ජවිපෙට යන එන මගක් සොයා දෙමු

(මෙම ලිපිය ලියන්නේ ජවිපෙට කෙළවන්නට මුල් වන ෆේස්බුක් බලකායේ සිටින බූරු පැටවුන්ට නො වන බව ද, මෙම සටහනෙන් විශේෂයෙන් ඉලක්ක කරන්නේ ජවිපෙ සාමාජිකයන් අපේ බිරියන්ගේ යෝනි තුළ ඩයිනමයිට් කරල් දමන්නට සැරසෙද්දී පවා, අප සමග කතා කරන්නට හැකියාව ඇති නලින්ද ජයතිස්ස වැනි කුමන දේශපාලනයක් තුළ හෝ බලාපොරොත්තු තැබිය හැකි නායකයන් හා දෙබිඩිකමින් මිදුනහොත් තවමත් වටිනාකම් ඇති අනුර කුමාර දිසානායක, ලාල් කාන්ත වැනි දීප්තියක් සහිත නායකයන් බව ද කරුණාවෙන් සලකන්න.)

පසුගිය  දිනවල හෙළිදරව් වූ ජවිපෙ නායකයන්ගේ දෙබිඩිකම පිළිබඳ සංවාදයේදී අපි ද ජවිපෙ දැඩි ලෙස විවේචනය කළෙමු. දේශපාලනය එහෙම තමා ය. ඒ ඔස්සේ අප ජවිපෙට පාඩම් කීපයක් ඉගැන්වීමට උත්සාහ කළෙමු. ඒවා මෙසේ ය:


  • ජවිපෙ සෙසු රැඩිකල් දේශපාලන කණ්ඩායම් හා ක්‍රියාධරයන් අවතක්සේරු කිරීම නො කළ යුතු ය.
  • ජවිපෙන් ඉවත් වූ දේශපාලන බලවේගය ජවිපෙට වඩා සුවිසල් එකකි.
  • ජවිපෙන් ඉවත් වූවන් සම්බන්ධයෙන් පැරණි ආකල්ප ජවිපෙ වෙනස් කර ගත යුතු ය.
  • ජවිපෙ තමන් උත්තරීතර බලවේගයක් ය යන විඥානවාදී, ස්වෝත්තමවාදී ආකල්පය වෙනස් කර ගත යුතු ය.
  • ජවිපෙ තම පක්ෂ සංස්කෘතිය ගැන නැවත සිතා බැලිය යුතු ය.
  • ජවිපෙ තම සත්‍ය හැකියාවන් පිළිබඳ නිවැරදිව තක්සේරු කර ගත යුතු ය.
  • ජවිපෙ නූතන තත්වයන් තුළ තමන්ට ස්ථානගත විය හැකි අවකාශය නිවැරදිව තේරුම් ගත යුතු ය.


මෙම අවසන් වගන්තිය සම්බන්ධයෙන් කතා කරන විට විශේෂයෙන් සිහිපත් කළ යුතු කාරණයක් තිබේ. අද දින මා උසස් අධ්‍යාපනය හා සම්බන්ධ එක්තරා ඉතා ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරියකු සමග කරන ලද කතා බහකදී ඔහු කියූ වගන්තියක් මෙසේ ය: “ඒගොල්ලන් ජවිපෙ නෙමෙයි. ජවිපෙ නම් කතා කරලා මේක බේර ගන්න තිබුණා."

මේ හා අදාළ මා මෙහි සඳහන් නො කරන විෂය කුමක් වුවත්, ජවිපෙ සම්බන්ධයෙන් රාජ්‍යය තුළ තිබෙන මෙම විශ්වාසය ඉතා වැදගත් ය. ඒ ඔවුන් අන්තවාදීන් නො වන බවට ඇති විශ්වාසයයි. ජවිපෙන් පෙසප කැඩී යාමත් සමග වඩා ආන්තික ස්ථාවර සම්බන්ධ ‘ගෞරවය' ද එම පක්ෂය විසින් රැගෙන ගොස් තිබෙන බව ජවිපෙ තේරුම් ගත යුතු ය. කුමාර් ගුනරත්නම්ගේ රහස්‍ය ජීවිතය, නීති විරෝධී චර්යාවන්, අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ හැසිරීම හා පෙසප සමග ළං වී සිටින සෙසු නන්නත්තාර කල්ලි විසින් පෙසපට එම තත්වය ලබා දී තිබේ. ඔවුන් එම අනන්‍යතාවට කැමති ද නැද්ද යන්න ඔවුන්ගේ ප්‍රශ්නයකි. දැන් මේක අසා තවත් පිරිසක් අපට කුණුහරුප දෙසා බාන එක තේරුමක් නැත. අප මේ කියන්නේ පොදු සමාජයේ විවිධ ස්ථරවලදී අප ඔබ ගැන අත්දකින තත්වයන් ය. ඕනැ නම් සලකා බලපල්ලා. නැතිනම් බම්බු ගහ ගනිල්ලා. එච්චරයි.

පෙසප සමග ගිලිහී ගිය විජේවීරවාදී පුරුෂාර්ථ බොරුවට තොරොම්බල් කරන්නට ගියා ය කියා ජවිපෙට ලැබෙන දෙයක් නැත.

විජේවීරවාදී පුරුෂාර්ථ මොනවාද යන්න ගැන ද සටහන් කළ යුතු ය. එහි මූලික ලක්ෂණ මෙසේ ය:


  • ලොව ඇති අති උතුම් ම දෙය වන්නේ පක්ෂයයි. පක්ෂය පමණි.
  • සාමාජිකයාගේ ජීවිතයේ මූලික අරමුණ විප්ලවය හෙවත් තනි ජවිපෙ අතට බලය ගැනීමයි.
  • සමස්ත ජීවිතය ම ඒ වෙනුවෙන් කැප කළ යුතු ය.
  • ජීවිතයේ අන් සියලු කටයුතු මෙම අති උතුම් අරමුණට ද්විතීයක වේ.
  • පක්ෂ පූර්ණකාලිකයන් යනු ලොව සිටින උතුම් ම මිනිස් ජීවීහු වෙති. එසේ කිරීමට බැරි අය හැකි සෑම අයුරකින් ම පූර්ණකාලිකයන්ට අවනතව, ඔවුන් රැක බලා ගනිමින්, ඔවුන් උපදෙස් දෙන පරිදි කටයුතු කළ යුතු ය.
  • සත්‍යය යනු පක්ෂයයි. පක්ෂය පමණක් විශ්වාස කරන්න. අනෙක් සියල්ල ම සැක කරන්න.
  • පක්ෂය හැර යාම හා විවේචනය කිරීම යනු මරණ දඬුවම දිය යුතු ද්‍රෝහී ක්‍රියාවකි. මරා දමන්නට අවස්ථාව ලැබෙන තෙක් ද්‍රෝහියාට උපරිමයෙන් වෛර කරන්න. ද්‍රෝහියා මිනිසකු ලෙස නො සලකන්න.


මේ විජේවීරවාදය මේ වන විට පවතිනවා නම් පවතින්නේ පෙසප සමග මිස ජවිපෙ සමග නො වේ. ජවිපෙ සමග ඉතිරි වී සිටින පිරිස් වැඩිදෙනෙකු වනාහි සාමාන්‍ය ජීවිත ගත කරන, තමන්ට නැති පෞරුෂයක් ජවිපෙ හරහා ලබා ගන්නට උත්සාහ කරන අයයි. තමන්ගේ පක්ෂය විසින් සමාජවාදය ගොඩ නගනු ඇතැයි අන්ධ විශ්වාසයක් ඔවුන්ට ඇත. එය කරන්නේ කෙසේදැයි ඔවුනට කිසිදු අදහසක් නැත. ඒ ගැන ඔවුන් අතර සංවාදයක් ද නැත. එය කරන හැටි පක්ෂය හා පක්ෂ නායකත්වය දන්නා බව ඔවුහු විශ්වාස කරති. එසේ නො දන්නේ නම් යමෙකුට පක්ෂ නායකයකු වන්නට බැරි යයි ඔවුහු සිතති.

මේ අතර වර්තමානයේ ජවිපෙ ඉතිරි වී සිටින බොහෝ පිරිස් අනුර කුමාර වැනි ම වූ දෙබිඩ්ඩෝ ය. මා දන්නා එක් වෘත්තීය සමිති ......ගේ දරුවන් අනුරගේ, ගලප්පත්තිගේ දරුවන් සේ ම පෞද්ගලිකව උසස් අධ්‍යාපනය ලැබූ මුත් ... ද උග්‍ර සයිටම් විරෝධී ය. හොඳම විහිළුව එය නො වේ. ජවිපෙ විසින් ...ට එවනු ලබන ප්‍රකාශන කිසිවක් ... කිසිවකුට බෙදන්නේ නැත. බෙදන්නට කෙනෙකු ද නැත. ඒවා ...ගේ කාර්යාලයේ මුල්ලක ගොඩ ගැසේ.

ජවිපෙට දැන් සිටින බිම් මට්ටමේ පිරිස සමග කිසිදු කලෙක බලයක් ගොඩනගා ගන්නට හැකි වේදැයි සිතිය නො හැකි ය. මූලික හේතුව අන් කිසිවක් නොව, ඔවුන් වැඩි දෙනෙකුට සමාජ පිළිගැනීමක් නැත. දක්ෂ නැත. චරිත අප්සෙට් ය. දෙබිඩි ය. ඔවුන්ගෙන් ජවිපෙට ලැබෙන දෙයකට වඩා ඔවුන් පවතින්නේ ජවිපෙ නිසා ය.

ජවිපෙ මෙම යථාර්ථයන් තේරුම් ගත යුතු ය. ජවිපෙ 2020දී බලය ගැනීම නම් සිහිනයකි. පවතින තත්වය තුළ නම්, පූර්ණ අරාජිකත්වයක් රටේ ඇති වුණත් ජවිපෙට බලය ගත හැකි වේ යයි සිතිය නො හැකි ය.

එහෙත්, අප සැම දකින පැහැදිලි හිඩැසක් දේශපාලනය තුළ තිබේ. ඒ හිඩැස පුරවන්නට ජවිපෙට හැකි නම්, ජවිපෙට අනාගතයක් තිබිය හැකි ය. ඒ හිඩැස කුමක්දැයි ජවිපෙ හඳුනාගත යුතු ය.

මේ රටේ තව දුරටත් සමාජවාදී ෆැන්ටසිවලට රැවටෙන්නේ නැත. එසේම, ව්‍යාජ පංති විග්‍රහ හා ධනපති, අධිරාජ්‍යවාදී හා නවලිබරල් බිල්ලන් ගැන කුමන්ත්‍රණ කතාවලින් සැදි භාෂා ප්‍රයෝග ද දැන් අවුල් වී හමාර ය. කළ යුතුව තිබෙන්නේ ලංකාවේ සමාජය අපෝහක ලෙස විග්‍රහ කර ඇත්ත හඳුනා ගනිමින්, යථාර්ථය සමාජයට ඉදිරිපත් කර, ප්‍රායෝගිකව අැති කළ හැකි විසඳුම් යෝජනා කරන හා ඒ වෙනුවෙන් වන විවිධ ජනතා බලමුළුගැන්වීම් කළමනාකරණය කළ හැකි දේශපාලන ව්‍යාපාරයකි.

බලවේග සියල්ල පක්ෂයේ තනි අතට ගුලි කර ගත හැකි යයි සිතන දේශපාලනය දැන් යල් පැන ගොසින් බොහෝ කල් ය. දැන් කළ හැක්කේ, අරමුණු වෙනුවෙන් බලවේග කළමනාකරණය කිරීමයි.

1971ට පෙර, වඩා අව්‍යාජ දේශපාලනයක යෙදුණු කාලයේ ජවිපෙ නායක රෝහණ විජේවීර ඇතුළු පිරිස්වලට ලංකාව වෙනස් කිරීමේ අවංක ආධ්‍යාශයන් තිබිණි. දැක්ම පටු වුණත්, එහි දීප්තිමත් අංග තිබිණි. 1971 කැරැල්ලෙන් පසු ඔහු රහස් පොලිසියට දෙන කටඋත්තරයේ පවා ලංකාවේ පරිසර ප්‍රශ්නය ගැන ඉතා ගැඹුරු විශ්ලේෂණයක් අඩංගු වේ.

විජේවීරවාදය නැවත කරළියට ගත හැකි එක ම ආලෝකය ඇත්තේ ඒ අනාගතවාදී දැක්ම තුළයි. විශේෂයෙන් ම ස්වාභාවික ආපදා නිසා නිරතුරුව ගංවතුරට යට වන, පස් කඳු කඩා වැටී වැළලෙන භූ කලාපයක සිටින ලාංකිකයන්ට වෙනස් වන්නට හා ලංකාව මුළුමනින් ම වෙනස් කරන්නට බල කළ හැක්කේ එම ජීවිත අභියෝගය ඔස්සේ ආමන්ත්‍රණය කිරීමෙනි.

(ජවිපෙ ෆේස්බුක් බලකායේ බූරුවන්ගේ කුණුහරුපවලට මෙහි ඉඩ නොමැති බව කරුණාවෙන් සලකන්න.)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පරිසරය පිලිබඳ විජේවීර කිව් කතන්දර අනුන්ගෙන් කොපි කොට තමන්ගේ කර පෙන්වන ලද්දකි එස්. ඒ වික්‍රමසිංහ ( කොමියුනිස්ට් පක්ෂයේ පළමු සභාපති ) විසින් ලියන ලද 'ඉදිරිමග ' කෘතියේ දක්වා ඇති කරුණු ඔහු විසින් ගෙඩි පිටින්ම කොපි කොට ජවිපෙ පළමු පන්තිය වූ ' ලංකාවේ ආර්ථික අර්බුදය 'ට අමුණා තිබේ

    ReplyDelete
  2. ඔබ වරහන් තුල සඳහන් කර ඇති ආකාරයේ තර්ජන සම්බන්ධයෙන් කියනවා නම්, ඔය ආකාරයේ තර්ජන මතුවිය හැක්කේ පෙසපෙ අයට වඩා ජවිපෙ කොටස් තුලින් බවයි මගේ නිරීක්ශනය.

    ජවිපෙ සාපේක්ශව ග්‍රාමීය ගතානුගතික ලක්ශන පෙන්වන අතර පෙසපෙ වඩා න්‍යාය මූලධාර්මික සහ නවීන බවක් පෙන්වයි. ඉහත ආකාරයේ තර්ජන පෙසපෙ තුලින් මතුවිය හැකියැයි සිතන්න අමාරුයි.

    මම වැරදි වෙන්න පුලුවන්. හුදු නිරීක්ශනයන් පමනයි; නිශ්චිත සාධක මත නොවේ.

    ජවිපෙට ජාතික තලයේ ප්‍රශ්න ගැන පාඩම් උගැන්වීමට යාම පල රහිතයි. ඒ වෙනුවට කල යුත්තේ ඔවුන් වඩ වඩා ප්‍රාදේශීය දේශපාලනය කෙරෙහි උනන්දු කරවීමයි. බලය පිලිබඳ සිහින, දෙබිඩිකම වැනි දේ ගැන සංවාද ඇතැම් විට පලදායක විය හැකියි.

    - Dimithri

    ReplyDelete
    Replies
    1. ජවිපෙ සමග සිට කැඩී ගිය බොහෝ අයත් යම් කාලයක් හෝ එහි ප්‍රචණ්ඩ ත්‍රස්තවාදය තමන් තුළ තබා ගන්නවා. මෙය අපට වුණත් අදාළයි.

      පෙසප න්‍යාය හා මූලධර්ම මත ආන්තික ලෙස පදනම් වීම ගැටලුවක් නෙමෙයි. ඒත්, මේ වන විට විශ්වවිද්‍යාල තුළ පෙසප මෙහෙයවීමෙන් සිදු වන දේශපාලනය කියන්නේ ලංකාවේ ජාතිවාදයටත් වඩා පසුගාමී ආන්තික දේශපාලනයක්.

      ලංකාවේ විශ්වවිද්‍යාල දේශපාලනය කියන්නේ සමාජ සංවර්ධනයට බරපතල බාධාවක්.

      Delete
    2. පැරා, ඔබ පෙසපෙ/ජවිපෙ සම්බන්ධව කාලයක් තිස්සේ කියන දේ මම කියවනවා. ඔවුන්ගේ විනාශකාරී සටන් ක්‍රියාමාර්ග, පෞද්ගලික අධ්‍යාපන විරෝධයේ ඇති දෙබිඩිකම, කම්කරු පන්තිය තොරොම්බල් කිරීම, කම්කරු පන්තියේ අර්ථ දැක්වීම ගැන ඔබ කියන දේ එක්ක බොහෝදුරට මම එකඟයි.

      නමුත් මා නැවත නැවත හිතීමට පොලඹවන දෙයක් තමයි, මෙරට විශාල රාජ්‍ය සේවයක් පවත්වා ගෙන යාම ගැන ඔබ කරන නිර්දය විවේචනය. විශාල රාජ්‍ය සේවක සංඛ්‍යාවක් නඩත්තු කිරීම ඔබට අනුව රටේ ඇති දැවැන්තතම ප්‍රශ්නයක් (දෙවැනි වන්නේ නම්, ජාතිවාදී ප්‍රශ්නයට පමනක් දෙවැනි වන). දැවන්ත රාජ්‍ය සේවකයන් සංඛ්‍යාවක් නඩත්තු කිරීමට කරන දැවැන්ත වියදම සහ ඊට කිසිසේත්ම නොසරිලන කාර්යක්ශමතාව සම්බන්ධව, මෙය කරුනක් වශයෙන් නැතැයි කියන්න කාටවත් බැහැ. නමුත් මම තවමත් හිතන්නේ, රජය මේ අන්දමින් රැකියා නොසැපයුවානම් ඇතිවන අතිවිශාල විරැකියාව මගින් ඇතිකරනු ඇති සමාජයීය ප්‍රශ්නය (මේ තරුන කොටස්තුල ඇති ආතතිය, අවිනිශ්චිතභාවය, ඉච්ඡාභංගත්වය මගින් ඇතිකරන ප්‍රශ්න) ඊට වඩා කීප ගුනයකින් වැඩි වනු ඇති බවයි (ඔවුන් ලද අධ්‍යාපනය ප්‍රමිතියෙන් අඩුයි, ඔවුන්ගේ ඉංග්‍රිසි දැනුම අඩුයි, නවීන ආකල්පවලින් තොරයි, තාක්ශනය සමග හුරුව අඩුයි, පෞද්ගලික අංශය ඔවුන්ගැන උනන්දු නොවන්නේ ඒ නිසයි වැනි කතා හෝ ධනාත්මක චින්තන කතා මේ සඳහා උත්තර නොවෙයි). එමගින් (මහා පරිමානයෙන් රජයේ රැකියා ලබාදීම මගින්) මගහරවාගන්නා ලද අනර්ථයන් (avoided social evils?), ඔවුන්ට පඩි ලෙස සහ වෙනත් පහසුකම් ලෙස ගෙවන ලද මුදල සමග සාධාරන සංසන්දනයක් මා දන්නා තරමින් කවුරුවත් කර නැහැ. එසේ කල නොහැකිවාත් වන්නට පුලුවන්.

      උදාහරනයකට පහුගිය රජය විසින් රැකියාවිරහිත උපාධිධාරීන්ට රැකියා සැපයීම ගන්න. එම රැකියා සැපයීම (එවක රජයේ අරමුන කෙසේවුවත්) නොකලා නම්, එම තරුනයන්ගෙන් අති බහුතරය පෙසපෙ (හෝ වෙනත් එවැනි ස\විධානයන් ) වටා රොක්වනු ඇතිවාට සැක නැහැ. එවන් තත්වයක් තුල, එම සංවිධාන ගැන, නායක්ත්වයන් ගැන හුදෙක් විවේචනය කර පලක් නැහැ. මා හිතන්නේ එලෙස රැකියා ලද අති බහුතරයක් තරුන කොටස් මේ සංවිධාන වෙතට ආකර්ශනය වුනේ නැහැ.

      (සම්පූර්නයෙන්ම වෙනස් විශයන් වුවත්, කසල කලමනාකරනය මේ සඳහා උදාහරනයකට ගන්න පුලුවන්. මට වැටහෙන පරිදි, ලංකාවේ කසල කලමනාකරනය තාක්ශනික වශයෙන්ම පිරිවැය පිරිමසා ගැනීමටවත් හැකිවන ව්‍යාපාරයක් නොවෙයි. නිවැරදි අවසාන අපහරන ක්‍රියාවලියක් (දැනට නොපවතින) ආරම්භ කිරීමට සහ පවත්වා ගෙන යාම සඳහා රජය අනිවාර්යයෙන්ම අති විශාල පිරිවැයක් දැරිය යුතු වෙනවා. එය අද මේ සඳහා රජය දරන සිල්ලර වියදමට වඩා ඉතා අධික වියදමක් වනු ඇති. නමුත් එවන් ක්‍රියාවලියකින් සමාජය ලබන සෘජු සහ අනියම් ප්‍රතිලාභ, සාම්ප්‍රදායික මූල්‍යමය විශ්ලේශනයකින් -conventional cost-benefit analysis- මනින්නට බැහැ. එසේ නොකර සිටීමේ ප්‍රතිඵල අප අද හොඳින් අත් දකිනවා)

      රාජ්‍ය සේවකයන්ගේ සේවය කෙසේ හෝ කාර්යක්ශම තත්වයකට ගෙන ඒම තමයි අභියෝගය. (අධික වියදමක් දරා නඩත්තුකරන මංත්‍රී-ඇමති මන්ඩල කාර්යක්ශම කිරීමත් තවත් මේ වගේම අභියෝගයක් තමයි.) මම දන්නේ නැහැ එය කල හැක්කේ කෙසේදැයි කියා, නමුත් එය කෙසේ හෝ කල යුතුයි කියලයි මට හිතෙන්නේ.

      (මේ අදහස, ඔබ රාජ්‍ය සේවය ගැනම කලින් ලියූ ලිපියකට ප්‍රතිචාරයක් ලෙස ලිවීමට සිටියත්, මගේ දුර්වල ලිවීමේ හැකියාව නිසා මෙවැන්නක් ලිවීමට ගන්නා කාලය හේතුවෙන් එසේ කරගත නොහැකි වුනා.)

      - Dimithri

      Delete
  3. ජවිපෙ නූතන තත්වයන් තුළ තමන්ට ස්ථානගත විය හැකි අවකාශය නිවැරදිව තේරුම් ගත යුතු ය. X 100

    ReplyDelete
  4. ජේවීපෙ ඉලව් නෙමේ ඔයි ගිහින් 2020 රනිල් බලයට ගෙන හැටි ලියනව

    ReplyDelete
  5. Merlyn Chandrarathne ඔබ ලියා ඇති බොහෝ කරුණුවලට මමද එකඟ වෙමි. එහෙත් මට ඇති ගැටළුව වන්නේ විිජේවීරවාදි පුුරුෂාර්ථ පෙසප විසින් තොරොම්බල් කරනවාද යන්නයි. කුමාර් ගුනරත්නම් ගේ රහසිගත ජීවිතය හා නීති වරෝධි චර්යාවන් ලෙස ඔබ හඳුන්වන්නේ ඔහු මෙරට රැඳී සිටීම වන්නට පුළුවන. ධනපති, අධිරාජ්‍යවාදි, නව ලිබරල් ධනවාදය වැනි වචන භාෂා ප්‍රයෝගයක් නම් දැන් අපි ඒ තත්වයන් හඳුන්වා දෙන්නේ කෙසේද? සමාජ වාදය ෆැන්ටසියක්ද රියලැටියක්ද ප්‍ර‍පංචයක්දැයි කීමට අපට උදාහරණ ඇත්තේ නැත. සෑම දෙයක්ම‘‘ හොඳ““ මිනිසුන් යයි සිතූ බොහෝ මිනිසුන්ද නන්නත්තාර වූ යුගයක පරණ වාමාංශිකයන් කිහිප දෙනෙකු හෝ ස්වාර්ථය තකා වෙනස් නොවී සිටීමම අගය කළ යුතුයයි මම සිතමි. දේශපාලන දැක්මකින් තොරව මේ ක්‍ර‍මය වෙනස් කරන්නේ කෙසෙද? මේ ජරා ජීර්ණ ඇවතුම් පැවතුම් වෙනස් කරමින් ජීවිතය විඳවීමක් නොව විඳින දෙයක් බවට පත් කරවන කුමන හෝ නමකින් ක්‍රියාකාරි වන පක්ෂයක් හෝ වෙනත්‘ දෙයක්‘ (සමහරුන්ට සමාජ වාදය යන්න අප්‍ර‍සන්න වචනයක් නිසා )එලි දකින්නේ කවදාදැයි සිතා ගත නොහැක්කේ පුද්ගල වෛරයන් හා පුද්ගලිකව අත් දුටූ වේදනාවන් පොදු වේදනාවකට පත් කිරීමට සමාජ ක්‍රියකාරින් යයි කියා ගන්නා අය ගන්නා උත්සාහයන් නිසා දැයි බොහෝ විට සිතේ. (ෆේස්බුක්හි පළ වූ අදහසකි.)

    ReplyDelete
    Replies
    1. ධනපති, අධිරාජ්‍යවාදි, නව ලිබරල් ධනවාදය වැනි වචන භාෂා ප්‍රයෝගයන් බව තේරුම් කර දීම ඉතා දුෂ්කර ය. එයට මූලික හේතුව මෙම වාග් සංකල්ප පසුබිමින් ඉතා දිගු කාලයක් තිස්සේ නිර්මානය වී තිබෙන සමාජ අදහස් පද්ධතියයි. ඒවා පසුබිමින් සත්‍ය කරුණු රැසක් තිබේ. මෙය සරලව තේරුම් කර දිය හැකි එක් මගක් මෙසේ ය. අපේ ජීවිත කාලකණ්ණි වී තිබෙන්නේ ධනපති, අධිරාජ්‍යවාදී, නව ලිබරල් සූරාකෑම් නිසා යයි සිතන්නට අප යොමු කර තිබේ. එහෙත්, රජය හැර, ඔබේ ජීවිතය කාලකණ්ණි වන තරමින් සූරා කන ජාතික හෝ බහු ජාතික සමාගම් පහක් නම් කරන්නට ඔබට බැරි බවට මම අභියෝග කරමි. අනෙක් පැත්තෙන්, මේ සංකල්ප නිසා පොදුවේ සමාජය ගොදුරු වී තිබෙන බරපතල ප්‍රශ්නයක් වන පාරිභෝජනවාදය සැඟව ගොස් තිබේ. මෙම ලිපියත් කියවන්න. යථාර්ථය තියෙන්නේ රියලිටියට පිටින් නිනෝ

      Delete
  6. I totally agree with your analysis Ajith.Still your statement regarding Dr.Nalinda Jayathissa(whom I too respected in the past) I have a different opinion.While posing himself as a socialist and a qualified medical doctor his stand in relation to homosexuality was most contradictory.The worst I saw in him was his justification of doctors' "invasion" of the M.O.E demanding the Best Schools for their children, and in a most unjust manner at that.I cannot simply let go it thinking that he is after all a GMOA member, as he has left his profession to become a full time JVP member I think.

    ReplyDelete
  7. මා දන්නා කාලයේ හොඳ තරුණයින් පිරිසක් පොදු බලාපොරොත්තු ඇතිව කැපවීම් කරමින් ජවිපෙ වෙනුවෙන් වැඩ කළා. පසුව ජවිපෙ දේශප්‍රේමය මුළට දමා ඔවුන් සමහර දෙනෙකුව මිනීවලට ගෙන ගියත්, තවමත් ඒ පිරිස ගැන හිතන විට ජවිපෙ පිළිබඳව යම් පැහැදීමක් තියෙනවා.

    නමුත්, ඕනෑම ව්‍යාපාරයකට, පක්‍ෂයකට බැඳුණු පසු තමන් ගේ ස්වාධීනත්වය අතහැර පක්‍ෂයේ හෝ ව්‍යාපාරයේ හෝ මතය වෙනුවෙන් පෙනී සිටින්නට වෙනවා. මේක හැම වාමාංශිකයෙකුට ම සිදුවෙන දෙයක්.

    ශිෂ්‍ය දේශපාලනයේ යෙදුනත්, පක්‍ෂ දේශපාලනයට මා යොමු නොවුනේ ඒ ස්වාධීනත්වයේ ප්‍රශ්නය නිසයි.

    ඒ අනුව, ජවිපෙට බැඳී ඉන්නා අයගේ පූර්ණ ශක්‍යතාව රටට ලැබෙන්නට නම් ජවිපෙ විසුරවා හැරිය යුතු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ශිෂ්‍ය දේශපාලනයේ නිරත වන සමයේ රසික වාමාංශික මතධාරියෙක්ද ?

      Delete
    2. හොඳ ප්‍රශ්නයක් ලක්‍ෂාන්. ඇත්තෙන් ම, ලිපියක් ම ලිවිය යුතු කාරණයක්.

      එය පසුව ලියන තුරු මෙන්න පරණ සටහන් කිහිපයක් සහ අලුත් තොරතුරු.

      අපේ පවුල්වල අය යූඇම්පීකාරයින්.

      බාප්පා:
      http://rasikalogy.blogspot.com/2015/08/blog-post.html

      ආච්චී:
      http://rasikalogy.blogspot.com/2015/08/old-fox.html

      මාත් යූඇම්පීය දිනනවාය කියා ඡන්ද ඔට්ටුවක් පවා දිනලා තියෙනවා.
      https://rasikalogy.blogspot.com/2014/12/i-was-unper-once.html

      මා විශ්වවිද්‍යාල ජීවිතය ඇරුඹුවේ ජවිපෙ පිළිබඳ පැහැදීමක් එක්කයි. මා එදා පක්‍ෂ දේශපාලනයකට යොමු වුනා නම් ඒ ජවිපෙ සමගයි. නමුත්, මා උඩින් කියා ඇති පරිදි, පක්‍ෂයට බැඳෙනවා යනු තමන් ගේ ස්වාධීනත්වය පාවාදීමක් බව වැටහුණු නිසා මා එයින් ගැලවුණා.

      ඒ සමගම දේශප්‍රේමයට මුවා වී ජවිපෙ ගත් ජාතිවාදී ගමන් මග නිසා මට ඔවුන්ව එපා වුනා!

      අවසන් මොහොතේදීත් මාව ජවිපෙ පැත්තට නම්මා ගන්න ආවේ, පසුව ජවිපෙ ලොක්කෙකු වුනු, උපාලි ජයවීර වැනි අයෙකුයි.
      https://rasikalogy.blogspot.com/2015/12/what-irony.html

      එදා මෙදා තුර මගේ දේශපාලන මතය වැඩිදුර වෙනස් වී නෑ. සිදුවුණු එක වෙනසක් නම්, ලංකාව වැනි රටක රාජ්‍යය විසින් පරිපාලනය කරනු මිසක නිශ්පාදනයට සම්බන්ධ විය යුතු නැති බවට දැන් මා සිතීමයි. එයට හේතුව දේශපාලුවන් ගේ දුෂණය නිසා සිදුවන සම්පත් නාස්තිය සහ රාජ්‍ය යාන්ත්‍රණයේ ඇති අකාර්ක්‍ෂමත්වයි.

      Delete
    3. තමන්ගේ වාසියට ලාංකීයපුරවැසිභාවය අහෝසිකරගෙන ඉන්පසුව එය මුදල්ගෙවා ලබාගෙන ඉඳහිට ලංකාවට ඇවිත් ලංකාවේදී එහෙයි මෙහෙයි වෙනස ගැන පොරටෝක් දෙමින් කිසිදාක දේශපාලන චන්දය පවිච්චිනොකර දේශපාලනයක් ගැන ලංකික අපට බයිලා කියන සුපිරි පට්ට නේද

      අනේ මෙහෙම ජිවිතයක් ....ලැබෙද ඉන් සැනසීමක්

      Delete
    4. @ Anonymous June 16, 2017 at 6:53 PM

      කරුණු නොදැන ඔබ කියා ඇති දේ පිළිබඳව මම ඔබට කරුණාබරව සමාව දෙමි.

      1. මා උපන් දා සිට අද දක්වාම ලාංකිකයෙක් මි. එක් දිනකට හෝ මගේ ලාංකික පුරවැසිකම නැති වී නැත!

      2. ලංකාවෙන් පිට ඉන්නා බහුතරයක් දෙනා ලංකාවට එන සංඛ්‍යාතයෙන් මා ද ලංකාවට එමි.

      3. එහෙයි මෙහෙයි වෙනස පිළිබඳව මා පොර ටෝක් දුන් එක තැනක් හැකිනම් පෙන්වා දෙන මෙන් කරුණාවෙන් ඔබෙන් ඉල්ලමි.

      4. මා ලංකාව ගැන විවේචනය කරනවා කියා ඔබ කියනවා නම්, ඇත්තටම එය වැරදි වැටහීමකි. මා ලංකාව ගැන දොසක් කියා ඇති නම්, ඒ ලංකාවේ ඉන්නා බ්ලොග්කරුවන් කියන දේ අනුව නොසැළකිය හැකි ප්‍රමාණයක් බවයි මගේ වැටහීම.

      සැක නම් පැරාගෙන් අසන්න!
      ;-)

      5. මා ලංකාවේ මැතිවරණවල දී ඡන්දය දී ඇත්තෙමි. ඉන් එක අවස්ථාවක් ගැන යම් සඳහනක් මේ පහත ලිපියෙහි ඇත.
      https://rasikalogy.blogspot.com/2015/06/vasudeva-nanayakkara-1982-presidential.html

      මේ තවත් මා ඡන්දය දුන් අවස්ථාවකි.
      https://rasikalogy.blogspot.com/2015/08/my-shameful-and-regrettable-behaviour.html

      මා ලංකාවේ ඡන්දය දුන් අනෙකුත් අවස්ථා පිළිබඳව තවම බ්ලොගයේ ලියා නැති අතර ඒ ලිපි ලියූ වහාම ඔබට කියවීම පිණිස පළ කරන්නම්.

      6. ඔබේ කමෙන්ටුව ලිවීමට ඔබට සිතුණු සැබෑ හේතුව මට තරමක් සිතා ගත හැක. එය ගැන ද පසුව රසිකොලොජියේ ලිපියක් ලියන්නට අදහස් කරමි.

      ස්තුතියි!

      Delete
    5. ඔහේ ඔසී ස්ථිර පදිංචියට පැමිණ අවරුදු කීපයකින් ඔසී පුරවැසි බව ගන්නකො ඉබේම ඔහේගේ ලංකාවේ පුරවැසි බව නැති වෙනවා . එක හින්දා නැවත මුදල් ගෙවලා ලංකාවේ පුරවැසිබව ගන්නවා ඊට පස්සේ කියනවා මන් දිව්ත්ව පුරවැසි කියලා ඕවා ලංකාවේ අයට සංකීර්ණ බයිලා

      අපි නොදන්නා ඔසී! ඔහේගේ සමාව ලාංකීය බදු ගෙවන ජනතාවට කියන්න අපිටනම් එපා ඔසී චන්දෙට ඔයා ලෝකේ කොහෙහිටියත් චන්දෙ දන්න ඕනේ නැතිනම් දඩ කොලේ ගෙදරට එනවා
      ලංකාවේ එහෙම නැති නිසා දැන්ලංකාවේ චන්දෙට කොකා පෙන්නලා පොස්ට් දානවා

      සියිබු කවදා කයිද ලබු !

      Delete
  8. විග්‍රහය විශීෂ්ඨයි, සත්‍යම තත්වය මේකයි.ජවිපෙ නූතන තත්වයන් තුළ තමන්ට ස්ථානගත විය හැකි අවකාශය නිවැරදිව තේරුම් ගත යුතු ය.කණගාටුව නම් මේ කාරණය සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස ජවිපේ අසාර්ථක විමයි. ඒ නිසාම බෝහෝ කාරණා සදාකාලයටම මනෝරාජික විය හැක.

    ReplyDelete
  9. ජවිපෙ ගැන ලොකු බලාපොරොත්තුවක් තිබුණ. ඡන්දය අවලංගු නොකර ප්‍රකාශ කල හැම වෙලාවකම ජවිපෙ හෝ ජවිපෙ පෙනීසිටි මතවාදය වෙනුවෙන් තමයි ඡනද්යක් ප්‍රකාශ කලේ. දැන් නම් ඒ ජවිපෙ ගැන ප්‍රමාණයට අනුව අබ මල් රේණුවක තරම් විශ්වාසයක් නැහැ. ජවිපෙ සාමාජිකයන් කවදා මොන ආකරකට හෝ මැරෙන්නේ අසාර්ථක මිනිසුන් ලෙස බවයි මට හිතෙන්නේ. සෝමවංශ අවසන් කාලයේ ඇල්ලූ අඩවූ වලිනුත් ඒ අසාර්ථකත්වය පෙනුණා. සමහර විට මැරෙන බව දැනෙන විට ගෙවූ දෙබිඩි මවාපෑමකට පමණක් සීමාවූ ජීවිතයේ අවබෝධ වී වියරු වැටෙන්නට ඇති.

    ජවිපෙ අසාධාරනලෙස වෘතීය සංගම් කුලප්පු කර වර්ජන කරවීමෙන් සාමාන්‍ය ජනතාවට වුන සහ වෙන විශාල අපහසු තාවයන් දැකීමෙන් මුලින්ම ජවිපෙ ගැන නොසතුටට පත්වුණා.

    ඒවගේම ජවිපෙ අපේ දැක්ම සහ හෘද සාක්ෂියේ සම්මුතිය වැනි ප්‍රතිපත්ති ප්‍රකාශනවල රට දියුණු කරගැනීමට හඳුනා ගත දියුණු කරන ලද මානව සම්පත වෙනුවට, පාඨමාලාව සඳහා මුදල් ගෙවා ඉගෙන ගන්නා විශ්වවිද්‍යාල වලට එරෙහිව සිසුන් දැක්කීම මගින් ජවිපේ තවම සිටිනේනේ 89 සිටි මිනීමරු මානසිකත්වයේ බවට නැවත පෙන්වනවා. ජවිපෙට වුනේ මොකවත් නෙවේ. කුරුටුගමියෝ ස්ටුඩන්ට් යුනියන් ටික අල්ලාගනී කියල බයට තමුන්ගේ මතය වෙනුවෙන් පෙනීහිටිනේ නැතුව ජනප්‍රිය මතය වෙනුවෙන් බොර්වක් කරන්න යාමෙන් අමාරුවේ වැටීමක් වුනේ.

    අයිටී දැන් රටට මුදල් ගෙනන ප්‍රධාන ව්‍යාපාරයක්. හැබැයි අයිටී ඉන්ඩස්ට්‍රි එකේ වැඩිහරියක් ඉන්නේ මුදල් ගෙවා පාඨමාලා ඉගෙනගත් අය. ඉහලම ස්ථරවල මොරටුව කොළඹ වැඩකාරයෝ ඉන්න එකත් ඇත්ත. උසස්පෙළ සමත් සියලුදෙනාට තමුන්ගේ මුදලින් කැමති ලෙසට ඉගෙන ගන්න ඉඩ දියයුතුයි. ඉගෙන ගන්න ඉඩදී පසුව ඔවුන්ට අදාළ කුසලතාවය ගන්න බැරි නම් අසමත් කර දැමීම තමයි කලයුත්තේ. මේක මනුස්සකමෙන් කතාකරන්නේ නැතුව ත්‍රාඩ විදියට අධ්‍යාපනේ කඩාකප්පල් කරන්න තමයි දැන් ජවිපෙ හදන්නේ.

    ජවිපෙ කියන විදියට කවදාහරි එයාල බලයට ඇවිත් උසස්පෙළ සමත් හැමෝටම නොමිලේ උපාධි දෙනකන් උසස්පෙළ සමත් මිනිස්සු ඉගෙන නොගෙන ඉන්න ඕනේ. තව කලකින් කියාවිද දන්නේ නෑ එයාල බලයට ඇවිත් ඔක්කොම රෝග වලට නොමිලේ බේත් දෙනකම් ඩිස්පෙන්සරියෙන් සල්ලි දීල බේත් නොගෙන ලෙඩ තියාගෙන ඉන්න කියල. ජවිපෙ හරි කුහකයි. ජවිපෙ ගැන කලින් තිබුණ ප්‍රසාදය වෙනුවට දැන් තියෙන්නේ අපුලක්. ජවිපෙට පරණ පීල්ලෙන් වෙනස් වෙන්න බැරි බව පැහැදිලියි. එයාල ගැන කතා කිරීමෙන් වැඩක් නෑ වගේ.

    ReplyDelete
  10. ජවිපෙට හොඳ බලයක් ලබා ගන්න වැඩි අවස්ථාවක් තිබ්බා ගිය මහා මැතිවරණය වෙනකොට.එත් ජවිපෙ එක දැන් තියෙන තත්වය එක්ක ඊගාව මහා මැතිවරණයකින් තියෙන බලයවත් රක ගන්න ජවිපෙට පුළුවන් කියලා මම හිතන්නේ නැහැ.ගතානුගතික ආකල්පවල හිර වෙලාම තව දුරටත් හිටියොත් ජවිපෙට වෙන්නෙත් අනෙක් වාමාංශික පක්ෂ වලට වෙච්චි වින්නැහියම තමයි.

    ReplyDelete
  11. ඒක නෙවෙයි පැරා අයියෙ.
    පැරා අයියගෙ FB එකේ ඉන්න අර යතුරක් හොටෙන් එල්ලගෙන ඉන්න කපුටෙක්.
    ඒකෙ තේරුම කියන්නකො පැරා අයියෙ.
    ඔයාට බුදු සරණයි

    ReplyDelete
  12. ජනතා විමුක්ති පෙරමුණට නුදුරු අනාගතයේදී බලයට එන්න අද රට තියෙන සංදිස්ථානය ප්‍රයෝජනයට ගන්න තරම් දැක්මක් සහ වැටහීමක් ඇතිවෙයිද කියන දේ ගැන හිතන්න. මගේ අදහස නම් ජනතා විමුක්ති පෙරමුණ 1994 දී ටෝනි බ්ලෙයාර් බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ නායකත්වය ගත්විට පක්ෂයට කල වෙනස හැදෑරිය යුතුයි කියායි. 1994 ට පෙර බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය සමාජවාදී ප්‍රතිපත්ති දැරූ පක්ෂයක්. 1979 සිට කීප වතාවක්ම දක්ෂිණාංශික බ්‍රිතාන්‍ය කොන්සවටිව් පක්ෂයට පැරදුණා. 1994 දී කම්කරු පක්ෂ නායකත්වයට පත් බ්ලෙයාර් එය සමාජවාදී සහ කම්කරුවන්ගේ පැත්තට අදින පක්ෂයක් ලෙස නොව නව ආර්ථික ක්‍රම පිළිගන්නා නවීන පක්ෂයක් බවට පත්කලා ඉන් අවුරුදු තුනකට පසුව කම්කරු පක්ෂය බ්ලෙයාර් යටතේ ජයගත්තා. ඔවුන්ට පිට පිට මහ මැතිවරණ තුනක්ම බලය ලබා ගන්න පුළුවන් වුණා. අනික් උදාහරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. 1956 සිට 1993 දක්වා තිබූ සෑම මැතිවරණයකටම ඔවුන් පෙනී සිටියේ සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති අදහන පක්ෂයක් ලෙසටයි. 1993 නායකත්වයට පත් චන්ද්‍රිකා කුමාරණතුංග මෙය වෙනස් කලා. ඔවුන් සමාජවාදය අතහැර විවෘත ආර්ථිකය පිළිගත්තා. 1994 දී ඔවුන් පොරොන්දු වුණේ විවෘත ආර්ථිකය මානුෂික මුහුණුවරකින් කියන මැතිවරණ පාඨය. එසේ නොවන්නට ඔවුන්ට ජයග්‍රහණය කරන්න වෙන්නේ නැහැ.

    ජනතා විමුක්ති පෙරමුණේ ඇති බොලඳ භාවය අත්හැරීමටත් සමාජවාදී හැව අතහැරීමටත් හොඳම කාලය මෙයයි යන්න මගේ විශ්වාසයයි. මෙය කිරීමට රටේ මුදල් කාබාසිනියා කරන ඔවුන් පාඩු ලබන ආයතන විකිණීමට විරුද්ධ වීම, පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ වීම, වෘත්තීය සමිති පැත්තට ප්‍රමුඛත්වය දෙමින් ව්‍යාපාර වල කම්කරු අසහනය ඇතිකිරීමට උල්පන්දම් දීම වැනි අද ආර්ථිකයන්ට නොගැලපෙන දේවල් වෙනුවෙන් පෙනී සිටීමෙන් බහුතරයක් ඔවුන්ට ඡන්දය දීමට මැළි වෙන බව වැටහිය යුතුයි.

    ඔවුන්ගේ මුදුන් මල්කඩ වූ රුසියාව සහ චීනයත් අත්හැර දැමූ ආර්ථික ප්‍රතිපත්තියක් කරපින්නා ගෙන සිටින තාක් කල් ඔවුන්ට චන්ද ලක්ෂ 5 සීමාව පහු කිරීම නම් නොවෙනු ඇතැයි යන්න මම සිතනවා. යම්කිසි ප්‍රාතිහාර්යයක් සිදුවී ජනතා විමුක්ති පෙරමුණ තම දර්ශණය වෙනස් කරගත්තොත් විය හැකි දේ සිතා බලන්න. විවෘත ආර්ථික ක්‍රමය හොර මැරකම් නැතිව ක්‍රියාත්මක කරනවා නම් අද එක්සත් ජාතික පාක්ෂිකයෙකු ලෙස සිතින එහෙත් සජිත් ගේ micro management වලට එකඟ නොවෙන අයට ජනතා විමුක්ති පෙරමුණ හොඳ විකල්පයක් වෙන්න පුළුවන්. එමෙන්ම මහින්දට පින්සිද්ධ වෙන්න දෙකට කැඩෙන ශ්‍රී ලංකා පාක්ෂිකයන්ටත් ඒ ඒ නායකයින්ගෙන් පසුව කාලයේ එය හොඳ විකල්පයක් වෙන්නට පුළුවන්.

    අවුරුදු 30 ක ඉතිහාසයක් ඇති පක්ෂයක් වශයෙන් හා සම්ප්‍රදායික දේශපාලකයින්ට වඩා හොඳ ප්‍රතිරූපයක් ඇති ඔවුන්ට බලය ලබා ගැනීමට නොහැකි හේතුව ඔවුන් තේරුම් නොගැනීම මට නම් පුදුමයක්. උණුත් හොරු මුණුත් හොරු එමනිසා අපිට බලය දෙන්න යන සටන් පාඨය නම් තව දශක කිහිපයකට සාර්ථක නොවන බව ඔවුන්ට වැටහිය යුතුයි. ප්‍රධාන පක්ෂ දෙකට වඩා ජනතා විමුක්ති පෙරමුණේ අය වංචාවලින් තොර බව මිනිසුන් දන්නවා. එහෙත් ඔවුන්ට ජවිපෙට චන්දය දෙන්නේ නැහැ. ඒ බැව් පෙනි පෙනීම තව දුරටත් අපි තමයි අවංක අනික් අය හොරු යන්න කීම පමණක් කිරීමෙන් ඇති වැඩක් නැහැ. මහජනයා දන්න දෙයක් නැවත නැවත කීමෙන් වෙන වාසියක් නැහැ. ඔවුන් සිටියදී වංක පුද්ගලයන් ඇති පක්ෂ වලට ඡන්දය වැටෙන්නේ ඔවුන්ගේ ආර්ථික දැක්ම බව දැන්වත් තේරුම් ගෙන 1994 දී ටෝනි බ්ලෙයාර් කම්කරු පක්ෂයට සහ 1993 දී චන්ද්‍රිකා බණ්ඩාරණායක ප්‍රතිපත්තීන්ට කල වෙනස්කම් හදාරා ඉතා ඉක්මනින් පක්ෂයේ මුහුණුවර සහ ක්‍රියා වෙනස් කලොත් නම් ඉදිරි අවුරුදු 5-10 තුල බලයට ඉතා ආසන්න වීම හෝ ලබා ගැනීම නම් වලක්වන්න බැහැ.

    පෞද්ගලික ව්‍යාපාර, රජය වෙලඳ ව්‍යාපාර වලින් අයින් වීම, පෞද්ගලික අධ්‍යාපන අවස්ථා සුලභ කිරීම සහ සිසු ණය ක්‍රමය හරහා ආර්ථික තත්ත්වයේ බලපෑමකින් තොරව හැමටම පෞද්ගලික අධ්‍යාපනය ලබා ගැනීමට සැලැස්වීම යන ආදිය අත්‍යවශ්‍යම ප්‍රතිපත්ති වෙනස්කම්. මෙවන් ප්‍රතිපත්ති වෙනසකින් පසුව උගතුන්, බුද්ධිමතුන්, වංචා වලින් තොර දේශපාලනයට කැමැත්ත ඇත්තන් සමාජිකත්වයට එක කරගනිමින් පක්ෂ පදනම විශාල කරගැනීමට ඉතාම හොඳ වටපිටාවක් ඇතිබව ඔවුන්ට තේරුම් යාවි යැයි බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
  13. පැරා

    කොමෙන්ට් ඇපෲව් සීන් එක වදයක් වගේ - අසභ්‍ය කොමෙන්ටු පසුව මකා දැමිය නොහැකිද ?

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන් ම මේක මටත් මළ වදයක්. ඒ නිසා මම ඔයා කියන වැඩේ කරමින් හිටියෙ. ඒ වුණාට මේකට එන කමෙන්ට් එහෙම දකිනකොට මගේ වුණත් මයිල් ඉස්මයිල් වෙනවා. අනෙක ඒවා ගිහින් පරණ පෝස්ට්වල අතෑරියාම හොයා ගන්නත් අමාරුයි.

      මගේ බිරියට, ළමයින්ට මේකට එන ඇතැම් කාලකණ්ණි කියන ඒවා දැක්කොත් ඔයා සමහර විට කියයි කමෙන්ට් ඕනැම නැහැ කියලා. මොකද, ඒවා පළ නො වුණාට මං කියවනවා නේ.

      Delete
    2. ///මගේ බිරියට, ළමයින්ට මේකට එන ඇතැම් කාලකණ්ණි කියන ඒවා දැක්කොත් ඔයා සමහර විට කියයි කමෙන්ට් ඕනැම නැහැ කියලා. මොකද, ඒවා පළ නො වුණාට මං කියවනවා නේ.///

      හතර අතේ ගිහින් ඔය තිරිසන් වැඩේ කරන්නේ එකම පුද්ගලයෙක් හෝ කිහිප දෙනෙක් බව මගේ අදහස...
      ඔවුන් විරුද්ධ මතධාරීන් ඔවුනොවුන් අතර කෙටවීමක් එයින් අපේක්ෂා කරන බව මම හිතනවා...

      Delete
  14. බ්ලොග්කරුවන් වන පැරා , රසික සූරිය ආරච්චි, අජිත් ධර්මා යන පුද්ගලයන් ගේ ළමුන් සම්බන්ධ කරගෙන සාරසා හෙවත් කුමාර කළුආරච්චි ඉතා පහත් පෙලේ කුණුහරප ඔහුගේ බ්ලොගයේ ලියන්නේ ඇයි ? තවද කාන්තා බ්ලොග් ලියන්නියක් වන අරුණි ෂැපීරෝ ගැනත් අසභ්‍ය කතා ලියනවා. මේ සඳහා ලංකාවේ නීති නැද්ද​? මේවා නවත්තන්න නීතියට බැරිද ? ඔහු දන්ත වෛද්‍යවරයෙක් සෙන්ට්‍රල් රෝහලෙ පුද්ගලිකව වැඩ කරන​. ලංකාවේ දන්ත වෛද්‍ය සභාවට මොහු ගැන දැනුම් දීමට නොහැකිද ?

    ReplyDelete
  15. කුළ හීනමානය, පන්ති හීනමානය, ප්‍රාදේශීය හීනමානය,ස්වරූප හීනමානය,වෘත්තිය හීනමානය වැනි විසිරුනු පොදු සමාජ ප්‍ර‍ගමනයකට අදාලකරගත නොහැකි කරුනු කාරනා මත ගොඩනැගුන ලංකික දේශපාලන ව්‍යාපාර(වාම), මාක්ස්-ලෙනින් න්‍යායයන් තුලට රීංගා තම වාම සුජාතභාවය ලේබල් කරගැනීම ලාංකික වාම දෙබිඩ්ඩන්ගෙ පලමු වංචාවයි.
    මෙවැනි සමාජ වංචාකරුවන් පුනුරුත්තාපනය කල හැකි එකම ස්ථානයක් ලංකාවේ ඇත ,එය "සිරිකොත" නම් වේ.

    2017 වන විට හොරු අල්ලන ෆුල් ටයිම් කොස්තාපල් පුඤ්ඤසෝමලාගෙ පක්ෂයක් බිහිකල විජේවීර දැන් අංගසම්පුර්ණ විප්ලවීය නායකයෙක්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා