මේ සිදු වෙන මළ හත්තිලව්ව තේරෙන්නෙ නැති බබාලාට ලියුමක්

සංගදාසගෙ චූටි කලිසම 
වර්තමානයේ සිදු වෙමින් තිබෙන දේ හා එහිදී අප විසින් ගෙන තිබෙන ස්ථාවරය තේරුම් ගන්නට බැරි අය වෙනුවෙන් මෙම සටහන තබමි.

අපි මේ ආණ්ඩුව බලයට ගෙන එන්නට වැඩ කළෙමු. එසේම, මේ ආණ්ඩුව ආරක්ෂා කිරීමට ඉවහල් වන පරිදි දැන් ද වැඩ කරමින් සිටිමු. මා ඇතුළු තවත් ඇතැම් අය මේ ආණ්ඩුව අතහැරියා නම්, ඇතැම් විට, වෙන කොහේ නැතත්, සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ හෝ තුලනය නැති වන්නට ඉඩ තිබුණු බව කියන්නේ ලොකුකමකට නොවේ.

ආණ්ඩුව පවා අප නිකම් සෝෂල් මීඩියාකාරයන් ලෙස සලකා නො තකා සිටිය හැකි යයි සිතුවත්, අප අපගේ දේශපාලන ස්ථාවරයන් මත පදනම්ව අඛණ්ඩව කළ අරගලය නොවේ නම්, ඔය කොච්චර තනතුරුධාරී ලොකු ලොක්කන් සිටියත්, මේ ආණ්ඩුවට ලෙහෙසි නො වන්නට පුළුවන. මා මේ කියන්නේ මා ගැන විතරක් නොව, මේ සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ කිසිදු වරප්‍රසාදයක් අපේක්ෂා නො කර, රටේත්, ජන සමාජයේත් අනාගතය වෙනුවෙන් අඛණ්ඩව, අත් නො හැර අරගලයේ සිටි අපේ මිතුරන් වෙනුවෙනි. 

කොටින් ම හරින්ලා, සුජීවලා, රන්ජන්ලා වැනි අය පවා බූරුවන් වෙද්දී මිනිසුන් වීම අත් නො හළ අපේ සමාජ මාධ්‍ය මිතුරන් වෙනුවෙනි.

ඔවුන් වෙනුවෙන්, අප එසේ කරන්නේ ඇයි ද යන්න පැහැදිලි කර දිය යුතුව තිබේ.

මේ ආණ්ඩුව සම්බන්ධයෙන් අපට දහසකුත් එකක් විවේචන තිබේ. ඒ විවේචන බොහොමයක් අපට ආණ්ඩුවේ විරුද්ධවාදීන් සමග බෙදා හදා ගැනීමේ හැකියාව ද තිබේ.

එහෙත්, මේ ආණ්ඩුවේ සාධනීය බොහෝ පැති තිබේ. එහි අංක එක සාපේක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයයි. මහජන සහයෝගයකින් තොරව, අන්තවාදී, උන්නතිකාමී සුළු පිරිසක් විසින් කරනු ලබන උද්ඝෝෂණ, වර්ජන ආදියේදී පවා මේ ආණ්ඩුව හැකි උපරිම ප්‍රජාතන්ත්‍රවාදයෙන් කටයුතු කර තිබෙන බව මම අදත් කියමි. හොඳම උදාහරණය තෙල් සංස්ථාවේ අසාධාරණ වර්ජනය සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගයි.

විශ්වවිද්‍යාල සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශය ආක්‍රමණය කර පොදු දේපල විනාශ කළ අවස්ථාවේ ගත් ක්‍රියාමාර්ග පවා කවුරු කෙසේ කීවත්, එවැනි අවස්ථාවලදී ක්‍රියා කළ හැකි උපරිම විනයයි.

හමුදාව හා පොලිසිය මේ තරමට හෝ විනයගත කරන්නට පුළුවන් වීම කුහක නො වී අගය කළ යුතු තත්වයකි. වර්තමානය වන විට පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයන්ට පවා භාර වී පණ රැක ගැනීමට හැකියාවක් තිබේ. මෙය ගෝඨාභය රාජපක්ෂ සමයේ සිතන්නට හෝ පුළුවන් තත්වයක් වූයේ නැත.

රජය, පොලිසිය හා හමුදාව වර්තමානයේදී ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් කොයි තරම් විශේෂණ පද යොදා අමානුෂිකයි, ප්‍රජාතන්ත්‍ර විරෝධියි ආදී වශයෙන් කියන්නට උත්සාහ කළත්, මේ රටේ ජනතාව ඒවා පිළි ගන්නේ නැත. හේතුව, අවුරුදු කීපයකට පෙර රජය, පොලිසිය හා හමුදාව ක්‍රියා කළ ආකාරය ගැන මේ රටේ ජනතාවට අමතක වී නැති වීමයි.

දැන් පොලිසිය සරසවි සිසුන්ට කතා කරන්නේ පුතාලා කියා ය. මහින්දගේ කාලේ නම් හු__ගේ පුතාලා කියා ය.

දැන් වැඩේ තියෙන්නේ පුතාලා පොලිසිය හු__ගේ පුතාලා කර ගන්නට මාර ට්‍රයි එකක් දීමයි. එහෙත්, තවමත් බැරි වී තිබේ. බොහෝ ආශාවෙන් ලැබෙන තෙක් බලා සිටින මළ මිනිය තවමත් ලැබුණේ නැත. 

සුදු වෑන් සංස්කෘතිය ගැන කතා කරන කඩාකප්පල්කාරී සංස්කෘතියේ ක්‍රියාකාරිකයන්ට කීමට ඇත්තේ එක දෙයකි. එහිදී සිදු වූ වරදක් තිබේ නම්, ඒ සම්බන්ධයෙන් මේ වන විටත් නීතිය හා සාමය භාර ඇමතිවරයා සමාව ගෙන තිබේ. ඔබට අවශ්‍ය තවත් කුමක් ද? දැන්වත් වරෙන්තුකරුවන් පැමිණ භාර විය යුතු ය. 

වර්තමාන රජය යටතේ ද සොරකම්, වංචා, දූෂණ ආදිය පසුගිය ආණ්ඩුවේ තරම් ම නො වුණත්, තවමත් සිදු වේ. එහෙත්, වෙනසක් ද තිබේ. පසුගිය ආණ්ඩුවේ සොරකම් අල්ලා ගැනීමට බැරි වුණත්, වර්තමාන ආණ්ඩුවේ සොරකම් පහසුවෙන් හසු වන තරමට ආයතනික ව්‍යූහය ශක්තිමත් වී තිබේ. මහ බැංකුවේ නිලධාරීන් බය නැතුව කොමිසම හමුවට පැමිණ හෙළිදරව් කරන්නේ බැඳුම්කර මගඩිය පමණක් නොව, රජයේ ආයතනික ව්‍යූහයන්ගේ ඇති වී තිබෙන වෙනසයි. මේවා දෙස කුහක නොවී බලන්නට අපට හැකි විය යුතු ය.

අපට හොඳම ආණ්ඩුවක් බලයට ගෙන එන්නට මේ කපේදී බැරි වන්නට පුළුවන. හැබැයි, මොන යකාගේ ආණ්ඩුවෙන් වුණත් කර ගත හැකි දේ කර ගන්නට පුළුවන් නම් හොඳ ය. මහින්ද යුද අපරාධ සිදු කළත්, යුද්ධය සම්බන්ධයෙන් සුසමාදර්ශීය වෙනසක් ඇති කිරීමට සමත් වීම සම්බන්ධයෙන් අප ඔහු පිළිබඳව සාධනීය අන්දමින් සලකන්නේ ඒ නිසා ය. ඒ යුද්ධය වනාහි කොටි සංවිධානයත්, රජයත් එක්ව තෝරා ගත් එකක් නිසා එහි පරාජිත පාර්ශ්වය ගැන අපට විශේෂ දුකක් නැත.

වර්තමාන ආණ්ඩුව කුමන අඩුපාඩු තිබුණත්, කිසියම් ආර්ථික ප්‍රතිපත්තියක් මත පදනම් වේ. ඒ වනාහි පෞද්ගලික අංශය දිරි ගන්වන, ගෝලීය ආර්ථිකය සමග එඩිතර අන්දමින් සම්බන්ධ වන ප්‍රතිපත්තියකි. රජය රාජ්‍ය අංශය සම්බන්ධයෙන් ඇති ලිහිල් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අපට විවේචනයක් ඇත.

මේ ආර්ථික ප්‍රතිපත්ති වනාහි කිසිදු ගැටලුවක් නැතිව ඉදිරියට යන ඒවා නො වේ. ඒවායේ නරක ප්‍රතිඵල ද තිබේ. එහෙත්, ලංකාවේ ජනතාවට වඩා යහපත් ජීවිතයක් අත්පත් කර දීම සඳහා වෙනත් විකල්පයක් නැත. විරුද්ධ වන කිසිවෙකු ද විකල්පයක් ඉදිරිපත් කර නැත.

ගෝලීය ආර්ථිකය සමග සම්බන්ධ වීමේදී, වාසි මෙන්ම අවාසි ද සිදු වේ. එහෙත්, ඉදිරියට යන්නට වෙනත් මාර්ගයක් නැත. එය අභියෝගයක් ලෙස භාර ගත යුතු ය. තත්වයන් කළමනාකරණය කර ගන්නට උත්සාහ කළ යුතු ය. එ් සඳහා ආර්ථික ජාතිකවාදය ඉක්මවා සිතීමේ හැකියාව තිබිය යුතු ය.

කොයි තරම් අහංකාරකම්, මෝඩකම් තිබුණත්, රනිල් වික්‍රමසිංහගේ නායකත්වය ලංකාවට මේ මොහොතේ අවශ්‍ය එකක් වන්නේ එම සංදර්භය තුළයි.

රනිල්, මෛත්‍රී සුසංයෝගය යනු කවුරු කුමන හීනය දැක්කත්, තව අවුරුදු දෙකක් හෝ ඉදිරියට සුබවාදී බලාපොරොත්තු තැබිය හැකි සාධනීය සම්බන්ධතාවකි. මේ එකක්වත් පරමාදර්ශී නැත. එහෙත්, පරමාදර්ශයන් වියැකී ගිය ලංකාවේ මේ වනාහි අපට තෝරා ගැනීමට තිබෙන හොඳම විකල්පයි. අප ඒ වෙනුවෙන් විවෘතව පෙනී සිටින්නේ ඒ නිසා ය.

හැබැයි මචෝ, බොලාත් ඉතින් අපට ඒ රැස්පොට් එක තැබිය යුතු බව අපි මෛත්‍රීටත්, රනිල්ටත් ආදරයෙන් කියමු.

මේ අතර, අපගේ නන්නත්තාර පැරණි වාමාංශික මිතුරන් ගැනත් සඳහන් කළ යුතුව තිබේ. අන්තරේ නම් පහසුවෙන් අන්දා ගන්නට පුළුවන. එහෙත්, රැග් එක නැතිනම් ඔබට විශ්වවිද්‍යාලවල ඇඩ්‍රසුත් නැති බව ඔබ දන්නා බව අප ද දන්නවා ය. මේ වන විට පාදෙනියලාගේ සංගමය ඔබෙන් හැලෙමින් තිබෙන බව තේරුම් ගන්න. කොයි හැටි වෙතත්, ජවිපෙට හා පෙසපට ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය තුළ ස්ථානගත වන්නට තැනක් නැතුවා ම නොවේ.

බලය ගැනීමට කිසිදු අදහසක් හෝ ආර්ථිකය, සමාජය, සංස්කෘතිය සම්බන්ධයෙන් කිසිදු විකල්ප අදහසක් හෝ නැති ඔබට ගුද මාර්ගයේ ඇති වී තිබෙන නලියන ගතිය මොකක්ද යන්න අපට හොඳින් වැටහේ.

මේ වනාහි අන් යමක් නොවේ. ලංකාව ආර්ථික වශයෙන් පිම්මක් පැන්නොත් ඔබට ඇඩ්‍රස් නැති වනු ඇතැයි ඇති බියයි. 2004දී හා 2005දී රනිල් පැරදවීමට කුමාර් ගුනරත්නම්ගේ මූලිකත්වයෙන් ජවිපෙ චන්ද්‍රිකා සහ මහින්ද රාජපක්ෂ සමග එකතු වන්නේ ඒ නිසා ය. එහෙත්, අවසානයේදී ඒ පක්ෂය ම කෑලි කෑලිවලට කැඩී වර්තමාන ඉරණමට මුහුණ දුන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.

අප නම් ධනවාදය ගන්නට උත්සාහ කරන මේ පිම්මට බිය නැත. අප මෙය දකින්නේ ලංකාවේ ධනවාදී ක්‍රමය තුළ මධ්‍යම පංතික ආධිපත්‍යය බිඳ දැමීමට හා ව්‍යවසායකයන් හා කම්කරුවන් ශක්තිමත් කිරීමට ඉවහල් කර ගත හැකි අවස්ථාවක් ලෙසයි. රාජ්‍යයේ මධ්‍යම පංතික ආධිපත්‍යය වෙනස් කිරීම ලංකාවේ සමාජ විපර්යාස සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. එහිදී ව්‍යවසායකයන් ශක්තිමත් වීම නරක දෙයක් නො වේ.

කෙසේ වෙතත්, 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව වර්තමාන බල තුලනය තවත් අවුරුදු දෙකකට හෝ වෙනස් කළ නො හැකි ය. ඔය ජවිපෙ, පෙසප වැනි පක්ෂවල සිටින පූර්ණකාලිකයන්ට අප කියන්නේ කරුණාකර වෘත්තීය පුහුණුවක් ලබා ගන්නට ය කියායි. එවිට 2020න් පසු ලංකාව තුළ ඔබටත් ඔබේ දරු පවුල් සමග සතුටින් සිටින්නට අවස්ථාවක් ලබා ගන්නට බැරි නො වනු ඇත. නැතිනම් සිදු වන්නේ ඔබේ වැඩ කරන බිරියන් හා දරුවන් ඔබ පසු කර යාම හා ඔබට කණගාටුදායක ඉරණමකට මුහුණ දීමට සිදු වීම පමණි.

ලාල් කාන්තලාගේ ආයුධ සන්නද්ධ කතාවලට අප්පුඩි ගැසූ අය වෙනුවෙන් 1989 සන්නද්ධ කැරැල්ල සිදු වූ හැටි ගැන විස්තර ටිකක් පසුව ලියමි. බල්ලන්ට දැම්මා බත් කන්නට දෙන්න. මේවා පළ කළ විට බල්ලොත් බත් කන්නෙ නැහැ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. වර්තමාන තත්ත්වය ගැන වටිනා පැහැදිලි කිරීමක්.

    ReplyDelete
  2. තැන්ක්ස් පැරා ... මට හිතෙනවා ඔය ආටිකල් එක ලිව්වේ මමයි කියලා .... මේ සිදුවෙන “මල හත්තිලව්ව “ තේරුම් ගන්න පක්ෂ පාට බදාගෙන ඉන්න ලංකාවේ සමාජයට අපහසුයි තමයි, අනෙක් අතට කපටි සහ මෝඩ දේශපාලුවෝ නිදහස් මිනිසුන් ලෙස සිතීමට මිනිසුන්ට ඉඩ දෙන්නේ නැහැ. තමන් සමාජවාදී විශේෂඥයෝ කියලා හිතාගෙන ඉන්න අයටත් ඇත්තටම තියෙන්නේ ප්‍රායෝගික නොවන මොන්ටිසෝරි දැනුමක් වර්තමාන ලෝක තත්වයන් දෙස බලනකොට. ඒ අතර ඔබලාද ඇතුළු ජනතාවගෙන් සුලු පිරිසක් ‘විශේෂඥයන්ට” වඩා බොහෝ ඉදිරියන් සිටිමින් ජනතාවට මේ අවස්ථාවේ සිතියයුතු ආකාරය පැහැදිලි කරදීමට උත්සාහ කරනවා... කව්රුන් විසින් හෝ ඒ “රැස්පොට්” එක ඔබලාට දිය යුතුයි තමයි. ඔහොම යමු... බොරු, මෝඩ හා කපටි උද්ගෝෂණ, ස්ට්‍රයික් වලින් කෙලවෙන්නේ රටටමයි කියලා මෝඩ මිනිසුන්ට නොතේරෙන හැටි...!!!

    ReplyDelete
  3. The writer of this article clearly suffering from "Stockholm Symdrome". Kochchara gahuwath hodai kiyana manasikathwaya thamai. Mechchara kelawelath mehema yahapalaneta kade yannawa kiyanne ithin nut-lose pissek thamai

    ReplyDelete
    Replies
    1. 2015 ta passe ipaduna ayata ohoma hithenawa.

      Delete
  4. @Ano July 27,2017 at 8:32AM

    මොකද්ද ඔය කියන කෙලවීම. පොඩ්ඩක් විස්තර කරන්න බලන්න. දුම්කොළ සමාගමට කෙලවපු එකද?

    ReplyDelete
  5. නීතිය, සාමය, ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් සැළකිය යුතු වෙනසක් ඇති බව පෙනේ.

    රට කාගෙන කාගෙන කාගෙන කාගෙන යාම අතින් ඇත්තේ අඩු වෙනසකි. දුෂණ සිදුවෙන බවත්, පෙර රෙජීමයේ දුෂණ විමර්ෂණ යට යන බවත් පැහැදිළි ය.

    ReplyDelete
    Replies
    1. ඔයා සේරෝම දන්නවා.
      ලංකාව තියෙන්නේ ඔස්ට්‍රේලියාවේ කියලද හිතන් ඉන්නේ.

      Delete
  6. ෆේස්බුක් සමාජ ජාලයේ ක්‍රියාත්මක වූ "ජඩයින් එපා!" නම් කණ්ඩායම විසින් 2015 අගෝස්තු ඡන්දයේ දී ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කළ යුතු අපේක්‍ෂකයින් ගේ ලැයිස්තුවක් සකසා ප්‍රචාරය කරන ලදී.

    ඒ ලයිස්තු මා ලියූ මේ පහත ලිපියේ ඇත.

    https://rasikalogy.blogspot.com/2015/08/please-please-please.html

    ඒ එපා කී ජඩයින් සෑහෙන පිරිසක් පාර්ලිමේන්තුවට පත් වී ඇති බව පෙනේ. ඉතිං අදත් කෙරෙනා දුෂණ ගැන කවර කතා ද? එය මහජන කැමැත්තයි!

    ReplyDelete
  7. දෙයියනේ... අපේ වමට ගිය කල!!!

    ReplyDelete
  8. //රනිල්, මෛත්‍රී සුසංයෝගය යනු කවුරු කුමන හීනය දැක්කත්, තව අවුරුදු දෙකක් හෝ ඉදිරියට සුබවාදී බලාපොරොත්තු තැබිය හැකි සාධනීය සම්බන්ධතාවකි. මේ එකක්වත් පරමාදර්ශී නැත. එහෙත්, පරමාදර්ශයන් වියැකී ගිය ලංකාවේ මේ වනාහි අපට තෝරා ගැනීමට තිබෙන හොඳම විකල්පයි. අප ඒ වෙනුවෙන් විවෘතව පෙනී සිටින්නේ ඒ නිසා ය. //

    මේක තමයි මමත් හිතන්නේ. මම කවදාවත් හිතුවේ නැහැ මගේ ජීවිත කාලය තුලදී ලංකාවේ පාලනයක චෙක්ස් ඇන්ඩ් බැලන්සස් මේ ලෙවල් එකෙන් හරි දකින්න ලැබෙයි කියලා. 2014 දි එහෙම හීනෙකින් වත් හිතුනේ නැති එකක්. අනාගතයේ වුනත්, රනිල්ට හරි මෛත්‍රිට හරි තනි බලයක් යන්නේ නැති තත්වයකට මම ඉතා කැමතියි. අර්ජුන් මහේන්ද්‍රන් හැමදාම බෑග් එකකුත් උස්සගෙන හැමදාම කොමිසමට මුහුන දෙන්න එනවා. හෙට අනිද්දා රවි ත් එයි. මෙහෙම කාලයක් තිබුනේ නැහැ අපි දන්න කාලේ. හිතුවෙත් නැහැ. අනික් අතට යෝශිතගේ ඉරණම ලියවිලා ඉවරයි මම හිතන්නේ. මිනිස්සුන් තුල යටපත් වෙන්න දෙන්නෙ නැතුව මේන්ටේන් කරන රණවිරු මෙන්ටලිටියට ඇටෑක් කරන්න පුලුවන් එකම කේස් එක තාජුඩීන්ගේ කේස් එක විතරයි. මේ ගොල්ලො ගෝටාබයව හරි මහින්දව හරි උසාවි ගේන්නේ නැහැ කවදාවත්. අර කව්ද කියනවා වගේ, ඒක කරන්න අමාරු වැඩක් නෙවෙයි. කරන්න බැරි වැඩක්! දැනට, ලංකාවේ. තාජුඩීන්ගේ කේස් එක හරියට කරගන්න පුලුවන් උනොත්, අනික් ඒවාත් ගේන්න පුලුවන් වෙයි. එක්නැලිගොඩ, රජිහාර්, කප්පම් වලට පැහැරගත් තරුනයන්ගේ කේසස් කියන්නේ මට නම් මේ රටේ මිනිස්සුන්ගේ හෘදය සාක්ශිය චෙක් කරන සිද්ධි.
    අනික් ඒවා වැදගත් කමින් අඩුයි කියනවා නෙවෙයි. යූ මාක් මයි වර්ඩ්ස්.. තාජුඩීන්ගේ කේස් එක කියන්නේ මේ රටේ අනාගතය තීරනය කරන කේස් එක. ඕක එන්නෙ චන්දෙ ලංවෙලා. අපේ රටේ ඉදිරිය හරස් කරන ලොකුම සාධකය පොදු ජනතාවගේ මහින්ද "මහත්තයා". එයාට ගැලවීමක් නැහැ වැඩිය සෙල්ලම් දැම්මොත්.

    කට්ටිය කෑ ගැහුවට ව්‍යාපෘති හොඳින් යනවා. අලුත් ඒවා ගැන සැලසුම් ගොඩක් තියෙනවා - මෙනි ඉන් ද පයිප්-ලයින්. මේවා මිනිස්සුන්ට ඇත්තටම අත්‍යවශ්‍ය ව්‍යාපෘති (ජල සැපයුම්, මල අපවහන, ඝන අපද්‍රව්‍ය ආදිය ගැන අවධානය අද ප්‍රමුඛයි ). ව්‍යාපෘති කරද්දි අනික් අංශ ගැන බලනවා, මහජනතාවට සවන් දෙනවා. මිනිස්සුත් සාපේක්ශව ඇක්ටිව්. ලේසියෙන් එදා වගේ ගැහිලි ගහන්න බැහැ. ආධාර දෙන ආයතන වලට හෝල්ඩ් එකක් තියෙනවා. නිලධාරීනුත් ගහන්න බයයි. වැඩ හිමින් වෙයි, ඒකට මොකද? උමා ඔය වගේ එකක් තව අවුරුදු 5ක් ප්‍රමාද කරලා හරි නියමිත අධ්‍යයන කරලා, සුදුසුකම් ලත් ඉදිකිරීම් ආයතනයකට දෙන්න තිබුනේ. ගතවන කාලයට වඩා ඒක වැදගත්. අද ව්‍යාපෘති ඒ ට්‍රැක් එකේ යන බව පේනවා. පෞ විවි ප්‍රශ්නෙදි වුනත් හැමෝටම එකඟවෙන්න පුලුවන් පොදු තැනකට ඇවිත් තියෙනවා. සාපේක්ශව තමයි. මේවා ජයග්‍රහන මටනම්.

    - Dimithri

    පලි: //හරින්ලා, සුජීවලා, රන්ජන්ලා වැනි අය පවා බූරුවන් වෙද්දී...// රන්ජන් රාමනායක මේ ලිස්ට් එකට කොහොමද වැටුනේ? මට අනුව නම් රන්ජන් කියන්නේ දැනට ඉන්න හොඳම ඇක්ටිව් යහපාලකයා.

    ReplyDelete
  9. 77 ට 40 යි.
    එජාපට සුභ පැතුම්!

    ReplyDelete
  10. මගේ ඔලුවේ තිබු කරුණු රැසක් ඔබ ලියා ඇත. එබැවින් ලිපියේ ඇති කරුණු 99% ක් සමග දෙවරක් නොසිතා එකඟ විය හැක.
    ජවිපෙ පුර්ණකාලිකයන් පිළිබඳව ලිව් කරුණට පුංචි පහේ සංශෝධනයක් කිරීමට කැමතියි. විවාහයක් කර ගත් පසු ඔවුන්ගේ බිරින්දලා ටික දිනකට පසු ඔවුන් අත හැර යාමට ඉඩ තිබේ. මන්ද කාන්තාවන්ගේ සිහින ඔවුන් ලවා ඉටු කරවා ගැනීමට නොහැකි වන බැවිනි.ස්ත්‍රීන්ට උවමනා කරන්නේ දක්ෂ ලෙස දේශපාලනය කතා කරන්නන් නොව සමාජ තත්ත්වයක් , ආර්ථික ශක්තියක් ඇති ස්වාමි පුරුශයෝය.

    ReplyDelete
  11. /**
    පසුගිය ආණ්ඩුවේ සොරකම් අල්ලා ගැනීමට බැරි වුණත්, වර්තමාන ආණ්ඩුවේ සොරකම් පහසුවෙන් හසු වන තරමට ආයතනික ව්‍යූහය ශක්තිමත් වී තිබේ.
    */

    පැරා උඹට පුළුවනි නම්, පොඩ්ඩක් තේරුම් කරලා දෙනවා ද? ආයතනික ව්‍යුහය ශක්තිමත් වෙලා නම්, ඒ ශක්තිමත් වුනු ආයතනික ව්‍යුහයෙන් මේ ආණ්ඩුවේ හොරකම් අල්ලා ගන්න හැකි වෙන්නයි, කලින් ආණ්ඩුවේ හොරකම් අල්ලා ගන්න බැරි වෙන්නයි, හේතුව මොකක් ද කියලා.

    ReplyDelete
  12. ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව වඩා වැදගත් වනුයේ, පොලීසිය සරසවි සිසුන් ට පුතා යනුවෙන් ඇමතීම ද, නැතිනම්, නිසිකල ට මැතිවරණ පැවැත්වීම ද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා