ෆේස්බුක් එකෙන් රට හදන්නට පුළුවන් ද?

තරුණ සංවාදය: යහපත් රටක් හදන්නට සමාජ මාධ්‍ය

සමාජ මාධ්‍යවලට ප්‍ර‍ජා සංවර්ධනයට දායක වෙන්නට පුළුවන් කොහොමද යන තේමාව යටතේ ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍ය සංසදය හා එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල විසින් අන්තර් ක්‍රියාකාරී සාකච්ඡා සභාවක් සංවිධානය කර තිබේ.
දිනය: ජුලි 18 / වේලාව: පෙ.ව. 10 සිට 12 දක්වා
ස්ථානය: ලක්ෂ්මන් කදිරගාමර් ආයතනය, හෝර්ටන් පෙදෙස, කොළඹ 7
සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍යවලින් සමාජ මාධ්‍යවල යෙදී සිටින ප්‍ර‍ධාන ක්‍රියාකාරිකයන් තිදෙනෙකු සංවාද සභාව අමතනවා.


නදී වාසලමුදලිආරච්චි (nadiewma), ලේඛිකා, ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරික





පී. ගෝපිහරන් (@gopiharan)- සමාජ මාධ්‍ය ක්‍රියාකාරික 







හිමාල් කොතලාවල (@himalkk) ජනමාධ්‍යවේදී හා සමාජ මාධ්‍ය බලපෑම්කරු







සාකච්ඡාව භාෂා තුනෙන් මෙහෙයවනු ලබන්නේ ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍ය සංසදයේ එම්.සී. රස්මින් විසිනි.
(සහභාගි වන සියලු දෙනාට ඒ මොහොතේ ම හෙඩ්ෆෝන් මගින් භාෂා තුනෙන් ම පරිවර්තන ලබා ගත හැකි ය.)

මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ ප්‍ර‍ජාව විසින් ධාවනය කරනු ලබන ඩිජිටල් ජනමාධ්‍ය අන්තර්ගත වේදිකාවක් හා තරුණයන් සඳහා විකල්ප මාධ්‍ය අවකාශයක් වන www.iVoice.lk විසිනි. ජාතික ප්‍ර‍තිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ ගරු නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා මහතා විසින් මෙම වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කරනු ඇත.  
පහත සබඳතා පුරුක ඔස්සේ ලියාපදිංචි වන්න. (සමරු තිළිණ, ශබ්ද උපකරණ, සංග්‍ර‍හ වැනි කරුණු නිසා ඔබගේ පැමිණීම තහවුරු කිරීම ඉතා වැදගත් බව සංවිධායකයන් පවසනවා.) ඔබේ හඬට ඉඩක්! http://bit.ly/2sp7X4J

@ivoice.lk සමග සම්බන්ධ වන්න. මෙම වැඩසටහන සජීවීව විකාශය කරනු ලැබේ.

සම්බන්ධව ඉන්න #iVoice

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. /* ෆේස්බුක් එකෙන් රට හදන්නට පුළුවන් ද? */

    බ්ලොග්වලිනුත් සෑහෙන්න රට හැදුවා නේ පැරාලා අපි පහුගිය කාලේ? ඒ වගේ nm| හදන්න පුළුවන් වේවි!

    ReplyDelete
  2. උබෙ උපදේසක පෙඩා වෙලත් ඇයි බං බ්ලොග් චක්‍ර‍වර්ති මාතලන්ගෙ පොටෝ එක නැත්තේ. (මාතලන් යනු සිංහල ඩේටුඩේ දේශපාලන සමාජ මාධ්‍ය අවකාශයේ මර්වින් සිල්ව වගෙ පොරක් නිසා මාධ්‍ය සංවාද වලදි ඔහුගෙන් අජිනොමොටෝ එෆෙක්ට් එකක් ලැබෙනු ඇත,එය සභාතමෝගෙ නිදිමත අඩු කරන බවනම් නියතයි.)

    පැරා උඹ මොන *ුත්*ක් කලත් කමක් නෑ W3න් දෙන තෙත් කලාපීය දේශපාලනාතල් නම් අඩුකරන්න එපා !

    U.N Ajith Perakum Jayasinghe මැතිතුමාට ජයවේවා!

    #iVoice වැජඹේවා!

    ReplyDelete
  3. විපැරාකරණ සංහිතා
    =================

    ආදී ඔක්ස්බ්‍රිජ් විද්‍යාර්ථීන්ගේ ලාංකීය සංගමය විසින් සංවිධානය කෙරෙන විපැරාකරණ සංහිතා දේශන මාලාවේ පළමු වැන්න ළඟ දී ම පැවැත්වීමට නියමිත ය. ලාංකීය වාම විප්ලවීය දේශපාලනයට එරෙහි ව සිදු වූ අවසන් මහා පාවාදීම හෙළි වීමත් සමඟ එකී මහා පාවාදීමේ නිර්මාපකයා වූ මතුගම ඉද්දගොඩ මහවත්තේ අජිත් පැරකුම් ජයසිංහ භ්‍රෂ්ටයා ලාංකීය වාම විප්ලවීය දේශපාලනයෙන් නිල වශයෙන් නෙරපා හැරීමේ දස වන සංවත්සරය අලළා මෙම දේශන මාලාව ඉදිරිපත් වේ.

    දේශන:

    ජ.වි.පෙ සිට හිරු දක්වා ප්‍රගතිශීලී ගමනක අවසානය හෙවත් එ.ජා.ප. ය දක්වා ප්‍රතිගාමී ගමනක ආරම්භය - පැරාවලෝකනය

    න්‍යායමුක්ත දේශපාලන භාවිතාවේ ව්‍යාකූලත්වය හෙවත් සමාජවාදය උදෙසා ධනවාදය සමඟ යහන්ගත වීමේ පැරාමය විසුළුව

    පැරාමය සමාජවාදය හෙවත් නාසි සමාජවාදී උතෝපියාව උදෙසා අකුරු ගැළපීම හෙවත් ඩබ්ලිව් තුන ලංකා

    වාම විප්ලවීය දේශපාලනය තුළ වැඩුණු, දශකයකට පෙර තියුණු සැත් පහරින් ඉවත් කරනු ලැබූ මාරාන්තික පිළිකාව යළි නො වැඩෙන්නට කළ යුතු ම විකිරණ චිකිත්සාව හෙවත් විපැරාකරණය

    දේශකයෝ:

    ලාංකීය පැරණි වාම විප්ලවීය සහෝදරත්වය
    ඕර්තඩොක්ස් මාක්ස්වාදී සහෝදරත්වය
    විදග්ධ මාධ්‍ය සහෝදරත්වය
    සම්භාව්‍ය මාර්ක්ස්වාදී සහෝදරත්වය

    පසුගිය දස වසරක කාලය තුළ ඩබ්ලිව් තුන ලංකාහි වාරණයට ලක් වූ අදහස් දැක්වීම්වල සංගෘහිත ප්‍රකාශනයක් ජනගත කිරීම ද මෙම දේශන මාලාවට සමගාමී ව සිදු වනු ඇත.

    සංවිධායක කමිටුව

    ReplyDelete
  4. හිතවත් පැරා,

    ඔබගේ නව ව්‍යාපෘතියට අප අපගේ හෘදයංගම සුභාශිංසන එක් කරනවා. අපට ඔබ සමඟ ඇත්තේ දේශපාලන විසංවාදයක් පමණි. අතීතයේ දී ඔබ අපට එරෙහි ව නැඟූ අස්ථානීය චෝදනාවල නිෂේධනීයභාවය ඔබ වර්තමානය වන විට අවබෝධ කර ගෙන ඇති බව අප පසු ගිය සමයේ දී නිරීක්ෂණය කළා. ඔබ කියන්න වෙබ් අඩවිය ආරම්භ කළ විට අප ඒ ගැන ලියූ සටහන ඔබට යළි සිහි කරන්නට කැමැති යි. පූර්ව-සුනාමි යුගයේ සිටි පැරා යනු අපගේ මතකයේ සදා සොඳුරු සිත්තමකි. දැන් ඔහු මිය ගොසින් ය. වර්තමානයේ සිටින පැරා යනු සිරිකොත න්‍යායපත්‍රයට නටන භූතාත්මයක් පමණ යි. ඔබ ආචාර්ය සිල්වා සමඟ එක් ව රට විනාශයට ගෙන යන විට අප ආචාර්ය කළුආරච්චි සමඟ එක් ව එම විනාශකාරී ගමන නවතා රට යළි සෞභාග්‍ය කරා ගෙන යා යුතු යි. එහි දී අපට ඔබ සමඟ දෘෂ්ටිවාදමය ඝට්ටනයකට එළඹෙන්නට සිදු වේවි. එය දේශපාලනකි බව පමණක් අවධාරණය කරන්නට කැමැති යි.

    ඔබ අපගේ අතීත ආලෝචන වාරණය කළ සේ ම මෙම ආලෝචනය ද වාරණය කළාට කම් නැත. අප මෙම ආලෝචනය ලියුවේ ඔබට ය. අප ඔබගේ වියුනුවට ලිවීම නවතා දැන් වසරකට ද වැඩි ය. ලංකාවේ වැඩි ම පිරිසක් කියවන වියුණුවේ අප වෙනුවෙන් අසීමිත ඉඩ ඇති බව ඔබගේ දැන ගැනීමට පවසමු.


    ReplyDelete
  5. විදග්ධ කතිකාවක් ජනමන රුචිකර ලෙස ගෙන එන වියුණු ලොව කුමර වියුණුව: “කියන්න”
    =============================================================================

    අනූව දශකයේ පළමු වැනි භාගයේ දී අන්තර්ජාලය පිළිබඳ යම් යම් කතා මෙරට අගනගරය ආශ්‍රිත ව තරුණ කවවල අවිධිමත් සංලාපයන් අතරට එක් ව තිබිණි. එදවස රාමක්‍රිෂ්ණන් මාවතට නුදුරු ව, සමුද්‍රාසන්න ව පිහිටි පැරණි ගොඩනැඟිල්ලක පවත්වා ගෙන යන ලද අන්තර්ජාතික ප්‍රවෘත්ති සේවයක ශ්‍රී ලංකා කාර්යාලයේ අබලං පුටුවකට බර දී, සන්ධ්‍යා මානයේ ක්ෂේත්‍ර වාර්තා ලියමින් සිටි මම එතැන් සිට දශකයක් ගත වන්නටත් පෙර අන්තර්ජාලය මෙතරම් මෙරට ව්‍යාප්ත වෙති යි යන්න හෝ එය ජන ජීවිතයේ මෙතරම් සංඝටනීය අංගයක් බවට පත් වෙති යි හෝ නො සිතීමි. වර්තමානය වන විට තොරතුරු ලබා ගැනීමේ සහ තොරතුරු බෙදා හැරීමේ මූලික ක්‍රමය බවට අන්තර්ජාලය පත් ව ඇත. විසි එක් වන ශතවර්ෂයේ පළමු වැනි දශකයේ මැද දී ප්‍රචලිත වූ බ්ලොග්කරණය (වියුණුකරණය) සිංහල ඒකකේත අක්ෂර භාවිතය සමඟ නව්‍ය ප්‍රාණයක් ලබා මෙරට ව්‍යාප්ත විණ. වර්තමානයේ බ්ලොග්කරණය විසින් මාධ්‍යකරණය ප්‍රතිනිර්වචනය කරනු ලැබ ඇත.

    පාසල් ගුරුවරයෙකු ව දුෂ්කර සේවයේ යෙදී සිටි සමයේ දී වාර්තාකරුවෙකු ලෙස මාධ්‍ය ක්‍ෙෂ්ත්‍රයට පිවිසි අජිත් පැරකුම් ජයසිංහ මහත්මා මාධ්‍ය ලොව පියවරෙන් පියවර ඉදිරියට පියනඟා මෙරට ප්‍රමුඛ විප්ලවීය පුවත්පතක අගසකසුකම ද දැරූ කෘතහස්ත මාධ්‍යවේදියෙකි. කිසි යම් මතවාදමය විසංවාදයක් නිසා ප්‍රමුඛ ධාරාවේ මාධ්‍ය කරළියෙන් විතැන් වූ අජිත් පැරකුම් ජයසිංහ මහත්මා වර්ෂ දෙදහස් නවයේ දී පමණ බ්ලොග්කරණයට පිවිසෙන්නේ ය. විවිධි ආකෘති කීපයක වියුණු කීපයක් අත්හදා බැලූ ජයසිංහ මහත්මා විසින් නිත්‍ය ව නිර්මාණය කෙරෙන ඩබ්ලිව් තුන ලංකා වියුණුව සිංහල වියුණු ලොව අග්‍රසේර වන්නේ ය.

    ඩබ්ලිව් තුන ලංකා නිර්මාතෘ අජිත් පැරකුම් ජයසිංහ මහත්මා දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වූ බ්ලොග්කරුවෙකි. ලන්ඩනයේ සුප්‍රකට අජිත් ධර්මා පදනමෙන් ගෞරවාන්විත නෙළුම්යාය සම්මානය දිනා ගත් අජිත් පැරකුම් ජයසිංහ මහතා, සුදත් මහදිවුල්වැව අභිදේශනය, පිලිප් ශාන්ත ගුණානුස්මරණ අභිදේශනය ඈ සුවිශේෂී ශාස්ත්‍රවන්තයෙකුට පමණක් හිමි වන අභිදේශන කීපයක් ම කිරීමට වරම් ලද දුර්ලභ පඬිරුවනක් වන්නේ ය. ජයසිංහ මහතා විසින් සිංහල බ්ලොග්කරණයට කරන ලද සුවිශාල සේවය අගයනු වස් එතුමාට “බ්ලොග්පති” ගෞරව නාමය තරුණ බ්ලොග්කරුවන් විසින් ලබා දී ඇත. තව ද ජයසිංහ මහතාගේ අනුගාමික හිතෛෂීන් විසින් “වියුණුපති” සම්මානය එතුමාට ප්‍රදානය කිරීමට කටයුතු සලසනු ලැබ ඇත. සතළිස් ලක්ෂයකට වැඩි පාඨක ප්‍රජාවක් අජිත් පැරකුම් ජයසිංහ මහත්මා සමඟ නිබඳ ව අන්තර්ක්‍රියා කරති. ජයසිංහ මහත්මා සැබෑ ජන පදනමක් ඇති, දේශපාලනික ව සවිඥානික සමාජ ක්‍රියාකාරිකයෙක් ද වේ. . මෙරට කීර්තිමත් විප්ලවීය පුවත්පතක අගසකසු ව සිටිය දී එම තනතුර සඳහා හෝ ගුරු වෘත්තිය අත් නො හැරි ජයසිංහ මහත්මා බ්ලොග්කරණය සඳහා ගුරු වෘත්තිය අතහැරීම මඟින් පෙන්නුම් කෙරෙන්නේ බ්ලොග්කරණයට එතුමාගේ ඇති කැපවීම ය.

    නර කෙසින් ද බුහුමන් ලබන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන අජිත් පැරකුම් ජයසිංහ මහත්මාගේ නව බ්ලොග් සත්කාරය “කියන්න” නමින් ජනගත ව ඇත. “කියන්න” යනු පාඨක ඔබට ඔබගේ අදහස් විවිධ ආකාරයට කියන්නට ඉඩ සලසන ඔබගේ වේදිකාව යි. ලිඛිත ව සේ ම සේයා රූ ඈ අවශේෂ ආකාරවලින් ද ඔබට “කියන්න” සමඟ එක් විය හැකි ය. “කියන්න” අඩවියේ පළ වන සටහන් විදුහුරු ය. විවිධ සමාජ ස්ථිතීන් හා ගතිකයන් පිළිබඳ ශාස්ත්‍රීය කතිකාවන් ළගන්නාසුලු ආකාරයකට “කියන්න” මඟින් අරඹනු ලැබ වර්ධනය කෙරේ. සරල සුමඟ ඉදිරිපත් කිරීම නිසා “කියන්න” අඩවියේ සාකච්ඡා වන මාතෘකා රුචිකර යි; ජනමන නො වෙහෙස යි.

    පාඨක ඔබගේ හිතාදර අජිත් පැරකුම් ජයසිංහ මහත්මා “කියන්න” වැනි මහා ව්‍යාපෘතියකට මුල පිරුවේ පුරා වසර හතක් තිස්සේ සතළිස් ලක්ෂයකට අධික පාඨක ඔබ එතුමාට ලබා දුන් අනවරත, නොමඳ සහය නිසා ය. එතුමාගේ සාර්ථකත්වය පාඨක ඔබ ය. ඩබ්ලිව් තුන ලංකා වෙත පාඨක ඔබ දැක් වූ අපරිමිත දායකත්වය “කියන්න” වෙත ද එලෙස ම දක්වනුඇති බවට සැකයක ලේශ මාත්‍රයක් හෝ නො පවතී. “කියන්න” යනු ඔබ පාඨකයා මෙන් ම ලේඛකයා ද බවට පත් කරවන මහඟු ව්‍යාපෘතියකි. එහි සම්පත් දායකයෙකු වන්නට ඔබ කළ යුත්තේ ඔබගේ අදහස් “කියන්න” වෙත එකතු කිරීම ය. “කියන්න” සමඟ එකතු වන ඔබට “අන්තර්ජාතික ව්‍යාපෘතියකට අපි ද දායක වුණෙමු” යන පහන් සංවේගය ඇති වනු නිසැක ය.

    ඔබගේ දිනපතා කිය වන වියුණුසටහන් අතරට විදග්ධ කතිකාවක් ජනමන රුචිකර ලෙස ගෙන එන වියුණු ලොව කුමර වියුණුව: “කියන්න” ද අද ම එක් කර ගන්න.

    www.kiyanna.lk

    “කියන්න” සමාරම්භක පාඨකයෙක්.

    ReplyDelete
  6. කවුද මේ සමාජ මාධ්‍ය බලපෑම්කරුවෙක් කියන්නේ ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා