සයිටම් ජනසතු නො කරනු! දොස්තර සංගමයට දෙනු!

ලාංකීය අවස්ථාවාදී විප්ලවයේ නියමුවා පාදෙනිය
සයිටම් ආයතනය රජයට පවරා ගත යුතු බව කියමින් දොස්තර සංගමය රජයේ විසඳුම් යෝජනා ප්‍ර‍තික්ෂේප කර ඇත. ඉදිරියේදී බදු ගෙවන ජනතාවට තව තවත් වධ දෙන ත්‍ර‍ස්ත ක්‍රියාවල නියැලෙන බවට ද තර්ජනය කර තිබේ.

අහක යන සයිටමයක් රජයට පවරාගෙන එය නඩත්තු කිරීමට තව තවත් මහජනයා බදු ගෙවිය යුතු ය යන යෝජනාව අපූරු එකකි.

රටේ තියෙන මළහත්තිලව් තව තවත් රජයට පවරා ගන්නට පෙර රජය යටතේ තිබෙන මළහත්තිලව් ටික හරියට පවත්වාගෙන යනවා ද යන්න මුලින් සොයා බැලිය යුතු ය.

මූලිකව ම මෙන්න මේ කාරණය බලන්න. ලංකාවේ රජය වැඩියෙන් ම බදු අය කරන්නේ වෙළඳපොළෙනි. ඒ කියන්නේ වක්‍ර‍බදු ය. වක්‍ර‍ බදු අනුපාතිකය 86%ක් පමණ වේ. ඍජු බදු 14%ක් පමණි.

ආදායම් බදු ඍජු බදුවලින් ප්‍ර‍ධාන එකකි. පසුගිය දිනෙක මම මගේ රුධිර පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමට මතුගම පිහිටි චැනල් මධ්‍යස්ථානයකට ගියෙමි. එතැන සිටි චැනල් වෛද්‍යවරයෙකු ගොස් කාරයට ගොඩ වුණේ ය. කවුන්ටරයේ සිටි ගැහැණු ළමයි මුලින් පැමිණි මට සේවය කිරීම නවත්වා ලහිලහියේ ගණන් කර රු. 25,000ක් ලියුම් කවරයක දමාගෙන කාරය ළඟට දිව්වෝ ය. ඒ ගනුදෙනු නිසි පරිදි ලේඛනගත වීමක් සිදු වන බව දක්නට නො ලැබිණි.

“ඔච්චර කලබල වෙන්න ඕනැ නැහැ. ඕක හම්බ වෙනකල් එයා යන්නෙ නැහැ," යි එක් ගැහැණු ළමයෙක් ඔලොක්කුවට කීවා ය.

එදා සෙනසුරාදා දිනයකි. මෙම වෛද්‍යවරයා මෙවැනි චැනල් සෙන්ටර් 10කටවත් එදා පමණක් යන්නට ඇත.

සාමාන්‍යයෙන් දිනකට රු. ලක්ෂයකට වඩා උපයන මෙවැනි වෛද්‍යවරු ලංකාවේ ඕනෑ තරම් සිටිති. එහෙත්, ලංකාවේ රජයට මොවුන්ගෙන් හරියට බදු අය කර ගන්නට හෝ හැකියාවක් නැත. නීතිඥවරුන් වැනි තවත් ඇතැම් වෘත්තිකයන් බදු ගෙවනවා තබා ලදුපතක්වත් නිකුත් කරන්නේ නැත.

ඒ නිසා රජය ලේසියට කරන්නේ පාරිභෝගිකයා පිට බදු පටවන එක ය. අප රු. 50ක් වැය කර අන්තර්ජාලයට පිවිසෙන විට රජය එයි රු. 25ක් නිකම් ම සාක්කුවට දා ගනියි. ඒ තරම් මහජනයා සූරා කාලාත්, අඩු තරමේ ආදායම් බදු එකතු කර ගන්නටවත් රජය අසමත් ය.

ලංකාවේ ඊනියා විප්ලවවාදීන්ගේ සිට දොස්තර සංගමය දක්වා සියලු අවස්ථාවාදීන් කියන්නේ මේ මළ ඉලව්, පරපෝෂී රජය ම තව ලොකු කරන්නට ය කියා ය. 

ඔය ජනසතු කරනවා ය කියන රජයට පවරා ගැනීමේ මගුලෙන් ලංකාවේ කිසිවකුට කිසිදු සෙතක් වී නැත. බණ්ඩාරනායකගේ කාලේ ජනසතු කළ ලංගම අපට සලසන සේවාවක් නැති වුණාට ඒක නඩත්තු කරන්නට බදු මුදලුත් දෙන්නට සිදු වී තිබේ. සිරිමාගේ කාලේ වන්දි ගෙවා රජයට පවරා ගත් වතු දැන් නැවතත් කොම්පැනි අතේ ය. ජනසතු කතා තව ඕනෑ තරම් තිබේ.

වැඩිය ඕනෑ නැත. මහජනතාව විසින් විවිධ අරමුණු වෙනුවෙන් පිහිටුවා ගන්නා ලද සමුපකාර සමිති රජයට පවරාගෙන පිහිටුවන ලද විවිධ සේවා සමුපකාර සමිතිවලට සිදු වී ඇති දෙය බලන්න. මහින්ද රාජපක්ෂ සමුපකාර ඡන්ද දිනීම හැර සමුපකාරවල ඇති වෙනත් කිසිදු වැදගත්කමක් තිබේ ද? ඒවා විසින් අවසානයේ සමාජවාදී සංකල්පයක් වන සමුපකාර ව්‍යාපාරය ද විනාශ කර දමන ලදී.

රජයට ඔය මගුල් කරන්නට බැරි ය. බැරි බව නැවත, නැවත මහජන මුදලින් ඔප්පු කරන්නට උවමනා ද නැත.

සයිටම් එක ලාභ නො ලබන ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යාම දොස්තර සංගමයට ම භාර දිය යුතු ය. එය ජනසතු ද මොකක් ද එකක් කරන්නට යයි ඉල්ලා සිටින්නේ ඔවුන් ය. මේ රටේ සාමාන්‍ය ජනතාව නම් එහෙම එකක් ඉල්ලා නැත. මොකද, ඔය ජනසතු කියන රජය සතු ඒවා ඇත්තට ම සතු දේශපාලකයන්ට, කොන්ත්‍රාත්කාරයන්ට හා ඒවායේ වැඩ කරන අයට බව මේ රටේ ජනතාව හොඳින් දන්නවා ය.

අපේ බදු මුදල් සයිටම් එකට නො යොදවනු! සයිටම් එක දොස්තර සංගමයට භාර දී ලාභ නො ලබන ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යනු!

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. එකඟයි. දොස්තර සංගමය ඕකට කැමති වෙයිද. කලිංග තිබ්බ PMC එකත් දොස්තර වරැ මුල්වී ලාභ නොලබන ආයතනයක් ලෙස තිබුණ එකක් නේද?

    ReplyDelete
  2. නිිසංසලාApril 10, 2017 at 9:58 AM

    නිදහස් අධය්‍යාපන‍යෙන් වෛද්‍යවරු වී කෝටි ගනනක් ආදායම් බදු වංචාකරන පාදෙනිය ඇතුළු GMOA සාමාජිකයන්ට SAITAM නඩත්තුව බාරදෙමු.

    ReplyDelete
  3. දොස්තර ගුනදාස අමරසේකර ..කවුරුත් දන්නවා නේහ්..
    ගුනදාස අමරසේකරගේ පුතා ඉගෙන ගත්තේ රාජකීය විද්‍යාලයේ ...82 වසරේ උසස් පෙල කරේ.. වෙද්‍ය විද්‍යාලයට ඇතුලත් වෙන්න ලකුනු මදි උනා..
    අපේ සිංහල බවුද්ධ ගුනදාස මහත්තයා නිකං හිටියේ නෑ..
    සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව වියදම් කරලා පුතාව ඇරියා ඔස්ට්‍රේලියාවේ .. රට පවා දෙන කාරනා ගැන නොසිතා පුතාව සුද්දන්ගේ රටේ පුද්ගලික විශ්වවිද්‍යාලයට ඇරියා..

    පුතා දොස්තර කෙනෙක් වෙලා ලංකාවට ආවා...
    අද රජයේ සේවයෙන් ඉවත් වෙලා ආසිරි පුද්ගලික රෝහලේ වැඩ..

    අද පුතා උකුල් ඇට පිලිබඳ ලංකාවේ ඉන්න නොම්මර එකේ විශෙෂඥයා..
    දේශීය දෑ ගැන කතා කරන ගුනදාස මහත්තයා, පුතාට ලකුනු මදි නිසා කියලා එදා පුද්ගලික අද්‍යාපනයට යොමු නොකර වෙනත් දේකට යොමු කරලා තිබ්බනං අද ලංකාවට ඉන්න නොම්මර එකේ වි. වෙද්‍යවරයෙක් බිහි වෙන්නේ නෑ..
    ලෝකයට මොන ස්වරූපය පෙන්නුවත් හොඳ තාත්තලා එහෙම තමයි..
    දේශීය , සිංහල බොද්ධ උනත් පුතුන් ඉස්සරහා හොඳ තාත්තලගේ පපුව උනු වෙනවා..

    මම කියන්නේ.. කෙනෙක් වෙද්‍ය විද්‍යාලයට ඇතුලත් වෙන්න ලකුනු මදි කියන්නේ කෙනෙක් අදක්ෂයි කියන එක නෙවෙයි..

    අනික තමන් වගේම හොඳ තාත්තලා තවත් ලංකාවේ ඉන්නවා කියන කාරණය ගුනදාස මහත්තයා බැහැර කරන එකක් නෑ..

    අන්න ඒකයි මම තත්වයෙන් යුතු පුද්ගලික අද්‍යාපනය තිබිය යුතුයි කියලා කියන්නේ..

    අන්න ඒකයි..

    ReplyDelete
    Replies
    1. ගුණදාස අමරසේකර ගේ පුතා ඉගෙනුම ලබා ඇත්තේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ය. එය ඕස්ටේ‍ර්ලියාවේ පැරණිම විශ්ව විද්‍යාලයයි. එය කිසි දිනක පුද්ගලික විශ්වවිද්‍යාලයක්ව පැවති එකක් නොවේ.

      Delete
    2. ඇයි නලින් ද සිල්ව මහත්තය .එයාගෙ පුතාලත් රෝයල් ගිහිල්ල දැන් ඔක්කොල ඕස්ට්‍රේලියාවේ

      Delete
    3. මා දන්නා තරමින් අමරසේකරගේ පුතා කොළඹ වෛද්‍ය විද්‍යාලයේ හිටියේ. අහිංසක ජප්පෝ විශ්ව විද්‍යාල වහපු කාලේ ඒ හාදයව ඔස්ට්‍රලියාවට යැවුවා.
      ඒ අතරේ අමරසේකර සෞදි අරාබියට ගියා රස්සාවට, සමහරවිට පුතාට වියදමට සල්ලි හොයන්න වෙන්ඩැති.

      Delete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. //ඒ නිසා රජය ලේසියට කරන්නේ පාරිභෝගිකයා පිට බදු පටවන එක ය. අප රු. 50ක් වැය කර අන්තර්ජාලයට පිවිසෙන විට රජය එයි රු. 25ක් නිකම් ම සාක්කුවට දා ගනියි. ඒ තරම් මහජනයා සූරා කාලාත්, අඩු තරමේ ආදායම් බදු එකතු කර ගන්නටවත් රජය අසමත් ය. //

    පැරා මම මේ තත්වය උසස්පෙළ ඉවර වෙච්ච කාලෙම දැක්ක, මගේ පියා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදුගේව්වේ 1980 දශකයේ, පසුව 1990 දශකයේ මම උසස්පෙළ ඉවරවෙන කාලේ මම පත්තරේක දැක්ක මගේ පියාගේ කරපු රැකියාව කල මිනිසුන්ගෙන් මුළු ලංකාවේම බදුගෙවල තියන්නේ 40 දෙනයි, දැන් ඔබට හිතෙයි මගේ පියා ඉතා ධනවත් පුද්ගලයෙක් කියල නමුත් පැරා ඔහු පාවිච්චි කලේ පැරණි වාහනයක්.

    මම දැක්ක ඔහුට කොපමණ ලිපි දේශීය ආදායම් දෙපර්ථමේන්තුවෙන් එව්වද කියල, දවසක් මම ඔහුගෙන් විමසුවා මේ බදු ගැන, ඔහුමට කියල දීපු විදියට මම හිතාගත්ත කිසිදිනක මම බදු රජයට ගෙවන්නේ නෑ කියල, නමුත් මම ඊට නීති විරෝදී විදියක් පාවිච්චි කලේ නෑ මම මගේ වියාපාරය ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කලේ ඉතා සුළු වශයෙන් මම වගබලාගත්ත ශ්‍රී ලංකාව තුලින් මම ලබන ආදායම වසරකට ලක්ෂ 5ට අඩුවෙන් තබාගන්න.

    සම්පුර්ණ ආදායම විදේශීය සේවාදායකයන්ට සපයන්න මම වගබලාගත්ත, මෙනිසා මට විදේශ විනිමය උපයන්නත් ශ්‍රී ලංකාවේ බදු දැලට හසු නොවීමටත්
    හැකිඋනා.

    මම ලෝකය වෙනස් කිරීමට නොගිහින් මම වෙනස් වෙන්න කල්පනා කළා. මට වියාපාරය විශාල කිරීමට මා හදුනාගත් සමහර අය කිවවත් මම ඊට කැමති උනේ නැත්තේ ශ්‍රී ලංකාවේ වියාපාරයක් කිරීම සාර්ථක කරගැනීමට ඇති බාදා නිසයි.

    හැබැයි ඔබ කල්පනා කලොත් ඔබට පුළුවන් ඉන්දියාව වැනි රටක සේවකයන් ලබාගෙන යුරෝපයට සේවය දෙන්න මම කියනදේ ප්‍රායෝගිකව ඔබ සිතාබලන්න. මම පසුගිය වසර 15ට මෙය ප්‍රායෝගිකව කරනවා.

    ReplyDelete
  6. සයිටම් එක පවර ගත්තම මිනිස්සුන්ගේ බදු වැය වෙනවලු.

    හැබැයි නෙවිල් ප්‍රන්නදු රෝහල අප්වර ගත්තම එහෙම වෙන්නේ නෑලු.

    පැරාගේ මොළේ කොහේද මන්දා?

    ReplyDelete
    Replies
    1. ඔයා ඔය මං කිව්වා ය කියලා හිතාගෙන ඉන්න එක මං කොහෙද කියල තියෙන්නෙ?

      Delete
    2. මහින්ද මහත්තයා සයිටම් එක රජයට පවරගන්න හිටියෙ. අපරාදෙ එතුමා පැරැද්දුවනෙ. :D

      Delete
    3. සයිටම් එක ඇති කළෙත් මහින්ද
      නැති කරන්න හදන්නෙත් මහින්ද

      Delete
  7. SAITM බැරිනම් Harward university ලංකාවේ කලාට කමක් නෑ අපේ බදු සල්ලි වලට කෙලින්නේ නැතුව. අපි බලාගන්න පින් ගොන්නු හොඳටම ඇති.

    ReplyDelete
  8. අජිත්, කෝ අර අජිත්ගේ පරණ යාළු වමේ සෙට් එක? දැන් සෑහෙන දවසකින් වමේ විග්‍රහයක් දැක්කේ නැහැ. ජර්මනියේ ලොක් අප් කරලාවත් ද?

    ReplyDelete
    Replies
    1. උන්ව එහෙදි අහු වෙලා ආදි කල්පික ජීවීන්ගේ පොසිල වගයක් බව හඳුනගෙන ස්ටුට්ගාඩ් ස්වාභාවික ඉතිහාස කටුගෙට භාර දුන්නලු. අපරාදෙ කියන්න බැහැ, උන් මෙහෙ එවුන්ව පාවා දීලා නැහැ.

      Delete
    2. Good one Para! How can you be so funny and sarcastic?

      Delete
  9. සෛටමය දොස්තර සංගමයට පවරා එහි කම්කරු රැකියා ජවිඑප්ට සහ පෙරටුගමින්ට ලබාදෙනු.

    ReplyDelete
  10. අම්මපා ඇත්ත, එජාප වෘත්තිය සමිතියකින් කරන සාර්ථක බුහාරි හෝටලේ වගේ.. ගොමාලගේ ප්‍රයිවට් මැඩිකල් කොලේජ් එක.. එතකොට උන්ගේ දරුවන් ඔක්කෝටම ඩොකාලම වෙන්නත් පුළුවන්.. උන්ගේ තර්කයන් අනුව..

    ReplyDelete
  11. රටේ මුදලින් ඉගෙනගන්නා වුන්ගෙන් ආණ්ඩුවේම රැකියා දෙන දොස්තරලාට සුදුසුකම් ලබා අවුරුදු 10 ඇතුලත ගිය වියදම (සුළු පොලියක් සමඟ ) ගෙවන්න හදල ඒ මුදලින් වෛද්‍ය පීඨ වලට ගන්න ගාන පස් ගුණයක් වගේ වැඩි කරානම්, ඔක්කොම ප්‍රශ්ණ විසඳෙනවා. වැඩි දෙනෙකුට වෛද්‍ය පීඨයට ඇතුලත් වෙන්න පුළුවන් වෙනවා. අවුරුදු පහකින් එළියට එන දොස්තරල ගාන පස් ගුණයක් වෙනව. එතකොට සුරා කාම ටිකක් හරි අඩු වෙනව. ආණ්ඩුවට වියදමත් අඩුවෙනව.

    ReplyDelete
    Replies
    1. //රටේ මුදලින් ඉගෙනගන්නා වුන්ගෙන්//
      රටේ මුදල් කියලා එකක් නෑ බන්. ඕවා අපි කාගෙත් මුදල්.අපෙන් ලූනු ගෙඩියට අල ගෙඩියට ගහන බදු තමයි උඹ ඔය රටේ මුදල් කිය කියා උඩ දාන්නේ.ඔය පාරවල් ආයතන හැම එකක්ම එහෙම කරපුවා.පාරේ යන එවුන්ගෙනුත් මුදල් අය කරන්න කියපන්.උනුත් යන්නේ පිනටනේ.
      උඹ අහලා තියෙනවාද ප්රතිපත්ති සම්පාදනය කියලා දෙයක්.මොකක් හරි දෙයක් ගැන තීරන ගන්න ඒ ගැන විශාල දැනුමක් සහ අද්යනයක් කරලා තියෙන්න ඕනෑ.උඹ මෙඩිකල් කොලේජ් ගැන ,වයිද්ය අද්යාපනය ගැන මොනවද කරලා තියෙන හැදෑරීම්. අඩු ගනනේ ලන්කාවට ඕනෑ දොස්තරලා ගාන, එක දොස්තර කෙනෙක් හදන්න යන වියදම වත් උඹ දන්නවාද. උඹ ඔය කියනදේවල් වල ආෆ්ටර් ඉෆෙක්ට් මොනවාද කියලා කියන්න පුලුවන්ද.ඒ ගැහ හොයන්න සමාජ විද්යාව දන්නවාද .

      Delete
  12. හොඳට හෝ නරකට saitm ගැන ගන්න තීන්දුවකට බලපෑම් කරන්න පුලුවන් පාර්ශවයක් තමයි gmoa කියන්නෙ. එතකෙට ඔහෙයි, ඔහෙගෙ මෙ බ්ලොග් පඩංගුවයි, ඔහෙටම ආවඩන පනික්කියො ටිකයි.....???? අන්න ඒකයි යතාර්ථය.
    (ප.ලි. පුරුදු විදියට මුලින් ඇනෝ ඇවිත් කුනුහරුප ටිකක් කියලා පස්සෙ උත්තර දෙන්නෙ නම් අගේ කෙට සලකමි.).

    ReplyDelete
    Replies
    1. මොකටද බං බ්ලොග් පඩංගුවක් ගැන වොරි වෙවී මෙතන ඇවිල්ල නහයෙන් අඬන්නෙ. ගොමාලාගෙ අසූචි ම කාපන්කෝ.

      Delete
    2. පැරා හිතේ දුකට මොන මොනවද කියවනවා....

      Delete
    3. අපි මොකටද බං දුක් වෙන්නෙ? අපි සමාජ වෙනස වෙනුවෙන් සටන් කරනවා. බැරි වුණොත් අනෙක් එවුන් ඉන්න විදියට ම ඉන්නවා. අපට කොහොමත් එකයි.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. වෙනස කියන දේ ගැන විතරක් නන් කතා කරන්න එපා.

      Delete
  13. නාථ සිල්වාApril 11, 2017 at 10:21 AM

    ගෝඨාභය හිටියනම් රතුපස්වල ඇල්වතුර සීන් එකට විසදුම දුන් ආකාරයටම සයිටම් සීන් එකටත් ඩිෂුම් ඩිෂුම් විසදුමක් දීල.මෙලහටත් අන්තරෙත් පිරිසක්ද මෙලොව නැත.
    පාදෙනියල,කාලෝල සහ සිවුරු චන්ඩි කුක්කො වගෙ වලිගෙ වනමින් ඔහු වටා හුරතල් වන හැටිද මැවිලා පෙනේවී.
    යහපාලනේ සැර මදිද මන්දා නැන්දා.

    ReplyDelete
  14. අජිත් ධර්මාගෙන්නම් රෝයල් ගතියක් පේන්නේ නෑ. තියෙන්නේ නිකන් පෝරමඬුල්ල සෙන්ට්‍ර‍ල් වගේ ටච් එකක්.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ජයලත් මනෝරත්න ගෙ වගේ.

      Delete
  15. පුද්ගලික වෛද්‍ය විද්‍යාල මෙරට බිහි විය යුතුය යන්න වෛද්‍ය ක්ෂේත්‍රයේ පිරිසක් (ආචාර්‍ය ස්ටැන්ලි කල්පගේ, හීන්නිලමේ) විසින් 1975 දී ඇති කර ගත් අදහසකි. ඒ අනුව තමා 1981 දී උතුරු කොළඹ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයය බිහි වෙන්නේ.

    ස්ටැන්ලි කල්පගේ කියන්නෙත් 1977දි යූඇන්පි එකේ විශ්වවිද්‍යාල ආචාර්‍ය වරුන්ගෙ සන්ගමෙයි සභාපති විදිහට හිටපු කෙනා. මිනිහා 77 චන්දේදි රට වටෙම යූඇන්පී වේදිකාවල කතා කර කර ගිහින් දිනුවට පස්සී ජේආර්ගෙ පස්ස ලෙව කාලා කාලා ඔය ප්‍රතිපාදන කොමිසමේ පලමු සභාපති උනා. මිනිහා ආපු දවසේ ඉඳන් සල්ලි හොයා ගන්න ක්‍රම හෙව්වා මිසක් රටට කරපු දෙයක් නැහැ.

    දැන් ඉන්න සරත් විජේසූරියගෙ ඒ කාලේ චරිතය තමා මිනිහා. වෙනසකට තියෙන්නේ මින්හා සරත් විජේසූරිය වගෙ womaniser කෙනෙක් නොවෙයි.

    ඒකාලේ Sunday Island එකේ මිනිහගේ ලොකු සංවාදයක් ගියා කාලෝත් එක්ක. මිනිහ ගෙ මුල් ලිපි 2 කිව්ව එව්වම එකකකට එකක් පරස්පර්යි කියල පෙන්නපුවම මිනිහා සංවාදයෙන් මග හැරියා. ඒ කාලේ ආචාර්‍ය තුමාගෙ තත්ත්ව්ය ඒ.

    දැන් එකා නම් (සරත් විජේසූරිය) ඉතින් කට ඇරියොත් හරක බව පේනවනේ.

    ReplyDelete
  16. අපි ඉන්න රටේ,අද්යාපනය,සෞක්‍ය මගී ප්‍රවාහනය,80% කටත් වැඩියෙන් රජයෙන් කෙරෙන්නෙ,මිනිස්සු ඇතා නැතා,වෙලාවට බස් එක තියෙනව,රාත්‍රියෙ අසනීප වුනොත් දොස්තර ගෙදරටම එනව.සල්ලි ගෙවන්නෙ ආන්ඩුවෙන්.ඉතිං ලංකාවෙ තියෙන්නෙ,හොරකම පිලිබඳ ප්‍රස්නයක් මිසක්,පවුද්ගලිකද,රජයේද කියන ප්‍රස්නය නෙමේ නේද.

    ReplyDelete
  17. පාදෙනිය ලොක්කගෙන් අහල බලන්න ඕන සයිටම් කඩේට විතරක් නෙවේ චැනල් කඩවලටත් ප්‍රමිතියක් තියෙනවද කියලා.

    ReplyDelete
  18. සයිටම්, ශ්‍රී ජයවර්ධනපුර රෝහළ මෙන් අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස අදාළ ප්‍රමිතිය පවත්වාගෙන යා නොහැකි වේද?

    ReplyDelete
  19. නිදහස් අධ්‍යාපනය හා නොමිලේ අධ්‍යාපනය හරි හැටි තේරුම් ගැනීමට නොහැකි, තම වාසී තකා ඒ්වා තමන්ගේ පදයට හදා ගන්නා උන් සිටිනා රටක අනාගතය කතා කිරීමට ගත කරනා කාලය තමන්ගේ දියුණුවට භාවිතා කිරීම මොලේ අැති වැඩක් ලෙසයි මම දකින්නේ.. තව ප්‍රශ්නයක්.. ඔය නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය කිය කියා කෑගහන් උන්ගෙන් අහන්නේ, උඹලා ඒහෙනම් ප්‍රයිවට් මෙඩිසින් නවත්තපල්ලා, ටියුෂන් ක්ලාස් නවත්තපල්ලා, ඒවා නිදහස් අධ්‍යාපනය / නිදහස් සෞඛ්‍ය (උඹලගේ මතය අනුව) නැති කිරීමක් නෙමෙයි ද? ඔය කාලකණ්නි වෙෙද්‍ය සංගමයයි, අන්තරයයි උන්ගෙ තියෙන දුෂ්ටකමයි, කුහකකමයි පෙන්නන්නේ වෙන මොකක්‌ නිසාවත් නෙමේ, උන්ට වඩා කෙරුමෝ නෑ කියලනේ. මුන් ඉතින් කන්න ඕනෑ වුණාම උන්ට කබරගොයත් තලගොයත් කර ගන්න ඒච්චර අමාරු නෑ උන්ට..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා