ආපදා හා ශ්‍රී ලාංකික කුහකත්වය

අද උදේ නාගොඩ රෝහලට ගියා ප්‍රවාහන වැඩකට. පාරවල් බ්ලොක්. යන්න ඕනැ රවුම් පාරවල. ප්‍රධාන ගේට්ටුව ළඟ ගංවතුර.

රෝහලේ නිලධාරි බරට වැඩ. අලුතෙන් හදපු බිල්ඩිමේ කොටසක් විවෘත කරන්න. අද ඇමති රාජිත උපන් දිනය. ලොකු උත්සවයක් නෙමෙයි.

ගංවතුර නිසා රූපවාහිනීවල සිංදු වාදනයත් වැරැදි ය කියන අය ඉන්නවා. එහෙම අයටක්, දේශපාලන විරුද්ධවාදීන්ටත් මේ පොඩි උත්සවය පවා ඇති ජාත්‍යන්තර මට්ටමේ ප්‍රචාරයකට.

මේවා සංවිධානය කරන්නේ නිලධාරි. දේශපාලකයන් තුටු කරන්නට වෙන්න ඇති. හැබැයි හම යන්නෙ දේශපාලකයන්ගෙ. මේ ආණ්ඩුව දේශපාලන ස්නායු අක්‍රීය එකක්.

පාලිත තෙවරප්පෙරුම ගංවතුරෙ වැඩ කළේ ⁣⁣පේන්න ය කියන කටවල්වලින් ම කෝ අහවලා කියලා අහනවා.

ආපදා හානි ගැන බොරුවට වැළපෙන අය වැස්ස ඇති වීමත් ආණ්ඩුවේ වරදක් ලෙසයි දකින්නේ.

ආපදාවට පහුවෙනිදා ම කෝ ආණ්ඩුවට පිටරටින් ආධාර ලැබුණා ද කියා අහන කුහකයන් අපි දුටුවා. මේ අය පසුගිය කාලේ ඉන්දියන් ඇම්බියුලන්ස් විරෝධියෝ.

ඇත්තට වැඩ කරන අවංක ස්වෙච්ඡා සහන සේවකයන් අතර වතුර බෝතල ටිකක් එක්ක පිංතූර අරගෙන ප්‍රචාරයට යොදා ගන්න බොරුකාරයන් වැහි වැහැලා. හඳුනා ගන්න ලේසියි. වැඩියෙන් ම සද්දෙ ඒ තැන්වලයි.

ආපදාව වාර්තා කිරීමේ ජනමාධ්‍ය කාර්යය හරියට කරන අය අතර ආපදා ටුවර් යන කරදරකාරයන් පිරිලා.

මේ අතර ප්‍රචාරය නැතුව තමන්ගේ ඩියුටියටත් වඩා කැප වන හමුදා, පොලිස් ඇතුළු විශාල පිරිස අමතක වෙනවා. මේ දැවැන්ත රාජ්‍ය යන්ත්‍රය ආපදා වැළැක්වීමේදීත් සක්‍රීය කළ යුතුයි.

ආපදාවක් කියන්නෙත් ශ්‍රී ලාංකික කුහකත්වයේ ම තවත් හෙළිදරව්වක්.

(ලිව්වෙ දුරකථනයෙන්. වැරදි නිවැරදි කරගෙන කියවන්න.)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. කියෙව්වේත් ෆෝන් එකෙන්.

    බිම් තත්වය හරිහැටි නොදන්නා නිසා කිසිවක් කියන්න බෑ. නමුත්, අඩු වශයෙන් පසුගිය වසර තුල දී වත් ආණ්ඩුව කිසිම disaster preparedness ත්ත්වය ලබාගෙන නැති බව පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. මොන disaster preparedness ද, රටේ මහජනතාව නොහිටින්න මේ මිනිස්සු මැරිච්ච තැන්වල ගසුත් පැල වෙලා.

      Delete
  2. මොක උනත් ආපදා සවාරිනම් කට්ටිය යනවා වගෙයි.
    අපේ මිනිස්සු ජානගතවම මලමිනී, රිය අනතුරු, ආපදා බලන්න කැමතියිනෙ.
    අර පිංතුරෙක දැක්කා නාය ගිය තැනක බැකෝ එකෙන් සුන්බුන් හොයන තැනක අඩි ගානක් උස කඩා වැටුන ඉවුර උඩ ගැට්ටේ උඩ ඉඳන් මිනිස්සු පිරීල ලමයි වඩාගෙන පවා බලන් ඉන්නවා. එතන නිසැකවම අනතුරුදායකයි. චුට්ටක් හරි කඩන් වැටුනොත් තවත් 50කට විතර බඩුම ත්මයි

    ReplyDelete
    Replies
    1. //චුට්ටක් හරි කඩන් වැටුනොත් තවත් 50කට විතර බඩුම ත්මයි//

      ඉතින්උ ජොලිනේ. උන්ව බලන්න තව උන් යනවා.

      Delete
  3. ගං වතුර ව්‍යාසනය සහ
    Cable එක කැඩිලා යාපාරත්න දිවි පුදපු එකත් ඒ හා සමානම ව්‍යාසනයකි.
    SLAF helcopter වලට rescue basket නැද්ද?
    -CP

    ReplyDelete
  4. එයා ෆෝස් යාපාරත්නගේ 'කේබලය කැඩීමෙන්' වූ ඛේදනීය මරණය දිවිපිදීමක් ලෙස හැදින්නුවත්, අසරණය දිවිපිදුව නෙවෙයි, මිලදීගැනීම් වලදී සිඳුවන මහා පරිමාණ කොමිස් ක්‍රියාවලියේ ගොදුරක්.

    ඔය කැඩිච්ච කේබලය,

    යුක්රේනයේ භාවිතයෙන් ඉවත් කල පරණ මිග් යානා කොමිස් තකා අධික මිල ගණන් වලට ගෙන්වූ හොරදෙටුවොම, ඉස්තරම්ම කේබල් කියල ගෙන්නපු භාවිතයෙන් ඉවත් කල දිරච්ච කේබල් තොගයේ එකක් වෙන්න ඇති.

    ReplyDelete
  5. ඕකට ලස්සන කතාව කියන්නේ බන්දු.
    මහ බැන්කුවේ බෝම්බය ගැන
    වීඩියෝ එක හොයාගන්න අමාරුයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා