කඳු පාමුල සිට ලියමි

මේ අපේ ගම් පැත්ත
කිසිම කන්දක්
කිසිම තැන්නක්
කිසිම කිසිවක්
නොමැත ස්ථිර

අපට දිය දුන්
අපට පණ දුන්
කන්ද පාමුල
නිදමි මම දැන්

අදත් ඊයේ
වගේ මහ වැසි
නොවසින්න යයි
කියමි අහසට

එහෙත් තව වැසි
වසී තවමත්

වියළි දිනවල
ඔබ සිටින බර
නො දැනුණේ ඇයි
සිතමි මම දැන්

දයාබර කඳු
මිතුර ඔබටත්
සුබ රැයක්!

- අජිත් පැරකුම් ජයසිංහ
2017-05-26

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. කඳු පාමුල සිටිමි
    කඳු මුදුනත බලමි
    කඳු මුදුනේ සිටද
    මිටියාවත බලමි

    ReplyDelete
  2. කඳු වලල්ලටත් ඔබලාටත් ආරක්ශිත සුභ රැයක්!

    ReplyDelete
  3. ඉන්නෙ කන්දක් පාමුල නං
    ඔතන නිදන්නේ මක්කැයි
    යන්ට වෙන කොහෙටහරි
    ලමා ලපටිත් ඇරං

    ReplyDelete
  4. පැරාට අවුලක් නැද්ද? රිස්ක් එකක් තියෙනවනම් ඉන්න තැනින් යන එක තමයි හොඳම. ගෙවල් දොරවල් ආපහු හදාගත්ත හැකි, ජීවිතේ බේරගමු

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා