මීළඟට මත්තල ය. දේශද්‍රෝහීනි, විකුණනවා ය කියන මන්තරය සහිත සටන් පාඨ ලෑස්ති කර ගනු!

ප්‍ර‍තිගාමී මහින්ද රාජපක්ෂ රෙජිමේ හා ඔවුන් සමග අශුද්ධ සන්ධානයක් ගොඩනගාගෙන සිටින වාමාංශිකයන්ගේ අලුත් ම විලාපය හම්බන්තොට වික්කා ය යන්න ය. ඇත්තෙන් ම මෙය විකිණීමක් ද?

බදු දීමක් යනු විකිණීමක් නො වේ. දිගු කාලීන බදු දීම් යනු එතරම් වාසිදායක ගනුදෙනුවක් නො වන බව ඇත්තකි. එහෙත්, හම්බන්තොට අලුතෙන් වරාය ව්‍යාපාරයක් ගොඩනැගීමේ ධාරිතාව ශ්‍රී ලංකා වරාය අධිකාරියට හෝ වෙනත් ව්‍යවසායකයකුට නැත. එසේ නම්, කළ යුතුව තිබෙන්නේ එය කළ හැකි ව්‍යවසායකයකුට බදු දීමයි. එවැනි බදු ගිවිසුම්වලදී ව්‍යවසායකයාට පාඩු සිදු වන, බදු දෙන්නාට අසීමිත වාසි සිදු වන ගනුදෙනු සිදු වන්නේ නැති බව තේරුම් ගන්නට සරල ව්‍යාපාර ඥානයක් තිබීම ප්‍ර‍මාණවත් ය.

ගත් ණය ගෙව ගෙවා ජාතිය වෙනුවෙන් වේලෙන වරායක් සේ හම්බන්තොට රැක ගන්නවා වෙනුවට, යම් වෙනසක් සිදු කර, එන ගැටලුවලට මුහුණ දෙමින් ඉදිරියට යාම ඉතා ඉදිරිගාමී පියවරකි. ආණ්ඩුවට ඒ සඳහා තිබෙන එඩිතරකම අගය කළ යුතු ය. ඉදිරියේදී මතු වන අභියෝගවලට සුබවාදීව මුහුණ දීමට අපි රජයට දිරි දිය යුතු ය. 

හම්බන්තොට වරාය සංවර්ධනය වන්නේ නම්, ඒ ආශ්‍රිතව සිදු වන තවත් සංවර්ධනයන් රැසක ප්‍ර‍තිඵල ඒ ප්‍රදේශයේ ජීවත් වන ජනතාවටත්, පොදුවේ සමස්ත ලාංකිකයන්ටත් අත්පත් කර ගත හැකි වනු ඇත. ඒවා මේ ගනුදෙනුවට ඍජුව අදාළ නැත.

මේවාට විරුද්ධ වන පිරිස් අතරින් බලයට පැමිණ රට පාලනය කිරීමේ උවමනාවක් හෝ තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂයට පමණි. ඔවුන්ට තිබෙන මූලික ගැටලුව දූෂණයේ උල්පත් අහිමි වීම හා පෙර වැරදිවලට එරෙහිව ඇති නඩුවලින් කෙසේ ගැලවෙන්නේ ද යන්නයි. ඔවුන් බලයට පැමිණි විට හම්බන්තොට වරාය යළි රජයට පවරා ගන්නා බව කියයි.

එවැනි මරිමෝඩකම් කිරීමේ ඉතිහාසයක් ඔවුන්ට තිබේ. ව්‍යවසායකයකු යටතේ හොඳින් පවත්වාගෙන ගිය ශ්‍රීලංකන් ගුවන් සේවය රජයට පවරා ගැනීම එවැනි එක් පළමු පන්තියේ මුග්ධකමකි. පසුගිය වසරේ ශ්‍රීලංකන් පාඩුව රු. බිලියන 6.5ක් විය.

එවැනි හිතුවක්කාර මෝඩයන් පිරිසක් නැවත බලයට පත් කර නො ගත යුත්තේ ඇයි ද යන්න පැහැදිලි ය. අප විසින් කළ යුතුව තිබෙන්නේ 2020 දක්වා බලයේ සිටීමට ජනවරමක් ඇති ආණ්ඩුව හරහා වඩා හොඳ තත්වයක් නිර්මානය කර ගන්නට උත්සාහ කිරීමයි.

වාමාංශිකයන්ගේ උද්ඝෝෂණ නරක ම නැත. ආණ්ඩුව තුලනය කිරීම සඳහා විරෝධයක් අවශ්‍ය ය. එහෙත්, විප්ලවීය ෆැන්ටසි හරහා කඩාකප්පල්කාරිත්වයටත්, තරුණ පරපුරෙන් කොටසක් බිලි දීමටත් ඔවුන්ට ඉඩ නො දිය යුතු ය. වාමාංශිකයන් ඉච්ඡා භංගත්වයට පත් නො කර, ඔවුන්ට කාලා ඇඳලා, විරෝධයක් දක්වාගෙන, ව්‍යාපෘතියක් කරගෙන, මහජන නියෝජිත ආසන කීපයක් ද හිමි කරගෙන, මීඩියා රංගනයක් කරගෙන, ඔවුන්ගේ කැලැන්ඩර්වල තිබෙන අභිචාර ටික පවත්වා ගනිමින් සිටින්නට ඉඩකඩ සලස්වා දිය යුතු ය.  

හම්බන්තොට වරාය 2011 වසරේ සිට මේ දක්වා රු. බිලියන 47ක් පාඩු ලබා තිබේ. ඒ වෙනුවෙන් ලබා ගත් ණය හා පොළී ගෙවීමට පමණක් වසරකට රු. බිලියන 9.1ක් වෙන් කළ යුතු ය. මේ වනාහි මහජන මුදල් ය. ජනතාවට වඩා යහපත් ජීවිතයක් ගත කිරීමට තිබෙන සල්ලි ය.

හම්බන්තොට තිබෙන අන්දමින් තබා ගැනීම කොයි තරම් දේශද්‍රෝහී, ජනතා ද්‍රෝහී ක්‍රියාවක් ද යන්න දැන්වත් පැහැදිලි වනු ඇත.

මත්තල ගුවන් තොටුපළ අනෙකයි. රු. බිලියන 38.5ක් වැය කර හදන ලද මේ ගුවන් තොටුපළට පියාඹන්නේ මැස්සන් ය. එහි මාසික ආදායම දැනට රු. ලක්ෂ 30-40 අතර වේ. වියදම මසකට රු. ලක්ෂ 250කට අධික ය. මෙය හැදීමට ගත් ණය හා පොළී වෙනුවෙන් වාර්ෂිකව රු. බිලියන 3.6ක් වැය වේ. එනම් මාසිකව රු.ලක්ෂ 3000ක් වෙන් කළ යුතු ය.

මාසිකව රු. ලක්ෂ 30ක ආදායමක් හා රු. ලක්ෂ 3250ක වියදමක් ඇති බිස්නස් එකක් ගැන හිතන්න. පිස්සු හැදෙනවා නේ ද?

මීළඟට මත්තල ය. දේශද්‍රෝහීනි, විකුණනවා ය කියන මන්තරය සහිත සටන් පාඨ ලෑස්ති කර ගනූ!


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. //බදු දීමක් යනු විකිණීමක් නො වේ. දිගු කාලීන බදු දීම් යනු එතරම් වාසිදායක ගනුදෙනුවක් නො වන බව ඇත්තකි.//

    මෙය අවුරුදු 99ට බදු දෙනවා කියන්නේ මොකද්ද පැරා ඔබේ ජිවිත කාලයේත් මගේ ජීවිතකාලයත් ඔබට දරුවන් සිටිනම් ඔවුන්ගේ ජිවිත කාලය තුළවත් මෙය ශ්‍රී ලංකාවට අයිති තැනක් නෙමෙයි. මෙහි විකුනුවයි බදු දුන්නයි අතර ඇත්තේ වචන වල වෙනසක් පමණයි.

    //හම්බන්තොට වරාය 2011 වසරේ සිට මේ දක්වා රු. බිලියන 47ක් පාඩු ලබා තිබේ. ඒ වෙනුවෙන් ලබා ගත් ණය හා පොළී ගෙවීමට පමණක් වසරකට රු. බිලියන 9.1ක් වෙන් කළ යුතු ය. මේ වනාහි මහජන මුදල් ය. ජනතාවට වඩා යහපත් ජීවිතයක් ගත කිරීමට තිබෙන සල්ලි ය.//

    පැරා මේ රජය 2015 දී සිට මේ දක්වා තෙල් පිරිපහදුවක් සෑදීමට අද අර්ජුන මගේන්ද්‍රන් සේවක අර්ථසාදක අරමුදලට කල පාඩුවට සමාන මුදලක් ආයෝජනය කලානම් පුළුවන් නේද ?

    එහෙම උනානම් මේ මුදල අද ණය වාරිකය සහ පොලිය සම්පුර්ණයෙන් ගෙවීමට ප්‍රමාණවත් නේද ?

    කොහොම උනත් අතිවිශාල ආර්ථික ක්‍රියාවලික් චීනය පටන්ගත් තොත් අපට එහි වාසි ලැබෙනවා නමුත් එකෙන් කියන්නේ නෑ අපි කරලා තියෙන්නේ හොදම තෝරාගැනීම කියල.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ දේශපාලකයන් වනාහි සොරකමට යොමු කරන ලද දේශපාලන ක්‍රමයකින් බිහි වන්නන් පිරිසකි. පුරවැසියන් කළ යුතුව තිබෙන්නේ එවැනි දේශපාලකයන් බිහි කරන දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය කටයුතු කිරීමයි. ඒ සඳහා දූෂණයෙන් තොර දේශපාලනඥයන් සොයන්නට යන එක තේරුමක් නැත.

      මහ බැංකු බැඳුම්කර කොමිෂම ඔස්සේ සිදු වන ක්‍රියාවලිය අපට කළ හැකි දේ සංකේතාත්මකව නිරූපණය කරයි.

      2015 ජනවාරි 8න් පසුවත් ඉන්නේ ඒ දේශපාලකයන් ම ය. ඔවුහු සොරකම් කරති. හැබැයි දැන් විමර්ශනත් සිදු වේ.

      රජය මහජනතාවට වගකියන තත්වයට ගොඩනගා ගත හැකි නම් ආණ්ඩුව මෙච්චල් කරන එක අමාරු නැත.

      Delete
    2. /////මෙය අවුරුදු 99ට බදු දෙනවා කියන්නේ මොකද්ද පැරා ඔබේ ජිවිත කාලයේත් මගේ ජීවිතකාලයත් ඔබට දරුවන් සිටිනම් ඔවුන්ගේ ජිවිත කාලය තුළවත් මෙය ශ්‍රී ලංකාවට අයිති තැනක් නෙමෙයි. මෙහි විකුනුවයි බදු දුන්නයි අතර ඇත්තේ වචන වල වෙනසක් පමණයි.//////

      දැන් ඔය අටමගලේ රටට තිබුණයි කියලා ඇති වෙන සෙතේ මොකද්ද? පරපුටු දේශපාලුවන්ට ඔය ආයතන උන්ගේ හෙන්චයියලාගෙන් පුරවන්න හැකි වීම තමයි වෙන්න පුළුවන් එකම දේ.ඊට පස්සේ ඒ බරත් මහජනයා පිටට. ව්‍යාපාරිකයන්ට තවත් බදු. සියල්ලම රට වෙනුවෙන් තියා ගන්න ඕනෙ නම් ඔබතුමා වැඩි වැඩියෙන් බදු ගෙවන්න.

      Delete
  2. මහින්දගේ නිවේදනයේ කියන්නේ රුපියල් බිලියන 9.1 වරාය අධිකාරියෙන් ගෙවුබවත් දැන් එය භාන්ඩාගාරය බාරගෙන ඇති නිසා මුළු රටටම බරක් වි ඇති බවත්ය මෙය සත්‍ය විකෘති කිරීමකි . ඇත්ත වශයෙන්ම රුපියල් බිලියන 9.1ක් වරාය අධිකාරියෙන් ගෙවුබව ඇත්තය ඒක නිසා කොළඹ වරාය සංවර්ධණය සම්පුර්ණයෙන්ම ඇනහිටියේය වරාය අධිකාරිය බංකොලොත් තත්වයට පත්වෙමින් තිබුනි. එසේම හම්බන්තොට අදියර 2 නය සහ පොලිය අනුව මෙම වාරිකය ඉදිරියේ දී රුපියල් බිලියන 12 දක්වා වර්ධනය විමක් අපේක්‍ෂා කල හැකිය . මෙම මුදල පාඩුවට පවත්වාගෙන යන හම්බන්තාට වරායේ පාඩුවට අමතර වියදමයි. මෙසේ ගියානම් වරාය අධිකාරිය ඉදිරි වසර 5 තුල බංකොලොත් වි සේවකයන්ගේ රුකියා අහිමිවීම වැලැක්විය නොහැකි වී තිබුනි. එසේම මෙම නය රජයේ මැදිහත්වීම මත ගත් එකක් නිසා අනිවාර්යයෙන්ම භාන්ඩාගාරයට මෙම නය ගෙවීම සිදුවනුද ඇත.

    ReplyDelete
  3. I am wondering whether the local guy who bid for 49 percent of Srilankan is interested in leasing Mattala and setup his own international airline.

    ReplyDelete
  4. ඕව ලිව්වට වැඩක් වෙන්නෑ පැරා. අපේ උන් කියන්නේ ඕක අරගෙන චීනට දියුණු කරන්න පුළුවන් නම් අපිට බැරි ඇයි කියලා. එහෙම කරනවනම් මහින්ද ජනාධිපති කාලෙම ඕක කරන්න තිබුණනේ කියලා ඇහුවම කවුරුත් කතා නෑ. අනික දැන් ආණ්ඩුවට ඕක දියුණු කරන්න නම් එකට සල්ලි කෝ ඇහුවමත් උන්ට තේරෙන්නෙ නෑ. ඒකටත් ණය ගන්න වෙනවා කිව්වහම අහනවා මේ ආණ්ඩුව ආවේ ණය ගණ්නෑ කියලා නේද කියලා.

    මේවට උත්තර දෙන්නේ කොහොමද කියලා හිතාගන්න අමාරුයි බං.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ බහුතරයක් දන්නෙ ප්‍රශ්ණ අහන්න විතරයි. උත්තර නෑ.

      Delete
    2. ඇත්ත. ප්‍රශ්න විතරයි. උත්තර නැහැ. ඊළඟට ප්‍රශ්නයෙන් පැනගොස් නැවතත් මහින්ද වන්දනාව පටන් ගන්නවා. කියවගෙන කියවගෙන යනවා. මුන්ට නම් පිස්සු. මහා රාජාණෝ පැරදුන ෂොක් එක තියෙනවා.

      Delete
  5. //...අශුද්ධ සන්ධානයක්...//

    මේක විමල් වීරවංශ ඉස්සර හැමතැනම කියපු වචනයක්. ඇහෙන කොටත් අප්පිරියයි.

    වෙන යෙදුමක් නැද්ද?

    - Dimithri

    ReplyDelete
    Replies
    1. ඌරගෙ මාළු ඌරගෙම ඇඟේ තියල කපන එක හරි ආතල්

      Delete
  6. Your knowledge is very limited, national infrastructure assets are not always profitable in black and white. They are contributing indirectly to the economy. Not all infrastructure investments will start to earn money from day one, selling national assets is like 'Watta baddata deela esssata datha neyweemak'. You and Ian writing economic assessments using your political views which are misleading. Only credible economic assessment in our web space in from Economatta.

    ReplyDelete
  7. බදු මුදලින් වරාය සෑදීමට ගත් ණයෙන් කොටසක් හෝ ගෙව්වා ද, නැතිනම්, ණය එසේම තියාගෙන පොලී වාරික ගෙවමින් දිගටම ඉන්නවා ද?

    ReplyDelete
    Replies
    1. ඔහෙට මොකටද එක. ඔහේ එක සතයක්වත් ලංකාවේ බදු ගෙවන්නේ නෑනේ. ඔය සල්ලි දිලා ලංකාවේ පුරවැසිකම ගත්තේ අහවල් දේකටද මොනවද ලංකාවේ තියන වත්කම්

      Delete
    2. මා මුදල් වියදම් කර (විසා සඳහා) ගත්තේ ඕස්ටේ‍ර්ලියානු පුරවැසිකම ය.

      මගේ ඉඩකඩම් සහ පුන්‍ය කටයුතු ලංකාවේ ඇත.

      Delete
  8. Look at the history Rasika, no govt has taken less loans than the previous govt in our history. Will there be any change here, no way. By 2020 this govt will take more loans than MR govt, why? there is no business/economy growth, loan is the only way to maintain this bunch of politicos.

    ReplyDelete
    Replies
    1. /* loan is the only way to maintain this bunch of politicos. */

      and service debt....!!

      Delete
  9. චිනට පුලුවන්වෙන්නේත් අපිට බැරි වෙන්නේත් ඇයි?
    යුරෝපයට යාත්‍රා කරන චීන නැව් සිංගප්පූරුව මඟ හැර හම්බන්තොටින් සේවා ලබා ගනියි.එතකොට සිංගප්පූරුවට ඇදුන චිනගේ සල්ලි චීනටමයි.ඕක තමයි ක්‍රමය.අපිටත් සොච්චම් වාසියක් හරි ලැබෙයි.අතින් ණය ගෙවනවා තරම් ඒක නරකම නැහැ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා