ටොයියා බයියා හා කිරි ටොයියා

ටොයියන් හා කබ්බන් ඉන්නේ ටීක් බෝල හෙවත් ඇට බෝල සෙල්ලමේ ය. ටොයියන් යනු දිලිසෙන අලුත් ටීක් බෝල ය. කබ්බා පරණ වූ කඩතොලු වූ බෝලයකි.

වර්තමාන දේශපාලන ශබ්දකෝෂයට ටොයියන් හා බයියන් ආවේත් ඔය ඇට බෝල සෙල්ලමෙන් ම ය. ඊට අමතරව ගෑල්ලමයින් ගැන කියනකොට ද ටොයියන් හා කබ්බන් ගැන කියවේ. එය විශ්වවිද්‍යාල ආශ්‍රිතව නිර්මානය වූ ගෑල්ලමයින්ගේ බියුටි කොලිටිය මනින මීටරයකි. කබ්බන්, ටොයියන් වගේ නොව එ් මීටරයේ කිරි ටොයියෝ ද සිටිති.

ඇට බෝල සෙල්ලමේ කිරි ටොයියන් හිටියා ද යන්න මට මතක නැත.

ටීක් බෝලවලට ඇතැමෙක් ජිල් බෝල කියා ද කියති. හැබැයි ජිල් ගැහීම යනු කොටුවක් ඇඳ, ඒ මැද ටීක් බෝලය තරමේ ම පොඩි වලක් කැන කරන ක්‍රීඩාවකි. 

ටීක් ගැහීම සමග සම්බන්ධ මොන බාසාවකින් ආවාදැයි නො දත් මෙවැනි අපූරු වචන තිබේ. උදාහරණයක් ලෙස බෝත් රෝට් කියා කියන මොහොතක් ද තිබිණි. ඒ මොකක් ද කියා දැන් හරියට මතක නැත.

බයියන් යයි ඇත්තෙන් ම කියන්නේ ඈත හද්දා පිටිසර ගම්මානවලින් පැවත එන අයට ය. උදාහරණයක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව පැත්තේ ගම්වල අයට බයියන් යයි කියනු මා අසා ඇත. වෙනත් එවැනි ඈත පිටිසර ගම්මානවල ජනයාට ද එසේ කියනු ලැබේ. මේ අය එම ප්‍රදේශවල මුල් පදිංචිකරුවෝ ය. පසුව පැමිණි ජනපදවාසීන් හා මුල් පදිංචිකරුවන් අතර වෙනස ද මෙසේ සලකුණු විය.

මහින්ද රාජපක්ෂ බයියකු නො වේ. ඔහු වනාහි ගිරුවාපත්තුවේ, මැදමුලනේ ගම්බාර පවුලකින් පැවත එන්නෙකි. ගම්බාරයින් යනු ගම්වල හරකුන් හා කුඹුරු පිටි විශාල ප්‍රමාණයක් අයිති කරගෙන සිටි ග්‍රාමීය ප්‍රභූ පිරිසකි.

මහින්දට බයියා යන නම පටබැඳුණේ 2014 නොවැම්බර් අයවැය ඉදිරිපත් කර අවසන් කළ සැණින් ඔහු මයික්‍රෆෝනය ඕෆ් කරන්නේත් නැතුව “කොහොමද බයියොන්ගෙ අයවැය?" යි විපක්ෂයෙන් ඇසීමත් සමග ය.

මෛත්‍රී-රනිල් හවුල ටොයියන් වුණේ මහින්ද හිතවාදීන් බයියන් වූ නිසා ය. ඒක දාර්ශනික භාෂාවෙන් නම් බයිනරි ඔපසිෂන් මෙව්වා එකකි. හැබැයි ඒ වචනය හැදුණේ ලංකාවේ බයියන්ගෙන් නො වේ.

දරු නැළවිලි ගීවල බයිය බබා යයි කියන්නේ දොයිය ගන්නා එකට ම ය.

තමන් ටොයියන්, බයියන් ලෙස හඳුන්වා ගන්නා අය මා අයත් වන්නේ කුමන වර්ගයට ද කියා අසති. එවැන්නෙකුට මා දුන් පිළිතුර මෙසේ ය.

අපි ටොයියන් හෝ බයියන් නො වෙමු. ඒ දෙගොල්ලන්ට ම කෙළින නියම කිරි ටොයියන් වෙමු.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. බයියා යනු හින්දි, උර්දු සහ බන්ග්ලා භාෂාවෙන් සහෝදරයා යන්නයි. අපි බ්‍රෝ ලෙස ආමාන්ත්‍රණය කරනවිට ඔවුන් බයියා ලෙස අමතයි. බොහෝ විදේශීය කම්කරුවන් සිටින රටවල, බයියා යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ බන්ගලි කම්කරුවන්ටය. ඉන්දියන් හෝ ශ්‍රී ලාංකිකයන්ට හෝ වෙනත් ජාතිකයන්ට බයියා යනුවෙන් ආමන්ත්‍රණය කළහොත් එය නිගරුවක් සේ සැලකේ. එවිට බොහෝවිට එම ආමන්ත්‍රණය ලැබූ තැනැත්තා, I am not a Bangla worker ... I am from ... යනුවෙන් පවසා, එසේ කියූ පුද්ගලයාට තම නොසතුට පල කරයි. එයට හේතුව බන්ගලියන් යනු ඉතා පහත් ජාතියක් ලෙස අන් රටවල් සැලකීමයි. මටද කීප අවස්ථාවක බයියා කියූ පුද්ගලයන්ට මම බැණ වැදී ඇත. ඔවුන් පසුව සමාව ඉල්ලා තිබේ.

    ReplyDelete
    Replies
    1. හැබැයි සිංහල භාෂාවට බයියා ආවෙ විවෘත ආර්ථිකේ ඇවිත් ලංකාවෙ කට්ටිය මැදපෙරදිග එහෙම යන්න පටන් ගන්නටත් කලින්.

      සමහර විට බංග්ලාදේශ ජාතිකයන්ට බයියා කියන වචනය ආදේශ කරන්නට ඇත්තෙ ලංකාවෙන් ගිය අය වෙන්නට පුළුවන්.

      මේකත් මතක තියා ගන්නට වෙනවා. ලංකාවෙ මිනිසුන්ගෙ බයි වැඩ නිසා බංග්ලාදේශයත් ලංකාව පසු කරමින් සිටිනවා දැන්.

      Delete
    2. මං හිතන්නේ බයියා යන්න පැරණි වචනයක්.

      Delete
    3. The correct pronounce is Bhai for brother not බයියා, බයියා is slang

      Delete
    4. පාකිස්තානුවන්ට අපි කිව්වෙ පක්කො කියල

      Delete
    5. මොහොට්ටි එතකොට සිංහළ යින්ට, ලාංකිකයින්ට අනික් එවුන් මොනවා කියනවද දන්නේ නැ ? ඔලු බක්කෝ කියලද දන්නේ නැ

      Delete
  2. 2020 දී ආප්පයා එලවා රනිල්ගේ නායකත්වයෙන් යුතු එජාප රජයක් පත්කරගෙන 2030 දක්වා රනිල් රටේ නායකයා කරමු..

    ReplyDelete
  3. My congadulasion today to all workers go prasidant and priministar may ralys. This post good post Parakum sir but no meen talk about mahinda theef more.

    ReplyDelete
  4. කයිය විතරයි නම් ටොයියත් එපා බයියත් එපා.

    ReplyDelete
  5. රාජපක්ෂ පාක්ෂිකයින්ට බයියා යන "ගෞරව නාමය" පට බැඳුනු හැටි ගැන ඔබේ මතකය නිවැරදි නැත.
    එය ඇරඹෙන්නේ කාලයක සිටය. එහෙත් ප්‍රසිද්ධියේ මේ වචනය මහින්ද රාජපක්ෂ වෙත දමා ගසන්නේ අකිල විසින් වරක් පාර්ලිමේන්තුවේදීය. එම සිදුවීමත් සමගම රාජපශවාදීන් සමූහයම බයියන් බවට පත් විය.
    එයට පිළිතුරු දෙන විමල් ප්‍රසිද්ධ සභාවකදී අකිල වෙත ටොයියා යනුවෙන් ආමන්ත්‍රණය කරන ලදී. එතන් සිට ආණ්ඩුව බයියන්ගේත් විපක්ෂය ටොයියන්ගේත් විය. 2015 ජනවාරි 8 දා එය අනික් පිට පෙරලුනේය. අදටත් ආණ්ඩුව ටොයියන්ගේය (නිල නොවන ) විපක්ෂය බයියන්ගේය.

    ReplyDelete
  6. බයියන්ට පුළුවන්ද ජාත්‍යන්තරේ ජයගන්න,බයියන්ට පුළුවන්ද හරියට අයවැයක් වත් හදාගන්න වගේ කතා කීම නිසා ඒවාට පිළිතුරක් ලෙස මහින්ද රාජපක්ශ ඉහත කතාව කී බවයි අපට මතක.
    ජයවේවා..!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා