විනයක් නැති ලංකාවේ දේශපාලකයන්ට මුවා වෙන විනය

තට්ටයගෙ කොලම බ්ලොගය කරන මංජුල ඊයේ දුරකථනයෙන් කතා කළා. ඔහු සමග කළ කතා බහේ තිබුණු වැදගත් අදහස් අතරින් එකක් ගැන වැඩිදුර ලිවිය යුතු යයි සිතුණා.

ලංකාවේ මිනිසුන්ට තිබෙන්නේ සංවර්ධනය පිළිබඳ ප්‍ර‍ශ්නයකටත් වඩා විනය පිළිබඳ ප්‍ර‍ශ්නයක් ය කියන එකයි ඔහු කියූ කාරණය.

මේක ඇත්ත. ලංකාවේ මිනිසුන් පාරේ පයින් ගමන් කළ යුතු පැත්ත හෝ දන්නෙ නැහැ. තුන්මුල්ල හංදියේ කහ ඉර ගාව සිටි පොලිස් නිලධාරියා ඊයේ උදේ මා එතන සිටගෙන සිටි විනාඩියක විතර කාලය තුළ හතර වතාවක් පේමන්ට් එකට කෙළ ගැහුවා. ගෙදර යනකොට ඒසී බස්සෙකේ සිටි තරුණයෙක් වායුගෝලයට කිඹුහුම් ගණනාවක් ම මුදා හැරියා. වාහන පදවන්නේ රියදුරන්ට වඩා චන්ඩි. බොහෝ රජයේ කාර්යාලවල විතරක් නෙමෙයි, ඇතැම් පෞද්ගලික සමාගමකින් පවා අදාළ නිලධාරියකුගෙන් තොරතුරක් ඇහුවත් ඒගොල්ලන් උත්තර දෙන්නෙ තරහින්. කෑම විකුණන කඩවල වැඩ කරන අය පුක කහ කහා කෑම අතගානවා.

හැබැයි මේ මිනිසුන් ම වුණත් විනයක් සහිත රටකට ගිහින් දැම්මොත් හොඳට හැසිරෙන්නට දන්නවා. අපේ මිනිසුන්ට එහෙම වෙලා තියෙන්නෙ ඇයි?

මේ මිනිසුන්ගෙන් ම ඇහුවොත් කියයි රටේ නීතිය ක්‍රියාත්මක නො වෙන එක තමයි ඒවාට හේතු කියලා. හැබැයි, නීති කඩනවා ද බලන්න හැම මිනිහෙකු ම පිටුපසින් පොලිස් නිලධාරියකු දමන්නට රජයකට පුළුවන්කමක් නැහැ. ඇයි අපේ මිනිසුන්ට බැරි තම තමන් නීති ගරුක වන්නට?

සියල්ලට වග කිව යුතු ආණ්ඩුව ය කියන අදහසත්, හැම දෙයකට ම ආණ්ඩුවට බැනීමත් හරිම සුලබව දැකිය හැකි තත්වයක්. හැබැයි, මේ බොහෝ දෙනෙකු ආණ්ඩුවයි, රජයයි අතර වෙනසවත් දන්නෙ නැහැ. ආණ්ඩුව පුද්ගලයන් වශයෙන් ගත්තොත් 500කට අඩු පිරිසක්. රජය එහෙම නෙමෙයි. විශ්‍රාමිකයිනුත් එක්ක ලක්ෂ 20ක්.

අපි ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පිළිබඳ ප්‍ර‍ශ්නය ගනිමු. මේ තෙල් ටැංකි අවුරුදු පනහකට වඩා කාලයක් මළකඩ කමින් තිබුණා. ආණ්ඩුවේ විතරක් නෙමෙයි, තෙල් සංස්ථාවේ, වරාය අධිකාරියේ මහජන මුදලින් වැටුප් ගත් රජයේ නිලධාරීන්, සේවකයන්, වෘත්තීය සමිති මොනවද කළේ?

සියල්ල රජයෙන් නොමිළේ දිය යුතුයි කියන අදහස ලංකාවේ ස්ථාපිත වුණේ මාක්ස්වාදී බලවේගවල බලපෑමෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු යටතේයි. උදාහරණයක් ලෙස, උසස් අධ්‍යාපනයත් නොමිළේ දීලා, එයින් බිහි වන කුසලතා රහිත උපාධිධාරීන්ට රැකියාත් රජයෙන් ම දිය යුතුයි කියා තමයි ලංකාවේ මිනිසුන් හිතන්නේ.

තව මෙවැනි පිරිසක් තමයි ගොවියෝ. ඔවුන් ආහාර නිෂ්පාදනයේ යෙදෙන නිසා උපාධිධාරී රජයේ සේවකයන්ට වඩා වැදගත් පිරිසක් බවට කිසිදු තර්කයක් නැහැ. හැබැයි, වතුර, පොහොර, බිත්තර වී ආදිය නිකම් දීලා, අස්වැන්නත් රජයෙන් ම වැඩි මිළට මිළ දී ගත යුතුයි කියායි ලංකාවේ ගොවියන් සාමාන්‍යයෙන් සිතන්නෙ.

හැබැයි, මේ රජය කියන්නේ මොකක්ද කියා රජයේ සේවකයන්ගෙන් ඇහුවොත් ඔවුන් හැසිරෙන්නේ තමන් රජය නෙමෙයි වගේ. ඔවුන් ද රජය බනිනවා. ආණ්ඩුවට බනිනවා. උදාහරණයක් විදියට රජයේ ආයතනවල වෘත්තීය සමිති නායකයන් අරගෙන බලන්න. ඒවායේ හැමදාම වගේ නායකත්වයේ ඉන්නේ එකම පිරිස. මේ අය වැඩ කරන්නේ ම නැහැ. රජයෙන් පඩි ගනිමින්, රජයට ම බනිමින්, කඩාකප්පල් ක්‍රියා සංවිධානය කරන ආකාරය ගැන කල්පනා කරමින් කාලකණ්ණි වෙනවා.

ලංකාවේ තත්වය වකූරු කරන තවත් පිරිසක් තමයි මාධ්‍යකරුවෝ. ලංකාවේ මාධ්‍ය වැඩියි. එච්චර මාධ්‍ය පරිහරණය කරන්නට මිනිසුන්ට වෙලාවත් නැහැ. ඒ නිසා හොර රේටිං දමාගෙන, දැන්වීම් හිඟාගෙන මේ කරන කුණු රස්සාව වෙනුවෙන් ඕනෑම බාල දෙයක් විකුණන්නට ඔවුන්ට සිදු වෙලා තිබෙනවා. ඒ නිසා මේ පිරිසගේ මුළු කාලයම යෙදවෙන්නේ නැති අවුල් ඇති කිරීමටයි. ප්‍ර‍තිරූප ගොඩනගා ගැනීම වෙනුවෙන් මේ පාන්වලට හොදි වෙන්න සූදානම් දේශපාලකයන්, වෘත්තීය සමිති නායකයන්, වෙනත් සිවිල් සමාජ පොරවල් හා කලාරිටවල් හෙවත් කලාකරුවන් වැනි අයත් ඉන්නවා.

වැඩ කරන මිනිසුන් සවසට රූපවාහිනිය ඉදිරිපිට වාඩි වුණාම මේ පොල් බූරුවන් ඇවිත් ඒ මිනිසුන්ගේ ඔලු කුරුවල් කරනවා. විනයක් නැතිකම බෝ වෙන්නෙ එහෙමයි.

මේ දවස්වල ලංකාවේ රජය ආර්ථික ප්‍ර‍තිසංස්කරණ සිදු කරන්නට දරණ උත්සාහය සම්බන්ධයෙන් දේශපාලකයන්ගෙ, වෘත්තීය සමිතිකාරයන්ගෙ, මාධ්‍යකාරයන්ගෙ හා වෙනත් සිවිල් සමාජ පොරවල චර්යාවත් ඔය වගේ ම තමයි.

ඒ වෙනුවෙන් නිර්මානය කරපු භාෂා ප්‍රයෝග තිබෙනවා. නිදහස් අරක, නිදහස් මේක, විකිණීම, ලාභ ලැබීම, වෙළඳපොළකරනය, නව ලිබරල්වාදය වැනි සංකල්ප කිසිදු ගැඹුරකින් තොරව මිනිසුන්ගේ ඔලු මත දමා ගසන ආකාරය දැකිය හැකියි. වෙළඳපොළ වැරදිද, සාධාරණ ලාභය කියන එකේ වරද මොකක්ද, නිදහස් ය කියන ඒවට කවුරුද ගෙවන්නෙ, නවලිබරල්වාදය කියල දෙයක් තියෙනව ද වගේ ප්‍ර‍ශ්න නැගුවාම මේ වචන භාවිතා කරන අයට ඒවාට පිළිතුරු නැහැ.

මේ සියල්ල පවතින්නෙ විනයක් නැති සමස්තයක් ඇතුළෙ. දේශපාලකයන්ටත් විනයක් නැති බව ඇත්ත. හැබැයි පුරවැසියා කියන්නෙ දේශපාලකයාට වඩා ඉදිරියෙන් සිටිය යුතු කෙනෙක් මේ අම්මට සිරි ලංකාවෙ හැටියට.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. //මේ මිනිසුන්ගෙන් ම ඇහුවොත් කියයි රටේ නීතිය ක්‍රියාත්මක නො වෙන එක තමයි ඒවාට හේතු කියලා. හැබැයි, නීති කඩනවා ද බලන්න හැම මිනිහෙකු ම පිටුපසින් පොලිස් නිලධාරියකු දමන්නට රජයකට පුළුවන්කමක් නැහැ. ඇයි අපේ මිනිසුන්ට බැරි තම තමන් නීති ගරුක වන්නට?//

    නීති ගරුක නොවන ජාතියක් ඉබේම නීති ගරුක වන්නේ නැහැ. සිංගප්පුරුව හොඳ උදාහරණයක්. හැමෝම පිටිපස්සෙන් පොලිස් කාරයෙක් ඉන්න අවශ්‍ය නැහැ. වරදක් කලොත් කොයි වෙලාවේ හෝ දඬුවම් ලැබෙන බව මිනිසුන්ගේ හිතට කාවැද්දීමයි අවශ්‍ය වෙන්නේ. බෙහෙතකටවත් හොයා ගන්නට බැරි අපේ සමාජ විද්‍යාඥයින් අවශ්‍ය වන්නේ මෙන්න මේ වගේ වෙලාවටයි.

    ReplyDelete
  2. කොහොමද පැරා රටක් විනයක් හදන්නේ බ්ලොග් ලියන එවුනුත් දැන් චන්ඩි වෙලානේ.....

    අලුත්ම චන්ඩියෙක් කොලොන්නාවේ මරික්කාර්ගේ ගෝලයෙක්

    කොළඹ පොරක්ලු ඉන්නේ වත්තල / කඳානේ [ගෙවීම් අනුව කොලොන්නාවට යනවා ] එළ ගන්කබර අඩු කුලේ පද්දෙක් ද කොහෙද

    Sanjeewa MendisJuly 28, 2017 at 12:20 AM
    මුව මෙහයවන උන්ට ගහමු බන් මම අර කිව්ව් විදිහට ඔඩිකොලෝන් දාලා

    ReplyDelete
  3. සියඹලා ගේන්න කවුරුවත් ම නෑ වගේ?

    ReplyDelete
  4. පැරා ඇත්තටම මාධ්‍ය සත්‍යය හරියට සොයන්නේ නැද්ද නැත්නම් සිතාමතාම තම ස්වාමි වරැන්ට වාසි වෙන ලෙස පුවත් පලකරනවද කියන එක ප්‍රශ්නයක්. අද වරාය වර්ජනනයක් සැලසුම් කර තිබුනේ ජවිපෙ ට සම්බන්ධ සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය විතරයි. අනෙක් සමිති වල සහයෝගයක් ඔව්න්ට නෑ. මේවා මාධ්‍ය වල පලවන්නේ නැත්තේ ඇයි?

    ReplyDelete
  5. මෙන්න මඩ ගහනෝ.....

    http://mallepol.blogspot.com/2017/07/blog-post_27.html

    ReplyDelete
  6. Good one. I wrote on the same idea sometime back. Without law & oder no country can develop whether it is a capitalist or socialist. Our politicians never support these ideas because they are the culprits who break law & oder in the first place. For our ordinary man all these ideas are like Pansil. No need to practice. If not in this life, we will go to Nirvana in the next, so who cares?

    ReplyDelete
  7. විනයක් නැති කමත් මානසික රෝගී තත්වයක් යයි මම සිතන්නෙමි.කායික රෝගවලදී මෙන් මානසික රෝගවල දී තමා රෝගියෙකු බව රෝගියාට නොදැනේ.කායික රෝග වාතය, ජලය, ආහාර වැනි සාධක ඔස්සේ ව්‍යාප්ත වන අයුරීන්ම මානසික රෝග ජනමාධ්‍ය ඔස්සේ සමාජය තුළ ව්‍යාප්තවේ.මානසික රෝගියෙකු මාධ්‍ය තුළට පිවිසි විට තමා ලියන කියන දෙය තුළින් තම මානසික රෝගය සමාජය තුළ නොදැනුවත්වම ව්‍යාප්ත කරවයි.දහවල් කාලයේ රූපවාහිනී නාළිකා පෙන්වන දකුණු ඉන්දියානු චිත්‍රපට බොහෝමයක් මිනිසුන්ට නීතිය අතට ගෙන කටයුතු කිරීමේ මානසිකත්වය ඇති කරවයි.

    ReplyDelete
  8. ශරීරය පුරා හොරි හැදුනු මිනිහෙක් ගැන හිතන්න ,,උගේ මුළු ඇඟටම බෙහෙත් කරනවා මිසක් එක එක හොරියට බෙහෙත් කරලා වෙනම හොඳ කර ගන්න බෑ ආයෙත් බෝ වෙනවා ..දැන් කට්ටියක් සිංහල ජාතිය වෙනම බේරා ගන්න හදනවා ,,,කට්ටියක් මේක සව්දි අරාබිය කරන්න දඟලනවා ..විනය ,නිතිය ,අධ්‍යාපනය ,මේවා වෙන වෙනම අරගෙන හුදකලාව බේරා ගන්න බෑ ..මේ හැම සාධකයක්ම එක් එක් අනිකුත් සාධක සමග ප්‍රතිරෝධයන් සහ ප්‍රතික්‍රියා තියෙනවා ...දැන් විනය යනු නිතිය කියලා හිතනවානම් නිතිය රකින්න ඉන්න පොලිස් කාරයොන්ගේ විනය ගැන හිතන්න උන් මොන වගේද

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා