ලංකාවේ ආපදා කළමනාකරණ ආපදාව

ආපදාවෙන් විපතට පත් වූවන් බේරා ගැනීමට ගොස් ජීවිත පරිත්‍යාග කළ ගුවන් හමුදාවේ වයි.එම්.එස්. යාපාරත්න 
ශ්‍රී ලංකාව ආපදා බහුල රටක් බවට පත් වී තිබේ. මිහිතලය උණුසුම් වීමත් සමග ඇති වූ දේශගුණික විපර්යාස මෙන් ම, දේශීයව සිදු වූ භූගෝලීය හා සමාජයීය වෙනස්කම් ද එයට හේතු වී තිබේ.

දැවැන්ත රජයක්, වරප්‍රසාදිත විශාල ඇමති මණ්ඩලයක්, නිතර විදේශ පුහුණුවීම් හා තීරු බදු රහිත වාහන වැනි වරප්‍රසාද ලබන ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයන්ගෙන් සමන්විත ආපදා කළමනාකරණය සම්බන්ධ ආයතන පද්ධතියක් තිබුණත්, ආපදාවක් සිදු වී සෑහෙන වෙලාවක් යන තෙක් එම යාන්ත්‍රණය පණ ගන්වා ගැනීම දුෂ්කර ය.

එහෙත්, රජයේ ත්‍රිවිධ හමුදා හා පොලිස් සාමාජිකයෝ හැකි ඉක්මණින් ආපදා සිදු වන ස්ථාන වෙත ළඟා වී සේවා සපයති. ආපදා කළමනාකරණයේදී දැවැන්ත ම වැඩකොටස ඉටු කරන්නේ ඔවුන් ය.

මෙවර ද ආපදාවට ලක් වූවන් බේරා ගැනීමට ගොස් හෙලිකොප්ටරයේ කේබලය කැඩී යාමෙන් ගුවන් හමුදා නිලධාරියකු මරණයට පත් විය.

මේ මිනිසුන්ගේ සේවය කිසිදු කලෙක ලංකාවේ ඇගයීමට ලක් නො වේ. ලංකාවේ මිනිසුන් ඔවුන් ගැන කතා කරන්නේ අටපාස් හමුදාකාරයන් ය කියා ය. මේ මිනිස්සු කිසි දිනෙක තමන් ආපදාවෙහිදී කළ කටයුතු ගැන පෞද්ගලික විස්තර කියනු, ලියනු දක්නට නො ලැබේ. එය ඔවුන්ගේ රාජකාරිය බව ද, ඒ වෙනුවෙන් මහජන මුදලින් වැටුප් ගෙවන බව ද ඇත්ත ය. එහෙත්, ඔවුන්ගේ ඇපකැප වීම ඊට වඩා දෙයකි.

එසේම, ගිලන් රථ සේවා, රෝහල් වැනි තවත් තැන්වල පිරිස් ද ආපදාවලදී ඇප කැප වී වැඩ කරති.

එහෙත්, ෆේස්බුක් එකෙන් ආපදා කළමනාකරණය කරන තව පිරිසක් සිටිති. ඒ අය පටන් ගන්නේ ම රජය කිසිවක් නො කරන බව, බෝට්ටු නැති බව, කෑම නැති බව කියමිනි. එහෙත්, ඒ වන විටත් රජයේ ත්‍රිවිධ හමුදා හා ආපදා කළමනාකරණය සම්බන්ධ නිලධාරීහු වැඩට බැස හමාර බව ඔවුහු අමතක කරති. ආපදාවට ලක් වූවන් දියේ ගිලෙමින් සිටියදී මේ ෆේස්බුක් වීරයන් කරන්නේ ඒ මළමිනී මතින් දේශපාලනය කිරීමයි. රජය වැඩක් නැති බව ද, දේශපාලකයන් වගකිව යුතු බව ද කියමින් තමන් කැමති දේශපාලකයන් බලයේ සිටියා නම් මෙවැනි ආපදා සිදු නො වන බවට වහසි බස් දොඩමින් තිරිසනුන් සේ හැසිරෙති.

හුදකලා ෆේස්බුක් වීරයන්ට ඇත්ත වශයෙන් ම කළ හැකි ලොකු දෙයක් නැත. ඔවුන් වැඩි දෙනෙක් කරන්නේ ආපදා සහන සේවාවල යෙදෙන අයට බාධා වන පරිදි ආපදා සංචාරවල යෙදීමයි. ඡායාරූප ගැනීමයි. තමන් අරෙහෙම කළා, මෙහෙම කළා ය කියමින් පම්පෝරි ගැසීමයි. ඔවුන්ට අමතක වන කාරණය වන්නේ ඔවුන් කරන දේ ඉතා ම සුළු බවයි. එහෙත්, නිහඬව කරන සේවය වෙනුවෙන් ෆේස්බුක් වැනි නව තාක්ෂණයන් භාවිතා කරන පිරිස්වලට මා කියන මේ දෙය අදාළ වන්නේ නැත.

මේ අතර තවත් පිරිසක් ජනතාව බියපත් වන පරිදි වැරදි තොරතුරු පතුරුවති. පහත දැක්වෙන්නේ එවැනි වැරදි තොරතුරක් පිළිබඳව පැහැදිලි කිරීමකි. මෙම සටහන ෆේස්බුක් සමාජ ජාලය වෙතින් උපුටා ගන්නා ලද්දකි.

ලක්ෂපාන, විමලසුරේන්ද්‍ර හා කැනියොන් ජලාශ දොරටු ඇරීමෙන් කැලනි ගඟ ශීඝ්‍රයෙන් ඉහළ යන බවට සටහනක් ඔබ දැනටමත් දැක ඇතුවාට සැක නැත. නමුත් එය සැබෑ තත්වය නොවේ. ඉහත කී ජලාශ අනෙකුත් ජලාශ හා සසඳන කල කුඩා ප්‍රමාණයේ ජලාශ වේ. එබැවින් ඒ ජලාශයන්ගේ දොරටු විවර කිරීම නිසා දැනට පවත්නා තත්වයේ දැනෙන වෙනසක් සිදු නොවේ. මෙම සියලු ජලාශයන්ට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙනුයේ මාඋස්සාකැලේ සහ කාසල්රි ජලාශ මගිනි. කැලනි ගංගා ද්‍රෝණියට වඩාත් දැඩිව බලපානු ලබන ජලාශ වන්නේ කාසල්රී සහ මාඋස්සාකැලේ ජලාශයන්‍ ය. යම් හෙයකින් ඒ ජලාශයන් පිටාර මට්ටමට පැමිණියහොත් කැලනි ගඟේ ජල මට්ටම කෙටි කාලයක් තුල ඉහළ යාම හා සිදු වන හානිය වැඩිවිය හැක. නමුත් දැනට පවත්නා තත්වය නම් ඒ ජලාශයන් තවම අර්ධයක් හෝ පිරී නොමැත. එබැවින් පෙර කී ජලාශයන් පිලිබද සටහන් ෂෙයාර් කිරීමෙන් මිනිසුන් කලබල කිරීමෙන් වලකින මෙන් ඉල්ලා සිටිමි. අද දිනයේ ආරම්භයට වඩා කැලනි මිටියාවත අවට තත්වය මේ වන විට තරමක් යහපත් බව මේ වන විට දැකිය හැකිය , එමෙන්ම අද රාත්‍රියේ වැසි නොවැස්සොත් ගංවතුර අවදානම පහව යා හැකිය.
- අනුරාධ සංජය සේනානායක

ලංකාවේ රජයේ ආපදා කළමනාකරණය ද සෙසු සියලු කාරණා මෙන් ම පවතින්නේ ඌන සංවර්ධිත මට්ටමක බවට විවාදයක් නැත. එහෙත්, එයට හේතු හඳුනා ගෙන පිළියම් යෝජනා කරනවා වෙනුවට එයින් දේශපාලන වාසි ගන්නට යාමෙන් මේ රටට කිසිවක් සිදු වන්නේ නැත.

අනෙක් පැත්තෙන් ආපදාවක් ඇති වන්නේ කෙසේ ද යන්න ගැන ජනතාව තේරුම් ගැනීම වැදගත් ය. ආපදා යනු කල් තබා දැනුම් දී උදා වන අවස්ථා නො වේ. එසේ ම, ආපදාවේ පරිමාණය ද කිසිවෙකුට අනුමාන කළ නො හැකි ය. ආපදා වෙනුවෙන් පූර්ව සූදානම ගම් මට්ටම දක්වා විහිදිය යුතු ය. ලංකාවේ දැවැන්ත රාජ්‍ය සේවය මේ වෙනුවෙන් සංවිධානය කළ හැකි ය. ආණ්ඩුව එය කරන තෙක් බලා නො සිට රාජ්‍ය සේවයට ම මේ පිළිබඳ යෝජනා ඉදිරිපත් කර ඒ වෙනුවෙන් උද්ඝෝෂණ කළ හැකි ය.

අනෙක් වැදගත් කාරණය වන්නේ ආපදාව සිදු වන්නට පෙර වළක්වා ගැනීමයි. බොහෝ නාය යාම්වලට හේතුව කඳු මුදුන් වගාවන් හා පදිංචිය සඳහා හෙළි පෙහෙළි කිරීමයි. මේ හෙළි පෙහෙළි කිරීම් කරන්නේ අන් කවරෙකුවත් නොව, මේ රටේ ජනතාව ම බව අපි දනිමු. රජයේ කැළෑ අත්පත් කරගෙන, ඒවාට බලපත්‍ර, ඔප්පු ආදිය හදා ගන්නට දන්නා අය ඒවා හෙළි පෙහෙළි කිරීම නිසා තමන්ගේ ම ජීවිතවලට සිදු වන අවදානම ගැන නො දන්නේ යයි කියන්නේ බොරුවට ය. එහෙත්, මේ ජනතාවගෙන් ඇතැම් අය දිළින්දෝ ය. ඔවුන් ඒ තැන්වල වගා කරන්නේ, ගෙවල් හදා ගන්නේ වෙනත් විකල්ප නැති නිසා ය. ලංකාවේ රජයට මේ ජනතාවට මග පෙන්වීමේ යාන්ත්‍රණයක් නැත.

ගංවතුරට ලක් වන ඇතැම් නිවාස ද නුසුදුසු තැන්වල, ප්‍රමිතියෙන් තොරව ඉදි කරන ලද ඒවා ය. එහෙත්, ජනතාවට එසේ නිවාස ඉදි කර ගැනීමට සිදු වන්නේ ඇයි ද යන්න ද වටහා ගත යුතු ය.

මේ වන විට කොළඹ හතර වටේ ම සුඛෝපභෝගී නිවාස විශාල වශයෙන් ඉදි වෙමින් තිබේ. එහෙත්, මධ්‍යම මට්ටමේ හා පහළ මට්ටමේ ආදායම්ලාභීන්ට දරා ගත හැකි කිසිදු නිවාස යෝජනා ක්‍රමයක් කොළඹ හෝ රටේ කොහේවත් නැත. තිබෙනවා නම් තිබෙන්නේ හොර මගඩි ය.

අවදානම් සහිත ස්ථානවලින් ඉවත් වන්නැයි කරන දැනුම් දීම් නො තකා හැරීම ද, සූදානමක් නැතිකම ද අවදානම දෙගුණ, තෙගුණ කරයි. ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව ආපදා තත්වයන් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් කරන මුත්, ඉවත් වීමට සිදු වන මිනිසුන්ගේ ගැටලු පිළිබඳ රජය හෝ වෙනත් කිසිවෙකු හෝ සොයා බලන්නේ නැත.

අපදා වැළැක්වීම සම්පූර්ණයෙන් ම ආණ්ඩුවට පවරා බැන අඬගසමින් සිටීම තරම් මුග්ධ ක්‍රියාවක් තවත් නැත. ජනතාව සියලු වගකීම් ආණ්ඩුවට නො පැවරිය යුතු ය. ආණ්ඩුවෙන් ස්වාධීනව සිය වගකීම් ඉටු කිරීමේ හැකියාව රජයට ගොඩනගා දිය යුතු ය. ඒ සඳහා ආපදා සම්බන්ධයෙන් රජය හරි හැටි ක්‍රියාත්මක වන්නේ ද යන්න විමසා බැලිය යුතු ය. එසේ ක්‍රියාත්මක වී නැති නම්,  ඔවුන්ගේ වගවීම ප්‍රශ්න කළ යුතු ය. 

ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ ආණ්ඩුවට වඩා රජයයි. ආණ්ඩුව කළ යුත්තේ අවශ්‍ය තීරණ, තීන්දු ගැනීමයි. එහෙත්, රජය මෙතෙක් ගත් තීරණ, තීන්දු අනුව කටයුතු කර තිබිය යුතු ය. 

දේශපාලකයන් සංඛ්‍යාවෙන් 500කි. රජය ලක්ෂ 14කට වැඩි මිනිස් බලයකි. එහි කළමනාකාර මට්ටමේ පමණක් 40,000ක් පමණ සිටිති.  

ආණ්ඩු හා දේශපාලකයන් සාමාන්‍යයෙන් ම ආත්මාර්ථකාමී ය; ජනතාව විෂයෙහි සැබෑ සංවේදිතාවකින් තොර ය. එසේම කපටි ය. ඇමතිවරුන්ට වාහන මිළ දී ගැනීමට හෝ අමාත්‍යාංශ ගොඩනැගිලි කුලී ගෙවීමට හෝ ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ පරිපූරක ඇස්තමේන්තු අඩු තරමේ සිදු වී තිබෙන ආපදාව නිසා කල් තැබීමට හෝ තරම් සංවේදිතාවක් තබා උපායශීලිත්වයක්වත් වර්තමාන ආණ්ඩුවට නැත. 

ඒ මුග්ධ ක්‍රියාව පාවිච්චි කර අධි සංවේදී කතා පවත්වන දේශපාලකයිනුත්, තීරු බදු රහිතව වාහන ආනයනය කර ගන්නා, ඒවා විකුණාගන්නා, පොදුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන වරප්‍රසාද කිසිවක් ප්‍රතික්ෂේප නො කරන, මෙතෙක් රටට කිසිදු වැඩක් කර නැති සෝබනකාරයන් බව ද අප අමතක නො කළ යුතු ය.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. යාපාරත්න මියගිය බව නෙත ගැටුනා
    වියපත් මගේ දෙනෙතට කඳුලක් ඇදුනා
    නෙතු අග නළියමින් එය මොහොතක් තිබුනා
    බිඳුවක් වෙලා එය ගංවතුරට වැටුනා

    ReplyDelete
  2. "එහෙත්, ෆේස්බුක් එකෙන් ආපදා කළමනාකරණය කරන තව පිරිසක් සිටිති. ඒ අය පටන් ගන්නේ ම රජය කිසිවක් නො කරන බව, බෝට්ටු නැති බව, කෑම නැති බව කියමිනි......"

    "ආණ්ඩුව එය කරන තෙක් බලා නො සිට රාජ්‍ය සේවයට ම මේ පිළිබඳ යෝජනා ඉදිරිපත් කර ඒ වෙනුවෙන් උද්ඝෝෂණ කළ හැකි ය."

    ඇයි මහින්ද ගේ ආණ්ඩුව තියන නම් තමුසෙත් කරේ වැස්සත් පෑව්වත් ආණ්ඩුවට බැන බැන හිටි එක නෙවෙයි ද? ඒ කාලේ කවදාවත් කිව්වද "ආණ්ඩුව එය කරන තෙක් බලා නො සිට" කියල?

    ලොකුවට රට සුඛිත මුදිත කරන්න කියල ආණ්ඩුව පෙරලලා, රටේ මොන අප්සෙට් එකක් ගියත් මෙතන එනව ලියාගෙන "ආණ්ඩුව එය කරන තෙක් බලා නො සිට" කියල.

    අනේ නිකන් පලයන් බන් යන්න. උඹේ ගොන් ජෝක් ඕනෙ නැහැ ඔයිට කලින් අන්දරේ ගල උස්සපු ජෝක් එක අපි අහල තියෙනවා ඒක කොපි කරලා ආයි කරන්න ඕනෙ නැහැ .

    ReplyDelete
    Replies
    1. මහින්දගේ ආණ්ඩුව කාලෙත් අප හිටියේ ඇත්ත වෙනුවෙන් පෙනී හිටිමින් තමයි. ඒ දවස්වලත් අපට ඔය විදියට ම බනින අය හිටියා.

      ඇතැම් අවස්ථාවල අපට වැරදුණා. බරපතල විදියට වැරදුණා. උදාහරණයක් විදියට 2010දි මම ලිව්වා රාජපක්ෂලා ලසන්ත වික්‍රමතුංග මැරුවේ හේතුවක් ඇතිව බව හා ප්‍රගීත් එක්නැලිගොඩ මරන්නට ඔවුන්ට හේතුවක් නො තිබුණ බව. ඒ වුණාට අවසානයේදී බලනකොට එවැනි ඝාතන පවා සිදු වී තිබුණා.

      තව එකක් තමයි තාජුඩීන් ඝාතනය. හැම එකක් සම්බන්ධයෙන් ම රාජපක්ෂ පවුලට පදනම් විරහිතව චෝදනා කරන එක වැරදියි කියලා අපි කිව්වා. ඒ වුණාට බලනකොට එතනත් සිද්ධියක් තියෙනවා. ඔය විදියට අපට වැරදුණ තැන් පවා තිබුණා.

      රාජපක්ෂ පාලනය අප සිතුවාටත් වඩා පවිටු එකක්.

      මහින්දගේ කාලෙ අප ලියූ ඒවා අධ්‍යයනය කර බලන්න.

      Delete
  3. එලියකන්දේ අටපාස් හමුදාකාරයින්ගෙන් ගුටිකන කොටත් ඔයා ඒ අයගේ සේවාව ඇගෙයෙව්වද පැරා? ජනතාවගෙන් හුරාකන ශ්‍රමයෙන් නඩත්තුවෙන ධනපති ආන්ඩුවට කඩේ යනව මදිවට ඔයා ඒකෙ මුරබල්ලන්ටත් පක්කලි කම් කරන්න පටන් ගත්තද? ඔහොම යන් ඔහොම යන්...

    ReplyDelete
    Replies
    1. ලොව ඕනෑම රටක හමුදාවලට නිශ්චිත කාර්යභාරයක් තිබේ. කැරැලි මර්දනය ද එයින් එකකි. එහෙත්, වධකාගාර පවත්වාගෙන යාම හෝ මිනිසුන් මරා දැමීම හමුදාවේ කාර්යයක් නො වේ. එහෙත්, හමුදා ඒවා කළ හ. ඒවා අපි හෙළා දකිමු.

      එහෙත්, ලංකාව වැනි ආපදා බහුල රටවල හමුදාව කරන සාධනීය කාර්යභාරය අගය කරන්නට එය බාධාවක් නො වේ.

      හමුදා සෙබලුන් අටපාස් යයි කියන කතාව නිර්මානය කරන්නේ රජයෙන් යැපෙන මධ්‍යම පන්තිකයෝ ය. හමුදාවල සාමාන්‍ය සෙබලු වැඩි දෙනෙක් මධ්‍යම පන්තිය විසින් හොඳ පාසල් අත්පත් කර ගැනීම නිසා හොඳ අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාව නො ලැබෙන පීඩිත පන්තික පවුල්වල දරුවෝ ය. ඔවුන්ට හිමි සම අවස්ථා පැහැරගෙන ඉන් පසු ඔවුන් අටපාස් හමුදාකාරයන් ලෙස නම් කිරීම කෙතරම් කුරිරු ක්‍රියාවක් ද? එයින් නිරූපණය කරන්නේ මධ්‍යම පන්තියේ හැටි ය.

      Delete
    2. කොහේ තියෙන පංති විශමතාවයක්ද මන්දා.....පංති විශමතාවය තියෙන්නේ ඉස්කෝලේ.
      නූතන ලෝකය බෙදිලා තියෙන්නේ අමුතුම හරස්කඩකින්. මට හිතෙන්නේ එහෙමයි. පංති සමාජය යනු පුරුශ ලිංගයනම්, පීඩිත පංතිය සහ ධනපති පංතිය යනු වෘශන කෝශ දෙක හෙවත් ඇට දෙකයි. ශිෂ්නය හෙවත් පක යනු මධ්‍යම පන්තියයි. ටොපා යනු ඉහල මධ්‍යම පන්තියයි. මේ සෙට් එක බෙදුනොත් හුකලා හමාරයි :D

      Delete
    3. ඔය අට පාස් කතාව ඉස්සර් අටේ පන්තියේ දී විභාගයක් මගින් ඕ ලෙවල් කරන්න විද්‍යා, කලා, වාණිජ යනුවෙන් තේරූ කාලේ කතාවක්.

      Delete
  4. හමුදා කාරයො කියන්නෙ හොඳ මිනිස්සු නොවෙයි.බොහෝ දුරට ඝාතකයො.ඒත් ලංකාවේ අනික් මිනිස්සුත් වෙනම හොඳ ද ? පැරා කියන විදියට පොදු ආපදාවකදි මිනිස්සුන්ට පිහිට වෙන්නෙ ත්‍රිවිධ හමුදා සෙබලු තමයි .අනිත් උන් එන්නෙ වැඩේ නරඹන්න

    ReplyDelete
  5. මම දැනගැනීම පිනිස අහන්නෙ,පැරා මධ්‍යම පාන්තිකයෙක් නෙමෙයිද?

    ReplyDelete
  6. //ඇමතිවරුන්ට වාහන මිළ දී ගැනීමට හෝ අමාත්‍යාංශ ගොඩනැගිලි කුලී ගෙවීමට හෝ ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ පරිපූරක ඇස්තමේන්තු අඩු තරමේ සිදු වී තිබෙන ආපදාව නිසා කල් තැබීමට හෝ තරම් සංවේදිතාවක් තබා උපායශීලිත්වයක්වත් වර්තමාන ආණ්ඩුවට නැත. //

    ඒ විතරක් නම් මදැයි පැරා අගමැති ඇමරිකා ගියෙත් මේච්චර ආපදාවක් අස්සේ.අර මිතොටමුල්ලේ කුණු කන්ද වැටිච්චි වෙලාවේ රනිල් ජපන් ඉඳන් වියට්නාම් ගිහින් ආවේ වියට්නාම් සංචාරය අතරමගින් නතර කෙරුවා කියලා මාධ්‍ය ප්‍රචාරයක් එක්ක.එහෙව් මනුස්සයා දැන් පුද්ගලික සංචාරයකට ඇමරිකා ගිහිල්ලා.එයා මේ වෙලාවේ හිටියා කියලා වැඩකුත් නැහැ තමයි.එත් පොඩ්ඩක් ඉන්න තිබ්බා මේක නිරාකරණය වෙනකම්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා