බෝම්බෙ පින් එක ඇදලා ඉවරයි හිටං

1989 
දොස්තරලාගේ විරෝධය තියෙන්නේ මූලිකව ම සයිටම් එකට. ඒක තනිකර ම තම ආධිපත්‍යය හා සූරාකෑමේ අවස්ථාව සුරක්ෂා කර ගන්නට කරන දෙයක් බව පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන්.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියන්නේ ජවිපෙන් ගිලිහිලා නන්නත්තාර වෙමින් සිටි පක්ෂයක්. ඔවුන්ට බලය සම්බන්ධයෙන් ලොකු සැලසුම් හැදීමේ හැකියාවක් දැනට නැති වුණත්, සයිටම් කේස් එක ඇදගෙන ගියොත්, ජවිපෙ වමෙන් ඉස්සර කරගන්න චාන්ස් එකක් තිබෙන බව ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒකට අවශ්‍ය ශිෂ්‍ය මළමිනී කීපයක් විතරයි.

නඩුහබ නිසා දෙකට දෙවාරේ ඉන්න රාජපක්ෂ කල්ලියටත් කොහොමින් කොහොම හරි ආපහු බලය අවශ්‍ය නිසා මේගොල්ලන් අවුළුවන ගින්නෙන් රටේ ඇති වන අරාජිකත්වය ඔවුන්ටත් නියම අවස්ථාවක්.

මේකෙන් නිර්මානය වන මර්දනකාරී පසුබිය ඡන්දයකට යන්නට බයේ ඉන්න රනිල්ලාට, මෛත්‍රීපාලලාටත් නරක යයි හිතන්නට බැහැ. ඔවුන්ට අවශ්‍ය මට්ටමට හමුදාව, පොලිසිය කුපිත කර ගැනීමට මේ වන විට අන්තරේ කට්ටිය සමත් වෙලා තිබෙනවා. මේ වන විට පීඩනයට පත් වෙලා සිටින ජනතාව ආණ්ඩුවට බල කරන්නේ ඇයි ක්‍රියාත්මක නො වන්නේ කියලායි. හිතන්නකෝ මේක පාවිච්චි කරලා හදිසි නීතිය එහෙම දාගෙන හමුදාව, පොලිසිය ආපහු බලවත් වුණොත් ඇති වන තත්වය. තැටිය රත් වෙලා තියෙන මේ වෙලාවෙ හෙට අනිද්දා ඥානසාරලා, චම්පිකලා, විමල්ලා, දිනේෂ්ලා, මහින්දලා එහෙම ජාතිවාදී රොටියක් පුච්ච ගන්නට හැදුවොත් පුදුම වෙන්න එපා.

ඔය අතරෙ අමතක කරන්න එපා දකුණ අරාජික කරන්නට බලාගෙන ඉන්න දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන්ටත් මෙය ස්වර්ණමය අවස්ථාවක් බව.

අපි වැඩ කරන මිනිසුන් වශයෙන් කැකුණ තලන වල් ඌරන් ගැනත්, මඟුල් කන හබන් කුකුළන් ගැනත් අවදියෙන් සිටිය යුතුයි.

පහත දැක්වෙන ලිපිය මා උපුටා දක්වන්නේ එය පවතින තත්වය ගැන හොඳ විශ්ලේෂණයක් නිසායි. අද රටේ පවතින කලබලවල විවිධාකාරයේ පාර්ශ්වකරුවන් වී සිටින බොහෝ අයට 1989 වගේ යුගයක් ගැන මතකයක් නැහැ. ඒ නිසා නැවත නැවත සිදු වෙමින් පවතින සමාන සිදුවීම් තේරුම් ගන්නට අවශ්‍ය ඥානය ඔවුන්ට නැහැ. මේවා සිදු වන හැටි හොඳින් දන්න ඇතැම් පිරිස් වාසි තකා හෝ ලාංකිකයන්ට සුපුරුදු අමතක වීමේ රෝගය නිසා නො කියන කතා ගොඩක් නැවත මතක් කරමින් ලියූ ලිපියක් මේ.

දැන් බෝම්බෙ පින් එක ඇදලායි තියෙන්නෙ. සයිටම් එක රජයට ගත්තාත් දැන් මේක අවසන් වෙයි කියලා හිතන්නට බැහැ. ලංකාවට බුදු සරණයි!

මරාගෙන මැරෙන්නට පෙර...


සයිටම් විරෝධී අරගලය මරාගෙන මැරෙන සටනක් බවට පරිවර්තනය වෙමින් ඇති බව පෙනෙන්නට තිබේ. එය කණගාටුදායක තත්ත්වයකි. මේ ගැන ලිවිය යුතු බොහෝ දේ වෙනත් තැන් වල ලියැවී ඇතත්, කරුණු සිදුවේගෙන යන ආකාරය පෙනෙන විට යමක් නොලියා සිටිය නොහැකිය.

මේ අරගලයත්, අසූව දශකයේදී උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ඇරඹුණු අරගලයත් අතර බොහෝ සමානකම් ඇති අතර කැපී පෙනෙන වෙනස්කම්ද තිබේ. සයිටම් විරෝධී අරගලයේ ශක්තිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රමුඛ වෛද්‍යවරුන් වුවත්, එහි ගාමක බලවේගය වන්නේ විශ්ව විද්‍යාල සිසුන්ය. ඔවුන් පසුපස සිටින දේශපාලන බලවේගය පෙසපෙ විය යුතුය. එහෙත්, අරගලයට සම්බන්ධ සරසවි සිසුන්ගෙන් බහුතරය වැඩිම වුනොත් පෙසපෙට අනුකම්පාව දක්වන්නන් මිස පෙසපෙ කාඩර් වරුන් හෝ සාමාන්‍ය සාමාජිකයින් විය නොහැකිය.

අරගලය හා සම්බන්ධව සිටින වෛද්‍යවරුන් බොහෝ දෙනෙකුගේ ප්‍රශ්නය වෘත්තීය (ආර්ථික) ප්‍රශ්නයක් වුවත්, සංගමයේ නිලධාරීන්ට දේශපාලන අරමුණුද ඇති බව පෙනේ.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පැන නැඟුණු අරගලය හා එයින් පසුව සිදුවුණු ක්‍රියාදාමය අවසන් වුණේ 1989 පමණ වෙද්දීය. පෞද්ගලික අත්දැකීම්ද ඇතුළුව මේ කාලය ගැන ලියන්නට ඕනෑ තරම් දේවල් ඇතත් කෙළවරක් නැති ලියවිල්ලක් විය හැකි මෙය අපි අනාගතයට තබමු. එතැන් සිට, මේ වන තුරු, වසර 28ක් ගෙවී ගොස් තිබේ. අද වයස අවුරුදු 35ක් වන අයෙකු ඒ වන විට අවුරුදු හතක දරුවෙකි. සයිටම් විරෝධී අරගලය වෙනුවෙන් පෙළ ගැසී සිටින සරසවි සිසුන් සියලු දෙනාම වාගේ ඒ යුගයෙන් පසුව ඉපදුණු අයයි. සයිටම් විරෝධී තරුණ වෛද්‍යවරුන්ගෙන් කොටසක්ද ඒ යුගය ගැන මතකයක් නැති අයයි. 

සම්පූර්ණ ලිපිය මෙතනින්

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඉකොනොමැට්ටා හොඳ විශ්ලේෂණයක් කර තියෙනවා. එහෙම කළ හැකි අය ඉන්නේ ඉතා ටික දෙනයි. ඒක පැරාට කරන්න බැරි දෙයක් බව පැහැදිළියි.

    ඉකොනොමැට්ටාගේ විශ්ලේෂණය අවසන් කර ඇත්තේ මෙලෙසයි.
    1. http://economatta.blogspot.com.au/2017/06/blog-post_23.html
    "සයිටම් විරෝධී බලවේගය විශාල බලවේගයක් නොවූවත්, සයිටම් වෙනුවෙන් පෙනී සිටින්නට රට තුළ එතරම්වත් පිරිසක් නැත. සයිටම් යනු රටේ බහුතරයකට තිබුනත් කමක් නැති, නැතත් කමක් නැති නොවැදගත් දෙයකි. ආණ්ඩුව විසින් ත්‍රස්තවාදයට හිස නැමිය යුතු නැතත් සයිටම් යනු ආණ්ඩුව විසින් ඕනෑම මිලක් ගෙවා රැකගන්නට තරම් වටිනා දෙයක්ද නොවේ. ඒ නිසා, සයිටම් වෙනුවෙන් තවත් පරම්පරාවක් ගඟේ යවන්නටද අවශ්‍ය නැත."

    2. ඉකොනොමැට්ටා Economatta :: June 24, 2017 at 10:49 AM
    "පෞද්ගලික අධ්‍යාපන ආයතන බිහිවීමෙන් රටට දිගුකාලීන වාසි රැසක් තිබෙනවා. එහෙත්, සමාජයෙන් විශාල ප්‍රතිරෝධයක් තියෙනවානම් සමාජය පරිණාමය වී පෞද්ගලික අධ්‍යාපන ආයතන පොදු සමාජයේ ඉල්ලීමක් වන තුරු එය ප්‍රමාද කළ යුතුයි."

    ReplyDelete
    Replies
    1. //සමාජයෙන් විශාල ප්‍රතිරෝධයක් තියෙනවානම් ...//

      සමාජයෙන් නම් විෂාල විරෝදයක් නෑ... ලංකාවේ පෞද්ගලික අධ්‍යාපන ආයතන දශක ගනනාවක් තිස්සෙ තිබුනා... විරෝදය තියෙන්නේ විවිධ අරමුනු නිසා අනාරක්ශිත භාවයන්ගෙන් යුතු කල්ලි කිහිපයකට විතරයි... දේශපාලන පක්ෂ ඒ කල්ට් පාවිච්චි කරනවා....

      Delete
    2. පේරාදෙණියේ අය කොහොම ඔලුව වටේ අත දැම්මත් අල්ලන්නේ ඔය කණ තමයි ලොක්කෝ. එයාලගේ ළමයි පීටර ඉගෙන ගන්න හින්ද අනුන්ගේ ළමයින්ට ඉගෙන ගන්න චාන්ස් නැති උනාට කමක් නෑ එයාලට. රටින් පිට ගිහින් වැල් බයිලා ගහන පොරවල්. රටේ ඉන්න එවුන්ට බැරි මොකද විශ්ලේෂණය කරන්න ?

      Delete
    3. මේ වාක්‍ය කීපය අනුව ඉකොන් කෙසේ වෙතත් මැට්ටෙක්

      Delete
    4. //ඒක පැරාට කරන්න බැරි දෙයක් බව පැහැදිළියි.//

      අනේ මන් දන්නෑ රසික. ඔයා තරම් ට්‍රිවියල් තිංග්ස් අල්ලගන්න පුලුවන් කෙනෙක් මම නම් ලොවෙත් දැකලා නැහැ. (මමත් මෙතන අල්ල ගත්තේ ට්‍රිවියල් දෙයක් තමයි. ඒත් නොදැක්කා වගේ ඉන්න බැරිවුන නිසා.) ඔය වාක්‍යය එක එක විදියට කියවන්න පුලුවන් ඇති. නමුත් ඉතින් ඔය වචන 5 - 6, ඔබ පලකරන අදහස කියන්න කියන්නම ඕන ඒවාද ?

      ඉකොනොමැට්ටාගේ විශ්ලේශනය විශිශ්ඨයි, තොරතුරු සහිතයි. ඒ ගැන විවාදයක් නැහැ. ඒත් ඔය කාලේ ඔය සංවිධාන ඇතුලේ හිටපු පැරාට මේ වගේ විශ්ලේශනයක් කරන්න බැරි යැයි ඔබ කියන්නේ කොහොමද? / මොකටද?

      - Dimithri

      Delete
    5. මං ඇත්තෙන්මත් හිතන්නෙ මට වඩා හොඳට ඉකොනොමැට්ටා ඒක ලියා තිබෙනවා කියලායි. මම ලියන ශෛලිය වෙනස් නේ.

      අනෙක ඉතින් කලුතර පාලම යටින් පොල්ලෙල්ලක් ගියාට දැනෙන එකක් යැ. මේ මං අහලා තිබෙන අවමන්වල හැටියට.

      Delete
    6. ඩිමිත්‍රි (සහ පැරා),

      ට්‍රිවියල් වේවා නොවේවා මා සැම විටම ලීවේ මගේ අවංක අදහසයි.

      මා "හොඳ" යනුවෙන් අදහස් කළේ අපක්ෂපාතී සහ කම්ප්‍රිහෙන්සිව් යන්නයි.

      මේ ප්‍රශ්නයේ දී පැරාට එවැන්නක් ලිවීමට බැරි ඔහු මේ වන විට මේ ගැන ලියා මා කියවා ඇති සියළු දේ ම ඒක පාර්ශවික, එනම් සයිටම් පාක්ෂික, ජී එම් ඕ ඒ විරෝධී, ශිෂ්‍ය සටනට විරෝධී, එස්බී/රාජිත පාක්ෂික නිසායි.

      Delete
    7. මං හිතන්නෙ ඉකොනොමැට්ටායි මායි දරන ස්ථාවරයන් අතරෙ ලොකු වෙනසක් නැහැ. ඔහු මේකට සෙට්ල්මන්ට් එකක් යෝජනා කරනවා. මා වුණත් මේ වෙලාවේ එවැනි සෙට්ල්මන්ට් එකකට අකැමැති නැහැ.

      Delete
    8. //මං හිතන්නෙ ඉකොනොමැට්ටායි මායි දරන ස්ථාවරයන් අතරෙ ලොකු වෙනසක් නැහැ.//

      ඔව්, ලොකු වෙනසක් නැහැ. මම ලංකාවේ දේශපාලනය ගැන ලියන්නේ එයට පිටින් සිටින පුද්ගලයෙකු ලෙස. එය මම කරන්නෙත් නොකරම බැරි තැනකදී පමණයි. පැරා වගේ මේ සිදුවන දේවල් ඇතුලෙ හිටියනම් මම ලියන විදිහ වෙනස් වෙන්න තිබුණා.

      //සමාජය පරිණාමය වී පෞද්ගලික අධ්‍යාපන ආයතන පොදු සමාජයේ ඉල්ලීමක් වන තුරු//
      මගේ කමෙන්ටුවක ඇති මේ දෙය නිකම්ම සිදු වෙන්නේ නැහැ. ආණ්ඩුව රටේ පොදු සමාජයට වඩා ඉදිරියෙන් හෝ පිටුපසින් සිටිය යුතු නැති වුනත් ආණ්ඩු බලය ඇති දේශපාලන පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ වලට, සංවිධාන වලට හා තනි පුද්ගලයින්ට (තමන් ඉදිරිය කියා සිතන දෙය අනුව) එසේ ඉදිරියෙන් සිටිය හැකියි හා සිටිය යුතුයි. එහිදී, තමන් නිවැරදියි කියා සිතන කෙනෙක් ඒකපාර්ශ්වික හෝ අන්තවාදී වීමට බිය යුතු නැහැ. මේ වෙලාවේ රජයට පිටින් සයිට්ම් පාක්ෂිකයින් සිටින්නේ (සරල වචනයක් පමණයි. මෙයින් අදහස් කරන්නේ පුළුල් ලෙස අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින අය මිස සයිටම් වෙනුවෙන් පෙනී සිටින අය නෙමෙයි) සීමිත පිරිසක්. ඔවුන් සංවිධානය නොවුණු තනි පුද්ගලයින්. ඒ ටික දෙනාත් නොසිටියානම් මතු වී තිබෙන සංවාදය මීට වඩා ඒකපාක්ෂික වෙනවා.

      රසික විසින් උපුටාගෙන ඇති කොටසින් මා අදහස් කළේ ඉලක්කය වඩා යහපත් දෙයක් වුවත් ඒ සඳහා ගෙවිය යුතු මිලට වඩා වැඩි මිලක් ගෙවිය යුතු නැති බව පමණයි. නමුත්, ඒ හේතුවෙන් ඉලක්කය අතහැර දැමිය යුතු නැහැ. සයිටම් තිබුණත් නැතත් සයිටම් වලට තිබුණු අවකාශය කොයි වෙලාවේ හෝ පිරෙන එක වලක්වන්න බැහැ. මේ අවකාශය එන්න එන්නම පුළුල් වන අවකාශයක්. ඒ අර්ථයෙන් සයිටම් වෙනුවෙන් පෙනීසිටීම (කොන්දේසි විරහිතව නොවූවත්) ඉදිරිගාමීයි.

      නමුත් මේ වෙලාවේ ප්‍රශ්නයට ඉතා සැලකිල්ලෙන් මුහුණ දිය යුතුයි. මෙය ගෙදර ගියොත් අඹු නසී මඟ හිටියොත් තෝ නසී වගේ ප්‍රශ්නයක්. දශක තුනක් තුළ මතු පිටින් බොහෝ දේ වෙනස් වී තිබුණත් ඇතැම් වාස්තවික තත්ත්වයන් වෙනස් වී නැහැ. 1988/89 කාලයේ ජීවත් වූ බොහෝ දෙනෙක් පවා හරියටම සිදු වුනේ කුමක්ද කියා දැක්කේ හෝ විනිවිද දැක්කේ නැහැ. ඒ නිසා ගොඩක් අයට සම්බන්ධතා හඳුනාගැනීම අපහසුයි. ප්‍රශ්නයේ එක් පැතිකඩක් සයිටම් නොවන නිසා සයිටම් සටන අවසන් වුනත් ඒ වෙනුවට එක්ටා වැනි වෙනත් දෙයක් වුවත් ආදේශ විය හැකියි.

      Delete
    9. //එනම් සයිටම් පාක්ෂික, ජී එම් ඕ ඒ විරෝධී, ශිෂ්‍ය සටනට විරෝධී, එස්බී/රාජිත පාක්ෂික නිසායි....//

      පටු මතවාදී මර්ධකයො/ ඊර්ශියාකාරයො, අන්තවාදී වම්මු එක්ක මතවාදීව හැප්පෙද්දි "අනේ අපි මධ්‍යස්තයි මෙයාල ඒනිසා මෙන්න ඔයාටත් ටිකක් බැනල ලිව්ව, මෙයාලටත් ටිකක් බැනල/ හොද කියල ලිව්ව..." කියල බබා හුකුන් නලවන්න බෑ කියල ඕස්ට්‍රේලියාවෙ ඉදන් බ්ලොග් ලියන්නෙඋට වඩා ප්‍රවීන මාධ්‍යවේදී පැරා දන්නවා යැයි සිතමි..

      පැරා සයිතම් එකට පක්ෂපාතීව ලියන්නේ මොන වැරදි තිබ්බත් නියාමනය කිරීම විනා ඒක රජයට පවරාගැනීම හෝ වසාදැමීම විසදුමක් නොවන නිසා....

      GMOA එකට ගහන්නේ උන් රෝගීන්ගේ ජීවිත ඇපයට තියාගෙන තමන්ගේ පටු අයිතීන් වෙනුවෙන් උද්ගෝෂනය කරන අන්තවාදීන්ගෙන් පිරුනු කල්ලියක් නිසා...

      ලංකාවේ "ශිෂ්‍ය සටන්" කියන්නේ ජනතාවගේ බදුමුදලින් විෂ්වවිද්‍යාලවල ඉගෙනගන්නා ගමන් නවකවදයේ ඉදන් මෘදු ත්‍රස්තවාදය දක්වාම තම අරමුනු වලත යොදාගන්නා විෂ්වවිද්‍යාලවල භීෂනය පතුරවන මදාවි කල්ලියක චන්ඩිකම් පමනයි. "මධ්‍යස්ත වීම" කියා මේවාට කිරිපෙවීමට පැරාට පිස්සු නැතිව ඇති..

      පැරා රාජිතට හෝ එස්බීට කෙලින්ම පක්ෂපාතීව ලියූ ලියවිල්ලක් මා නම් දැක නැත...

      පලි: රාජපක්ෂ ත්‍රස්තවාදය තිබූ කාලයේත් පැරා ඇතුලු විකල්ප මතධාරීන් මැදමූලන ත්‍රස්තවාදියාව විවේචනය කරද්දී "ඔයාල මධ්‍යස්ත නෑනෙ" කියූ කෙදිරිල ඇසුනා අපිට මතකය...

      Delete
    10. ඔය ටික තමයි අමු ම අමු ඇත්ත. ඒ වුණාට ඒවායේ නායකයන් පවා ඔය ඇත්ත තේරුම් නො ගන්නා නිසායි අපට මෙහෙම දිගින් දිගට ම ඒවාට එරෙහිව ලියන්නට අරගල කරන්නට වෙලා තියෙන්නේ. මේ සියල්ල වාමාංශික භාෂාවක ඔතලා තමයි සමාජය රවටන්නේ.

      Delete
    11. මා චචන කිහිපයකින් දැක්වූ අදහසක් මෙතරම් අදහස් හුවමාරුවක් වීම සතුටට කරුණක්.

      මා දෙවෙනි කමෙන්ටුවේ දී "එස්බී/රාජිත පාක්ෂික" යනුවෙන් අදහස් කළේ, එහි දී ද කියා ඇති පරිදි "මේ ගැන ලියා මා කියවා ඇති" යන සීමාව ඇතුළත යි. මා දැක ඇති පරිදි සටිටම් කාරණයේ දී ආණ්ඩුවේ දේශපාලුවන් අතරින් දැඩි ලෙස සයිටම් පාක්‍ෂික වූයේ ඔවුන් දෙදෙනා යි.

      එසේ නොමැතිව, කීයටවත්, පැරා එස්බී/රාජිත පාක්ෂිකයෙකු යැයි කියන්නට නම් නොවේ.

      පැරා ඉතිං තෙවරප්ඵෙරුම පාක්‍ෂිකයා නොවැ!

      ;-)

      Delete
  2. රටින් පිට ගිහින් වැල් බයිලා ගහන පොරවල්. ...

    .උන් බයිලා කියන්නේ නැත්නම් අපි කොහොමද ඒ රටවල් හොඳයි කියලා දැනගන්නේ. ඒගොල්ලෝ කනවිදිහ පාවිච්චිකරන කාර් .රැකියා වල තිබෙන වැදගත් කම දවල් කෑම පැයේ කරන කියන දේවල්. සති අන්තයේ ලංකාවේ භාෂාව ,සංස්කෘතිය රැකගන්න කරන කැපවීම තව ලංකාව් දෙශපාලන සුදුස්සන් තොර ගන්න ලංකාවේ ජිවත්වන අපට උපදෙස් දෙන්න තව තව දේවල් ඈයි පිට රට පදිංචියට ගියත් ලන්කාව්දී කළා වගේ එහෙ ඉන්න එවුන් ව කොටවලා බෙදා වෙන්කරගැනීම අම්මෝ තව කප්පරක් ........

    ReplyDelete
  3. පැරා...රාජිත ඖෂධ වල මිල පහත දැමීම නිසාත් මෙම GMOA දොස්තර මාෆියාවට හොඳටම රිදිලනෙ ඉන්නෙ. ඒකෙ පලියත් ගන්න නේද එයාල ඔය තරමටම දගලන්නෙ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා