පරම්පරා තුනක වෙසක් ශ්‍රමදානය

ටීම්මෙක 
අපේ ගෙවල් පාරේ හෙවත් ජය මාවතේ වෙල මැදින් එන හරියේ දෙපැත්තේ අඩි හතක් විතර උසට වැවෙන රට තණකොළ වර්ගයක් තිබෙනවා. මේවා හරකුන් ඇති කිරීම සඳහා පිටරටින් ගෙනැවිත් බෝ කරපු තෘණ වර්ග. දැන් අපේ ගම්වල ඉඩම් හිඟය නිසා හරකුන් හදන අය දුලබයි. මේවා කන්නට කවුරුවත් නැති නිසා ඒවා ඔහේ වැවෙනවා.

මාස තුනක් විතර යනකොට ඒවා දෙපැත්තෙන් පාර මැදට නැමෙන්නට ගන්නවා. පාරෙ යන කාටත් ඒක කරදරයක්. අයින් වෙන්නට ඉඩක් ඇත්තේ ම නැහැ. ඒ කොළත් බටකොළ වගේ කැපෙනසුළුයි.

වෙසක් දවසේ මේක කපන්නට ඕනැ ය කියලා මම හිතාගෙන හිටියෙ. තාත්තාටත් වැඩේ ලොකුවට උවමනා වෙලයි තිබුණෙ. මාමා අරගෙන ගිහින් තිබුණ තණකොළ කපන මැෂිම එහෙම ගෙන්නාගෙන, ඒකෙ නූල මාරු කරලා තලය එහෙම දාලා දුන්නෙත් මේ වයස අවුරුදු අසූහතේ කොල්ල තමයි.

මං මතුගමට ගිහින් බූලියකට ටූ ටී දාපු පෙට්‍රල් රුපියල් 300කත් දාගෙන එනකොට මෙන්න බොලේ අපේ පාරෙ කෙළවරේ ඉන්න, පහේ ශිෂ්‍යත්වයට පන්ති කරන ජනප්‍රිය ගුරුවරයෙකු වන, අගලවත්ත මිහිඳු ප්‍රාථමිකයේ වැඩ කරන ප්‍රියන්ත සිරිමෙවන් සර් වැඩේ පටන් අරගෙනත් ඉවරයි. අපි කවුරුවත් කතා කරගත්තෙ නැහැ. ඒ වුණාට මේ තණ ගස් දෙපැත්තට නැමෙනකොට කවුරු හරි ඒ ගැන හිතනවා. 

පාර අයිති ප්‍රාදේශීය සභාවට. ඒ වුණාට යන්නෙ අපි. ඒ නිසා අපේ පාර රජයෙන් සුද්ද කර දෙනකල් බලා ඉඳලා වැඩක් නැහැ. ඔය ප්‍රියන්ත සර් එහෙමත් මේ පාරෙ තණකොළ කපන වැඩේට තනියම හරි බහිනවා.

ඉතින් අපි කැපුවා මහ කැළේ. ඒව ඉතින් රිඹ යන තණකොළ. පාර දෙපැත්තෙ අනෙක් අතු එහෙමත් කපලා සුද්ද කළා. අපේ තාත්තා හෙවත් ජයසිංහ මහත්තයා වැඩේ අධ්‍යක්ෂණය කළා. මායි ප්‍රියන්ත සර්රුයි මැෂින් ඔපරේටර්වරු. අපේ ලොකු දුව පාර අතුගෑවා. එයා මහන්සියි කියලා කලින් ම ගිහින් නා ගත්තා. පොඩි දුව ග්ලවුස් දෙකක් දාගෙන පාර දෙපැත්තේ කට්ටිය විසි කරලා ගිය පොලිතින්, ප්ලාස්ටික් ටික බෑග් එකක් පුරාවට එකතු කළා. ඒ ටික පස්සෙ දවසක සුදුසු විදියට ගිනි තැබීමේ වගකීම සංග්‍රහ කමිටුවේ හිටපු මගේ බිරිඳ භාර ගත්තා. වෙන විකල්පයක් නැහැ. මේ වන විට ඇඟ පත රිදෙනවා. ඒ වුණාට සතුටුයි.

මේ අපේ ෆැමිලි ටීම් එක වැඩෙන් පස්සෙ ගත්ත ෆොටෝ එක. සංග්‍රහ කමිටුව මෙහි නැහැ. ප්‍රියන්ත සර්රුත් නැහැ.

අපි දන්සැල් දුන්නෙ නැහැ. එක වෙසක් කූඩුවක් විතරක් ඇලෙව්වා. බට නැහැ හොයා ගන්න. චයිනීස් ප්ලාස්ටික්. අවුරුදු තුන හතරක්වත් කූඩුව රිසයිකල් කරන්නට ඕනැ.

හවසට අපේ ගෙදරයි, මහ ගෙදරයි හරියෙ පහන් වැටක් පත්තු කරනවා. මම නම් යන්න අකැමැති ම තැන්වලින් එකක් පන්සල. ඒත්, පොඩිවුන් දෙන්නා කතා කළොත් යනවා. වයිෆ් නම් නයිට් ඩියුටි.

ජාතිවාදීන්ට, වාමාංශිකයන්ට හා දොස්තරලාට මේ ඡායාරූප දෙස බලා නිර්නාමිකව කැමති අන්දමින් කුණුහරුප කියා සිය වෛරය මෝචනය කර ගැනීමේ අවස්ථාවක් අද වෙසක් දිනයේ ලබා දෙමි. 

ආගම යනු මිනිසුන්ගේ පෞද්ගලික සාරධර්ම පද්ධතියයි.




ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා.... කවුරුත් අහන්න කලින් ඉක්මනට සුළුවෙන් හරි බජට් එක දාන්න ..... මොනවා උනත් පොදු වැදගත් කටයුත්තක්නේ ....

    ReplyDelete
    Replies
    1. පැස්ටෝල්වලට මට තුන්සීයයි. ප්‍රියන්ත සර්ටත් ඒ ගාන යන්න ඇති. මැෂින් දෙක අපි කලින් ගත්තුවා. ප්‍රියන්ත සර්ගෙ එක කැඩුණු නිසා ඒක හදන්නටත් වියදම් වේවි. ගත වුණේ වරුවයි. අත්තම් දෙකයි බාග තුනයි. වැඩිහිටියන්ටයි පොඩි කට්ටියටයි බාගෙ බාගෙ දැම්මෙ. වැඩිය නැහැ රු. 5000ක් විතර වෙයි මැෂින් ක්ෂය වීම් ආදී ඔක්කොම එක්ක.

      Delete
    2. බොහොම පිං ..... බොහොම පිං .....සම්මාදන් නැතිව කරපු හින්දා පින ඩබල්

      කො දැන් අනික් බ්ලොග් කරුවන්ගේ වැඩ කිඩ .....

      Delete
  2. ප්‍රීති වෙසක්!

    මාත් වෙසක් කුඩුවක් හැදුවා. හැබැයි චයිනීස් නොවෙයි. ලංකාවේ එකක්!

    https://rasikalogy.blogspot.com/2017/05/post-modern-vesak.html

    !

    ReplyDelete
  3. මෙන්න අද වෙසක් පෝය දවස වෙනුවෙන් ප්‍රතිචක්‍රීකරණය වෙන කවි පන්තියක්. මෙය මුලින් ම පළවුනේ වසර පහකට කලිනි.

    https://rasikalogy.blogspot.com/2017/05/preethi-vesak.html

    .

    ReplyDelete
  4. මමත් කුඩුවක් කඩේන් අරන් ගියේ.කාඩ්බෝඩ් අටපට්ටමක්.සිල් ගන්නවාට වඩා හොඳ වැඩක් කරලා තියෙන්නේ පවුලම එකතු වෙලා

    ReplyDelete
  5. පැරා
    අතේ තියන බෝතලේ මොනවද තියෙන්නේ?පහන් පත්තු කරන්න පොල්තෙල්ද? අර බිම වාඩි වෙලා ඉන්න දුවට නම් හරි මහන්සියි වගේ.

    ReplyDelete
    Replies
    1. ඒකෙ කලින් තිබුණෙ ගල් අරක්කු. දැන් නම් වතුර.

      Delete
  6. ජ ය වේ වා !!!

    ReplyDelete
  7. මගේ ගෙදර අවුරුදු හයකින් විතර වෙසක් කූඩු හදල නැහ.මම කොහොමත් වෙසක් කූඩු හදන්න කැමති නැහ.පොඩි එවුන් ඉල්ලපු නිසා ඉස්සර හැදුවා.දැන් පොඩිඋන් දෙන්නත් ඒවට කැමති නැහ.පොඩි දන්සලක් හදාගෙන ඒකට සපෝට් කරනවා

    ReplyDelete
  8. නියමයිනේ පැරා....

    ReplyDelete
  9. ' වෙසක් පිංකම'කියල මාතෘකාව දාන්න තිබුනේ

    ReplyDelete
  10. අපේ ගෙදරත් කූඩු 16ක් හැදුවා. වයිෆුයි පොඩි පුතයි කුඩු ඇලෙව්වේ. ප්ලාස්ටික් කූඩු මේ තුන්වෙනි අවුරුද්ද පාවිච්චි කරන. ලී කූඩු හතරවෙනි අවුරුද්ද. ලී කූඩු මේ පාර විතරයි පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් ඒවා ගුල්ලෝ ගහල තිබුනා කුඩු 12 කින් කෑලි අරං 5ක් අටවා ගත්ත.

    ReplyDelete
  11. අසූහතේ කොල්ලයි
    අඩසියවසක තාත්තයි
    දරු පැටව් දෙන්නයි
    නෝනාමහත්තයයි
    දැක්කාම සතුටුයි
    ප්‍රීති වෙසක්!

    ReplyDelete
  12. ජීවිතේ ගැන බ්ලොග් ලියන්න මිනිසුන් පෙළඹෙන්නෙ නැත්තෙ ලංකාවෙ විවිධ දාර්ශනික වෙස් ගත් අසහනකාරයන් නිර්නාමිකව ඇවිත් කුණුහරුප ලියන නිසායි. හැබැයි උන්ට බය වෙලා මේ සමාජය වෙනස් කරන්නට බැහැ. මේ බ්ලොග් ලිපිය පාවිච්චි කර පසු අවස්ථාවලදී කුණුහරුප ලියන්නට හිතාගෙන ඉන්න අයට මා කියන්නේ නිර්නාමිකව පෙනී ඉන්න සමාජ මාධ්‍යවලින් ලැබී තිබෙන අවකාශය නිසා තිරිසනුන් නො වන ලෙසයි. ඔබ තිරිසනුන් වූ පළියට අප මිනිසුන් වන එක නවතින්නේ නැත.

    ReplyDelete
    Replies
    1. අපි මේවා කිව්වා කියලා උං තිරිසනුන් වගේ හැසිරෙන එක නවත්තන්නෙත් නෑ පැරා.
      අර කතාවක් තියෙන්නෙ බුරන හැම බල්ලටම ගල් ගහන්න නවතින්න එපා කියලා ගමන යන්න ඕනෙ නං.

      ඒ නිසා තිරිසන් වෙන්න ඕන එවුං තිරිසං වෙච්චදෙං.

      කොහොමත් කතාව හරි.

      //"ඔබ තිරිසනුන් වූ පළියට අප මිනිසුන් වන එක නවතින්නේ නැත."//

      කරපු සද්කාර්‍යය පිං ලැබේවා . සුබ වෙසක්

      Delete
  13. පැරාගේ වැඩේ නං මසුරං. බොහොම හොඳ වැඩක් කරලා තියෙන්නේ.
    තාත්තා නං වැඩේට පැනල එන්ඩ ඇති. පොඩි උන් දෙන්නව එකතු කර ගත්ත එකත් වඩා හොඳයි.
    තේරෙන කාලෙක ඒ අයත් ඉගෙනගනිවී මේ වගේ වැඩවල තියෙන උතුම් කම.
    ප්‍රියන්ත සර්ටත් ඉස්තුති කරන්ඩ ඕනේ මේ හොඳ වැඩේට සම්මාදන් උනාට.

    ReplyDelete
  14. ජය වේවා සර්...

    ReplyDelete
  15. ප්‍රියන්ත සර්.

    ReplyDelete
  16. Aththatama paladayake shramadanayak!Niyamayi.

    ReplyDelete
  17. සෑම සාර්ථක ගැහැණියක් පිටුපසම පිස්සෙක් වගෙ .. පිස්සෙක් වගෙ පිරිමියෙක් සිටියී.

    ReplyDelete
  18. //පෙට්‍රල් රුපියල් 300කත් දාගෙන එනකොට මෙන්න බොලේ අපේ පාරෙ කෙළවරේ ඉන්න, පහේ ශිෂ්‍යත්වයට පන්ති කරන ජනප්‍රිය ගුරුවරයෙකු වන, අගලවත්ත මිහිඳු ප්‍රාථමිකයේ වැඩ කරන ප්‍රියන්ත සිරිමෙවන් සර් වැඩේ පටන් අරගෙනත් ඉවරයි//
    මටත් ඔය වගේ වැඩක් වුනා. පාරෙ තිබුනා ලොකු වලක්. දවසක් හොඳටම වතුර පිරිල. මං ටවුමෙ ඉඳන් එද්දි නෝන කෙනෙක් යනව සාය උස්සගෙන ඩැල්කො එක ගාවටම.
    මං ගෙදර ගිය ගමන් කඩෙන් ගෙනාව බඩු ටික තියල ගත්ත උදැල්ල අතට. මෙන්න මං ආපහු වල තියන තැනට එනකොට තව මනුස්සයෙක් එතන වැඩට බැහැල.
    මිනිහත් ඩැල්කො එක දැකලද කොහෙදො.

    ReplyDelete
  19. This article provides ample evidence to prove beyond all reasonable doubts that Mr. A. P. Jayasinghe is seriously suffering from Narcissistic Personality Disorder, which explains everything else he writes. The other disorders that he is extensively afflicted with such as bipolar disorder (he has pathetically failed to decide whether he is a servant of Ranil or Maithree and the dramatically escalating tension between the duo is aggravating his condition.), anxiety disorder (he is utterly worried that the crisis of capitalism would prove him wrong within his lifetime and socialism, which is undoubtedly the most advanced, humane & civilized social system would dawn before his death.), depressive disorder (he is thoroughly upset that he will have to spend his old age at the mercy of doctors or be satisfied with the treatment prescribed by nurses.) are collectively making him confused as to whether this comment has been added by a racist, leftist or doctor.

    ReplyDelete
    Replies
    1. Pukka diagnosis Machan. Soon we shall find this type of psychiatrists on the pavement too. Anyway, one thing is right. Racists, leftists and doctors in this pukka island are similar.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා