ඉන්දියානු ව්‍යාප්තවාදය චීන ප්‍රබන්ධයක් ද?

විජේවීර 1971දී රහස් පොලිසියට දුන්න කට උත්තරේ තියෙනවා ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳ අදහස ලංකාවේ මුලින් ම ප්‍රචාරය කළේ චීනය විසින් ය කියලා.

මේ වකවානුව චීන රුසියන් මතභේදය පටන් ගත් කාලය. ඒ කියන්නෙ 1960ගණන්වල මැද හරිය. වසර 1967 ඉන්දු චීන යුද්ධය ආසන්න වකවානුවයි ඒ.

ඔය කාලෙ තමයි විජේවීර චීන පිලෙන් කැඩෙන්නෙ. ඊට කලින් විජේවීර හිටියෙ රුසියාවේ ලුමුම්බා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව ඉගෙන ගනිමින්. 

ඒ වකවානුව වන විට ලුමුම්බා විශ්වවිද්‍යාලය පටන් ගත් අලුත. එහි වෛද්‍ය උපාධි බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව විසින් පිළි ගන්නා තෙක් ලංකාවේ පිළි ගත්තේත් නැහැ. විජේවීර එහි යන්නේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එච්.එස්.සී. (වර්තමානයේ අ.පො.ස. උසස් පෙළ) පන්තියේ අවුරුද්දක් ඉගෙනගත් පසුවයි. එවැනි විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට සෝවියට් දේශය සූදානම් වන බව ඔහු දැන ගන්නේ සෝවියට් දේශය සඟරාවෙනුයි. ඒ අනුව අයදුම්පතක් යවන ඔහුව විභාගයකින් ඒ සඳහා තෝරා ගන්නවා. ගැමි තරුණයකු වන ඔහු අධ්‍යාපනයේ දක්ෂයකු බවට සැකයක් නැහැ.

1964 දක්වා පැවැත්වුණු සියලු විභාගවලින්, ජීව රසායන විද්‍යාව විෂය හැර, සමත් වූ බව ඔහු 1971දී පොලිසියට දුන් කටඋත්තරයේ සඳහන් වෙනවා. 

ඔහු 1964 මාර්තු මස ලංකාවට එන්නේ නිදි මැරීම නිසා අසනීප වූ බැවින් එම අධ්‍යයන වර්ෂය අවසන් වී ඊළඟ අධ්‍යයනය වර්ෂය ආරම්භ වනතුරු අධ්‍යයන නිවාඩු ලැබුණු නිසා බව ඔහු පවසනවා. 

චීන රුසියන් මතභේදය ඇති වන විට ඔහු චීනය නිවැරදියි කියන ස්ථාවරයේ සිටි බව කියනවා.

නැවත 1964 අගෝස්තු මස ඔහු ආපසු යා යුතුව තිබුණත් රුසියානු තානාපති කාර්යාලයෙන් ඔහුට වීසා නිකුත් නො කළ බව කියනවා.

ඉන් පසු ඔහු ෂන්මුගදාසන් නායකත්වය දුන් කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලෙහි වැටුප් ලබන පූර්ණකාලිකයකු ලෙස සේවය කරනවා. ඔහු එයට සම්බන්ධ වන්නේ කලක් හක්මණ මන්ත්‍රීව සිටි ප්‍රේමලාල් කුමාරසිරි හරහායි.  

විජේවීර කටඋත්තරේ කියන්නෙ තමන් ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳ අදහස පිළිගන්නෙ නැහැ කියලායි.

ඔහුගේ කටඋත්තරය ඉතා දීර්ඝ එකක්. එය ඉතා වැදගත් ඓතිහාසික ලේඛනයක්. එහි විස්තර රැසක් සඳහන් වෙනවා. ඔහු කරුණු වසන් කිරීමක් කරන බවක් පෙනෙන්නේ නැහැ. මේ කටඋත්තරය දැන් උදේනි සමන් කුමාර විසින් කොටස් වශයෙන් මව්බිම පුවත්පතේ හටන අතිරේකයෙහි පළ කරනවා. පහත දැක්වෙන්නේ විජේවීරගේ ම වචනයි.

ඉන්දියානු ප්‍රශ්නය ගත්තොත් මාඕ සේතුංගෙ තර්ක එහෙම දාලා චීන-ඉන්දීය මතභේදය උඩ ෂන් පොත් ගහලා තිබුණා. ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන චීන තානාපති කාර්යාලය ගහපු සිංහල පොත් තිබුණා. චීනය පැත්තෙන් ඒ තර්ක ගොඩනගල තිබුණේ. ඉන්දියානු ව්‍යාප්තවාදය කියන මතය ආවේ එතැනින්. මම ස්වයං විවේචනය කරල පස්සෙ ඒ මතයෙන් බැහැර වුණා. 

විජේවීර මෙසේ කීවත්, 1971ට පෙරත්, 1989ට පෙර වකවානුවේත් ඉන්දියානු ව්‍යාප්තවාදය ජවිපෙ දේශපාලන පන්ති අතර තිබුණා. 

මේ පන්ති ගැන විජේවීර සඳහන් කරන්නේ ඒකටත් පරිණාමයක් තියෙනවා. කවුරුත් අදහස් පිළි අරගෙන පොදු එකඟතාවකට ඇවිත් පන්ති පහක් හදනවා කියලා තීරණයක් ගත්තෙ නැහැ.

1971දී විජේවීර කියූ කාරණය වන්නේ චීන ඉන්දීය ගැටුමේදී ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳ අදහස නිර්මානය කළේ චීනය විසින් බවයි. තමන් ඒ පිළිබඳ ස්වයං විවේචනයක් කර මතයෙන් ඉවත් වූ බව කීවත්, පසු කලෙකත් ජවිපෙ මෙම ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳ මතය ඉදිරියට ගෙන ආවා. වර්තමානයේත් එය සිදු වෙමින් තිබෙනවා.

වසර 1960 කාලයේදී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ චීන පිල නඩත්තු වුණේ චීනයෙන් ලැබුණු ආධාර මතයි. ඔවුහු ද සෝවියට් දේශය වගේ ම, සිංහලෙන් දෙමළෙන් පොත් පත් විශාල වශයෙන් පළ කළා. චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පවත්වාගෙන ගිය ප්‍රකාශන ආයතනය විසින් ඒවා අඩු මිළට විකිණුවා. මට මතක විදියට එම ප්‍රකාශන ආයතනයේ නම අරුණ ප්‍රකාශකයෝ.

වර්තමානයේ ලංකාවේ ඉන්දියානු විරෝධය ගැන සලකා බලන විට අපට චීනය අමතක කරන්නට බැහැ. හැබැයි, එහෙම නැතුව පවා ලංකාවේ සිංහල ජනයා අතර ඉන්දියානු විරෝධය මුල් බැසගෙන තිබෙනවා. එයට හේතුව නූතන සිංහල ජාතිය ගොඩනැගෙන්නේ ම දෙමළ ජාතිය අනෙකා කරගෙන වීමයි. ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජාතිකයන් පිළිකුල් කිරීම වගේ ම, ලාංකීය දෙමළ ජාතිකයන් ද ඉන්දියාව සමග සම්බන්ධ කර සැලකීම ලාංකිකයන්ගේ පුරුද්දක්. 

ඒ නිසා චීන යුවාන් ඇතුවත්, නැතුවත්, ඉන්දියානු විරෝධයට ලංකාව සරු පොළවක්. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. කෙහෙල්මල් වාදයක් නිසා කී දාහක් මළාද?

    ReplyDelete
  2. රට මේ මේ විධියේ පසුගාමී, අතක් පාතක් නැති තත්වයට පත්වීමට ඒකාන්තයෙන්ම වග කියන්න ඕනෙ තකතීරු වාම ව්‍යාපාර හා පක්ෂ ඇතුළු ජවිපෙයි.

    විශේෂයෙන් ජවිපෙ මගින් මෙරට තරුණ පරපුරට අදියර දෙකකිදී ('71-88/89) කරණ ලද විනාශයෙන් ඔවුන් තවමත් සෑහීමට පත්වී නැහැ.

    එනිසාම තමයි නිරතුරුව, ගම්වලින් ආ දුප්පත් සරසවි සිසුන්ගේ අද්‍යාපනය කඩාකප්පල් කරමින්, අන්තරය හරහා ඔවුන්ව රටට පිළිලයක් වී ඇති උද්ගෝෂණ සඳහා පාරට දැක්කා, පොලිසිය ලව්වා උන්ගේ ඔලු කුඩු කරවන්නේ.

    ReplyDelete
  3. 71 කැරැල්ල​ පිළිබඳව රෝහණ විජේවීරගේ කට උත්තරය

    http://transyl2014.blogspot.ca/2015/06/71.html

    ReplyDelete
    Replies
    1. අපව මරාදැමුවද අප නඟන හඩ මරාදැමිය නොහැක කියලා පොතක් තියෙනවා... ඒ ලේඛන හැම එකක්ම ඒ පොතේ තියෙනවා...

      Delete
  4. මේ වගේ විකාර මතවාද පාවිච්චි කලා විතරක් නෙවෙයි 1971 දී මේවයින් නොමඟ යවන්න තෝරාගත්තේ එතරම් උගත් කට්ටිය නෙවෙයි. වරායේ කම්කරුවො වගේ අයව මේවගේ දේවල් කියල බය කරන එක ලේසි නිසා. දැන් මේක කරන්න විමල් වීරවංශ වගේ කට්ටිය. බුද්ධාගමේ තැන නැතිකිරීම, රට කැඩීමට ව්‍යවස්ථා තැනීම ආදිය තවම මාර්කට් කරන්න පුළුවන්. මේ නොමඟ යැවීම් වලට අහුවෙන අය තවම ඉන්න එක නම් රටේ අවාසනාව.

    ReplyDelete
    Replies
    1. //විමල් වීරවංශ වගේ කට්ටිය. බුද්ධාගමේ තැන නැතිකිරීම//

      "රටට වුවමනා වම" ගැන පොත් ලියන මිනිහෙක් ආගම කියන තැනදී එක තැනක කොටු වීම පරස්පරයි වගේ නේද?

      Delete
  5. ඉන්දියානු ව්‍යාප්තවාදය වගේම චීනුන්ගේ අගිනිදිග ආසියාවේ බලය තහවුරු කරගැන්මට වක්‍රාණුකූලව අපේර රටට විවිධ කමවලින් බලපෑම් කරනවා. මොනම රජයකටවත් අද ඒ බලපෑම්වලින් මිදෙන්න බැරි තැනකට ඇවිත් තියෙන්නේ රට. නියමයෙන් හෝ අනියමින් අපි මේ රටවල් දෙකටම ගැති වෙලා යට වෙලා ඉවරයි දැන්.
    පැරා කියවලා ඇති නේද confessions of an economic hit man පොත.
    අවශේෂ රටවලට බලහත්කාරයෙන් බලපෑම් කිරිම ණය ගැති කිරිම ගැන ලියැවුණු පොත. වෙලාවකට මට ඒ පොතත් ඒ ක්‍රියාවලියේම වෙනත් මුහුණුවරක්ද කියලත් හිතෙනවා. මොකද අපි වගේ දුප්පත් රටවල වාමවාදින් ඒ පොත් දේව භාෂිතය කියා පිළි අරන් පවතින රාජ්‍යයන්ට බලපෑම් කරනවා තියන ටිකවත් කරගන්න දෙන්නේ නැතුව.

    ReplyDelete
    Replies
    1. නලින්, මම නම් මේ බලපෑම් කියන කතාව ගැන ඒ විදියට ම බලන්නෙ නැහැ. බලපෑම් නැති ය කියලා නෙමෙයි මේ කියන්නෙ. ඒ වුණාට ලොකු රටවල් පොඩි රටවල් කන්න බලාගෙන ඉන්නවා ය කියන සිතුවිල්ල බිහි වන්නේ අසාර්ථකත්වයේ හා හීනමානයේ පසුබිමකින්. ඒ වගේ ම ඒ මත පදනම් වෙලා නිර්මානය කර ගත්ත බොහෝ කුමන්ත්‍රණ න්‍යායත් ඇත්ත නෙමෙයි. ඒ වුණාට ඒවාට එරෙහිව කතා කරන්නට බැරි තරමට ඒවා ප්‍රගතිශීලීන්, වාමාංශිකයන්, ප්‍රබුද්ධයන් අත දේව භාෂිත බවට පත් වෙලා තිබෙනවා.

      ඒකෙ අනෙක් පැත්ත බැලුවොත්, අපේ වගේ රටවල මිනිසුන් ගිහින් යුරෝපය ඇතුළු සංවර්ධිත රටවල කරලා තිබෙන වෙනස්කම් බලන්නකෝ. අද වන විට බ්‍රිතාන්‍යය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ඇමරිකාව වගේ රටවල සමස්ත ජනවිකාසය ම වෙනස් වෙලා තිබෙනවා. ඒක දිහා ඒ රටවල මුල් පදිංචිකරුවන්ගේ අන්තවාදී කොටස් හීනමානයෙන් බලනකොට අපේ මිනිසුනුත් ගිහින් වැඩිපුර ම සෙට් වෙන්නෙ ඒ හීනමානකාරයන් සමගයි.

      මේවා දිහා අලුත් හා සාධාරණ ඇසකින් බලන්නට ඕනැ. නලින් ආර්ථික ඝාතකයා පොත ගැන කියන කතාව සාධාරණයි. ඒ වගේ පොත් විසිනුත් මේ කුමන්ත්‍රණ න්‍යායන්ට ඉන්ධන සපයනවා. අනෙක් පැත්තෙන් මෙවැනි පොත්වලට විශාල මාකට් එකකුත් තිබෙනවා.

      දැනුම කියන්නෙත් දැවැන්ත වෙළඳපොළක පවතින දෙයක් බව අප අමතක නො කළ යුතුයි.මේ වෙළඳපොළ විසින් දැනුම විතරක් නෙමෙයි යථාර්ථයත් හැඩගසනවා.

      මේක සරල උදාහරණයකින් තේරුම් ගත හැකියි. දැන් ජිජැක් කියන පුද්ගලයා දාර්ශනික ලෝකයේ එල්විස් ප්‍රෙස්ලි. එයා නිකම් ඔහේ කියලා දාන ඒවා පවා ලංකාව වගේ රටවල චූල දාර්ශනියන් පරිවර්තනය කරලා දේව භාෂිතයන් වගේ අදහනවා. ඒ මත පදනම් වෙලා ලංකාවේ යථාර්ථය ප්‍රබන්ධකරණය කරන්නට උත්සාහ කරනවා.

      මාධ්‍ය ලෝකයේ වැඩ සිදු වන හැටි මා හිතන්නෙ නලින් හොඳට දන්නවා. බොහෝ ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති කියන්නේ අසරණ මාධ්‍යකරුවන්ගේ බඩගින්න සමග මුසු වෙච්ච නිර්මානශීලිත්වය විතරයි. හැබැයි ඒවා විසින් තමයි යථාර්ථය නිර්මානය වන්නේ.

      Delete
    2. පැරා,

      //ඒ වුණාට ලොකු රටවල් පොඩි රටවල් කන්න බලාගෙන ඉන්නවා ය කියන සිතුවිල්ල බිහි වන්නේ අසාර්ථකත්වයේ හා හීනමානයේ පසුබිමකින්. //



      මේ මතය සම්පුර්ණයෙන්ම වැරදි අද කාලය ගැන සිතපුවහම, අද සිදුවෙන්නේ ප්‍රාග්ධනය කීපදෙනෙකු අතට යාම පමනයි
      https://www.oxfam.org/en/pressroom/pressreleases/2017-01-16/just-8-men-own-same-wealth-half-world

      ලෝකයේ මිනිසුන් 8 දෙනෙකු සතු ධනය ලෝකයේ බාගයක ධනයට සමාන වෙනවා මේගැන මහාචාර්ය Thomas Piketty අපුරු පොතක් ලියනවා වසර 200ක පමණ කාලයකදී ධනය පුද්ගලයන් සතුවුනේ කොහොමද කියල.

      මෙහිදී වාමන්ශිකයන් ගන්න සුරාකෑම කියන නියාය වලංගු වන්නේ නෑ.

      මේවට විසදුම් ලෝකයේ රටවල් කීපයක ඇතිවෙමින් පවතිනවා එහිදී සමාජවාදයේ මෙන්ම ධනවාදයේ අංගත් යොදා වඩා සාධරය ක්‍රමයක් ඉතා සාර්ථකව පාවිච්චි කරන සමාගම් බිහිවෙමින් පවතිනවා.

      උදාහරණ Mondragon Corporation මේ ගැන මම ලිපියක් ලියල තියනවා, කෙටියෙන් කියනවනම් මෙය සමුපකාර ක්‍රමයක්, නමුත් තරමක සංකීර්ණ ක්‍රමයක් මෙය ස්පාන්යේ 7 වෙනි විශාලම ආයතනයයි. මෙහිදී සිදුවෙන්නේ මිට අදාළ කිසියම් ආයතනයක නිපදවන භාණ්ඩ වල ඉල්ලුම නැතිවනවානම් ඔවුන් එම ආයතනය ක්‍රමිකව වසා දමනවා හැබැයි එම සේවකයක් වෙනත් නිෂ්පාදන ක්‍රියාවලියක් වෙත යොමුකරනවා.

      මේ ක්‍රියාවලිය නිසා පසුගිය ආර්ථික අර්බුද සමයේ එකම සේවකයෙකුගෙවත් රැකියාව අහිමි වන්නේ නෑ.

      සුළු කම්කරුවෙකුට පවා සාදාරන විශ්‍රාම වැටුපක් ලැබෙනවා මේ ආයතනයේදී. කණගාටුවට කරණය නම් මෙවැනි ක්‍රම විදි ගැන වාමන්ශිකයන් වත් දැනුවත් නැතිවීමයි.

      Delete
    3. මීට ටික කලකට ඉහතදී අලේන් බදියු නම් දාර්ශනිකයා විසින් කරන ලද මේ හා සමාන සංඛ්‍යාෙල්ඛනයක් සම්බන්ධයෙන් මා කියූ දෙය මෙතනදී නැවතත් කියනවා. ඔක්ස්ෆෑම් විසින් ඉදිරිපත් කරන ලද මේ ජනප්‍රිය සංඛ්‍යාලේඛනය ඇත්තට ම සිහිපත් කරන්නේ බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයකු වූ ඩිස්රායලි කියන ලද මෙන්න මේ ප්‍රකාශයයි.

      "There are three kinds of lies: lies, damned lies, and statistics."

      මා අලේන් බදියු සම්බන්ධයෙන් කී කරුණ වන්නේ ඔහුට හිමිකාරිත්වය පිළිබඳ ගැඹුරු දාර්ශනික පදනමක් නැති බවයි. ඒ අවස්ථාවේදී එම ප්‍රකාශය පරිවර්තනය කළ බව වෙබ් අඩවියේ අයෙකු ප්‍රකෝප වුණා. මා කියන්නේ මෙයයි:

      නෛතික හිමිකාරිත්වය යනු යම්කිසි දෙයක පූර්ණ හිමිකාරිත්වයක් නෙමෙයි. අපි නිදසුනකට බිල් ගේට්ස්ගේ වත්කම් ගනිමු. ඒ සියල්ල ඔහුට සම්පූර්ණයෙන් ම අයිති ද? ඔහුගෙන් වැටුප් ලබන අයට කිසිවක් හිමි නැද්ද? ඔහු ලබන ලාභයට ඔහු කුමක් ද කරන්නේ? සෑම ධනපතියෙකු ම සිය ලාභය නැවත ප්‍රාග්ධනය බවට පත් කරනවා. එවිට එය සම්පූර්ණයෙන් ම ඔහුට අයිති ද?

      මිනිසුන් පුද්ගලයන් ලෙස කෙතරම් කෑදර වුණත්, එම පුද්ගලයාට ඇත්තට ම පෞද්ගලිකව හිමි කර ගත හැක්කේ සීමිත දේපල ප්‍රමාණයක් විතරයි. හිමිකාරිත්වය කියන්නේ පරමත්වයක් නෙමෙයි. එයත්, සාපේක්ෂ දෙයක්. එක්තරා අන්දමකින් සමාජ තුලනයට අවශ්‍ය වෘත්තික භූමිකාවක්.

      දේපල හිමි කර ගැනීම, ව්‍යවසායකරණය වැනි දේවල් සරල නැහැ. ඒවාට විශේෂ කුසලතා අවශ්‍යයි. ඒ වගේ ම ඒවායේ දැඩි අවදානමක් ද තිබෙනවා. අපි උදාහරණයකට ලලිත් කොතලාවල ගනිමු. ඔහු ලංකාවේ සිටි දැවැන්ත දේපල හිමියෙක්. එහෙත්, අවසානයේ ඔහුට සිදු වුණේ කුමක් ද?

      කම්කරුවන් කියන්නේ තමන්ගේ ශ්‍රමයට මුල් තැන දෙන, සීමිත දේපල හිමිකාරිත්වයක් ඇති සමාජ ස්ථරයක්. කම්කරුවන්ගේ පැවැත්ම සඳහා ව්‍යවසායකයන්, දේපල හිමියන් අවශ්‍යයි.

      පෞද්ගලික ව්‍යවසායකයන්ගේ තැනට රජය පත් වුණා ය කියලා වෙනසක් නැහැ. ඒත් දේපල හිමිකාරිත්වයේ තවත් ඒකාධිකාරී ස්වරූපයක්.

      ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, මහජනයා රජයේ පාර්ශ්වකරුවන් ය කියනවා නේ. ඒත්, රජයට අයත් දේපල සියල්ල මහජන දේපල යයි කියන්නට පුළුවන් ද?

      මේ ගැන දිග ලිපියක් මා ලියනවා.

      එතෙක් ඔබට කල්පනා කරන්නට කරුණක් මා කියන්න ද? ඔබ සිතන්න ඇයි ඔක්ස්ෆෑම් සංවිධානය වගේ ඒවා මෙවැනි සංඛ්‍යාලේඛන නිර්මානය කර ප්‍රසිද්ධ කරන්නේ කියලා. මේ පිටුපස තිබෙන්නේ දැවැන්ත ව්‍යාපාරයක්.

      Delete
    4. පැරා,

      //"There are three kinds of lies: lies, damned lies, and statistics."//

      මේ කියමන බොහෝවිට නිවැරදියි නමුත්

      //ඔබ සිතන්න ඇයි ඔක්ස්ෆෑම් සංවිධානය වගේ ඒවා මෙවැනි සංඛ්‍යාලේඛන නිර්මානය කර ප්‍රසිද්ධ කරන්නේ කියලා. මේ පිටුපස තිබෙන්නේ දැවැන්ත ව්‍යාපාරයක්.//

      මෙය ඔක්ස්ෆෑම් සංවිදානය විතරක් පෙන්වාදුන්න දෙයක් නෙමෙයි මේ ආකාරයේම ඉතා දීර්ග උදාහරණ දෙමින් මහාචර්ය Thomas Piketty වසර 200 ක තොරතුරු ඉදිරිපත් කරමින් විශාල ග්‍රන්ථයක් එළිදැක්වූව, මෙයට බොහෝ ආර්ථික විද්‍යා ප්‍රවීනයන් එකග උනා වගේම දැඩිලෙස විරුද්දවුන දේවලුත් තියනවා, මේ විරුද්ද උන පිරිස විරුද්ද උනේ ඔහු පෙන්වා දුන්න විසදුමටයි, මෙහිදී වැදගත්ම දෙය ඔහුට විරුද්ද උන පිරිසත් මෙහි ඉදිරිපත් වෙන ධනය සුළු පිරිසක් වෙත ගොඩගැසී ඇතිබව පිලිගන්නවා.

      //කම්කරුවන්ගේ පැවැත්ම සඳහා ව්‍යවසායකයන්, දේපල හිමියන් අවශ්‍යයි. //
      මේකනම් මම 100% පිළිගන්න ඇත්තක්. ධනපතියන් නව වියාපර වල ආයෝජනය කරන්නේ මිනිසුන් දිලිදු කමින් බේරාගැනීමට වඩා තමාට වැඩි ධනයක් උපයගන්න, මෙනිසා මෙය ලෝබකම නිසා සිදුවුනත් මේ නිසා කම්කරුවන්ට වන්නේ සෙතක්.

      මිට අමතරව විශාල සමාගම් බදුවලින් බේරීමට විවිද උපක්‍රම පාවිච්චි කරනවා මම හොද උදාහරණයක් දෙන්නම් http://fortune.com/2016/03/11/apple-google-taxes-eu/

      මෙවැනි විශාල සමාගම් වලට හැකි වී තියනවා බදු දැලෙන් රින්ගායමට මෙවැනි ක්‍රම වලින් ධනවත් අය තවත් ධනවත් වෙනවා.

      Delete
  6. රට ණය වෙලානම්
    ගොඩ එන්න බැරි නම්
    ඕනෑකමක් ද නැතිනම්
    ප්‍රබන්ධය කාගේ වුවද
    ඉන් කිම
    නටනවා හැරෙන්නට
    ඉන්දු චීන දෙපදයටම

    ReplyDelete
  7. රෝහණ විජේවීර රහස් පොලිසියට දුන් කට උත්තරය
    71 කැරැල්ලේ පුර්ව සමයේ රෝහණ විජේවීර අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගේ කට උත්තරය පටිගත කරනු ලැබීය. පසුව මෙය ලේඛන ගත කරන ලද අතර පසුව එම විශාල කට උත්තරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සාරාංශගත කරන ලදි. අප්‍රේල් මහ නඩුවේදී යොදා ගන්නා ලද නෛතික ලිපි ලේඛන අතර මෙම කට උත්තරය වැදගත් තැනක් ගනියි. එම ලේඛනය ආරම්භ වන්නේ මේ අයුරිනි.
    fRead
    රුවන් එම්. ජයතුංග විසිනි

    ReplyDelete
  8. විජේවීර කියන්නේ රුසියන් උණ ඔලුවට ගහලා ලංකාවට අනවශ්‍ය විප්ලවයක් ගෙනල්ලා, ජවිපෙ කොල්ලොයි, ආණ්ඩුවෙ මැරයොයි ඔක්කොම මිනීමරුවන් වෙන්න ඕන පසුබිම සකසපු කෙනෙක්.

    ඉතින් ඒ වගේ එකෙක් කිව්ව පලියට ඉන්දියානු ව්‍යාප්තවාදය බොරු වෙන්නේ නෑ.

    ETCA ගැන පත්තරේ ගිය ගමන්, ලංකාවේ IT Companies වල email inboxes පිරුණේ ඉන්දියන් අයදුම්පත් වලින්.

    ReplyDelete
    Replies
    1. ඒකට කියන්නෙ ඉන්දියානු ව්‍යාප්තවාදය නෙවේ බන් ඉන්දියානු රැකියා වියුක්තිය :D

      Delete
  9. පැරා
    ඔබ පුර්ණ කාලීනව JVP සාමාජිකාව ඉන්න කල, එහි පන්ති 5දි ඔබ "ඉන්දියානු වියාප්ත භාවය" ගැන එකලදී ඔබගේ හැඟීම මොනවගේද එකල ඔබ එය විශ්වාස කලාද

    ReplyDelete
  10. අප එය විශ්වාස කලා

    ReplyDelete
  11. මට මතකයි 87 ඉන්දු ලංකා ගිවිසුම ගහන්න ජේ.ආර්ව පොලඹපු විදිහ ගැන එවක හිටපු මහකොමසාරිස් ඩික්සිත් පස්සේ පොතක් ලියලා තිබුණා. එහෙම බැලුවොත් ඔය බලපෑම් කතාව ලෙහෙසියෙන් බැහැර කරන්නත් බැහැ.

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රශ්නයට බොරු හේතු සහිත පිළිතුරක් තවම සිතමින් සිටින බැවින් කරුණාකර රැදී සිටින්න.

      Delete
    2. ජාත්‍යන්තර දේශපාලනය සම්පූර්ණයෙන් ම බලපෑම්වලින් තොර එකක් නෙමෙයි. ඒ වගේ ම කලාපීය ප්‍රධානියා වන ඉන්දියාව ලංකාව වැනි රටවල ප්‍රශ්න විසඳා ගන්නට බලපෑම් කරන එක අවශ්‍ය දෙයක්. වසර 1987දී ඉන්දියාව කළ මැදිහත් වීම තුළ අඩුපාඩු තිබුණත්, එය නිසා තමයි ලංකාවේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් මෙතෙක් ඉතිහාසයේ වැදගත් ම රාජ්‍ය ප්‍රතිසංස්කරණයට හේතු වුණේ. ඒ තමයි 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා පළාත් සභා. තවමත් ලංකාවට එතනින් එහාට අඩියක් තියන්නට බැරි වුණා. ඉන්දියාව මේ කලාපයේ නායකත්වය මීට වඩා වගකීමකින් දැරිය යුතුයි.

      Delete
    3. ඔබ හරි. නමුත් රටක ජාතික අභිලාෂයක් (National Interest) කියලා එකක් එනකොට බලපෑම් කියන එක හොඳට වගේම නරකටත් හිටින්න පුලුවන්. මගේ අදහස නම් ලංකාවේ ජාතික ප්‍රශ්ණයේදී මේ බලපෑම් කියන එක අතිශෝක්තියකිනුයි විග්‍රහ කරල තියෙන්නේ.

      Delete
  12. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. මේ මකන ලද කමෙන්ටුව එය ලියපු තැනැත්තා ඉපදුණු තැන පරීක්ෂා කර සොයා ගන්න. අප තොපේ කුණුහරුපවලට බිය නැති බව මතක තබා ගන්න. වාමාංශික දේශපාලන පොන්නයන්ට කුණුහරුප අවශ්‍ය නම් අප එයට ද සූදානම් බව මතක තබා ගන්න.

      Delete
    2. පොන්නයන් කියල ලියනකොට සංක්‍රාන්ති ලිංගිකයන්ට අපහාසයක් වෙනව වගේ දැනෙන්නෙ නැද්ද ?

      Delete
    3. දේශපාලන පොන්නයා යනු කවරෙක් ද?

      වාමාංශික පොන්නයා යනු දේශපාලන යෙදුමකි. ඒ වනාහි නිර්නාමිකව අනුන්ට වසල කුණුහරුප කීමෙන් ආතල් ගන්නා, මුහුණට මුහුණ දෙන්නට ආත්ම ශක්තියක් නැති, වර්තමානයේදී නම් අවස්ථාව ලැබුණොත් සමූහයක් එක් වී සන්නද්ධ බලය පාවිච්චි කරමින් නිරායුධ තනි මිනිහකු මරන ජාතියේ වීරයන් වන, වාමාංශික අධිපතිවාදී පිරිමිකමකින් හැසිරෙන්නට උත්සාහ කරන, එහෙත් ඒ පෙන්නන්නට හදන පිරිමිකම නැති, දේශපාලනික වශයෙන් නපුංසක, කිසිවක් කර කියා ගත නො හැකි, කිසිදු නව නිර්මානයක් කළ නො හැකි අසරණ සත්වයෙකි. එවැන්නන්ට අනුකම්පා කිරීමට පෙර එවැන්නන් නම් කළ යුතුව තිබේ. මෙය ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය හිමිකම්වලට අදාළ නැත. මේ වනාහි දේශපාලනයයි.

      Delete
  13. පැරා....
    මතුගම ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එකේ මගී පෝලිමක් නැති එක ගැන මොකද හිතන්නේ?
    වෙල්ගම තමන්ගේ රැස්වීම් තියන්න එතන තිබ්බ වැටවල් ටික කඩල අයින් කළා. දැං උදේට පොරකාලා මිනිස්සු ගෑනු බස්වලට නගින්නේ. අද උනත් එහෙමනේ? පැරා උදෙන් ඇවිත් කරන්නෙත් මේ වගේ දේවල් නෙ. මුලු ලංකාවෙම තියෙන මහා ලොකු ප්‍රශ්න ගැන කියෝනව. මේ වගේ දේවල් ගැන අවධානයක් නෑ නෙ පැරා... ගොං ආතල් නේ.


    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා