සෙනග දැකල චූන් වුණ අයටයි බය වුණ අයටයි

මේත් සෙනග තමයි 
මැයි රැළිය සඳහා ගෝල්ෆේස් පිටිය ලබා දී ආණ්ඩුව මහින්දට අභියෝගයක් කළේ ය. එනම්, සෙනග ගෙනත් පුරවා පෙන්වන ලෙසයි. මහින්ද හිතවාදී බලවේගය කවදත් කරන්නා සේ මෙම අභියෝගය භාර ගත් හ. දැවැන්ත ජනකායක ගාලු මුවදොර මැයි රැළියට රැස් වූ බව ඇත්තකි. රාජපක්ෂවරුන් විසින් පෙන්වා දෙන ලද තවත් කරුණක් වන්නේ බලයේ සිටින පක්ෂයක් තරමට ම හෝ ඊටත් වඩා මුදල් වියදම් කිරීමේ හැකියාව ඔවුන්ට තිබෙන බවයි. 

මහින්ද හිතවාදී බලවේගයේ බිම් මට්ටම ගැන අප කලිනුත් ලියා ඇති පරිදි ඒ වනාහි රාජපක්ෂ දූෂණය හා ජාතිවාදී රණකාමය මත පදනම් වූ එකකි. ආර්ථික සාධක හා උම්මත්තකභාවය මත පිහිටා කටයුතු කරන මෙම ජනරාශි පුනරුත්ථාපනය නො කර ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයට හෝ යහපාලනයට කිසි සේත් ම දිනා ගත නො හැකි ය. වත්මන් රජය විසින් කළ යුතුව තිබුණු ප්‍ර‍ධාන කාර්යයක් වන්නේ මෙවැනි පිරිස්වලට නායකත්වය දෙන්නට රාජපක්ෂවරුන්ට තිබෙන සම්ප්‍ර‍දායික හැකියාව මොට කර දැමීමයි. දූෂණ, වංචාවලට එරෙහිව නිසි විමර්ශන කළා නම් එය පහසුවෙන් කරන්නට තිබිණි. 

කෙසේ වෙතත්, එම පිරිස් සමග රටට යා හැකි ඉදිරි ගමනක් නම් නැත. බලය ගැනීම සඳහා මෙම බලවේගය කර පිට ගියත්, බුද්ධිමත් පාලකයකුට නම් රට මේ මොහොතේ පවතින තත්වය තුළ ඔවුන්ගෙන් ඇති වැඩක් නැත.  

ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ රැළිවලට ද එසේ දැවැන්ත ජනකායක් සහභාගි වූ බව අපට මතක ය. එහෙත්, මහින්ද ජනාධිපතිවරණයෙන් ද, ඉන් පසු පවත්වන ලද මහ මැතිවරණයෙන් ද පරාද විය. එයට මූලික හේතුව සුළුජන ඡන්ද ඔහුට නො ලැබී යාම පමණක් නො වේ. සිංහල ජනයාගෙන් ද සැලකිය යුතු පිරිසක් ඔහුට විරුද්ධව ඡන්දය දීමයි.

ආණ්ඩුවට එරෙහිව ලොකු විරෝධයක් රටෙහි ඇති මුත්, මහින්දට 2010න් පසු තමන්ගෙන් ගිලිහී ගිය ඡන්ද පදනම යළි දිනා ගන්නට හැකි වී තිබේ ද යන්න මහින්ද හිතවාදීන් යළි කල්පනා කළ යුතු ය. සෙනග දැක චූන් වීම ද සෙනග දැක බය වීම වැනි ම දෙයකි.

කෙසේ වෙතත්, මේ මොහොත ලංකාවේ අලුත් පෙරළියක ආරම්භයක සලකුණක් විය හැකි ය.

මහින්ද පලවා හැර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේනට තිබෙන සිහිනය යථාවත් කර ගැනීම කෙතරම් දුෂ්කර ද යන්න ජනාධිපති මෛත්‍රීපාල දැන්වත් තේරුම් ගත යුතු ය. ඔහු ළඟ වැටේ වැනි වැනි ඉන්නා සුසිල් ප්‍රේම ජයන්තලා, අනුර යාපලා වැනි අය පමණක් නො ව, දයාසිරි ජයසේකර වැනි රැල්ලට ගහගෙන යන බර අඩු දේශපාලන වස්තු ද අතහැර තමන්ගේ ගොඩ මොකක්දැයි හරි තක්සේරුවක් සිරිසේන කර ගත යුතු ය.

ඒ සමග රාජපක්ෂ සමග දුෂ්කර මොහොතේ සිටි අයට ද අභියෝගයක් එල්ල වේ. එනම්, නැවත වතාවක් නිමල් සිරිපාලලාට, අමුණුගමලාට ඉඩ දී පස්සට යනවා ද අලුත් තිරසර බලවේගයක් හදා ගන්නවා ද කියන එක ය. මහින්දට හැමදාමත් තිබෙන්නේ පාක්ෂිකයන් වාටියට තල්ලු කර දමා පිට එවුන් කරට ගැනීමේ ඉතිහාසයකි. මහින්ද ඝාතනයට උපකාර කිරීම පිණිස කොටින්ගෙන් සල්ලිත් අරගෙන අසු වී තිබියදීත් එසේ කරට ගත් ජොන්ස්ටන්ලා දැන් කෝ?

ජනාධිපති සිරිසේනට පාර තිබෙන්නේ වත්මන් ආණ්ඩුව තුළ මිස සම්ප්‍ර‍ායික රාජපක්ෂවාදී ශ්‍රීලනිප තුළ නො වේ. තමන් බලයට ගෙන ආ එක්සත් ජාතික පක්ෂය සමග සබඳතා තව දුරටත් ශක්තිමත් කර ගන්නවා හැර වෙන සෙල්ලම් ඔහුට නැති බව ඔහු තේරුම් ගත යුතු ය. එජාපය හා ශ්‍රීලනිපය ලෙස තනි තනිව කෙසේ වෙතත්, ඒකාබද්ධව ගත් කල වත්මන් ආණ්ඩුව තවමත් ශක්තිමත් බලවේගයකි. එය සෙලවීම ලෙහෙසි නැත. 

ඔය මොනවා කීවත්, කුමන ඡන්දයකදී වුණත්, මෙම පක්ෂ දෙක එක්ව කටයුතු කළහොත් මහින්දවාදී බලවේගයට තවමත් ජයගැනීම ලෙහෙසි නැත. 

එහෙයින් ඉදිරියේදීත් මහින්ද උත්සාහ කරන්නේ මෛත්‍රීපාල සිරිසේනව බ්ලැක්මේල් කර ගැනීමට මිස තනිව ගමනක් යාමට නො වනු ඇත. එහි හදිසි පෞද්ගලික කාරණාවක් ද තිබේ. මේ වන විට, දූෂණ සම්බන්ධ ඇතැම් විමර්ශන මහාධිකරණයේ නඩු පැවරීම් දක්වා දුර දිග ගොස් තිබේ. මේ නඩුවලින් රාජපක්ෂ පවුලේ හා සමීප කවයේ බොහෝ දෙනෙකුට ලෙහෙසියෙන් ගැලවිය නො හැකි ය. 

ආර්ථික වශයෙන් දුෂ්කර මෙවැනි වකවානුවක කුමන ආණ්ඩුවකටවත් ජනප්‍රිය විය නො හැකි ය. මෙම වකවානුව වන විට මහින්ද බලයේ සිටියා නම්, ජාත්‍යන්තර පීඩනය හේතුවෙන් තත්වය මීටත් වඩා දරුණු විය හැකි ය. කවර අඩුපාඩු මධ්‍යයේ වුවත් ආණ්ඩුව ආර්ථිකය බිඳ වැටීම වළක්වා ගනිමින් සිටියි. එසේ සිටින්නේ ඒකාබද්ධ විපක්ෂයත්, ඔවුන්ට රහසින් ආවඩන වාම අන්තවාදී කොටස් හා කඩාකප්පල්කාරී වෘත්තීය සමිතිත් ආර්ථිකය බිඳ දැමීම සඳහා දැවැන්ත ව්‍යයාමයක් දරමින් සිටින මොහොතක ය. මේ රාජ්‍ය විරෝධී ප්‍ර‍හාරය ඉදිරි කාලයේදී තවත් තීව්‍ර‍වනු ඇත. 

එහෙත්, ආණ්ඩුව මෙම බලවේගය හමුවේ යටත් වන්නේ නම්, ඔවුන්ගේ පැවැත්මෙහි අවසානය එතැනින් ඇරඹෙනු ඇත. ආණ්ඩුව කටයුතු කළ යුතු වන්නේ ආර්ථිකය ගොඩනැගීමට ඉවහල් වන, ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය තහවුරු කරන, සාමය ස්ථාවර කරන තිරසර ප්‍ර‍තිපත්ති මත පිහිටා මිස රැළිවලට බියෙන් නො වේ. ආණ්ඩුව උත්සාහ කළ යුත්තේ තමන්ට උපකාරක විය හැකි ප්‍ර‍ජාතාන්ත්‍රික ජන බලවේගය බලමුළුගන්වා ගන්නට ය. උදාහරණයක් ලෙස, රාජපක්ෂ බලයට ගෙන ඒමේ පාදෙනියලාගේ උවමනාවෙනුත්, රජය කඩාකප්පල් කිරීමේ වාමාංශික අන්තවාදී උවමනාවෙනුත් ඉදිරියට ගනු ලබන සයිටම් විරෝධයට එදිරිව අධ්‍යාපනයේ නිදහස සම්බන්ධයෙන් සමාජයේ ඇති සහයෝගය සමග ආණ්ඩුව වැඩ කළ යුතු ය. 

කෙසේ වෙතත්, 2020 දක්වා හෝ ආණ්ඩුවේ පැවැත්ම තහවුරු කර ගන්නට නම්, ඔවුන් සිය පොරොන්දු ඉටු කළ යුතු ය. මේ වන විටත් බරපතල ගැටලු රැසක් තිබේ. දූෂිතයන්ට, අපරාධකරුවන්ට එරෙහිව විමර්ශන හා නීතිය ක්‍රියාත්මක නො කිරීම, රජයේ නායකයන් හා නිලධාරීන් බරපතල දූෂණ හා නාස්තිකාර ක්‍රියාවල නියැලීම, රජය කාර්යක්ෂම කිරීමට අසමත් වීම, ආර්ථික වර්ධනය උත්තේජනය කිරීමට අසමත් වීම, නීතිය හා සාමය ස්ථාපිත කරන්නට අසමත් වීම හා රටට ගැලපෙන නව ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවක් ගොඩනැගීමේ ක්‍රියාවලිය මන්දගාමී වීම ඒ අතරින් වැදගත් ම ඒවා ය. 

ආණ්ඩුව තවමත් තම විභවය තේරුම් නො ගත් අලියෙකි. එසේ තේරුම් ගන්නට බැරි වන්නට මූලික හේතුව යථාර්ථය තේරුම් නො ගෙන උම්මත්තක ප්‍රීතියකින් හැසිරෙන එජාපයේත්, ශ්‍රීලනිපයේත් නායක දෙපළ ය. අප මේ ආණ්ඩුව අතහැර නො දමන්නට හේතුව කුමක් ද යන්න ඊයේ පැහැදිලි විය. 

කවුරු මොනවා කිව්වත්, තිබෙන්නේ පාරවල් දෙකක් පමණි. ඒකාධිපතිවාදයට යනවා ද? ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්නවා ද? අනෙක් පාරවලුත් අතරමගදි මේ පාරවලට ම එකතු වෙනවා පමණි.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. "සන්මිතු සාරසයිනි,

    අප මැයි රැළිය මෙසේ වනමි.

    රට දෑ සම නසන උන් සියලු රැලි කළ පොඩි
    නදියක් සේ පෙරටම ගැලු වැල නොකැඩි
    දුටුවෙමු බල සෙනග ගාලු මුවදොරට වැඩි
    බල සුබ නිමිති පෙරමග නැකතටත් වැඩි

    අන් මැයි රැළි පිලිබඳ මෙසේ පවසමි.

    පණ්ඩිතයන්ගේ නැණ පසු බැස්වූ
    පණ්ඩිතකම් කර රට දන ගැස්වූ
    උන් දෙවියන් සේ පිදුමට තොස්වූ
    ගොන් රැල ගොස් අන් මැයි රැලි වෙත රැස්වූ

    - මයුරවිල මි"

    ReplyDelete
    Replies
    1. ෆොටෝ දැකල සිරිසේන බය වුනොත් ඒ රාජපක්ෂලාගේ අවසානය.

      Delete
    2. @ මයුරවිල (නම් බූරුවෙක්)මි

      මේක උඹෙට කොමෙන්ට් ගානට කුලිය ගෙවන දන්ගොතාගෙ බ්ලොග් එක නෙවෙයි බං. මේක පැරා ගෙ බ්ලොග් එක.

      උඹට පොහොට්ටු රැලියෙදි දුන්න ගල් බාගෙ බීල වෙරිවෙලා ද? නැත්තං දන්ගොතා හරියට කුලිය ගෙවන්නෙ නැද්ද?

      Delete
    3. @ Anonymous May 2, 2017 at 11:01 PM

      බූරුවො මේක මයුරවිල මෙතනට ඇවිත් දාපු එකක් නෙමෙයි ඌ දතාගෙ බ්ලොග් එකේ දාපු එකක් වෙන එකෙක් මෙතන දාල කියල මුල අග " " ලකුණු දැක්කම උඹට තේරෙන්නේ නැද්ද?

      Delete
    4. ///බූරුවො මේක මයුරවිල මෙතනට.......////

      බූරු පවුලේ තවත් බූරුවෙකුට රිදිලා.. ඔයා කුදලාගමද මෙයා? නෑ නෑ... දන්ගොතා නේහ්? හොර ගෙඩියා..

      Delete
  2. පැරා,

    මේවා කියෝල පනයන තරමට මටම හිනා !!!

    හඃ හඃ හඃ හඃ හා, හිහ් හිහ් හිහ් හිහ් හූ, හෙහ් හෙහ් හෙහ් හෙහ් හෝ, හොක් හෝක් හොක් හෝක් කෝ!!!

    සෙනග දැකල බය වුනේ නැත්නම් මොකද බං මේ පොස්ට් දාන්නේ?

    “ඔය මොනවා කීවත්, කුමන ඡන්දයකදී වුණත්, මෙම පක්ෂ දෙක එක්ව කටයුතු කළහොත් මහින්දවාදී බලවේගයට තවමත් ජයගැනීම ලෙහෙසි නැත.”

    “ආණ්ඩුව තවමත් තම විභවය තේරුම් නො ගත් අලියෙකි.”

    අනේ බං පළාත් පාලන චන්දෙ තියන්න කියපන්කො. එතකොට උඹ කියන විදියට මහින්ද කුජීත වෙලා යයිනේ.

    ReplyDelete
    Replies
    1. හොඳයි මහින්ද දිනුවයි කියමුකෝ. රට නැවත කොතනටද?

      ඒ අතර රනිල් මහින්ද සමගි කතා දැන් මොන මට්ටමක ඇතිද? මම කිවුවේ සිංගප්පූරු රහස් කතා . මහින්ද සෙනග නම් රනිල්ට රජ මගුල්

      Delete
  3. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේ සහ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගේ එකතුවෙන් පිහිටුවනු ලබන නව සංධනයේ නායක කමට අජිත් පැරකුම් ජයසිංහ මැතිතුමා ගේ නම යෝජනා කරමි. මක් නිසා ද යත්, උං දෙන්නාට ම නො තේරෙන දේවල් මූ ට තෙරෙන බවක් පෙනෙන්න ට ඇති බැවිනි.

    ReplyDelete
  4. පුදුමයට කාරනයනම් මහින්ද රාජපක්ෂ පමණක් ජාතියේ සතුරා ලෙස සලකන පජාතීය ගතියයි .
    ගෝල් ෆේස් රැලියේදී මිනිසුන් එක්කව දුන් පණිවිඩය ඕනෑ ඕනෑ ලෙස අර්ථ දැක්වීමට හැකිය . බොහොම නිහතමානීව පිළිගත යුතුදෙයනම් ජනතා බලය මෙහයවන බලවේගය මහින්ද රාජපක්ෂ කඳවුර බවය . එහි ආ අය ගැන ඕනෑම අර්ථ කතනයක් දිය හැක. මෙම රජය හා ඔවුන්ගේ තුප්පහි ප්‍රතිපත්ති පරාජය කලයුතු බව ගෝල් ෆේස් රැලියේ ජනයා එක හඩින් කියූ දෙයකි. හැබයි මෙම සටහන තුල තිබින්නේ මහා කුහක , ඉච්චා බංගත්වයට හා දේශපලන බංකොලොත් බාවයට පත් වූ අයවලුන්ගේ මතයකි. රාජපක්ෂ වරුන් වටා ජනයා රොක් වීම ඉවසා වදාරන්නට පුරුදුවන්නට ඔය ලියුම් කරුට සිදුවනු ඇත . රටේ අද සිදුවන වැඩ වර්ජනවලට හේතුව මෙම රජයේ අකාර්යක්ෂම , ජාති ද්‍රෝහී , ජනතා විරෝධී වැඩ පිළිවෙලයි. මුදල් අමාත්‍යවරයාගේ සිට අනික් සියලු ඇමතිවරු හොරා කන හැටි රටට කියන්නේ අප නොව ජවිපෙයයි. මෙම ආණ්ඩුව කටින්වත් බතල ටිකක් හිටෝගන්නට අපොහොසත් බව දිනෙන් දිනම පෙන්වයි . රනිල් වික්‍රමසිංහට ජාති ද්‍රෝහී ලේබලයෙන් ගැලවෙන්නට නොහැකි ලෙසටම , වැඩක් කරන්නට කොන්දක් තබා කෙන්ඳක්වත් මෙම ආණ්ඩුවට නැති බව මුළු රටම දනී. ඇත්තේ පාරවල් දෙකක් බව ඇත්තය . එකක් මෙම ආණ්ඩුව සමග වලපල්ලට යමය , නැතිනම් මහින්ද රාජපක්ෂ සමග නැවත රට ගොඩනගා ගැනීමය . තීන්දුව දෙන්නේ ඔබ නොව , ඔබ විසින් අවමානයට ලක්කර ඇති ජන රාශියයි .

    ReplyDelete
    Replies
    1. " මහින්ද " යනු ඔබගේ අලුත් ආගම බව පැහැදිලියි. එයට ඔබට අයිතියක් ඇත. ආගම් මගින් මිනිසුන් අන්ධානුකරණයේ ගිල්වා මිත්‍යා දෘෂ්ටියෙන් ඔතා තබන නිසා ඔබගේ ඉරණම අපිට පැහැදිලියි.

      මහින්ද රටට කළදේ ගැන අපිට එදත් අදත් අවබෝධයක් ඇත. එබැවින් ඔහුට නැවත බලයට ඒමට කිසිදු අවස්ථාවක් අපි නොදෙන්නෙමු.එය ශපථ කර සිටිමු. එය UNP - SLFP -JVP - LSSP - NSSP - TNA පක්ෂ බේදයෙන් තොර මනුෂ්‍යත්වය අගයන ශිෂ්ට සම්පන්න ශිෂ්ටාචාරයක් අනාගත පරපුරට උරුම කර දීම සඳහා වන යුගයේ අවශ්‍යතාවයයි.

      ඔලු ගෙඩි වලින් දේශපාලනය කිරීමෙන් අත්වන ඉරණම තවමත් ඔබ වැටහ ගෙන නැත. ඒ වෙන කිසිත් නිසා නොව අන්ධානුකරණයේ ප්‍රතිඵලයයි.

      Delete
    2. මචං ෂපත ඇනෝ,

      නුඹලා ශපත කොරමින් පරිඝනක යතුරු පුවරුවේ හිරවී සිටිනා අතරවාරයේ, උන්, ඔවු, මහින්ද රාජපක්ෂ ඇතුළු කල්ලිය නැවත බලයට ගෙන ඒමට කැප වී වැඩ කරනා උන්, රැස්වීම්, උද්ගෝශන, විරෝදතා හා පෙලපාලි වලට සක්‍රීය ව දායක වෙවින් සියල්ල සංවිධානය කරනු නිසැකය.

      උන්ව නැවැත්වීමට නුඹලාගේ ශපතය නමැති මනස්ගාතවලට නොහැකිය. මුළින්ම මහපොළවේ යථාර්ථය හඳුනාගෙන ප්‍රායෝගිව ඔවුන්ට එරෙහි කණ්ඩායම්වලට වාසි සහගත ජනමතයක් ගොඩනගන අයුරු සිතා බලමු.

      Delete
    3. සතුටුයි! ඔබේ අදහසට ස්තුතියි.
      ඔව් බිම් මට්ටමේ වැඩ කොටස ඉතා වැදගත්. ඒ වගේම මේ වනවිටත් නිහඬව ආරම්භ වී ඇත. සෙස්ස පස්සට .......

      Delete
    4. @ Anonymous May 2, 2017 at 10:00 PM

      සෙස්ස පස්සට .......
      අත්ත හුස්සට .......???

      Delete
    5. "මරා "වැලිකඩට....

      Delete
    6. "ෆොනී" ඉදිරියට

      Delete
  5. පැරා
    මහින්ද නැවත බලයට පත්වුවහොත් නෙලුම් යාය බ්ලොග් සංසදයට විනාශයක් සිදුවී සම්මාන උළෙල නවතා දමයිද
    උන්ගේ FCID එකට අනුරාධා මැතිනිය කැඳවයි ද ?

    ReplyDelete
  6. පැරා,

    මේගැන මමත් ලිපියක් ලිව්වා http://lankasithuwili.blogspot.com/2017/05/blog-post.html

    // ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ රැළිවලට ද එසේ දැවැන්ත ජනකායක් සහභාගි වූ බව අපට මතක ය. //
    ඔබ ටිකක් මත්ක්කරලා බලන්න එම රැලි වල කීදෙනෙක් එකම පාටින් යුතු කැප් තොප්පි ටීෂර්ට් පැළද සිටියාද එවක් ඔවුන් මුදල් ගෙවා ගෙන්වාගත් ය බව පැහැදිලියි මේපාරත් මුදල් ගෙවා ගෙන්වාගත් පිරිසක් මහින්දගේ රැලියේ සිටිය බව තරමක් කල්පනාවෙන් බැලුවම පේනවා නමුත් ඔහුගේ රැලියේ අති බහුතරය ස්වාකමත්තෙන් පැමිණි පිරිසයි.

    මයිත්‍රී ගේ රනිල්ගේ රැළි වලනම් ඔබකියනදේ හරි හරියට සිදුවුණා. මගේ ලිපියේ මම දමා ඇති රජයේ සේවකයන් බලෙන් තම රැලියට ගෙන්වාගන්න හැටි.

    ඉස්සල්ල පැරා අපි අවංකවම වෙලා තියන දෙය තේරුම් ගමු මමත් ඔබවගේම මේ යහපාලනයට චන්දය දුන් කෙනෙක් නමුත් තමන්ට ආත්ම වංචාවක් නොකර ඇත්ත තේරුම් ගන්න ඕනේ.

    //තමන් බලයට ගෙන ආ එක්සත් ජාතික පක්ෂය සමග සබඳතා තව දුරටත් ශක්තිමත් කර ගන්නවා හැර වෙන සෙල්ලම් ඔහුට නැති බව ඔහු තේරුම් ගත යුතු ය.//

    මේක කවදාවත් වෙන්නේ නෑ මොකද සිරිසෙනවා නායකයක් ලෙස එක්සත් ජාතිකපක්ෂයේ පහල සාමාජිකයන් පිළිගන්නේ නෑ

    //දූෂණ සම්බන්ධ ඇතැම් විමර්ශන මහාධිකරණයේ නඩු පැවරීම් දක්වා දුර දිග ගොස් තිබේ.//
    පැරා වසර 3 තිස්සේ පොල්ගානවද දැන් පරක්කු වැඩියි යම්විදියකින් මහින්ද වරදකරු උනොත් ඔහුට විරුද්දව කිසිවක් ලකනොහැකි වෙයි

    //දූෂිතයන්ට, අපරාධකරුවන්ට එරෙහිව විමර්ශන හා නීතිය ක්‍රියාත්මක නො කිරීම//
    මෙයත් දිගටම ක්‍රියාත්මක වෙයි බොරු තර්ජනයක් දැම්මත් මොකද දුෂණයට කැමති මහින්ද විතරක් නෙමෙයි රනිල් මයිත්‍රී දෙපලත් හරි ආසයි දුෂණයට

    කළහැකි එකම දෙය ඉහල තියන දුෂණය වංචා වලට විරුද්ද වීමට වඩා රටේ පරිපාලන ක්‍රමය සියල්ල පරිඝනක ගතකර රටේ රාජ්‍ය සේවය කර්යක්ෂම කර, රටේ මහින්ද කාලයේ ඉදිකළ හම්බන්තොට වරාය තවදුරටත් පහසුකම් වැඩිකර මේවට ගත්ත ණය ගෙවන ක්‍රමයක් ඇති කිරීමයි, මේගැන මම දිර්ගව විස්තර කරලා ඇති,


    //කවුරු මොනවා කිව්වත්, තිබෙන්නේ පාරවල් දෙකක් පමණි. ඒකාධිපතිවාදයට යනවා ද? ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්නවා ද?//
    ශ්‍රී ලංකාවට ගැලපෙන්නේ . ඒකාධිපතිවාදය තමයි, මෙය සිංගප්පුරුවේ සර්ථකව සිදුකරලා තියනවා

    කරුනාකර මෙය බලන්න https://www.youtube.com/watch?v=B3YFl-dY9Qg

    මෙහිදී ලි ක්ව්නයු කියනවා "මුලික උවමනා සන්තර්පණය කිරීමට පහසුකම් නැතිව ප්‍රජාතන්ත්‍රවාදය කියන එකේ වැදගන්මක් නැතිබවත් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඉහල මට්ටමක රාජ්‍ය පාලනයක් බවත් එවැනි ඉහල මට්ටමක පාලනයක් ඇතිවීමට ඉස්සල්ල රටේ මුලික අවශ්‍ය තා සම්පුර්ණ වියයුතු බවත් කියන කාරණය"

    අපට තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ගෙවියයුතු ඉහල මිල දැරීමට අපහසු වෙලා තියනවා මෙනිසා එකදිපතිවාදයක් කරා යන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. තමුසෙගෙ පල්හෑලි මොකෙක්වත් බලන්නේ නැති නිසාද ඔයි ගෙඩි පිටින් ගෙනල්ලා තැන් තැන් වල අතාරින්නෙ. ගූ ගොඩවල් වගේ. ඇරන් පලයන් තොගේ හෑලි.

      Delete
    2. ලාංකික සිතුවිලි,

      ඔබ නිවැරැදියි. නමුත් ලංකාවේ පවතින ප්‍රභූ දේශපාලන ක්‍රමය තුළ වම් අතින් දකුණු අතටත් දකුණු අතින් වම අතටත් ගහන්නෙ නෑ. ඒක අපි තේරුම් ගන්න ඕන. ඒව ඡන්ද පොරොන්දු විදිහට දෙන කොටම ඒව තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් නොගත්තහම වෙන්නෙ අර එළුව පස්සෙ ගිය එකාට වෙච්ච දේ. අවුරුදු දෙකෙන් දෙයි ද? හතරින් දෙයිද? පහෙන් දෙයිද කිය කිය මාන බලනව.

      ලක්දිව 1948න් පසු පශ්චාත් නිදහස් ඉතිහාසය පුරා කවදාවත් එකම පැලැන්තියේ ප්‍රභූන් අනෙකට දඩුවම් දීල නෑ, මුග්ධ ජේ.ආර්. සිරිමාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම වැනි තක්කඩි ජල්තර හැරුණු කොට.

      උදා: චන්ද්‍රිකා කලින් හිටපු 1977-94 එජාප මිනීමරුවන්ට, වධකයින්ට, හොරුන්ට මැරයන්ට දඩුවම් දුන්නද? රනිල් චන්ද්‍රිකාගෙ 1994-2001 හොර මැරකම් වලට දඩුවම් දුන්නද? මහින්ද 2002-04 රනිල්ගෙ රවීලගෙ හොර මැරකම් වලට දඩුවම් දුන්න ද? නෑනෙ.

      කියන දේ හා සැබෑවට වෙන දේ අතර වෙනස තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕන ලාංකික. මේ වනවිට රාජ්‍ය බලය දරණ හවුල් ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් රාජ්‍ය පාලනය හත්පොළේ ගාගෙන සිටී. මහින්ද රාජපක්ෂ විසින් කූටප්‍රාප්තියට පත්කළ අශීලාචාර ප්‍රජාතන්ත්‍රවිරෝධීත්වයෙන් ගොඩ එන්නට තබා සිටින තැන හෝ රැක ගන්නේ අසීරුවෙනි. යම් යම් ක්ෂේත්‍රයන්ගෙන් ප්‍රගතියක් අත්කර ගන්නට සමත්ව ඇතත් සමස්තයක් ලෙස ආණ්ඩුව අසාර්ථකත්වයේ මුදුන් පෙළටම පැමිණ තිබේ.

      රාජ්‍ය දේපළ තමනුත් කොල්ලකමින් සියළු දෙනාට ස්වල්පය බැගින් කොල්ල කන්නට අවස්ථාව ලබාදුන් රාජපක්ෂ සංස්කෘතියට දේශපාලනිකව මුහුණදීම අසීරු බව සත්‍යයකි. එහෙත් ස්වභාවික ආපදා කළමනාකරණය කර ගැනීම, පවුල් පාලනයට තිත තැබීම, දූෂණ වංචා අවම කර ගැනීම හා නීතිය ක්‍රියාත්මක කරලීමේ දී අපක්ෂපාතීවීම යන කාරණා වල දී ආණ්ඩුව අන්තිම අසාර්ථක වුණි.

      එමෙන්ම පැවැති පාලන ව්‍යුහයට අලුතින් කළමනාකරුවන් පත් කර ගැනීමත් එතෙක් කළ නාස්තිය හා දූෂණය අලුත් කළමනාකරුවන් යටතේ උපක්‍රමිකව කරගෙන යෑමත් හැර අලුත් යමක් නොවීය. “අපේ ආණ්ඩුවක් තියෙන්නේ” යැයි කියමින් ග්‍රාමීය යූඑන්පීකාරයන් කරන්නට පටන් ගත්තේ ග්‍රාමීය සංවර්ධනයේ මර්මස්ථානයන්ට රිංගා එතෙක් රාජපක්ෂගේ ගෝලයන් කළ දේ දිගටම කරගෙන යෑමය. ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදු කරන ග්‍රාමීය සංවර්ධන වැඩ කටයුතු වලට පුරුදු පරිදි මැදිහත් වූ යූඑන්පීකාරයන් කොන්ත්‍රාත්කරුවන් මගින් මහජන මුදල් කොල්ල කන්නට පටන් ගත්තේ එතෙක් පැවැති දුර්භික්ෂයට ක්ෂණික පිළියම් යොදන්නට මෙනි.

      එසේම මහජනතාවට පටි තද කරන්නැයි කියමින් දේශපාලකයන්ට සුපිරි පහසුකම් භුක්ති විදින්නට අවශ්‍ය වූයේ එතෙක් රාජපක්ෂ ගෝලයන් කී කරුණුම විළිලැජ්ජාවකින් තොරව ඇද බාමිනි. කොළඹට ආසන්න දොම්පේ/ කැලණියේ යූඑන්පී මන්ත්‍රීවරුන්ට පවා කෝටි ගණන් වටිනා සුපිරි වාහන නොමැතිව මහජන සේවය කරන්නට නොහැකි යැයි ආඩපාලි කීවේ විළිලැජ්ජා නැතිව ය.යහපාලන ආණ්ඩුව මුළු එකක් ලෙස රාජපක්ෂ පාලනයට සංස්කෘතික විකල්පයක් නොවීය. ඔවුන්ට අවශ්‍ය වූයේ මුහුණු මාරුවකින් රාජපක්ෂ කළදේම යළි කරන්නට ය.

      එසේම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දේශපාලනය කළේ තම පුද්ගලික මනාප සංඛ්‍යාව තහවුරු කර ගැනීමට පමණි. සමාජ සේවා වැඩ හා දේශපාලන අල්ලස් දීම් මගින් සම්ප්‍රද්‍රායික ලෙස තම ඡන්ද ගොඩ ආරක්ෂා කර ගැනීම මිස තම ජනතාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් හා සමාජ සංවර්ධනයක් විය යුතු ආකාරය සම්බන්ධයෙන් කතිකාවක් ආරම්භ කිරීමට ඔවුන්ට අවශ්‍ය නොවුණි.

      රටේ එදිනෙදා දේශපාලන සම්බන්ධයෙන් කිසිම අවබෝධයක් ඔවුන් සතුව නොතිබූ බව රූපවාහිනී දේශපාලන සකච්ඡාවන්ට එන ඔවුන්ගේ හැසිරීමෙන් පෙනුනි. ආණ්ඩුවේ පැවැතම ආරක්ෂා වන්නේ සමාජය තුළ ශක්තිමත් දේශපාලන කතිකාවකින් බව තේරුම් නොගත් ඔවුහු මහජනතාව නිතරම දේශපාලනිකව දැනුවත් කිරීමට තැත් නොකළේ ය. දේශපලනික කරුණු අරඹයා අතාර්කික විකාර කතා මිස හරවත් යමක් කීවා නම් එසේ කළේ අතලොස්සකි. බහුතර යූඑන්පී මන්ත්‍රීවරු කසාය බිව් ගොළුවන් සේ තමන්ට හිමි වරප්‍රසාද බුක්ති විදිමින් මන්ත්‍රී රස්සාව කළා.

      Delete
    3. ඒකාධිපතිවාදය පිළිබඳ අදහස සියල්ල පාලනය කරන දෙවි කෙනෙකු පිළිබඳ මිනිසාගේ ප්‍රාථමික අදහස දක්වා ම ඈත ඉතිහාසයට යනවා.මිනිසා හැමදාමත් තමන්ගේ සියලු දුක්ඛ දෝමනස්සයන්ට ඔය වගේ ප්‍රාතිහාර්යමය විසඳුම් සොයනවා.

      හැබැයි, මිනිසා සංවර්ධනය වී අද සිටින තැනට ආවේ ඒ වෙනුවට යථාර්ථය ගවේශනය කළ නිසායි. ඒකාධිපතිවාදයට එරෙහි අරගලයත් ඒ වගේ. ප්‍රජාතන්ත්‍රවාදයේ මොන අඩුපාඩු තිබුණත් ඒක තමයි ලෝකය මේ තරම් දුර ගෙනත් තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාවන් ඉක්මවන එක තමයි සමාජවාදය සඳහා වන අරගලය.

      හැබැයි මේකත් කියන්නට ඕනැ. ඒකාධිපතිවාදයට පන්දම් අල්ලන අය මුලින් ම ගැරන්ටියක් දෙන්න ඕනැ තමන් රට පනින්නෙ නැහැ. ඒකාධිපතිවාදයත් එක්ක මෙහි ම ඉන්නවා ය කියලා.

      ලංකාවට මොකා ආවත් ආර්ථිකය සම්බන්ධයෙන් තියෙන්නෙ දැන් ආණ්ඩුව කරන දේ ම තමයි. වෙන විකල්ප නැහැ. එහෙම නැතිනම් ඕනැ නම් ආර්ථිකය කඩා බිඳ දමන්නට පුළුවන්.

      එතකොට තමයි ජාතිවාදය, ආගම්වාදය ඕනැ වෙන්නෙ. ඒක ලෙලවන්න ගත්තාම ලෝකෙන් කෙළවෙන්නෙ මහින්දට විතරක් නෙමෙයි.

      Delete
    4. //ලංකාවට මොකා ආවත් ආර්ථිකය සම්බන්ධයෙන් තියෙන්නෙ දැන් ආණ්ඩුව කරන දේ ම තමයි. වෙන විකල්ප නැහැ. එහෙම නැතිනම් ඕනැ නම් ආර්ථිකය කඩා බිඳ දමන්නට පුළුවන්.//

      පැරා,

      ඔබ කියනදේ වැරදි පැරා, මම සරල පැහැදිලි කිරීමක් කරන්නම් දැන් හම්බන්තොට වරායේ දොබකර සහ තෙල් පිරිපහදුව නිමකළ වහාම හම්බන්තොට වරාය ඇති විශාල ලෙස සාර්ථක වෙනවා මෙය අද මේ රටේ මුළු ජාතික අදායමට වඩා වැඩි ආදායමක් ඇතිකරන්න පුළුවන් කෙටිකාලයකදී, ඊට හේතුව ලෝකයේ තෙල් සැපයුමෙන් 60% වැනි අතිවිශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරන්නේ ශ්‍රී ලංකා මුහුදු තිරය හරහායි, අද සිංගප්පුරුව මෙතරම් ආදායමක් ලබන්නේ ශ්‍රී ලංකාව ඉදිරියන් සිංගප්පුරුවට යන නැව් නිසයි ( දැන් නම් ඔවුන් විවිද අංශවලින් විදේශ විනිමය උපයනවා )

      මිට අමතරව ශ්‍රී ලංකාව තුල චිනේ අලිබබා වියාපාරය කලවිදියට බැංකු හරහා අන්තර්ජාලය හරහා විනිමය හුවමාරු කිරීමට උවමනා යන්ත්‍රණයක් ඇතිකරන්න පුළුවන්. මිට උවමනා කරන්නේ දෙසපාලකයන්ගේ දැනුවත් වීම සහ කැපවීමත් නිලදාරීන්ගේ දැනුමත් පමණයි.

      දැනට මහින්ද ට විරුද්දව චෝදනා කරන වෙලේ මේවා වැඩිදියුණු කිරීමට වේගවත් වැඩපිළිවලක් යෙදුවනම් සිර ලංකාවේ පිහිටීමත් එක්ක බැලුවම අපට මේ ප්‍රශ්නයෙන් ඉක්මනින් ගොඩ එන්න පුළුවන්, මේවා මෙහෙම කරන්න බැරි මෝඩ රැලක් එහෙට මෙහෙට අදින නිසා බව ඔබට වැටහෙන්නේ නැද්ද? මේකයි ලික්වන්යු වැනි ඒකාධිපතියෙක් ඕන වෙන්නේ.

      Delete
    5. AnonymousMay 2, 2017 at 6:10 PM,

      ඔබේ විග්‍රහය සමග 100% එකග වෙමි.

      //නමුත් ලංකාවේ පවතින ප්‍රභූ දේශපාලන ක්‍රමය තුළ වම් අතින් දකුණු අතටත් දකුණු අතින් වම අතටත් ගහන්නෙ නෑ. ඒක අපි තේරුම් ගන්න ඕන. ඒව ඡන්ද පොරුන්දු විදිහට දෙන කොටම ඒව තේරුම් ගන්න ඕන.
      //

      මම මෙය මුලින්ම දැනගනි යහපාලනයට චන්දය දුන්නේ ඊට හේතුව යම්විදියකින් මහින්ද ගෙනගිය ප්‍රතිපත්තිය ගෙනගියානම් ශ්‍රී ලංකාව ලෝකයෙන් කොන්වී මට අමතරව බලවත් රජයක් යටතේ රටේ මිනිසුන්ව දැඩිලෙස පිඩා කරන තත්වයකට පත්කරනවා.

      // උදා: චන්ද්‍රිකා කලින් හිටපු 1977-94 එජාප මිනීමරුවන්ට, වධකයින්ට, හොරුන්ට මැරයන්ට දඩුවම් දුන්නද? රනිල් චන්ද්‍රිකාගෙ 1994-2001 හොර මැරකම් වලට දඩුවම් දුන්නද? මහින්ද 2002-04 රනිල්ගෙ රවීලගෙ හොර මැරකම් වලට දඩුවම් දුන්න ද? නෑනෙ.//

      මේ උදාහරණය මෙහෙමම මම මීටපෙර ඉදිරිපත් කරලා තියනවා මෙය තමයි උනෙත් ඉදිරියට වෙන්නෙත්.

      //මේ වනවිට රාජ්‍ය බලය දරණ හවුල් ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් රාජ්‍ය පාලනය හත්පොළේ ගාගෙන සිටී.

      . 95% වඩා ශ්‍රී ල නි ප පාලනය යටතේ පැවති පලාත් පාලන ආයතන විසිරුවා හැර එම සුළු දේශපාලුවන් නන්නත්තාර කොට ඡන්දයත් දින නියමයක් නොමැතිව කල්දමා තිබීමෙන් ඔහු තමන් ගේ ජනපදනම මිනී වලට තල්ලු කල අතර //

      මෙය නිවැරදියි නමුත් මෙතන තියන ප්‍රශ්නය මයිත්රිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම නායකයා ලෙස පිළිගන්න මොහොතෙම එක්සත් ජාතික පක්ෂයත් පිටස්තරයක් ලෙස පිලිගනිමයි.


      //කොටන් ඇද්ද බැසිල් ට අවශ්‍ය සියලු උදවු උපකාර දෙන්නට එකාබද්ධ විපක්ෂ කල්ලියේ සියලුම දෙනා, පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ සිට, පලාත් සභා මන්ත්‍රීලා සිට, පලාත් පාලන නියෝජිතයන් ගේ සිට මරණාදාර සමිති, කුලඟන සමිති දක්වා සියලුම දෙනා සැදී පැහැදී වුන් හ... හැම විටම තමන් ගේ දෙයක් ම මෙන් සියලු කැපකිරීමක් ම කිරීමට ඔවුන් සමත්වූහ.
      //

      ඉදිරියේ අසන්විදනාත්මක මේ රජය බරපතල අසීරු තාවලට පැමිණෙයි.

      //පරණ සිද්ධි කෙමෙන් මිනිසුන්ට අමතක වෙන්නේ 2002-03 වැට් බදු වංචාව ඇතුළු හොරකම්, 1988-89 භීෂණ යුගය අමතක වී ගියාටත් වඩා වැඩි වේගයකිනි.//

      මෙහෙම දෙයක් තිබුනත් ඉදිරියට මිනිසුන්ට තොරතුරු ගලායාම නිසා හිතුවට වඩා අමාරුවෙයි.

      Delete
    6. @ ළාංකික සිතුවිලි >>>

      /////මෙහිදී ලි ක්ව්නයු කියනවා "මුලික උවමනා සන්තර්පණය කිරීමට පහසුකම් නැතිව ප්‍රජාතන්ත්‍රවාදය කියන එකේ වැදගන්මක් නැතිබවත් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඉහල මට්ටමක රාජ්‍ය පාලනයක් බවත් එවැනි ඉහල මට්ටමක පාලනයක් ඇතිවීමට ඉස්සල්ල රටේ මුලික අවශ්‍ය තා සම්පුර්ණ වියයුතු බවත් කියන කාරණය"//////

      මේ වෙන කොට සිංගප්පූරුවේ මූලික අවශ්‍යතා සම්පූර්ණ වෙලා දශක 4 කට ආසන්න යි. එහෙත් ඒ රටට ලැබුණු ප්‍රජාතන්ත්‍රවාදයක් නම් නැහැ. තවමත් ඒ රටේ පවතින්නේ දැඩි පවුල් පාලනයක්.

      ලංකාව මේ වන විට සර්ව ජන ඡන්ද බලය ලැබී වසර 90 කට ආසන්නයි. දැන් මේ රටේ ඒකාධිපති පාලනයක් ආරම්භ කරන්න බැහැ. ලංකාවේ ජනයා ප්‍රජාතන්ත්‍රවාදයට හුරු වී අවසාන යි. එය වෙනස් කරන්න ගියොත් මහා භයානක ප්‍රතිඵල ඇති විය හැකි යි. ජේ.ආර්. මෙය තරමක් දුරට කරන්න හැදුවා, මැතිවරණ සිතියම වසර 10 කට අකුලනවා කියා වහසි බස් දෙඩීමෙන්. එය අවසන් වූයේ 60,000 ක ජනකායක් වළ පල්ලට ගොසින්.

      මේ රටේ නිදහසින් පසු ඇති වූ කැරලි තුනෙන් ම කිසිම පාඩමක් ඉගෙන නොගත්තු අය ඉන්නවා කියන එක ඔප්පු වෙනවා ඔබෙන්.

      Delete
  7. //අප මේ ආණ්ඩුව අතහැර නො දමන්නට හේතුව කුමක් ද යන්න ඊයේ පැහැදිලි විය.//
    ස්පොටොන්!

    //එසේ තේරුම් ගන්නට බැරි වන්නට මූලික හේතුව යථාර්ථය තේරුම් නො ගෙන උම්මත්තක ප්‍රීතියකින් හැසිරෙන එජාපයේත්, ශ්‍රීලනිපයේත් නායක දෙපළ ය.//
    මේ වාක්‍යය "එසේ තේරුම් ගන්නට බැරි වන්නට මූලික හේතුව යථාර්ථය තේරුම් නො ගෙන උම්මත්තක ප්‍රීතියකින් හැසිරෙන එජාපයේ සහ තමන්ව බලයට ගෙනා අරමුනු වලට එකින් එක පයින් ගසමින් ශ්‍රිලනිපය තුල බලය තහවුරු කරගැනීමට අසාර්ථක උත්සාහයක් ගනිමින් කල්මරන ශ්‍රිලනිපයේ නායකයන් දෙපළ ය." වගේ වෙනස් විය යුතුයයි කියලයි මට හිතෙන්නෙ. මෛත්‍රි උම්මන්තක ප්‍රීතියකින් හැසිරෙනවා පේන්න නැහැ.

    //මහින්ද ඝාතනයට උපකාර කිරීම පිණිස කොටින්ගෙන් සල්ලිත් අරගෙන අසු වී තිබියදීත් එසේ කරට ගත් ජොන්ස්ටන්ලා දැන් කෝ? //
    ඇත්තටම කෝ දැන් ජොන්ස්ටන්?

    -Dimithri

    ReplyDelete
  8. බැලූ මැල්මට පේන්න තියෙන අභියෝගය උනේ ගෝල්ෆෙස් පුරවන එක උනාට දැන් දැන් පැහැදිලියි මෛත්‍රිට නොදැනී රනිල් විසින් මෛත්‍රි පාර්ශවයට එල්ල කරන ලද අතුල් පහරක් බව සහ ජෙවිපෙ ට.අන්තිමට ගෝල්ෆෙස් අභියෝගය රනිල් විසින් මෛතීවෙත යැවු දුෂ්‍රාවක් උනා කියලයි මට හිතෙන්නෙ. අවසානයේ මෛත්‍රි පාර්ශවයට යු ඇන් පිය ඇර වෙන විසඳුමක් නැතිබව අඟවා ඇත,

    ReplyDelete
  9. //....වත්මන් රජය විසින් කළ යුතුව තිබුණු ප්‍ර‍ධාන කාර්යයක් වන්නේ මෙවැනි පිරිස්වලට නායකත්වය දෙන්නට රාජපක්ෂවරුන්ට තිබෙන සම්ප්‍ර‍දායික හැකියාව මොට කර දැමීමයි. දූෂණ, වංචාවලට එරෙහිව නිසි විමර්ශන කළා නම් එය පහසුවෙන් කරන්නට තිබිණි...//

    සැබැවින්ම මේ රජය බලයට පත් වූ වහාම කල යුතුව තිබුනේ එයයි. නමුත් තවමත් නොකර ඇත්තේද එයයි.

    හේතුව, සෝභිත හාමුදුරුවෝ ප්‍රමුඛ 'සධාරණ සමාජයක් 'සඳහා වූ පිරිස චන්ද්‍රිකා නෝනාගේ රෙකමදාරුව පිට මෛත්‍රීපාල උන්නැහේව එලියට දක්කාගෙන එන විට, එයා කවදාවත් ජනාධිපති වීමට සිහිනයක්වත්, ජනාධිපති වරයෙකුට තිබිය යුතු දැක්මක්වත් (vision) නොතිබූ, තම අමත්‍යාන්ශ රැස්වීම් සඳහා අවශ්‍ය නිලධාරීන්වත් සම්පුර්ණයෙන් කන්දවාගත නොහැකිවූ නිකම් ලාන්තරස් ඇමතියෙක් පමණක් වීමයි.

    තීරණාත්මක ජනවාරි 8 දා මෛත්‍රීපාල දිනුවේ UNP හා පාවෙන ඡන්දවලින් මිසක් මස්තබාල්දු ශ්‍රී.ල.නි.ප. ඡන්ද වලින් නොවෙයි. ශ්‍රී.ල.නි.ප චන්ද වැටුනේ මහින්දයට.

    ජනාධිපති සිහිනයක් හෝ ජනාධිපති උණක් නොතිබූ නිසාම, මේ මනුස්සයා දිනපු දා පටන්ම උත්සාහ කෙලේ ජනාධිපති තනතුරේ රාජකාරි කිරීමට වඩා ශ්‍රී.ල.නි.ප යේ නායකකම ලබාගෙන, එය හැමදාටම රැක ගැනීමටයි. එනිසාම තමයි මහා මැතිවරණයෙන් හොම්බෙන් යන්න පරාද වූ ඩිලාන් පෙරේරා වැනි අන්ත දහපදුරා අපතයෝ රැළක් කැබිනට් එකට රිංගවා ගත්තේ. උන් හැමවෙලාවෙම බලා ඉන්නේ අවස්ථාව ලැබුණ ගමන් මහින්දයත් එක්ක එකතුවෙලා මෛත්‍රීපාලයට කෙලවන්න.

    දැන් මේ මනුස්සයා කෑමොර දෙන්නෙ 'තනිකර ශ්‍රී.ල.නි.ප රජයක්' පිහිටුවීම ගැන මිසක් එයාට ඡන්දය දුන් මිනිසුන් බලාපොරොත්තුවූ දුෂණයෙන් තොර සැබෑ යහපාලන රජයක් පවත්වාගෙන යාම ගැන නොවෙයි.

    නමුත් ඡන්දයක් තිබ්බොත්, බිම් මට්ටමේ නුගත්, මෝඩ ජාතිවාදී 'සිංහල බෞද්ධ' ශ්‍රී.ල.නි.ප ඡන්ද ඔක්කොම වැටෙන්නේ
    මහින්දය ඉන්න පැත්තට.

    ReplyDelete
  10. ලාංකික සිතුවිලි,

    රාජපක්ෂ ප්‍රමුඛ කල්ලියේ වේගයෙන් වර්ධනයවන ජනතා ප්‍රසාදය ඇතිවීමට වත්මන් සභාග රජයේ විසුළු ක්‍රියාකලාපය හේතුභූත වී ඇත. මා එහි සම්පූර්ණ වගකීම පවරන්නේ මෛත්‍රීපාල ට ය. 95% වඩා ශ්‍රී ල නි ප පාලනය යටතේ පැවති පලාත් පාලන ආයතන විසිරුවා හැර එම සුළු දේශපාලුවන් නන්නත්තාර කොට ඡන්දයත් දින නියමයක් නොමැතිව කල්දමා තිබීමෙන් ඔහු තමන් ගේ ජනපදනම මිනී වලට තල්ලු කල අතර වෙනදා ජනතා නියෝජිතයන් ව සිටි දහස් සාංඛ්‍යාත පලාත්පාලන මන්ත්‍රීන් පැරදී කුජීත වී සිටි මහින්ද ගේ තුරුලට තල්ලු කලේය.

    සැබෑ ජනපදනමක් නැති සෝලන්ගාරච්චිලා, එස්බීන්ලා, සොයිසලා තිලන්ගලා මහින්ද සමරසින්හලා වැනි තක්කඩින්ගේ ලණු කෑ මෛත්‍රීපාල ජනතාව සමග සිටි නියෝජිතයන් ව ආසන සන්විදායක කමෙන් ද පන්නා දමා පිරිහී සිටි යල්පැනගිය පුදගලයින් පත්කර නැති අවුලකුත් හදා ගත්තේය.

    මෛත්‍රීපාල යටතේ තමන් ගේ පලාත් පාලන ආයතන එජාප බලයට නතු වන බව එම ප්‍රාදේශීය දේසපාලකයන් දැන ගත්තේය. තමන් අත ඇති බලය එජාපයට පූජා කරන්නට කැමැත්තෝ නිදහස් පක්ෂයේ සිටිත් ද??

    මේ අවස්තාව දූෂිත සටකපට බැසිල් රාජපක්ශ ට තමන් ගේ බලය පතුරුවා හරින්නට තෝතැන්නක් විය. මහින්ද බලයේ සිටිද්දීම ප්‍රාදේශීය දේශපාලකයන් වැඩ කලේ බැසිල් සමග ය. ඔවුන් ට ප්‍රතිපාදන ලබා දුන්නේ බැසිල්ය. ඔවුන් ගේ දුක් කම්කොටලු සහ පැමිනිලි වලට සවන් දුන්නේ බැසිල්ය. ඔවුන් සමග ඩීල් දැමීම ඔහුට කජ්ජක් නොවීය.

    ReplyDelete
    Replies
    1. මේ නව දේශපාලනික අර්බූදයේ දී පාලක එජාප ය තමන් ගේ පලාත්පාලන ආයතන නියෝජිතයන් හට ලබා දුන් නිසිදු දෙයක් නොවීය. රනිල්, මලික්, රවී සහ කිරිඇල්ල කෝටි ගනනින් සොරකම් කරද්දී අනෙකුත් මැති ඇමැතිවරුන් ට කුඩා දෙයක් වත් දෙයක් සපයා ගන්නට රනිල් ඉඩ තිබ්බේ නැත. පලාත් පාලන නියෝජිතයන් හට තමන් වටා සිටිනා ජනතාවට ඉතා කුඩා සැලකීමක් වත් කරන්නට අවස්තාවක් රනිල් ගෙන් ලැබුනේ නැත.

      කිසිම ආකාරයකස්ථාවර සන්වර්දන කටයුත්තක් සිදු නොවනා තත්වයක දී පෙර දී ඉදිකිරීම් කර්මාන්තයේ යේදී සිටි බොහෝ කොන්ත්‍රත් කරුවන් ද එජාප පලාත් පාලන නියෝජිතයන් ගනනකට ගන්නේ නැති තත්වයක් ඇති වී තිබේ.

      පොහොට්ටුව ලකුණ යටතේ කපටි බැසිල් ක්‍රියාත්මක වුනේ එවැනි පසුබිමක ය. නිර්භයව ඉදිරියට පැමිනෙන්නට මහින්ද ට පසුබිම සැදුවේ බැසිල් ය. ඔහු ගේ පදනම මෛත්‍රීපාල විසින් නිර්මානය කල අසහනයට පත් ශ්‍රී ල නි ප පලාත් පාලන නියෝජිතයන් ය.

      රැලිය ට ගාලු මුවදොර ඉල්ලීම මේ පලාත්පාලන නියෝජිතයන් සමග එක් ව ගත් තීරණයක් විය. එතැන් පටන් එහි සියලුම කටයුතු, අදියරෙන් අදියර නිසි තැනැත්තා ට බාර දී ඔඋන් ලවා එම වගකීම් ඉටුකර ගත්තේ බැසිල් ය.

      කොටන් ඇද්ද බැසිල් ට අවශ්‍ය සියලු උදවු උපකාර දෙන්නට එකාබද්ධ විපක්ෂ කල්ලියේ සියලුම දෙනා, පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ සිට, පලාත් සභා මන්ත්‍රීලා සිට, පලාත් පාලන නියෝජිතයන් ගේ සිට මරණාදාර සමිති, කුලඟන සමිති දක්වා සියලුම දෙනා සැදී පැහැදී වුන් හ... හැම විටම තමන් ගේ දෙයක් ම මෙන් සියලු කැපකිරීමක් ම කිරීමට ඔවුන් සමත්වූහ.

      වේදිකා නිර්මාණයේ දී ගොසින් රහසිගතව නිරීක්ශනය කල මා දැක්කේ එවන් තත්වයකි.

      අනිවාර්යයෙන් ම රාජ්ය අනුග්‍රහය ඇති ව පැවැත්වූ අනෙක් මැ‍යි රැළි දෙකට ම බැසිල් වන් සන්විදාකයකෙක් ඉන්නට ඇත. සියලු දේ මනාව සන්විදානය වන්නට ඇත.එහෙත් එම රැළි දෙකම අභිභවා ගාලු මුවදොර පිටියේ පැවැති රැලිය ඉදිරියට ආයේ ඇයි???

      සියලුම දේ නිසි සැලසුමකට අනුව ක්‍රියාත්මක කරමින්, සැම දෙනාම සහභාගී වෙමින්, සැවොම තම වගකීම් ඉටුකරමින් සැකැසුනු මේ මහා යාන්ත්‍රනය ඉදිරියට ගියේ මහින්දගේ ප්‍රකට පෞරුෂය නිසා ම ය. මිනිසුන් එක් රැස් කිරීමේ කාන්දම මහින්ද විය.

      බැසිල් ගේ සන්විදානයෙන් ගෙන්වන්නට යෙදුනු බස් වලට මිනිසුන් නැග්ගේ මහින්ද නිසා ය. බැසිල් ගේ උදවිය විසින් නිර්මානය කල ගාලු මුවදොර පිටියේ සන්දර්ශනය මිනිසුන් ගෙන් පිරුනේ මහින්ද නිසා ය.

      යුද්දය නිමා කර තමන් ට නිදහසේ ජීවත් වන්නට සලසාදුන්, තමන් ට පාරක් හදාදුන්, තමන් ගේ ගම නගරය අලන්කාර කල, තම පාසැලට නව විද්‍යාගාර, බිල්ඩිම්, පිහිනුම් තටාක සාදාදුන්, තමන් ගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රෝහල, අදිකරන ගොඩනැගිලි, තනාදුන් නවව ශ්‍රී ලන්කාවක් බිහිකල මහින්දව අමතක කරන්න ට මිනිසුන් සූදානම් නැත. එමෙන්ම නාමල්ලා, මර්වින්ලා, සජින් වාස්ලා, සරණ ගුණ වර්ධනලා වැනි බලය අතට ගෙන යකා නැටූ මීහරකුන් දැන් කරලියේ නැත. බූරුවංෂ ආණ්ඩුවේ සිටියදී විකාරයක් වුණත් විපක්ෂයේදී සෑහෙන බලවත් හඬකි. පරණ සිද්ධි කෙමෙන් මිනිසුන්ට අමතක වෙන්නේ 2002-03 වැට් බදු වංචාව ඇතුළු හොරකම්, 1988-89 භීෂණ යුගය අමතක වී ගියාටත් වඩා වැඩි වේගයකිනි.

      සිවු දෙසින් ම ඔපපාතිකව පහලවී සිටිනා නවීන දේසපාලන විචාරකයන් මෝඩ කතා කියද්දී, එම කතා අසමින් ම මහා ජනතාවක් මහින්ද බලන්නට ගාලු මුවදොර පිටියට යෑම එක අතකින් දෛවයේ සරදමකි.

      ජනතා බලයට පිටුපානා බලයක් ප්‍රජාතන්ත්‍රවාදයේ නොමැති බව එම දේසපාලන ඔස්තාද්ලා දන්නේ නැත. නීති රීති වෙනස් කරමින්, සිරිකොත බලය අල්ලාගෙන සිටින පහළ මට්ටමේ පාක්ෂිකයින්ට කන් නොදී උඩඟු වෙසින් සිටින රනිල් සහ තග න්‍යායෙන් ශ්‍රී ල නී ප යේ සභාපති වූ මෛත්‍රීපාල මෙන්ම පැරදී අනුන්ගේ ඡන්ද පදනමින් හොර පාරෙන් පාර්ලිමේන්තු රිංගා ගත් ඔහුගේ කේවට්ටයින් ලඟ ජනතාව නැත. දේශපාලන වශයෙන් සක්‍රීය නිදහස් පාක්ෂිකයා ඇත්තේ ඔවුන් ට අවශ්‍ය මිනිසා සමග ය. ඒ මිනිසා මහින්ද රාජපක්ෂය. මේ යථාර්ථය තේරුම් නොගෙන බහුබූත කළොත් එහි වාසියත් ඔහුටය. දැන්වත් මහපොළොවේ යථාර්ථය තේරුම් ගෙන කටයුතු කළොත් එජාප-මෛත්‍රී පිළට යම් තරමකින් තත්වය පාලනය කරගතහැකි වනු ඇත. නැත්නම් කාටත් සොරි ඩොට් කොම් ය.

      Delete
  11. මම ෆේස්බුක් එකේ නැති නිසා මට මේ ප්‍රශ්න නිර්මාල් ගෙන් අහන්න විදියක් නෑ.

    ඒ නිසා ෆේස්බුක් එකේ ඉන්න කෙනෙකුට පුළුවනි නම්, අජිත් පැරකුම් ජයසිංහ විසින් නිර්මාල් ගෙන් ඇසුවාය කියා ලංකා සිතුවිලි විසින් වාර්තා කර ඇති ප්‍රශ්නය වන "නිර්මාල් ට, ධනවාදය, වෙළඳ පොළ බලවේග, ආදිය ට එරෙහිව විකල්ප ඉදිරිපත් කරන්න පුළුවන් නම්, ඇයි, රාජපක්ෂවාදයට එරෙහිව, විකල්පයක් ඉදිරිපත් කරන්න නිර්මාල් ට බැරි?" යන්න නිර්මාල් ගෙන් අහන්න, මම ඒක සෑහෙන්න අගය කරනවා.

    මොකද, ධනවාදය, වෙළඳ පොළ බලවේග ආදිය, රාජපක්ෂවාදය ට වඩා ඉතා බලසම්පන්නයි.

    ඒවගේම, කිසියම් කෙනෙක්, එහෙම ප්‍රශ්ය්නයක් ඇහැව්වොත්, නිර්මාලුත්, "මම එවැනි විශිෂ්ට මිනිසෙකු නොවෙමි", "මට වැදගත්කමක් නොදෙන්න", ආදිය නො කියා පිළිතුරක් දෙයි කියලා.

    ReplyDelete
  12. @ Lankika Sithuwili

    වැලේ වැල් නැති 'ප්‍රවීණ බ්ලොග්කරුවෝ' වෙන මොනව කියන්න ද ?. හැබැයි වැරදිලා හරි සෙනග ආවේ කැම්බල් පාක් එකට හරි, ගැටඹේට හරි නම් කියන්නේ ඔහොම නෙවෙයි මෙහෙමයි..

    //රජයේ ජනතාවාදී පිළිවෙත ජනතාව අනුමත කරලා...//
    රාජපක්ෂලා ඉතිහාසයේ කුණුබක්කියට...
    මේ රජයට සහාය දැක්විය යුතුයයි යන අපේ ස්ථාවරයේ නිවැරදි බව, ජනතාව විසින් ඔප්පු කොට පෙන්වූවා...//

    හැබැයි ඒකෙ අනිත් පැත්ත වුණාම???

    මේ රටේ අට අනූවක් රෝගාබාධවලට හේතුව රාජපක්ෂලා බව සමාජගත කරන්නට උත්සාහ කරන මෝඩ රැලේ ඉදිරියෙන්ම, මේ හාදයාත් සිටින බව පෙනේ. එක අතකට, මෙවන් තක්කඩින් ඉටු කරමින් සිටින්නේ මහින්ද රාජපක්ෂට නැවත බලයට පැමිණෙන්නට අවශ්‍ය වටාපිටාව සැකසීමය. මෝඩ විවේචන ඉදිරිපත් කිරීම මගින් ඉටු වන්නේ එයයි. පාඨකයාගේ තර්ක බුද්ධියට නොගැලපෙන මෙවන් පුහු විචාර කියවන ජනයා නිරායාසයෙන්ම රාජපක්ෂ දෙසට තල්ලු වීම නියතයක් බවට පත්ව ඇත.

    තමුන්ට එකග වෙන්නට නොහැකි අදහස් මෝඩ අදහස් ලෙසත් විරුද්ධ දේශපාලන මතධාරීන් "රාජපක්ෂ දූෂණය හා ජාතිවාදී රණකාමය මත පදනම් වූ හුදෙක් ආර්ථික සාධක හා උම්මත්තකභාවය මත පිහිටා කටයුතු කරන මෙම ජනරාශි පුනරුත්ථාපනය නො කර ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයට හෝ යහපාලනයට කිසි සේත් ම දිනා ගත නො හැකි" ලෙස විසුළු ලෙස අර්ථදක්වන පුද්ගලයෙක් තර්ක බුද්ධිය ගැන කතා කිරීමම විහිළුවකි. කටට ගත්ත බත් පිඩ පිට උගුරේ යන තරමට හිනහ ගස්වන්න එපාය කියන්නේ මෙවැනි ළාමක විහිළු වලට ය.

    උත්සාහය හොදයි. ඒත් තව වරක් ට්‍රයි කරන්න.

    ReplyDelete
  13. මුලු ගෝල්ෆේස් එකම මට ඊයෙ පෙනුනෙ මුවිඳු බිනෝයිගේ කොලාජ් චිත්‍රයක් වගේ!

    - Dimithri

    ReplyDelete
    Replies
    1. Really, is it a habit or you intentionally drop names just to show off?

      Delete
    2. නම් අමතක කරන්නකො. අර සංවාදයට තුඩුදුන් කුනු පුරවපු ජේතවනයට වැඩිය කුනු පුරවපු ගෝල්ෆේස් එක වගේ එකක් වඩා අර්ථවත් කියන එකයි මම කියන්න ගියේ.

      අනුන්ගෙ හැබිට් ගැන ඔච්චර වදවෙන්නෙ ඇයි?

      - Dimithri

      Delete
    3. //මුවිඳු බිනෝයිගේ කොලාජ් චිත්‍රයක් වගේ// යි කිව්වාම කෙනෙකු හිතන්න පුළුවන් ඒක පිකාසෝගෙ වගේ සිරා ආට් එකක් ය කියලා. නමේ ටිකක් ඉන්ටර්නැෂනල් ගතියක් තියෙනවා නේ. ෆේක් ද?

      කොහොම වුණත් ඒක කලාත්මක පැත්තෙන් නම් අන්තිමයි. ග්‍රැෆික් එකක් වශයෙනුත් දුර්වලයි. අදහස විදියට කුපිත කරවනසුළු එකක් වීම නිසායි ඒක ගැන ඔය තරම් කතාබහක් හැදුණෙ.

      Delete
  14. නදියක් සේ ගලා ආ සිංහළ ජන ගඟ
    සයුරක් සේ රැඳුනා මහින්ද ලඟ
    ජනවාරි අටවනදාට පෙරත්
    සුනාමිය සේ පැමිණි සුළු ජන ගඟ
    දෙගොඩතලා ගැලුවා
    ජනවාරි අටවනදා

    හොරුන්ට දඬුවම් දුන්නානම්
    බැඳුම් කරේ නොකලානම්
    සුළු ජන ගඟයි සිංහළ බහුතරයයි
    දෙකම රනිල්-මයිත්‍රී ලඟ

    වෙච්චදේට හත්වලාමේ
    මක්කොරන්නද!

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත.

      Delete
  15. මෙන්න ඊයෙ ඉදලා රෙද්දේ බඩ යන එවුන්ගේ මල පහ විචාර

    ReplyDelete
  16. සම්ප්‍රදායානුකූලව බලයේ සිටින් දේශපාලන පක්ෂය මැයි රැලිය පවත්වන්නේ ගෝල්ෆේස් හි දී ය. එය කඩ කරමින් මල් පොහොට්ටුවට එම පිට්ටනිය දීමෙන් ආණ්ඩුවේ නායකයන් දෙදෙනා කර ගත්තේ අමු ම අමු ගොංකමකි.

    ReplyDelete
  17. අද වන විට මහින්ද දේශපාලන නායකයෙකුට වඩා එක්තරා ආගමික නිකායත ශාස්තෘවරයෙක් බවට පත්වී ඇත.වරෙක ඔහු ශාසතෘවරයෙකි වරෙක වීරයෙකි.වරෙක දෙවියෙකි.ඔහුවටා එක්රොක්වන මෙී බැතිමතුන් කිසියමි දිනක ඔහු අළුත් දෙවියෙකු ලෙස දේවාල සාදා වන්දනාමාන කරනු නියතයි.තමිල්නාඩුවෙී එමි ජී ආර් ආන්ද්‍රාෙවී රාමිරාවෝ මීට හොදම උදාහරණයි.ප්‍රජාතන්තුවාදය මානව නිදහස වැනි දේ මෙී අනුගාමික බැතිමතුන්ට අරහංය මහින්දගේ මුවින් පිටවෙන්නේ කුමක්ද එය පරම සත්‍ය ලෙස පිළිගනිති.මහින්ද යනු දැන් උමතුවකි.හොද නෙවන නරකම පිස්සුවකි.

    ReplyDelete
    Replies
    1. "මහින්ද" ඔබේ විරුද්ධ දේශපාලන මතධාරීන්ගේ ආගම නොවේ. එවුන්ගේ බලාපොරොත්තුවයි. හැබැයි ඔබේ ආගම නම් "මහින්ද වෛරය" බව පෙනේ. (රාජපක්ෂලාට නැවත බලයට ඒමට නොදෙන්නෙමුයි ශපථ කරන්නේ එබැවිනි.) ප්‍රජාතාන්ත්‍රීය ක්‍රියාමාර්ගයකින්, ජනතා කැමැත්තෙන් රාජපක්ෂවරු නැවත බලයට ඒ නම්, එය නැවැත්වීමට ඔබ කවුද?

      ඔබට රාජපක්ෂවරුන් බලයට ඒම නැවැත්වීමට අවශ්‍යනම් ඔබ කල යුත්තේ, හිස් පුරසාරම් දෙඩීම නොවේ. රාජපක්ෂලාට වඩා වැඩියෙන් වැඩ කල හැකි, ඊට වඩා ජන ප්‍රසාදයක් ලබා ගත හැකි නායකත්වයක් කරළියට ගෙන ඒමට කටයුතු කිරීමයි.

      Delete
    2. රාජපක්ෂලාගේ කාලෙ වගේ දැන් සුදුවෑන් තියෙනවද්? රගර් ගහල පැරදුනහම කොල්ලන්ව පණපිටින් පිච්චුවද? පත්තරවල ලියපු උන් අරන් ගිහින් මැරුවද? රාජපක්ෂලෙගෙ 'කාලෙ වගේ වැඩ' කියන්නෙ මේවනම් දැන් ඒව නොකරන එකම හිදයි..

      Delete
  18. Minissu sarpayan dekkama maranne ai ?

    ReplyDelete
  19. Funny thing is people still ask what Mahinda did for Sri Lanka, see below link. Our GDP was below 20 bil USD since independence and start to go up from 2005, GDP was 80 bil USD at 2015. Then people who say, search internet for loans, every new govt taken more loans than the previous govt.And this govt is on track to take more loans than MR and economy is going backwards. (Ow, Samantha Badra Rahathwela kiyala Para kiyai thwa tikakin)ha ha ha

    http://www.tradingeconomics.com/sri-lanka/gdp

    ReplyDelete
  20. පැරා ... සෙනග දැකල චූන් වුණ අයටයි බය වුණ අයටයි ...///// ඔයා බයවුණා ද නැතිනම් චුන්වුනා ද
    බයවුනෙත් නැතිනම් චුන්වුනේ වත් නැතිනම් ඔයාට මොකා උනේ

    ReplyDelete
    Replies
    1. මොකුත් නැහැ. ලෙඩ්ඩු කලබල වුණාට වෙද්දු කලබල වෙන්නෙ නැහැ නේ. (කියමනක් විතරයි. ලංකාවේ නම් වෙද්දු කලබල වුණාට ජනතාව කලබල වෙන්නෙ නැහැ.)

      Delete
  21. "ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්නවා ද? "

    ප්‍රජාතන්ත්‍රවාදය ලෝකෙට උගන්නපු රටවල් ප්‍රජාතන්ත්‍රවදයෙන්ම අර්බුදයට යද්දි මේ අයියල මෙහේ ප්‍රජතන්ත්‍රවදය පටන් ගමුලු

    ReplyDelete
    Replies
    1. රටවල් අර්බුදයට ගොස් ඇත්තේ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය නිසා නොව, වෙනත් හේතු නිසා ය.

      Delete
    2. මොනවද ඔය කියන හේතු, යුරෝපය අසාර්තක වෙන්නෙ මොකද ? ට්‍රම්ප් කියන්නෙ මොකක්ද ?

      අනිත් එක, ලන්කාව මෙතෙක් කල් සිදු නොවී තිබු තත්වයකට ඈද වෑටෙමින් පවතිනව, ඒක තාම අජිත් ට තේරුම් ගන්න බෑරි වෙලා,

      මුස්ලිම් සහ දෙමල චන්ද දායකයින් මෙන් නව වර්ගයක සින්හල බෞද්ද චන්ද දායකයින් පිරිසක් ගොඩ නෑගෙමින් පවතිනව

      තව කරුනක් ඔබට නොදෑනුනාට පහු ගිය මෑතිවරන වලදි මහින්ද වීරොදී න් ලෙස හෑසුරුන අය ඉතා වේගයෙන් මහින්ද වාදීන් බවට පත් වෙමින් ඉන්නව, මෙයට දායකත්වය ලබා දුන්නෙ රනිල්, මයිත්‍රී හවුල

      අනිත් කරුන මහින්ද කල්ලියට අනිත් අයට වඩා සල්ලි වියදම් කරන්න පුලුවන් වගේ කතා නම් සුරන්ගන කතා.

      මිනිස්සු මහින්ද පරාජය කලෙ මොකද කියන එක තාම ඔවුන්ට තෙරුම් ගන්න බෑරි වෙලා තිබෙනව, එහෙම නෑත් නම් ඔවුනුත් මහින්ද කල්ලිය වගේමයි, හොන්දම උදාහරනය ලක්ශ්මන් කිරිඈල්ල

      Delete
    3. තව දෙයක් රනිල් ගෙ උද්දච්චකම, මෝඩකම, නොහෑකියාව මනාව පෙනුනු යුගයක්, රනිල් ට පුලුවන් නායක කමේ ඉන්න විතරයි.

      මීතොටමුල්ලෙ අසරන වෙච්ච අය ඔවුන්ගෙ දුක් ගෑනිවිලි කියද්දි මෙ උද්දචච තක්කඩිය ඔවුන්ට අපහාස, උපහාස කරනව.

      මෝඩකමට උදාහරන, චීන්නු අපේ රටේ ද.දේ.නි US $ 40000 කරාම නිකන්ම අපේ රටට යුරෝපයේ මට්ටමට එන්න පුලුවන්ලු , යුරෝපා පුනරුදය, කාර්මික විප්ලවය පීචන් කරන හෑටි.
      අනුන් ලවා රට සන්වර්දනය කර ගත හෑකි යෑයි සිතීම

      රනිල් ගෙ නොහෑකියාව, අපි එකන්ග නොවුනට මහින්ද ගෙ දේශපාලනය සමග(මම චන්දය දෑමීමෙන් පවා වෑලකී සිටිමි, නිශ්පල දෙයක්, මෑතිවරන ක්‍රමය පිලි නොගනී) ලන්කවේ දර්ශක සියල්ල ඉහල ගොස් ඈත්තෙ මහින්ද යුගයෙදි, රිජු අයොජන, ද.දෙ.නි, ජීවන දර්ශක, සෞක්ය දර්ශක, සෝබන සන්වර්දනය. රනිල් ට ඈත්තටම අපි සිතූ තරම් වෑඩ බෑරිය

      Delete
  22. සෙනග දැකල චූන් වුණ අයටයි බය වුණ අයටයි මේ නිවේදනය!

    2020 දී එජාප රජයක් බිහිවීම වයිමට තියා බන්දුලටවත් වැලැක්විය නොහැක.
    එයට පාරකපා දී කේස් ටික ෂේප් කරගත් මහරජාණෙනි ඹබට දිර්ඝායූ!

    ReplyDelete
  23. දැන් ඇති මේක, පැරා.... දාන්න අලුත් පෝස්ට් එකක්.

    ReplyDelete
  24. Meka liyapu eka nikan deshapalana baiscope ekak nishpadanaya karanna uthsaha karanawa wage penne. Reality eken bohoma duras wechcha adahas uge thiyanne

    ReplyDelete
  25. ගාලු මුවදොර රැස්වීමආශිර්වාදයකි එය අපගේ පිළ තෝරා ගෙන නව ජවයකින් යලි සටන ඇරඹීමට පෙළඹ වූ බැවිනි.

    ReplyDelete
  26. මුක පූට්ටු ඇට් බේස්ලයින් ඩොට් කොම්May 8, 2017 at 2:26 PM

    ඉක්බාල් අතාස් නම් කියන්නේ පැරා කෙසේ වෙතත් ගොඩක් කට්ටිය සෙනඟට බය වුනා කියලයි -
    කියවලා බලන්නකෝ
    http://www.sundaytimes.lk/170507/columns/galle-face-blues-rajapaksas-may-day-force-jolts-govt-239614.html

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා