පෞද්ගලික අධ්‍යාපනය හා සෞඛ්‍යය ගැන ජනමතවිචාරණයක් පවත්වනු



මට සයිටම් විශ්වවිද්‍යාලය අදාළ නැත. එහෙත් මා ඉතා විවෘතව ම පෞද්ගලික අධ්‍යාපනයට පක්ෂ ය. සයිබර් වරිගේ උණ්ඩියා විවෘතව ම කියන්නේ තමන් උසස් අධ්‍යාපනය ලැබූ හා උසස් ජීවිතයකට මග සලසා ගත් අධ්‍යාපන ක්‍රමය වනසන්නට උත්සාහ කරන්නන්ට තමන් විවෘතව ම එරෙහි වන බවයි.

අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් නොවන බව අලුත් දැනුමක් සේ කියන පණ්ඩිතමානී මුග්ධයන්ට චමීර ජීවන්ත දෙද්දුවගේ මෙය ඉතා සරල ලෙස න්‍යායිකව පැහැදිලි කර දෙයි. ඔහු පවසන්නේ අධ්‍යාපනය වෙළඳපොළේ විකිණිය හැකි දෙයක් නො වන මුත් අධ්‍යාපනයට මිළක් ද ඇති බවයි. 

තමන් සයිටම් විරෝධීන් යයි කියන රජයේ විශ්වවිද්‍යාලවලින් නොමිළේ අධ්‍යාපනය ලැබීමේ වරප්‍රසාදය ලබා ගත් මධ්‍යම පංතික කොටස් කියන්නේ උසස් අධ්‍යාපනය තෝරා ගත් පිරිසකට පමණක් රජයේ වියදමින් පමණක් දිය යුතු බව හා සෙසු පිරිසට නො දිය යුතු බවයි. 

මෙම තෝරා ගත් පිරිස තෝරා ගැනෙන්නේ කෙසේ ද යන්න නිවැරදිව තේරුම් ගත යුතු ය. මන්ද, මොවුන් පවසන්නේ රජයේ විශ්වවිද්‍යාලවල ඉන්නේ දුප්පත් දෙමව්පියන්ගේ දරුවන් ය කියා ය. 

රජයේ විශ්වවිද්‍යාලවලට වැඩිපුර ළමයින් යන්නේ රටේ ප්‍රධාන පෙළේ පාසල්වලිනි. රටේ ප්‍රධාන පෙළේ පාසල්වලට ළමයින් ඇතුළත් වීමේදී වැඩි ම වරප්‍රසාද ලබන්නේ ප්‍රධාන පාසල් ආසන්නයේ මිළ අධික ඉඩම්වල පදිංචි, ආදි ශිෂ්‍ය සංගම් හරහා දොළ පිදේනි දිය හැකි, රජයේ සේවකයන්, හමුදා සාමාජිකයන් ආදීන් වීම නිසා හෝ කෙසේ හෝ කලින් එම පාසලට දරුවකු ඇතුළත් කර ගැනීමට සමත් වීමේ සහෝදර පදනම නිසා විශේෂිත තත්වයට පත් වන අයයි. මෙම පිරිසෙන් බහුතරය මධ්‍යම පංතිකයෝ ය. ප්‍රධාන පෙළේ පාසල්වලට ඇතුළත් වන දරුවන්ගෙන් වැඩි පිරිසක් රජයේ විවිධ මට්ටම්වල තනතුරු දරන අයගේ දරුවන් ය. 

වැඩ කරන ජනයාගේ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා අහිමි වන්නට පටන් ගන්නේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීමේදී ම ය. 

ඊළඟ කඩඉම පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයයි. එයින් ද වැඩිම පිරිසක් සමත් වන්නේ දිවයිනේ ප්‍රධාන පාසල්වලිනි. එයින් සිදු වන්නේ ප්‍රධාන පාසලෙන් ඊට වඩා ප්‍රධාන පාසලකට දරුවන් මාරු වීමයි. ගම්බද පාසල්වල අසාමාන්‍ය දක්ෂතා ඇති සුබග දරුවන් අතළොස්සකට ද පහේ ශිෂ්‍යත්වය නිසා හොඳ පාසල් ලැබේ. එහෙත්, ලෝකයේ තිබෙන වඩාත් ම තරගකාරී, ළමා මනසට කිසි සේත් ම ඔරොත්තු නො දෙන විභාගය වන පහේ ශිෂ්‍යත්වයෙන් ද වැඩිපුර සමත් වන්නේ ගමේ පාසල්වල දරුවන් නො ව, වඩා හොඳ පාසල් දැනටමත් ලැබී තිබෙන, වඩා හොඳ ටියුෂන් ලබා ගැනීමේ හැකියාව තිබෙන දරුවෝ ය. 

දුප්පත් හා වැඩ කරන ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා අහිමි වීම ආරම්භ වන්නේ එතැනිනි. ඔය නිදහස් අධ්‍යාපනයේ පතාක යෝධයන් කිහිපදෙනෙකු අධ්‍යයනය කර බලන්න. ඔවුන් ගොස් තිබෙන්නේ ඉහළ පෙළේ පාසල්වලට ය. ඔවුන්ගේ දරුවන් ද යන්නේ එවැනි පාසල්වලට ය.

මා ජීවත් වන්නේ ගමක ය. මා පාසල් ගියේත් සාමාන්‍ය ගමේ මහා විද්‍යාලයකට ය. මගේ ළමයින් යන්නේ ද එවැනි එකකට ය. මට මගේ දරුවන් සයිටම් යවන්නට කෝටි ගණන් සල්ලි ද නැත. එසේම, ජීවිතය යනු කෙසේ හෝ වෛද්‍යවරයකු වීම, ගොඩක් මුදල් හම්බ කිරීම හා බලවතකු වීම ය යන අදහස් අපි අපේ දරුවන්ට පවුල තුළින් ලබා දෙන්නේ ද නැත. එහෙත්, මම පෞද්ගලික අධ්‍යාපනයට පක්ෂ වෙමි. 

එය⁣ට පැහැදිලි  හේතුවක් ඇත. 1989 කැරැල්ල නිසා අප⁣ට උසස්  අධ්‍යාපනය අහිමි විය. අපට නම් ජීවිත හෝ ඉතිරි විය. දස දහස්  සංඛ්‍යාත තරුණ පිරිසකට ජීවිත අහිමි විය. අප⁣ට උසස්  අධ්‍යාපනය අවශ්‍ය වන වි⁣ට ඒ සඳහා අවස්ථා සීමිත විය. අධ්‍යාපනයේ නිදහස යනු නිදහස් අධ්‍යාපනය පමණක් නොව තෝරා ගැනීමට තවත් අවස්ථා තිබීමයි. නිදහස් අධ්‍යාපනයේ පියා වන කන්නන්ගරයෝ ද පෞද්ගලික අධ්‍යාපනය අහෝසි කළේ නැත. ඔහු රාජ්‍ය අධ්‍යාපනය ශක්තිමත් කළේ සැම⁣ට අධ්‍යාපනය තහවුරු කරන්නට ය.

සයිටම් ව්රෝධයේ පටු අරමුණු කාටත්  පැහැදිලි ය. ජවිපෙ සමග බල අරගලයක සිටින පෙරටුගාමී සමාජවාදී  පක්ෂය අත ගසා තිබෙන්නේ ඉතා භයානක ක්‍රීඩාවකට ය. දොස්තර සංගමය සෙල්ලම් කරන්නේ තනිකර පටු අරමුණු හා රාජපක්ෂ බල ව්‍යාපෘතිය වෙනුවෙනි. 

රබර් සෙරෙප්පු දැමීමට බල කරන නවක වධයට බඳුන් කර ඇති නවක සිසුන් ත්‍රස්තවාදයට යොමු කරමින්, රජයේ ප්‍රජාතන්ත්‍රවාදයේ හා ආරක්ෂක අංශවල සාමකාමිත්වයේ  සීමා පරීක්ෂා කරන මේ භයානක සෙල්ලම අවසන් වනු ඇත්තේ තවත් තරුණ පරම්පරාවක විනාශයෙනි. 

1971, 89 කැරැලි ගැන ඇත්ත නොදත් මෙම තරුණයන් නොමග යවා බිලි  පුදට තල්ලු කර තම අරමුණු ඉටු කරගන්නට උත්සාහ කිරීම කෙතරම් දුෂ්ට ක්‍රියාවක් ද?

මෙම ප්‍රශ්නයේදී රජය ත්‍රස්තවාදයට හිස නමන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදය හා සාමකාමී පුරවැසියන් පාවා දීමකි.

මෙම ප්‍රශ්නය විසඳීමට අපි පහත සඳහන් යෝජනාව කරන්නෙමු. පෞද්ගලික  අධ්‍යාපනය හා සෞඛ්‍යය රටට අවශ්‍ය ද නැද්ද  යන්න ගැන ජනමතවිචාරණයක් වහා පවත්වන්න.

මේ රටේ ජනතාවට මේ පිළිබඳ අදහස් දක්වන්නටත්, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තීරණ ගැනීමටත් එයින් අවස්ථාව උදා වනු ඇත.

සයිටම් ප්‍රශ්නයේ තීව්‍රත්වය ගැන බර්ටි රණවීරගේ ලියූ සටහන බෙල්ල යන සයිටම් ගෝරිය මෙතනින්. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. නෙලුම් යාය පදනනමේ සමාජ සත්කාර ඒකකය මගින් රබර් සෙරෙප්පු /අබලන් පාවහන් අහිමි
    රබර් සෙරෙප්පු දැමීමට කැමති තමන් සයිටම් විරෝධීන් යයි කියන රජයේ විශ්වවිද්‍යාලවලින් නොමිළේ අධ්‍යාපනය ලැබීමේ වරප්‍රසාදය ලබා ගත් සිසුනට ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටුමු.
    මෙයට
    දොස්තර සංගමය

    ReplyDelete
    Replies
    1. Ha ha ha

      Well said. The Lotus CSR team has another chance to earn some money. They will collect million rupees & donate Rs. 5,000 worth used slippers & show off like donated 2-3 million worth stuff. How funny these clowns ������

      Delete
  2. ඔය සෙරෙප්පු කාරයන්ව මෙහෙයවපු එක නායකයෙකුගේවත් සෙරෙප්පුවක් ඔය සෙරෙප්පු ගොඩෙන් හොයල දුන්න කෙනෙකුට 'රත්තරං සෙරෙප්පුවක්' තෑගී දෙනු ලැබේ.

    ReplyDelete
  3. අනේ ඔය චන්ඩි සිස්සයෝ ටික අවුරුදු දහයකට දොළහකට කලින් හිටිය නං.
    ප්‍රභාකරන් කොලුවව කොළඹ ගේන්නේ ඌ හිටපු බන්කරෙත් එක්කමයි.

    ReplyDelete
  4. ළහිරුගේ අක්කා ස්ලිට්ලුය. අනුරගේ පුතා සහ ගලප්පත්තිගේ පුතා ගැන පක්ෂයේ මතය ඇහුවාම කියන්නේ ඒ ළමයින්ට අවස්ථා හිගය, ඒ ආයතන වලට යන්න උනේ ආණ්ඩුව අවස්ථා සලසා නොඋන් නිසාය, ලැබුන අවස්ථාවෙන් ඒ අහින්සක ළමයි ප්‍රයෝජන ගත්තාය වගේ අහින්සක නමුත් හතරබීරි කතාය. ළහිරුට අක්කා ගැන කියන්න තියෙන්නෙ මොනවාදැයි අපි දන්නේ නැත, නමුත් මට තෙරෙන්නේ නැත්තේ ස්ලිට් හෝ සයිටම් එකේ ඉන්න අනිත් ළමයි ළහිරුගේ අක්කා ගෙන්, අනුරලාගේ ගලප්පත්තිලාගේ පුතාලගෙන් වෙනස් වෙන්නේ කොහොමද කියය. තමන්ගේ අක්කා ගෙ, පුථාලාගෙ, පෞද්ගලික අධ්යාපනය ගැන ප්‍රශ්න කරන්න අයිතියක් නැතැයි කියන අයට අනිත් අයගේ පෞද්ගලික අධ්යාපනය ගැන ප්‍රශ්න කරන්න ලැබෙන්නෙ කොහොමද කියාය.

    ReplyDelete
  5. අන්තරේ උන්ට සහ උන්ගෙ පිටිපස්සෙ යන ජෙප්පන්ට කිසිම බුරුලක් දෙන්න නරකයි.... අතපය කැඩෙන්නම ගහලා හෝ ඔවුන්ව මර්ධනය කල යුතුයි...
    අලුත් හිරගෙවල් හදා හෝ පාරේ චන්ඩිකම් පෙන්වන 'ශිෂයින්' අත් අඩංගුවට ගත යුතුයි...
    ඔවුන්ගේ පවුල්වල් දේපල රාජසංතක කොට හෝ ඔවුන් කල අලාභය පියවා ගත යුත්යි...
    රජය ශිෂ්‍ය සංගම සමග කල යුත්තේ war of attrition එකක්. 1000 උසාවි නියෝග නොතකා පාරට බැස්සොත් තුන්හාර සීයකට ඇතුලට යන්න වෙන බව දන්නවානම් ඊලග දවසේ පාරට බහින්න කලින් මුන් දෙපාරක් හිතනවා...

    අන්තරේ වගේ ප්‍රචන්ඩත්වය පාවිච්චි කරන bullies ලාට බුරුලක් දුන්නොත් උන් ආන්ඩුව තමන්ට බයවී ඇතැයි කියා ප්‍රචන්ඩත්වය වර්ධනය කරනවා විනා අඩු කරන්නේ නෑ...

    88/89 පැරාලා එක්ව සිටි JVP මුග්ධයින්ව මරා දමා හෝ ජවිපේ 'කැරැල්ල' මර්ධනය කිරීමෙන් හා පොකුරු බෝම්බ ගසා හෝ උතුරේ කොටින්ව සමූලඝාතනය කිරීමන් රටට අවසානයේ අත්වූයේ සෙතක් බවත් පිටට කීවත් නොකීවත් පැරාගේ හර්ධ්‍ය ශාක්ෂිය දන්නවා ඇති...

    ReplyDelete
  6. යු.එන් .පී /ශ්‍රී ලංකා එකට කඩේ යන මැටි හරක් කටුස්සෝ වගේ කාලෙන් කාලෙට මේකට විරුද්ධව පක්ෂව කෑගහනවා .ඒ වගේම පාසලේදී ගණන් විද්‍යාව බයේ ඉගෙන බැරි වෙලා ආට් ,කොමස් කරපු මට්ටෝත් සයිටම් එකට කැමතියි.අර මාල හොරාගේ දුවත් ඉන්නේ ස්යිටම් එකේ ,වැල්ලවායේ කලවැද්දාගේ ලම්යකුත් ඉනවලු ,මහිද්ගේ ,රනිල්ගේ ,රජිතය්ගේ ,එස්බීගේ , තව පාර්ලිමේන්තුවේ ඉන්න රට කන පර බල්ලෝ කීපදෙනෙකුගේ අවජාතක මි හරක් පවවූ ඔ තන ඉගෙන ගන්නවා.උන් උන් අපේ සල්ලි කොල්ල කල දොස්තර යනවා .උන්ට කඩේ යන උන්ට හෙන හත වැදී උන්ගේ දරුවන්ට ශාප වෙන්න ඕන .

    ReplyDelete
    Replies
    1. ඒ ලෙවෙල් වලට ආර්ට් කොමර්ස් කරල කැම්පස් ගිය, යන්න දගලන මාගේ සහෝදර සහෝදරියන් වෙතටයි, උඩ කමෙන්ට් එක හොදට කියවන්න. එය අන්තරේ මූලස්ථානයේ රාමු කර එල්ලිය යුතු කමෙන්ට් එකකි. දැන්වත් මෙඩ්ඩන්ට කඩේ යන එක, උන් වෙනුවෙන් උද්ඝෝෂණ කරන එක , උන් වෙනුවෙන් ගුටි කන එක නවත්වන්න. උබලා උන් වෙනුවෙන් කොච්චර ගුටි කෑවත් අවසානයේ උන්ගේ නිර්ණායකවලට අනුව උබලා ගණන් බැරි මැට්ටන් පිරිසක් පමණි. අවසාන අර්ථයේදී උන්ට උබලා අවශ්‍ය වන්නේ උන් වෙනුවෙන් ගුටි කන්න පමණි. -Artist

      Delete

    2. AnonymousJune 24, 2017 at 9:52 AM ගෙන් පට්ට සිරා ටෝක් එකාක්

      පැරකුම් මොකක්ද මේ ගැන ඔබේ අදහස

      Delete
    3. ප්‍රශ්න සංකීර්ණ ය. එවැනි සරල විග්‍රහවලට සියලු පැතිකඩ හසු වන්නේ නැත.

      Delete
  7. මා මගේ බදු මුදල් මට කිසිදු සම්බන්දයක් නොමැති අයගේ දරුවන්ට ඉගැන්වීමට යෙදවීමට විරුද්දය හේතුව නිකන් ඉගෙනගත් කිසිවෙක් ඉගෙනගත් පසු තමන් හට අද්‍යාපනය නොමිලේ ලබාදුන් පොදු සමාජයට කිසිදු සාධාරණයක් ඉටුකොට නොමැති බැවින් සහ රටේ මුලික නීතියට ගරු කිරීමට නොදන්නා කලකන්නි හට අං ලබාදීමට මගේ බදු මුදල් වයකිරීම මාහට අනුමත කල නොහැක .

    ReplyDelete
  8. එක එකා ඇටවලු මිරිකගන්නෙ නැතුව ජනමත විචාරණයක් තියෙනවනම් හොඳයි, මමත් කොමන්ට් එකකින් ඔය අදහසම කියන්න හිටියෙ.

    ReplyDelete
  9. පෙරටුගාමින්ට වැටුණු වලෙන් ගොඩ එන්නටද , ජවිපෙට තව ආසන දෙක තුනක් ඊ ළඟ චන්දයේදී වැඩි කර ගැනීමටද මහින්ද පෙරමුණට නඩු හබ වලින් ගැලවී අරලිය ගහ මන්දිරයේ කෑම කන්නටද ඔවුහු සයිටමය බෝම්බයක් කර ගන්නට දිවා රෑ වෙහෙසෙමින් සිටිති. මී හරක් කොල්ලන් හතර පස් දෙනෙකු බෝම්බයට බිලිදී ගත හොත් කවුරු කවුරුත් ගොඩය . දොස්තරලට ඇත්තේ පර්ස් එකේ පුරස්නයක් පමණි

    . සුදුකුකුලා

    ReplyDelete
  10. එකෙන්ම එකඟයි පැරා.

    ReplyDelete
  11. සත්‍ය සිදුවීමක්!

    සති දෙකකට උඩදී මගේ වයෝවෘද්ධ ඥාතිවරියකගේ රෝගී තත්වයකට ප්‍රතිකාර කිරීමට නිවසට පැමිණි එක්තරා පෞද්ගලික සෞඛ්‍ය සේවයක වෛද්‍යවරියක හා මගේ වයෝවෘද්ධ ඥාතිවරිය අතර ඇතිවුන සංවාදයක කොටසක්:
    ඥාතිවරිය: ඩොක්ටර් මොකද හිතන්නේ සයිටම් එක ගැන?
    වෛද්‍යවරිය: අපෝ ඕක වහලම දාන්න ඕන.
    ඥාතිවරිය: එහෙමෙ කලොත් දැන් එකේ ඉගෙන ගන්න අයට වෙන්නෙ මොකද?
    වෛද්‍යවරිය:ඒක ඒ අය බලාගන්න ඕන..
    ඥාතිවරිය: සයිටම් එක තියෙන එක හොඳයිනෙ එතකොට තව ඒ ලෙවල් පාස්වෙලා medical faculty යන්න ලකුණු තිබුනත් බැරිඋන ලමයින්ට තමන්ගෙ සල්ලි හරි දීලා නැත්නම් බැන්කු ණයක් හරි අරගෙන ඉගෙන ගෙන දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්නෙ?
    වෛද්‍යවරිය: එතකොට doctors ලා වැඉවෙනවනෙ?
    ඥාතිවරිය: ඉතින් හොඳයිනෙ එතකොට හොස්පිටල් වල තබදය අඩුවෙනවනෙ.
    වෛද්‍යවරිය: doctors ලා වැඩිඋනාම අපේ demand එක අඩුවෙනවනෙ, අපේ තත්වය නැතිවෙනවනෙ.
    ඥාතිවරිය: මගේ මහත්තයත් doctor කෙනෙක්...එය නැතිවෙලා ගොඩක් කල්. මම retired nursing sister කෙනෙක් .......... රටේත් අවුරුදු ගානක් වැඩකලා.
    වෛද්‍යවරිය:ආ ඇත්තද? මගේ ලමයි දෙන්නාත් එ රටේ ......... විශ්ව විද්‍යාලයේ medicine ඉගෙන ගන්නවා

    සංවාදය එතනින් වෙන පැත්තකට යොමුවෙනවා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා