වෙසක් සඳ දුක්ඛිත (පද්‍ය)

අවසන් සිළුව ලෙවකයි පහනෙහි පතුල
සිතුවිල්ලක ඇලී නිසල ය සඳ මඬල
ගිනිගත් වෙසක් පහනක මුදු කෙහෙරැල්ල
සුළඟක් පිරිමදියි දිගු කර අතැඟිල්ල


අළු පැහැ අඳුරු සිතුවම් ඇඳෙනා මිදුල
බවුන් වඩනවද කිරි සුදු මුදු වැල්ල
අහසම උර දරා මා පය නගන කල
උල් ගල් සැඟව හිඳ පාරනු කිම පතුල


යන්තම් අවදි වී සැලෙනා අඹ දල්ල
නිදි ගන්වයි රැහැයි පළඟැටි නැළවිල්ල
ඈතින් ඇසෙයි උලලේනිගෙ වැළපිල්ල
නෙතු පියවන්න ඉඩ දෙන් දුක් සිතුවිල්ල

අජිත් පැරකුම් ජයසිංහ
2017-05-10


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අගෙයි අගෙයි

    ReplyDelete
    Replies
    1. පැරාට ගල්තැල්මක් ඇවිත් නලීන්, අර වෙදැදුරා ළඟටවත් යවමු!

      Delete
  2. බිරිඳ රාත්‍රී මුරයේ සේවයට ගිය පසු සැමියෙකු නගන විලාපයක්!

    ReplyDelete
    Replies
    1. වයිෆ් නයිට් ඩියුටි යන එක ඉතින් පසුගිය අවුරුදු 20 ඇතුළත ඉතා සාමාන්‍ය දෙයක්.

      ඒ වුණාට ඩිප්‍රෙෂන් කියන්නේ එක එක මට්ටම්වලින් හැම මිනිහෙකුට ම දැනෙන දෙයක්. ඒකෙ සුන්දරත්වයකුත් තියෙනවා. සමහර විශිෂ්ට නිර්මාන බිහි වෙලා තියෙන්නෙ මං හිතන්නෙ පහළ මට්ටමේ විෂාධය නිර්මානකරණයට දායක වෙලා තියෙනවා. වින්සන්ට් වෑන් ගෝ උදාහරණයක්. සමහර විට ඉහළ මට්ටමේ වෙන්නත් ඇති.

      අපි හැමෝම මේ වගේ මූඩ්ස්වලට කැමැත්තක් තියෙනවා නේද?

      Delete
    2. මටත් ඔහොම කාලයක් තිබුණා. නමුත් දිගට අල්ලලා ගියේ නෑ.

      ඔව් හොඳ කවි උපදින්නේ දුකෙන් තමයි!

      මටත් හිතුණා කවියක් ලියන්න මේ කවිය දෙවෙනි වරට කියෙව්වාට පස්සේ.

      Delete
  3. දකුණු ආසියාවේ.... අගරජ
    මෝඩි මැතිඳ පිලිගමු දී හරසර !

    ReplyDelete
  4. පැරා, කවි වලට මගේ විශේෂ ඇල්මක් නෑ. ඒ නිසා කියවන්නෙත් අඩුමෙන්. නමුත් මේ කවිය මගේ හිතට ගොඩක් ඇල්ලුවා. එකේ අමුතු ගතියක් තියෙනවා. සමහර අදහස් උඹ කියලා තියෙන විදිහ හරිම අපූරුයි.
    "අහසම උර දරා මා පය නගන කල
    උල් ගල් සැඟව හිඳ පාරනු කිම පතුල"

    "නෙතු පියවන්න ඉඩ දෙන් දුක් සිතුවිල්ල"

    මේක මරු...

    ReplyDelete
    Replies
    1. මටත් නම් කවි රසවිඳින්න එච්චර දැනුමක් පුරුද්දක් නැහැ.

      මේකෙ "අවසන් සිළුව ලෙවකයි පහනෙහි පතුල" කියන එක නම් මාර නිරීක්ශනයක් සහ නියමෙට ගැලපෙන යෙදුමක්.

      - Dimithri

      Delete
  5. 2017 වසන්තයේ ලියැවුන ජනප්‍රීයම බ්ලොග් ලිපි පහලෙස ලෙස ඔබේ වටිනා ඡන්දයෙන් තෝරා පත්කරමු


    හෙල්පිං මීතොටමුල්ල - http://lankanian.blogspot.ae/2017/04/blog-post_17.html

    බුලත් විට - https://iwanpaulooshaa.blogspot.ae/2017/04/blog-post.html

    හිනා මූණ! - http://cyberyaya.blogspot.ae/2017/04/blog-post_21.html

    පිහාටු - https://tinyurl.com/k7azlyz

    සින්ඩරෙල්ලා මං - https://worldofaru.blogspot.ae/2017/05/blog-post_3.html



    පිවිසෙන්න මෙතනට

    https://upashantha.blogspot.com/2017/05/2017.html




    2017 වසන්තයේ හොඳම කමෙන්ට්කරුවන් ලෙස පහත තිදෙනා ඔබේ වටිනා ඡන්දයෙන් තෝරා පත්කරමු


    Pra Jay

    Sa rasa

    පත්තර මල්ලි



    පිවිසෙන්න මෙතනට

    https://upashantha.blogspot.com/2017/04/2017_29.html

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා