ගංවතුරෙන් තෙත බරිත ජීවිතය වියළා ගැනීමේ පිංතූර කතාව

කාර්යාලයේ මිතුරු මිතුරියන් විසින් දුන් මුදලින් මිළ දී ගත් පාසල් උපකරණ ටිකක් භාර දීම සඳහා පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඈත කෙළවරක පිහිටි ඉලුක්පොත ගමට ගියෙමි. ආපසු එන අතරේ මෝල්කාව, පාහියන්ගල හරහා බුලත්සිංහලට පැමිණියෙමි.

නාය යාමක් නිසා ජල බැස යන මාර්ග වෙනස් වීමෙන් මෝල්කාව හා බුලත්සිංහල අතර ප්‍රදේශයේ සිදු වී තිබෙන විනාශයේ තරම වචනයෙන් කියන්නට බැරි තරම් සුවිශාල ය.

මේ ඡායාරූපවලින් කියන්නට උත්සාහ කරන්නේ තෙත භරිත ජීවිත වියළා ගැනීමේ දුෂ්කර කතාවේ අංශු මාත්‍රයක් පමණි. මේ ඡායාරූප ගත්තේ මා වුණාට ඒවා අයිති ඒවායේ ඇති ජීවිතය හිමි මිනිසුන්ට ය. වෝටර්මාක් නැත. උපුටා ගන්නවා නම් මෙතැනට බැක් ලින්ක් එක දෙනවා නම් ස්තුතියි. 
දරුවන්ගෙ පාසල් පොත් 
පාර තමයි පිහිට 
තෙත රෙදි වැල් හැම තැනම 
මෙය අවසානයක් නො වන්නට 
ලෙඩ වුණ ටෙඩියෙක් 
කොච්චර කල් රැක ගත් වස්තුව ද?
ඉතින් ආයුබෝවන් 
සේදී ගිය ආර්ථිකය 
පවුල් සෞඛ්‍ය දත්ත 
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි කාර්යාලය වේලා ගනිමින් 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. තෙත බරිත සියළු දේ අතර
    උණුසුම්ව ගැහෙන
    “ජීවිතය“ ඇත

    ReplyDelete
  2. නෑර අත නෑර දිවි මග ගෙනයන්ට
    සූර අති සූර දරු අකුරට යන්ට
    වාර පිට වාර එන දුක ජයගන්ට
    පාර මහ පාර මට පිහිටක් වෙන්ට

    ReplyDelete
  3. උතුරේ මිනිස්සුන්ට ආන්ඩුවේ හමුදාව ගහල ඒ අයගේ මල මිනී වේලන පින්තූර එහෙම ඔහේ ලග නැතෙයි... ඒව දාන්න ධනපති මුදියන්සෙල එපා කිව්වද?

    ReplyDelete
  4. ගංවතුරට ගසා නොගිය ප්‍රශ්න හා ගංවතුර බැස යාමෙන් පසු ඉතිරි වී ඇති ජීවිතය. සංවේදී ඡායාරූප සටහනක්!

    ReplyDelete
  5. තෙමිච්ච පොත් පත් ලෙඛන අව්වේ වේලන්න එපා කියල ලේඛනාරක්ශක දෙපාර්තමේන්තුව දන්වලා තිබුනා.. මේ අයට (දැනගතයුතුම අයට) ඒ පණිවුඩ යන්නේ නෑ කියන එකට තව උදාහරණයක්

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ මේ මිනිසුන්ට වෙන විකල්ප නැහැ.

      Delete
    2. ඔය ලේකන ආරක්ශකයො ලොකු ටෝක්ස් දෙන්නෙ ඒ අය ළඟ තියෙන වටිනා ලියකියවිලි තෙමුනාම වේලන විදිය. ඒ ඇරෙන්න වෙන දෙයක් එයාල දන්නෙ නෑ.
      මේ ළමයින්නෙ පොත් මේ අවුරුද්ද අවසන් වෙනකල් තිවුනොත් ඇති.
      ඒ නිසා අවුවට වේලාගන්න එක තමයි හොඳම සහ ලේසිම ක්‍රමේ

      Delete
    3. කුවද බන් මෙහාට හෙයාර් ඩ්‍රයර් දෙන්නේ. අවුරුදු 5ක් විතර ගියලු දිහාවක්.

      Delete
    4. ලිපිය මුහුණු පෙතේ දාන්න අවසර දෙනවාද?

      Delete
    5. මේ ඡායාරූප ගත්තේ මා වුණාට ඒවා අයිති ඒවායේ ඇති ජීවිතය හිමි මිනිසුන්ට ය. වෝටර්මාක් නැත. උපුටා ගන්නවා නම් මෙතැනට බැක් ලින්ක් එක දෙනවා නම් ස්තුතියි.

      Delete
    6. AnonymousJune 7, 2017 at 10:32 AM

      කාබන් තීන්ත වලින් ලියපු සටහන් අව්වේ වෙලුවම බොඳ වෙනවා.. කියවගන්න බෑ. අන්න එකයි අව්වේ නොවෙලන්න කියන හේතුව.. සටහන් බොඳ වෙලා පොත වේලිලා වැඩක් නෑනේ.. නමුත් නිවැරදිව වේලාගන්න එක හුඟක් ශ්‍රමය හා කාලය යන වැඩක්.. ඒ ගැන දැනුමත් අවශ්‍යයි..

      Delete
  6. අනේ දෙවියනේ..හිත හිර වෙන දර්ශන

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා