ඉස්පිරිතාලෙ ලොකු මහත්තයා සහ දෙවෙනි මහත්තයා

වසර 1995 විතර කාලෙ මා හිටියෙ පදවි පරාක්‍රමපුර බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලයේ වැඩ කරමිනුයි. අප සිටි ගුරු නිවාසය පිටුපස තිබුණේ පරාක්‍රමපුර ආරෝග්‍ය ශාලාව හෙවත් ගමේ ගොඩේ මිනිසුන් කියූ ආකාරයට ඩිස්පැන්සරියයි. එහි ප්‍රතිකාර කළේ ඇපොතිකරි, AMP (Assistant Medical Practitioner), සහකාර වෛද්‍ය නිලධාරි ආදී නම්වලින් කලින් කලට හැඳින්වුණ වෛද්‍යවරයෙකි. ඔහු අප මෙන් උසස් පෙළ සමත්, කලුතර ස්වස්ථතායතනය වැනි ආයතනයක වසර කීපයක පුහුණුව ලද වෘත්තිකයෙකු වන අතර මෙවැනි දුෂ්කර ග්‍රාමීය පෙදෙස්වල සෞඛ්‍යය ආරක්ෂා වුණේ මෙවැනි වෛදවරුන් නිසා ය. ඔවුන් කැපවීමෙන් වැඩ කළ හ. ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් පාරක් ද කර ගත් හ. කලින් විද්‍යා ගුරුවරයකු වී සිට පසුව AMP ලෙස ඒ ඩිස්පැන්සරියේ වැඩ කළ දොස්තර මහත්තයා එක් මැලේරියා සීසන් එකකට පසු කිරි ටොයියා වගේ කාර් එකකින් ආවා මතක ය.

එකල මුළු පදවිය ජනපදයට ම MBBS වෛද්‍යවරයකු සිටියේ පදවිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා පමණි. මා එම ප්‍රදේශයේ වැඩ කළ මුල් කාලයේ එහි සිටි දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා මට මතක හැටියට ප්‍රසන්න අධිකාරි නම් විය. ඔහු සත්තකින් ම වෛද්‍යවරයකු පමණක් නොව ප්‍රදේශයේ නියම සමාජ නායකයෙක් වූයේ ය. යුද සමයේ ඔහු දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි, අධිකරණ වෛද්‍ය නිලධාරි වැනි වගකීම්වලට අමතරව තවත් සමාජ වගකීම් රැසකට උර දුන්නේ ය. ඔහු ද පීපී පාරක් කර ගත් මුත්, එය එතරම් සරු එකක් යයි මම නො සිතමි. හේතුව, ඔහුට එයට අවශ්‍ය තරම් වෙලාවක් තිබුණේ නැත.

ඒ කාලයේ හබරලා නමින් ප්‍රදේශයේ හැඳින්වුණ සර්පයා විසින් දෂ්ට කරනු ලැබීමෙන් විශාල මරණ ගණනක් සිදු විය. බොහෝ විට, රෝගියා ගිලන් රථයෙන් කිලෝමීටර් සීයක් දුරින් පිහිටි රෝහලට රැගෙන යන අතරමගදී සෙම හිර වීමෙන් මිය ගියේ ය. ඇතැම් රෝගීන් බේරා ගත්තේ මේ වෛද්‍යවරයා සෙම ඉවත් කරමින් ගිලන් රථයේ යමිනි. ඔහු ගැන හොඳ විස්තරයක් ඒ කාලයේත්, ඉන් පෙරත්, පසුත් පදවියේ රෝහල් කමිටුවේ ලේකම් වී සිටි, ප්‍රබල සමාජ ක්‍රියාකාරිකයකුව සිට දැන් ඉතා නිහඬ දිවියක් ගත කරන, එහෙම නො සිටිය යුතු එච්.ඩී. පෙරේරාට නම් කළ හැකිව ඇති.

එච්.ඩී. පෙරේරා ගැන වෙනම ලිවිය යුතු ය. කෙටියෙන් කීවොත් කැරැල්ලේ පරාජයෙන් වසර හතරකට පමණ පසු ගුරු පත්වීමක් ගෙන පදවියට ගිය මා නැවත දේශපාලන සත්වයකු කිරීම සම්බන්ධයෙන් මා එච්.ඩී. පෙරේරාට සෑහෙන්න ණය ය. 

මේ කවිය මා ලිව්වේ 1995දී ය. ඒ දවස්වල AMP දොස්තරලා හා MBBS දොස්තරලා අතර ගිනි වලියක් ඇවිලිණි. අන්තිමේදී MBBS දොස්තරලා AMP දොස්තරලාව වෘත්තීය වශයෙන් නැති භංග ම කර දැම්ම හ. 

අවුරුදු 12කට පසුවත් අපි තවම එතන ම ය. (මේ මාතෘකාව තරංග වීරසිංහ ඒ කාලයේ ලියූ කවි පොතක ද මාතෘකාව විය. තරංග ද දැන් කවි ලියන්නේ නැත.) 

මේ කවිය මට එවූ නයනසේන වන්නිනායක මිතුරාට ස්තුතියි. ඒ කාලයේ හිරු පත්තරේ නිම්තෙර කවි පිටුව සංස්කරණය කළ, පසු කාලයේ අපගේ සමීප මිතුරකු ව සිටි, පසුව වාමාංශික කණ්ඩායම්වල ඇති වන සාමාන්‍ය මෝඩ ඝට්ඨන නිසා සතුරන් බවට පත් වූ, දැන් පවතින සම්බන්ධය ප්‍රශ්නාර්ථයක් වන රෝහිත භාෂණ අබේවර්ධන සහෝදරයා ද දේශපාලන විවේචනය එහෙමම තියාගෙන අතීත මිත්‍රත්වයේ සොඳුරු මතක තමග සිහිපත් කරමි. 

 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ගනේමුල්ලේත් ඩිස්පැන්සරියක් තිබුණා මතකයි. එතැන සේවය කළ ලියනගේ නම් ඒඑම්පී වෘත්තිකයා නිල නිවසේත් බෙහෙත් කළා!

    අපව නම් පොඩි කාලේ බේත් ගන්න අම්මා එක්කරගෙන ගියේ කඩවත කිරිබත්ගොඩ අන්තයේ සිටි ගුණතිලක දොස්තර ලඟටයි.

    ReplyDelete
  2. මේ කවි විරිතට නම් මං කැමති නෑ!
    ඇල්වතුර වගේ.

    ReplyDelete
    Replies
    1. අවුරුදු 12කට කලින් නේ.

      Delete
    2. මේ කවි විරිතට නම් මං කැමති නෑ!....///////
      සංක්‍රාන්ති ලිංගිකයකු නො වුණත්, සුළු වශයෙන් ස්ත්‍රී ලක්ෂණ පිහිටා ඇති පිරිමික් කියන කථා

      Delete
  3. මමත් එච්.ඩී. පෙරේරා වරක් පදවියේදී හමු වුණේ මා මිත්‍ර ගාමිණි අක්මීමන සමග යතුරුපැදි සවාරියක යනතුරේදී. ඔහු සමග කථාකිරීම හෝ වාද විවාද කිරීම අතිශයින්ම භයංකාර අත්දැකීමක් වන්නේ ඔහුගේ තියුණු තර්ක හමුවේදී අපේ තර්ක පහසුවෙන්ම බිඳවැටෙන නිසාය. අපි හමුවනේ රනිල්-ප්‍රභාකරන් සාම සාකච්ඡා/සටන් විරාම කාලයේදීය. ඒ දිනවල එච්.ඩී. කොටි සංවිධානයේ නිල සිංහල පුවත්පත වූ "දේදුන්න" විකුණමින් එය සාධාරණීකරණය කළේ ඔහුගේ බිඳ දැමීමට අපහසු තර්කද සමගය.

    ReplyDelete
    Replies
    1. එච් .ඩී පෙරේරගෙ තර්ක මොනවද බන්. අයි එස් ත්‍රස්තයන්ගෙ පත්තර විකුනන එකාගෙ තර්ක ඇහුවොත් උබ ඔතනම ගල් වෙනව. අනේ බන් බඩ රස්සාවට කොටි මිනීමරුවන්ගෙ පත්තර විකුනන එකත් උබලට මහ න්‍යායචාරියෙක්ද

      Delete
    2. එච් .ඩී පෙරේරගෙ තර්ක මොනවද බන්. අයි එස් ත්‍රස්තයන්ගෙ පත්තර විකුනන එකාගෙ තර්ක ඇහුවොත් උබ ඔතනම ගල් වෙනව. අනේ බන් බඩ රස්සාවට කොටි මිනීමරුවන්ගෙ පත්තර විකුනන බඩගැත්තරයත් උබලට මහ න්‍යායචාරියෙක්ද

      Delete
  4. උඔටත් අපටත් අමතක නැති එදවස ...

    ගිම්හානයේ නිහඬ මැදියම් රැයක
    එබී බලන්නට සඳවත් නැති දිනෙක
    දූලි වැද රත් පැහැ බොරළු වූ
    අබල දුබල උඩුමහලක
    උඹට මතක ද උඹ
    අගසකසු වුණු හැටි

    දුම්රියේ නළා හඬ
    නැඟෙන්නට පෙර ම උඹ
    උඹේ අර පුරුද්දට
    හිටි හැටියේ සැඟවෙනවා
    සුවඳ දුම් වළා මැද
    පුදසුනට යළි එනවා

    අන්න ඒ අතිසොඳුරු
    උඹ තව ම අප සමඟ
    පඬිකතා කියවමින්
    රොස් පරොස් වී වරෙක
    යළිත් මහ හඬ නඟා
    සිනා සී මේ මෙතන

    සොබාදම කැලඹිලා
    මහ වසංගතයැවිත්
    උඹේ සිහි විකල කර
    දුර ඈත ගෙන ගියා
    ගිඟුම් දී කෑගසන
    අහස් කුස කළු දිනෙක

    ReplyDelete
  5. අජිත් පැරකුම් ජයසිංහ සහෝදරයාට ...

    අළු අතරින් නැඟී දවසක හිනැහෙන්න
    අනියත කටුක සමයක ගමනක් යන්න
    නුඹ ඇවිදින් විඳි දුක අමතක වන්න
    ⁣අප මිය නොගිය බව අවැසිද පවසන්න

    ගනඳුර වෙඵණු යුගයක නොමිනිසුන් මැද
    අමිහිරි විඳුම් විඳ අප අතරෙහි ම වැද
    නුඹ දුක වසා හිනැහි මර බිය ද බිඳ
    නුඹ දුන් දිරිය දැනුදු දැනේ හදෙහි මැද

    දහසක් ගැටලු සිත තුළ දරමින් සඟවා
    අප හට බරක් නොවන්න නුඹ වෙර දැරුවා
    ලොවක් නිදන රෑ යම නුඹ ඇස ඇරවා
    අපේ සිතුම් හැඩ කර අකුරට නැඟුවා

    නොසිතූ නිමේෂෙක අප හැර වෙනත බලා
    නුඹ ගිය අයුරු අදට ද අරුමයක් වෙලා
    බොහෝ දෙනා කීවත් නුඹ වෙනස් වෙලා
    සහෝ තව ම නුඹ වෙනුවෙන් දොර ඇරලා

    ReplyDelete
    Replies
    1. ආව් ආව් අජිත්, අජිතුත් එහෙනම් ලගදිම ජර්මනියට ආහ්?

      Delete
    2. Too late bro. අපි අරින්නෙත් නැහැ. අතෑරලා දාලා යන්නෙත් නැහැ බැරිම වෙනකල්.

      Delete
    3. අජිත් හේ කෑල්ලේ තේරුම මොකක්ද?

      //දුම්රියේ නළා හඬ
      නැඟෙන්නට පෙර ම උඹ
      උඹේ අර පුරුද්දට
      හිටි හැටියේ සැඟවෙනවා
      සුවඳ දුම් වළා මැද
      පුදසුනට යළි එනවා//

      Delete
  6. 1995 වසරේ මම ස්ථාන භාර වෛද්‍ය නිලධාරී ලෙස කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලට යන විට එම රෝහල බාරව සිටියේ නිමල් ජයවර්ධන නම් සහකාර වෛද්‍ය නිලධාරියෙකි. මේ කාලයේ වෛද්‍ය නිලධාරින් සහ සහකාර වෛද්‍ය නිලධාරින් අතර බොහෝ ගැටුම් තිබුණි. එකිනෙකාට වෛර කරන මඩ ගහ ගන්නා වාතාවරණයක මම රෝහල බාර ගත්තෙමි. එහෙත් මම සහකාර වෛද්‍ය නිලධාරී නිමල් ජයවර්ධනට වෘත්තීය ගරුත්වයකින් යුතුව සැලකුවෙමි. එය ඔහු අපේක්‍ෂා නොකර අතර පසුව ඔහුත් මා සමග ඉතා සහයෝගයෙන් කටයුතු කලේය​.

    මේ කාලයේ හසලක ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක වරයා පන්න පන්නා සහකාර වෛද්‍ය නිලධාරීන් ගෙන් පලි ගන්නා ක්‍රම වේදයක් භාවිතා කල අතර ඔහු මටද මගේ රෝහලේ සහකාර වෛද්‍ය නිලධාරීට කිසිම බුරුලක් නොදී තදින් ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටියේය​. එසේම ඔහු ඇමතීමේදී AMO (Assistant Medical Officer) නොව AMP (Assistant Medical Practitioner ) ලෙස අමතන ලෙසද කීවේය​. එහෙත් මම මටත් වඩා වයසින් වැඩි මෙම නිලධාරියාට අනවතරයේ හිරිහැර නොකලෙමි. ඒ නිසා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක වරයා මා සමග මඳක් අමනාපද විය​.

    මම සහකාර වෛද්‍ය නිලධායා සමග සහයෝගයෙන් ක්‍රියා කල නිසා එතෙක් පිල් බෙදී තිබූ රෝහල් කාර්‍ය මණ්ඩලයද සමගිව රෝගීන් වෙනුවෙන් වැඩ කලහ. සහකාර වෛද්‍ය නිලධාරී නිමල් ජයවර්ධන මහතා මාරුවක් ගෙන මාතලේ ප්‍රදේශයට ගිය අතර ඔහු වෙනුවෙන් ප්‍රේමරත්න මහතා සහකාර වෛද්‍ය නිලධාරී ලෙස ආවේය​.

    Read More : https://transyl2014.blogspot.ca/2016/02/blog-post_15.html

    ReplyDelete
  7. ලංකාවේ බයියෝ සෙට් එක ගිය අවුරුද්දේ බ්‍රෙක්සිට් සහ ඇමරිකන් ඡන්ද ප්‍රතිඵලවලින් ෆෝම් වෙලා මහින්ද නැවතත් බලයට පත් වෙයි කියලා කෙළ හලා ගෙන බලන් හිටියට ඊයේ ප්‍රංශයේ (සහ මීට සති කිහිපයකට කලින් නෙදර්ලන්තයේ) ඡන්ද ප්‍රතිඵලවලින් පෙන්වන්නේ ලෝක දේශපාලනය තුළ ස්වෝත්තමවාදයට ඉඩක් නැහැ කියල යි.

    ප/ලි - මාතෘකාවට අදාළ කොමෙන්ටුවක් නොවේ. පැරා සමාවන්න. මේ අදහස බ්ලොග් කියවන්නන් වැඩිපුර ම ගැවසෙන තැනක ලියන්න ඕන කියලා හිතුවා. ඒක යි.

    ReplyDelete
    Replies
    1. මරාට රෙදි නැතුව හෙලුවෙන් කඩේ යන ගොන් බයියෝ කෙසේ වෙතත් අපේ සිංහල බ්ලොග් හිමිකරුවා වන ඉන්ටපොල් රෙඩ්-නෝටිස් සම්මානලාභී ගරු "චන්දිම විතානච්චි" ලොක්කට නම් යන්තම් ජාමෙ බේර ගන්න පුළුවන් වුණු හැඩයි.

      //Le Pen has promised extra defense spending on top of hiring 15,000 new police officers and another of her policies would lead to foreign criminals being expelled from the country.//

      She has vowed to immediately expel all foreigners identified on a French security services watch list for radicalization and to strip people suspected of extremism of their French nationality.

      චියර්ස් මචන් - ලබන නෙලුම් යායෙදි සමරමු. ජය වේවා !

      Delete
  8. හෙද සේවයේ සිව් වසරක පුහුණුවට, ඇපොතිකරි සේවාවට කෙළියේ මේ වෛද්‍ය වෘතිකයන් වීමම කනගාටුවකි.

    ReplyDelete
    Replies
    1. වැදගත් අදහසක්. සහකාර වෛද්‍ය නිලධාරීන්, වතු වෛද්‍ය වෘත්තිකයන් වැනි අය හිටියා නම් ඇත්තට ම මේ රටේ මේ තරම් ම හොර දොස්තරලා, ප්‍රාතිහාර්යකාරයෝ, කට්ටඩි නො පැතිරෙන්නට ඉඩ තිබුණා.

      Delete
  9. මම හිතන්නේ සහකාර වෛද්‍ය වරුන්ට ශල්‍යකර්ම කිරීම සහ සායන පැවැත්වීම පිළිබඳ පුහුණුවක් නෑ කියල .ඔවුන් ඉන්නේ බාහිර රෝගීන්ට ප්‍රතිකාරකිරීමට නිසා එවැනි අවශ්‍රතාවයක් නැතිව ඇති. හැබැයි PP කරණ කොට තරඟයක් ඇතිවන්නේ දෙන්නාම එකම වැඩේ කරන නිසා වැඩිය PR එක තියෙන කෙනාට ලෙඩ්ඩු එනවා වැඩියි

    ReplyDelete
  10. 95 වෙනකොට විනී සුනිල් මාධව අයින් වෙලා නේද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා