ශරීර අඟපසඟ ප්‍ර‍දර්ශනය කිරීම හා බැලීම

ඊයේ අප විසින් ලියන ලද ලිපියක් හා සම්බන්ධව වැදගත් සංවාදයක් ෆේස්බුක්හි සිදු වී තිබෙනු අප දුටුවා.

ඒ ලිපිය මෙයයි: ගැටලුව ඇත්තේ රූපයෙහි නොව බලන ඇස්වල ය

ඒ පිළිබඳව අදහස් දක්වන්නට පෙර අප එම අදහස් ටික මෙහි නැවත පළ කරනවා.

Mahinda Pathirana අනුරාගී විලාසිතාවල සීමාව කුමක් ද? එවැනි විලාසිතා නිසා පිරිමින් අතින් ඇතිවිය හැකි ප්‍රතිචාර පිළිගැනීමට කාන්තාව සූදානම් ද?

Reply
13 hrs
Ramindu Lakkhika Perera මොකක්ද පිරිමින්ට තිබෙන අයිතිය ගැහැනු කොහොම ඇන්දත් තමන්ට කැමති විදිහට ප්‍රතිචාර දක්වන්න? 

Reply8 hrs
Mahinda Pathirana Ramindu Lakkhika Perera අයිතියක් නැහැ. මම කතා කළේ බයලොජි ගැන

Reply8 hrs
Ramindu Lakkhika Perera Mahinda Pathirana පුරුෂ ආධිපත්‍යය එතකොට බයලොජිකල්ද? ස්වාභාවිකද?

Reply8 hrs
Mahinda Pathirana Ramindu Lakkhika Perera ඒකට කියන්නෙ පුරුෂාධිපත්‍ය ද කියල දන්නෙ නැහැ. ඒත් පුරුෂයා කාන්තා සරාගිකත්වයට ඉතා පහසුවෙන් ආකර්ෂණය වෙනවා හා අනුව ක්‍රියා කරනවා.

Reply
8 hrsEdited
Priyantha Rathnayaka දැන් එතකොට මහින් ද කියන්නෙ පිරිමියා කියන්නෙ තර්ක බුද්ධියක් නැති බයොලොජි වල පූර්ණ වහලෙක් කියලද​? සාමාන්‍යෙන් එහෙම උන්ට කියන්නෙ තිරිසන්නු කියල​. අපි තිරිසන්නුන් ගෙන් අචාර ධර්ම බලාපොරොත්තු වෙන්නෙ නැනෙ. පිරිමියත් ඒ තත්වයේ සත්වයෙක් කියලද කියන්නෙ.

Reply
8 hrs
Mahinda Pathirana Priyantha Rathnayaka මම පූර්ණ වහලෙක් කියල නැහැනෙ.

Reply8 hrs
Priyantha Rathnayaka නැහැ ඔයා අවධාරණය කරන්නෙ බයොලොජි නෙ. ඇයි ඒ? අපිට ඕනිනම් බයොලොජි ගැන කිය කිය සත්තු වගේ ඉන්නත් පුලුවන්නෙ.

Reply
8 hrsEdited
Mahinda Pathirana Priyantha Rathnayaka අනික ඔය කියන තර්ක බුද්ධිය හා ආචාර්ය ධර්ම ඒ අයුරින් ම ක්‍රියාත්මක වෙනව නම් කාන්තාවකට ඇඳුම් නැතුව වුනත් යන්න පුළුවන් වෙන්න ඕන. ලංකාවේ විතරක් නෙමෙයි, ලෝකයේ ඕනෑම රටක. එහෙම වෙනව ද?

Reply
8 hrs
Priyantha Rathnayaka වෙන දේයි, වෙන්න ඔනි දේයි අතර වෙනසක් තියෙනවනෙ. එහෙම නැත්තන් ඉතින් අපට මෙහෙම කතා කරන්න වෙන්නෙ නැනෙ.

Reply8 hrs
Mahinda Pathirana Priyantha Rathnayaka සිංහල ශිෂ්ඨාචාරය කියන්නෙ මිනිස් ශිෂ්ඨාචාරයක්. රොබෝ එකක් නෙමෙයි

Reply
8 hrs
Ramindu Lakkhika Perera උත්ප්‍රාසය තමයි මහින්ද බටහිර ආක්‍රමණ එන්න කලින් ලංකාවේ (සිංහල ශිෂ්ටාචාරයේ) ගැහැනු බොහොම නිදහස්ව ඇදුම් පැලදුම් කලා. ඒ කාලයේ සමහර විට පිරිමින්ට තියෙන්න ඇත්තේ වෙනස් බයොලොජි එකක් 

Reply
8 hrs
Mahinda Pathirana Ramindu Lakkhika Perera ඒ කාලයේ මීට වඩා ලිංගික නිදහසක් තිබුණා. ඒ අනුව, ස්වභාවික ව හැඟුම් පාලනය වුනා. බටහිර සුචරිතවාදය විසින් ඒකත් නැති කළා.

Reply
8 hrs
Priyantha Rathnayaka දැන් ඉතින් මහින්ද ත් මෙතන කරන්නෙ "බටහිර සුචරිතවාදය​" ට අනුව තර්ක කරන එකනෙ.

Reply
8 hrs
Mahinda Pathirana Priyantha Rathnayaka නැහැ මම කියන්නෙ භූමියේ තිබෙන තත්වය

Reply8 hrs
Priyantha Rathnayaka මේකනෙ දැන් ඔයාල වගේ ඔලු තියෙන තමා භූමියෙ ගොඩක් ඉන්නෙ. එක අතකින් අම්මෝ අපේ බයොලොජි එකට කෙලවෙයි කියල ගැනුන්ට ඇඳුම් අන් දන්න හදනව​. අනික් පැත්තෙන් ඒ හිඳම ඇතිවෙන බයොලොජි ඇරියස් තියෙන නිසා ඒව කවර් කරගන්න හදනව​. 
මෙතන තියෙන ප්‍රශ්නෙ තමා, පිරිමියා තමන් ගෙ බයොලොජි එකේ වගකීම තමන් ගන්නෙ නැති එක​. එහෙම නැතිව ඒක ගැනිට පටවනව​.

Reply
8 hrs
Mahinda Pathirana ඔයාට ඔලුවක් නැද්ද එතකොට ?

Reply7 hrs
Mahinda Pathirana අනික ඔයා කියන්නේ ගෑනු අයට අඳුමක් එපා කියල ද?

Reply7 hrs
Priyantha Rathnayaka ගැනු අයගෙ ඇඳුම් ගැන මට උනන්දුවක් නැ.

Reply7 hrs
Mahinda Pathirana පිරිමියා ගන්නේ තමන්ගේ බයලොජි එකේ වගකීම තමා. එතනයි ප්‍රශ්නය තියෙන්නේ.

Reply7 hrs



Suranni Cooray ඔව් සොයුර ඔබ දක්වන පිරිමි ප්‍රතිචාර වලට ඇය විසින් ගැහැනු ප්‍රතිචාර දැක්වීමේ දී ඔබ ඒවා පිළිගැනීමට සූදානම් ද?

මෙහි මහින්ද පතිරණ මතු කරන ප්‍ර‍ශ්නයත්, රමිඳු ලක්ඛික පෙරේරා පළ කරන ප්‍ර‍තිචාරයත් දෙකම වැදගත්. මා මේ දෙස බලන්නේ මෙහෙමයි.

පිරිමින් ඇතැමෙකුට දර්ශනකාමය තිබෙනවා. ගැහැනුන් ඇතැමෙකුට ප්‍ර‍දර්ශනකාමය තිබෙනවා. මේ දෙකම මට අනුව නම් සුන්දර දේවල්. ඒවා සාමාන්‍ය සමාජ පැවැත්මට ගැටලුවක් නො වෙන අන්දමින් පාලනය කර ගත හැකි තාක් කල් එය මානසික රෝග ලෙස සැලකෙන්නේ නැහැ.

දර්ශනකාමයත්, ප්‍ර‍දර්ශනකාමයත් කියන්නේ එක ම කාසියේ දෙපැත්ත.

හැබැයි දර්ශනකාමියාට ස්ත්‍රී දූෂකයෙකු වන්නට කිසිදු අයිතියක් නැහැ.

ඒ වගේ ම තමයි ප්‍ර‍දර්ශනකාමියාට දර්ශනකාමීන්ගේ ඇස් තමා වෙත යොමු වීම ගැන කේන්ති ගන්නට අයිතියකුත් නැහැ.

මේ දවස්වල සාරි අඳින ඇතැමුන්ගේ විලාසිතාවක් තමයි වසාරොද පෙනෙන තරම් පහළට කර එය ඉණ වටා දැවටීම. මේක කරන අය දර්ශනකාමීන් ගැනත් සිතා එය කළ යුතුයි. ඔබගේ ඒ කොටසට දර්ශනකාමියකුගේ ඇස යොමු වන එකට ඔබ කැමති නැති නම් ඔබ කළ යුතුව තිබෙන්නේ එසේ නො ඇඳීමයි. ඔබ එසේ අඳිනවා නම් එය ඉවසීමටත් පුරුදු විය යුතුයි. සමහරුන් කරන්නේ බලන විට එය වසා ගැනීමට උත්සාහ කිරීමයි. ඒකත් ඉතින් සුන්දර දෙයක්. ඒකෙන් අගේ තව වැඩි වෙනවා. පෙන්නනවා, හංගනවා.

කර පළල් හැට්ට, කොට සායවල් ගැනත් කියන්නට තිබෙන්නේ ඒකම තමා ය. හැබැයි ඇතැමෙක් කොට කලිසම් වැනි ඇඳුම් අඳින්නේ ඒ ගැන සුවිශේෂ සැලකිල්ලකින් නෙමෙයි. එය ඔවුන්ට හුරු පුරුදු වී තිබෙන සාමාන්‍ය දෙයක්. ඒ වගේ අවස්ථාවලදී බලන්නාගේ ඇස තමයි වැදගත්.

මේවා එක් එක් කාල වකවානුවලදී විලාසිතා බවට පත් වෙනවා. උදාහරණයක් තමයි වසාරොද පෙනෙන තරමට පහළින් සාරිය අඳින එක. හැබැයි විලාසිතා යනු හැම විට ම තැනට උචිත අන්දමින් කරන දෙයක්. සැඳෑ සාදයකට සුදුසු විලාසිතාව කාර්යාලයට සුදුසු නැති බව තේරුම් ගැනීම සාමාන්‍ය මෘදු කුසලතාවක්. ඒ වගේ ම, කාරයෙන් ගමන් බිමන් යන අයට සුදුසු විලාසිතා බසයේ යන අයට සුදුසු නැත.

හැබැයි දර්ශනකාමියාටත් වගකීමක් තිබෙනවා බලන එක එක්තරා ක්‍රමේකට බලන්න. මළ පෙරේතයා වගේ බලන් ඉන්න එකත් ඉතින් එක්තරා දූෂණයක් තමයි. බලනවා නම් හොරෙන් බලන්න. හිටි ගමන් ඒක අහු වෙන්නට පුළුවන්. ඊට පස්සෙ නො බලා ඉන්න. එතන තියෙන්නෙ පොඩි සුන්දර හැඟීමක්. ප්‍ර‍දර්ශනකාමියෝ බලනවාට කැමතියි.

මළ පෙරේතයා වගේ බලාගෙන ඉන්නට හිතෙනවා නම්, ඒ හැඟීම පාලනය කර ගන්නට බැරි නම් ඉතින් මානසික ප්‍ර‍තිකාර සඳහා යොමු විය යුතුව තිබෙනවා. ලිංගික හිංසනය ලෙස සැලකිය හැකි කිසිදු ක්‍රියාවකට ඔබට කිසිදු අයිතියක් නැති බව මතක තබා ගත යුතුයි.

ඒ වගේම තමයි, විවෘත සමාජය තුළදී ඕනෑවට වඩා ලිංගික හැඟීම් ඇවිස්සෙන පරිදි හැසිරීමට ඔබට හිතෙනවා නම්, එයට ද ප්‍ර‍තිකාර ගත යුතුව ඇත.

ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍ය හිමිකම් කියන්නේ අර්ථ නිරූපණය කළ ක්ෂේත්‍ර‍යක් වුණාට ලිංගිකත්වය කියන්නේ එහෙම අර්ථ නිරූපණය කරන්නට බැරි, මොන ම න්‍යායකින්වත් විග්‍ර‍හ කරන්නට බැරි, අතාර්කික, අභව්‍ය, මායාමය, අඳුරු, සොඳුරු කලාපයක්. සතුට ලැබීම තරමට ම සතුට චිරස්ථායී කර ගැනීමත් වැදගත්. ඒක හරියට මේ වගේ තරුණ කාලෙ හොඳට කාලා, බීලා උපරිම සතුටෙන් හිටි ඇතැමෙකුට ඒ සතුට පවත්වාගෙන යන්නට ලැබෙන්නේ කෙටි කාලයයි. ලිංගිකත්වයටත් මේ කතාව අදාළයි. අනෙකුත් හැම දේකදි ම වගේ එහිදීත්, දියුණු පුරවැසියා තමා ගැනත්, සමාජය ගැනත් වගකීම් සහගත විය යුතුයි.   

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. වසාරොද කියන්නේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. රැඳුණු පැහැසිලි ලේ
      නැබතෝතැන්න නිම ලේ
      වසාරොද සුනි ලේ
      තමලු ලියසිරි රැපැයි ළක ලේ
      - කාව්‍යශේඛරය

      මට තේරෙන විදියට බුරියට පහළින් තියෙන රෝම

      Delete
    2. ඊයා .. ඔය හරියෙ ගඳයි

      Delete
    3. ස්තුතියි! ඊළඟ ප්‍රශ්නේ..
      .
      .
      .
      .
      .
      .
      .
      අම්මප..එහෙමත් අඳින ගෑණු ඉන්නවයි? මම එහෙම දැක්කොත් අම්මප..
      .
      .
      .
      .
      .
      .
      .
      .
      හිරේ ගියත් නොබලා නම් ඉන්නේ නෑ.. හැක්.

      Delete
    4. බැලුවට කමක් නැහැ ෆොටෝ ගන්නව එහෙම නෙවෙයි

      Delete
  2. වසරොද පමණක් නොව අනෙක් ඕනෑම රොදක් පෙන්වීමට කාන්තාවට අයිතියක් තිබේ.
    පෙන්වන ඕනෑම රොදක් බැලීමට හෝ නොබැලීමට පිරිමියාට අයිතිය තිබේ.
    පෙන්වන "රොද " දෙස බලා තමන් කැමති තීරණයක් ගැනීමට එම පිරිමියාට අයිතිය තිබේ.
    එනම්
    1. ඇය සහ වසරොද පිළිබඳව මතකයේ තබා ගනිමින් "යටලීයෙන් මල් පුබුදන්න".
    2. ඇයගේ වසරොද මෙයට වඩා තියුණු ලෙස සහ අතගා බැලීමට අවශ්‍ය යැයි ඇයට පවසා ඇයගේ පුර්ණ කැමැත්ත මත එයට අවස්ථාව ලබාගැනීම. (ලකී බෝයි)

    එවැනි යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීමට වසරොද හිමි කාන්තාවට අයිතියක් ද තිබේ.

    ඉතින් නෝ ප්‍රොබ්ලම් ! බුකියේ වලි දාගන්න තරම් දෙයක් නැහැ නේද?

    "පිරිමියෙක් දකින්න කැමති සුන්දරම වස්තුව කාන්තාව" බව බුදුන් දෙසා ඇති බව මම අසා ඇත්තෙමි. එහෙත් එය සත්‍යක්දැයි නොදනිමි.

    ReplyDelete
  3. පැරා අන්න අර BDS PhD උපාධිධාරී රාජකීය අදි සිසු තැන්පත් පිංගුත්තර මරාවාදී ඩෑල් එක පැරාට මඩක් ගහල පෝස්ට් එකක්ම දාලා.

    ඒකත් මරු සීන් එක. පැරාගෙ පොස්ට් එකකට ඇනෝ කෙනෙක් දාපු කමෙන්ට් එකක් මෑන්ස්ම උස්සලා ඒකට පොරගෙ නමට ඉස්සරහින් වල් පරයා කියලා කෑල්ලක් දාගන, ඒක පැරාගෙ නම දාලා ඌම ඇනෝ කමෙන්ට් එකක් දාලා. ඊට පස්සෙ ඒක අල්ලගෙන පොස්ට් එකක් දාලා.

    ඒ මෑන්ස්ටනම් නම් තියෙන්නෙ පුදුම පිස්සුවක් අප්පා...

    ReplyDelete
  4. බැලුවා බැලුවා සුන්දරත්වය නොබලන දැස් මක්කටැයි.

    ReplyDelete
  5. බයලොජි වලට වහල් වීම හෝ නොවීම පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂ දෙයක්. නමුත් අශ්වයා පැන ගියායින් පසු ඉස්තාලය වහලා වැඩක් නැති නිසයි කාන්තාවන් වස්ත්‍රය සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වියු යුතුයි කියලා මතයක් තියෙන්නේ. It is always better to be in the safe side

    ReplyDelete
  6. වසා රොද වසාගෙන
    සළුපිළි ද පැළඳ ගෙන
    මහමගක ඇවිදයන
    නාරි රුව දෙස බලන
    දනෝ මන කැළඹුන
    සිතින් සළුපිළි උනන
    අද වගේ දවසක
    කෙසේනම් ඇවිද යම්
    නිරුවතින් මහමගක

    ReplyDelete
  7. මහින්ද පතිරණ හා රමිඳු පෙරේරා අතර සංවාදය ගැන අජිත් කරවිටගේ අදහස (උපුටා ගැනීම ෆේස්බුක් වෙතිනි)

    Ajith Karawita ඔය බයොලොජි එකේ තීව්‍රතාව එකිනෙකාට වෙනස්. බාහිකයෙන් (Brain cortex) ඒ ඉම්පල්ස් පාලනය කරගන්න පුළුවන්. ඒත් ඇත්ත තත්ත්වය නම් Primative mind එකත් ක්‍රියාත්මකයි. ඒකෙනුත් මෙිවා ඇනලයිස් වෙනව. ඒක නිසා මට පේන්නෙ ඔය දෙන්නම හරි. විරැද්ධ ලිංගික දිශානතියක් තියෙන කෙනෙකුට විරැද්ධ ලිංගික ජීවියාගේ ඉරොටික් සයිටි (erotic sites) දැක්කහම ඒව ලස්සන වනාන්තර, ගස් වැල් දියඇලි වගේ සුන්දරත්වයක් පමන නම් පේන්නෙ. ඔහුගේ sexuality එකේ ප්‍රශ්නයක් (ප්‍රශ්නයක්ම නොවේ නමුත් අඩු තීව්‍රතාවක්) තියෙනව. ඉරොටික් සයිට් සමහරක් බයලොජිකල් සමහරක් socially defined. මේ සොසියලි ඩිෆයින්ඩ් සයිට් එක් එක් පුද්ගලයට එක් එක් විදියට දැනෙන්නෙ. එම නිසා එක්කෙනෙක් සිතන ව්දියටම අනෙකා සිතීම සිදු නොවේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා