බදුදීම විකිණීමදෝ ආදරේ - මට රිදවන්නෙපා ආයෙ සංසාරයේ

ජවිපෙ විසින් විකුණන ලද වී එෆ්.එම්. අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටි සේනාධීර ගුණතිලක කවුරුද? 
බදු දීම හා විකිණීම යනු දෙකකි. මේ දෙකම විවිධ අවස්ථාවලදී අපි ජීවිතයේදී කරන්නෙමු.

උදාහරණයක් ලෙස, අපට කඩ කාමරයක් තියෙනවා ය කියා හිතමු. කඩ කාමරය අපේ නිසා ඕනැ නම් අපට කඩයක් දමන්නට පුළුවන. හැබැයි ඒකට ප්‍රාග්ධනය හා කඩ කෙරුවාව ගැන දැනුම, පළපුරුද්ද එහෙම අවශ්‍ය ය. නැතිනම් කඩය ලාභ ලබන්නේ නැත.

අපට වඩා කඩ කෙරුවාව දන්නා සුපර් මාකට් ජාලයකින් අපේ කඩය දැන් ලබන ලාභයට වඩා ඉහළ කුලියකට අපෙන් බදු ගෙන, එය නවීන තත්වයෙන් පවත්වාගෙන යාමට ආයෝජනය කරන්නට ඉදිරිපත් වෙනවා නම්, කඩේ අපේ නිසා පාඩු පිට හරි අප ම කඩය කරනවා ද? නැතිනම් කඩය බදු දී බද්ද අරගෙන වෙන දෙයක් කරනවා ද?

මේවා ව්‍යාපාරික ලෝකයේ නම් ඉතා සාමාන්‍ය සංසිද්ධි ය. මධ්‍යම පංතිකයන් අතර ද මෙය ඉතා සුලබ තත්වයකි. හේතුව, මධ්‍යම පංතිකයන් යනු දේපල බදු දීම ගැන ඔස්තාද්ලා පිරිසකි. 

වසර 2005දී පැවැත්වුණු ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ දිනවීමට ක්‍රියා කිරීම වෙනුවෙන් අල්ලස් ලෙස බැසිල් රාජපක්ෂගේ මැදිහත් වීමෙන් ජවිපෙට රේඩියෝ නාලිකාවක් සඳහා බලපත්‍රයක් ලැබිණි. පසුව පටන් ගන්නා ලද මේ රේඩියෝ නාලිකාවට රජයෙන් දැන්වීම් ද ලැබිණි. 

එහෙත්, ජවිපෙ මහින්දට දෙන සහාය ඉවත් කර ගැනීමෙන් පසු දැන්වීම් නතර විය. ඉන් පසු පාඩු පිට පවත්වාගෙන ගිය රේඩියෝ චැනලය අවසානයේදී විකුණා දමන ලදී. ජවිපෙ වී එෆ් එම් විකිණීම ගැන මෙතනින් කියවන්න.

මේ පිළිබඳව ජවිපෙ සාමාජිකයකුගේ තර්කය වුණේ ජවිපෙ ප්‍රමුඛ කාර්යය දේශපාලනය කිරීම මිස රේඩියෝ චැනල් කිරීම නො වන බවයි. 

රජය සම්බන්ධයෙන් අප ද කියන්නේ මෙය ම ය. රජයේ ප්‍රමුඛ කාර්යය බිස්නස් කිරීම නොවේ. රජය කළ යුත්තේ ආයෝජන, ව්‍යවසාය, කර්මාන්ත, සේවා ආදිය නියාමනය කිරීමයි. ඒ අතර මහජන සුබසාධනය , දිළිඳුකම දුරලීම වැනි ප්‍රබල වගකීම් රැසක් රජයට තිබේ.

හම්බන්තොට වරාය බදු දීම සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු රජය පැත්තෙන් පැහැදිලි කර තිබිණි.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ China Merchants Holdings Company Ltd අතර අත්සන් කළ හම්බන්තොට වරාය සහන ගිවිසුම
* ගනුදෙනු වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 1.4කි.
* එකඟ වී ඇති ආයෝජන වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 1.12කි.
* ගිවිසුම් කාලය වසර 99කි
* බහාලුම් කාර්යසාධනය මත රාජ්‍ය භාගය හා උපරිම ලාභාංශය ගෙවීමට CM Port සමාගම එකඟ වී ඇත.
* වරාය නියාමකවරයෙක් පත් කිරීම සඳහා වරාය හා නාවික විෂය කටයුතු භාර අමාත්‍යවරයාට අයිතිය ඇත.
* ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන සියලුම අයිතිය ශ්‍රී ලංකා රජය සතු වේ.

වරාය අධිකාරියට අයත් හම්බන්තොට වරායේ තෙල් ටැංකි බංකරින් සඳහා තමන්ට දෙන්නැයි තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ඉල්ලා සිටිති. එසේ ඉල්ලා වර්ජන ද කරති. ඉල්ලන්නේ තමන්ට අයිති දේපලක් ද නො වේ. 

තෙල් සංස්ථාව පවතින්නේ අන් හේතුවක් නිසා නොව, ආනයනය කර ඉන්ධන අලෙවි කිරීමේ වෙළඳපොළේ 95%ක ඒකාධිකාරයක් බලෙන් අත්පත් කරගෙන සිටින නිසා ය. තෙල් සංස්ථාව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රු. 13ක් පමණ ද, ඔටෝ ඩීසල් ලීටරයකින් රු. 6.50ක් පමණ ද පාඩු ලබන බව පෙට්‍රෝලියම් හා සම්පත් හා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ පවසයි.

එහෙත්, ඒ මිළට ම ඉන්ධන ආනයනය කර අලෙවි කරන අයිඕසී සමාගම ලාභ ලබයි. තෙල් සංස්ථාව පාඩු ලබන්නේ අකාර්යක්ෂමතාව නිසා ය. තෙල් සංස්ථාවේ අකාර්යක්ෂමතාව නිසා සිදු වන පාඩු පියවා ගැනීමට තෙල් මිළ වැඩි කළ විට සිදු වන්නේ අයිඕසී එකේ ලාභය ඩබල් ට්‍රිබල් වීමයි. 

තෙල් සංස්ථාවෙන් ඒකාධිකාරය ඉවත් කළ ලිහිස්සි තෙල් වෙළඳපොළේ සිදු වී ඇත්තේ කුමක් ද? අද ලිහිස්සි තෙල් වෙළඳපොළේ තෙල් සංස්ථාව සතුව ඇත්තේ 10%ක වෙළඳපොළ පංගුවක් පමණි.  

නො දන්නා අලුත් බිස්නස්වලට අත පෙවීමට කලින් තෙල් සංස්ථාව මේවා නිවැරදි කර ගන්නට උත්සාහ කළ යුතු ය.

රජය අලුත් ව්‍යවසායන්ට අත ගැසීම මහජනතාව පැත්තෙන් පීඩාකාරී ය. තෙල් සංස්ථාව බංකරින් පටන් ගත්තා ය සිතන්න. සිදු වන්නේ කුමක් ද? තෙල් ඇමතිගේ, නියෝජ්‍ය ඇමතිගේ ඡන්ද දිනවන්නට වැඩ කළ, වෘත්තීය පුහුණුවක් නැති, මෘදු කුසලතා හෝ නැති චක්ගෝලයන්ගෙන් ඒ ආයතනය පිරවීමයි. දැන් ඉතින් උන්ට පඩි ගෙවිය යුතු ය. 

ඊට අමතරව දේශපාලනයෙන් පත් වන එහි ලොකු ලොක්කන්ට ඉහළ වැටුප්, වාහන, නිල නිවාස, විදේශ චාරිකා ආදිය සපයන්නට ද සිදු වේ. දූෂණ කියන ජාතිය ගැන අමුතුවෙන් කියන්නට උවමනා නැත. බංකරින් කරන්නට එන නැවෙන් පවා කොමිස් ඉල්ලන එක ෂුවර් ය. එහෙම වී මෙය පාඩු ලබන විට මහා භාණ්ඩාගාරයෙන් සල්ලි ද දිය යුතු ය. ඒ මදිවාට මේ ව්‍යවසාය නිසා රජයේ වැදගත්කම තවත් වැඩි වී දේශපාලකයන් ද තව තවත් බලවත් වෙනවා ය. මේ සියල්ලේ බර දැරිය යුත්තේ බදු ගෙවන මහජනතාවයි.

ඒ මදිවාට පොඩ්ඩ එහා මෙහා වෙනකොට මුන් බංකරින් වර්ජනය කරනවා ය. ඊට මීට වඩා කරන්නට පුළුවන් කෙනෙකුට වරාය බදු දී 20%ක් අරගන්නා එක තේරුමක් ඇති බව ව්‍යාපාරකරණය පිළිබඳ අබ ඇටයක තරම් ඥානයක් තියෙන කෙනෙකුට තේරුම් ගන්නට බැරි නැත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා සම්පුර්ණ ඉන්ධන මිල සුත්‍රය ලබාදෙන්නම් ඔබගේ email එක දෙන්න

    ReplyDelete
    Replies
    1. මිල සුත්‍රය ඔබගේ email එකට ඒවා ඇත

      Delete
    2. ඇත්තටම ඒ 2015 දී ආ්ණඩුව ඉදිරිපත් කරනවා ය කියපු පෙට්‍රල් මිල සූත්‍රයට මොකද වුනේ?

      පාලන මිල ඉවත් කළොත් පෙට්‍රල් ලාබ වෙයි නේද?

      Delete
  2. පාඩු ලබනවනම් තියාගෙන මක් කරන්නද.රජයෙන් කරනවනම් ඉතින් ඇමැතිට කඩේ ගියපු එවුන්ගෙන් වරායවල් පිරෙයි. විරැකියාව දුරුවෙයි, ඒත් ඉතින් අපි හැම මගුලටම බදු ගෙව ගෙව ඉදියි

    ReplyDelete
  3. ඇත්ත වශයෙන් ම 1957 දී ජනසතු කළ කොළඹ වරාය ද සුදුසු සමාගමකට බදු දී රජය එම ව්‍යාපාරයෙන් ද ඈත් විය යුතු ය.

    ReplyDelete
  4. 1963 දී අගමැතිණි සිරිමාවෝ බණ්ඩාරනායක කළ තකතිරු, මරි මෝඩ වැඩකි තෙල් සමාගම් ජනසතු කිරීම. එසේ නොකළා නම් තෙල් සංස්ථාවේ මෙතෙක් සේවයේ යෙදුණු දේශපාලන අපතයන් හට ගෙවූ පින් පඩි මුදලින් කොළඹ සිට මහනුවරට අධිවේගී මාර්ගයක් 1980 දශකයේ තනා නිම කරන්නට පුළුවන්කම තිබුණි.

    ReplyDelete
  5. දෙශපාලුවො අවස්තාවාදියො වන තාක්කල් මොනව කළත් වැඩක් නෑ.

    ReplyDelete
  6. මේක සැකය, පෙර වැරදි සහ බලාපොරොත්තු කඩවීම පිලිබඳ ප්‍රශ්නයක්. මම යහපාලනයක් වෙනුවෙන් පෙනී සිටියේ පෙර වැරදි, නව ආන්ඩුවක් තුලින් මතු නොවිය යුතු යැයි යන චේතනාවෙනි. ජනවාරි අට සහ පාර්ලිමේන්තු මැතිවරනය තුල සිදුවූයේ වෙනස් තත්වයන් දෙකකි. ජනවාරි අට ජයග්‍රහනයකි. අගෝස්තු විකෘතියකි. මම ලැජ්ජා වෙන්නේ ජනවාරි අට ගැන නොවේ. අගෝස්තු විස්කෝතුව ගැනය. දැන් පරක්කු වැඩියැයි හිතේ.

    ReplyDelete
    Replies
    1. විකෘතිය ඇති වුනේ 2015 මාර්තු මාසයේ දී යි!

      Delete
  7. වරාය චීනයෙන් නය අරගෙන හම්බන්තොට තෙල් ටැංකි ඉදිකරන විට තෙල් සේවකයන් නිහඩව සිටියේ ය. වරාය පෝට් සිටි හදන්න චීනයත් එක්ක ගිවිසුම් ගැසුවිට නාගරික සංවර්ධන අධිකාරිය වරාය අධිකාරිය බල්ලාගේ වැඩේ බූරැවා කීරීම ගැන කතා නොකර සිටියෝය .

    ReplyDelete
  8. බණ්ඩාරනායක ඩබල ජනසතු කළ සියළුම පෞද්ගලික දේපළ නැවත පුද්ගලීකරණය කළ යුතුමයි. නැත්නම් රටට ගොඩ ඒමක් නැහැ.

    ReplyDelete
  9. පැරා මේ ගිවිසුම ගැන හොයා බලන්නෙ නැතුව බොරු ලියනවා. ගිවිසුම අනුව වරායේ තියෙන ඔක්කොම දේවල් ගලවගෙන ගිහින් චීනෙ සවි කරනවා. ඊට පස්සෙ වරාය තියෙන හරියේ ගොඩ බිම හාරල පස් අරගෙන ගිහින් චීනෙ භූමි ප්‍රමාණය විශාල කරගන්නවා. මේක රටෙන් කෑල්ලක් විකුණුවා හා සමානයි.

    විශාලම වෙලඳ සහ තෙල් නැව් ප්‍රමාණයක් හිමි රටවල් වලින් චීනෙ උඩින්ම ඉන්නව කියන්නෙ බොරු. ඒ නැව් එනකොට දැන් මලකඩ කන වරාය කාර්‍යබහුල වෙනව කියන්නෙත් බොරු. ලෝකේ භාණ්ඩ නිෂ්පාදනය අතින් චීනය උඩින්ම ඉන්නවා ඒ අය නැව් වලින් ලෝකේ බටහිර අතට විශාල නැව් ප්‍රමාණයකින් ප්‍රවාහනය කරනවා කියන්නෙත් බොරු. ඒකෙන් දැන් නිකන් පඩි කන වරාය සේවකයන්ට විතරක් නෙවෙයි තව බොහෝ දෙනෙකුට රැකියා ඇතිවෙනව කියන්නෙත් බොරු. එයිටාමතරව වරායට ආහාර, සේවා, නවාතැන්, ප්‍රවාහන පහසුකම් සැපයීම වගේ දේවලින් ඒ අවට වක්‍ර රැකියා ඇතිවෙනව කියන්නෙත් බොරු.

    ReplyDelete
  10. http://www.lankabusinessonline.com/lanka-ioc-profits-up-45-pct-in-december-quarter/

    ReplyDelete
  11. හම්බන්තොට වරායේ විතරක් නෙවෙයි, පාර්ලිමේන්තුවත් ඔය විදිහට 99 අවුරුදු බදු දුන්න නම් බද්ද ඉවරවෙනකොට ඉන්නේ මුන් ගැන අබමල් රොනක තරම් දැනීමක් නැති නව පරපුරක්...

    ReplyDelete

  12. අතිගරු සරසතුමා සමඟ ගයන්න
    ============================


    මහින්ද කියන්න . . .

    මහින්ද කියන්න ලොවට ම ඇහෙන්න
    එන්න මගේ මල්ලී
    මේ රට හදන්න ⁣එහි ගුණ වඩන්න
    එන්න මගේ නංගී //

    ලංකා නම් රන් දෙවොලේ
    දෙවියන් වන් නායකගේ
    ඔවදන් ගෙන සිත සතුටේ
    නිසි මඟ ගොස් මතු දවසේ
    මේ රට හදන්න එහි ගුණ වඩන්න
    එන්න මගේ මල්ලී
    එන්න මගේ නංගී

    මහින්ද කියන්න ලොවට ම ඇහෙන්න
    එන්න මගේ මල්ලී
    මේ රට හදන්න ⁣එහි ගුණ වඩන්න
    එන්න මගේ නංගී

    අද දින සම්පත් අපගේ
    සතුරෝ විකුණති රහසේ
    මහින්ද රජ වන දවසේ
    අපි යළි ගෙන එමු පෙර සේ
    ජාතිය රකින්න
    ආගම රකින්න
    එන්න මගේ මල්ලී
    එන්න මගේ නංගී

    මහින්ද කියන්න ලොවට ම ඇහෙන්න
    එන්න මගේ මල්ලී
    මේ රට හදන්න ⁣එහි ගුණ වඩන්න
    එන්න මගේ නංගී

    එන්න මගේ මල්ලී
    එන්න මගේ නංගී ///




    මහින්ද යළි පැමිණෙන්න . . .

    මහින්ද යළි පැමිණෙන්න පැමිණෙන්න //
    යහපාලන නඩය ම එළවන්නට
    අප එනවා ඔබ වෙත පෙර සේ
    මහින්ද යළි පැමිණෙන්න පැමිණෙන්න //

    රටේ සිව් දෙස සතුට නැති වී
    නැඟෙන සා දුක් කඳුළු ගීතය
    ඔබේ දිරිමත් වදන් එක් කර //
    විජය ගීයක් කරනු මැන හෙට //

    මහින්ද යළි පැමිණෙන්න පැමිණෙන්න //

    සිව් මහ සම්පත් සිව් දෙස මතු වී
    මේ පිං දෙරණේ කිරි උතුරා වී
    යළි පැමිණෙන ඒ වසන්තයේ //
    මහින්ද රජ වන හෙට දිනයේ //

    යහපාලන නඩය ම එළවන්නට
    අප එනවා ඔබ වෙත පෙර සේ //

    ReplyDelete
  13. ලැරී හෝම්ස්August 1, 2017 at 10:18 AM

    අපරාදේ මීට අවුරුදු 6කට කලින් පැරා මේ වාගේ නියෝ ලිබරල් අදහස් පළකළා නම් බ්ලොග් අවකාශයේ ටැබූසබ්ජෙක්ට්ස්ගේ හොඳම මිතුරා වීමේ අවකාශය ලැබෙන්න තිබුනා -

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා