අඩෝ භාවනා කරපිය කැ____

ස්තුතිය පෙනී සිටි පොලිස් නිලධාරියාට සහ ෆොටෝෂොප් කරපු කෙනාට 
පොලිස්පති පූජිත විජේසුන්දර සිය පොලිස් නිලධාරීන් බලහත්කාරෙන් භාවනා කරවන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ප්‍ර‍ිද්ධ ය. එසේ භාවනා නො කළේ යයි කියන අයට ඔහු තර්ජනය කරන, පහර දෙන වීඩියෝ දර්ශන අන්තර්ජාලයට නිකුත් වී තිබේ.

මහින්ද රාජපක්ෂ අඳුරු දශකය තුළදී ප්‍ර‍චණ්ඩත්වය හා අවනීතිය පොලිසිය තුළ ඔඩුදිව්වේ ය. උද්ඝෝෂණාදියට පහර දීම, අල්ලස, දූෂණය පමණක් නොව, සැකකරුවන් මරා දැමීම පොලිසියේ ඉතා සුලබ විය.

වර්තමානය වන විට පොලිසිය සාපේක්ෂ වශයෙන් කාර්යක්ෂම බව ප්‍රශංසා මුඛයෙන් පැවසිය යුතු ය. ඉහත කී ආකාරයේ සිදුවීම්වල සාපේක්ෂ අඩුවක් දක්නට ලැබේ. 

එහෙත්, පොලිස්පති යනු එක්තරා විදියක උම්මත්තකයකු බව මේ භාවනා චක්‍රලේඛයේ සිට ම පෙන්නුම් කරයි. 

භාවනාව යනු පෞද්ගලික දෙයකි. එය ආගමටත් වඩා පෞද්ගලික ය. යමෙකුට භාවනා කිරීමට බල කරන්නා ඉතා බරපතල අන්දමින් වෙනත් අයෙකුගේ පෞද්ගලිකත්වයට බලපෑම් කරයි. 

පෞද්ගලිකව මා නම් භාවනා කරන්නට කිසිදු අදහසක් නැත. මා භාවනා කර තිබේ. එයින් කිසිදු යහපතක් වේ යයි මට නම් වැටහී නැත. 

මා භාවනා කිරීමට යොමු වුණේ ආනන්ද වීරසේකරගේ පුනරුත්ථාපන වැඩසටහනක් හේතුවෙනි. එය කුමක්දැයි දැන ගැනීමට මම දින කීපයක් බැරෑරුම් අන්දමින් භාවනා කර බැලුවෙමි. අපට කමටහන් දුන් භික්ෂු නිලධාරියාට මා ඒ කියන අන්දමින් සිත එකඟ වීමක් සිදු නො වන බව පෙන්වා දුන් විට ඔහුට කේන්ති ගියේ ය. භාවනා නො කර, එසේ කරන එවුන්ගේ නහයවලට පොල් කෙඳි රිංගවමින් සිටි එකකු තමන්ට භාවනා කරන විට සුදු පාට එළියක් පෙනුණ බව කී විට භික්ෂුව ඔහුට ප්‍රශංසා කර, මට ද එසේ සිදු විය යුතු බව පැවසී ය. 

එකී භික්ෂුව අළුයම පහට අපට කමටහන් දී, අප සමග සිටි සාමනේර භික්ෂුවකට වෙනම කමටහනක් දීම සඳහා කුටියේ නවතාගෙන දොර වසා ගැනීමෙන් පසු මා ද එකී භාවනා වැඩසටහන අතහැර දමා ඒ දින කිහිපය බොරුවෙන් ගත කළෙමි. 

සිත එකඟ කර ගැනීම එතරම් ම හොඳ දෙයක්දැයි මම නො දනිමි. එහෙත්, සෙනග පිරුණු බසයක ජූඩ් රොගන්ස්ගේ යාදින්නක් සහිත සංගීත ප්‍රසංගයක් ද රූපවාහිනියේ වාදනය වෙද්දී පොතක් බලන්නට මට පුළුවන. ඒ ගානට හිත එකඟ කර ගන්නට තිබුණාම ඇති ය. මගේ ඒ ධ්‍යානය බිඳෙන්නේ ඇත්ත වශයෙන් සුන්දර ස්ත්‍රී දර්ශනවලින් පමණි. එච්චර සාන්ත දාන්ත තීන්ත කූඩුවක් වෙන්නට මට නම් උවමනාවක් ද නැත. 

බලෙන් භාවනා කරවීම, වැන්දවීම වැනි දේ පාසල්වල සුලබව සිදු වේ. මේවා කරන අය මගේ දැක්ම අනුව නම් මානසික රෝගියෝ ය. ඔවුන්ට ප්‍රතිකාර ලබා දිය යුතු ය. 

මා කිසිදු ආගමක් අදහන්නේ නැත. මට ඔය භාවනාවල් ද අදාළ නැත. බාව නෑවීමට නම් මා කැමති ය. යම් කිසිවෙකු මට බලෙන් ආගම් අදහවන්නට හදනවා නම්, මා අකැමැති භාවනාවල් මා ලවා කරවන්නට හදනවා නම් එය මගේ පුද්ගල නිදහසට එල්ල කරන බරපතල තර්ජනයකි. මගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි.  

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා...
    උඹ එක භාවනි වැඩස⁣ටහනක් නිසා නේද භාවනාව අත්හැරියෙ? ඉතින් කොහොමද බන් කියන්නෙ භාවනාවෙන් කිසිම සැනසීමක් නෑ කියල

    .

    ඉතින් උඹ කිව්ව කියල අපි ඕක හොදයි කියන්නෙත් නෑ...නරකයි කියන්නෙත් නෑ


    අ.හ.ච.ටෙ.හ.වම.ද.හා සු.ල. සංගමය

    ReplyDelete
    Replies
    1. මොකක්ද මචං ඔය සංවිධානෙ. ඒක හරියට රන්ජන් රාමනායකගෙ ඉනීෂියල්ස් ටික වගේ නෙ.

      Delete
  2. කැබිනට් මාධ්‍ය සාකච්ඡාවෙදී ඔය කාරණාව හරියට ප්‍රශ්ණ කරන්න බැරිවුණානෙ මාධ්‍යවේදීන්ට. උන්ට ඒක ෆන් එකක් වෙලා.
    ලංකාදීපෙ තරිඳු ජයවර්ධන විතරයි හරියට ප්‍රශ්ණ කරන්න උත්සාහ කළේ.

    ReplyDelete
  3. පූජිත එපා උනේ පොලිස්පති වෙන්න බෝධි පුජාවල් තිස්පහක් කලා කියල ප්‍රසිද්ධ කලාට පස්සෙ. අහිංසක මිනිහෙක්ගෙ කමීස කොලර් එකෙන් අල්ලලා තර්ජනය කරන්න පුළුවන් නම් ඒ කියන්නේ උන්දැ එක බෝධි පුජාවක්වත් හරියට කරලා නැහැ. අනුර බණ්ඩාරනායක අනුරුද්ධ රත්වත්තතෙ කෝප්‍රල් කෙනෙක් කරන්න කිව්ව වගේ මේ යකා පොලිස් කාරයෙක් කරන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. මේ පොලිස්පතිතුමා පුටුවට එන්න කලින් තම වැඩටික හරියට කරගෙන හිටියා. දැන්නම් කාටූන් සපයන්නෙක් වෙලා
      විචරක දියණිය

      Delete
    2. මේ පොලිස්පතිතුමා පුටුවට එන්න කලින් තම වැඩටික හරියට කරගෙන හිටියා....

      විචරක දියණිය ඔබ ශ්‍රීලංකා පොලිසිය ගැන දන්නේ මොනවද අවම වශයෙන් ඔහු සිටි පොලිස් කොට්ඨාශ වල සිදුවූ අකටයුතු කම් ගැන පහළ නිලධාරීන්ට ඔතනට එන්න කලින් ....නොදන්නවානම් කරුණා කර නොලියා ඉන්න එය ඉතා වැදගත් !

      Delete
    3. මේ පිලිබඳ ප්‍රධාන සිදුවීමක් වන්නේ පූජිත ජයසුන්දර විසින් 2013 සැප්තැම්බර් මාසයේ දී කාත්තන්කුඩි පොලිසියේ ස්ථානාධිපතිවරයාද ඇතුළුව පොලිසියේ 70 ක පමණ පිරිසක් පැයකට අධික කාලයක් මහපාර අයිනේ ප්‍රසිද්ධියේ දණගස්වා තැබීමයි. මේ අමානුෂික ක්‍රියාව මගින් පොලිස් නිලධාරීන් හිංසනයට ලක් කර පාරේ යන මහජනතාව ඉදිරියේ පොලිස් නිලධාරීන් අවමානයට පත් කරන ලදී.

      Delete
  4. පැරා,

    ඔබ මෙතන කරලා තියෙන්නේ පොලිස්පති කල වැරදි වැඩේ පාවිච්චි කරලා බුදුදහමේ මුලික අංගයක් වන භාවනාවට පහර දීම නේද ?

    මම දැකල නෑ කතෝලික ආගමේ පුජකයෙකුගේ වැරද්දක් පෙන්වල කතෝලික දහමට ඔබ පහර ගහනවා ඒවගේම මම දැකල නා ඉස්ලාම් දහමේ වැරදි කරපු පුද්ගලයෙක් අරගෙන ඉස්ලාම් දහමට පහර ගහනවා. උදාහරණ මොහොමඩ් තුමා අඩුවයස්කාර දැරියක් සමග ලිංගිකව එක්වුණ බව ඔවුන්ගේ ආගමේ කියන නිසා ඔබ නිකමටවත් කියල තියනවද ඉස්ලාම් ආගම ළමා අපචාර කරන ආගමක් කියල.

    එහෙම කිව්වනම් ඔබට සිදුවෙන දේ බලාගන්න පුළුවන්, නමුත් බුදුදහම හරිම අහිංසක දහමක් නිසා හැම කෙනෙක්ටම පහර ගහන්න පුලුවන්.

    ඔබ පෙන්වා දීල තියන කරුණු අනුව ඔබ ම පිලිගන්නවා ඔබ උපදෙස් ලබාගෙන ඇත්තේ සුදුසුකම් නැති පුද්ගලයෙකුගෙන් කියල අනෙක් අතට ඔබ නිසි පුහුණුවක් මේගැන ලබල නැතිබව ඔබ කරලා තියන දෙයින්ම පෙනව, මෙහෙම තියෙද්දී ඔබ භාවනාව සුදුසු නැතිබව කියනවා.

    නමුත් මේ බලන්න https://www.youtube.com/watch?v=ky6ul4NqVAk
    භාවනාව කියන්නේ බුදුදහමට පමණක් අදාළ දෙයක් නෙමෙයි, බුදුදහමේ මුලික භාවනා ක්‍රම 2 ක් උගන්වනවා මෙයින් එක ක්‍රමයක් ලෝකයේ විවිද ආගමිකයන් පවා යොදාගන්නවා, සමත භාවනාව කියන්නේ ලෝකයේ ඕනෑම පුද්ගලයකුට ප්‍රයෝජනය ගන්න පුළුවන් දෙයක්. ඔබ මේ දකින්නෙත් සමත භාවනාවයි. මෙය ඉතා වැදගත් දෙයක් ලෙස දැනටමත් ලෝකය තුල ප්‍රචලිත වෙලා ඉවරයි.

    ශ්‍රී ලංකාවේ https://www.youtube.com/watch?v=-goJ4kZZtKM සති පාසල ලෙස පාසල් දරුවන් සදහා ඉදිරිපත් කරන වැඩසටහන සාර්ථකව සිදුවෙනවා, මෙය බුදුදහමේ දෙයක් ලෙස නෙමෙයි හදුන්වා දීල තියෙනේ ඕනෑම ආගමක කෙනෙකුට මෙය පාවිච්චි කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. //මම දැකල නෑ කතෝලික ආගමේ පුජකයෙකුගේ වැරද්දක් පෙන්වල කතෝලික දහමට ඔබ පහර ගහනවා ඒවගේම මම දැකල නා ඉස්ලාම් දහමේ වැරදි කරපු පුද්ගලයෙක් අරගෙන ඉස්ලාම් දහමට පහර ගහනවා. //

      මා ජීවත් වන පරිසරයේ මට මේ ආගම්වලින් කිසිදු බලපෑමක් නැහැ. මට එහෙම බලපෑමක් නැති ඒවට බනින්නට මට හේතුවක් නැහැ.

      අනෙක මොහොමඩ්තුමා විතරක් නෙමෙයි අපේ සීයා අපේ ආච්චිට මුල්ම ළමයා හදා දීලා තියෙන්නෙත් ඇයට වයස අවුරුදු 13දී.

      හැබැයි, මේවා දැන් අපේ සමාජයන්වල පිටුදැක තිබෙනවා. ඔබට නො පෙනුණාට මුස්ලිම් විවාහ නීතියෙන් අඩු වයස් විවාහවලට ඉඩ සලස්වා තිබීම ගැන මා දිගටම විවේචනය කර තිබෙනවා.

      භාවනාව තමන්ට සුදුසුද නැද්ද කියා තීරණය කර ගන්නා එක අතිශය පෞද්ගලික දෙයක් බවයි මා කියන්නේ. පෞද්ගලිකව මා එයට කැමති නැහැ. මා එහි කිසිදු ප්‍රයෝජනයක් දකින්නෙත් නැහැ. ඒ නිසා එය වෙනත් කෙනෙකුට ප්‍රවර්ධනය කරන්නෙත් නැහැ.

      මගේ අදහස නම්, මේවා අනෙක් අය මත බලෙන් පටවන්නට කාටවත් අයිතියක් නැහැ කියන එකයි. ප්‍රවර්ධනය කළාට කමක් නැහැ.

      Delete
    2. භාවනාව යනු බ්‍රහ්මචාරී වීම (celibacy) වගේ මිනිස් ස්වභාවයට විරුද්ධව යන්නක්. එයින් කිසිදු සාර්ථකත්වයක් අත්වන්නේ නැහැ. සිත ඒකාග්‍ර කර ගැනීම පිණිස වීඩියෝ ගේම් එකක නිරත වීම ඊට වඩා ප්‍රයෝජනවත්.

      Delete
    3. සිද්ධාර්ථ කුමාරයා විවාහ වුණේ වයස අවුරුදු 16 දී. ඒ කියන්නේ අද O/L කරන ළමයෙකුගේ වයසේදී.

      Delete
    4. ## මා ජීවත් වන පරිසරයේ මට මේ ආගම්වලින් කිසිදු බලපෑමක් නැහැ. මට එහෙම බලපෑමක් නැති ඒවට බනින්නට මට හේතුවක් නැහැ. ##

      ඒ. පී. ජයසිංහ මහතා කතාකරනුයේ ඔහු ජීවත්වන ප්‍රදේශයේ දී ඔහුට බලපාන ප්‍රශ්න පමණි.

      ඒ මහතා,

      රතුපස්වල ගැන,
      http://www.w3lanka.com/2013/08/blog-post.html

      කටුනායක ගැන,
      http://www.w3lanka.com/2011/06/blog-post.html

      හලාවත ගැන,
      http://www.w3lanka.com/2012/02/blog-post_7161.html

      කතා කර ඇත්තේ, ඒ ඒ යුගවල දී, ඒ මහතා, ඒ ඒ ප්‍රදේශවල ජීවත් වී ඇති බැවිනි.

      Delete
    5. ඔය කියන තැන් ඔක්කොම තියෙන්නෙ මා ජීවත් වන පරිසරයෙ තමයි. ඒ නිසා ඒ සියල්ල මට අදාළයි.

      නිරාගමික පුද්ගලයකු ලෙස මට ඔය සුළුතර ආගම්වලින් කිසිම බලපෑමක් ඇති වෙලා නැහැ. මගේ පෞද්ගලිකත්වයට ඔවුන් බාධා කර නැහැ.

      හැබැයි මා වැනි වෙනත් මිනිසුන්ගෙ පෞද්ගලිකත්වයට මේ ආගම් විසින් බලපෑම් කරපු හැම තැනකදි ම මා ඒවාට විරුද්ධව කතා කරලා තියෙනවා. ඔය වගේම හොයලා බලන්න. ඒවාත් ඕනැ තරම් හමු වේවි.

      Delete
    6. //ඔබට නො පෙනුණාට මුස්ලිම් විවාහ නීතියෙන් අඩු වයස් විවාහවලට ඉඩ සලස්වා තිබීම ගැන මා දිගටම විවේචනය කර තිබෙනවා. //

      ඔව් පැරා මෙගැන නම් ඔබ ටිකක් කියල තියනව නමුත් ඔබ බුදුදහමට පහරගහන මට්ටමට ඔය ආගම් වලට පහර ගහන්නේ නෑ.

      භාවනාව ගැන නම් කියන්නේ ඕනේ එක ආගමකට අදාළ කරගත යුතු නෑ හරියට හින්දු ආගමට සම්බන්ද යෝග ක්‍රම කිරීමට හින්දු දහම වැලද ගතයුතු නෑ වගේ, මගේ අදහස මේ යෝග කිරීමත් දරුවන්ට හදුන්වාදීම හොදයි ඕනෑම ආගමක, මම දැක්ක සති පාසල කරලා තියෙන්නේ කිසිම ආගමක් සම්බන්ද නොකර ආනාපානසති භාවනාව සහ සක්මන් භාවනාව සාර්ථකව කියල දෙන ක්‍රමයක්,දැන් ශ්‍රී ලංකාවේ ඔබ දැන නොසිටියාට සතිපාසල මගින් පාසල් සියගනනක දරුවන් දහස් ගණනක් ප්‍රයෝජන ගන්නවා, මෙය ඕස්ට්‍රේලියාවේ පවා ක්‍රියාත්මක වෙන බව ඔබ තවම නොදන්නවා ඇති.

      ඔබ භාවනාවට විවේචනය කරන්නේ ඔබම කියන විදියට සුදුසුකම් නැති භ්ක්ෂුවක් ලෙස පෙනීසිටින පුද්ගලයෙක් ගෙන් මොන මොනවා හෝ ඉගනගෙන ඔහුගේ වැරදි දැක්කම ඔබ ඔහුටත් භාවනාවටත් පහර ගන්නවා වගේ.

      ඔබ මේ ක්‍රමවේදය බුදුදහමට අදාළ කරගත්තට ඔබ වෛද්ය විද්‍යාව පැත්තෙන් ගත්තම නම් හාත්පසින්ම වෙනස් ක්‍රමයක් අනුගමනය කරන්නේ

      https://www.youtube.com/watch?v=qxr-cv-JuI8

      මේ තියන්නේ ඇමරිකාවේ Centers for Disease Control and Prevention ආයතනය (මෙය තමයි ශ්‍රී ලංකාවේ පාවිච්චියට ගන්න සියලුම ඔවුෂද වලට අනුමැතිය දෙන්නේ) https://wwwnc.cdc.gov/travel/destinations/traveler/none/sri-lanka

      2014 වසරේ මෙහි ප්‍රදාන වෛද්යවරයන් 3 දෙනෙකුගෙන් කෙනෙක් වන Dr. William Thompson කියනවා වැක්සින්නයක් ඉතා බයානක බව ඔවුන් දැනගෙන එම තොරතුරු වසන් කිරීමට ඔහු ඇතුලු පිරිස ක්‍රියාකළ බව ඔය ඉහත තියන්නේ ඇමරිකාවේ කොන්ග්‍රසයේ අදාළ සිද්දිය පිළිබද පරික්ෂණ කරන ලෙස කොන්ග්‍රස් සභිකයෙක් කරන ඉල්ලිම්මයි.

      දැනට වසර 3ට කිට්ටු වුනා මේ පරීක්ෂණය ඔවුන් යටගහගෙන සිටිනවා ඔවුෂද සමාගම් වල බලයට, ඔබ දැන් කියන්නේ නෑ නේද බටහිර ඔවුෂද අමු බොරුවක් කියල ?

      හැබැයි එක වැරදි භ්ක්සුවකගේ හැසිරීමෙන් ඔබ භාවනාව කිසිම වැඩකට නැති දෙයක් කියල කියන්න ඉක්මන් වෙනවා, ටිකක් හිතන්න .......

      Delete
    7. ළාංකික සිතුවිළි යනු conspiracy theorist කෙනෙකි. ඔහු/ඇය නුරුස්සන සෑම දෙයක්ම ඔහුට/ඇයට පෙනෙනුයේ රුවිතෙටය. යම් කාරණයක් අරභයා අප විසින් කරුණු රැස් කර ගත යුතු වන්නේ ඒ සම්බන්ධ ක්ෂේත්‍රය අදාළ දැනුවත් වූවන් එකඟ වන දෙයකින් විනා අන්තර්ජාලයේ ඇති වීඩියෝ වලින් නොවේ ය යන්න ළාංකික සිතුවිළිට නොතේරීම ඔහුගේ/ඇයගේ අභාග්‍යයකි.

      Delete
    8. //යම් කාරණයක් අරභයා අප විසින් කරුණු රැස් කර ගත යුතු වන්නේ ඒ සම්බන්ධ ක්ෂේත්‍රය අදාළ දැනුවත් වූවන් එකඟ වන දෙයකින් විනා අන්තර්ජාලයේ ඇති වීඩියෝ වලින් නොවේ//

      https://www.youtube.com/watch?v=qxr-cv-JuI8

      මෙතිය්න්නේ අන්තර්ජාලයේ සමාජජාල වල කරනලද නිර්මාණයක් නෙමෙයි ඇමරිකාවේ කොන්ග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කරන යෝජනාවක් ලංකාවේ පාර්ලිමේන්තුව වගේ නෙමෙයි ඇමරිකාවේ කොන්ග්‍රසය කියන්නේ බොරු කිව්වොත් බන්දනාගාර ගතවීමට හේතුවන වරදක්.

      මෙතිය්නේ http://www.bmj.com/content/353/bmj.i2139 අදාළ ක්ෂ්ස්ත්රයේ ප්‍රවීනයන් විසින් පිළිගන්න ජනලයක් ඔබට ඕනේ ඕනේ පිස්සු කතා මේවයේ පලකරන්න බෑ

      Delete
  5. භාවනාවට හරියට එන්ටර් වුනොත් හොඳ සැහැල්ලුවට ෂෝර්ට් නින්දක් දාගත්තකි, සුදු එළියක් පෙන්න නම් ලොකු ලයිට් එක්කක් දාගන්න වෙනවා, එත් ඇස පිහාටු වහිල් තිබුනොත් රතුවටයි පෙනෙන්නේ.

    ReplyDelete
  6. මට හිතෙන හැටියට පූජිත ජයසුන්දරගේ විකෘති මානසිකත්වයේ මුල ඉස්කෝලෙ හොස්ටල් ජීවිතය. බටහිර අනුකාරකවාදී බෞද්ධ 'කොලේජස්' වල සීමාන්තික විනයක් පවත්වාගෙන යනවා. ඒ වෙනුවෙන් යොදන උපක්‍ර‍මය තමා දැඩි දණ්ඩනය. මම හිටපු පාසලේ විදුහල්පති දවසක් උදය රැස්වීමෙදි කියුවා මතකයි 'අම්මට තව පුතෙක් හදා ගන්න වෙයි' වගේ කතාවක්. කලින් හිටපු විදුහල්පතිවරයා කොල්ලෙක්ගේ නහයෙන් ලේ එන්න දුන්නා උෟ භාවනා කරන වෙලාවේ කොමියක් කරලා. මේවායින් එළියට එන ළමයි වැඩිහිටියන් වූ පසු අධිකාරිත්වය ඉස්සරහා නිවට නියාලු විධියට දෙකට නැමෙනවා. ඒත් තමන්ට වඩා පහළ මට්ටම්වල අයට සළකන්නේ බල්ලන්ට වගේ. අධිකාරිත්වය කරා යාමට ඔවුන් ඕනෑම දෙයක් කරනවා. බලුවැඩ, බෙලි කැපිලි, බෝධි පූජා, ආලෝක පූජා, භාර හාර.. අනික් විශේෂය වන්නේ ඹවුන් පෙනී හිටින්නේ 'බෞද්ධ දර්ශනයෙන් ජීවිතය හැඩගසාගත්' පරමාදර්ශී පෞරුෂයන් විදියට. අනෙක් අයට බණ කියන්න, දේශන කරන්න වගේ දෙවල් වලටත් මේ අය හරි ආසයි.

    රාජකීය, ත්‍රිත්ව වගේ පාසල්වලින් සාපේක්ෂව මේ වගේ විකෘතියෝ එළියට එන්නෑ (හොරු කෙසේවෙතත්). කෙල්ලො කොල්ලො එකට ඉගනගන්න මිශ්‍ර‍ පාසල්වලත් මේ ප්‍ර‍වණතාවය අඩුයි.

    ReplyDelete
  7. සජන් නල්ලතම්බිAugust 20, 2017 at 1:23 AM

    යේක නෙවේ අප්පා අපි "ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි" කියලයි අතේ ගහල තියෙන්නේ ..

    ReplyDelete
  8. පොලිස් පති (තීන්ත බාස් නොවේ)උත්තමයගේ භාවනා කතාව ඇහුවම ලංකා ඊනිව්ස්වල හරි ලංක නිව්ස්වෙබ් වල හරි ගිය කවි පංතියක කෑල්ලක් මතක් වුනා. ... බොනවද පිරිත් පැන් නැතිනම් පොවන්නද? යනවද නිවන් නැතිනම් අපි යවන්නද?... පො.ප.නිසා පැරාගෙ බ්ලොගයටත් භාවනා ගැන ලියන්න වුනා. ඒ පිනින් පො.ප. ට සම්‍යග් ඥානය පහල වේවා! භාවනාව පිළිබඳ සාකච්ඡාව මතු කිරීම ඉතා හොඳයි. සමහර හාමුදුරුවරු තමන් නොකර භාවනා කරවන්න ගියාම වෙන ලෙඩ තමයි ඔය පැරාගෙ නිරීක්ෂණවල තියෙන්නෙ.(භාවනා ඇර අහස පොළොව අතර ඇති සියලු දේ කරමින් කොහොමද භාවන උගන්නන්නෙ). අද ලෝකයෙ භාවනාව ඉතා ආකර්ශනීය ප්‍රතිඵල ලබාදෙන මනස පුහුණු කරවන වැඩ පිලිවෙලක්. 1979 ඇ.එ.ජ හි මැසචුසෙට්ස් විශ්ව විද්යාලෙ, ජෝන් කබට්zන් (John Kabatzin) මහතගෙ පර්යේෂණයකින් 'සතිය' (සිහිය/අවදිබව) පදනම් කරගෙන ආතතිය අඩුකිරීමේ සායනයක් ආරම්භ වීම අද MBSR (Mindfulness based Stress Reduction)නමින් ලොවපුරා පැතිරී තිබේ. 2007 ඉඳල Mindful Schools කියල සංවිධානයක් පාසල්වල මේ කාර්යය කරනව(OAKLAND,CA) පාසල් දරුවන්ට මනස සංසුන් කරගන්න උදවු කරන්න http://www.mindfulschools.org/about-mindfulness/our-organization/. ඒකෙ ආරම්භකයන් අතර ඉහල වෘත්තීය සුදුසුකම් සහිත ලාංකිකයෙකුත් හිටිය. මට මතක හැටියට රන්දික ප්‍රනාන්දු. TIME සඟරාවෙ Cover page Article එකක් MINDFUL SCHOOL ගැන පලවෙලා තිබුන 2014 . THE ART OF BEING MINDFUL කියල(TIME Vol.183, No.4 2014). දැනට පොලීසිවලත් මේ කටයුත්ත කෙරෙනව. MBSR පැත්තෙන්. හැබයි අර පිරිත් පැන් පොවන නිවන් යවන විදියට නෙවෙයි. ගොයෙන්කා තුමන්ගෙ නායකත්වය යටතෙ විපස්සනා භාවනා පුහුණුව ලද ඉන්දියානු හිරගෙයක (Tihar)සිටි හිරකරුවන්ගේ පරිවර්තනය ගැන සමහර අය අහල ඇති. කිරන් බෙඩි කියන ඉන්දියානු පොලීසියෙ ප්‍රථම කාන්තා පොලිස් කොමසාරිස් තුමිය තමන්ට දුන් අභියෝගය ජයගත්තෙ එහෙමයි.http://www.kiranbedi.com/. අපේ පොලිස්පති තුමාට කිරාන්බෙඩි පොලිස් කොමසාරිස් තුමියගෙන් ඉගෙන ගන්න බොහෝ දෑ ඇත.

    පැරා ඉතාම කාර්ය බහුල කෙනෙක් බව පේනව. ඒ උනත් ඔබේ භාවනා අත්දකීම් පිළිබඳ ලිපියකුත් වෙනම ලියන හැටියට ආරාධනා කරන්න කැමතියි. මොකද ඔබ කී වචනකීපයෙන් පේනව ඒ වැඩ පිළිවෙළ උපකාරයකට වඩා හානියක් කරළ තියෙන බව. තමන් කේන්ද්‍ර කරගෙන ටිකෙන් ටික පියවරෙන් පියවර මෙත් වඩන්න පුරුදු කරාම දුක අනුන්ගෙද තමන්ගෙද කියන වෙනස නැතිකරගන්න උපකාර වෙලා කරුණාව, මුදිතාව, උපේක්ෂාව දියුනු කරගන්න පුළුවන්. දකුණයි උතුරයි දෙකම ලෙඩින්. ඒකයි සමහරු එකම යුද හමුදාව දකුණෙදි මිනීමරුවන් ලෙසත්, උතුරෙදි රණවිරුවන් ලෙසත් දකින්නෙ. විමුක්ති කොටි උතුරෙ සමහරුන්ට විමුක්ති දායකයො. රජයේ හමුදාව මිනීමරුවො.අපේ සමාජයේ බොහෝ විට මතුවන ප්‍රචණ්ඩත්ත්වය (ස්වාමි භාර්යා ඉඳල -> පූජ්‍ය පක්ෂය ඇතුළු කොට විවිධ සමාජ ස්තරවලදි මෙය මතුවෙනව. සමාජයෙ විවිධ ආයතනවලදි මතුවෙනව) නිදහසෙන් පසු අද දක්වා කියල කෙටි කාලයක් ගත්තත් කොච්චරද? සම්පූර්ණයෙන් නැතත් ඇයි යම්තරමකට අපට මෙය ප්‍රශ්නයක් කියල තේරුම් අරං උත්තරයක් හොයාගන්න බැරි? පොලිස්පතිවරයටත් ආත්ම සංවරයක් හදාගන්න බැරිතරමට අපි ලෙඩ වෙලා. මේ කාලෙදි භාවනාවෙන් හිත සුවපත් කරගන්න උපකාරයක් ගන්න පුළුවන්. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, සහ උපෙක්ෂාව ජාති, ආගම්,වර්ග, කුල වාගෙ සීමාවන් සමතික්‍රමණය කරනව. බ්ලොග් ලියන අයවගේම ඒවාට තම ප්‍රතිචාර දක්වන අයගෙන් බොහෝ දෙනා තුළ ඒගුණ මතු වී තියෙනව. සමහරුන්ගෙ ඒව යටපත්වෙලා. අපි ඒව මතුකරගනිමු. Thank you.

    ReplyDelete
    Replies
    1. මෙතැන පැරාගේ සමහර පාඨකයන් භාවනාවේ ගුණ වයන්නේ බුද්ධාගම යනු පරම සත්‍යයයි කියා කුඩා කාලයේ සිටම ඔවුන්ගේ ඔළු තුළට ඇතුල් කර ඇති අදහස නිසායි. බුද්ධාගම එසේ පරම සත්‍යය නොවේ. එය ක්‍රි. පූ. 6 වන ශතවර්ෂයේ උතුරු ඉන්දියාවේ බිහි වූ දර්ශන රාශියකින් එකක් පමණයි.

      Delete
    2. good reply sir

      Delete
  9. ලොකු බණ්ඩාරගේ අනික් එක. විජමු ළමයින්ව බලෙන් දහම් පාසල් යවන්න හැදුවා මතකද?

    ReplyDelete
    Replies
    1. වීජමු,ප්‍රේමදාසගෙන් ලකුණූ දාගන්න අධිබෞද්ධ විය. ඔහුගෙ එම ඊනියා අධිබෞද්ධ හැසීරීම වීජමුගෙ පුතා නදීශා සමග දහම් පාසැල් යාමෙන් කෙලවර විය.

      Delete
  10. According to you, everything is better under 'Yahapalanya' than MR's time, including police service. Only problem is IGP, 'Ane da kiyanne'. Sri Lanka is also better now, only problem is our President. This logic is beyond my understanding, if the head is a fool in any place, all below will act fools. Heard about 'Gurutuhma hitagena chooo karana' story?

    ReplyDelete
    Replies
    1. Whatever shortcomings the Good Governance government has, it's definitely better than MR era. People can rest assured that they won't be abducted by a white van. To be able to have that assurance supersedes everything. I wish that Sri Lanka would never ever be ruled by serial killers.

      Delete
  11. පැරා
    ඔබට ප්‍රශ්නයක් වි ඇත්තේ
    1 පොලිස් සේවකයින් බාවනා කිරීමද
    2 නිලධාරියක් සුළු සේවකයකුට ගසා තර්ජනය කිර්මක්ද
    3 මිනිසකු තවත් මිනිසෙකුට අඩන්තෙටම් කිරීමක් ගැනද

    ReplyDelete
  12. කළ ක්‍රියාව අනුව පේනවා පුජිත අයත් වන්නේ තලේබාන් බුද්ධාගමට කියලා. බලෙන් පිරිත් ඇසීමට සැලසීමද තවත් තලේබාන් බුද්ධාගමේ තවත් එක ලක්ෂණයක්.

    ReplyDelete
  13. කළ ක්‍රියාව අනුව පේනවා පුජිත අයත් වන්නේ තලේබාන් බුද්ධාගමට කියලා. බලෙන් පිරිත් ඇසීමට සැලසීමද තවත් තලේබාන් බුද්ධාගමේ තවත් එක ලක්ෂණයක්.

    ReplyDelete
  14. භාවනා කරවන්න තියෙනවට වඩා යෝගා කරවන්න තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා. මොකද උදේ පාන්දරම ඇඟපත නවද්දි ටිකක් කඩිසර ගතියක් එන හින්දා. කොහොමත් රජයේ සේවකයින් වැඩ කරන්න කම්මැලි නේ.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස අනර්ඝයි. යෝග කියන වචනයටත් ඉන්දු යුරෝපීය මූලයක් තියෙනව. එය ඉංගිරිසි බසේ යෝක් කියන වචනයෙන් දක්වන එකට ඈඳීම/ ගැට ගැසීම කියන අදහස තියෙනව. වියගහ කියන එකයි මේකෙ තේරුම. සිත සහ කය එකට ගැට ගැහීම/සම්බන්ධ කිරීම කියන අදහසයි යෝග කියන වචනයෙන් කියවෙන්නෙ. අෂ්ටාංගයම නැතිවුනත් 'ආසන' විතරක් ඉගෙනගත්තත් හිත කය එකතැන තියා ගන්න පුලුවන්. යෝග සූත්‍රවලට අනුව සිත් පරම්පරාවා ඈතිවීම නතර කිරීම යෝග ශාස්ත්‍රයයි. (යෝගඃ චිත්ත වෘත්ති නිවෘත්තිඃ කියා ඇත්තේ ඒ නිසයි. යෝගභාවනාවේ ප්‍රධාන අදහස හිත කය එකතැන- වර්තමාන මොහොතේ තබා ගැනීමයි. පොලීසියේ එක එක නිළයන්ට අදාළ වන පරිදි මේවා සංවිධානය කළ යුතුයි.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා