ජාත්‍යන්තර වෙළෙදාම පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ගැනීමේ මහජන සාකච්ඡා

ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය සඳහා වන මහජන කොමිසමේ කටයුතු ඇරඹේ.

ද්විපාර්ශවික වෙළෙඳ ගිවිසුම් ගණනාවක් පිළිබදව අවධානය යොමු වී ඇති මෙකල ශ්‍රී ලංකාවට දිගු කලක් තිස්සේ අත්‍යවශ්‍යව පැවති ජාත්‍යන්තර වෙළෙදාම පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ගැනීමේ අවශ්‍යතාවය ඉතා තදින් ඉස්මතු වී ඇත. මෙරට පූජ්‍ය පක්ෂයේ, ව්‍යාපාරික ප්‍රජාවගේ, වෘත්තිකයන්ගේ සහ විද්වතුන්ගේ බලවත් ඉල්ලීම මත ඒ මඟහැරුණු ජාතික අවශ්‍යතාව වටහා ගෙන වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ මූලිකත්වයෙන් වෙළඳාම පිලිබඳ ප්‍රතිපත්තියක් සැකසීමට සමාජයේ ගෞරවයට පාත්‍ර වූ පුදගලයන්ගෙන් සමන්විත මහජන කොමිෂන් සභාවක් පත්කරන ලදී. කොමිෂන් සභා සාමාජිකයින්ගේ නම් පහත දැක්වේ.

x කොමිසමේ සභාපති: දේශමාන්‍ය මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් (හිටපු උපකුලපති, කොළබ විශ්ව විද්‍යාලය)
x ජනාධිපති නිතීඥ පාලිත ප්‍රනාන්දු (හිටපු නීතිපති)
x විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මැතිණිය
x පි.ඩි. ප්‍රනාන්දු මැතිතුමා (හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්, වාණිජ දෙපාර්තුමේන්තුව)
x ආර්. පී. එල්. විරසිංහ (හිටපු දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්)
x ආචාර්ය බන්දුල පෙරේරා (හිටපු සභාපති, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය)
x කොමිසමේ ලේකම්: කේ. ඒ තිලකරත්න (හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්, විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුව)

අන්තර්ජාතික වෙළෙදාම පිලිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ආරම්භවූ මෙම ස්වාධින මහජන කමිෂන් සහාව ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා අදාළ වන්නාවූ කරුණු සම්බන්ධව මහජන අදහස් විමසීම ආරම්භ කොට ඇත.

මෙම කොමිසම වෙත ඔබගේ අදහස් ලිඛිතව හෝ වාචිකව හෝ ඉදිරිපත් කළ හැකිය.

ඔබගේ ලිඛිත අදහස්:

විද්‍යුත් තැපෑල මගින් suggest@tradepolicysrilanka.org යන විද්‍යුත් ලිපිනයට යොමු කළ හැකිය.
275/75, කාමර අංක 07, ස්ටැන්ලි විජේසුන්දර මාවත, කොළඹ 7 යන ලිපිනයට තැපැල් මගින් යොමු කළ හැකිය.

සතියේ දිනවල පෙ.ව 9.00 සිට ප.ව. 5.00 දක්වා ඉහත ලිපිනයට ගෙනවුත් භාරදිය හැකිය.

වාචික අදහස් ලබා ගැනීම

වාචික අදහස් ලබාදීම අප්‍රේල් මස 6 වන දින සිට පහත දැක්වෙන බ්‍රහස්පතින්දා දිනයන්හි 275/75, ස්ටැන්ලි විජේසුන්දර මාවත, කොළඹ 7 යන ස්ථානයෙහි පිහිටි විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධාන (OPA) ගොඩනැගිල්ලෙහි ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.

වාචික අදහස් ලබා ගැනීම පහත සඳහන් ප්‍රමුඛ තේමාව යටතේ සිදුවන අතර ඔබේ අදහස් දැක්වීම එම තේමාවට සීමා කිරීම අවශ්‍ය නොවන බව කරුණාවෙන් සළකන්න.

06/04/2017 ප.ව 1.00 - ප.ව. 5.00 - දේශීය ව්‍යාපාරික ආරක්ෂණය.
20/04/2017 පෙ.ව.9.00 - දහවල් 12.00 - දේශීය වෘතිකයන්ගේ හා තාක්ෂණවේදීන්ගේ සුරක්ෂිතභාවය.
27/04/2017 පෙ.ව.9.00 - දහවල් 12.00 - අන්තර්ජාතික වෙළඳ ගිවිසුම්කරණයේදී ජාතික අභිලාශය සුරැකීම
04/05/2017 පෙ.ව.9.00 - දහවල් 12.00 - ගිවිසුම්කරණයේ වගකීම, වගවීම හා ප්‍රතිලාභ විගණනය.
18/05/2017 පෙ.ව.9.00 - දහවල් 12.00 - ලෝක වෙළඳ සංවිධානය සමඟ ඇති ශ්‍රී ලාංකේය බැඳීම් පිළිබඳ සමාලෝචනය.
25/05/2017 පෙ.ව.9.00 - දහවල් 12.00 - ජාත්‍යන්තර ගිවිසුම්කර්ණයේදී සංස්කෘතික, සාමාජිය හා තිරසාර සංවර්ධන අවශ්‍යතා සුරැකීම.

වාචික අදහස් ලබාදීම සඳහා කාලය වෙන් කරවා ගැනීමට සතියේ දිනයන්හි 0113629578 අංකයට කොමිෂන් සභා කාර්යාලය අමතන්න. නැතිනම් ඔබගේ නම සහ දුරකතන අංකය ඇතුලත් විද්‍යුත් ලිපියක් suggest@tradepolicysrilanka.org වෙත යොමු කරමින් වාචික අදහස් ලබා දීම සඳහා දිනයක් විමසා සිටින්න.

ලසන්ත වික්‍රමසිංහ (0716369828)
මාධ්‍ය සම්බන්ධීකාරක,
වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මේ ඇඩ් එකට සල්ලි ගෙව්වෙ කවුද?

    ReplyDelete
    Replies
    1. ඔය ටෙලිෆෝන් අංකයක් තියෙන්නෙ. කෝල් කරලා අහන්න බැරියැ.

      Delete
  2. අවුරුදු 69 ක් තිස්සේ "ජාතික" ප්‍රතිපත්ති හැදුවානේ, මහත්තයෝ.

    මේකත් නොකෙරෙන වෙදකමක් තමයි.

    ReplyDelete
  3. ආයෙත් පැන්ෂන් ගිය රජයේ සේවකයෝ විතරක් ඉන්න කොමිසමක්, ජාත්‍යන්තර වෙළදාමේ යෙදෙන වෙළෙන්දෝ කොමිසමට අදාලා නැත්තේ අැයිද මන්දා?



    ReplyDelete
    Replies
    1. වෙළෙන්දෝ අමුතුවෙන් දාන්න ඕනේ නැහැ රජයේ නිලධාරින් කියන්නේ කොහොමත් "ෂයිලොක්" වර්ගයේ වෙළෙන්දෝ ජාතියක් තමයි.

      Delete
  4. /* විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මැතිණිය */

    මෙයා මොකද මෙතැන කරන්නේ?

    ගංගොඩවිල සෝම කොමිසමේ හිටිය එක නම් සාධාරණයි.

    ReplyDelete
    Replies
    1. ඒක මෙතන අහලා හරියන්නේ නෑනේ. උඩ තියෙන නොම්මර වලින් කෝල් කරලා අහගන්නවා. ඒවා දාලා තියෙන්නේ ඒකටනේ. කළඳක විතරවත් බුද්ධියක් කියලා එකක් නැද්ද?

      Delete
    2. සල්ලි දීලා ලංකාවේ පුරවැසිකම ගත්තට තව සල්ලි ගෙවලා කෝල් කරලා ඕවා කරයි කියලා හිතනවද ? එකත් නිකම් දෙන වයිබර් /ස්කයිප් කෝල්වලට උන් ආන්සර් කරයිද ?

      Delete
    3. රසික අංකල්,

      තමුන්නාන්සේ තමුන් වගේ උන්ව පත් කර ගන්නවා සිනුවරට, අපි අපිට ගැලපෙන උන් මෙහාට පත් කර ගන්නම්.

      අපි සිනුවර එන්නෙත් නැහැ, අපිට අදාළත් නැහැ තමුසෙලා සිනුවර හෝ අජ්ජ ඉන්න රටේ ඌ පත් කර ගන්න එවුන්ගේ පැටිකිරි හොයන්න.

      දෙකට දේවාලේ නැති ඔහේලා වගේ නපුංසකයෝ මෙහෙන් ගියානම් ගියාට පස්සෙ ආපහු මේ රටේ දේවල ගැන පුක අරින්නේ නැතුව ඉන්න පුරුදු වෙනවලා,

      ඔච්චරට පුකේ අමාරුව නම් මෙහෙ ඇවිත් දේශපාලනය කරලා පාර්ලිමේන්තු ගිහින් වැඩ කරනවලා රටට, ජනතාවට පෙරේත හැත්ත.

      අවුරුද්දකට දෙකකට වතාවක් නිවාඩුවකට පමණක් එන රටක් හදන්න මුන්ට තියෙන පුකේ අමාරුවක්, ගොබ්බ හැත්ත. නෙද්දකින්.

      Delete
    4. බ්ලොග් පාඨකයින්ගේ ජීවිතයට සාමාන්‍ය දැනුම;

      A. ඇමරිකාව සොයා ගත්තේ - කිස්ඩෝපර් කොලම්බස්
      B. ඔස්ට්‍රේලියාව සොයා ගත්තේ - කැප්ටන් කුක් සහ රසිකලොජිස්ට්
      C. ටැස්මේනියාව සොයා ගත්තේ - ඒබල් ටැස්මන්
      D. ලංකාව සොයා ගත්තේ - ලොරන්සෝ ද අල්මේදා

      01. ලංකාවට බ්ලොග් හඳුන්වා දීම කළ සහ සිංහල බ්ලොග්වල බලපත්‍රලාභී නිල අයිතිකරු - ලන්ඩන් ඇල්බට් නොහොත් ඇජීට් ඩැර්මා (විශේෂඥ සූර චෞර)

      02. ලංකාවට මනෝ විද්යාව හඳුන්වා දුන්නේ - වෛද්‍ය මහාචාර්ය රුවන් ජයතුංග මනෝ විශ්ලේෂණ විශේෂඥ

      03. ලංකාවේ ජනතාවට හොඳ නරක කියාදෙන්නේ - සාස්තරපති නැකැත්පති පේරාදෙණි ගෝත්‍රික දෙපිටකාට්ටු මනපහත් මනාධම රසිකොලොජිස්ට් නොහොත් සිනුවර මහා ප්‍රා(අ)ඥ

      04. ලංකාවේ ජනතාවට දේශපාලනය කියාදෙන්නේ - අජිත් පැරකුම් ජයසිංහ

      05. ලංකාවේ බ්ලොග් සම්භන්දයෙන් නිසි බලධරයා - බ්ලොග් පොලිස්පති ලිංතොටගේ ඉයන් ප්‍රනාන්දු (කැපුවත් කොළ ග්‍රීන් බ්ලඩ් යාවජීව සාමාජික )

      06. බ්ලොග් වලින් මඩ ගැසීමේ කලාව සොයාගත්තේ - කුමාර බලුආරච්චි නොහොත් සරස නොහොත් දන්ගොතා

      07. මඩ බ්ගොල් කඩමාලුවල මාගල් වැනි ආලෝචන පළ කර පොරවල්වීමේ කලාවේ පිකාසෝලා - මයුර විලයා හා කුදලා ගමයා

      08. බ්ලොග්වල මෙලෝ රහක් නැති ගොන් කතා ලියමින් ඒවා ජෝක් යැයි සිතාගෙන ස්වයංවින්දනයේ යෙදෙන්නා - නීතිඥ ප්‍රදීප් ජයතුංග නොහොත් ප්‍රා ජේ

      09. බ්ලොග්ලොව හිතහොඳ මෝඩයා - ප්‍රියන්ත හේවගේ හෙවත් ළමාතන්

      Delete
    5. // රසිකොලොජිස්ට් - RasikologistApril 5, 2017 at 1:02 PM

      /* විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මැතිණිය */

      මෙයා මොකද මෙතැන කරන්නේ? //

      තැඹිලි වගේ ලොකු ගෙඩි වැටෙන ගස් යට තට්ටෙ පලාගෙන බුදු වෙන්න පෙරුම් පුරන අමන ගොන් හරකෙක් මේ වගේ දේ අහන එක සාමාන්‍ය දෙයක්.

      Delete
    6. හා, හා!
      ප්‍රශ්නයට පිළිතුරු නොසොයා, ප්‍රශ්නය නැගු තැනැත්තා ගැන සිතමින් හිටපල්ලා!

      Delete
    7. This comment has been removed by a blog administrator.

      Delete
    8. රසික, ඔයාට ගොරකා ගහක් හොඳයි බුදු වෙන්න.

      Delete
    9. ඕස්ට්‍රේලියවේදී බුදු වෙන්න හිතනවා නම් Tilia ගහක් වුණත් හොඳයි.

      Delete
    10. රාසික් ලොජික්ස්,

      මම ඉහත පිළිතුරු දුන් එවුන්ගෙන් කවුරුත් නෙවෙයි. නමුත් උන් ඔබේ ප්‍රශ්නයට සෘජුව උත්තර දීලා තියෙනවා නේද? මා හිතන්නේ ඔවුන් හරි බවයි.

      උදා: ඇනෝ 1.16 - ඒක අපෙන් අහලා වැඩක් නැත. අපි දන්නෙ කොහොමද? අදාළ නොම්මරයට කතා කොට අසාගන්න.

      අනික් එවුන් කියල තියෙන්නෙ අඩු වැඩි වශයෙන් "ලාංකාවෙන් පිට ඉන්නා අයට මොකටද ඒක?" කියන කතාව, ඔබ විදේශයක සිටින සංක්‍රමණික හිටපු ලාංකිකයකු නම් ඒ තර්කයත් බොහෝ දුරට නිවැරැදියි නේද? ඔබලා දැන් වොරි විය යුත්තේ දැන් සිටින රට සහ නගරය ගැනයි. ඔබ ලංකාවේ සිටින්නේ නම් මෙය අදාළ නොවේ.

      Delete
  5. පැරාගේ හොදම කඩේ යෑම...

    ReplyDelete
  6. පසුගිය කාලයේ වැඩි වශයෙන් කථාබහට ලක්වූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් පුළුල් මාධ්‍ය ජාලයේ කොටස් කරුවෙකු වෙමින් ඔවුනට අනුබද්ධ ඉන්ටර්ග්‍රෙඩට් මීඩියා නෙට්වර්ක් (IMN) මගින් වෙනම අරඹන එෆ් එම් නාලිකාවේ පරීක්ෂණ විකාශය April 03 සිට ආරම්භ කර ඇත.

    "රස එෆ් එම්" නමින් නම් කර ඇති එහි පරීක්ෂණ විකාශය 99.5 හා 99.7 FM සංඛ්‍යාත ඔස්සේ අරඹා ඇත. මෙම සංඛ්‍යාතයන් මින් ඉහත සීඑස්එන් (CSN - Carlton Sports Network) මාධ්‍ය ජාලයට අයත්ව තිබූ දෙමළ රේඩියෝ නාලිකාවට අයත් වූ අතර පසුව ස්කයි නෙට්වර්ක් සමාගමට නතුවී තිබුණි.

    බැඳුම්කර ගනුදෙනුවකට සම්බන්ධවී වත්කම් උපයාගත් බව කියැවෙන පිරිසක් මගින් අරඹන මෙම රස FM නාලිකාවේ තේමා පාඨය ‘ඩීල් එකට වඩා ෆීල් එක රහයි‘ ලෙස නම් කර තිබීමද විශේෂත්වයකි.

    මෙම නාලිකාවට අමතරව ‘ජනයුගය‘ ,‘සන්‘ හා ‘වීක්එන්ඩ්‘ පුවත්පත්ද මෙම ජාලය මගින් ඉදිරියේදී අරඹන අතර ‘නාලිකා අංක 4‘ (Chennel 04) නමින් රූපවාහිනී නාලිකාවක්ද අරඹන්නට මේ දිනවල සූදානම්ව සිටී. පුවත්පත සිංහල අවුරුද්දට පෙරද රූපවාහිනිය ජුනි මාසයේද අරඹන බවට වාර්තා පවතී.

    ‘සියත‘ මාධ්‍ය ජාලයද (සියත TV, සියත FM ඇතුළු), ස්වර්ණවාහිනී ශ්‍රී FM ඇතුළු EAP මාධ්‍ය ජාලයද ඉදිරියේදී මෙම IMN මාධ්‍ය ජාලයට අන්තර්ග්‍රහණය වන්නට නියමිතය.

    ReplyDelete
    Replies
    1. මේකටත් පට්ටම ලෝයල් ප්‍රේක්ෂක පදනමක් හැදෙනවා. ඒකෙන් අතිබහුතරය වෙන්නේ ගම්වල මහින්දවාදියෝ. මහින්වාදී හෝ එහෙම නැතිව හරි ඒ අය මාධ්‍ය වලින් දෙන දේ ගැන විචාරාත්මකව හිතන්නේ නෑ. හොඳම උදාහරණය ස්වර්ණවාහිනියේ දවසේ වැරැද්ද. ඔය චූන් පාන් කාරෙක් හරි තැපැල් නයින්ටි කාරෙක් පොඩි වැරැද්දක් කරාම මූනත් එක්කම රටට පෙන්නනවා. ඒ සමාජ පන්තියේම කට්ටිය ඒවා රහ කරකර බලනවා.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා