ජාතික ප්‍රශ්නයේදී සිංහල බෞද්ධ හා දෙමළ මාවත් හැර වෙනත් පාරවල් නැද්ද?

ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් මැද මාවතක් නැති ය කියන එක ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මෙන්න මෙහෙම ඉදිරිපත් කරනවා.

යුද්ධයේ අවසානය පිළිබඳව සිංහල-බෞද්ධ පාර්ශවයෙන් හා දෙමළ පාර්ශවයෙන් ඉදිරිපත් වන කියාපෑම් දිහා බැලූ විට පැහැදිලිවම පේන දේ තමයි දෙපාර්ශවයටම තමන්ගේ කියාපෑම් සඳහා ඉතාම පැහැදිලි හේතු තිබෙන බව. අප වැනි අය පිළිගත්තත් නැතත් මේක මගහැරයා නොහැකි යථාර්ථයක්. හොඳින්ම පෙනෙන දේ තමයි සමාජ දෙක අතර තිබෙන දුර එන්න එන්නම දුරස්ථ වන බව. පිලිප් ශාන්ත කියල තිබුණ වගේ අපි බලන් ඉන්න ඕනෙ දෙමළ සමාජය තුළ වර්ධනය වන නව ගතිකයන්ට සිංහල-බෞද්ධ දේශපාලනය මුහුණ දෙන්නෙ කොහොමද කියල. කොහොම වුනත් මේ ප්‍රතිවිරුද්ධ ජාතිකවාදයක් දෙක අතර තිබෙන දුරස්ථභාවය සමනය කිරීමට දැනට මැද මාවතක් නැති බවනම් පැහැදිලියි. - නිර්මාල් රංජිත් දේවසිරි

සමාජ දෙක අතර තිබෙන දුර එන්න එන්නම දුරස්ථ වෙනවා ය කියන තර්කය අනුව ගත්තොත්, ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් දෙකයි තියෙන්නෙ. එකක්, දෙමළ වෙනම රාජ්‍යය. අනෙක, සිංහල මූලික රාජ්‍යය විසින් දෙමළ ජනයා මර්දනය කිරීම.

මෙතනදී නිර්මාල්ගේ ගෝටා-2020 ව්‍යාපෘතිය ස්ථානගත වන්නේ මේ දෙවන කාරණය සමග විය යුතුයි.

හැබැයි නිර්මාල් මීට ටික දවසකට ඉහතදී මීට වඩා පරස්පර විරෝධී කතාවක් කිව්වා මා සමග ඇති වුණ සංවාදයකදී. ස්වයං නිර්ණ හිමිකම කියන්නෙ මොකක් ද කියා මගෙන් ඇහුවා ම මම කීවා ඒක ජාතියකට වෙන් වී වෙනම රාජ්‍යයක් හදා ගන්නට තිබෙන අයිතිය බව. එතකොට නිර්මාල් කිව්වෙ මෙහෙමයි.

Nirmal Dewasiri ඒක ස්ව්‍යං නීර්ණ අයිතිය ප්‍රකාශයට පත් කරන එක ක්‍රමයක් විතරක් වෙන්න බැරිද?
Nirmal Dewasiri ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ ස්ව්‍යං නීර්ණ අයිතිය කියන්නේ දේශපාලන වශයෙන් වෙනම සිතන ප්‍රජාවකට තමන්ගේ සාමූහික දේශපාලන ඉරණම තම ප්‍රජාව තුළ ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවකින් තීරණය කරගැනීමට තියෙන අයිතිය කියල සලකන්න බැරි ඇයි?

Reply
2
May 9 at 12:33pmEdited

මේ සාකච්ඡාව නිර්මාල් කියන විධියේ ප්‍රජාතාන්ත්‍රික එකක් නම්, එහිදී සැලකිල්ලට ගත යුතුව තිබෙන මූලික ම කරුණක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කිසියම් ප්‍රජාවක් සෙසු ප්‍රජාවන්ගෙන් හුදකලාව තීරණවලට එළඹීම නො වන බවයි.

ඒක හරියට මේ වගේ. දැන් ඔබේ ගමේ පවුලක් කියනවා ඔවුන්ගේ භූගෝලීය සීමාව ඇතුළේ පවුලේ කටයුතු තීරණය කිරීම ප්‍රජාතාන්ත්‍රිකව ඔවුන් විසින් කරනවා ය කියලා. ඒ අනුව ඔවුන් බහුතර කැමැත්තෙන් තීරණය කරනවා ඔවුන්ගේ ගෙදර කුණු පාරට ගෙනැවිත් දැමිය යුතු බව. ඒක ප්‍රජාතාන්ත්‍රික තීරණ ගැනීමක් නො වන බව ඔබට තේරෙනවා නේ.

ජාතීන්ගේ ස්වයං නිර්ණ අයිතියත් එවැනි දෙයක්. වර්තමාන ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තුළ ස්ථාපිත නො වන ජාතීන්ගේ ස්වයං නිර්ණ හිමිකම් ප්‍රජාතන්ත්‍රවාදී නැහැ.

නිර්මාල් මෙහිදී මේ ප්‍රශ්නය සලකන්නේ සිංහල, දෙමළ ජාතිවාදීන් අතර ගැටුමක් පමණක් ලෙසයි. හැබැයි මෙතන ඊට වඩා අරගල සංඛ්‍යාවක් තිබෙනවා.

ජාතිවාදීන්ගේ අරගලයි, වාමාංශිකයන්ගෙ අරගලයි, ප්‍රගතිශීලීන්ගෙ අරගලයි කියලා තුන් ජාතියක් පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. ජාතිවාදීන් අරගල කරන්නෙ ජාතික රාජ්‍යවල ස්වභාවය වෙනුවෙන්. වාමාංශිකයන් බොහෝ විට ජාතිවාදීන්ගේ වලිග වෙමින් ජාතිවාදී නිරුවත වහ ගන්න සමාජවාදී සළුපිළි අඳිනවා. ප්‍රගතිශීලීන්ගේ අරගලය වෙනත් එකක්. ඒ තමයි ජාතිය කියන දේශපාලන ප්‍රජාව ඉක්මවා ගිය පුළුල් දේශපාලන ප්‍රජාවන් වෙනුවෙන් අරගල කරන එක. ඒක පුළුල් අරගලයක කොටසක්.

මෙතනදී මම නම් හිතන්නෙ පොදු ජනතාවගේ අරගලය කියන්නේ ඉහතදී මම ප්‍රගතිශීලීන්ගේ අරගලය ලෙස හඳුන්වන ලද එකයි.

මා ඉදිරිපත් කරන කාරණය වන්නේ ජාතික ප්‍රශ්නයේදී තුන්වන පාර්ශ්වයකටත් තමන්ගේ කියාපෑම් සඳහා ඉතා පැහැදිලි හේතු තිබෙන බව. ඒත් ප්‍රශ්නය වන්නේ ඒ හේතුවලට සවන් දෙන්නට නිර්මාල්ලා සූදානම් නැතිකම. ඒකට හේතුව තමයි ඒ හඬට වරනැගීමක් නැති වීම.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා, ජාතිවාදීන්ගේ අරගලයි, වාමාංශිකයන්ගෙ අරගලයි, ප්‍රගතිශීලීන්ගෙ අරගලයි කියලා තුන් ජාතියක් පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා නම් ද්‍රවිඩ ජනයාගේ අරගලය මෙයින් කොයි කොටසට අයත්ද කියා ලඝු කර හැකිද?

    මේ සියල්ලේම සවිඥානිකව මිශ්‍ර වූ සිහින ඇති කොටස් ද්‍රවිඩ ජනයාගේ අරගලය පිටුපස නොසිටියේද? ද්‍රවිඩ අරගලය කී සැනින් විමුක්ති කොටි සංවිධානය ගැන පමණක් කතා කිරීම යුක්ති සහගතද? මේ ගැන සදහනක් නැත්තේ ඇයි?

    සැබෑ අරගලය ඇත්තේ මේ සියල්ලම නිසා නොව අධික පරිභෝජනකාමී ආර්ථික ක්‍රමය නිසා නොවේද? යල්පැන කියා සෝවියට් සමාජවාදය අත්හැර දමා ධනවාදයේ උපරිමයට ගිය විට ගොඩ නැගෙන ස්කැනේඩියානු ධනවාදී-සමාජවාදය මේ සියල්ලටම පිළිතුරු බව පැරකුම් ඔබට නොහැගෙන සත්‍යය නොවේද?

    ReplyDelete
  2. දෙමළ ජනයාගේ අරගලය ජාතිවාදීයි. එහි සාධාරණත්වය පිළිබඳ දැක්ම ද ජාතිවාදීයි. ප්‍රශ්නය තිබෙන්නේ ජාතිවාදියකු නො වන කෙනෙකුට ඒ අරගලයත් එක්ක ඓන්ද්‍රියව සම්බන්ධ වන්නට හේතුවක් නැතිකම තුළයි.

    මා යෝජනා කරන දෙය වන්නේ ප්‍රගතිශීලීන් පීඩිත ජාතීන්ගේ අරගලවලට විරුද්ධ නො විය යුතු මුත් ඔවුන්ට එහි භූමිකාවක් නැති බවයි.

    සීසර්ගේ දේ සීසර්ට දෙන්න. දෙවියන්ගේ දේ දෙවියන්ට දෙන්න යි ජේසු ක්‍රිස්තුතුමා කී කියමන හා එයට අදාළ වූ සංදර්භය මීට සමානයි.

    සෝවියට් සමාජවාදයට වඩා ඉගලිටරියන් සමාජවාදය ප්‍රායෝගිකබව මා පිළිගන්නවා. ඒත්, කේනීසියානු ආර්ථික මූලධර්මවලින් එවැනි තත්වයක් අත්පත් කර ගත හැක්කේ දියුණු ධනේශ්වර රටවලට පමණයි. ලංකාව වැනි රටවලදී කේනීසියානු ආර්ථික ප්‍රතිපත්ති මේ වන විට අසාර්ථකත්වය ඔප්පු කර හමාරයි.

    ReplyDelete
    Replies
    1. පැරාගේ ආලෝචනයේ සඳහන් කේනීසියානු යන්න 'කේන්සියානු' යනුවෙන් නිවැරදි විය යුතුයි. එම වචනයේ n ව්‍යන්ජනයට පසුන එන e ස්වරය අක්‍රීය එකකි.

      Keynesian උච්ඡාරණය කරන්නේ KAYN-zee-ən යනුවෙනි.

      Delete
  3. Thawa aragalayak thiyenawa, eka thamai NGO karayonge aragalaya, eken un something eka hoya gannawa.

    ReplyDelete
  4. පැරා,

    //හොඳින්ම පෙනෙන දේ තමයි සමාජ දෙක අතර තිබෙන දුර එන්න එන්නම දුරස්ථ වන බව//

    මේක නම් පල් බොරුවක් පැරා, සිංහල දෙමල ජාතිවාදයක් තිබුනානම් සිංහල මිනිසුන් සමග දෙමල මිනිසුන් එකම රැකියා කරමින් දකුණේ ජිවත් වෙන්නේ කොහොමද?

    ඇමරිකාවේ නම් කළු සුදු ජාතිවාදයක් තිබුන සහ දැනටත් තියනවා යම් යම් ප්‍රාන්ත වල, මේ ජාතිවාදයට මම උදාහරණයක් දෙන්නම් ඇමරිකාවේ කළු ජාතිකයකු පොදු ගමනාගමන බස්රථයක යනවිට සුදු ජාතිකයක් කියනවා "Nigger stand up I want your seat" කියල මෙය තනිකරම ජාතිවාදී කියමනක්, මෙවැනි දේ 1970 ගණන් වලින් පසුව දශක කීපයක් යනතුරු අඩු වැඩි වශයෙන් පැවතුනා මෙය ඇමරිකාවේ විතරක් නෙමෙයි එංගලන්තයේත් පැවතුනා සහ අදත් සුළුවශයෙන් තියනවා, නමුත් සුළුවශයෙන් වීමට විශාල ලෙස මේ ක්‍රියා අඩුවීමට හේතුවුනේ ඔවුන්ට සොයන් පාලනය දීල නෙමෙයි රටේ නීති පාර්ලිමේන්තුවේ සම්මත වෙලා තියනවා ජාතිවාදය පතුරවා හසුවුනොත් දැඩි දඩුවම් ෂණිකව ලැබෙන විදියට. මෙනිසා තමයි මේ දියුණු යයි කියාගන්න රටවල අපුරු විනයක් ඇතිවෙලා තියන්නේ.

    ඔය කියන Nigger කියන slang ගණයට (අපහාසාත්මක වචන ) ගණයට පැමිනිල තියනවා කලුජතිකයකුට Negro කීමත් අපහාසාත්මක වචනයක් ගණයට පැමිණිලා තියනවා.

    //සමාජ දෙක අතර තිබෙන දුර එන්න එන්නම දුරස්ථ වෙනවා ය කියන තර්කය අනුව ගත්තොත්, ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් දෙකයි තියෙන්නෙ. එකක්, දෙමළ වෙනම රාජ්‍යය. අනෙක, සිංහල මූලික රාජ්‍යය විසින් දෙමළ ජනයා මර්දනය කිරීම.//

    වගේ අදහස් වලින් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබ ඇතිකරන්න උත්සාහකරන්නේ "සාමය" මාර්කට් කරන්නයි හැබැයි මේ සාමය ඇතිවෙන්නේ "යුද්දයෙකින් " ඊට පස්සේ කාලයක් යුද්ද වෙළෙන්දෝ මුදල් උපයනවා කාලයක් සාම වෙළෙන්දෝ මුදල් උපයනවා.

    හරියට අර සින්දුවක් තියෙන්නේ "රන්ඩු වේවි යාලු වේවි දුවපැන වතු මිදුලේ ....." කියල මේක තමයි යුද වෙළෙන්දොත් සාම වෙළෙන්දොත් කරන්න හදන්නේ.

    දැන් උතුරේ පළාත් සභාවක බලය ලැබුන විග්නේශ්වරම් කියන දමිල ජාතිකයට පළාත් සබාවට සිංහල බහුතරය සහිත ජාතික රජයෙන් වෙන්කළ මුදල කිසිවක් නොකර නැවත මද්යම රජයට බාර දෙනවා, මොකද්ද මේ කරන්න හදන්නේ මේ දෙමල දෙසපාලු වෝ ?

    ඔවුන් උත්සහ කරන්නේ ජනතාව පිඩනයට පත් කරමින් කුපිත වූ ජනයාගේ මනසට දමන්න හදනවා සිංහල ආණ්ඩුව නිසයි අපට මෙහෙම අපේ ආණ්ඩුවකින් අපට ඔබට මිට වඩා සහන දෙන්න පුළුවන් කියල, මේවගේ දශක ගණනාවක් විදේශවල සුර සැප විදින ගමන් මේ මිනිසුන් තම ජාතිය මෝඩයට අන්දනවා.

    මම කියන්නම් ජාතික ප්‍රශ්නයට නියම විසදුම මොකද්ද කියල ඔබට පුලුවන්නම් කියන්න මේ ක්‍රමය ක්‍රියාත්මක උනොත් සංහිදියාවක් ඇති නොවන්නේ ඇයි කියල.

    රටේ නීතියට ගෙනඑනවා කිසියම් කෙනෙක් ජාතිවාදී වචනයකින් තව ජාතිකයෙක්ව පහත් කර කතා කලොත් අදාළ වැරදි කල පුද්ගලයාට විශාල දඩයක් හෝ බරපතල වැඩසහිතව සිර බත් කෑමට සිදුවෙන විදියට නීති ගෙන අතර අද නවින තාක්ෂණික මෙවලම් මගින් පටිගත කිරීමේ හැකියාවත් අධිකරණය පිළිගන්න තැනට ආවනම් මේ ප්‍රශ්නය එන්නේ නෑ.

    මිට අමතරව රජයේ සේවකයෙකු බදවා ගන්න විට තරග විබාගයකින් වැඩිම ලකුනු ගන්න පුද්ගලයන්ට රැකියාව ලබාදීම සහ කිසියම් ජනතාවක් වැඩියෙන් සිටින ප්‍රදේශයක අදාළ භාෂාව කතාකරන නිලදාරීන් වැඩිපිරිසක් අදාළ ආයතන වල අනුයුක්ත කිසිම මහින් ඔබ ඔය කියන ජාතික ප්‍රශ්න කිසි සෙත් මතු නොවනු ඇති.

    කරුනාකර විනාඩි 3ක් වැයකර සිංගප්පුරුවේ ජාතිවාදය නතර කරපු හැටි බලන්න https://www.youtube.com/watch?v=P9_l4Vp1wLA
    ලි කවන් යු ට අනුව කිසිම ඇප දීමකින් තොරව දාමරිකයන් දිගින් දිගටම බන්දනාගර ගත කිරීමේ ප්‍රජාතන්ත්‍ර විරෝදී ක්‍රමයකින් තමයි ජනතාව හික්මවා තියෙන්නේ නමුත් මේ අදටත් මේවා සාර්ථකයි පැරා, අද ඔබ කියන්නේ නෑ නේද සිංගප්පුරුවේ ජාති වාදයක් තියනවයි කියල ? හැබැයි ඔබ ඔය කියන දෙමල රාජ්‍ය වගේ චීන රජයක් හෝ මැලේ රජයක් ඇතිකරලා නෙමෙයි නේද ප්‍රශ්නය විසදුවේ ?

    ReplyDelete
    Replies
    1. //ඇමරිකාවේ නම් කළු සුදු ජාතිවාදයක් තිබුන සහ දැනටත් තියනවා යම් යම් ප්‍රාන්ත වල, ...//

      ඕක බොරු කතාවක්... ඇමරිකාවේ ජාතිවාදී අදහස් දරන්නන් නම් ඇති නමුත් ජාතිවාදයක් නෑ.. මම ඇමරිකාවේ කලු සුදු භේදය තදින්ම තිබූ ටෙක්සස් සහ ලුසියානා ප්‍රාන්ත වල ජීවත් වී තිබෙනවා... කිසිම ජාතිවාදයක් අත් දැක නෑ... ඇමරිකාවේ අද 'නිගර්' යන වචනය පාවිච්චි කිරීම හිරේ යන්න පුලුවන් වරදක්... ඇමරිකාවේ ජාතිවාදයක් තියෙනවා ඒනිසා කල්ලන් ඩිමොක්‍රැටික් පක්ෂයට චන්දය දියයුතුයි කියන මතය හදන්නේ ඩිමොක්‍රැටික් පාක්ෂිකයින්...
      නමුත් ඇමරිකාවේ නැති ජාතිවාදයක් ලංකාවේ තියෙනවා... ඇමරිකාවේ කලු ජාතිකයෙකුට ජනාධිපති, ඇටර්නි ජෙනරල්, ආරක්ෂක ලේඛම්, ත්‍රිවිධ හමුදාවේම ජෙනරාල් නිල, පොලීසි වල ප්‍රධානීන්, විදේශ තානාපතිවරු ආඅදී තනතුරු ගනනාවාට පත්වෙලා තිබෙනවා... ලංකාවේ පසුගිය අවුරුදු 25 තුල දෙලම ජතිකයින් කීයක් මේ තනතුරුවල හිටියද? මතකතියාගන්න ඇමරිකාවේ කලු ජාතිකයින් ජනගහනයෙන් 13%, ලංකාවේ දමිල බස කතාකරන්නන් (හින්දු හා මුස්ලිම් ) ජනගහනයෙන් 18% වඩා ඉන්නව..

      Delete
    2. කරුනාකර ඔබේ නොදැනුවත්කම තේරුම් ගන්න විනාඩි 5ක් වැයකරන්න
      https://www.youtube.com/watch?v=HxWFwKPKIMM

      Delete
    3. 1983 ජාතිවාදී කලබල ශ්‍රී ලංකාවේ ඇතිවෙන විට රටේ පොලිස්පති රුද්‍රා රාජරත්නම් (දෙමල ජාතිකයෙක් )

      Delete
    4. තමන් දන්න තරම නම් පෙන්නල තියෙනවා.. ඔබ කියන සියලුම race riots 1860-1970 ගනන්වල ඇතිවූ දේවල්... ඇමරිකාවේ අද ජාතිවාදී අදහස් දරන්නන් කිහිපදෙනෙක් ඇර "ජාතිවාදයක්" නෑ..
      කවදාවත් බටහිර රටක් ජීවත්වීමට වාසනාව නොලැබූ ඔබට වඩා මම ඒක දන්නවා...
      ලංකාවේ ප්‍රධාන ධාරාවේ දමිල විරෝදී ජාතිවාදය තියෙනවා... දකුනේ පොලිස් නිලධාරියො මරද්දී ඕකුන්ට හොදවැඩේ කියන සින්හල ජනතාව උතුරේ සිද්ධියකදී දෙමල මිනිස්සුන්ට ඇගිල්ල දික් කරන්නේ ඒකයි

      Delete
    5. AnonymousMay 22, 2017 at 7:08 AM,

      හරි පුදුමයි තමන්ට ඕනේ දේ විතරයි පෙනිලා තියෙන්නේ
      No 9 The Ferguson Riots 2014 කරුනාකර තප්පර 0.38 බලන්න
      No 3 The Rodney King Riots (1992) විනාඩි 4.15 බලන්න

      ශ්‍රී ලංකාවේ ඉන්නෙත් ජාතිවාදී අදහස් දරන අය තමයි එහෙම නැතුව ජාතිවාදයක් නෑ

      https://www.youtube.com/watch?v=YFjKQVZLk1g
      කරුනාකර සම්පුර්ණයෙන් ම බලන්න මෙහෙමෙයි ඇමරිකාවේ නීති සම්මත වෙලා තියෙන්නේ

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා