එස් එෆ් ලොක්කන්ගේ ලංකාවට සරත් ෆොන්සේකා

කලත්තෑව මිනීමැරුම් සම්බන්ධයෙන් එල්ලුම් ගස් ගිය ඇල්ෆ්‍ර‍ඩ් සොයිසාගේ පුත් වසන්ත සොයිසා හෙවත් කරාටේ වසන්ත ඝාතනය කිරීමෙන් ප්‍ර‍සිද්ධියට පත් එස්.එෆ්. ලොක්කා රිමාන්ඩ් භාරයෙන් නිදහස්ව පැමිණි පසු භික්ෂූන් සමග එක් වෙමින් ජාතිවාදී වීරයෙකු සේ හැසිරෙන්නට පටන් ගෙන තිබිණි. ඔහු සම්බන්ධ ඇතැම් වීඩියෝ සමාජ මාධ්‍යවල ද පළ වූ අතර ඔහු කප්පම් ගැනීමේ ව්‍යාපාරයක් අනුරාධපුරයේ කරගෙන යන බවට වාර්තා ලැබිණි.

මේ වීරයා එස් එෆ් ලොක්කා ලෙස හැඳින්වුණ ද ඔහු සේවය කර ඇත්තේ ජාතික ආරක්‍ෂක බලමුළුවේ (කලින් ග්‍ර‍මාරක්ෂක) බව පොලිසිය කියයි. (මූලාශ්‍ර‍ය මෙතැනින්)

ලංකාව වනාහි මෙවැනි එස් එෆ් ලොක්කන්ගේ රටකැයි කීවාට වරදක් නැත. එස් එෆ් ලොක්කා කරාටේ වසන්ත මරන්නට යන්නේ සමූහයක් සමග සන්නද්ධව ය. ඒ පෞද්ගලික ආරාවුලකට ය. එහෙත්, පසුව එය මතු කර පෙන්වන්නට හදන්නේ රට, ජාතිය, ආගම, අනුරාධපුරය වෙනුවෙන් කරන මෙහෙයක් ලෙසයි. එහෙත්, මේ වීරත්වයට ඔබින භාෂාව, හැසිරීම ආදිය ඔහු දන්නේ නැත. එපමණක් නොව, කැටපත් පවුර සේ කුරුටු ගාන ලද පච්චවලින් පිරුණු ඔහුගේ ශරීරය හෝ මේ වැඩේට ගැලපෙන්නේ නැත.

මෙවැනි වීරයන් ඕනෑ තරම් මේ සමාජ මාධ්‍ය අවකාශයේ ද සිටිති. ඉස්සරහට මුණ ගැසුණු විට මුහුණ බලන්නට ආත්ම ශක්තියක් නැති ඇතැමෙකු ෆේස්බුක්හි කුණුහරුපෙන් බහ තේරූ සිරා චන්ඩි ය.

මුළු ලංකාව ම මේ වගේ ය. තනි තනියෙන් ගත් කල බස් කොන්දොස්තරලාටත් බිය අන්තිම බියගුල්ලන් රංචු ගැසී මොබ් මානසිකත්වයෙන් පොදු ජනතාවට හිරිහැර වන අන්දමින් හැසිරෙන කඩාකප්පල්කාරීන් හා ත්‍ර‍ස්තවාදීන් බවට පත් වීම ලංකාවේ ඉතා සුලබ ය. 

සරළව කිව්වොත් ග්‍රාමාරක්ෂකයන් විශේෂ කාර්ය බලකාය සේ ඇඳ ගැනීම හෙවත් කොටළුවන් සිංහ හම් පොරවා ගැනීම ලංකාවේ දේශපාලන අවකාශයේ අති සුලබ ය. 

පුද්ගල අනන්‍යතාවට, විදේශ සංචාරයට, පාස්පෝට් එකට, උප්පැන්න සහතිකයට, පක්ෂ අරමුදලට වංචා කරන, මාධ්‍ය වීරයන් වීමට අම්මා වුණත් පාවා දෙන, වාසියට සිවුරට මුවා වෙන, සිත් පතුළේ සඟවා ගත් සමාජ විරෝධිත්වයන් දේශපාලනයට ගෙන එන නිල්, රතු, කොළ, කහ අමනයන් නායකත්වය දෙන දේශපාලනයක මෙවැනි තත්වයක් ඇති වීම පුද්මයට කරුණක් නො වේ.

2015 ජනවාරි 8 බලයට පැමිණි රජයේ කුමන අඩුපාඩු තිබුණත්, එම රජය විසින් රටේ ප්‍ර‍ජාතාන්ත්‍රික අවකාශය පුළුල් කිරීමට සැලකිය යුතු පියවර රැසක් ගන්නා ලදී. පසුගිය වසර දෙකහමාරක කාලය තුළ දේශපාලන නායකයන්ගේ මෙහෙයවීමෙන් මහජන මුදලින් මහජනයා ඝාතනය කිරීම හෝ නතර වී තිබිණි. ඇතැමෙකුට ලොකුම ප්‍රශ්නය එයයි. අද නැති නම් හෙට ආණ්ඩුව මිනී මරත්වා යි ඔවුන් ප්‍රාර්ථනා කරන්නේ දැන් අවුරුදු දෙකහමාරකට එපිට සිට ය. එසේ මරන කල තමන් බේරී වෙනත් මෝඩයන් පිරිසක් ඉස්සරහට යවන හැටි ඔවුහු හොඳින් දනිති.

බොහෝ අය මෙම ප්‍ර‍ජාතාන්ත්‍රික අවකාශය අපහරණය කළ හ. රජයේ ප්‍ර‍ජාතාන්ත්‍රික පිළිවෙත් විහිළුවට ලක් කළ හ. රංචු ගැසීමේ හැකියාව පාවිච්චි කරමින් ප්‍ර‍ජාතාන්ත්‍රික නො වන උද්ඝෝෂණ, වර්ජන ආදිය මෙහෙයවමින් පොදු මහජනතාවට හිරිහැර කළ හ.

මේ අතරවාරයේ මේ පිරිස් අනියමින් ප්‍ර‍වර්ධනය කළ තවත් කරුණක් වන්නේ ගෝඨාභය රාජපක්ෂ වැනි කෘර පුද්ගලයකුට බලය ලබා දීම මෙම තත්වයට විසඳුම බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රටේ විනය ඇති කිරීම සඳහා විශේෂ බලතල සහිත තනතුරක් සරත් ෆොන්සේකාට ආරාධනා කරන්නේ මෙම වාතාවරණය තුළ ය.

රටේ විනයක් නැති බව ඇත්ත ය. එහෙත්, විනය ඇති කිරීම සඳහා මිලිටරි හා පැරාමිලිටරි බලතල පාවිච්චි කිරීම කෙතරම් සාර්ථක වේ ද යන්න එම ව්‍යාපෘතියට නායකත්වය දෙන අය මත තීරණය වනු ඇත. 

කෙසේ වෙතත්, පසුගිය වසර දෙක තුළ අප දුටු දෙය වන්නේ රජයට පාලනය කරන්නට ඉඩ නො දෙන්නේ යයි දැඩි අධිෂ්ඨානයකින් යුතුව රාජපක්ෂවාදී බලවේගය හා ඔවුන්ට නියමින් හා අනියමින් උදව් කරන වාමාංශික, වෘත්තීය සමිති හා මධ්‍යම පංතික කල්ලි කණ්ඩායම් කටයුතු කරන බවයි. 

මෙහිදී මහජනතාව වැඩ නිමවා නිවෙස් බලා යන වේලාවට පාරවල් අවහිර කිරීමේ සිට අත්‍යවශ්‍ය සේවා කඩාකප්පල් කිරීම දක්වා ත්‍රස්තවාදී ස්වරූපයේ පියවර රැසක් පසුගිය සමයේ දක්නට ලැබිණි. 

එවැනි තත්වයක් තුළ රජයකින් මෙවැනි ප්‍රතිචාරයක් පළ වීම පුදුම විය යුතු තත්වයක් නො වේ. 

සරත් ෆොන්සේකා ගැන අපට කීමට තිබෙන්නේ ඔහු පැහැදිලිව ම ගෝඨාභය රාජපක්ෂ වැන්නකු නො වන බවයි. ඔහු හමුදාපති ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ චර්යාව කෙසේ වෙතත්, ඔහු දේශපාලනයට පිවිසි පසු අප ඔහු වෙතින් දුටුවේ ප්‍රජාතන්ත්‍රවාදයට, ලිබරල්වාදයට නැඹුරු වෘත්තිකයකුගේ චර්යාවකි. ඔහු දේශපාලනයේදී ගත් වැරදි තීන්දු තිබෙන්නට පුළුවන. එහෙත්, ඔහු දේශපාලන බලය හමුවේ මිනිසුන් පැහැරගෙන යමින්, පහර දෙමින්, මරා දමමින් උම්මත්තකයකු ලෙස නො හැසිරුණු බව නම් අපි දනිමු. 

රජය පාලනය ස්ථාපිත කළ යුතු ය. එහෙත්, සාධාරණ මහජන උද්ඝෝෂණවලට අවස්ථාව ද දිය යුතු ය. හැබැයි, උද්ඝෝෂණ මගින් මොබ්වලට රට පාලනය කිරීමට ද ඉඩ නො දිය යුතු ය. 

ප්‍රජාතන්ත්‍රවාදය යනු කඩාකප්පල්කාරිත්වය සඳහා අවකාශයක් නො වේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Replies
    1. ජොලිමෝර්April 27, 2017 at 11:50 PM

      මුලින්ම ඒකාබද්ධ වහලුන්ට කෙලවයි, ඒකට අපට පුල් ජොලි.
      දෙවනුව ජන 08ට පුක දුන් අපට කෙලියි.

      Delete
    2. යහ පාලනයට විකල්පය රාජපක්සලා නම් 2020 පසුවත් රනිල්-මෛත්‍රි ඉන්න එක රටට දීර්ඝ කාලීනව හොදයි.

      Delete
    3. සරත් ෆොන්සේකා මහත්මයා කියන්නේ ඉතාම හොදින් මිනීමැරීම සදහා පුහුණු වූ අයෙක්. ඔහුගේ දෑතේ ලක්ෂ 3 කට වඩා සිංහල දෙමල ජනතාවගේ රුධිරය තැවරී තිබෙනවා. 88/89 භීෂණ සමයේ සිට 2009 තෙක්. ඔහුගේ හමුදා උතුරේ ද්‍රවිඩ ජනයා ඇතුළු ළමා ළපටින් සහ කාන්තාවන් මරා දැම්මේ සුදු පොස්පරස් අඩංගු පොකුරු බෝම්බ හෙලා කිසිදු හිත් පින් නැති ලෙසයි. ඉන්පසු උතුරේ ද්‍රවිඩ ජනතාවගේ නිජබිම මංකොල්ල කෑමේ ප්‍රධානියා ෆොන්සේකා මහතායි.

      ඔහුගේ හමුදාවල අමානුෂික වෙඩි බලය හමුවේ මරා දැමුණු ජනයාගේ ආත්ම වලට සැනසීම ලැබෙන්නේ කවදාද? ඔහු නැවත කැසකවන්නේ දකුණේ ජනයාටද උතුරේ ඉරණමම අත්කර දීමට නොවේද?

      පැරාලා ඒ කාලේ පෙන්නපු හීනයක් පිටිපස්සේ ගිය දෙමල ජනයාට අන්තිමේදී ඉතිරි උනේ තමුන්ගේ සමුහයා සමුල ඝාතනය වීමේ දුක විතරයි. පැරාලා මේ දේ 88/89 භීෂණ සමයේ දකුණේ ජනතාවට කලා. දැන් ආයේ ඒ මර්දනය දකුණට එන කොට පැරා හුරේ දානවා. රුධිරය දැකීමට ඔයිතරම් ආසද අජිත් පැරකුම්? 88/89 දැකපුවා මදිද? පැරාලා කුලප්පු කරපු ද්‍රවිඩ ජනයා හීනයක් පස්සේ ගිහිං හෙලපු රුධිරය දැක්කා මදිද අජිත් ?

      Delete
    4. අප දෙමළ ජනයා කුලප්පු කළේ නැත. එහෙත්, ඔවුන්ගේ අරගලය තේරුම් ගැනීමට, ඔවුන් සමග පොදු අරගලයක් ගොඩනැගීමට උත්සාහ කළෙමු. එයට අධිපති දෙමළ බලවේගය සූදානම් ව සිටියේ නැත.

      1989 ගැන කතා කරනවා නම්, අප මේ වැඩ කරන්නේ ම අන් කිසිවක් සඳහා නො ව, තවත් තරුණ පරම්පරාවක් කපටි අවස්ථාවාදීන් පිරිසකගේ බල තණ්හාව නිසා ගඟේ යන එක වළක්වන්නට ය.

      දකුණට පැමිණි රාජ්‍ය මර්දනයක් නැත. දකුණේ ජන මර්දනය කරන්නේ පටු අරමුණු වෙනුවෙන් වර්ජන කරන, පාරවල් බ්ලොක් කර ජනතාවට හිරිහැර කරන පිරිස් ය.

      ඔය වර්ජන, විප්ලව තීරණ කිසිවක් ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් එළඹුණු ඒවා නො වේ. අඩු තරමේ ඔය සමිති සමාගම්වල හෝ ඒ තීරණ ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් සම්මත වී නැත.

      Delete
  2. "වාමාංශික" පැරා උතුරේ සමූලඝාතන මෙහෙයවූ
    ධනපති දඩ බල්ලෙක්ගේ ගුණ වනන අපූරුව...

    ReplyDelete
    Replies
    1. ඔහු හමුදාපති ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ චර්යාව කෙසේ වෙතත්, ඔහු දේශපාලනයට පිවිසි පසු අප ඔහු වෙතින් දුටුවේ ප්‍රජාතන්ත්‍රවාදයට, ලිබරල්වාදයට නැඹුරු වෘත්තිකයකුගේ චර්යාවකි.

      උතුරේ ඝාතනවලට ඍජුව හෝ වක්‍රව වග නො කිව යුතු කිසිදු සිංහල, දෙමළ දේශපාලකයකු ලංකාවේ නැත. එසේ සිටිනවා නම් කියන්න. මෙය ඉතා විවෘත අභියෝගයක්.

      Delete
    2. Bahu, Wije Dias

      - Dimithry

      Delete
    3. මෙම නම් දෙක ඉතා අඩුවෙන් වගකිව යුතු දෙදෙනෙකුගේ බව මා පිළි ගන්නවා. මෙයින් විජේ ඩයස් යනු දැඩි මූලධාර්මික (මූලධර්මවාදී යන්න ද නිවැරදි ය) වාමාංශික පක්ෂයක නායකයා ය. එය ක්ෂුද්‍ර මට්ටමේ රාජ්‍ය නො වන සංවිධානයකි. ඉතා සීමිත අවකාශයක, තෝරා ගත් පිරිසක් සමග පමණක් දේශපාලනය කරන සාපේක්ෂව අවම බලපෑමක් ඇති දේශපාලනයකි. එම දේශපාලනය එහි ස්වරූපයෙන් ම බොහෝ දුරට මහජනතාව සමග නො ගැටී අන්තර්ජාලයෙන්, දන්නා හඳුනන අය හරහා කරන ස්මෝල්ටයිම් වැඩකි. මෙවැනි මහා විනාශයන් මැද එසේ සුපිරි කන්‍යාභාවයන් නඩත්තු කරන්නට යාම ම මට නම් ප්‍රතිගාමී, ආත්මාර්ථකාමී වැඩකි.

      බාහු සහෝදරයා ගැන මගේ විවේචනය මෙයයි. ඔහු කොළඹ දෙමළ ඡන්ද ගැන දැක්වූ උනන්දුව වැනි උවමනාවකින් උතුර සමග සංවාදයක් ඇති කර ගැනීමට හා දෙමළ අරගලය විනාශ වී යාම වැළැක්වීම සඳහා කොටි සංවිධානයට බලපෑම් කිරීමට කටයුතු කළේ නැත. ඒ අංශයේදී ඔහුට වඩා අභියෝග භාර ගන්නට උත්සාහ කළ අය දකුණේ සිටිය හ. (උදාහරණ: හිරු කණ්ඩායම)

      Delete
    4. කතාව ඇත්ත. x කන්ඩායම වුනත් ටිකක් ඒ වගේ එකක්. නමුත් සමාජයට/දේශපාලනයට කරපු ඉම්පැක්ට් එක (යුද්ධෙ ගැනම නෙමෙයි ) ඒ පක්ශ මූලධාර්මිකද නැද්ද හෝ ඒ පක්ශ වල විශාලත්වයට සාපේක්ශ නැහැ කියලයි මම හිතන්නෙ. (හම්මේ.. x කන්ඩායම අපිට දීපු සහ දෙන අන්ඩර... නේද රාජ්? ;-) ) විජේ ඩයස්ගෙ පක්ශෙ වුනත් -අඩු වශයෙන්- කීර්ති බාලසූරිය/ගම්ලත් ලගෙ කාලෙ ඒ වගේ.

      - Dimithry

      Delete
    5. සමස්තයක් ලෙස ලාංකිකයන්ගේ (විශේෂයෙන් ම සිංහලයන්ගේ) චින්තනය නිර්මානය කර දුන්නේ ධනවාදී පක්ෂ නොවෙයි, වාමාංශික පක්ෂයි. ඒ අනුව ඔවුන්ගේ බලපෑම අති විශාලයි.

      ජාතිවාදය, යුදවාදය, ලාංකීය රාජ්‍ය කේන්ද්‍රීය මධ්‍යම පන්තික ධනවාදය, සිවුර උත්කර්ෂයට නැගීම, රජය උලාකෑම වැනි මෑත කාලීන දෘෂ්ටිමය ගොඩනැගීම් බොහොමයක් වාමාංශික නිර්මාන.

      Delete
  3. පැරා,

    //මේ අතරවාරයේ මේ පිරිස් අනියමින් ප්‍ර‍වර්ධනය කළ තවත් කරුණක් වන්නේ ගෝඨාභය රාජපක්ෂ වැනි කෘර පුද්ගලයකුට බලය ලබා දීම මෙම තත්වයට විසඳුම බවයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රටේ විනය ඇති කිරීම සඳහා විශේෂ බලතල සහිත තනතුරක් සරත් ෆොන්සේකාට ආරාධනා කරන්නේ මෙම වාතාවරණය තුළ ය.//

    ගෝඨාභය රාජපක්ෂ කෘර වන්නේත් සරත් ෆොන්සේකා කාරුණික වන්නේත් කොහොමද ?

    //ඔහු දේශපාලනයට පිවිසි පසු අප ඔහු වෙතින් දුටුවේ ප්‍රජාතන්ත්‍රවාදයට, ලිබරල්වාදයට නැඹුරු වෘත්තිකයකුගේ චර්යාවකි.//

    මිට උදාහරණ දුන්නනම්

    // එහෙත්, ඔහු දේශපාලන බලය හමුවේ මිනිසුන් පැහැරගෙන යමින්, පහර දෙමින්, මරා දමමින් උම්මත්තකයකු ලෙස නො හැසිරුණු බව නම් අපි දනිමු. //

    පැරා කොහොමද රටේ ඉහලම තැනින් පැහැරගන යාම් සිදුවුනානම් රටේ හමුදාපතිට හොරෙන් වෙන්නේ ? මේවා සියල්ලම ඔහුගේත් දැනුවත්වීම මතවිතරක් නෙමෙයි ලසන්ත වැනි ඝාතන වලදී කොටස් කරුවෙක් වෙන්නත් ඇති, මම මෙහෙම කියන්නේ දැනටත් කිසිම අපරාධයක් සදහා ගෝඨාභය රාජපක්ෂ වරදකරු වී නැති නිසයි ඇයි පැරා ඒ? ඊට හේතුව ඔහුව වරදකරු කිරීමටනම් මේ රජයේ බලවත් පුද්ගලයන් වත් වැරදි කරුවන් වීමට සිදුවෙනවා මෙයයි වසර 2ට කාලයකදී මෙය මේ රජයට කිරීමට බැරි උනේ.

    දැන් ආර්ථික තත්වය නරක්වීම නිසා මර්දනය ගෙන එන්න ඔනෑ කරනවා ඒකයි සිරිසේන මුට්ටිය දාල බැලුවේ

    ReplyDelete
    Replies
    1. සරත් ෆොන්සේකාගේ චර්යාව ගැන අපගේ නිරීක්ෂණය අදාළ වන්නේ ඔහු දේශපාලනයට පිවිසීමෙන් පසු වකවානුවට පමණක් බව කරුණාවෙන් සලකන්න.

      රාජපක්ෂවරුන්ගේ අත්තනෝමතික පාලනයට විරුද්ධව අප 2010දී ඔහුගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට සහයෝගය දුන් බව අප නම් අමතක කර නැත. ඔහු සම්බන්ධයෙන් අප එදා කළ නිරීක්ෂණ වෙනස් කර ගැනීමට හේතු වන කිසිවක් ඔහු පසුගිය සත්වසක කාලය තුළ කළේ නැත. (දේශපාලන මුග්ධකම් වෙන ම කාරණා ය.)

      රටේ ආර්ථික තත්වය නරක් වීම කියන එක ආණ්ඩුවේ විතරක් ප්‍රශ්නයක් නෙමෙයි. විශේෂයෙන් ම රජයෙන් ජීවත් වන ලක්ෂ පනහක් වන ජනතාවටත්, එතැනින් එහාට සමස්ත ලංකාවටමත් මෙම තත්වය බලපානවා. රජය බිඳ වැටුණොත් ලංකාව වැටෙන අගාධයේ පතුලක් නැහැ.

      මට නම් පැහැදිලිව ම ලංකාව තවත් ග්‍රීසියක්, වෙනිසියුලාවක්, මොසැම්බික් රාජ්‍යයක් බවට පත් වෙනවා දකින්නට අවශ්‍යතාවක් නැහැ. මේ ආණ්ඩුවට බැරි නම්, වෙන පුළුවන් අය කරන විදිය කියනවා නම් ඔවුන්ට බලය ගන්නට උදව් කරන්නට වුණත් මම නම් සූදානම්.

      හැබැයි, රාපක්ෂලා නම් අවුට්. එයාලාගේ බැරිකම යුද්දෙන් පස්සෙ අවුරුදු පහක් යන විට ඔප්පු කර හමාරයි. යටිතල පහසුකම් සංවර්ධනය ගැන බයිලා කියන්නට එපා. පාරවල් හදන්න ඕනැ මිථ්‍යා පසුපස යන මෝඩයන්ට කතරගම යන්නට නෙමෙයි. ගමට ප්‍රාග්ධනය හා සංවර්ධනය යන්නටයි.

      Delete
    2. /// හැබැයි, රාපක්ෂලා නම් අවුට්. එයාලාගේ බැරිකම යුද්දෙන් පස්සෙ අවුරුදු පහක් යන විට ඔප්පු කර හමාරයි. ///
      Ehema baluwama Ranil kohoma porakda...
      Eliyakande genihin Ata thalapu ekaage guna wayana mattamata sahodarayo path wenawa kiyanne, Ponil dial ekakma thamai...

      Delete
    3. එළියකන්දෙ යාමට පාර කැපූ ගොඩක් අය සිටිති. පහත දැක්වෙන්නේ කීපදෙනෙකි.

      ජවිපෙ තහනම් කළ ජේ.ආර්.
      දැඩි ම මර්දනය කළ සමයේ ජනාධිපති ප්‍රේමදාස
      මර්දනය මෙහෙයවූ රන්ජන් විජේරත්න
      ත්‍රිවිධ හමුදාව
      පොලිසිය
      මුග්ධ හා සම්මුති විරහිත තීරණ ගත් ජවිපෙ
      මෝඩ අපි
      අල්ල දීපු බිල්ලා
      බේරිලා එන්නට උදව් කරපු අය (බේරිලා නො ආවා නම් මේ කතා අහන්නට උවමනා නැත. එහෙම නම් සිංදුවකුත් තිබේ. පිළිම නෙළා නැති විරුවන් පිරිසක්, හුහ්)

      Delete
    4. "රාජපක්ෂවරුන්ගේ අත්තනෝමතික පාලනයට විරුද්ධව අප 2010දී ඔහුගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට සහයෝගය දුන් බව අප නම් අමතක කර නැත."
      දැන් ඒ පාලනය ඉවරවී අවුරුදු 2 1/2 යි. මේ කාලයේ රටට කෙළවුණේ නැද්ද ? වැඩිය එපා එදා 135ත් තිබුන ඩොලරය අද 153ය් . ඔබත් මේකට කෙලින්ම වග කිව යුතුයි.

      Delete
    5. රුපියලට සාපේක්ෂව ඩොලරය පිරිහුණු යුගයක් ලංකා ඉතිහාසයේ මා දන්නා කාලයේදී නම් නැත. ඩොලරයේ රුපියල් වටිනාකම වැඩි වීමේ පැති දෙකක් තිබේ. පාරිභෝගිකයන්ට එය නරක වුණාට නිෂ්පාදකයන්ට හොඳ ය. උදාහරණයකට අපේ ගම් පැතිවල තේ ගොවියන්ගේ අතමිට සරු ය. එසේම විදේශ ශ්‍ර‍මිකයන් ලංකාවට එවන මුදල්වල රුපියල් වටිනාකම වැඩි ය.

      ඩොලරයේ පාලනය කෘත්‍රිමව කරනවාට වඩා, ආර්ථිකය මත ඩොලරය පැවතීම යථාර්ථවාදී ය.

      අප මෙම පාලනය බලයට ගෙන ඒමට උදව් කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බව අප දන්නවා ය. තව දුරටත් මේ ආණ්ඩුවට විවේචනාත්මක සහයෝගය දෙන්නේ ඒ නිසා ය. අප ඔය තමන්ගේ වැඩේ කරගෙන හෝ තමන්ගේ වැඩේ කර ගන්නට බැරි වූ කල මගහැර යන නිවටයන් නො වේ.

      Delete
    6. හෙහෙ ඔරුව අනික් පැත්තට පෙරලුනාම තොටියා කිව්වලු පෙරලුන පැත්ත හරිම හොදයි දැන් හොදට ඉඩ ගන්න පුළුවන් කියල.පැරා ඔරු තියෙන්නෙ පදින්න මිසක් හොදට පස්සපැත්ත තියලා ඉදගන්න නෙමෙයි. ඒ වගේ මේ රටේ ආර්ථිකය තියෙන්නෙ මේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ ජිවන තත්වය වර්ධනය කිරීමට මිස අඩු ඩොලර් ගානක් ගෙනවිත් මෙහෙ සාරය සුරාගෙන යන බොරු ආයෝජකයන්ගේ යහපත පිණිස නෙමෙයි

      Delete
    7. පැරා,

      පිළිම නෙළා නැති විරුවන් පිරිසක් නම් ගීතය පළමුව මව්බිම කියා යූඇන්පීකාරයින්, ඉන්දු-ලංකා පනතට පක්‍ෂපාත වාමාංශිකයින් සහ ආමිකාරයින් ගේ පවුල්වල අය මරන්නට ගිය ජවිපෙ 1987-89 ජවිපෙ පිරිස් පිළිබඳව ලියවුනු ගීතයක් නොවේ. එය ලියවී ඇත්තේ 1971 කැරැල්ලේ දී මිය ගිය අය ගැන ය!

      Delete
    8. //මේ රටේ ආර්ථිකය තියෙන්නෙ මේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ ජිවන තත්වය වර්ධනය කිරීමට මිස අඩු ඩොලර් ගානක් ගෙනවිත් මෙහෙ සාරය සුරාගෙන යන බොරු ආයෝජකයන්ගේ යහපත පිණිස නෙමෙයි//

      ඇත්තෙන් ම කවියක් වගේ ලස්සන යෙදුමක්. හැබැයි ඇතුළාන්තය හිස් ම හිස්. ආර්ථික විද්‍යාත්මකව ගත්තොත් ආයෝජකයන් එන්නේ ලාභ ලබන්න මිසක සමාජ සත්කාරයකට නෙමෙයි. විදේශ ආයෝජකයන් ඕනැ කරලා තියෙන්නෙ දේශීයව ප්‍රාග්ධනය නැති නිසා සහ රටේ අධික ණය බර නිසායි. ලංකාව තියෙන්නෙ අඩු ඩොලර් ගානකින් ගොඩ යන්නට පුළුවන් තැනක නෙමෙයි.

      Delete
    9. මේ රටේ ආර්ථිකයේ අරමුණ ගැන කියවන්න එන කෙනා සාමාන්‍ය මිනිසුන් ලෙස දකින්නේ කවුද? අසාමාන්‍ය මිනිසුන් ලෙස දකින්නේ කවුද?

      Delete
    10. ඉතාම වැදගත් ප්‍ර‍ශ්නයක්. සාමාන්‍ය මිනිසුන් කියලා ජාතියක් ඉන්නවා නම් ඉතින් අසාමාන්‍ය මිනිසුනුත් ඉන්නට එපායැ. අර කෝරළේ මහත්තයා කියනවා වගේ, හෑ, දීපල්ලකො පුළුවන් නම් උෟත්තර!

      Delete
    11. Wmk Samarasekara
      // වැඩිය එපා එදා 135ත් තිබුන ඩොලරය අද 153ය් . ඔබත් මේකට කෙලින්ම වග කිව යුතුයි.//

      $ එක රු 200 ගියත් අද අතකොටාලා සරුව සුනිල්ලා නෑ, ඒ ඇති සීයේ.

      Delete
    12. පැරා ඔය දවල් හින දැකීම දැන්වත් නවත්වන්න. විදේශික ආයෝජකයෝ එක ඩොලර් එකක්වත් මෙහෙට ගෙනාවේ නැහැ. ඒ ගොල්ලන්ට අවශ්‍ය ඩොලර් නය දුන්නෙ මෙහෙ බැංකු . ඒ ගොල්ල මේකේ සාරය උරලා අර නයටත් පොල්ල තියෙල මාරු උනා. උදහරන් තුල්හිරිය පෙහෙකම්හල්, කඩදාසි මණ්ඩලය, ලංගම වේරහැර ගරාජය. මේ ප්‍රාග්ධනය මෙහෙ අයට නයට දෙන්න අපේ බැංකු වලට බැරි උනේ මොකද? දේශීය ව්‍යාපාරිකයෝ ඕනෑ තරම් ඉන්නවා , පැරා ගහ දන්නා අයට කොළ කඩා පෙන්නන්න යන්න එපා.

      Delete
    13. සිසිර,

      සරුව සුනිල්ලා නෑ????

      කුණුහබ්බ කියන්න එපා ඕයි, සාරුවා තමයි අලුත් අකුරැස්ස ශ්‍රී.ල.නි.ප. සංවිධායක. ජනපති මෛත්‍රීගෙ හොඳ ගෝලයෙක්.

      බූරුවංසල හිරේ දැම්මත් ලාබාල දැරියන් දෙතුන් දෙනෙක් අපහරණය කරල කයිය ගහල බොරු පාටි දාපු එකා ජනපතිතුමාට සෙට් වෙලා කිසි ගින්නක් නැතුව ඉන්නෙ. මරා කල්ලියෙ එච්.ජී. සිරිසේන හිටපු මහ ඇමතියයි උගේ පුතායි එලවල ප්‍රාදේශීය සභාවෙ හිටපු මෑන්ස්ව පත්කළා මතක නැතෙයි?

      Delete
    14. @Wmk Samarasekara

      වහු පැටියො රටක් කෙලවුනාද නැත්ද කියල බලන්නෙ ඩොලර් එකට සාපේක්ෂව රුපියලෙන් විතරක් නෙමේ... දැන් මේ අවුරුදු 2 1/2 ට මාධ්‍යවේදියො සුදුවෑන්වලින් ගෙනිහින් මරල බඩකපල මුහුදට දැම්මද? මිනිස්සු තමුන්ටම වෙඩිතියාගත්තද? කුඩුකාරයො ඇල්ලුවහම ජනාධිපති ගිහින් උන්ව නිදහස් කරගත්තද? රගර් මැච් පැරදුනහම කොල්ලන්ව පනපිටින් පිච්චුවද? එස්ටීඑෆ් එක දාල මුස්ලිම් මිනිස්සුන්ට ගැහැව්වද? උද්ගෝෂනය කරපු දෙමලුට කොටි කියල හිරේ දැම්මද?
      ඩොලර් එකකට හොද ගානක් සවුදි අරාබියෙත් ගන්න පුලුවන්... රටක් හැදෙනව කියන්නෙ ආර්තිකයම නෙමේ... ඔච්චර නාකිවෙලත් බොට ඕක තේරෙන්නෙ නැත්තන් ඉතින් ලේ දුන්නට මොලේ දෙන්න බෑ කියල හිත හදාගන්න තමා අපිට තියෙන්නෙ...

      Delete
  4. ලොකු ලොකු වාහන වල යන්න නම් ආසාවක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ekata kiyana keti wachanaya libaral waadi kamalu...
      Oya samaharu kela hala hala gaatanne diga palala anuwa puluwan tharamak libaral wenna balaagena wenna one...
      Ane waasanaawan...

      Delete
    2. දේශපාලනය ගැන කතා කරනවා නම්, ලංකාවේ අපට නායකයන් ලෙස ලැබී තිබෙන්නේ අපට ම ගැලපෙන බූරුවන් පිරිසක් බව පූර්ව කොන්දේසියක් බව දැන ගත යුතු ය.

      අප කතා කරන්නේ බූරුවන් ගැන බව අපි නම් දනිමු.

      ලොකු ලොකු වාහනවල යන්නට ආසා නැති එවුන් හොයන්නට ගියොත් මේ රට පාලනය කරන්නට මොකෙකුවත් සොයා ගන්නට බැරි වෙනු ඇත.

      Delete
  5. //ඔහු දේශපාලනයට පිවිසි පසු අප ඔහු වෙතින් දුටුවේ ප්‍රජාතන්ත්‍රවාදයට, ලිබරල්වාදයට නැඹුරු වෘත්තිකයකුගේ චර්යාවකි.///
    සභාවේ සිනා....තදින්.....

    ReplyDelete
    Replies
    1. එහෙම නො වන බවට තියෙන සාධක ඉදිරිපත් කරන්න. නිවැරදි නම් පිළි ගන්නට පුළුවන්. අපේ කියමන වෙනස් කරන්නට වුණත් පුළුවන්.

      Delete
    2. ජනතාව විසින් 2015 අගෝස්තුවේ දී ප්‍රතික්‍ෂේප කරන ලද සරත් ෆොන්සේකාව එජාපයට බඳවා ගෙන, ජනතාවට කොකා පෙන්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කර (ඔහු නියෝජනය කරන්නේ කවර ජනතාවක් ද?) ඇමතිකමක් ද දුන් පසු ඔහු කළ මා දැක ඇති එකම ප්‍රකාශය නම්, කෝටි හතරක් වැනි මුදලක් වටිනා වාහනයක් තම පාවිච්චියට ආනයනය කිරීම සාධාරණීකරණය කරමින් ඔහු කළ ප්‍රකාශය පමණකි.

      මීට අමතරව ඔහු එජාපය වෙනුවෙන් දේශපාලන ප්‍රකාශ කරන්නට ඇත.

      මේවා ප්‍රජාතන්ත්‍රවාදයට, ලිබරල්වාදයට නැඹුරු වෘත්තිකයකුගේ චර්යාවන් වීම කෙසේ වෙතත්, වත්මන් ලාංකික දේශපාලුවෙකුගේ චර්යාවන් බව නම් කිව හැක!

      Delete
    3. තර්කයක් ලෙස පිළිගන්නවා. කොයි දේත් ඉතින් සාපේක්ෂයි නේ.

      Delete
    4. රසික, අපි පොරටත් චාන්ස් එකක් දීලා බලමු. රටට විනයක් අවශ්‍යයි නේ. පොරත් ඉතින් මේ රටේ ම කොටසක් නිසා පොරටත් විනය අවශ්‍යයි.

      කොහොම වුණත් ඉතින් මුන් තමයි අපට ඉන්න නායකයෝ. යකාගෙ හැටියට නේ විමානෙ!

      Delete
    5. //අපි පොරටත් චාන්ස් එකක් දීලා බලමු. රටට විනයක් අවශ්‍යයි නේ. පොරත් ඉතින් මේ රටේ ම කොටසක් නිසා පොරටත් විනය අවශ්‍යයි. //

      ඔහොම කියන එක ටිකක් භයානකයි, දැන් මරාගෙ ගෝලයො කියයි ගෝඨා ආරක්ෂක ලේකම් හිටිය විතරයි දේශපාලනේට ඇවිත් කිච වුණේ නැහැ,

      //අපි ගෝඨාටත් 2020 චාන්ස් එකක් දීලා බලමු. රටට විනයක් අවශ්‍යයි නේ. ගෝඨාත් ඉතින් මේ රටේ ම කොටසක් නිසා ගෝඨාටත් විනය අවශ්‍යයි. කොහොම වුණත් ඉතින් ගෝඨා තමයි අපට ඉන්න නායකය. යකාගෙ හැටියට නේ විමානෙ! //

      කියල. එතකොට අපි කියන්නෙ මොකක්ද බන්?

      Delete

    6. 2020ට තව අවුරුදු ගානක් තියෙනව නේ බං. එතකල් ඉන්න එවුන්ට කරන්නට දීපල්ලා. 2020න් පස්සෙ ඒවා එතකොට බලා ගනිමු. උඹලා ඇවිල්ලා මුරුංගා විකුණලා ලොරියක් ගන්න හිතාගෙන ඉන්න එකා ලොරිය ගේන්න පාර කපා ගන්න තවම මල් තියෙන මුරුංගා ගහ කපපු එවුන් වගේ.

      Delete
  6. P.G A HettiarachchiApril 27, 2017 at 10:38 PM

    Mr writer i think you have comparatively broad view regarding lot of political aspects . I understood it just by going through your writings. I am not your regular reader.You don't think that when you are writing about some people you are not exactly impartial.What you wrote about mr fonseka does not go abreast with your political orientation.

    ReplyDelete
    Replies
    1. I don't want to uphold or deny any politician. If you have any serious criticism on Sarath Fonseka's seven years' politics please tell it openly. What I have noticed is that he has behaved as a normal politician (with his lust for luxuries too).

      Delete
    2. P. G A HettiarachchiApril 27, 2017 at 11:39 PM

      My assumption regarding your political orientation is wrong ??????

      Delete
    3. I am sorry I can't make you happy. I am in practical and pragmatic politics.

      Delete
    4. P. G. A. HettiarachchiApril 28, 2017 at 3:39 PM

      I am very happy about your answer. Your practical and pragmatic politics mean you are supporting nearest or acceptable alternative where politics is concerned isn't it ? My humble question is what extent you are going to support???

      Delete
    5. Until state is safeguarded from the bottomless fall because if we break it now we shall lose many things we have achieved as a society. Change must be based on what we already have and I don't accept the idealistic solutions of destruction and reconstruction from scratch

      Delete
  7. පොලිස් කෝලමට යන්නට කියමුද ගෙදර
    නිළමෙට බය ඇමතිට අපි නොකරමු අදර
    ශානි අබේසේකර ගෙන පුදා තනතුර
    රට දිව්වොත් අඩුවේගන යාවි කරදර

    ReplyDelete
    Replies
    1. හෙහෙ ශානි අබේසේකර ආරක්ෂක ලේකම් කරමු.

      Delete
  8. මේක හීනයක්ම තමයි. බ්ලොග් ලියන හුඟක් අය සැබෑ නොවන හීන දකින අය. පේනවනේ ඒ අය දැකපු යහපාලන සිහිනය. ඒ හීනය කොච්චර නපුරු යථාර්ථයක්ද?ඒ ගොල්ලෝ බොහෝ පණ්ඩිත කරුණු ගැන කෙස් පැලෙනකම් තර්ක කලත් ජීවත් වෙන්නේ ප්‍රායෝගික ලෝකයක නෙමෙයි. ඒ ගොල්ලෝ කියවන ලොකු පොත් වල තියෙන දේට හාත්පසින්ම වෙනස් යථර්තයක් තමයි මහ පොලොවේ තියෙන්නේ. ඒ වෙනස තේරුම් ගන්න බැරිවෙන තාක් මේ වගේ ළදරු හීන හැමදාම දකීවී.

    ReplyDelete
    Replies
    1. ඔය කතාව බ්ලොග් ලියන අයට විතරක් සහ 2015න් පසු යුගයට විතරක් නෙමෙයි සමස්ත ලංකාවට ම නිදහසින් පසු පසුගිය දශක හතට ම අදාළයි. සියලු විප්ලවවලට, ජාතික විමුක්ති අරගලවලටත් අදාළයි.

      තමන්ගෙ ඇහේ තියෙන පොල් පරාලෙත් බලා ගන්න.

      Delete
  9. පැරා ඔය ගොල්ල වපුරපු බිජ වල අද අස්වැන්න පිදේනවා, උඳු වපුරා තල ලබා ගන්න බැහැ කියන කතාව දැනටම ඔප්පු වෙලා. තව තව තේරුම් යයි ඔබේ ඇල්ටෝ එකේ පස්ස සිට එකේ ලොකු සල්ලි මල්ලක් අරගෙන ගිහින් ෂොපින් මල්ලක බඩු ගේන්න සිද්ධ උනදාට .

    ReplyDelete
    Replies
    1. අපි ඒ වෙනස නො කළා නම් දැන් ඒක වෙලා ඉවරයි.

      Delete
    2. දැන්වත් දවල් හින දකින එක නවත්වන්න . මේ රටට අද ඕනෑ රට ගැන අවංකවම හිතන නායකයෙක්. එහෙම කෙනෙකුට ඉස්සරහට එන්න ඉඩ දෙන්න. එයා මහින්දම වෙන්න ඕනෑ නැහැ.

      Delete
    3. හරි ඉතින් ඔයා එහෙම නායකයකුගේ නමක් කියන්නකෝ. අපිත් සපෝට් එක දෙන්න.

      එහෙම නායකයන් නැති නිසානේ අපි ඉන්න එවුන්ට සපෝට් කරන්නෙ.

      Delete
    4. උඹට ගෑනි ගහන්න දෙන්නෙ නෑ කියල පැරෝ, වටේ පිටේ ඉන්න ගණිකාවන්ට ගහන්න යනවද බං?

      මෙහෙම කියන්න ආස නෑ.කැමති නෑ. තෝ කියන ගොං කතා තේරුම්කරවන්න වෙන ක්‍රමේකුත් නෑ...

      Delete
  10. I served in SL Army for 23 years, for me Gota and SF is same. They were good friends until SF went to politics. If anyone is saying Gota is bad SF is good person is either being ignorant or politically biased. It is well known how Gota and SF together treated SLA offices (including commander Shantha Kottegoda). There is lot of good bad and ugly in this pair's history.

    The idea to bring SF as a commander will work since he is a thug with license to kill (if that's Sirisena wants)

    ReplyDelete
    Replies
    1. Surely you have more first hand experience about both of these persons as military officers. I have no argument against you but I only say that SF as a politician is a liberal in practice at least upto now. It is a fact you can challenge if you have solid evidence against my point. I have already made this challenge and no one has responded.

      Why must we push a man to go worse from bad? If he has tried to be good it is cynical if we don't appreciate it.

      Delete
  11. විහිළු සපයන්න එපා පැරා...මේ ආන්ඩුව පත්වුනාට පස්සේ සරත් ෆොන්සේකා තරම් උන්නතිකාමීව, තම බඩවඩා ගැනීම සඳහාම කටයුතු කල වෙනත් දේශපාලකයෙක් නෑ.

    සාම්ප්‍රදායික එජාප දේශාපාලකයෙක්වත් මෙච්චර පහල තත්වෙට වැටුන්නෙ නෑ.

    මේ මනුස්සයා වෘතීකයෙක් කියලා අනෙත් වෘතීකයන්ට අපහාස කරන්න එපා.

    ReplyDelete
    Replies
    1. සරත් ෆොන්සේකා උන්නතිකාමීව වැඩ කළ බව ඇත්ත. එහෙත්, අනෙක් සියලු දෙනාත් එහෙම ම තමයි. ඔබ ඔය වඩා හොඳයි කියන එජාපයේ නායකයා දුන්නෙ නැද්ද මහබැංකුවට පාර?

      Delete
    2. අර නීතිඥයා සරත් පොන්සේකා ගැන කියල තියෙන video එක බලල ඉවර වෙලා ආයෙත් ඔබේ සහතිකය සංශෝධනය කරන්න උනොත් නම් හරිම අපරාදේ

      Delete
    3. ජනතාව විසින් 2015 අගෝස්තුවේ දී ප්‍රතික්‍ෂේප කරන ලද සරත් ෆොන්සේකාව එජාපයට බඳවා ගෙන, ජනතාවට කොකා පෙන්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කර (ඔහු නියෝජනය කරන්නේ කවර ජනතාවක් ද?) ඇමතිකමක් ද දුන් පසු ඔහු කළ මා දැක ඇති එකම ප්‍රකාශය නම්, කෝටි හතරක් වැනි මුදලක් වටිනා වාහනයක් තම පාවිච්චියට ආනයනය කිරීම සාධාරණීකරණය කරමින් ඔහු කළ ප්‍රකාශය පමණකි.

      මීට අමතරව ඔහු එජාපය වෙනුවෙන් දේශපාලන ප්‍රකාශ කරන්නට ඇත.

      මේවා ප්‍රජාතන්ත්‍රවාදයට, ලිබරල්වාදයට නැඹුරු වෘත්තිකයකුගේ චර්යාවන් වීම කෙසේ වෙතත්, වත්මන් ලාංකික දේශපාලුවෙකුගේ චර්යාවන් බව නම් කිව හැක!

      Delete
    4. ඔබම කියන පරිදි ෆොන්සේකා " අනිත් හැම දෙනාම වගේ" නම් ඔබේ මේ ලිපියම වැඩක් නෑනෙ, ඒක තමයි අපිත් කියන්නේ.

      Delete
  12. ඉතා වැදගත් ලිපියක්.අගය කරමි.

    ReplyDelete
  13. //සරත් ෆොන්සේකා ගැන අපට කීමට තිබෙන්නේ ඔහු පැහැදිලිවම ගෝඨාභය රාජපක්ෂ වැන්නකු නො වන බවයි// මේ කියන්නේ දේශපාලනික වශයෙන් විය යුතුයි. ගෝඨාභය රාජපක්ෂ කියන දේශපාලකයා රට තවම දැක නොමැති බැවින් මෙය සාධාරණ ප්‍රකාශයක් නොවෙයි.

    ReplyDelete
  14. නෝ ඔෆෙන්ස්...
    හැබැයි ෆොන්සේකගෙ පක්ෂෙ අය දන්නව එයාගෙ ප්‍රජාතන්ත්‍රවාදෙ.
    ජවිපෙටත් ගහපු පක්ෂයක් දියවෙලා ගියේ එයා ලිබරල්වාදයට ඕනෙවට වඩා නැඹුරු වෙන්න ගිය නිසා වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ කිසිම පක්ෂයක් ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී නැහැ. මම නම් හිතන්නෙ ෆොන්සේකගෙ පක්ෂෙ හෝ නායකයා විදියට ෆොන්සේකා හෝ කිසිදු විශේෂත්වයක් නැහැ. ඔය ගේම් ඔක්කොම අනෙක් පක්ෂවල ඊට වඩා සුපිරියට ගහනවා.

      Delete
    2. "හොරකම් නම් හැම පක්ශෙම කරනවා ඉතින්" කියල යහපාලනේට චන්දෙ දීපු - ආපහු මහින්ද/ගෝටාබය ගේන්න ඕනෙ කියන අයත් දැන් දැන් කියනවා.

      -Dimithry

      Delete
    3. ධනවාදය තුළ රජය බලවත් වෙන තරමට දේශපාලකයන් හා රජයේ නිලධාරින් සොරකම් කිරීමත් ඉහළ යනවා. ධනවාදය තුළ සොරකම්, දූෂණ, වංචා, අවම කරන්නට නම් රජය ප්‍ර‍මාණයෙන් කුඩා හා කාර්යක්ෂමතාවෙන් ඉහළ එකක් බවට පත් කරන්නට ඕනැ. ධනවාදය තුළ නිදහස් වෙළඳපොළ තරගකාරිත්වයට ඉඩ දෙමින් මනා රාජ්‍ය කළමනාකරණයකින් සමාජය තුළ මේවා පිටුදැකිය හැකියි. ලංකාවේ මේ දැවැන්ත රජය පවතින තාක් කල් දූෂණය නැති කරන එක බොරු.

      Delete
  15. ෆොන්සේකා අරහෙන් මෙහෙන් ඇවිත් ඇමත්තයෙක් වුනාට පස්සෙ, මිනිහගෙ මුලින් තිබුන ප්‍රතිරූපය ටිකෙන් ටික දියවෙමින් පවතින බවයි පේන්නේ.

    ඊට හේතු නම් අනිකුත් බඩගෝස්තරවාදී, කාලකන්ණි, අජුත දේශපාලන හෝන්තුවෝ වගේ සාධාරණීය කල නොහැකි තරම් මිල අධික වාහන හා ඒ හා සමාන අධික මාසික කුලී යටතේ කාර්යාල සඳහා ගොඩනැගිලි ලාගනීමත්, ඊට සාපේක්ෂව රටට මොනයම් යම් හෝ සේවයක් කරන බවක් නොපෙනීමයි.

    ReplyDelete
  16. පැරා !
    මට නම් ආසයි බයයි ඔයාට කොහොමද ?

    ReplyDelete
    Replies
    1. ආසත් නැහැ. බයත් නැහැ.

      Delete
    2. ෆොන්සේකටත් ඇති මහ ලොකු ප්‍ර‍තිරූපයක් නැති බව ඇත්ත. හැබැයි ඉතින් වැඩක් කරනවා නම් ගත්තට කමක් නැහැ නේ.

      Delete
    3. //ෆොන්සේකටත් ඇති මහ ලොකු ප්‍ර‍තිරූපයක් නැති බව ඇත්ත. හැබැයි ඉතින් වැඩක් කරනවා නම් ගත්තට කමක් නැහැ නේ.//

      දැන් මරාගෙ ගෝලයො කියයි ගෝඨා ආරක්ෂක ලේකම් හිටිය විතරයි දේශපාලනේට ඇවිත් කිච වුණේ නැහැ,

      //ගෝඨාටත් ඇති මහ ලොකු ප්‍ර‍තිරූපයක් නැති බව ඇත්ත. හැබැයි ඉතින් රටට වැඩක් කරනවා නම් 2020 ජනාධිපතිකම ගත්තට කමක් නැහැ නේ.// කියල. එතකොට අපි කියන්නෙ මොකක්ද බන්?

      Delete
    4. 2020 වෙනකල් ඉන්න එකා නේ බං කරන්නෙ. 2020න් පස්සෙ ඒවා එතකොට බලමු.

      Delete
  17. ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ වෙයිද?
    "ගෝඨා යවල ෆොනී ගත්ත වගේ" කියල පිරුළක් හැදෙයි

    ReplyDelete
  18. වෘත්තීය සමිති වර්ජන හෝ උද්ගෝෂණ වලට යා යුත්තේ තමන්ගේ වෘත්තීයට හා තම සුභසාධනයට අදාළ ඉල්ලීම් ලබා ගැනීම සඳහා පමණක් බව පොදු පිළිගැනීමයි.

    නමුත් යහපාලනයෙන් ලැබූ වල්බුරු නිදහස අසීමිතව පාවිච්චි කරමින්, තමන්ට කිසිසේත් අදාළ නොවන වෙනත් වෘත්තීයකට හෝ වෙනත් පිරිසකට ලැබෙන නිත්‍යානුකුල වරප්‍රසාදයන් අහෝසි කරන ලෙස හා
    රටේ සංවර්ධන හා ආර්ථික සුභසිද්ධියට අදාළ රාජ්‍ය තීන්දු තීරණ හකුලා ගන්න ලෙස ඉල්ලමින්, රටේ සාමාන්‍ය ජනජීවිතය විනාශ කරමින් ගෙනයන මේ ත්‍රස්‌ථවාදී වර්ජන හා උද්ගෝෂණ වහාම නැවැත්විය යුතුව ඇත.

    මේ ත්‍රස්‌ථවාදී ව්‍යාපාරය මෙහෙය වන්නේ දුෂිත මරා යටතේ මෙහෙයවෙන ගෝත්‍රික GMOA මාෆියාවයි, ළිංමැඩි ජෙප්පො හා නරුම කුරුටුගාමියොයි උන් යටතේ මෙහෙයවෙන අන්තරේ රිලව් හැතිකරෙයි.

    ඇදේට යන රට කෙලින් කිරීම සඳහා මේ වනචරීන්ව මොනයම් ක්‍රමයකින් හෝ මර්ධනය කළයුතුව ඇති අතර එය කල හැක්කේ

    සරත් ෆොන්සේකාට හා S.B. ට පමණි.

    ReplyDelete
  19. මේක කරන්නේ කැබිනට් මණ්ඩලයෙයි පාර්ලිමේන්තුවෙයි අනුමැතිය ඇතිව...

    ReplyDelete
  20. මුලින්ම රාජපක්ශ යාලුවෝ, නෑයින්, ඇතුලු සියලුම හොරු තම තමන්ගේ කේන්දර බලාගන්න..මාරක ඇති. රාජපක්ෂලාගෙ කාලෙ සදහටම අතීතයේ කලු/රතු පැල්ලම් සහිත කුනු ගොඩට යනවා. හරියටම ප්‍රේමදාය කාලෙ ඉවර උනා වගේ (ඔය ස්ජිත්ට මොකුත්ම ලැබෙන්නෙ නෑ ) දැන්මම පිටරට පැනගත්තු එකෙක් ඉතිරිවෙයි. මම මීට අවුරුද්දකට විතර කලින් මේක කිව්වා….විෂඝෝර නාගයා තාම නැගිට්ටෙ නෑ කියලා. ඒ නාගයාට හිරිහැර කල සමහරුන්ට දිට්ඨ ධම්ම වේදනීය කම්ම ලග ලගම එනවා…

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා