වැටුණු කඩල ඇටය අල්ලා ගන්නට අතේ ඇති කඩල අහුර අත හරින නිර්මාල් රංජිත් දේවසිරි

එක්තරා බෞද්ධ කතාවකට අනුව, වඳුරෙක් කඩල වෙළෙන්දෙකුගෙන් කඩල අහුරක් සොරාගෙන ගසකට නැගුණේ ය. නගින අතර එක් කඩල ඇටයක් අතින් ලිස්සා ගියේ ය. වඳුරා අතේ තිබුණු කඩල අහුර ම අත හරිමින් වැටුණු කඩල ඇටය අල්ලා ගැනීමට පැන්නේ ය.

මේ වඳුරාගේ ක්‍රියාව මතක් කරන අය ලංකාවේ ඕනෑ තරම් සිටිති. අලුතෙන් ම එම භූමිකාවේ ඔස්තාද් වී තිබෙන්නේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විද්වතා ය. එහෙත්, ඔහු මේ භූමිකාවේ නවකයෙක් නො වේ. 2005දී නිර්මාල් මහින්ද රාජපක්ෂ දිනවීමට වැඩ කළේ ද මෙම ස්ථාවරයේ සිටිමිනි. ඔහු මෙන් ම, ජවිපෙ ද, කොටි සංවිධානය ද මහින්ද රාජපක්ෂ බලයට ගෙන ආවේ ඔහු බලයට පැමිණීමෙන් පැවති ක්‍රමය අර්බුදයට පත් කර තමන්ගේ අරමුණු දිනා ගන්නට පහසු වාතාවරණයක් නිර්මානය වනු ඇති ය කියා ය. එහෙත්, සිදු වූයේ එය නො වේ. දශකයක් බලයේ සිටි මහින්ද රාජපක්ෂ ලංකාවේ සමාජය ඉතා ගැඹුරින් වෙනස් කළේ ය. ඒ හොඳ අතට නො වේ.

ආන්තික ප්‍රතිඵලවලින් සාධනීය වෙනස්කම් සඳහා අවස්ථා ලැබේ ය යන්න තර්කයක් ලෙස පිළි ගැනීමට පුළුවන. එය එක්තරා අන්දමකින් ලෝක විනාශවාදයකි. ඒ කියන්නේ ලෝක යුද්ධයක් වැනි මහා විනාශයකින් පසු ඉතිරි වන දෙයින් වඩා හොඳ දෙයක් නිර්මානය කළ හැකි ය කියන්නාක් වැනි අදහසකි. ඒ අනුව, පළමුව විනාශය වැළඳ ගත යුතු ය.

නිර්මාල් ඉදිරිපත් කරන පහත දැක්වෙන අදහසත් එවැන්නකි.

“ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය කුළුගැන්වීම සදහා ප්‍රබල උත්තේජකයක් අවශ්‍ය වේ. එය දෙමළ සමාජය තුළ දෙමළ ජාතිකවාදය කුළු ගැන්වීමට සිංහල රාජ්‍යයේ යටත්විජිතවාදය මගින් ලැබුණු උත්තේජකය වැනි අතිශයින් තීව්‍ර එකක් විය යුතුය. සිංහල සමාජයයේ ප්‍රජාතන්ත්‍රවාදී විභවය පිළිබදව මට ඇත්තේ සුභවාදී බලාපොරොත්තුවකි. ලංකාව අපසෙට් ය යන චින්තන ධර්මදාස වැන්නන්ගේ අඳෝනාවලට මා එකඟ නොවන්නේ එබැවිණි. බෞද්ධ පුනරුද සමයේ සිට වර්ධනය වූ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් සිංහල සමාජය තුළ ඇත. සිංහල-බෞද්ධ ජාතිකවාදය තුළ එම ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය අඩස්සිගත වී ඇත. එය යළි ඉපැද්දවීමට නම් සිංහල-බෞද්ධ ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අපේක්ෂා සිංහල-බෞද්ධ ජාතිකවාදයට ප්‍රතිවිරුද්ධව අභිමුඛ විය යුතුය. ගෝටා වැන්නෙක් ජනාධිපති වුවහොත් එය සිදුවීමට ඇති ඉඩ කඩ විශාලය (රතුපස්වල මතකයට නංවාගන්න). අපට රතුපස්වලවල් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වේ.

“ගෝටා මුළින්ම කරනු ඇත්තේ ලංකාවේ එන්ජීඕ කල්ලිය ඉවරයක් කර දැමීමයි. ඒ අයට (අප වැන්නන්ටත් ඒ ඉරණම හිමිවීමට නියමිතය) එක්කෝ නිහඬ විය යුතුය. එක්කෝ අකුලාගෙන රටින් පිට යා යුතුය. මේ ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය වනු ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අවශ්‍යතාවය ජනයාගේ ඓන්ද්‍රිය අවශ්‍යතාවයක් බවට පත් වීමයි. ඒ හරියට සිංහල-බෞද්ධ විජිතවාදය හා මිලිටරිවාදය නිසා ජාතික විමුක්තිය දෙමළ ජනයාට ඓන්ද්‍රීය අවශ්‍යතාවයක් වී ඇත්තාක් මෙනි.

“මින් මෙහා ලංකාවේ ප්‍රජාතන්ත්‍රීය විප්ලවයට උත්තේජකයක් නොමැත. අඩු තීව්‍රතාවයක් සහිත විප්ලවයක් මගින් එය කළ නොහැකි බව ජනවාරි 8 විප්ලවයේ පරාජය මගින් තහවුරු වී ඇත. දැන් අවශ්‍ය වන්නේ ඉහළ තීව්‍රතාවක් සහිත විප්ලවයකි. ගෝටා ඊට උත්තේජකයක් නොවනු ඇත්ද? මගේ පිළිතුර ඒසේ වීමට ඉඩ තිබේ යන්නයි."


අප කියන්නේ මේවා අහිංසක අදහස් නො වන බවයි. මේවා දැනුවත්ව හෝ නො දැනුවත්ව එකම ව්‍යාපෘතියක කොටස් බවට පත් වේ. නිර්මාල්ලාගේ දේශපාලන ධාරාවේ ප්‍රමුඛතම දේශපාලන ක්‍රියාමාර්ගය වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් මෙහෙයවනු ලබන සයිටම් විරෝධී උද්ඝෝෂණය වැනි ක්‍රියාමාර්ග විසින් නිර්මානය කරන තත්වයන් පවා මෙම ව්‍යාපෘතියේ කොටස් වේ. එසේ වන්නේ කෙසේ ද යන්න ද පැහැදිලි කළ යුතු ය. ලබා දී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයට විහිළු කරමින් කරන පෙළපාලි විසින් ද ගෝටා වැනි ඒකාධිපතියකු මේ රටට අවශ්‍ය ය යන තර්කය ඉස්මතු කරනු හා එයට බොහෝ අය සාධනීය ලෙස ප්‍රතිචාර දක්වනු දැකිය හැකි ය.

ලංකාව නිවැරදි මාවතට ගන්නට නම් ගෝටා වැනි ඒකාධිපතියකු අවශ්‍ය ය යන මතය බොහෝ කලක සිට පවතින්නකි. එය දියසේන කුමාර සංකල්පය සමග ද සමපාතව තිබිණි. ලංකාව ජේ.ආර්. ජයවර්ධන හා මහින්ද රාජපක්ෂ වැනි දුෂ්ට ඒකාධිපතියන්ගේ පූර්ණ පාලනයන් තුළින් පැමිණි රටකි. දැන් කියන්නේ ඒකත් මදි ය කියා ය. ලී ක්වාන් යූ පන්නයේ හෝ හිට්ලර් පන්නයේ ඒකාධිපතියකු ලංකාව ගොඩ ගැනීමට සමත් වේ යයි සිතීම ඒ අසාර්ථකත්වය තුළින් පැන නැගුණු තත්වයකි. 

නිර්මාල් මෙම මිනීමරු ව්‍යාපෘතිය සමග එක් වන්නේ දැවැන්ත බොරුවක් නිර්මානය කරමිනි. එනම්, බෞද්ධ පුනරුද සමයේ සිට වර්ධනය වූ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් සිංහල සමාජය තුළ ඇත. සිංහල-බෞද්ධ ජාතිකවාදය තුළ එම ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය අඩස්සිගත වී ඇත. එය යලි ඉපැද්දවීමට නම් සිංහල-බෞද්ධ ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අපේක්ෂ සිංහල-බෞද්ධ ජාතිකවාදයට ප්‍රතිවිරුද්ධව අභිමුඛ විය යුතුය. ගෝටා වැන්නෙක් ජනාධිපති වුවහොත් එය සිදුවීමට ඇති ඉඩ කඩ විශාලය (රතුපස්වල මතකයට නංවාගන්න). අපට රතුපස්වලවල් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වේ. 

ඔය කියන බෞද්ධ පුනරුද සමය මෙන් ම, එසමයේ පටන් සිංහලයන් අතර  පවතින්නේ යයි කියන ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය ද සත්‍ය නො වේ. ඒබව පෙන්වා දුන් විට නිර්මාල් පවසන්නේ ජාතිකවාදය යනු ප්‍රජාතන්ත්‍රීකරණයේ එක් තාර්කික ප්‍රතිඵලයක් බවයි. 

නිර්මාල් නිතර අවධානය යොමු කරන කතිකාවන් පිළිබඳ සාකච්ඡාව වැදගත් වන්නේ මෙම සංදර්භය තුළයි. ප්‍රජාතන්ත්‍රීකරණයේ තාර්කික ප්‍රතිඵල තවත් තිබියදී ජාතිකවාදය පමණක් තෝරාගෙන ප්‍රවර්ධනය කිරීම අපට තේරුම් ගත හැකි වන්නේ කතිකාමය තෝරාගැනීමක් ලෙසයි.

ජාතිකවාදයන්ගේ දිය වී යාම හා පුළුල් දේශපාලන ප්‍රජාවන් සංවර්ධනය වීම ද ප්‍රජාතන්ත්‍රීකරණයේ තවත් තාර්කික ප්‍රතිඵලයකි. අපි ඉතා පැහැදිලි තෝරා ගැනීමක් ලෙස සලකා ඒ වෙනුවෙන් පෙනී සිටින්නෙමු. 

නිර්මාල් පෙනී සිටින කතිකාව ජාතිකවාදය ස්පර්ශ කරන තැනත්, අප ජාතිකවාදය සමග සම්බන්ධ වන ආකාරයත් අතර වෙනස සලකුණු වන්නේ එසේ ය. 

ලංකාව වෙනස් කිරීමෙහි ලා ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීම ඉතා වැදගත් ය. එහෙත්, ජාතික ප්‍රශ්නය තිබියදී පවා පුළුල් දේශපාලන ප්‍රජාවන් සංවර්ධනය වීම ද නවතින්නේ නැත. ජාතික ප්‍රශ්නය සම්බන්ධ වෙනස්කම් සමාජ වෙනසෙහි අත්‍යවශ්‍ය මූලික කොන්දේසියක් නො වන්නේ ඒ නිසා ය. 

2015 ජනවාරි 8 අඩු තීව්‍රතාවකින් සිදු වූ විප්ලවයේ අරමුණු ඉටු වීම ද සිදු වන්නේ අඩු තීව්‍රතාවකිනි. එහෙත්, එසේ වූවා ය කියා එම විප්ලවයේ කොටස්කරුවන් වූ අප නම් එයට අංශක 180ක් ප්‍රතිවිරුද්ධ වූ අක්ෂයක් වෙත යොමු වන්නේ නැත.

ගෝඨාභය රාජපක්ෂ යනු කුමන තත්වයක් යටතේ හෝ  ජනාධිපති ධුරය වැනි තනතුරකට ප්‍රවර්ධනය කළ යුතු අයෙක් නො වේ. ඔහු සම්බන්ධයෙන් අප නම් අදත් කියන්නේ ඔහු විසින් කරන ලද අපරාධ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු විය යුතු බව පමණි. 

ඔහු වැන්නකු බලයට පැමිණීමෙන් සිංහල බෞද්ධ ජාතිකවාදයට ප්‍රජාතන්ත්‍රවාදය මුණගැස්විය හැකි යයි සිතීම හා ඔස්සේ ඒ සාධනීය සමාජ වෙනස්කම් සඳහා පසුබිමක් නිර්මානය කළ හැකි යයි සිතීම අතිශය භයානක ය. 

ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති ගෝඨාභය තර්ජනය පැරදවීමට නම් මුලින් ම කළ යුතු දෙය වන්නේ එය ඉදිරියේ දණ නො නැමීම ය.

සංකේතාත්මක වාමාංශික චරිතයක් වන නිර්මාල්ගේ හැසිරීම අප විග්‍රහ කර ගත යුත්තේ මෙම සංදර්භය තුළ ය. එය බොහෝ දෙනෙකු සිතන අන්දමේ අහිංසක චර්යාවක් නො වේ යයි අප කියන්නේ එහෙයිනි. 

හූ ඉස් නිර්මාල්?  



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මෙය ගෝටා ව්‍යාපෘතියේ භයානකත්වය පිළිබඳ කතිකාවක් ගොඩ නැගීම සඳහා කළ ප්‍රකාශයක් යැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. ගෝටාගෙන් රට බේරා ගැනීමට එකම විසදුම 2020 දී රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතු එජාප ආන්ඩුවක් බලයට පත්කරගෙන 2030 දක්වා රනිල් රාජ්‍ය නායක දූරයේ තැබීමයි..

      Delete
    2. රනිල්-මෛත්‍රි පාරවල් දෙපැත්තෙ මල් පාත්ති හැදුවෙ නැතුවට ජාතිවාදයක් නැතුව රටේ මිනිස්සුන්ට පාරේ යන්න පුලුවන් පරිසරයක් හැදුවා.
      උතුරු කොරියවේ මිලිටරි ජුන්ටා අත්දැකීම් ලැබීමට ලාංකික අපට අවශ්‍ය නැත.
      කන්න නැතත් බොන්න නැතත් රනිල්-මෛත්‍රි හොදයි.

      Delete
  2. පැරා,

    //මහින්ද රාජපක්ෂ ලංකාවේ සමාජය ඉතා ගැඹුරින් වෙනස් කළේ ය. ඒ හොඳ අතට නො වේ. //

    අවන්කවම මේ කියමන මටනම් පිළිගන්න බෑ, මහින්ද වසර 30ක යුද්ධය ඉවර කළා රටේ යටිතලපහසුකම් සුද්දාගෙන් පසුව විශාල ලෙස දියුණු කලේ ඔහු. අමතක කරන්න එපා ඔහු 2015 දී චන්දයෙන් පසු ජනතා කැමැත්තට හිසනමා ඉවත් උනා.

    යමක් කියන විට අවංක වෙන්න ඔහු සොරකම් කරලා තියනවා එකේ දෙකක් නෑ නමුත් 2005 ට වඩා 2015 කියන්නේ දියුණු රටක්.

    //ලී ක්වාන් යූ පන්නයේ හෝ හිට්ලර් පන්නයේ ඒකාධිපතියකු ලංකාව ගොඩ ගැනීමට සමත් වේ යයි සිතීම ඒ අසාර්ථකත්වය තුළින් පැන නැගුණු තත්වයකි. //

    හිට්ලර් නිසා නරක ජර්මනියක් අතිඋනත් ලී ක්වාන් යූ නිසා දියුනු සිංගප්පුරුවක් අතිඋනා, අද පවා ස්රිලන්කිකයන් සිංගප්පුරුවට රැකියා සදහා යන්නේ ඒ රට දියුණු නිසා.

    ReplyDelete
    Replies
    1. වසර 30ක යුද්ධය අවසන් කිරීම බ්‍රේක්තෘ එකක් බව ඇත්ත. ඒ වගේ ම යටිතල පහසුකම් සංවර්ධනය කළ එකත් ඇත්ත.

      එහෙත්, මේ හා සමාන්තරව ඔහු විසින් ශ්‍රී ලාංකික විඥානය තුළ ඇති කරන ලද දේවල් භයානකයි.

      2015 ජනවාරි 8 ඔහු මහජන කැමැත්තට හිස නමා ඉවත් වීම අගය කළ හැකියි. එහෙත්, ඔහුගේ ඉන් පසු හැසිරීම දුර්වලයි.

      Delete
    2. යුද්ධය ඉවරවුනේ ඇමෙරිකාව ඉන්දියාව ලබා දුන් සහය නිසාත්. එසේම විශාල අහිංසක මිනුසුන් සමුහයකුත් ගාතනය කරමින්. නමුත් ප්‍රශ්නය තවම එසේම පවතිනවා නේද?. රටක දියුණුව කියන්නේ පාරවල් හදීමද නෙමේ. සින්ගප්පුරව දියුණුයි. JR ට ඕනෑ කලෙත් ලංකාව සිංගප්පුරුවක් කරන්න. ඒකනේ ඉස්සෙල්ලම රටේ ප්‍රජාතන්තරය නැති කරල උසවියටත් ඇඟිලි ගැහුවෙ. MR කලෙත් ඒවම තමා.

      Delete
    3. පැරා, සාදාරනව හිතන්න, නිදහස ලැබූ දා සිටම බලයේ සිටි දෙසපාලකයන් (ඩබි විජේතුංග හැර ) සියලු දෙනාගේ කාලයේ ඔබ දකින්නේ නැද්ද ජාතිවාදය ඇතිකළා, කිසිම සැලකියයුතු සන්වර්දනයක් නැතිව, මහින්දගේ පාලනයට විරුධව මම චන්දය දුන්න කෙනෙක් විදියට අවන්කවම දකිනවා නිදහසින් පසු බලය ගෙන ජනතාවට ඉහලම සේවයක් කලේ ඔහුගේ කාලයේ බව.

      Nimal,
      //නමුත් ප්‍රශ්නය තවම එසේම පවතිනවා නේද? //
      මොකද්ද ප්‍රශ්නය ? දෙමල දෙසපාලුවන්ට සොයන් පාලනය නොදීමද ?

      ඔබ දැක්කද උතුරු පලාත්සබාවේ බලය ලබාගත් දේසපාලුවන් කිසිම වැඩක් නොකර අදාළ පළාත් සබාවට දුන්න නැවත මද්යම රජයට දුන්න.
      හරියට පළාත් සැබෑවක් කරන්න බැරි කාලකන්නින්ට සොයන්පලනය දෙන්න පුලුවන්ද ?

      දෙමල ප්‍රදේශවල ඉහල සේවයක් මෙතක් කරලා තියන්නේ මහින්දගේ රජයෙන් නේද ? ඔබ කියයි ඔහු කොමිස් සහ වර්ප්පරසාද ගත්ත කියල නමුත් දෙමල දේසපාලුවෝ මොනවද කරලා තියෙන්නේ ඔවුන් වරප්ප්‍රසාද ගෙන අගනගරයට වී කිසිම සේවයක් කර නෑ නේද ?

      ටිකක් අවංකව හිතන්න!

      Delete
    4. ලාංකික සිතුවිලි, ඔබේ ප්‍රශ්නය දෙමළ ජනයා ඔබ සිතන අන්දමින් නො සිතන්නේ ඔවුන් හුදෙක් ම ජාතිවාදී නිසා යයි සිතීමයි.

      Delete
    5. "දෙමල ජනතාව එහෙම හිතන්නේ" කීමෙන් ඔබ උත්සාහ කරන්නේ දෙමල දේසපාලුවෝ ඔවුන්ගේ මතය නියිජනය කරන බවයි නමුත් ඇත්ත තමයි දෙමල ජනතාව මේ හොර රැලට චන්දය දෙන්නේ සිංහල අපි අපේ කාලකන්නි දෙසපාලුවන්ට චන්දය දෙන පරමාර්ථයෙන් ම තමයි.

      අපි කරන්නෙත් නරක අය අතර අඩූ නරකක් ඇති අය බලයට පත් කිරීමයි, ඔවුන් කරන්නෙත් එකම තමයි නමුත් කනගාටුවට කරුණ ඔවුන්ට සිටින්නේ අපිට සිටින දෙසපාලුවන්ට වඩා නරක පාහර හත්තක්.

      මම මෙහෙම කියන්නේ අයි ? ඔබ ගන්න මහින්දව, ඔහු විශාල ලෙස ජනතා මුදල් ගසා කෑවා කියනවනේ (ඔබේ තර්කය වන නිතිය ඉදිරියේ වැරදි කරු වන තෙක් නිවැරදි කරුවකු ලෙස සැලකිය යුතුයි කියන නිසා තවම නීතියට අනුව ඔහුට චෝදනාවක් වත් ඉදිරිපත් වී නෑ ) නමුත් ඔබ යාපනේ ලදී ගියා මතකද ඔබ කිරිනොච්චියේ සිට බ්ලොග් ලිවීමත් කරානේ පැරා මේ පහසුකම් දුන්නේ දෙමල දෙසපාලුවොද මහින්දද?

      මෙනිසා අවන්කවම බැලුවොත් දෙමල මින්ස්සුන්ට මහින්ද තරම් සේවයක් කරලා නෑ.

      1948 දී සුද්ද යන කොට සිංහල මිනිසුන් කොච්චර සතුටු උනාද නමුත් සිංහල රජවරුන් යටතේ වහලුන් වගේ ජීවත්වූ සිංහලයට සුද්දන් යටතේ විශාල නිදහසක් ලැබුන එහෙම උනත් රජ කෙනෙක් යටතේ පාලනය වෙනකොට විදපු කටුක අද්දැකීම් 1948 වනවිට සිංහලයට මතක නෑ ඒවගේ මහින්ද යටතේ විශාල නිදහස ලබපු දෙමල මිනිසුන් දෙමල ජාතික සංවිදානය උතුරේ බලයට ආවමත් තමන්ට කිසිම සේවයක් සිදුවුනේ නැතිබව තේරෙන්නේ නෑ ඊට හේතුව මේ දෙමල දෙසපලුවෝ කියන්නේ මොකද්ද "අපට සේවය කරන්න බැරි සිංහල ආණ්ඩුව නිසා" බව කියමින් මේ මිනිසුන්ව නොමග යවනවා එහෙම කරන ඔවුන් තමන්ට වෙන්කළ ප්‍රතිපාදන වලින් කිසිම වැඩක් කරන්නේ නෑ.

      මේ මානසික තත්වය තේරුම් ගන්න බැරිව ඔබ ප්‍රවීන බ්ලොග්කරුවෙකු වෙනවනම් එක්කෝ ඔබ මෝඩයි නැත්නම් එක තක්කඩි කම සමාවෙන්න කියන්න ඔනදේ කෙලින් කියන්න ඕනේ.

      Delete
    6. //මහින්ද යටතේ විශාල නිදහස ලබපු දෙමල මිනිසුන් දෙමල ජාතික සංවිදානය උතුරේ බලයට ආවමත් තමන්ට කිසිම සේවයක් සිදුවුනේ නැතිබව තේරෙන්නේ නෑ//

      මහින්දට හොරෙන් කැහැපු එකා දැන් එලිපිට කහිනව.. ගොන් තඩියො මහිඅහින්ද දෙමලුන්ට දීපු නිදහස පුදුමාතලන් වලට ෂෙල් ගහල දාස් ගානක් මරපු එකද කොලඹ දෙමෙල්ලු සුදුවෑන් වලින් ගෙනිහිල්ල කප්පම් අරගෙන බඩකපල මුහුදට දාපු එකද? ඔහෙල වගේ ආලපාලුවො නිසා තමා මැදමූලන වනචාරිය අවුරුදු 10 රට කාලකන්නි කලේ.... ඒ පිලිලය එලවල අවුරුදු 2 ගිහිල්ලත් ඔහේ තවම වනචාරියට කහිනව...

      Delete
    7. "2015 ජනවාරි 8 ඔහු මහජන කැමැත්තට හිස නමා ඉවත් වීම අගය කළ හැකියි. එහෙත්, ඔහුගේ ඉන් පසු හැසිරීම දුර්වලයි"
      අජිත් මහත්මයා, මහින්ද රාජපක්ෂගේ හැසිරීම දුර්වල වෙලා කියන්න ඊට වැඩ ප්‍රබල දේශපාලන නායකයෙක් රටේ ඉන්නවද? ඔයාලා කඩේ යන නායකයෝ ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. ඒකාධිපති මහින්ද තියපු චන්දෙටත් දැන් කෙලවෙලා. ශක්තිමත් නායකයෝ දෙන්නා චන්දෙට බයේ දොර මුල්ලේ... අනේ අපොයි...

      Delete
    8. දුර්වල එක දුර්වලයි. වෙන අයට සාපේක්ෂව බලන්නට දෙයක් නැහැ. හැබැයි සාපේක්ෂව බලනවා නම්, වර්තමාන පාලනය බොහෝ පැතිවලින් මහින්දගේ පාලනයට වඩා සිය දහස් වාරයක් හොඳයි.

      Delete
    9. /////වර්තමාන පාලනය බොහෝ පැතිවලින් මහින්දගේ පාලනයට වඩා සිය දහස් වාරයක් හොඳයි.//////

      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    10. //වර්තමාන පාලනය බොහෝ පැතිවලින් මහින්දගේ පාලනයට වඩා සිය දහස් වාරයක් හොඳයි.//
      හැබෑට ඉතින් එකද චන්දය කල්දාන්නෙ, ඔච්චර හොදනම් චන්දය තිව්වොත් බලයේ සිටින යට බලය තහවරු කරන්න පුළුවන් නේ

      Delete
    11. ලාංකික සිතුවිලි,

      මන්ද බුද්ධිකයන්ට සපෝර්ට් කරන්නේ මන්ද බුද්ධිකයෝම තමයි මචන්. මුන් වගේ පවතින ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යන එවුන්, හරියට ඒ කාලෙ ජැක්සන්, හඩ්සන්, මහින්ද අබේසුන්දර වගේ රෙදි අපුල්ලන සට්ටැඹියො රැලක් බන්. නොදකින්. හැබැයි මේ ආණ්ඩුවෙ තියෙන හොඳ තමයි මුන්ට ගෙවන්නෙ යන්තම් එදාවේල ශේප් කරගන්න විතරයි. කාලකණ්ණි මරා වගේ ආණ්ඩුවෙ ඉහල තනතුරු යාන වාහන වරප්‍රසාද මුන්ට නැහැ. හැබැයි ඒව ආණ්ඩුව බිහිකරන්න කිසිත් නොකල හෝ පිටරටවල සිට ඊයෙ පෙරේදා ආපු තමන්ගෙ ගජමිතුරු කල්ලි කණ්ඩායමවල ගෝතයින්ට දීල, උන්ට මෙලෝ වැඩක් බැහැ. නිකම් කාලෙ කනව විතරයි.

      Delete
  3. පළමුව බාටා දෙවනුව පාසැලට යන මැයෙන් 70 ව දශකයේ පමණ ගුවන් විදුලි සහ පුවත්පත් දැන්වීමක්විය. අපේ තාත්තා එකල කීවේ බාටා නැති වුනාට කමක් නැහැ ඉස්කෝලෙ පලයල්ලා. ඊට පස්සෙ බාටා ගනිල්ලා කියාය.විප්ලව උණ වෛරසයකි.විදග්ගයින් අතරද පොරක් වීමට විප්ලවය අවශ්‍යය.අපි නාකි වුනේ විප්ලව කථා අස අසාය.හොරු නැත්නම් යන හැටි ගැන ජනතාව තීන්දු ගනිවි.

    ReplyDelete
  4. බොහෝ අවස්ථාවාදී විකෘතීන් නිසා වියැකී ගිය වාමාංශික දර්ශණය අතහැර, නිර්මාල්ලා, සිංහල බෞද්ධ ජාතිකවාදය තුලට රිංගන්නට දතකන ආකාරය හිරිකිතයි

    ReplyDelete
  5. නිර්මාල් දරණ අදහස සමිපුර්ණයෙන්ම අතිශය ඔලමොටිටල අදහසක් ඔහු 2005 මහින්ද දිනවලත් කිවිවෙ ඔය වගේ විකාර කතා.ජන 8 විප්ලවයේ ජනතා පැතුමි බලාපොරොත්තු අයුරින් ඉටු නොවීම සත්‍යයක් නමුත් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය රටතුල ස්ථාපිත කිරීම පැත්තෙන් විශාල වෙනසක් මෙී වසරදෙකට සිදුකලා.ප්‍රධාන වශයෙන්ම මෙරට ජාතිය එක්සත් කිරීමෙී ක්‍රියාවලයේ විශාල ප්‍රගතියක් තියෙනවා.පරාජිත ජාතිවාදී අවතාර වල කකුලෙන් ඇදීමි කොපමණ තිබුණත් සැළකිය යුතු දියුණුවක් තියෙනවා.සියළු වාම බලවෙීග මෙී රාජයය ප්‍රජාතන්ත්‍රීය කිරීමෙ සහ ජාතිය එක්සත් කිරීමෙි ක්‍රියාවලියට රජය බලහත්කාරයෙන් හෝ දක්කාගෙන යන්න ඔින.ඒතුල පමණයි අනාගත සමාජවාදී රජයකට මුල බීජ පැලකල හැකිවන්නේ.හිරගෙවල්වල සිටිය යුතු ගෝටා වැනි ඒකාධිපති ෆැසිස්ටි වාදීන් නැවත බලයට පත් උනොත් ඔවුන් ලෙයින් සහ යකඩින් නැවත වැඩ පටන් ගනියි.අනාගත මිනිමරැ ගෝටෙකුට පාර කපනවට වඩා ජන 8 බලාපොරොත්තු ඉටුකරවා ගැනීමෙි දිශාවට මෙී රජය තල්ලු කිරීමට ජනතාව පෙළ ගැස්වීම අද ප්‍රගතිශීලීන්ගේ බරපතල වගකිමකි.

    ReplyDelete
  6. දියසේන කුමාරයාගේ සම්ප‍්‍රාප්තියෙන් මේ රට සුඛිත මුදිත වේ යැයි බලාපොරොත්තු වීමයි,
    සිංහල ජාතිවාදයට මහිංද රාජපක්ෂ බලයට ඒමෙන් ලැබෙන ඉඩෙන් එය සමාජයතුල අතාර්කික වේයැයි බලාපොරොත්තු වීමයි
    ජාතන්ත්‍රවාදී විප්ලවය කුළුගැන්වීම සදහා ප්‍රබල උත්තේජකයක් වශයෙන් ගොඨාබය රාජපක්ෂ තේරීමෙයි අතර ලොකු වෙනසක් නෑ
    තවදුරටත් තනි පුද්ගල සාධකය විසින් මහා දෙයක් කරාවියැයි සිතීම මිරිගුවක් නොවේද?
    ඒක හරියටම මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් රටේ වංචාව දූෂණ අතුරුදහන්වෙලා ස්වාධීන කොමිෂන් සභා උප්පත්තිිය ලබාවියැයි සිතීමට දෙවනි නොවේ.

    ReplyDelete
  7. මොකක්ද ඔය තියනවා කියන ජාතික ප්‍රශ්නය? අර ඕගොල්ලන්ට 71 දි රට වෙනස් කරන්න ආව අමුතු උණ වගේ එකක් ද?

    ReplyDelete
    Replies
    1. ජාතික ප්‍රශ්නෙ මේකයි. ජාතියක් විදියට තමන්ට බලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා ය කියලා දෙමළ ජනතාව අවුරුදු 30ක් යුද්ධ කරලා කිව්වාට පස්සෙත් නැවත නැවතත් ජාතික ප්‍රශ්නෙ මොකක්ද කියා අහන එකයි.

      Delete
    2. //දෙමළ ජනතාව අවුරුදු 30ක් යුද්ධ කරලා කිව්වාට පස්සෙත්//

      එතකොට LTTE කියන ත්රස්තවාදීන් නෙමෙයිද සටන්කලේ ?

      යුද්දේ කාලේ කිව්වේ දෙමල ජනතාවත් දෙමල ත්රස්තවාදීන් කියන්නේ කොටස් 2 බව.

      එතකොට කොහොමද දෙමල ජනතාව අවුරුදු 30 සටන්කලානම් රටේ සිංහල මිනිසුන් සමග ජිවත් උනේ.

      මේවයින් තමයි පැරා තමුන්ගේ හරි පාට ලෝකෙට පෙනෙන්නේ.

      Delete
    3. ස්තුතියි. නිදහස් සිතුවිලි එලියට දැම්මාට. අවුරුදු තිහකට පසුත් දෙමලාගේ ප්‍රශ්නය තේරුම් ගෙන ඇති බව පෙනේ. නැවත වරක් MR බලයට ගේමු.

      Delete
    4. @ Nimal ---

      එයාට "ලාංකික සිතුවිලි" කියලා තමුන්ව හඳුන්වා ගන්න කිසිම අයිතියක් නැහැ, මොකද එයා ලාංකිකයාව නියෝජනය කරන්නෙත් නැහැ, එයාට එහෙම ලාංකිකයාව නියෝජනය කරන්න කිසිම ලාංකිකයෙක් බලයක් දීලත් නැහැ.

      Delete
    5. කොටි සංවිධානයේ හිටියෙ පිටසක්වළ ජීවීන් පිරිසක් නෙමෙයි, ලාංකික සිතුවිලි. එහෙම හමුදාවකට ඔය වගේ යුද්ධයක් කරන්නට බැහැ දෙමළ ජනයාගේ සහයෝගය නැතිව. ඔය මූලික ප්‍ර‍ශ්නවලට මුලින් උත්තර සොයා ගන්න.

      Delete
    6. AnonymousApril 3, 2017 at 7:20 AM,ඕවා මොනවද ඇනෝ මචෝ, ලංකික සිතුවිලි වගේද බ්ලොග් සංසද අපි හැමෝම එකතු වෙලා බලය දීලානේ හදා ගත්තේ .... හාද?

      Delete
    7. ලාංකික සිතුවිලි,

      මෙන්න මේ ප්‍රශ්නයට උත්තරයක් දීපන් මචෝ... එතකොට දෙමළාට දෙමළ වීම නිසා තියෙන ප්‍රශ්නය මොකක්ද කියලා උඹට තේරෙයි...

      ලංකාවේ ජනගහනයෙන් සිංහලයන්ගේ ප්‍රතිශතය 75% ක් පමණයි. ඒ වුණාට සන්නද්ධ හමුදාවල සහ පොලීසියේ සේවය කරන අය 100% ක් ම වාගේ සිංහල. එතකොට දෙමළාට (16%), මුසල්මානුවාට (9%) ප්‍රශනයක් එන්නේ නැද්ද?

      උඹ නිතරම ආදර්ශයට ගන්න සිංගප්පූරු රටේ හමුදාවේ චීන, මැලේ, දෙමළ සොල්දාදුවෝ ඕන තරම් ඉන්නවා නේද?

      දීපංකො පුළුවන් නම් උත්තර...

      Delete
    8. //ලංකාවේ ජනගහනයෙන් සිංහලයන්ගේ ප්‍රතිශතය 75% ක් පමණයි. ඒ වුණාට සන්නද්ධ හමුදාවල සහ පොලීසියේ සේවය කරන අය 100% ක් ම වාගේ සිංහල.//

      කවුද කියන්නේ 100% සිංහල කියල, 2011 වලදී ත් මුළු පොලිසියෙන් 1.3% දෙමල ජාතිකයන්. දෙමල ජාතකයන් පොලිසියට සහ සන්නද්ද හමුදා වලට නොදිමට තිබුන මුලික හේතුව ඔවුන්ගේ පවුල්වලටත් ඔවුන්ටත් LTTE සන්විදානයන් වූ බලපෑමයි. ඔබ නොදන්නවා උනාට 1983 රටේ පොලිස්පති වෙලා තිබුනේ ද්‍රවිඩ ජාතික රුද්‍රා රාජරත්නම්.

      නමුත් මහ්න්දගේ සමයේ දෙමල පොලිස් සහ හමුදා බටයන් බදවාගැනීම විසාල ලෙස වැඩිකරනවා.

      Delete
    9. //එහෙම හමුදාවකට ඔය වගේ යුද්ධයක් කරන්නට බැහැ දෙමළ ජනයාගේ සහයෝගය නැතිව.//
      පැරා,

      එතකොට 1971 ජනතා විමුක්තිපෙරමුන ජනතා සහයෝගය නැතුව කොහොමද කැරලි ගැහුවේ
      1989 දී ඔබල එකකලෙත් ජනතා කැමැත්ත මතද ?

      දෙමල ට්‍රස්තවදින්ට ඉන්දියාව උදව් කලබව ඔබට මතකයිද දැන් ?

      Delete
    10. ඇත්තටම ලාංකික සිතුවිලි ඔය "දෙමළ ජනයාට දෙමල වීම නිසාම තියෙනවයි කියන ප්‍රශ්න" කියන එකත් තනිකර මායාකාරී ප්‍රෝඩාවක්. ඇතැම්විට භාශා ප්‍රශ්නය නිසා සුළු සිද්ධීන් උනත් ඒවා අතිශයෝක්තියෙන් පුම්බා මහා බිල්ලෙක් මවා තිබේ. නමුත් ඇත්තටම ගැඹුරෙන් සලකා බලද්දි ඇති දෙයක් නැහැ.

      මේකත් හරියට සුද්දා ලංකාව පාලනය කල සමය "අධිරාජ්‍යවාදීන්ගේ යකඩ සපත්තුවට පෑගී සිංහල බෞද්ධ සංස්කෘතිය සභ්‍යත්වය විනාශ වුණා" කියන පට්ට පල් බොරුව වගේ. සුද්දා ලාංකිකයන්ට ප්‍රාජාතන්ත්‍රවාදය, වඩා සාධාරණ නීති, අධිකරණ ක්‍රමයක්, උපත මත පදනම් වූ කුලභේද ජාතිබේද නොමැති ක්‍රමයක්, හොඳ අධ්‍යාපනයක්, බටහිර රෝහල් සහ හොඳ සෞඛ්ය පුරුදු, නවීන පහසුකම්වලින් සමන්විත රටක් සහ ජාත්‍යන්තර සබඳතා අපට ලබා දුන්නා. නමුත් අපි 1948න් පසු ගොස් තිබෙන්නේ ආපස්සට, ඉතින් නිදහස සමරා ඇති ඵලය කිම?

      ඉංග්‍රීසි පාලන යුගයේදී උතුරේ දමිළ ජාතිකයින් වඩා හොඳ අධ්‍යාපන අවස්ථා ලබාගත් අතර ඒවා ඉත කාර්යක්ෂම මෙන්ම සටකපට සහ වර්ගවාදී ලෙස යොදාගනිමින් ඔවුන් ප්‍රබල ජනකොටසක් ලෙස සෙසු ජනවර්ග පසුකරමින් වර්ධනය කරගත්තා. නමුත් ක්‍රමක්‍රමයෙන් 1880-1930 පමණ කාලයේ පැවති සිංහල බෞද්ධ පුනරුදයත් සමග සිංහලයෝද ජාතිවාදී පදනමින් වර්ධනය වෙමින් මීට අභියෝග එල්ල කලා. 1931 සර්වජන ඡන්ද පදනම සහ සිංහල ජාතිවාදී ව්‍යාපාරවල නැගීඑන බලය හමුවේ ඔවුන් උපක්‍රමශීලීව ගොඩනගාගත් වර්ගවාදී බලය පිරිහෙනු දුටු ඔවුන් මුලින්ම 1947 දී 50-50 (පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගෙන් 50% තනිකර උතුරේ දමිළයින්ටත් ඉතුරු 50% අන් ජනවර්ගවලටත් ඉල්ලා සිටියා.) කෙසේ නමුත් ඒ වෙනුවට වෙනම රාජ්‍යක් හෝ කැනඩාවේ ක්විබෙක් මෙන් ස්වයං පාලනයක් ඉල්ලීමට තරම් උතුරේ දමිළ නායකයින් බුද්ධිමත් වූවා නම් එකල ඔවුන්ට එය බොහෝ දුරට ලැබෙන්නට තිබුණා බ්‍රිතාන්‍යයින්ගෙන්.

      පසුව දිගින් දිගටම උතුරේ දමිළ ජාතිවාදය පමණක් වැපිරූ දමිළ දේශපාලුවන් 1970දී නිදහස් පක්ෂය සමග එකව යාපනය නගරයට විශාල සේවයක් කළ යාපන නගරාධිපති "ඇල්ෆ්‍රඩ් දුරෛයප්පා" මහතාව ඝාතනය කළේ එවකට තරුණ ජාතිවාදී මදාවියෙකු වූ "වේළුපිළ්ළෛ පිරපාහරන්" ලවායි. ඒ ඔහු උතුර දකුණ යාකරන පාලමක් වීම වලකන්නටයි. 1970 දහකය යාපන වැසියන්ගේ ඉතා සමෘධිමත් යුගයක්. ඇත්තෙන්ම දුරෛයප්පා මහතා වැනි දක්ෂ දකුණේ සහාය ගෙන උතුර වැඩිදියුණු කළ හැකි ජනතාවාදී නායකයින් උතුරෙන් බිහිවීමෙන් පමණක මේ ප්‍රශනය විසඳිය හැකියි. රාජපක්ෂ කල්ලිය නොකළෙත් ඒකයි. විනයාහමූර්දි මුරලිතරන් හෙවත් කරුණා අම්මාන්, ඩග්ලස් දේවානන්දා, කුමාරන් පත්මනාතන් වැනි ජඩයින් වෙනුවට බුද්ධිමත් දක්ෂ කාර්යශූර දේශපාලන නායකයෙක් උතුරට හඳුන්වාදුන්නානම් මේ කාලකණ්ණි ජඩයින් උතුරට කරන හානිය වැලැක්වීම මෙන්ම උතුරේ ජනයාට සැබෑ සංවර්ධනයක් ලබාදීමට තිබුණා.

      උතුරේ උමා මහේසුවරන්ගේ සිට පිරපාහරන් ඇතුලු සටන්කාමීන් සාර්ථක කැරලක් කළ හැකි යැයි විශ්වාසය ගොඩනගා ගත්තේ දකුණේ විජේවීර ගේ 1971 කැරැල්ල දැකීමෙනුයි. මේ නිසා උතුරේ හොරබඩු ජාවාරමෙන් යැපුනු පාතාල පිරිසක් එක්ව උතුරේ ජාතිවාදී ප්‍රචාර සහ 1983 අවාසනාවන්ත කලු ජූලිය දඩමීමා කරගෙන ගහපු කැරැල්ලක් තමයි උතුරේ අරගලය. යුධමය වශයෙන් ඔවුන් විජේවීරට වඩා බෙහෙවින් සාර්ථක වූ අතරම ඉන්දියාව ඇතුළු විදෙස් සහය ලබාගැනීම අතින් ඉතා ඉදිරියෙන් සිටියා.

      Delete
    11. :) දීපන්කො උත්තර, ලංකා සිතුවිලි ඇවිල්ලා පරණවිතානගේ වෙනත් මුනුපුරෙක්.

      Delete
    12. AnonymousApril 3, 2017 at 1:54 PM,
      //"දෙමළ ජනයාට දෙමල වීම නිසාම තියෙනවයි කියන ප්‍රශ්න" කියන එකත් තනිකර මායාකාරී ප්‍රෝඩාවක්. ඇතැම්විට භාශා ප්‍රශ්නය නිසා සුළු සිද්ධීන් උනත් ඒවා අතිශයෝක්තියෙන් පුම්බා මහා බිල්ලෙක් මවා තිබේ. //

      ඇත්තටම ඇනෝ,

      ඔබේ කියනදේ සමග බොහෝදුරට එකගයි, නමුත් {ඇතැම්විට භාශා ප්‍රශ්නය නිසා සුළු සිද්ධීන්} ගැන කිව්වම 1971 මැතිනිය විසින් දිස්ත්‍රික් කොටා ක්‍රමය නිසා යාපනයේ බොහෝ සිසුන්ට විශ්වවිද්‍යාල අද්‍යාපනය නැතිවුනා, නමුත් මෙහි විශාලම පාඩුව උනේ කොලබ වැනි නගරවල සිටින සිංහල සිසුන්ටයි මොකද වැඩිම ගම්බද සිසුන් අඩු ලකුණු ගෙන විශ්ව විද්‍යාල වලට එනකොට කොලබ සහ නගරවල වැඩි ලකුණු ගත් සිංහල සිසුන්ට එම අවස්තාව නැතිවුනා, කෙසේ වෙතත් ප්‍රායෝගිකව සිදුවුනේ මෙය දෙමල ජනයාට වූ අසාරරනයක් ලෙස පෙන්වාදීමයි.

      දෙමල දෙසපලකයන් දසක ගණනක් සිට ජනතාවට සේවය කිරීමට කිසිම පළපුරුද්දක් නෑ, තියන එකම දක්ෂකම ජාතිවාදය අවුළුවා බලය ගැනීමයි, මේකයි මම කිව්වේ උතුරු පළාත් සබාව කිසිවක් කර නැති බව.

      අවන්කවම බැලුවොත් දෙමල වීම නිසා ම කිසිම අසාදාරනයක් වී නෑ, ඇත්තටම සියල්ල වෙන්නේ සිංහලෙන් කිවත් අදත් ශ්‍රී ලංකාවේ ශ්රේෂ්ඨාධිකරණය භාෂාව ඉංග්‍රීසි, අද්‍යාපනය ලබන විද්‍යා විද්යාව ඉංජිනේරු ආදී අංශ ඉගැන්වෙන්නේ ඉංග්‍රීසි වලින්.

      මම ඉංග්‍රීසි භාෂාව ට අකමැති නෑ මම පුද්ගලිකව සිතනවා ඉංග්‍රීසි භාෂාව මුලික භාෂාවක් උනානම් ලෝකය සමග ගනුදෙනු අපට පහසුවෙන්න තිබුන.

      සරලව කිව්වොත් දෙමල ජාතිකයට දෙමල වීම නිසා කිසිම අසාදාරනයක් වෙලා නෑ කියන තර්කය බැලුවහම 1983 විශාලම හානිය උනේ දෙමල ජනයාට ඔවුන් ගේ ධනය සොරකම් කලේ සිංහල මංකොල්ලකාරී කල්ලි විසින් (මේවා රජය විසින් කලබව කියනවා ) නමුත් අපි අවංකව හිතන්න ඕනේ කිසිම පුද්ගලයකු මෙතෙක් වැරදි කරු වෙලා නෑ නේද ?

      නමුත් රජයක් විදියට සහ සිංහල මිනිසුන් විදියට දෙමල මිනිසුන් පාගා දැමීමක් නොකළ බව සාදරනව බලනවිට පේනවා. සිදුවුනේ දෙමල දේසපාලුවන් ජාතිවාදය වපුරවා තම ජනතාව බිල්ලට දීමයි, ඔවුන් එදා කලෙත් අද කරන්නෙත් එකයි.

      දෙමල ජනතාව ඔවුන්ගේ කුලක්‍රමය මගින් අදත් තමන්ගේම මිනිසුන් පාගාදමන බව බොහෝදෙනා දන්නේ නෑ දන්නා අයත් නොදන්නවා වගේ ඉන්නවා.

      Delete
    13. //අවන්කවම බැලුවොත් දෙමල වීම නිසා ම කිසිම අසාදාරනයක් වී නෑ, ඇත්තටම සියල්ල වෙන්නේ සිංහලෙන් කිවත් අදත් ශ්‍රී ලංකාවේ ශ්රේෂ්ඨාධිකරණය භාෂාව ඉංග්‍රීසි, අද්‍යාපනය ලබන විද්‍යා විද්යාව ඉංජිනේරු ආදී අංශ ඉගැන්වෙන්නේ ඉංග්‍රීසි වලින්.
      //

      කුහක කතා කියන්න එපා බන්... subconscious racism කියල දෙයක් අහල නැත්ද? ලංකාවෙ හැමදාම බහුතර සින්හලයින් අතින් දෙමල මිනිස්සුන්ට subconscious racism වලට මුහුන දෙන්න වුනා... ඒවා overt racism බවට ඇරුනු අවස්තා තමා කලබලය වගේ දේවල්...
      අද ඇමරිකාවෙ කලු මිනිහෙකුට ජනාධිපති, ඇටර්නි ජෙනරල්, ආරක්ශක ලෙඛම්, හමුදාවෙ ජෙනරාල් වගේ තනතුරු වලට එන්න පුලුවන් උනාට තවම ලංකාවෙ මීට සමපාත තනතුරු කීයකට දෙමල ජනතාවට ඉඩ ඊල තියෙනවද? එතකොට රාජපක්ෂගෙ කාලෙ වැඩියෙන් පැහැරගෙන ගිහින් ඝාතනය වුනේ දෙමල මිනිස්සුන්ද සින්හල මිනිස්සුන්ද? එතකොට හමුදාව උතුරේ කල ස්ත්‍රී දූෂන හා මිනීමැරුම්?

      Delete
    14. //කුහක කතා කියන්න එපා බන්.//
      //අද ඇමරිකාවෙ කලු මිනිහෙකුට ජනාධිපති, ඇටර්නි ජෙනරල්, ආරක්ශක ලෙඛම්, හමුදාවෙ ජෙනරාල් වගේ තනතුරු වලට එන්න පුලුවන් උනාට තවම ලංකාවෙ මීට සමපාත තනතුරු කීයකට දෙමල ජනතාවට ඉඩ ඊල තියෙනවද? //

      1983 රටේ කලබල ඇතිවෙනවිට රටේ පොලිස්පති රුද්‍රා රාජරත්නම් , මුදල් අමාත්‍යංශයේ ලේකම් හිටියේ ද්‍රවිඩ ජාතිකයෙක් නම මතක ය කියන්න
      ව්දේශ ඇමති ලක්ෂ්මන් කරිරගාමර්,

      ඊට අමතරව
      Academics[edit]
      Rajan Hoole - Professor, Department of Mathematics, University of Jaffna; human rights activist and author of books; member of University Teachers for Human Rights
      Ratnajeevan Hoole - Professor of Electrical Engineering; appointed Vice Chancellor of the University of Jaffna but never took up post due to threats
      T. Nadaraja - Chancellor of the University of Jaffna; Professor and Dean of the Faculty of Law, University of Ceylon
      S. Raveendranath - Vice-Chancellor of the Eastern University of Sri Lanka
      K. Sivathamby - emeritus professor of University of Jaffna; prominent Tamil scholar, sociologist and author of books

      Yogendra Duraiswamy - first batch of Ceylon Overseas Service, 1949
      Tamara Kunanayakam - Sri Lankan Ambassador to Cuba (2008-2009); Permanent Representative of Sri Lanka to the United Nations Office at Geneva

      V. Casipillai - Crown Proctor, President of the Jaffna Hindu Board, co-founder of Jaffna Hindu College, founder of Parvathy Maha Vidyalayam and other educational institutions
      Hon. Justice V. Manicavasagar - Justice of the Supreme Court of Sri Lanka, Chancellor of the University of Jaffna and Chairman of the Commercial Bank of Ceylon
      S. Selliah - Justice of the Court of Appeal, Judge of the High Court, Magistrate
      S. Sharvananda - Chief Justice of Sri Lanka, Justice of the Supreme Court of Sri Lanka and Governor of the Western Province
      K. Sripavan - 44th Chief justice, Democratic Socialist Republic of Sri Lanka
      H. D. Thambiah - Justice of the Court of Appeal, Justice of the Supreme Court, and Chief Justice of Sri Lanka
      H. W. Thambiah - Justice of the Supreme Court

      Air Vice Marshal Ravi Arunthavanathan - former Deputy Chief of Staff, Sri Lanka Air Force and current Additional Secretary, Ministry of Defence
      Major General Y. Balaretnarajah, Vishista Seva Vibhushanaya, Uttama Seva Padakkama, National Defence College, India, Sri Lanka Armoured Corps - Chief of Staff, Sri Lanka Army (1992-1992)
      Rear Admiral Rajan Kadiragamar, Royal Victorian Order, Royal Ceylon Navy - former Commander of the Sri Lankan Navy
      Air Vice Marshal A. Kumaresan, Rana Sura Padakkama, Uttama Seva Padakkama, Psc (British Army), Sri Lanka Air Force - current Director of Planning, Sri Lanka Air Force
      Major General Anton Muttukumaru, OBE, Efficiency Decoration; Aide-de-camp, Ceylon Light Infantry; first Ceylonese Commander of the Sri Lanka Army
      Major General E. G. Thevanayagam, Vishista Seva Vibhushanaya - Commandant of the Sri Lanka Army Volunteer Force (1984–1986)
      Major General Chelliah Thurairaja, Uttama Seva Padakkama, Sri Lanka Army Medical Corps - former Director Army Medical Services and Colonel Commandant Sri Lanka Army Medical Corps

      මෙහෙම අවස්ථා දීපු රටක කුහක මිහිස්සු කවුද කියල තේරුම් ගන්න මුලිකම ප්‍රශ්නය අද ඉන්න ගොඩක් අය කිබෝඩ් වීරයෝ උනත් ඉතිහාසය දන්නේ නෑ

      Delete
    15. මේක මම හිතන්නේ බැලියයුතුම දෙයක්
      මෙහිදී ලි ක්වාන්යූ පෙන්වන විදියට සිංගප්පුරුවේ මිනිසුන් සංවර කිරීමට ගත්ත අපුරු පියවරක් තියනවා.

      https://www.youtube.com/watch?v=gwBJy1jCTsk

      මිනිසුන් පුරුදු වෙලා තියනවා විදුලි සෝපානය ඉහලට යනවිට බිල්ඩිමෙන් පහහලට මාත්‍රා කිරීමට පුරුදු වෙලා තියනවා, (ශ්‍රී ලංකාවේ මිනිසුන් මිට වඩා හික්මුන අය බව මේවයින් තේරුම් ගන්න පුළුවන් ) ඔහු කරලා තියන්නේ වීඩියෝ කැමරා සවිකර් කිසියම් පුද්ගලයකු මුත්‍රා කරනවානම් වහාම විදුලි සෝපානය නතර්කර අදාළ පුද්ගලයාට දැඩි දඩුවම් දීමයි.

      Delete
    16. ඔබ පෙන්නල දීල තියෙන නම්වලින් බහුතරය academics මිස gobernment appointees නෙමේ . එවා එමිනිස්සු ලබාගත් දේවල්... රටේ 15% ඉන්න ජනතාවගෙන් රජයේ සිවිල් සේවයේ ඉන්නේ නම් 10 අඩුවෙන්.. ඒවා පවා මෑත අතීතයේ පත්වුන ඒවා නෙමේ...

      Delete
    17. මට අමතක උන නම R Paskaralingam මුදල් අමාත්‍යංශයේ ලේකම් හිටපු වසර 20 පමණ ඔහු මේ ඉහල රජයේ තනතුරු දරල තියනවා
      ස්රෙස්තධිකරණයේ අගවිනිසුරු පවා (ශ්‍රී පවන් මහතා ) ද්‍රවිඩ ජාතිකයෙක්
      නිකන් විහිලු කරන්න එපා යාළුවා මිලියන 60 ද්‍රවිඩයන් සිටින ඉන්දියාවේ ඔබට කියන්න පුලුවන්ද රජයේ ඉහල තනතුරු දරන මිනිසුන් තමිල්නාඩුවෙ නම් ඇති ,
      ලෝකේ වටේ ලක්ෂ ගණනක් ද්‍රවිඩ ජාතිකයන්ට ඔයවගේ රජයේ සේවයේ ඉහල ඉන්න අය government appointees ල පෙන්වන්න පුලුවන්ද
      සිංගප්පුරුවේ ඇමති මණ්ඩලයේ ශන්මුගදාසන් වැනි නමක් ඇති මහතෙක් සිටිය, සිංගප්පුරුවේ වත් මෙච්චර අවස්ථා දීල නෑ

      Delete
    18. දන්න පුකක් කතාකරන්න lankika sithuwili . ඉන්දියාවෙ තමිල්නාඩුවෙ රාමෙස්වරන් වල ඉපදුනු දෙමල කතාකරන මුස්ලිම් මිනිහෙක් වෙන අබ්දුල් කලාම් ඉන්දියාවෙ ජනාධිපතිත් වුනා... ඉන්දියාවෙ space program එකේ වැඩිහරියක් ඉන්නේ කෙරල හා තමිල්නාඩුවෙ විද්‍යාඥයො.. (දකුනු ඉන්දියාවෙ මිනිස්සු ගණිතයට දක්ෂයි කියලා ඉන්දියාවෙ පිලිගැනීමකුත් තියෙනව ) මතක තියාගන්න ඉන්දියාවෙ ඉන්නෙ දින්දියාවෙ හමුදාවෙ ලන්කාවෙ වගෙ දෙමල මිනිස්සු 7% අඩුවෙන් එවගෙම ඉන්දියන් හමුදාව දෙමල මිනිස්සු ගම් පිටින් ෂෙල්ගහලා මැරුවෙ නෑ... ඔහෙල වගෙ මොඩ ජාතිවාදින්ගෙ අවුල මෙකයි... දූපතෙන් එහාට ලොකෙ දන්නෙත් නෑ, හබැයි සුලු ජාතින්ට මේටෙ දරුනු අසාධාරන වෙලා තියෙනවයි කියල පිලිගන්නෙත් නෑ

      Delete
    19. යුද්දයේ ශේල්වේදී ගහනවා තමයි ඒවායින් මැරෙනවත් තමයි නමුත් එකෙන් ජාතිවාදී බව ඔප්පු වෙන්නේ නෑ එහමනම් දකුණේ 60000 මරාදමුන ශ්‍රී ලංකා ආණ්ඩුව අතින් ඒ මරා දැමුනේ සිංහල අය එතකොට ජාතිවාදී නිසාද ඔවුන් මරා දැම්මේ.

      //හබැයි සුලු ජාතින්ට මේටෙ දරුනු අසාධාරන වෙලා තියෙනවයි කියල පිලිගන්නෙත් නෑ//
      කීපයක් කිව්වනම්.

      Delete
  8. ලංකාවේ මිනිස්සු එකතුකරන් දියුණු රටක් ගොඩනඟනවා කියන්නේ මීහරකුන්ගෙන් කොළපාගනවා වගේ වැඩක්. එක මීහරකෙකුටවත් කොළපාගන අවශ්‍යතාවයක් නැහැ, ගොයම් කොළටික ගිලිනවා ඇරෙන්න. ඒ වැඩි ඵලදායී විධියට කෙරෙන්න කෙවිටක් ගත්ත හොඳ ගොවිමහත්තයෙක් ඕන. මෙච්චරකල් කෙවිට ගත්ත අයටනම් මීහරකුන්ට තරම්වත් දැක්මක් තිබ්බේ නෑ.

    ReplyDelete
    Replies
    1. ගොම්පස් අල්ලන එවුන් තමයි වැඩිපුර ඕන.

      Delete
  9. දිප්තිගේ දැනුමෙන් එදා එක්ස් කණ්ඩායම එක්ක හිටි නිර්මාල්ම ද අද වි.වි ඇදුරුතුමෙක්ව මේ ඉන්නේ කියන සැකය ඇති වෙනවා.

    ReplyDelete
    Replies
    1. රයිබෝෆ්‍ෙලේමින්April 2, 2017 at 11:21 PM

      දෙන්නම අදත් එකට ගෝඨට වැඩ.

      Delete
  10. ලඟකදි ඉඳන් පැරාගෙ ආණ්ඩුවට කඩේ යාම වැඩි වුනා කියලයි මට හිතෙන්නෙ.මොනවත් කියන්නත් හොඳ නෑ ඉතින්. හම්බ කරන් කන රස්සාවනෙ....

    ReplyDelete
    Replies
    1. එහෙම කිව්වාම ඇති. වෙන මොකුත් කියන්නට ඕනැ නැහැ.

      Delete
  11. පටං ගන්න කොටම නිර්මාල්ට වඳුරයි කියනවා.
    ලියවිල්ල අන්තිමේ මිනිහට හූ කියනවා.
    මොකක්ද පැරකුම් මේ වැඩේ.

    ReplyDelete
    Replies
    1. දේශපාලන උපහාසය කියන්නේ අපහාසයක් නෙමෙයි. ඒක නිර්මාල් දන්නවා.

      Delete
  12. නිර්මාල් ඉතින් 1983 දී මොරටුවේ දී දෙමළ පෙට්ටි කඩයක් කඩපු මිනිහානේ...

    ReplyDelete
  13. Para mama godak dawas idala me blog eka kiyawanawa oya kiyana mathya mama ihalinma anumatha karanawa mokada mamath oya wagema jvp mathwada ekka goda kalayak wada karala ada wenakota eka gana matha wadiwa gataluwakata muhunadena thanaka innawa namuth mata oyage notherana deyak thiyanawa oba mekata idiripath karana krama wedaya mokakda

    ReplyDelete
    Replies
    1. සරලව කිව්වොත් මා නම් කියන්නේ අප මෙතෙක් පිළිගත් හැම දෙයක් ම නැවත ප්‍ර‍ශ්න කළ යුතුයි. අලුත් මාවතක් විවර කර ගත හැක්කේ ඒ සංවාදය ඔස්සේයි. හැබැයි, සමාජ වෙනස වෙනුවෙන් කරන අරගලය අත නො හැරිය යුතුයි.

      Delete
    2. Mama samaja viyapara haraha ukaha gath danuma alpai eka nisa jvpya kadunu pasu mata danune okkoma iwari yana hagimai aluth wenasak asasi bawa sabawaki oya kiyanne eka thama mathu vi nathi bawada esenam eya api goga nagiya yuthu bawada

      Delete
  14. නිර්මාල් කියන්නේ සිස්ටම් එකට ෂොක් එකක් දීලා තමන්ට අවශ්‍ය අවුට් කම් එක නිර්මාණය කරගත හැකි බවයි - ඔහොම හිතපු තව මනුස්සයෙක් හිටියා චාල්ස් මැන්සන් කියල - මිනිහ නම් අවුරුදු 50කට කලින් රෝමන් පොලාන්ස්කිගේ නෝනා ඇතුළු පිරිසක් මරා දමන්න දායක වුනු නිසා තාමත් හිරේ - මිනිහත් හිතුවේ ඔය වගේ ෂොකින් වැඩක් කරල ඒකෙන් මිනිහට ඕන විප්ලවය උපද්දවගන්න පුලුවන් කියලයි

    ReplyDelete
  15. @Lankika Sithuwili

    ගෝත්‍රිකයෝ ඉන්න තාක් මේ රට හදන්න බෑ. රටේ මෝඩ ගෝත්‍රික හැත්ත ඕකුන්ව පන්නලා රටේ වටිනා කියන ඉඩම්, දේපොල, ඛනිජ නිධි ඉන්දියාවට, චීනයට, ඇමෙරිකාවට විකිණිය යුතුයි.

    අනෙක උතුර නිකන් තියාගෙන ඉන්නවට වඩා හොද නැද්ද ඉන්දියාවට ඩොලර් බිලියන්යනයකට විකුණන එක. අපිට හොද ගානක් හම්බෙනවා, හොදට කාලා ඇදලා ඉන්න පුලුවනි තව අවුරුදු 2-3ක් ගේමක් නැතිව ශපාන් එකේ. රනිල් වික්‍රමසිංහ වැනි උගත් බුද්ධිමත් වැදගත් නායකයෙක්ට රටේ 2/3 බලයක් තිබෙන නිසා ඕවා විකුණා දමා කාලකණ්ණි මළපෙරේත හොර මරාගේ ණය උගුලෙන් රට බේරා දෙනු නිසැකය.

    ReplyDelete
  16. 2020 ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් හා ගෝඨාබය කල අපරාධ වලට සාධාරණ පරීක්ෂණයක් පවත්වා නීතිමය වශයෙන් දඩුවම් නොකලොත්, ඔහු එම තනතුරට පත් වීම නොවැලැක්විය හැක්කකි.

    ReplyDelete
  17. කඩල උදාහරනෙ මේකට කොහෙත්ම ගැලපෙනවා මදියි පැරා. "අපිම අරන් තියාගෙන ඇරගමු" වගේ එකක් මේ කියන්නේ.

    වෙන මොනව කියන්නද?

    - Dimithri

    ReplyDelete
  18. This is completely a lopsided article to brainwash people. No balance at all.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා