හැට දෙලක්ෂයට ඇට දෙකක්වත් ඉතුරු වෙයි ද?

වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ නව ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දෙන බවට පොරොන්දු වෙමිනි. ඒ වෙනුවෙන් ලක්ෂ 62කට වැඩි ඡන්දදායකයන් ප්‍ර‍මාණයක් ඡන්දය ප්‍ර‍කාශ කළ හ.

එහෙත්, දැන් සිදු වන්නේ කුමක් ද? භික්ෂු ප්‍ර‍චණ්ඩත්වය, ධනකාමය හා සමාජ පසුගාමිත්වය හේතුවෙන් සමාජයෙන් ඈත් වෙමින් තිබෙන සංඝ සංස්ථාව හා මහනායකවරු එයට එරෙහිව අවි අමෝරා ගැනීම හා එය ආණ්ඩුවේ දේශපාලනික විරුද්ධවාදීන්ට, මාධ්‍යවලට පමණක් නොව, ආණ්ඩුව ඇතුළේ ම සිටින ඇතැම් බලලෝභීන් පනින රිලවුන්ට ඉනිමගක් වීමයි.

ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනය යෝජනා වන්නේ පාර්ලිමේන්තුවේ ම කමිටු ක්‍රියාවලියක් හරහා ය. එයට මහජන නියෝජිතයින් සහභාගි වෙති. මහජන නියෝජිතයන් යනු මේ සම්බන්ධයෙන් කටයුුතු කිරීමට ජනවරමක් ඇති අයයි. එයට අමතරව, මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියක් ද පැවැත්විණි. දැන් නිවේදන නිකුත් කරන මහනායක භික්ෂූන් එහි පැමිණ ඉදිරිපත් කළ අදහස් මොනවා ද?

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව උද්ඝෝෂණ මතු වන විට ම අප කියූ දෙයක් වන්නේ තරුණ ලේවලට ඉව අල්ලන දේශපාලන පිශාචයන් එයට රොද බඳිනු ඇති බවයි. පාරාජිකා වී රටින් පළා ගිය වාමාංශික අන්තවාදීන්ට පවා මේ ලේ සුවඳට ඉව අල්ලන්නට පටන් ගෙන තිබේ.

ඒ හා සමානව ම, ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනේ ආවාම දෙන්නම් ජම්බු කියා දත මදිමින් බලා සිටින පිරිසක් ද ඇති බව අප අමතක නො කළ යුතු ය. ඒ අතර ප්‍ර‍ධාන කණ්ඩායම් වන්නේ නන්නත්තාර වී සිටින වීරවංශ කල්ලිය, උදය හා ගම්මන්පිල පක්ෂය, දිනේෂ් ගුණවර්ධන, ජාතික සිංචන නඩය වැනි අයයි. තමන්ට ඇති ශක්තිය ගැන හොඳින් දන්නා නිසා මොවුන් උත්සාහ කරන්නේ නඩුවලින් බේරෙන්නට ආණ්ඩු පෙරළා ගන්නට අවශ්‍යව සිටින රාජපක්ෂලා හා පාරාජිකා වී සිටින භික්ෂු සංඝයයි.

ඊට අමතරව, ජනාධිපතිකමට හීන තිබුණට කෝටියක් - අතේ නැහැ එක රුපියලක් හෙවත් රටට කළ කිසිදු වැඩක් නැතත් චම්පික රණවක වැනි අය ද, තවත් එවැනි ම වැඩ බැරි දේශපාලකයන් ද එහි එල්ලෙනු නිසැක ය.

කඩාකප්පල්කාරිත්වය හැර අනාගත වැඩපිළිවෙලක් නැති වාමාංශික අන්තවාදී කල්ලිවලට සිසුන්, වෛද්‍යවරුන් වැනි ප්‍ර‍ජාවන් බලමුළුගැන්වීමට තිබෙන හැකියාව ද සැලකිය යුතු සාධකයකි.

එසේම, වර්තමාන ආණ්ඩුවේ නායකයන්ට ද බලයේ එල්ලී සිටීමේ කෑදරකම හැර රටට ගැලපෙන නායකත්වයක් සඳහා අවශ්‍ය ධාරිතාවන් හෝ පැහැදිලි අනාගත දැක්මක් ද නැත.

මේ සියල්ල මැද ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට තල්ලු කර ගැනීම ප්‍ර‍ගතිශීලි ජනතාවට ලෙහෙසි පහසු කාර්යයක් නො වේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. According to you, no one is left in SL to take the country forward. What should we (Only people living in SL)do now? or in 2020? Any ideas?

    Mahinda? No
    Gotabaya? No/Yes
    Sirisena? No
    Ranil? No
    Ranwaka? No
    Premadasa? No/Yes
    Ravi K? No
    Mangala S? No
    W3? YES,YES,YES
    Who else?

    ReplyDelete
    Replies
    1. I'm not 100% up to date with all the politicians. But I have the same problem. Lakshman Kadiragamar was a great politician. But after him I can't think of any one suitable for the position. Similar to the last election it is just a matter of selecting the lesser evil.

      Delete
  2. //වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ නව ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දෙන බවට පොරොන්දු වෙමිනි.

    කෙහෙදිද පොරොන්දු වුනේ, සාක්ෂි ඉදිරිපත් කරන්න.

    ReplyDelete
    Replies
    1. කියෝපන් UNF එකේ 2015 General Election Manifesto එකේ 12 වෙනි පිටුව. ගොන් තඩිය

      Delete
    2. ඔච්චර කියන එකේ ඔය තියෙනවා කියන වාක්‍ය කීපය මෙතන ලියන්න පුළුවන්ද?

      Delete
    3. හොයල කියෝලා බලපන් ගොනෙක් වගේ තප්පුලන්නේ නැතිව . නැතිනම් ඔන්න ඔහේ මෙච්චරකල් කළා වගේ සුපිරි ව්‍යුහය අතගගා හිටපන්

      Delete
  3. හැම රෙද්දටම පුජා වට්ටි උස්සන් මල්වතු,අස්ගිරි යන හින්දා එයාලා හිතන් ඉන්නේ අපි ගාව තමයි ආණ්ඩුවේ රිමෝට් එක තියෙන්නේ කියලා වෙන්න ඇති.මහා නායකලාට ඕන විදියට ආණ්ඩු කරන්න නම් රටේ ජන්ද නොතියා සංඝ සභාවේ සෙට් එක එකතු වෙලා ඔය මොකෙක් හරි පත් කර ගත්තානම් අහවරයිනේ.

    ReplyDelete
    Replies
    1. හරිම ගණ උවදුරක්නෙ දැන් ලංකාවට කඩා පාත් වෙලා තියෙන්නේ...

      Delete
  4. පැරා,

    මේ ආණ්ඩුවට කරන්න තියන දේ සරලයි නේ, ව්‍යවස්ථා වෙනසට ජනමත විචාරණයක් තියන්න ඇයි බයද ? හාමුදුරුවන්ට බයේ නොකර ඉන්න එපා රටේ බහුතර ජනයා අලුත් ව්‍යවස්ථාවකට එකග නම් එක ක්‍රියාත්මක කරන්න.

    තවම චන්දය තියන්න බෑ බයේ වෙව්ලනවා සිරිසේන ලොක්ක ත් රනිල් ලොක්කත්, ඔබ මෙතන බයිලා ගහනවා.

    මේවයි වෙමින් පවතින්නේ

    මෙන්න https://www.youtube.com/watch?v=OeKPoxNGeD4

    "විගණන පනත සිරවූයේ කොතනද ? "

    මෙක දිනෙන් දින කල් දමන්නේ ගරු රනිල් විකුණන සිංහ තුමා, බැරිවෙලාවකවත් මේ බලතල ක්‍රියාත්මක උනොත් අර්ජුන මගෙන්ද්‍රන්ගේ බෑනාගේ කොම්පෙනේයත් විගණනය කරන්න ලැබෙන නිසා දවස ගානේ සංසෝදන ගෙන එමෙන් මේක කල්දානවා.

    ජනතාව ජනාධිපතිගෙන් අහන්නේ
    කෝ තොගේ මදුවලිගය ? කියලයි

    ReplyDelete
    Replies
    1. අනේ හුකේ... එතකොට ඔහේ කියන්නෙ රනිල් මෛත්‍රී නරකයි කියල මැදමූලන වනචාරික හරි උගෙ ත්‍රස්තවාදී මල්ලි හරි ආයෙත් ගේන්න ක්ක්යලද? ඔහෙල වගේ එජාප විරෝදී, රනිල් විරෝදී, ඉන්දියා විරෝදී, බටහිර විරෝදී පිස්සන්ට එහෙම අමාරු තිබුනට ලන්කාවෙ මිනිස්සුන්ට නම් ආයිත් මහසෝන් දිශ්ටි වද්දගන්න අමාරුවක් නෑ...

      Delete
    2. ඔබේ නිවස ගිනි ගන්නවා යැයි සිතන්න.
      එවිට ඔබ කලයුත්තේ හැකි ඉක්මනින් නිවසෙන් එලියට යාමයි.
      එලියේ තත්වය කොහොමද කියන එක පසුව සලකා බැලිය හැකියි.

      Delete
    3. //වනචාරික හරි උගෙ ත්‍රස්තවාදී මල්ලි //
      දැන් රටපාලනය කරන්නේ මැදමුලන ලොක්කද රනිල් මයිත්‍රී දෙන්නද ? මොකද ඔහේ කියන රනිල් මයිත්‍රී දෙන්න නම් මැදමුලන ලොක්ක ඉන්න ඕනේ හිරේ, හිරේ කෙසේවෙතත් ඔහුට විරුද්දව එකම චෝදනාවක් ඉදිරිපත් වෙලා නෑ කිසිම ශ්‍රී ලංකික අධිකරණයක

      Delete
  5. ගාමසේවකගෙනුත් වැඩක් නෑ.. ශ‍්‍රීලනිප හොරු ජනපති රකිනවා.. එජාප හොරු අගමැති රකිනවා.. ජනතාවට කෙලවුණා..

    http://www.dailymotion.com/video/x5sn3i1_%25E0%25B6%2585%25E0%25B6%259C%25E0%25B6%25B8-%25E0%25B6%25AD-%25E0%25B6%25AD-%25E0%25B6%2591%25E0%25B6%259A%25E0%25B6%25BA-%25E0%25B6%259C-%25E0%25B6%25BB-%25E0%25B6%25B8%25E0%25B7%2583-%25E0%25B7%2580%25E0%25B6%259A%25E0%25B6%25AD-%25E0%25B6%2591%25E0%25B6%259A%25E0%25B6%25BA-%25E0%25B6%25A2%25E0%25B6%25B1%25E0%25B6%25AD-%25E0%25B7%2580%25E0%25B6%25A7-%25E0%25B6%259A-%25E0%25B6%25BD-%25E0%25B6%258B%25E0%25B6%25B1_news

    ReplyDelete
    Replies
    1. @ Lankika Sithuwili

      ඔබහට වැදගත් යෝජනාවක් කිරීමට කැමතියි. ඊට පෙර මේ ප්‍රවෘත්තිය කියන්නම්; හිටපු විශ්‍රාමික ජනාධිපතිවරයා මෙන්ම වත්මන් කු.පා.ම.මහින්ද රාජපක්ෂ (හි.ජ.කු.දි.පා.ම.) නමැති අන්ත දූෂිත ගර්හිත කුජීත පුද්ගලයා බලාපොරොත්තු වූ පරිදි ඔහුගේ දේශපාලන සැලසුම් ක්‍රියාත්මක කරගැනීමට නොහැකි වීමත්, ඒකාබද්ධ විපක්ෂයට ජනතාවට අතර යෑමට නොහැකි වීම සහ ජනතාව විශින් ඔවුන්ව දැඩිව ප්‍රතික්ෂේප කොට පලවාහැරීම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් දැඩි මානසික කඩා වැටීමකට ලක්ව ඇතැයි ඉතා විශ්වාසන්ත අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

      මේ නිසා තවදුරටත් නාමල් වෙනුවෙන් තමා දේශපාලනය කිරීමේ පලක් නොමැති බව වටහාගෙන ඇති හි.ජ.කු.දි.පා.ම. මහින්ද රාජපක්ෂ ඒකාබද්ධ විපක්ෂය නමැති කුප්‍රකට ගර්හිත හොර හවුලේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට සාධාරණයක් ඉටුවන පරිදි වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතට ඔවුන් පවරා දීමටත් ඒ තුළින් තම කීර්තිනාමයත්, පවුලත් ආරක්ෂා කරගැනීමටත් වෙනුවෙන් වූ එකඟතාවකට පැමිණීමේ සූදානමින් පසුවන බවත් වාර්තාවේ.

      පසුගිය වසර දෙක හමාරක් තුළ තමාගේ නායකත්වයෙන් ඒකාබද්ධ විපක්ෂ නමැති හොර කල්ලිය විසින් සිදුකළ සියළු දේශපාලන රැළි සහ ක්‍රියාකරකම් හි විශ්ලේෂණ වාර්තා අධ්‍යයනය කොට හි.ජ.කු.දි.පා.ම. මහින්ද රාජපක්ෂ සැබැවින්ම තමාට සහ තම අනුගාමිකයින්ට සිදුවූ පරිහානියක් මිස ප්‍රගමනයක් නොමැති බව ඒකාබද්ධයේ දේශපාලන කමිටු ප්‍රධානීන්ට පෙන්වා දී ඇත. එසේම මැතිවරණයක් නොමැතිව දිගින් දිගටම විවිධ තේමාපාඨ යටතේ රැලිපවත්වමින් තම අනුගාමිකයින්ට දේශපාලන බලාපොරොත්තු මැවිය නොහැකි බවත්, දිනෙන් දින පිරිස් බලය හීන වී ගොස් ඇතිබවත් මහින්ද රාජපක්ෂ විසින්ම පෙන්වා දී ඇත.

      මේ අනුව ඒකාබද්ධ විපක්ෂ හොර කල්ලියේ ශ්‍රීලනිප තම අනුගාමික මන්ත්‍රීවරුන්ට සානුකම්පිත ලෙස සලකා බලා හැකි ලෙස ඇමතිකම් ඇතුළු තනතුරු කිහිපයක් ලබාදෙන්නේ නම් තමා දේශපාලනයෙන් නිහඬව ඉවත්වීමට කැමති බවත් ඒ මත පිහිටා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එතුමාගේ පාර්ශවය සමඟ සාකච්ඡා ඉදිරියට ගෙන යෑමටත් උපදෙස් ලබාදී ඇත.

      එසේම ඒකාබද්ධ මලබද්ධයට සම්බන්ධ අනෙකුත් සුළු පක්ෂ සහ කණ්ඩායම් වලට යළි එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ සන්ධාන ගත වීමට හි.ජ.කු.දි.පා.ම.මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති අතර ඊට අවශ්‍ය ක්‍රියාමාර්ගද සිදුකරදීමට එකඟ වී ඇත.

      හි.ජ.කු.දි.පා.ම.මහින්ද රාජපක්ෂගේ පුද්ගලික වාර්තාකරුවන් පවසන පරිදි පසුගියදා සිංගප්පුරුවට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ගිය 72+ හැවිරිදි විය ඉක්මවූ මහලු වයෝවෘද්ධ දේශපාලනඥයාට වෛද්‍යවරු උපදෙස් දී ඇත්තේ හැකිතරම් විවේක සුවයෙන් ලබා දී ඇති ප්‍රතිකාර නිසි පරිදි ගන්නා ලෙසයි. මෙයද මහින්ද විසින් ගනුලබන මෙම දේශපාලන තීරණයට දැඩිව බලපා ඇති බව වැඩිදුරටත් සඳහන්.

      ඉතින් ඔබත් දැන් මහින්ද වැනි දේශපාලන කුණුබක්කියට වැටුන නායකයෙකු අමතක කොට ඔබගේ පැරනි වැරදි අඩුපාඩු අමතක කර ඒවා හදාගෙන එජාපය සමග සම්බන්ධවීම තමා වඩාත් සුදුසු. අවශ්‍ය නම් ඔබව එජාප නායකයන් සමග සම්බන්ධ කර දෙන්නම්, මෙම බ්ලොගය එජාපය සමග එක්ව ජනතාවාදීව දේශපාලනය කිරීමට යොදාගමු. හොරුන් වෙනුවෙන් පෙනී නොසිටිමු.

      Delete
    2. //ඉතින් ඔබත් දැන් මහින්ද වැනි දේශපාලන කුණුබක්කියට වැටුන නායකයෙකු අමතක කොට ඔබගේ පැරනි වැරදි අඩුපාඩු අමතක කර ඒවා හදාගෙන එජාපය සමග සම්බන්ධවීම තමා වඩාත් සුදුසු. අවශ්‍ය නම් ඔබව එජාප නායකයන් සමග සම්බන්ධ කර දෙන්නම්, මෙම බ්ලොගය එජාපය සමග එක්ව ජනතාවාදීව දේශපාලනය කිරීමට යොදාගමු. හොරුන් වෙනුවෙන් පෙනී නොසිටිමු.//

      හැබෑට දැන් එතකොට එකසත් ජාතික පක්ෂණය අවංකයි ඈ, ඊයේ පර්පටුවල් ට්‍රේෂරිස් ආයතනය මාස 6ට තහනම් කරලා තියෙන්නේ අවංක එකසත් ජාතික පක්ෂය වෙන්න ඕනේ , අනේ ලොක්ක මම කොන්ඩෙ බැදලත් නෑ මම චිනෙකුත් නෙමෙයි, දැන් වෙලා තියන්නේ සිරිසේනට රස්නේ දැනෙන්න පටන් අරන් ඔහු දන්නවා රනිල් හදන්නේ මහින්ද ලොක්කව පාවිච්චි කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට බව, ඔහු දන්නවා එහම කල වහාම තමන්ට ඇති තත්වය නැතිවෙන බව, මෙනිසා ඔහුට අඩුගානේ ජනතා කැමැත්ත ආරක්ෂා කිරීමට කලයුතු දෙය ඔහු කරමින් ඉන්නවා, ඔහු දන්නවා යම්විදියකින් මැතිවරණයකට ගියොත් ඇපත් නෑ කියල.

      Delete
  6. ෆන්ඩමෙන්ටලිස්ට් නැෂනලිස්ට්July 6, 2017 at 3:18 PM

    (ඊනියා) ස්වාධීන කොමිෂන් සභාවලින් ජනතාවට හම්බුවුන ඇටයක් නැති එකේ ඔය අලුත් ආණ්ඩු ක්‍රම වයවස්ථාවකින් ජනතාවට කවර යහපතක් සිදුවේද ??? ඔය මඟුලෙන් වෙන කෙංඩියක් නැත - 2020 දි ගෝඨාභය ජනාධිපති වූ පසු මේ රට හැදෙන හැටි පැරාලට සියැසින්ම බලාගත හැකි වනු ඇත.. එතෙක් ඉවසන්න

    ReplyDelete
  7. පැරා, මේ අලුත් බුද්ධිමතුන්ගේ පක්ෂය ගැන මොකෝ හිතන්නේ? රැල්ලක් වෙයිද?
    https://www.facebook.com/Social-Democratic-Party-of-Sri-Lanka-1373959832685056

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා