මගේ මැණික වල පතුලෙන් අරන් දෙන්න


නිල් ඇඳගත් මහත්තයෝ මේ අහන්න
ආණ්ඩුවට බැරි බව මම පිළි ගන්නම්
ඔහෙල හිටිය නම් හරි බව දැන ගන්නම්
මගේ මැණික වල පතුලෙන් අරන් දෙන්න

කොළ ඇඳගත් මහත්තයෝ මේ අහන්න
මේක කලින් ආණ්ඩුවේ වරද තමයි
ඉක්මණින් ම විසඳන බව පිළි ගන්නම්
මගේ මැණික වල පතුලෙන් අරන් දෙන්න

රතු ඇඳගත් මහත්තයෝ මේ අහන්න
උනුත් එකයි මුනුත් එකයි ඇත්ත තමයි
සකල දෝස නසන බෙහෙත ඔබම තමයි
මගේ මැණික වල පතුලෙන් අරන් දෙන්න

කහ ඇඳගත් මහත්තයෝ මේ අහන්න
රට බෙදන්න මම නම් නැහැ ඉඩ දෙන්නේ
දෙමළ හම්බ හැතිකරයත් වල පතුලේ
මගේ මැණික වල පතුලෙන් අරන් දෙන්න

මයික්කාර මහත්තයෝ මේ අහන්න
ඔබයි අනාවැකි කිව්වේ ඇත්ත තමයි
ආධාරත් අරන් ආවා ඉස්තූතියි
මගේ මැණික වල පතුලෙන් අරන් දෙන්න

අජිත් පැරකුම් ජයසිංහ
2017-04-19


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ------------ කාරුණික අවවාදයයි !--------------
    ව්‍යයසන,අපදා සහ ගැටුම් සාහිත්‍යකරණය කිරීමෙන් වලකින්න!

    ReplyDelete
    Replies
    1. ව්‍යයසන,ආපදා සහ ගැටුම් සාහිත්‍යකරනය කිරීමෙන් ඇතිවන සමාජ අයහපත.
      --------------------------------------
      1.මෙම ව්‍යයසන,ආපදා සහ ගැටුම්වලට සෘජුව වගකිය යුත්තන්ට සැගවීමට පහසුකම් සැලසීම.
      2.මෙම ව්‍යයසන,ආපදා සහ ගැටුම්වලට ලක් වු පාර්ශවයන්ට හිමි විය යුතු සමාජ යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලිය දුර්වල කිරීම.
      3.ව්‍යයසන,ආපදා සහ ගැටුම්වලට අදාල විසදුම් සදහා තීව්රව යොමු විය යුතු මහජන අවධානය දුර්වල කිරීම නිසා ව්‍යාකූල විසදුම් ඉදිරිපත් වීම.
      4.ව්‍යයසන,ආපදා සහ ගැටුම්වලින් අවස්ථාවාදීන්ට දේශපාලන මං පෙත් විවර කරදීම.
      5.ව්‍යයසන,ආපදා සහ ගැටුම් ඉදිරියට පවත්වාගෙන යෑමට අවශ්‍ය ව්‍යාපාරික උවමනා වලට දිරි දීම.

      සැයු-
      මෙම කමෙන්ට්ස්,සමාජ දේශපාලන බ්ලොග්,වෙබ්,පුවත් පත් ලිපි , රූපවාහිනී සහ ගුවන් විදුලි වැඩසටහන් කතෘන්ගෙ සහ පාඨකයන්ගෙ අවධානය පිනිසයී.

      මිනී උඩ සෙල්ෆි ගසා ශෙයාර් කරන නූතන සාහිත්‍යකරුවන් හා දේශපාලන මන්ද බුද්ධිකයන්ට අදාල නැත.

      Delete
  2. තමුසෙට හරියට පද දෙක තුනක් ගලපගන්න බෑ ඔයි ලස්සනට. පුළුවන් දෙයක් කරනවා මේ පල් හෑලි දාන්නේ නැතුව මෝඩයෝ.

    ReplyDelete
    Replies
    1. වෛරී ප්‍රතිචාර යනු සාර්ථකත්වයේ නිර්නායකයකි.

      Delete
    2. සිරාවටම පැරා කියන්නේ. මේක නං මෙලෝම රහක් නෑ. වෛරී ප්‍රතිචාරයක් නෙමෙයි දැම්මෙ. මේක කියවපු ගමන් ආපු අදහස දැම්මේ. සොරි පැරා හිත රිදුනා නං. පැරා කලින් ලිව්වේ බස් ගැන, මගුල් ගෙවල් ගැන එහෙම. අන්න ඒවා නං නියම රහ ලිවිලි පැරාගේ. මේවා නං හද්ද ගූ.

      Delete
    3. ඔයාට සාහිත්‍ය විනිශ්චයකාර පට්ටමක් දුන්නෙ කවදා ද? අනෙක නඩුකාරයෙකු වුණත් තීන්දුව දෙන්නෙ එයට හේතු පැහැදිලි කරමින්. ඒ නිසා තීන්දුව දෙන්නට හේතු වන කාරණා පැහැදිලි කරන්න.

      අනෙක මේ කවිය ලිව්වේ සාහිත්‍ය සම්මාන ගන්න නෙමෙයි. මේ වෙලාවේ පවතින දේශපාලනයට සාහිත්‍යමය මැදිහත් වීමක් ලෙස.

      අපි බස් ගැන, මගුල් ගෙවල් ගැන, මල් ගැන, සමනලයින් ගැන, මුද්දර එකතු කිරීම ගැන, මල් වැවීම ගැන කතා කරමින් ඉන්නවා නම් කැමති අය ගොඩක් මේ රටේ ඉන්නවා.

      සොරි අනේ. ඒවා මට කම්මැලියි.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා