තැපැල් කන්තෝරු සංචාරක හෝටලවලට ‘විකිණීම'

Matugama Post Office (by Ajith Perakum Jayasinghe)
තැපැල් කන්තෝරු වහලා ය. තැපැල් සේවකයෝ වර්ජනයේ ය. කාටවත් ඒ ගැන ඒ හැටි වගකුත් නැත.

විශ්වවිද්‍යාල ප්‍රවේශයට ලියුම් ලැබෙන තෙක් බලා සිටිනා සිසුන් හා වෙනත් එවැනි ලියුම් බලාපොරොත්තුවෙන් සිටින අය වැනි සීමිත පිරිසකට නම් එයින් අසහනයක් ඇති වේ.

දැන් මිනිසුන් ලියුම් ලියනවා අඩු ය. ලව් ලෙටර් නො ලියූ පෙම්වත්තු දැන් ඕනෑ තරම් සිටිති. ජංගම දුරකථනය, කෙටි පණිවුඩ, අන්තර්ජාලය, ඊමේල්, ෆේස්බුක් ආදිය විසින් ඒ ස්ථානය අත්පත් කරගෙන ඇත.

විදුලි පණිවුඩ නම් අවශ්‍ය වන්නේ නිවාඩු ගැනීම් වැනි සීමිත රාජකාරි වැඩ සඳහා ය.

එහෙත්, වාහන දඩ ගෙවීම, බිල් ගෙවීම, මුද්දර ගාස්තු සඳහා තැපැල් මුද්දර ගැනීම, පිං පඩිය ගැනීම, ලියාපදිංචි තැපෑලෙන් ලියුම් යැවීම, ගැසට් එක බලා ගැනීම වැනි වැඩවලට දිනපතා තැපැල් කාර්යාලයට පැමිණෙන විශාල පිරිසක් තවමත් සිටිති. ඒ අය අද රස්තියාදු වන්නට ඇත.

ලංකාවේ අන්තර්ජාල බිල් අන්තර්ජාලය හරහා ම එවන්නට පුළුවන්කම තිබියදීත් තැපෑලෙන් ම එවන තත්වයක් ඇත. ඇත්තෙන් ම, ඒ සඳහා කැමති අය වෙනුවෙන් හෝ බොහෝ කටයුතු සඳහා විද්‍යුත් තැපෑල, ජංගම දුරකථනය, ක්‍රෙඩිට් කාඩ් ආදිය පාවිච්චිය දිරි ගන්වනවා නම් කඩදාසි, ඉන්ධන, මිනිස් ශ්‍රමය ආදිය අනවශ්‍ය දේවලට වැය වීම අඩු කර ගත හැකි ය.

තැපැල් දෙපාර්තමේන්තුව නවීන තත්වයන්ට ගැලපෙන පරිදි පරිවර්තනය කිරීමට 2001-2003 රනිල් වික්‍රමසිංහ රජය විසින් යම් ප්‍රයත්නයක් දරන ලදී. විද්‍යුත් තැපෑල, අන්තර්ජාලය, ෆැක්ස්, ඡායා පිටපත් ආදිය සහිත සන්නිවේදන පියස ප්‍රධාන තැපැල් කාර්යාලවල පිහිටුවන ලද මුත්, සාමාන්‍ය කොමියුනිකේෂන් කඩයක තිබෙන මේ දේවල් ටික පරිහරණයට හෝ ගැලපෙන අන්දමින් වෙනස් වන්නට තැපැල් දෙපාර්තමේන්තුවට බැරි වූ නිසා මේ සන්නිවේදන පියසවල් දැන් වැසී ගොසිනි.

රට පුරා තැපැල් කන්තෝරු, උප තැපැල් කන්තෝරු තිබුණාට ගැමියෙකුට එයින් එකකට ගොස් ඊමේල් එකක් යවා ගන්නට බැරි ය. වැඩිය ඕනෑ නැත. තැපැල් කන්තෝරුව තවම රබර් මුද්‍රාවක් පරිහරණය කරන්නටවත් දන්නේ නැත. නවීන රබර් මුද්‍රාවක් දුන්නොත් එහි ඉන්න ඩාං ඩෝං ගා සීල් ගහන නිලධාරි ඒක වන් ෂොට් නොකවුට් කරනු ඇත.

තමන්ගේ වෘත්තිය නවීනත්වයට පරිවර්තනය කර ගන්නට කිසිදු උවමනාවක් නැති වුණත්, තැපැල් වෘත්තීය සමිති වැටුප් හා වෙනත් දේ ගැන නම් ඉතා සංවේදී ය. මේ වරදක් කියනවා නො වේ. රජයේ සේවයෙන් සිදු වන ප්‍රධාන මෙහෙවර වන රජයේ සේවකයන්ගේ වැටුප්, දීමනා හා සුබසාධනය ගැන රජයේ සේවකයන් සංවේදී වීම අවශ්‍ය ය. එහෙත්, එය සාධාරණීකරණය කර ගැනීම සඳහා යොදා ගන්නා මහජන සේවයේත් තත්වය ගැන පොඩ්ඩක් හෝ සිතිය යුතු ය. 

මෙවර ඔවුන් වර්ජනය කරන්නේ නුවරඑළිය, ගාල්ල වගේ තැන්වල පරණ තැපැල් කන්තෝරු සංචාරක හෝටල් දැමීමට යනවා ය කියා ය. ඉතින් එහෙම කළාම මොකදැයි සිතන්නට පුළුවන් අය එහි නැත. තැපැල් ඇමති නම් කියන්නේ ඒ කිසිවක් විකුණන්නේ නැති බව හා ඒවා රාජ්‍ය - පෞද්ගලික ව්‍යවසාය බවට පත් කරන බවකි. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට වික්කම සිංහ නම පට බැඳී ඇත්තේ මාධ්‍ය විසින් හා විරුද්ධ පක්ෂ විසින් ගෙන යන මෙම විකුණන ප්‍රචාරය නිසා ය.

ඇත්තම කියනවා නම්, මේ යෝජනා ඉදිරියට ගත යුතුව තිබෙන්නේ තැපැල් දෙපාර්තමේන්තුවෙන් ම මිස පිටින් නො වේ. ඇත්තෙන් ම තැපැල් දෙපාර්තමේන්තුවට දැන් ඔය පරණ කෞතුකාගාර බිල්ඩිංවලින් වැඩක් නැත. ඒ වෙනුවට නවීන තැපැල්හල් ඉදි විය යුතු ය. ඒවාට ඔය හැටි ඉඩකඩ ද අවශ්‍ය නැත.

තමන් සතු මෙවැනි ස්ථාන සංචාරක ආකර්ශනීය ස්ථාන බවට පත් කර ගැනීම කළ යුතුව තිබෙන්නේ තැපැල් දෙපාර්තමේන්තුව ම ය. හැබැයි, ඉතින් නො දන්න හෝටල් කරන්නට ගොස් ඇන ගන්නේ නැතුව ඒවා හෝටල් සංස්ථාවට හෝ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට බදු දිය හැකි ය. ඒ ඔස්සේ තැපැල් දෙපාර්තමේන්තුවට ආදායම් ලබා ගත හැකි ය. තැපැල් සේවාවට අමතරව සන්නිවේදනය හා සම්බන්ධ වෙනත් ව්‍යාපාර රැසක් සඳහා යොදා ගත හැකි දේපල තැපැල් දෙපාර්තමේන්තුවට තිබේ.

මෙවැනි තවත් රජයේ ආයතන රැසක් ඇත. ලංගම පෞද්ගලික අංශය සමග ඒකාබද්ධ වී තමන් සතු බස් නැවතුම්පොළ සංවර්ධනය කර ගන්නේ නම්, බස් නො දිව්වත් ලංගම පවත්වාගෙන යා හැකි තරම් වටිනා ඉඩම් එය සතු ය. දුම්රිය දෙපාර්තමේන්තුවත් එවැනි ය.

එහෙත්, මේවා කර ගන්නට බැරි වී තිබෙන්නේ හේතු කීපයක් නිසා ය. එක පැත්තකින් ලංකාවේ රජයේ සේවකයන් යනු වාමාංශික මතවාද කරපින්නා ගත් දක්ෂිණාංශික ජීවිත ගත කරන පාරිභෝජනවාදී මධ්‍යම පංතික පිරිසකි. ඔවුන්ට කිසිවක් වෙනස් කිරීමේ උවමනාවක් නැත. ඔවුන්ට මතවාද ගොඩනගා දෙන ජවිපෙ, පෙසප වැනි වාමාංශික පක්ෂ වනාහි කිසිදු නවීන අදහසක් පිළි නො ගන්නා ගතානුගතික සංරක්ෂණවාදීන් පිරිසකි.

ආණ්ඩුවට කොළඹින් බැහැරට විහිදෙන දේශපාලනයක් හෝ මහජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවලක් නැත. ඒ නිසා යථාර්ථවාදී, ඵලදායී වැඩසටහන් පවා පුහු විරෝධයන් නිසා යටපත් වෙයි. 
Photo Credit: sprecks57.wordpress.com


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඔය නුවර එළියේ තැපැල් කන්තෝරුව තියෙන බිල්ඩිම සංචාරක හෝටලයකට හැරෙන්නවත් මදි නේද? රෙස්ටෝරන්ට් එකකට හෝ පොඩි පහේ "කැවුතුකාගාරයකට" නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ මිනිස්සු හෝටල් කියන්නෙ පොඩි කෑම කඩවලට. ආරියබවාන් හෝටලය, නීලගිරි හෝටලය වගේ ඒවා. එහෙම කෑම කඩේකටනම් මේක ඇති වෙයි. පොඩ්ඩක් මොඩිෆයි කරලා රෙස්ටෝරන්ට් එකක දැම්මනම් තව හොඳයි.

      Delete
  2. Para. Just find some info about postal holiday bungalows... You'll be able to imagine what will happen when postal department tried to open some hotels!!😥😥

    ReplyDelete
  3. මේක පෝස්ට එකට අදාල නෑ.. ඉංග්‍ලිෂ් ගැන ප්‍රශ්ණයක්.
    කව්රුහරි රටේ කී වෙනි ජනාධිපතිද කියලා ඉංග්‍ලිෂ් වලින් හරියටම අහන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍ර‍ශ්නෙ දැන් ගොඩක් කල් ඉඳන් ඉංග්‍රීසි ගුරුවරුන්ව අන්නවන්න ය කියා හිතාගෙන ළමයින් අහන ප්‍ර‍ශ්නයක්. වෙනත් ඉංග්‍රීසි ගුරුවරුන් තමයි ඔය වගේ ප්‍ර‍ශ්න අරයාගෙන් අහන්න ය කියා ළමයින් පොළඹවා එවන්නේ.

      මං දැන් ඉංග්‍රීසි උගන්වන්නේ නැති නිසා මට නම් බය නැතුව කියන්නට පුළුවන් මං දන්නෙ නැහැ කියලා.

      Delete
    2. ඔය ප්‍රශ්නෙදිනම් සුද්දොත් හක්කපටස්
      https://www.englishforums.com/English/TheHowManyeth/gmjx/post.htm

      Delete
    3. "What is ----'s position in the chronological order of presidents?"

      Delete
    4. මේක පැරා අන්නවන්න අහපු දෙයක් නෙවෙයි. මම යන ක්ලාස් එකේ මේක හොයාගෙන එන්න කියපු නිසා ඇහුවේ.

      මම හොයාගත්ත විදිහට
      Where Does the Obama fall in the sequence of US Presidents
      නැත්නම්
      What Number is President Obama.

      මම හිතන්නේ මේ දෙක හරි

      Delete
    5. ඔය විදිහේ expression එකක් english වල නෑ බන්. වහාම වෙන පන්තියකට පලයන්.

      Delete
    6. ///මේක පෝස්ට එකට අදාල නෑ.. ඉංග්‍ලිෂ් ගැන ප්‍රශ්ණයක්.
      කව්රුහරි රටේ කී වෙනි ජනාධිපතිද කියලා ඉංග්‍ලිෂ් වලින් හරියටම අහන්නේ කොහොමද?///

      මෙන්න නිවැරදි උත්තරය ---

      Maithripala Sirisena is President number what?

      Delete
  4. පැරා,

    ඔබ හරිම වැදගත් මාතෘකාවක් තමයි බොලොග් සටහනට යොදාගෙන තියෙනේ, එයට ස්තුතියි!
    අද ලෝකයේ විශාලම විදේශ විනිමය ඉපරිමට අදාළ උපකාරක සේවය මා දකින්නේ ස්තාපිත වෙන්නේ ඕනේ තැපැල් සේවයේ කියල මම ඊට හොද උදාහරණයක් දෙන්නම්.

    //ඒ වෙනුවට නවීන තැපැල්හල් ඉදි විය යුතු ය. ඒවාට ඔය හැටි ඉඩකඩ ද අවශ්‍ය නැත. //

    මම මේ කියන වැඩේට නම ඉඩකඩ උවමනා වෙනවා පැරා, දැන් මම මාතෘකාවට එන්නම්, මේ රජය පත්වෙන කොට කිව්වා ඉලෙක්ට්‍රොනික වානිජ්‍ය ඉහල තත්වයකට ගේනවා කියල, එකියන්නේ භාණ්ඩ හා සේවාවන් අන්තර්ජාලය තුලින් මිලදී ගැනීමට ශ්‍රී ලංකාව තුලත් විදෙශවලත් ඇති මිනිසුන්ට අවස්තාව ලබාදීමයි.

    අද යම් භාණ්ඩයක් අන්තර්ජාලය තුලින් විකිනිමට ඇති ලොකුම බාදාව නිසි තැපැල් සේවයක් නොමැති වීමයි, ඒ කියන්නේ කිසියම් භාණ්ඩයක් ආර්ක්ශාකරිව මිලදීගන්න පුද්ගලයට යැවීමට නිසි ක්‍රමවේදයක් නොමැති වීමයි.

    ඔබ DHL මහින් යමක් පිටරට යවා තියනවනම් සහ යමක් ගෙන්වා තියනවනම් ඔබ දන්නවා ඇති tracking number එකක් ලබාදෙන වග සහ එය ඔබ අදාළ වෙබ් පිටුවට ඇතුළු කල වහාම ඔබට දකින්න පුළුවන් ඔබ ඇනවුම් කල භාණ්ඩය දැන් තියෙන්නේ කොහෙද කියල. මෙය අද චීනයෙන් ගෙන්වද්දී aliexpress වලත් පාවිච්චි වෙනවා, ඔබ දන්නවද මෙවැනි ක්‍රමයක් ඇති කරන්නන කොච්චර අඩු මුදලක් ද යන්නේ කියල මුළු ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වෙන මෙවැනි ක්‍රමයක් සැදීමට ලක්ෂ 100 වැනි මුදලකින් පුළුවන් මිට උවමනා කරන්නේ barcode reader උපකරණත් සාමාන්‍ය අන්තර්ජාලයට සම්බන්ද පරිගණක ජාලයක් (මොබයිල් ඇප් ) පාවිච්චියත් කරන්න පුළුවනි.

    මෙවැනි ක්‍රමයක් හරහා ආරක්ෂාකාරී ලෙස විදේශ වෙළදාම කළහැකි වෙනවා , මෙයට බදවාගන්න සේවකයන්බහුතරයකට විශාල තක්ෂණික දැනුමක් උවමනා නෑ මෙවැනි ක්‍රමයකට තැපැල් හලක ඉඩපහසුව උවමනා කරනවා, අදාළ බදුවල ආරක්ෂාවට CCTV තාක්ෂනය පහසුවෙන් ලබාගන්න පුළුවන්.
    මෙවැනි ක්‍රමයක පහසුවෙන් රක්ෂණ ක්‍රමයක් ලබාගන්න පුළුවන් නම් ඇති විශාල වෙළදාමක් කරන්න පුළුවන්.

    ඔබට මතක ඇති මම PAYPAL ගැන කිව්වම මෙවැනි තැපැල් ක්‍රමයක වැදගත් බව ගැන මම සදහන් කළා.

    ReplyDelete
    Replies
    1. ඉතා වටිනා අදහසක්. අවධානයට යොමු විය යුතුයි. ඒ වුණාට ඉතින් මේ ලංකාවනේ.

      Delete
    2. මේ ලංකාවේ දැනට ERP ක්‍රමයක් හරහා විශාල හෝටලයක් අවම සේවකයන් පිරිසක් යොදා පාලනය කිරීමට දැනුත් මම මෙවැනි ක්‍රමයක් පවත්වාගැනීමට සම්බන්දවි තියනවා.

      මේවයේ කාර්යක්ෂමතාව මම පුද්ගලිකව දන්නවා, කිසිවෙකුට හොරකම් කිරීම පහසු නෑ.

      Delete
    3. නවීන තැපැල් සේවයකට ට්‍රැකින් නැතුවම බෑ, අවශ්‍යතාවක් තියේනම් ලොකු ආයෝජනයක් නොකර මිල අඩු ස්මාර්ට් ෆෝන් යොදා ගෙන ගොඩ යන්න පුළුවන්.

      තැපැල් බෙදන කොල්ලෝ හොඳයි, පාර්සලයක් ගෙනාවම දොර වසා ඇත්නම් කෝල් කරනවා. ස්ට්‍රයික් කරන්නේ කන්තොරුවේ ඉන්න වයිට් කොලර් ජොබ් කරන සීනියර් උන්, ඒකකාරී රස්සාව නිසා බෝරින්ග් වෙලා ඇති, සුද්දගේ කාලේ ඉදන් එන කොළ පුරවන ජොබ් අඩු කරලා, ඉතිරි ටික ලියුන් බෙදන කොල්ලන්ටම බෙදල දුන්නනම් කාර්යක්ෂම වෙයි.

      Delete
    4. Tracking system එක postal එකේ EMS සේවාවෙදී සිදු කරනුලබනවා

      Delete
    5. ඇණයා Nut Man, AnonymousJune 28, 2017 at 1:28 PM,

      ඇත්තටම මේසදහා යන්නේ හිතාගන්න බැරිතරම් සුළු මුදලක් මොකද ලෝකයේ සිටින opensource ක්‍රමයට පරිගණක වැඩසටහන් ලියන ලක්ෂ ගණනක් පිරිස ඉතා වටිනා වැඩසටහන් නොමිලේ හෝ සිතාගත් නොහැකි සුලු මුදලට අලවි කරනව.

      මේවා පාවිච්චිය මහින් පහසුවෙන් මෙවැනි ක්‍රමයකට යන්න පුළුවන්.

      පසුගිය දිනකදී මගේ MacBook Air සදහා vga adapter එකෙක් උවමනා කළා මොකද මේ Apple පරිගණකවල මේ කොටස් මිලදී ගන්න වෙනවා අමතරව මෙහිදී මෙය projector එකෙකෙට උවමනා නිසා වර්ග කීපයක පහසුකම් සහිත එකක් ඕනේ, නමුත් ශ්‍රී ලංකාවේ නියෝජිතයන් ලග තියෙන්නේ මේ වර්ග වෙන වෙනම එකක් රුපියල් 4500 පමණ වෙනවා මේ ජාති කියයක් ගත්තොත් රුපියල් 10000 වැඩි මිලක් යනවා.

      නමුත් මම ඕස්ට්‍රේලියානු EBAY වල මේසියලු පහසුකම් ඇති Apple පරිගණක සදහා පවිච්චි ක්‍රම මේ උපකරනයට යන්නේ රුපියල් 700ක් තැපැල් ගාස්තු ඇතුව . මෙය මම ඇනවුම් කළා තව සති 2කක් පමණ යයි මේ ශ්‍රී ලංකාවේ ප්‍රහසන නිසා.

      මෙන් බඩු ගන්න පුළුවන් නම් ශ්‍රී ලංකාවේ සිදුවන සුරාකෑම අඩුකරගන්න පුළුවන්.

      Delete
    6. ඇණයා...... ලියුම් බෙදන කොල්ලන්ගෙ හොද බලන්න තිබ්බා... ඒවා උදෙට උන්ට දීලා... දවල්ට උන් ආවම ඒවා බෙදලද නැද්ද... ඉතිරි ලියුම් කෝ.. බෙදපුවගෙ අත්සන් කෝ...කියල හොයන අය නොහිටියනම්... ( අත්දැකිමෙන් කියන්නේ )

      Delete
  5. SL has this many presidents in its history; which president is Mr. X?

    ReplyDelete
  6. Para, totally agree with Lankika. A very good example is Australia Post.

    ReplyDelete
  7. A very good example is Australia Post.///////// හි.. හි ...හෝ .. හෝ.

    ලංකාව ඔස්ට්‍රේලියාව කරන්නද හිත්ගෙන ඉන්නේ. මෙ ලොක්කා ඔසී ඉදන් ද බයිලා කියන්නේ

    තව මොනවද ඔසී වගේ ලංකාවේ කරන්න ඕනේ... හැමදෙයක්ම නේද ?

    අඩු ගානේ ඔසී වගේ ලංකාවේ එවුන්ට ක්‍රිකට් ටීම් එකක්වත් තොර ගන්න පුලුවන්ද දේශපාලකයින් නැතිව

    ඔයි! එහෙ ගියානම් ඉන්නවා එහෙ විදිහට එහෙයි මෙහෙයි සංසන්දනය නොකර.මෙහෙ ඉන්න අපිට හින පෙන්නනේ නැතිව

    ReplyDelete
  8. "රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට වික්කම සිංහ නම පට බැඳී ඇත්තේ මාධ්‍ය විසින් හා විරුද්ධ පක්ෂ විසින් ගෙන යන මෙම විකුණන ප්‍රචාරය නිසා ය. "

    මීට වඩා හොන්දයි ලොන්ඩරියක් දාගන්න, රනිල් 2001-2004 කාලෙ විකිනපු විකිනිල්ලට ආන්ඩුව ඉවර වෙනකන් තිබුන නම් ඔක්කොම සුන්.

    චීනෙ ගොඩ ගියේ රජය මෑදිහත් වෙලා කර්මාන්ත ආරම්බ කල නිසා, ඊට පස්සෙ තමයි බහු ජාතික සමාගම් ලාබ ශ්‍රමය හොයා ගෙන ආවෙ, අපෙ වෑඩ බෑරි ටාර්සන් ල එක එකා පස්සෙ ගිහින් මේක සින්ගප්පුරුවක් කරල දෙන්නලු.

    ReplyDelete
  9. mail tracking system එකක් තියෙනවා ඒකට පාස් වර්ඩ් ටිකයි... ඔක්කමලා ලොග් වුනාම සිස්ටම් එක ඩවුන්...ඕකට ඩෙටා දාන්න කන කට්ට දන්නේ නෑ පිට අය. පොඩ්ඩ ඇත්නම් ලොග් අවුට් වෙනවා.. ඩෙටා එන්ට්‍රි ඔපරෙටර්ලා නෑනෙ.. තව වැඩ ගොඩක් අස්සෙ තමා ඕක කරන්නෙත්.
    රබර් සීල් දෙනවට වැඩිම කැමති අපි... අයෙ ඒක ගැන කියන්න ඔනෙ නෑනෙ (ඩෝං ඩෝං කියල දැන් තියෙන සීල් ගහන්නෙ එවා එහෙම තමා ගහන්න ඕනෙ )
    දැනටමත් ලැබිය යුතු පඩියට නොදි .. සේවයට බදවා ගත් නිලයට වඩා පහල වැටුපක් ගෙවන බව පිට අය නොදනී.
    අවශ්‍ය තරම් සේවක පිරිස් බදවා නොගන්නා බව නොදන්නවා ඇත. රජය නිවරදි දේ කරනවා නම් අප පාන්දර 5.30 සේවයට වාර්තා කර සවස 6.30 පමන වනතුරු සිටිමට නොවනු ඇත. (ඕටී සදහා නොවේ)
    රු. 35 ට රෙජිටර් ලියුමක් දවස් තුනක් ගෙදරට අරන් එනවා ගෙදර වහලා නම්...කවුරුත් ඒක කියන්නෑ.. ඕකට හරි ගාන ගත්තනම් :) :) තැපැල් සේවය කියන්නෙ ඒකයි... සේවාවක්... ගොඩක් අඩු පාඩු තියෙනවා... ඒවා හරි ගස්සන්න අමාරු මැති ඇමැතිවරු නිසාම තමා..




    ReplyDelete
  10. //ජවිපෙ, පෙසප වැනි වාමාංශික පක්ෂ වනාහි කිසිදු නවීන අදහසක් පිළි නො ගන්නා ගතානුගතික සංරක්ෂණවාදීන් පිරිසකි.//
    Agreed..
    sinhalabloggala.

    ReplyDelete
  11. තැපෑල පිළිබඳ මතකය මටද ඇත. මෙහි ඇති රාජ්‍ය සේවයට පොදු එහෙත් බරපතළ ලෙස ඇති නිළධාරීවාදය, යල්පැනගිය තැපැල් සේවා ව්‍යවස්ථා, තැපැල් ආඥා පනත, තැපැල් කාර්යාල නීති නවීන සමාජයට ලොවට පිවිසීමට මහත් බාධාවක්. හරිනම් උද්ඝෝෂණ කළයුතු වන්නේ ඒවා වෙනස් කිරීමටය.

    තැපෑල හඳුන්වා දුන් ඉංග්‍රීසීන්වත් එරට තුළ මෙවැනි යල්පිණූ නීති ක්‍රියාත්මක වනවාදැයි සැකසහිතයි. (බ්‍රිතාන්‍ය තැපෑල royal mail පෞද්ගලික අංශයට විකුණා ඇත. එසේම එය දියුණු තැපෑලකි.)

    කෙතරම් දියුණු වුවද රටකට තැපෑල අත්‍යවශ්‍ය සේවාවකි. love letters නොලියන එක වෙනම කතාවකි. සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතන, නෛතික ආයතන බූවල්ලකු ලෙස බැඳී පවතින්නෙ තැපෑල හරහාය. (ඉස්සර කතාවට කියනුයේ තැපැල්සේම වර්ජනය ආණ්ඩු පෙරළීමට වුවද හැකිබවයි)

    තවද විදේශ තැපෑලත් ලංකා තැපෑල කරගෙන යන්නකි. (දැනටමත් විදේශ තැපෑල සඳහා barcode reader tracking system එකක් විශ්ව තැපැල් සංගමය සමඟ ක්‍රියාත්මකයි.). තවද භාණ්ඩ තැපෑල අද ආකර්ෂණීය වෙළඳ⁣පළක් වී ඇත. ebay, amazan වැනි නානාවිධ vertual market ලංකාව තුළ ක්‍රියාත්මක වන්නේ ලංකා තැපෑල හරහාය. (සුළු වශයෙන් පුද්ගලික තැපැල් ජාල හරහාද සිදුවෙයි.)

    තැපෑල මං දන්නා පරිදි paperless වීමට උත්සහයක යෙදෙමින් පවතින අතර දැනටමත් දිවයින පුරා සියලු ප්‍රධාන තැපැල් කාර්යාල පරිගණකගතව (අන්තර්ජාලය හරහා) ජාලගත වී ඇත. එසේම උපතැපල් කාර්යාල ජංගම දුරකථන භාවිතා කර අන්තර්ජාල bhihidora (1919) හරහා SMS ක්‍රමයකින් online base තැපැල් ජාලයට එකතු වී ඇත. (මෙම ක්‍රම දෙකම තැපෑලෙම සේවකයන් දෙදෙනෙකුගේ හඳුන්වා දීමකි.)

    ඔබ විසින් යෝජනා කළ එකතුවීම් වලට එකඟය. එය රැඳීමට මඟකි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා