පිලිප්ගේ ඕපන් සෝස් යෝජනාව හා වම

පසුගිය දිනෙක පිලිප් ශාන්ත සහෝදරයා ෆේස්බුක්හි අපූරු අදහසක් පළ කර තිබුණා.

“ෆේස්බුක් වැනි මෘදුකාංග සමාගම් බුද්ධිමය දේපළ අයිතියට මුවා වී ලෝක ජනතාව සූරාකෑම ද ප්‍රාග්ධනය සමුච්චනය කිරීමේ නව ලිබරල් ව්‍යාපෘතියේම කොටසකි. එහෙත් අපේ කැළෑ වම්මු මෘදුකාංග වලින් කරන සූරාකැම ගැන වචනයක් හෝ නොකියති.

“නව ලිබරල් ව්‍යාපෘතියේ දේශීය ඒජන්තයන් වන බලයට පත්වන ආණ්ඩු ඕපන් සෝස් වැනි මෘදුකාංග ගැන අවධානය යො මු නොකර වින්ඩෝස් වැනි මෘදුකාංග නිපදවන සමාගම් වලට අනුකම්පා කිරීම තේරුම් ගත හැකිය. එහෙත් හැමදේකටම එරෙහි වන කැළෑ වම්මු ඕපන් සෝස් ගැන නොසිතමින් වින්ඩෝස් වැනි මෘදුකාංග සමාගම් වෙළෙද පළේ පවත්වගෙන යන ආර්ථික හෙජමොනියට එරෙහි නොවීම උත්ප්‍රාසජනක ය.

“වින්ඩෝස් වැනි සමාගම් වල ලාභය උපරිම කිරීම ගැන නොසිතා සමාජය තුළ තොරතුරු තාක්ෂණය ප්‍රචලිත කිරීම සදහා ඕපන් සෝස් ජනප්‍රිය කිරීමට විමුක්ති ව්‍යාපාරයක් කටයුතු කළ යුතු වුවත් එය නොසලකා සිටින්නේ එය ධනවාදය නොවන්නාක් මෙනි."

මෘදුකාංගවල අධික මිළ පිළිබඳ ගැටලුවට විසඳුමක් ලෙස වාමාංශික ව්‍යාපාරය විසින් ඕපන් සෝස් හෙවත් විවෘත කේත මෘදුකාංග ප්‍ර‍වර්ධනයට හා සංවර්ධනයට අත ගැසිය යුතු බව පිලිප් ශාන්ත සහෝදරයා අදහස් කරන බව පෙනෙනවා. හැබැයි ඔහු කියන්නේ ලංකාවේ පවතින කැලෑ වම වැනි එකකට එය කළ නො හැකි බවයි. ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේ ම තිබෙන්නේ එවැනි වමක් තමයි. පිලිප් ශාන්තගේ කැලෑ නො වන නවීන වම කියන්නේ ද්විමාන රූපවාහිනී තිරයකින් නරඹන ත්‍රිමාන රූපයක් වගේ ඇස හා මනස රවටන මායාවක්. ෆැන්ටසියක්. දියුණු සමාජ ව්‍යාපාර වම ලෙස හැඳින්වීම ම තේරුමක් නැහැ. යමක් වම ලෙස නාමකරණය කිරීම ඉවහල් වන්නේ එය සමාජයෙන් බැහැර කරන්නටයි.

විවෘත කේත මෘදුකාංග සංවර්ධනය කිරීම කියන්නෙ ඇත්තට ම වමට වඩා ඉතා ඉදිරිගාමී දැක්මක් තිබෙන මිනිස් සමූහයක විප්ලවීය සමාජ ව්‍යාපාරයක්. හැබැයි එහි සීමා සලකුණු වෙලා තියෙන්නේ වාමාංශිකයකු ලෙස තමන් හඳුන්වා ගන්නා පිලිප් පදනම් වන මාක්ස්වාදී න්‍යායේ මූලික පදනම් පවා යළි ප්‍ර‍ශ්න කරමිනුයි.

වර්තමානය තේරුම් ගන්නට බොහෝ න්‍යායන් අප්‍ර‍මාණවත්. අනාගතය කොහොම වෙයි ද?

මේ ගැන මා ලියූ පුළුල් ලිපියක් මෙතනින් www.ivoice.lk වෙත පිවිස කියවන්න.

මේ විෂය පිළිබඳ මට වඩා දන්නා බොහෝ අය මෙය කියවන අය අතර සිටිනවා. කරුණාකර www.ivoice.lk ලිපිය කියවා ඔබේ අදහස් දක්වන්න. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ලෝකයේ ප්‍රසිද්ධ ආයතනවල විවෘත කේත මෘදුකාංග භාවිත කරනු ලබනවා. ඒ පිලිබඳ යම් අදසක් ලබා ගැනීමට පහත ලින්ක් එකට ගොස් බලන්න. විවෘත කේත මෘදුකාංග පිලිබඳ දැනුම ලබාදිය යුත්තේ පාසැල් මට්ටමේ සිටයි. පසුගිය වකවානුවතුල පාසැල් වල ඉගැන්වූයේ වින්ඩෝස් පමණයි.. රජය මගින් ගුරුවරුන්ට වැඩමුළු පවත්වමින් ඉගැන්වූයේද වින්ඩොව්ස් මෘදුකාංග පමණයි. පසුගිය රජය සමය වනතෙක් වින්ඩෝව්ස් ඇතුලු සියලු මෘදුකාංග විවෘතව භාවිතකිරීමෙ හැකියාව තිබුනා. නමුත් පසුගිය රජයෙන් වින්ඩොව්ස් මෘදුකාංග විකිනීමේ අයිතිය පුද්ගලික ආයතනයකට ලබා දුන්නා එතැන් සිට ඩෙංගු බැලීමට පැමිනෙනවාක්මෙන් පරිගනක ආයතනතුලට පැමින පරිගනක පරීක්ෂාකර නඩු පවරා දඩ ගැසීමට පටන් ගත්තා. මේ වනවිටත් පරිගනක මෘදුකාංග පිලිබඳව බොහෝ ආසියාතික රටවල ඇත්තේ ලිහිල් ප්‍රතිපත්තියක්. මේ රජය යටතේ පාසැල් පරිගනක පෙල පොත් වලට විවෘත කේත මෘදුකාංග පිලිබඳව ඇතුලත් කර තිබුනා. ඒක බටහිර කුමන්ත්‍රනයක්ද දන්නෙ නැහැ.ඒක තවම විමල් වීරවංශ උන්නැහේ එහෙම දකින්න නැතුව ඇති. ගූගල් වර්ජනය කරල වින්ඩොව්ස් පාවිච්චි කරන අයනෙ.
    https://www.tecmint.com/big-companies-and-devices-running-on-gnulinux/

    ReplyDelete
  2. පැරා! කෝ ඇර සුවර්ගයේ ඉන්න ඇනෝ XXXටෞඔකන්නා කියලා ඇඩ්වාන්ස්සල්ලි එකතු කරපු එකා ,
    බුද්ධිමය දේපළ අයිතියට මුවා වී ලෝක ජනතාව සූරාකෑම ද ප්‍රාග්ධනය සමුච්චනය කිරීමේ නව ලිබරල් ව්‍යාපෘති...... උගෙන් තමයි මේ ගැන අහන්න ඕනේ සල්ලිත් අරන් සුවර්ගේ ගිහිල්ලා ද

    ReplyDelete
  3. Just some random thoughts on the matter:

    Open Source (or more correctly Free and Open Source) software are themselves businesses of their own kind, not 100% different from for-profit ventures, at least in financial terms. It's a myth that they don't make money out of themselves. Most of them has to make money somehow, at least to keep the project going. FOSS has their own business models, more often geared towards making money in ways other than directly selling software. More commonly that is by selling services, platforms or expertise built around FOSS software. Ex: Canonical Inc. (Makers of Ubuntu), RedHat Inc, Automattic (makers of WordPress).
    But if there are people keep asking for a completely purist free software, without any financial intentions behind, they might be mistaken more often. Even the most venerated products fail to adhere to the foundations of FOSS philosophy. For example, there was a controversy over Ubuntu’s feature that has been alleged to send your all search keywords to the amazon, thereby profiting themselves from that. Most harsh criticism came from Richard Stallman himself. Even after that Canonical didn’t make any positive response to the criticism by changing the feature. Instead they kept defending themselves. Its’ still there as far as I know. However, did people care? Most of them not. It’s ok with them as long as personal details are not sent. Until very recently Ubuntu did a good job with making a usable consumer OS based on linux with a huge effort and attention to detail put into it. That requires a lot of capital. In contrast, if you take a pure GNU adherent OS, such as Debian, you need to do a lot of unnecessary configurations and setting up in order to make it usable. Even the creator of Linux couldn’t get it installed once. So for the most, the philosophy doesn’t matter. What they want is a free OS which is usable and good.
    So how good are FOSS solutions compared to their financial counterparts? The answer depends on what you’re talking about and what you expect. As for Linux based OSes, until very recent, they were far behind in terms of user experience, compared to Windows or Mac OS. Other major compromise is the lack of good professional software such as Adobe Suite etc., for Linux based distros. So it might not be the best to go for people such as graphics designers, video editors, photographers.
    However, Linux based solutions work really well for people like me, who make a living out of with web development. In fact, most Mac OS developers using PHP framework Laravel, work inside an emulated Ubuntu environment.
    However, as suggested, I think they are the things to go for in educational institutes.

    ReplyDelete
  4. පැරා ,

    කලකට පසු පැරා ගෙන් වටිනා ලිපියක්, මෙය කලින් දැක්කත් කියවුවේ දැන් තිබුන වැඩ රාජකාරි නිසා.

    //ෆේස්බුක් වැනි මෘදුකාංග සමාගම් බුද්ධිමය දේපළ අයිතියට මුවා වී ලෝක ජනතාව සූරාකෑම ද ප්‍රාග්ධනය සමුච්චනය කිරීමේ නව ලිබරල් ව්‍යාපෘතියේම කොටසකි. එහෙත් අපේ කැළෑ වම්මු මෘදුකාංග වලින් කරන සූරාකැම ගැන වචනයක් හෝ නොකියති.//

    ෆේස්බුක් කියන්නේ තරමක සංකීර්ණ යෙදවුමක් මෙය මගින් විකුනන්නේ මොනවද මිලදිගන්නේ මොනවද කියල දැනුවත් වියයුතුයි.
    ෆේස්බුක් විකුනන එකම දෙය තොරතුරුයි ඔවුන් මේ තොරතුරු කාගෙන් වත් මිලදී නොගනී ඔවුන් එය මෙය බාවිතාකරන්නන් ගෙන් නොමිලේ ලබාගනී, දැන් කෙනෙකුට කියන්න පුළුවන් ෆේස්බුක් කියන්නේ සමාජ සුරාකමක් නේ කියල, නමුත් ඔවුන්ට අඩවිය පවත්වාගන යන්න බලවත් පරිගණක සහ දෘඩ තැටි (Hard disk) සදහා දිනකට කොටි ගණන් වැය කරන්න ඕනේ.

    වසරේ සෑම කාලයකම නව ගොඩනැගිලි සදහා ඉඩම් මිලදී ගැනීම සිදුකල යුතුයි මෙය දැනගැනීමට https://www.youtube.com/watch?v=7d2JyaW9X34
    ඔබට මෙයට සම්බන්ද වීමට මිලක් ගෙවන්න ඕනේ නෑ නොමිලේ ලැබෙන මේ සේවයට ඔබ ගෙවන්නේ ඔබේ පුද්ගලික තොරතුරු facebook ආයතනයට ලබාදීමෙනුයි. facebook ආයතනය ලාබලබන්නේ මේ තොරතුරු වියාපරිකයන්ට විකිනිමෙනුයි මොකද හිතන්න ඔබ වයස අවුරුදු 60 ක වැඩිහිටියෙක් කියල ඔබ කැමතියි සුරුට්ටු වලට, ඔබ මේගැන facebook අඩවියේ කොගේ හෝ සදහන් කලානම් ඔබ සුරුට්ටු වලට කැමති බව facebook ආයතනය තම මතක ගබවාවල ඇතුළු කරනවා, දැන් අනිත් පැත්තෙන් facebook පාවිච්චි කරලා සුරුට්ටු විකුනන්න ඕනේ කෙනෙක් ඉන්නවා, දැන් ඔහුට තමන්ගේ වෙළද දැන්වීම සුරුට්ටු වලට පමණක් කැමති අයට අලවි කරන්න පුළුවන්, මේ මහින් සුළු මුදලක් වැය කරලා විශාල ලාබයක් ලබන්න පුළුවනි.


    ඉතින් facebook මුදල් සුරාකනවා කියන්න බෑ ඔවුන් දක්ෂ ලෙස පාවිච්චි කරන්නන්ට උපරිම සේවයක් දෙමින් විකිනිමකුයි කරන්නේ, මෙවැනි ආයතන වලට ගරහන්නේ ඉරිසියාකාර වම්මු තමයි.

    facebook මේ ආකාරයට නොකර පාවිච්චි කර්න්නන් ට මුදල් ගෙවන්න උනානම් මසකට රුපියල් 10000 පමණ මුදලකින් සාමාජිකත්වය ගන්න උනානම් ඔබට වෙනස තේරෙයි.

    //ඕපන් සෝස් වැනි මෘදුකාංග ගැන අවධානය යො මු නොකර වින්ඩෝස් වැනි මෘදුකාංග නිපදවන සමාගම් වලට අනුකම්පා කිරීම තේරුම් ගත හැකිය. එහෙත් හැමදේකටම එරෙහි වන කැළෑ වම්මු ඕපන් සෝස් ගැන නොසිතමින් වින්ඩෝස් වැනි මෘදුකාංග සමාගම් වෙළෙද පළේ පවත්වගෙන යන ආර්ථික හෙජමොනියට එරෙහි නොවීම උත්ප්‍රාසජනක ය.//

    දැන් ඕපන් සෝස් වෙත යොමුවෙමු මෙහිදී මොහු කතාකරන්නේ මෙහෙයුම් පද්දති සහ වචන සකසන MS WORD වැනි මෘදුකාංග වෙනුවට OPENOFFICE පාවිච්චි නොකරන්නේ ඇයිද යන්නයි.

    නමුත් මෙයට සිමා නොවී පැරා ඔබ පවත්වාගෙනයන www.w3lanka.com අඩවිය ඔබ පාවිච්චි කරන්නේ blogspot.com වල පරිගණක පාවිච්චි කරමින්
    ඔබ godaddy.com ආයතනයෙන් මිලදී ගත් w3lanka.com සදහා වසරකට රුපියල් 2000 වැනි මුදලක් වැය කරන්න වෙනවා නමුත් ඔබ තමුන්ගේම Server එකක් මිලදීගන මෙය කලානම් ඔබට Server එකට විතරක් වසරකට 20000 පමණ මුදල කුත් වෙබ් අඩවිනිර්මාණය වෙනුවන් අවම ලෙස 50000 ක් වත් වියදම් වෙනවා.

    අද ඔබට මෙය කරන්න පුළුවන් උනේ මේ නිර්මානාත්මක සමාගම් නිසයි, මේවා ඔබට මේ පහසුකම් දීම වෙනුවෙන් තම අඩවියට Powered by Blogger. කියල link එකක් එකතු කරනවා මෙමගින් ඔවුන් ඔබේ පාටකයන්ගෙන් යම් කෙනෙක් blogger අඩවියට ගොස් ගෙවන සේවයක් ලබාගන්න විට ඔවුන් ඔබට මේ සේවය දීම මගින් ලාබලබනවා.

    මෙය තව විස්තර කල යුතුයි නමුත් ලිපිය දිගු වෙන නිසා නවත්තනවා

    ReplyDelete
  5. මම නම් වින්ඩෝස් වලට පුරුදු වුණේ 1992 දී. දැන් වෙන එකකට මාරු වෙන්න බෑ. ඔය OSx, Linux මම අත් හදා බැලුවා. වින්ඩෝස් තරම් මට ඒවා අල්ලන්නේ නෑ. ඒ නිස මින් ඉදිරියටත් වින්ඩෝස් ම පාවිච්චි කරනවා. ලැපයක් ගන්න රුපියල් 80,000 ක් ගෙවන මට ඔය රුපියල් 17,000 ක් දීලා ඔරිජිනල් වින්ඩෝස් පද්ධතියක් ගන්න එක මහ කජ්ජක් නෙවෙයි. අද කාලේ හැටියට ඒක කොහොමටත් ලොකු ගාණකුත් නෙවෙයි. අපිට බණ දේශනා කරන්න එන වාමාංශිකයෝ මාසෙකට රුපියල් 30,000 ක් විතර අරක්කු සිගරට් වලට වියදම් කරන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. වාමංසිකයෝ පිං අඩි ගහන්න දක්ෂයෝය.ඔවුන් ඒ හිලව්වට ලෙනින්-මාක්ස්-මාඕ-චේ-ජිජැක් ගැන සුරංගනා කතා දෙසයි.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා