ඥානසාර ඔය ඇති දැන්

ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව නැවතත් සමාජ පිළලයක් ලෙස ඉස්මතු වෙමින් තිබේ. ඔහු වනාහි හිටි ගමන් උඩ එන යළි හිටි ගමන් යට යන අමුතු මහණෙකි. ඔහුගේ උඩ ඒම, යට යාම තීරණය කරනු ලබන වෙනත් සාධක ඇති බව පැහැදිලි ය.

මේ සාධක මොනවා ද? එකක් මුදල් ය. මුදලක් ලැබෙන විට ඥානසාර අවදි වේ. ඥානසාර යනු විදේශ අරමුදල්වලින් නැටවෙන්නෙකු බව හා ඔහුගේ ක්‍රියාකාරිත්වයේ අවසන් අරමුණ සිංහල ජාතිය හා බුද්ධාගම විනාශ කිරීම බව මේ වන විට පැහැදිලි ය. අප සාමාන්‍යයෙන් කිසිදු ආගමක් නො අදහන ජාතිය මූලික සාධකයක් කර නො ගන්නා අය වුවත්, මොහු සිංහල බෞද්ධ ජාතිකවාදයට කරන හානියට එරෙහිව නම් ජාතිකවාදීන් සමග එක් වන්නට අප සූදානම් ය.

දෙවන ප්‍ර‍ධාන සාධකය දේශපාලනයයි. ඔහු විසින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අනුග්‍ර‍හය ලබා ගනිමින් අලුත්ගමදී අවුළුවන ලද මුස්ලිම් විරෝධී ජාතිවාදී ගිනිසිළු අවසානයේදී මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරණයේදී මුස්ලිම් ඡන්ද අහිමි වන තැනකට පත් කළේ ය.

හිටි හැටියේ යළි මතු වී තිබෙන ඔහුගේ වර්තමාන රංගනය සේවය කරන්නේ කාටද යන්න පැහැදිලි නැත. මහින්ද රාජපක්ෂ නැගී සිටීමට උත්සාහ කරන විට ම ඥානසාර ද යළි මතු වන විට ඥානසාර හසුරුවන්නේ රනිල් විසින් ය කියා ද මතයක් ඉදිරිපත් වනු දැකිය හැකි ය.

කෙසේ වෙතත්, මේ හාදයා දැන් නම් අනුකම්පා කළ යුතු මානසික රෝගියකු මට්ටමට වැටෙමින් සිටියි. මේ වන විට ඔහු පසුපස යන පිරිස වනාහි නියම ලුම්පන් පාදඩයන් පිරිසකි. ඔහු සමග සිටින මුග්ධ සාමනේර භික්ෂූන්ගේ නායකයෙක් නිහඬ විරෝධතාවකටැයි කියමින් පොලිස් මූලස්ථානය ඉදිරිපිටට පැමිණ, සුදු ලේන්සුවකින් කට බැඳගෙන ලවුඩ්ස්පීකරයක් සේ මාධ්‍යවලට කතා කළේ ය. ප්‍ර‍ධාන ධාරාවේ සිංහල මාධ්‍ය අවධානය එතරම් යොමු නො වන මොවුන්ගේ ජවනිකාවලට දෙමළ ජාතිවාදී මාධ්‍ය පූර්ණ ආවරණය සැපයීමෙන් ම පෙන්නුම් කරන්නේ මොවුන් සේවය කරන්නේ ඇත්තට ම කාට ද යන්නයි.

මේ රටේ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පසුගියදා ප්‍ර‍සිද්ධියේ ම කියූ කාරණයක් වන්නේ තමන් අධිකරණ ඇමති තනතුරේ සිටින තුරු ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට ඉඩ නො දෙන බවයි. එවැනි දේශපාලකයන්ගෙන් නායකත්වය ලබන නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල අකාර්යක්ෂමතාව ගැන අප පුදුම විය යුතු නැත. පසුගිය යුගයක් පුරා ම පොලිසිය හා අධිකරණය හැඩගස්වනු ලැබුවේ පාලනයට අවශ්‍ය දේ, අවශ්‍ය පමණින් ඉටු කිරීමටයි. දැන් පාලනයට අවශ්‍ය දේ කුමක්දැයි පැහැදිලි නැත. එයට හේතුව රටේ පාලනයන් එකකට වඩා පැවතීමයි.

වර්තමානයේ පවතින දේශපාලන තත්වය එක්තරා ආකාරයක මෘදු අරාජිකත්වයකි. මේ වන විට ආණ්ඩුවට අමතරව රාජ පක්ෂය ද, සයිටම් විරෝධී ආගමික කල්ලිය ද, චූල වෘත්තීය සමිති ද, විවිධ ජනමාධ්‍ය ද, පාතාල ලෝකය ද තැන් තැන්වල තම තම පමණින් පාලනයන් පවත්වාගෙන යති.

ඥානසාර භික්ෂුව මේ උත්සාහ කරන්නේ ගෝඨාභයට අධිකරණ ඇමති දී ඇති ගැරන්ටිය වැනි දෙයක් මැර බලයෙන් දිනා ගන්නට ය. ඔහු එහිදී යම් දුරකට සාර්ථක වී ඇති බව අධිකරණය, පොලිසිය ඔහු ඉදිරියේ දක්වන නිවට ප්‍ර‍තිචාරවලින් පෙනේ.

අනෙක් පැත්තෙන්, බොහෝ විට දුප්පත්කම නිසා ළමා කල මහණ කරනු ලැබ, සිවුරු ඇඳ සිටින වැඩිහිටි පුරුෂයන් අතින් අපචාරයට ලක් වී, මානසික ප්‍ර‍තිකාර අවැසි මට්ටමක සිටින, එහෙත්, බෞද්ධයන් විසින් සිවුර නිසා මුරුංගා අත්තට නංවා සිටින මේ පුද්ගලයන් එක්තරා දුරකට සමාජ අනුකම්පාව හිමි විය යුතු පිරිසකි.

සමාජය විසින් ඔවුන් පසුපස මොබ් නිර්මානය කරමින්, ඔවුන් නිරන්තර මොබ් මානසිකත්වයක තැබීම විසින් පුද්ගලයන් ලෙස ඔවුන්ට සිදු වන හානිය හුදු පෞද්ගලික සීමාවෙන් අවසන් වන්නේ නැත.

නිතර මොබ් සමග ගමන් කරමින් සිටි මාදුළුවාවේ සෝභිත හිමි, අතුරලියේ රතන හිමි වැනි අයට පසු කලෙක හෝ මේ ජීවිතවල නිස්සාරත්වය වැටහිණු බව පෙනේ. එහෙත්, ඔවුන් ඉවත් වන විට ඒ තැන ගන්නට තවත් බොහෝ අය ඉදිරිපත් වෙති. හේතුව, ලැබෙන ප්‍ර‍සිද්ධිය සමග ඔවුන්ට ලැබෙන වරප්‍ර‍සාද, තාන්න මාන්න, ධනය ආදියයි.

ඥානසාර අත්අඩංගුවට ගත යුතු ය. ඔහුට එරෙහිව වාර්ගික අසමගිය හා ප්‍ර‍චණ්ඩත්වය ඇති කිරීම සම්බන්ධයෙන් ඇති නීති මත ක්‍රියා කළ යුතු ය. ඔහු පුනරුත්ථාපනය කළ යුතු ය. මේ කාලකණ්ණි ජීවිතයෙන් මිදීමට අවශ්‍ය නම් ඔහු ටික කලකට හිරේ ගොස් එන එක ඔහුට ම හොඳ ය. එවිට වෙනත් තලයකින් ප්‍ර‍ධාන ධාරාවේ දේශපාලනයට පිවිසීමට පදනමක් ද වැටෙනු ඇත. 

දැන් මේක ලිව්වාම මෙතන ඇවිත් මුස්ලිම් උන්ට නැති නීතිය ඥානසාරට විතරක් මොකද කියා ගොන් ප්‍ර‍ශ්න අහන අයට අපට දීමට ඇත්තේ සරල පිළිතුරකි. දෙමළ හෝ මුස්ලිම් සමාජවල මේ වර්ගයේ හරකෙකු නැත. වෙනත් වර්ගවල එවුන් ඉන්නවා ඇත. ඉන්නවා නම් ඔවුන්ගේ නම්වලින් පැහැදිලි කරුණු සහිතව පැමිණිලි කරන්න. පැමිණිලි යනු පැමිණිලි මිස අවලාද නො වේ. ලංකාවේ පොලිසිය අප දන්නා තරමින් සුළුජාතික ත්‍ර‍ස්තවාදීන්ට එරෙහිව ක්‍රියාත්මක වීමේදී පට්ට කාර්යක්ෂම ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. /* මේ සාධක මොනවා ද? එකක් මුදල් ය. මුදලක් ලැබෙන විට ඥානසාර අවදි වේ. ඥානසාර යනු විදේශ අරමුදල්වලින් නැටවෙන්නෙකු බව හා ඔහුගේ ක්‍රියාකාරිත්වයේ අවසන් අරමුණ සිංහල ජාතිය හා බුද්ධාගම විනාශ කිරීම බව මේ වන විට පැහැදිලි ය. */

    පැරාට බුද්ධි අංශ වාර්තා ලැබුණා ද?

    මට නම් පැහැදිළි නෑ එහෙම නිවරුදිව කියන්නේ කොහෙමඳ කියලා!

    ReplyDelete
    Replies
    1. ඥානසාර විදේශ අරමුදල් ලබා ගැනීමට දැරූ ප්‍රයත්න පිළිබඳ කරුණු හෙළිදරව් වී තිබේ. මෙවැනි සංවිධාන සාමාන්‍යයෙන් පෝෂණය වන්නේ ඉතා කුමන්ත්‍රණකාරී අරමුදල්වලිනි.

      Delete
  2. අතිපුජනිය ගලගොඩඅත්තේ ඥානසාර ගරු නායක හිමියන් කියන්නේ අපේ රටේ මුර දේවතාවුන්වහන්සේ කෙනෙක්. උන්වහන්සේ කතාබහ කරන්නේ උන්වහන්සේගේ පෞද්ගලික දෙයක් නෙමෙයි. අපේ රට, ජාතිය,ආගම ගැන. නැත්තනම් උන්වහන්සේටත් තිබ්බා වතුර ටිකක් නාගෙන, දානේ ටික වලඳලා, බුදුසරණ පත්තරේ බලලා ඉන්න. ඒත් උන්වහන්සේ එහෙම නැතුව මරණ තර්ජනය, නින්දා ගැහැට,අප්‍රමාණ බොරු චෝදනා, නඩු හබ වලට මුහුණ දෙමින් මේ කතා කරන්නේ අපි වෙනුවෙන්. අපේ ආගම,ජාතිය,රට වෙනුවෙන්. අපි උන්වහන්සේ සමගයි...

    ReplyDelete
    Replies
    1. වතුර ටිකක් නාගෙන, දානේ ටික වලඳලා, බුදුසරණ පත්තරේ බලලා ඉන්න බෑ බන්. ප්‍රාඩෝ ගන්න ඕන ඒවට තෙල් ගහන්න ඕන අඹූ දරුවො නඩත්තු කරන්න ඕන. ඉම්පෝටඩ් විස්කි ගන්න ඕන ගල් ගහන්න බෑ ඉස්සර වගේ. ඉහළ පැලන්තියට ආවම වියදම් වැඩී හාමුදුරුවන්ට වුණත්.

      Delete
    2. un wahanse karanna ona oya ekak wath nevei, bawana karana eka, thamange hitha ekka thamai satan karanna ona, rata jathiya bera ganna deyak naha baudda himi namak hatiyata siyalu deta thiyana bandeem adu karagannai balanna ona. anith eka rata kianne mokakda? muslim ayata me rata aithi nadda? jathiya kianne mokak da? muslim aya me jathiye newei da? dan me awith thiyana ganwathura sinhala muslim kiala balala wenas widihata galanne? hamuduruwaru inne wathura nala paththara bala bala inna nevei, budu dahama praguna karanna, siyalu denata maithriya karanna. pera elata liala thianawa supurudu lesatama.

      Delete
  3. පැරා,

    //පොලිසිය ඔහු ඉදිරියේ දක්වන නිවට ප්‍ර‍තිචාරවලින් පෙනේ. //
    පොලිසිය මේ කරන්නේ යහපාලනයේ කොන්ත්ර්ත්තුවක් තමයි හැබැයි පසුගිය දවසක ඥානසාර භික්ෂුව නීති විරෝදිව අත්අඩංගුවට ගන්න ගිහිල්ල හොලිසියත් යහපාලනයත් නිකම්ම කිච උනා.

    //ඥානසාර අත්අඩංගුවට ගත යුතු ය.//
    මෙහෙම කියනකොට නීති විරෝදී වන විනාශ කරන සහ නිතිවිරෝදිව ජනපද ඇතිකරන Rishad Bathiudeen අත්අඩංගුවට ගන්න ඕනේ නැද්ද ?

    //ඥානසාර අත්අඩංගුවට ගත යුතු ය. ඔහුට එරෙහිව වාර්ගික අසමගිය හා ප්‍ර‍චණ්ඩත්වය ඇති කිරීම සම්බන්ධයෙන් ඇති නීති මත ක්‍රියා කළ යුතු ය. ඔහු පුනරුත්ථාපනය කළ යුතු ය. මේ කාලකණ්ණි ජීවිතයෙන් මිදීමට අවශ්‍ය නම් ඔහු ටික කලකට හිරේ ගොස් එන එක ඔහුට ම හොඳ ය.//

    මිට ඇයි විග්නේශ්වරම් ඇතුලත් වෙන්නේ නැත්තේ ඇයි Rishad Bathiudeen ඇතුලත් වෙන්නේ නැත්තේ ? ඔවුන් ජාතිවාදය ඇති කරන්නේ නැද්ද ?

    //දෙමළ හෝ මුස්ලිම් සමාජවල මේ වර්ගයේ හරකෙකු නැත.//
    රටේ ප්‍රදාන බලවත් ජාතිය උනානම් ඔය ජාතිවල හරකුන්ගේ වැඩ බලන්න තිබුන, මතකනේ 1991 දී යාපනේ මුස්ලිම් මිනිස්සු නිකම් බල්ලෝ වගේ පරම්පරාගණනක් හිටපු නිවාස වලින් දොට්ට දාපු විදිය, එතන බහුතරය උනේ දෙමල ජාතිකයන්. මේ මෙලෙච්ච සිදුවීමට ලෝකයේ දෙමල මිනිසුන් කී දෙනාද වචනයක් කතා කලේ, මේ මුස්ලිම් මිනිසුන් පදිංචි වීමට පහසුකම් දුන්නේ සිංහල බහුතරය ඉන්න ප්‍රදේශ වල නේද ?


    //ලංකාවේ පොලිසිය අප දන්නා තරමින් සුළුජාතික ත්‍ර‍ස්තවාදීන්ට එරෙහිව ක්‍රියාත්මක වීමේදී පට්ට කාර්යක්ෂම ය.
    https://www.facebook.com/Amithweerasinghe.M/videos/514693805321114//

    ඔබට මතක නැද්ද අස්රොප් ගේ ඉදල Rishad Bathiudeen වෙනකම් කිසිම සුළු ජාතික දෙසපාලුවෙක් කල කිසිම වරදකට පොලිසිය මොනවද කරලා තියෙන්නේ ඔබට ඉහලින් පෙනෙන විඩියෝ වෙන් පෙන්නේ ඔය සුලුජාතින් ඉදිරියේ දක්වන කර්යක්ෂම කම තමයි.

    මෙතැනදී ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවගැන කිවයුතු දෙයක් තියනවා, මට පෙන විදියට මොහු කරන්නේ රටේ බුදුදහමට විරුද්දව කොන්ත්රත්තුවක් තමයි ඔහු බැටළු හම් පොරවගත්තු නරියකුගේ රංගනයක් තමයි කරන්නේ.

    සරලව කියනවා නම් රජයට පැවැත්මට ජාතිවාදය උවමනා කරනවා, මෙහිදී සිදුවිය යුත්තේ ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව ටත් Rishad Bathiudeen ටත් විග්නේශ්වරම් ටත් එක ලෙස දැඩි දඩුවම් කිරීමයි එහෙම කලානම් ඔය කිසි ජාතිවාදය ඉතිරි වෙන්නේ නෑ, මම කලින් කිව්වා වගේ ජාතිවාදී අදහස් ප්‍රකාශ කිරීම අපරාද වරදක් කරලා, නිතිය කඩන සැමට එක විදියෙන් දඩුවම් කිරීමයි කලයුතු.

    ReplyDelete
    Replies
    1. අන්න මරාට කහින වසූ පැටිය ශේප් එකේ නානසාරව සුද්ද කරන්න ඇවිත්.. බදුර්දීන්, විග්නේෂ්වරන් කියන්නෙ මහජන චන්දෙන් පාර්ලිමේන්තු හා පලාත් සභා ගියපු මහජන නියොජිතයො.. අනික සිංහල හමුදාවෙන් බලපතල අසාධාරනයත ලක්වූ උතුරේ දෙමල ජනතාව වෙනුවෙන් විග්නේෂ්වරන්ත කතාකරන්න අයිතිය තියෙනව... විග්නේෂ්වරන් කියන කතාවලට මරාවාදී ඔහෙලට රිදුනත ඒවා ජාතිවාදී කතාවෙන්නෙ නෑ... විෂෙසයෙන්ම උතුරේ දෙමල ජනතාවගෙන් හමුදාව බලෙන් පැහැරගෙන ඉන්න ඉදම්, දෙමල් යුධ සිරකරුවො, හමුදා ශෙල්වෙඩි වලින් මැරුන 40,000 සිවිල් ජනතාව ගැන ඔහු නැතිව ඔහේ ගිහින් කතාකරන්නද? බදුර්දීන් ජාතිවාදියෙක්නම් එතකොත විමල් ජාතිවාදියො නෙමේද? ඇයි උගේ නම මෙතැන නැත්තේ...
      නානසාර කියන්නේ බෞද්ධ චන්ද 2000 ගත්තෙ නැති වසලයෙක්... උගේ පිතිපස්සෙ ඉන්නෙ මරා... ඔහෙ ඔය විදිහට මරාගේ අසූචි දිවෙන් සුද්ද කරනකොට අපිට හිරිකිතයි...

      Delete
  4. මේක බොහොම නුවණින් විසඳිය යුතු ප්‍රශ්ණයක්.. ඔවුන්ට එදිරිව ගන්න ඕනෙම ක්‍රියාමාර්ගයක් ඔවුන්ගේම වාසියට හැරෙන වටපිටාවේ තියෙන්නේ .. 'ඉන්ටෙලිජන්ස්' තියෙන්නේ මේ වගේ වැඩවලට..

    ReplyDelete
  5. /ඔහුගේ වර්තමාන රංගනය සේවය කරන්නේ කාටද/? අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ටද?

    ReplyDelete
  6. පැරා "මොබ්" කියන වචනය පොඩ්ඩක් අර්ථ දක්වන්නකෝ.

    ReplyDelete
    Replies
    1. මොබ් යනු කිසියම් අරමුණක් වෙනුවෙන් ප්‍රතිචාර දක්වන්නට එකතු වෙන ආවේගශීලී ජන සමූහයකි. මොබ් එකක් යනු තනි, තනි පුද්ගලයන්ගේ එකතුවකට වඩා වැඩි දෙයකි. මොබ් එකක හැසිරීම තීරණය වන්නේ බුද්ධියෙන් නොව, ආවේගවලිනි. මොබ්වලදී පුද්ගලයන් කටයුතු කරන ආකාරය ගැන තනි තනි පුද්ගලයන් වශයෙන් ඔවුන්ට පූර්ණ අවබෝධයක් නැත.

      Delete
  7. ඥානසාර ජාතිවාදී ආගම්වාදී ප්‍රකෝපකාරී ලෙස හැසිරන් උත්තමයන්ට කිසිදු සමාවක් නැහැ කියලා සුහුඹුල් රනිල් කියා තිබුනේ, බේරුවල සිද්ධියට ඍජුවම වග කිවයුතු ගෝඨා ට කිරි පොවන ගමන්. අනේ මගේ කට .

    ReplyDelete
  8. අපේ රටේ ලොකුම පිලිලය වන්නේ බුදු දහමටත් නිගා කරන මෙවෙනි සිව්රු පෙරවාගත් මදාවියො පිරිසකි. මොවුන් කෙසේ හෝ මට්ටු කල යුතුමය.

    ReplyDelete
  9. එතුමාගේ හීන වලට මෙතුමා කරන විනාසෙ එතුමාට තේරෙන්නේ නැහැ. ඒක තේරුණානම් එතුමා සුදු වෑන් එක එවල මල්ලි තුමා හරහා.

    ReplyDelete
  10. බොදු බල සේනාව දෙස සුබවාදී ඇසකින් බලන්න බැරිද පැරා?

    ReplyDelete
  11. //දෙමළ හෝ මුස්ලිම් සමාජවල මේ වර්ගයේ හරකෙකු නැත.//

    RAYAPPU JOSEPH
    RISHAD BADURDEEN
    SIVAJI LINGAM
    ABDUL RASIK (THAWHEED JAMATH)

    WANNA SOME MORE???

    ReplyDelete
    Replies
    1. මේ නම් සඳහන් කරන ලද අය ජාතිවාදීන් බව ඇත්ත ය. එහෙත් ඔවුන් අතර මේ වගේ එක මෝඩයෙකුවත් නැත. සිංහල සමාජයේ තව මෙවැනි ජාතිවාදීහු බොහොමයක් සිටිති. එහෙත්, ඔවුන් අතරින් ද ඥානසාර සුවිශේෂ වන්නේ මෝඩකම නිසා ය.

      Delete
    2. නමුත් ඒ දෙක සමාන කරන්න බැහැ නේද? අපි එකඟ වුනත්, නොවුනත් ඔවුන් කතා කරන්නේ ඔවුන්ගේ අනන්‍යතාවය,අයිතීන් වෙනුවෙන්. නමුත් මහ ජාතිය පිලිතුරු දෙන්නේ අධිපතිවාදයකින්. ඒ දෙක අතර වෙනසක් නැද්ද?

      Delete
  12. ඥානසාරට දැන් ලැබෙන ගාණට වඩා වැඩිපුර ගාණක් අනිත් පැත්තෙන් ලැබුනොත් කට වහගෙන ඉඳි.

    ReplyDelete
  13. ඇත්තටම ඔබ පවසා ඇති දේ හා මා සියයට දාහක් එකගයි....

    ReplyDelete
  14. බුදු හාමුදුරුවො කියල තියෙන,නියම බුද්ධාගමක්,පවතිනවට බොහොමයක් දේසපාලුවො වගේම නායක හාමුදුරුවරුත් කැමති නැහැ.මොකද එහෙමවුනොත්,ගොඩක් සැප සම්පත් තනතුරු අතහරින්න වෙනව.මේ වාගෙ අංගවිකල බුද්ධාගමක් තියෙනවට ඔය හොරු සේරම මනාපයි.

    ReplyDelete
  15. http://www.ada.lk/article/244672/%E0%B6%A5%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%BB-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A

    ReplyDelete
  16. මේ නානසාර මදාවියා 'LONE WOLF' කෙනෙක් නොවෙයි. මේකා පිටිපස්සෙන් මහින්ද, ඝෝටා අවතාර, මලබධ්දේ පාදඩයෝ, නුගත් පීඩිත පන්තියේ 'සිංහල බෞද්ධ' අමනයො ඉන්නවා. ඒ අතරේ මේකව මෙහෙයවන්න 'මුල්‍ය ආධාර' වෙනත් බෞද්ධ විරෝධී විදෙස් ඒජන්සි මගින් සපයනවා ඇති.

    මේ මදාවියාගේ අතිශය විනාශකාරී හැසිරීම, මලබද්ධේ හොරහවුලෙ අනුග්‍රහයෙන් කෙරෙන GMOA ත්‍රස්තවාදීන්ගේ කෙළවරක් නැති මිනීමරු වර්ජන, ජෙප්පන්ගේ හා පෙරේට්ටන්ගේ අනුග්‍රහයෙන් කෙරෙන අන්තරේ රිලවුන්ගේ අතොරක් නැති උද්ගෝෂණ ආදී සියලු ජනතා ද්‍රෝහී ව්‍යාපාර කේවල ව්‍යාපාර නොවෙයි,

    මේවා, කොන්දක් නැති හංගොල්ලෝ වැනි නායකයෝ දෙන්නෙක් විසින්, ඔහේ ඕන විදියකට යන්න ඇර බලාසිටින නන්නපෝල් යහපාලන රජය අඩපන කර මහින්ද හොරාව නැවත උත්තාපනය කිරීමට සැකසු ව්‍යාපෘතියක එකිනෙකට සම්බන්ධ කොටස්.

    රට හිතාගන්න බැරි තරම් මහා විනාශයක් කරා ඇදගෙන යන මේ මදාවි ත්‍රස්තයන්ව මර්දනය කිරීමට, කිසිම වගකිවයුත්තෙක් ක්‍රියා නොකරන්නෙ, උනුත් මේ විනාශකාරී ව්‍යාපෘතියේම කොටස් කරුවන් නිසා වෙන්න ඇති.

    ReplyDelete
  17. ඉස්සර නම් දැක්ක දැක්ක එකාව හපා කමින් පාරෙ දුවන පිස්සු බල්ලෙක් දැක්කම, පොලිසියෙන් වෙඩි තියනවා. නැත්නම් මිනිස්සු එකතුවෙලා ගහල මරල දානවා.

    මේ කාලේ ඒ දෙකම වෙන්නෙ නෑ වගේ.....මිනිස්සු පව්.

    ReplyDelete
    Replies
    1. නෑ.. අපි සත්වහින්සනය පි‍ටුදකින රටක් වසයෙන් දැන් එහෙම බල්ලො මරන්නෑ.ඔයා ඔටාරා අක්කිගෙන් කන්න ඔය හදන්නෙ... නොටිය..

      Delete
  18. අතුරලියේ රතනයි ඥානසාරයි නිමල්කා ප්‍රනාන්දුගේ රැස්වීමක් කඩාකප්පල් කරන දර්ශනයක් U-tube එකේ තවමත් තිබෙනවා.
    රිෂාඩ් බදුර්දීන් එක්ක ඥානසාර එක කුඩුවක දාලා තිබ්බොත් දෙන්නම පුනරුත්ථාපනය වෙලා ඒවි.

    ReplyDelete
  19. "වැඩ පටන් ගන්න ඉස්සෙල්ල ජාතික ගීය කියල, ඊලඟට පොලිස් ගීය කියල, ඊට පස්සේ මොන ආගමේ උනත් හැම එකාම
    භාවනා කරලා හිටංලා" කියල, ස්වාසිලන්තේවත් නැති නීති පනවල තියෙන පට්ට ගෝත්‍රික පොලිස්පතියෙක් ඉන්න මේ අම්මට සිරි ලංකාවේ පොලිසිය ඔය සිවුරු කාරය අල්ලන එක නම් හබක්.

    'අද දෙරණ' පුවත් අඩවියේ තිබුණ

    "ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක්"

    යනුවෙන් වූ හෙඩිම දැක්කම මට හිතුනෙ, ඥානසාර කියන්නේ බින් ලාඩන් ජාතියේ පොරක්ද කියල.

    නැත්නම් මේ උදේ දවල් මාධ්‍ය සාකච්චා තියන, ඇමති කාර්යාල වලට ගිහින් අමතිලගෙන් ගේම ඉල්ලන, පාර තොටේ සිවුර උස්සන් ඉන්න මේ මගෝඩිව අල්ලන්න 'මෙහෙයුමක්' ඕනෙද?

    ReplyDelete
  20. විජේවීර එලොව ගියා
    ජවිපෙ අඬය පහව ගියා
    ප්‍රභාකරන් එලොව ගියා
    කොටි කරදර පහව ගියා
    ඥාණසාර උඹ තාමත් .....

    ReplyDelete
  21. ලොක්කා... මේ ඔක්කොම සංදර්සන...මේ වෙනදේ නොතේරෙන්න මුං බබ්බුද..??? නෑ අපි ජහමනය තමයි බබ්බු... මොකද්ද තියෙන විකල්පය....??? අපිට තේරෙනවනං අපි විකල් පයක් හොයාගන්න ඕනෙ... විකල්පයක් නිර්මානය කරන්න ඕනෙ. අපිට එහෙම විකල්පයක් නිර්මානය කරන්න බෑ. ඒ.. බැරිකමේ අපිව ගිල්ලල තියෙන්නෙ. මොකද්ද අපි හොයාගත්ත විකල්පය..??? අපි ආකස්මික බලවේගයකිං විකල්පයක් දෙනකං බලං ඉන්නව. චන්දයක් එනකොට දං ඉන්න උන් හොරු ඒ ඉනිසා අරුංව ගේමු කියල උන්ව ගේනව... ඒත් උං ඇවිල්ල ඒ දේම කරනව. ආ.. උංතරං මුං එහෙම නෑ කියල අපි ස්වයංවින්දනේ ලබනව... එකම කාසියේ දෙපැත්ත අපි පෙරල පෙරල ඉන්නව. ඒතනිං එහාට දෙයක් නෑ... හාද..??විකල්ප එහෙම නිකන් නිර්මානය වෙන්නෙ නෑ. ඒකට අවශ්‍යතාවක් එන්න ඕනෙ. නමුත් අපිට එහෙම අවංක වයශ්‍යතාවක් නෑ. හේතුව පෞද්ගලිකව අපිට තාම එහෙම උවමනාවක් නෑ. මොකද දෙනලද තත්වයන් යටතේ අපිට යංතං හරි පෞද්ගලිකව කාල බීල ඉන්නපුලුවං. මේක සුලුදනේශ්වර චින්තනය... මේ කතාකරන ඔක්කොම ප්‍රගතිශීලී කියන උන් පෙන්නන විකල්පය මොකද්ද..???? අන්තිමේදී මේ සාම්ප්‍රදායික පක්ශ දෙකෙන් එකකට කඩේ යන එක . ඒකට ලස්සන උත්තරේකුත් තියෙනව. මේ දෙක ඇර වෙන මුකුත් නෑ... ඇත්ත කතාව මුන්ට විකල්පයක් හොයාගන්න හැකියාවක් නෑ... වෙන මුකුත් නිර්මානය කරගන්න අවංක උවමනාවක් නෑ

    ReplyDelete
  22. ෂින්හලMay 26, 2017 at 9:46 AM

    ඥානසාර(නොර්වේ නිකාය) බුද්දාගම කයි.
    ඥානසාර හැර අනෙක් සිවුරුදාරීන් බුද්දාගම වලදති.
    තම්බිලා රටම කති.
    දෙමලු හැති අරති.

    ReplyDelete
  23. ඥානසාරMay 26, 2017 at 8:58 PM

    පැරා උඹලටත් වැස්සෙන් කරදරද ?

    ReplyDelete
    Replies
    1. අපට අවුලක් නැහැ ඥානෙ. උඹට ඔප්ෂන් දෙකක් තියෙනවා.

      1. එළියට ඇවිත් භාර වෙලා හිරේ කට්ට කන ගමන් මෝඩ් එක ඩිප්ලොමැටික් විදියට වෙනස් කර ගනින්. එතකොට ඊළඟ ඡන්දෙන් උඹ ගොඩ.

      2. ටිකක කල් හැංගිලා ඉඳලා රටින් පැන ගනින්. බුරුමෙ වගේ රටක දේශපාලන රැකවරණ අරගෙන සද්දෙ දාගෙන ඉඳපන්.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා