උත්සව ධනවාදය ගැන සංවාදයක් අරඹමු

කේක් 
උත්සව ධනවාදය (Event Capitalism) කියන්නේ ධනවාදී පාරිභෝජනවාදයේ ඉතා නරක ප්‍රවණතාවක්. උත්සව ධනවාදය කියන්නෙ ධනවාදය ගැන අතැඹුලක් සේ දත් බවට පොර ටෝක් දෙන වාමාංශිකයන්ට අහු නො වෙච්ච, හැබැයි ඔවුනුත් අහු වෙච්ච සීන් කෝන් එකක්. 

මේ වන විට එය මුළු ලෝකය ම වසා ගනිමින් පැතිරෙමින් තිබෙනවා. එමගින් ලෝකයේ සම්පත් විශාල ප්‍රමාණයක් අනවශ්‍ය, අධික පරිභෝජනය හරහා විනාශ කර දමනවා. 

සරලව කිව්වොත්, උත්සව අවස්ථාවක ඔබ මත්පැන් බොන, බයිට් කන මළ පෙරේත ස්වභාවය ගැන ආපසු සිතා බලන්න. 

දැන් මගෙන් අහන්න එපා උත්සව ධනවාදය කාගේ සංකල්පයක් ද, ඒක ගැන කියල තියෙන්නෙ කවුරුද අරවා මේවා. මේ යෙදුම සකසා ගන්නට ඉවහල් වුණේ මේ වන විට උත්සව සංවිධානය කිරීම සඳහා පවත්නා සමාගම්වල නාමයයි. ඒවාට කියන්නෙ Event Management Companies කියලායි.

උත්සව ධනවාදය ගැන මා ලියපු ලිපිය මම රාවයට යැව්වා. පළ වුණත්, නැතත්, මේ සතියෙ සිකුරාදා වන විට බ්ලොග් එකටත් දාන්නම්. 

මේ ගැන මා ලියන්නට සිතමින් සිටින කාලයේ පිලිප් ශාන්ත මේ ගැන තබපු සටහන් දෙකක් මා සේව් කරගෙන තිබුණා. පහත පළ වන්නේ ඒවායි. 

ධනවාදය (Festival Capitalism) ආපදා ධනවාදයේ (Disaster Capitalism) උප කුලකයක් ද?
=============================================
රජය මගින් කැලැන්ඩර් උත්සව පැවැත්වීම ආණ්ඩු බේදයකින් තොරව කරන්නක් බව මීට ඉහත දී මම පැහැදිලි කළෙමි. ඒ අනුව විවිධ සම්ප්‍රාදායී උත්සව සදහා සෙනග ඒකාරාශී කර විශාල වියදමක් දරමින් උත්සව පැවැත්වීම අර්ථ විරහිත වුවත් ඒවායේ ප්‍රතිලාභය ගලා යන්නේ සිද්ධි කළමනාකරුවන්ට (Event Managers) බව මම පැහැදිලි කළෙමි. ඔවුන් මැතිවරණයක දී බලයට පත්වන පක්ෂයේ ප්‍රචාරක කළමනාකරුවන් වූ අතර ඒ වැය බර උපයා ගන්නේ බලයට පත්වූ ආණ්ඩු පවත්වන රාජ්‍ය උත්සව වලිනි.

එම ක්‍රියාවලිය මගින් උපරිම ලෙස තම ප්‍රචාරක කළමනාකරුවන්ට මුදල් උපයා ගැනීමට වරප්‍රසාදය උදා කර දුන්නේ රාජපක්ෂ රෙජීමය විය යුතුය. 2500 බුද්ධ ජයන්තිය සමරමින් ඔවුන් කෙතරම් නම් ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යමින් රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් තම හෙන්චයියන්ට මුදල් කොල්ල කා ගැනීමට ඉඩ දුන්න ද?
මේ ආණ්ඩුව ද එමම කරමින් සිටී. විවිධ උත්සව විශාල පරිමාණයෙන් පවත්වමින් තම සහචරයන්ට මුදල් හම්බ කර ගැනීම සදහා අවස්ථාවන් නිර්මාණය කර දෙමින් සිටී. මෙවර පවත්වන ලෝක වෙසක් උත්සවය නිමිත්තෙන් ද එවැනි මුදල් අවභාවිතයකට උත්සාහ දරමින් සිටී.
ජනාධිපති ලේකම් කාර්යාලයේ චක්‍ර ලේඛයකට අනුව රජයට අයත් සැම ආයතනයකම 12 x 5 ප්‍රමාණයේ බැනරයක් ප්‍රදර්ශනය කරමින් එම උළෙලට සුභ පැතිය යුතුය. එසේ සුභ පැතීමෙන් මේ රටේ මිනිස්සුන්ට වන විශේෂ වාසිය කුමක්දැයි පැහැදිලි නැත. එහෙත් එවැනි ප්‍රමාණයේ බැනරයක් නිර්මාණය කර ප්‍රසිද්ධ කිරීම අනිවාර්යෙන් කළ යුත්තකි.

12 x 5 ප්‍රමාණයේ බැනරයක් ඩිජිටල් තාක්ෂණයෙන් නිර්මාණය කර ගැනීමට අවම වශයෙන් රුපියල් 3000ක් පමණ වැය වේ. එවැනි මුදලක් ලංකාවේ සියළු රාජ්‍ය ආයතනයන්ගෙන් වැය කළ විට කෙතරම් නම් මහජන මුදලක් අවභාවිතා වේද? වඩාත් හාස්‍ය වන්නේ එමගින් කිසිම ධනාත්මක වාසියක් අත් නොවීමයි.
මට හිතෙන්නේ මෙය උත්සව ධනවාදය (Festival Capitalism) ලෙසයි. උත්සවයක් නිර්මාණය කර ගනිමින් එය යොදාගෙන තම හෙන්චයියන්ට රජයේ මුදල් උපයා ගැනීමට අවස්ථාව සලසා දීම එහි අරමුණයි.


උත්සව පැවැත්වීමේ ධනවාදය (Event Management Capitalism)

=============================================
දින දර්ශනයට අනුව සිද්ධීන් අළලා රාජ්‍ය උත්සව පැවැත්වීම දැන් සාමාන්‍ය දෙයක්. එදා මෙදා තුර සෑම ආණ්ඩුවක්ම මෙවැනි උත්සව පැවැත්වීමට දක්වන්නේ දැඩි කැමැත්තක්. මේ උත්සව පැවැත්වීමේ අර්ථය හරිම අහිංසක වෙන්න පුළුවන්. ඒත් ප්‍රශ්නය වන්නේ රාජ්‍ය ධනය වැය කරමින් පවත්වන මේ උත්සව වල අවසන් ප්‍රතිලාභය (Outcome) කුමක්ද යන්නයි.

උදාහරණයකට පසුගිය දා පැවැති ලෝක ළමා දිනය සැමරීම සදහා ජාතික උත්සවයක් මෙන්ම ප්‍රාදේශීය උත්සවයන් ද රජයේ අනුග්‍රහයෙන් පැවැත්වූවා. එදාටම යෙදී තිබූ ලෝක වැඩිහිටි දිනය සැමරීමට ද මෙවැනිම උත්සව පැවැත්වූවා. ඇත්තටම මේ උත්සව හරයාත්මකව ගත්විට කතා සාප්පු පමණයි. එමගින් සමාජයට ලැබෙන ප්‍රතිලාභයක් නෑ.

නමුත් අප මෙහි නොදකින පැත්ත තමයි මේ උත්සව පැවැත්වීමේ අරමුණ. ඕනෑම ආණ්ඩුවක් බලයට පත්වන්න මැතිවරණයකට තරග කරන විට ව්‍යාපාරිකයන් ඊට උදව් කරනවා. එසේ උදව් කළ අයට ඒ මුදල් පොළියත් එක්ක ලබා ගැනීමේ අවස්ථාවක් මේ උත්සව නිසා ලැබෙනවා. රාජ්‍ය උත්සව බොහොමයක් දැන් සංවිධානය කරන්නේ රජයේ නිලධාරීන් විසින් නෙවෙයි. ඒවා උත්සව කළමනාකරන (Event Management Company) සමාගම් වලට පවරනවා. එවැනි සමාගම් පවත්වාගෙන යන්නේ අළෙවිකරණ ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන්.

තමන්ට මැතිවරණයේ දී උදව් කළ ව්‍යාපාරිකයන් ඒහි භික්ඛුභාවයෙන් උත්සව සංවිධාකයන් බවට පත් කර වියදම් වූ මුදල් පොළියත් සමග ලබාගැනීමට අවස්ථාවක් උදා කර ගැනීම තමයි වැඩි වැඩියෙන් රාජ්‍ය උත්සව පැවැත්වීමේ අරමුණ. ඒ නිසා පත්වන ඕනෑම ආණ්ඩුවක් වටා මෙවැනි මහජන මුදල් උරා බොන්නන් (Blood Suckers) පෙළ ගැසී සිටිනවා. හිටපු ජනාධිපතිවරයාගේ 2011 පදවි ප්‍රාප්ත උත්සවය වෙනුවෙන් නිදහස් චතුරඝ්‍රයේ පැවැත්වූ ප්‍රදර්ශනයකට මේ අන්දමින් රුපියල් මිලියන 62ක් වියදම් කළා. එහි උත්සව සංවිධායකයා වූයේ ඒහිභික්ඛුභාවයෙන් උත්සව සංවිධායකයෙක් වූ ප්‍රබල ඇමතිවරයකුගේ සහචරයෙක්.

ඒ සංස්කෘතිය දැනුත් වෙනස් වී නෑ. ආණ්ඩුව වටා හා ආණ්ඩුවේ දේශපාලකයන් වට පොදි ගැසී සිටින ව්‍යාපාරිකයන් උත්සව සංවිධානය වෙනුවෙන් මහජන මුදල් කොල්ල කනවා. මෙය උත්සව සංවිධානයේ ධනවාදය ලෙස හදුන්වන්න පුළුවන්.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. දළදා මාළිගයේ ඇති රන් වියනේ රන් ආලේපය සඳහා රුපියල් මිලියන 250ක් ආණ්ඩුව පරිත්‍යාග කල බව පත්තරවල තිබුණා. මේකට කියන්නෙ ආගම් මේනියා ධනවාදයද? මේ කොන්ත්‍රාත් එක ගන්න එකා ඒකෙන්ම ගොඩ!

    ReplyDelete
  2. මූල්‍ය නීති රීතිවලට පටහැනිව, ටෙන්ඩර් පටිපාටියකින් තොරව හිතූ මතේ මේ සඳහා කොන්ත්‍රාන්තු ලබා දීම විශාල මූල්‍යමය වරදක්.

    නමුත්, රජයේ වියදම් යනු ආර්ථිකය උත්තේජනය කිරීමේ එක් ක්‍රියාවලියක් බව අමතක නොකළ යුතුයි.

    ලේක් හවුසියම ඒ ආකාරයේ රජයේ වියදමක් නේද?

    ReplyDelete
  3. ලේක් හවුසියම ඒ ආකාරයේ රජයේ වියදමක් නේද? ....///

    ඇයි ඔබතුමාට එක අවුලක්ද එක ලංකාවේ බදු ගෙවන ජනතාවගේ ප්‍රශ්නයක් ඔබ තුමා රජට බදු ගෙවන්නේ නැහැනේ

    ReplyDelete
    Replies
    1. ලංකාවේ විතරක් නෙවේ උස්බෙකිස්තානේ, සිම්බාබ්වේ, අර්ජෙන්ටිනාවේ වියදම් ගැනත් ඔයවගේ ටෝක් දෙනවා.
      කසනවලුනේ. පව්.

      Delete
    2. මා ලංකාවේ බදු නොගෙවන අයෙකු යැයි ඔබ පවසන්නේ කෙසේද? ඔබ තරම්ම නොවුනත්, මාත් බදු ගෙවනවා. ඒ සමගම විදේශ විනිමයත් ලබා දෙනවා.

      එසේ බදු ගෙව්වත් නැතත්, මා ශ්‍රී ලාංකික පුරවැසියෙකු බව අමතක නොකරන්න.

      එසේම, මා පවසා ඇති මූලික අදහස ඔබට වැටහී නැති බවයි පෙන්නේ?

      Delete
  4. වැඩි කාලයක් අගමැති කම කරන්න හිතාගෙන බණ්ඩාරනායක තමන් දිව්රුම් දෙන නැකත පැය භාගයකින් ප්‍රමාද කලාලු. අන්තිමට වෙඩි කාල මළා. දළදා මාලිගාවේ ඔය රන් විමන හදපු ප්‍රේමදාස ඕක කලේ භාරයක් ඔප්පු කරන්න කියලයි ඒකාලේ පත්තරවල තිබුනේ. අන්තිමේදී මිනිහා බෝම්බෙට අහුවෙලා මළා. එකෙක්වත් පාඩම් ඉගෙනගන්න පාටක් පේන්න නම් නැහැ. රට කරවන මහතුනි. කවද්ද බොලව් තොපි මනුස්සයෝ (මන+උස්ස) වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ඇයි, තුන් වැනි වතාවටත් ජනාධිපති වෙන්න දඟලපු මහින්ද රාජපක්ෂ, සුමනදාසගේ උපදෙස් පරිදි නැකතට මැතිවරණ කොමසාරිස්ගේ පුක පැත්තෙන් නාම යෝජනා දීලා පැරදුණු එක..... මේ වගේ නූගත්, මෝඩ, හාල්පාරු දේශපාලුවෝ ඉන්නකම් රටට හරි යන්නේ කොහොමද?

      Delete
  5. රටක දේශපාලකයන්ගෙන් පිළිබිඹු වන්නේ එම රටේ ජනතාවයි.

    පන්සලකට නොයන දේශපාලකයා , තම ඥාතියාගේ මල ගෙදර බණ ගෙදර නොපැමිණි දේශපාලකයා කෙරෙහි පිළිකුල් කරන ශ්‍රෙෂ්ඨ සංස්කෘතියක් ඇති ජනතාවක් නියෝජනය කරන මේ දේශපාලකයන් එක අතකින් අසරණයි (?)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා