහත්වරයෙක් පමණි. පවතින සීතල බල අරගලය, යහපාලනය පතන අයට යම් වාසියක් අත්වේ. එනම් කුමන පැත්තක හෝ අයෙක් වංචා කරයි නම්, අනිත් පාර්ශවය එය එළියට ඇදීම නිසා ජනතාවට යම් වාසියක් අත්වේ. රාජපක්ෂලාට එරෙහිව නඩු බර ගණනක් නීතිපති දෙපාර්තමේන්තුවේ අවුරුදු 2 1\2කට වඩා හිර වෙමින් තිබියදී, අර්ජුන් ඇලෝසියස්ගේ පිටු 8000කට වැඩි දුරකථන වාර්ථා දින දෙකකදී විමර්ශනයකර කොමිසම අතට පත්වීම එක් අතකින් වාර්ථාවකි. බොහෝ දෙනෙක් දොස් කියන්නේ විජේදාස රාජපක්ෂට වුවද, ඇත්ත කාරණය නම් රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධයේ පිරිස්වලට එරෙහි නඩු රනිල් පාර්ශවය විසින් ප්‍රමාද කිරීමයි. හේතුව ඒකාබාද්ධය හරහා මෛත්‍රිපාල පාර්ශවය දුර්වල කිරීමයි. රාජිත, පාඨලී සහ මෛත්‍රී පාර්ශවයට සහය දෙන පිරිස්වල නඩු එම පාර්ශවය විසින් ප්‍රමාද කරමින් සිටී. මෙය තනිකරම දේශපාලන ගේම් එකකි. ඇත්තටම රවීගේ ඉල්ලා අස්වීමට වැඩි ඉඩක් ඇත. දඬුවම් දෙන්නේ නම් අගනේය. නමුත් බොහෝවිට සිදුවනු ඇත්තේ නඩුව වසර ගණනාවක් ඇදී ගොස් අවසානයේ රවී එවකට පවතින ආණ්ඩුවේ ප්‍රධානියාගේ දෑත් ශක්තිමත් කරන්නට යාමෙන් නඩුව විසිවී යාමයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා