ජේ.ආර්.ගෙ පුතා මහින්දගෙ පුතාට වඩා ගොඩක් වෙනස් ද?

ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමයේ නිර්මාතෘ වූ ජේ.ආර්. ජයවර්ධනගේ පුත්‍රයා වන රවී ජයවර්ධනගේ මරණයත් සමග ජනමාධ්‍ය ඔහුගේ ගුණ වර්ණනා කරන්නට පටන් ගත්තා. 

ඒ අතරට ඔහුගේ නිහතමානිකම, චාම්කම ආදිය ගැන කියවෙන පැගෝඩා අවන්හලට පයින් ගිය කතා හා පොලිස් කොස්තාපල්වරයකු ඔහු ලවා සිගරට් ගෙන්වා ගත් කතා ආදිය ද ඇතුළත් වෙනවා. 

ඔහු පිළිබඳ දේශපාලනික විශ්ලේෂණයක් ලියා තිබෙනු දුටුවේ අරුණ ප්‍රේමරත්න පමණයි. 

පහත පළ වන්නේ ඔහු ලියූ සටහනින් උපුටා ගත් කොටසක්. 

කොටි සංවිධානය පසුපසින් සිටිමින් එයට අනුබල සපයන ඉන්දියාව මට්ටු කිරීම සඳහා ඊශ්‍රායලයේ මෝසාඩ් සංවිධානයෙන් උපදෙස් හා යුධ ආයුධ ලබා ගැනීමට ලංකා රජය පෙළඹුණේ රවි ජයවර්ධනගේ උපදෙස් අනුව බව ද කියැවෙනවා. මෙය සැළකෙන්නේ කාලෝචිත හා ඥානාන්විත තීරණයක් ලෙසින්.

මෝසාඩ් සංවිධානයේ ක්‍රියාකාරිකයෙකුව සිට පසුව එයින් ඉවත් වූ වික්ටර් ඔස්ත්‍රොව්ස්කි නැමැත්තා 1990 දී ලියා පලකළ ‘බයි වේ ඔෆ් ඩිසෙප්ෂන්‘ නැමැති කෘතියෙන් එවකට ලංකාව සහ මෝසාඩ් සංවිධානය අතර පැවති සබඳතාවල ස්වභාවය කෙසේ දැයි හෙලි කෙරෙනවා.

මේ කටයුතු සොයා බැලීම සඳහා රවී ජයවර්ධනගේ බිරිඳ පෙනී ජයවර්ධන පෞද්ගලික චාරිකාවක ස්වරූපයෙන් ඊශ්‍රායලයේ සංචාරයක යෙදීම මේ කටයුතු උදෙසා රවීගේ සෘජු සබඳතාවක් තිබුණ බවට එක් සාක්ෂියක්.

වික්ටර් පවසන ආකාරයට මෝසාඩ් සංවිධානයට සම්බන්ධ සමාගමකින් ආයුධ මිලට ගැනීම සඳහා අවශ්‍ය මුදල් ලෝක බැංකුවෙන් සහ තවත් ආයෝජකයින් වෙතින් ලබා ගැනීම සඳහා උපක්‍රම සපයා දෙනු ලබන්නේ ද ඔවුන් විසින්මයි. මහවැලි ව්‍යාපෘතිය කඩිනම් කිරීම මේ සඳහා එක් උපක්‍රමයක් වුණා. ලෝක බැංකු නිලධාරීන් රැවටීමට උවමනා ව්‍යාපෘති වාර්තා ද සැකසෙන්නේ ඔවුන්ගේ විශ්වවිද්‍යාලයකදීයි.

ඔවුන් ලංකා හමුදාවට ඩෝරා යාත්‍රා ලබා දෙන අතරම කොටි සංවිධානයට ඒවා විනාශ කිරීම සඳහා ආයුධ සැපයීම මගින් යාත්‍රාවලට නොනවතින ඉල්ලුමක් නිර්මාණය කර ගන්නවා. එසේම ලංකා යුධහමුදාවට යුධ පුහුණුව ලබා දෙන අතරම කොටි සංවිධානයට ද යුධ පුහුණුව ලබා දෙන්නේ දෙපිරිසම එකිනෙකාට හමු නොවන සේ එකම කඳවුරක තබා ගනිමින්.

ලංකා රජය, ඉන්දියාව මට්ටුකිරීමේ පියවරක් වශයෙන් මොසාඩ් සංවිධානය වෙත හැරෙන නමුත් ඉන්දියාව ද පකිස්තාන තර්ජනයෙන් බේරීමට උපකාර පතන්නේ මෝසාඩ් සංවිධානයෙන් වීම හාස්‍යජනකයි. ඉන්දියාව හෝ ලංකාව මේ සබඳතා ගොඩ නගා ගන්නේ ඊශ්‍රායලය සමග තානාපති සම්බන්ධකම් නොමැති වාතාවරණයක බව ද සිහි තබා ගත යුතුයි.

රේඩාර් පද්ධතියක් මිලට ගැනීමට යන ලාංකික ඉහළ හමුදා නිලධාරීන් පිරිසක් රවටන ආකාරය පිළිබඳ කදිම පුවතක් එහි තිබෙනවා. ඔවුන් හමුවන මොසාඩ් නියෝජිතයා වරායේ ජලය පිරිපහදු කිරීම ස‍ඳහා නිර්මාණය කෙරුණු යන්ත්‍රයක් රේඩාර් යන්ත්‍රයක් සේ මේ නියෝජිත පිරිසට පෙන්වනවා. එයින් නොනැවතී එයින් ඈත මුහුදේ පිහිනන පුද්ගලයෙකුගේ සපත්තුවේ ප්‍රමාණය, ලේ වර්ගය, ලිපිනය සහ නම නිවැරදිව කිව හැකි බව ද කියනවා. මෙය විස්මයෙන් යුතුව අසා සිටින ලංකාවේ හමුදා නිලධාරීන් දෙස බලමින් ඔවුන් හාස්‍ය රසයක් අත්විඳිනවා.

මේ නියෝජිත පිරිස ඉහළ නිලධාරියා විසින් වික්ටර්ට හඳුන්වා දෙනු ලබන්නේ ද ‘ගස්වලින් බැස්ස අලුත සිටින වඳුරන් රැලක්' ලෙසින්.

රවී ජයවර්ධන මොසාඩ් සංවිධානය වෙතින් ආධාර පතන්නේ ඔවුන් තමාව රවටන බව දැනගෙනද නොදැනගෙනද යන්න අප දන්නේ නැහැ. දැන දැනම එවන්නක් සිදු වූයේ නම් ඔහුගේ අරමුණ වන්නට ඇත්තේ රටත්, ජනතාවත්, ජනතා මුදලුත් පරදුවට තබා සිය පියාට දේශපාලන ස්ථාවරත්වයක් ගොඩ නැගීමට උපකාර කිරීමයි. තමා රැවටීමට ලක්ව සිටින බව නොදැන සිටියේ නම් ඔහු සිය පියාව දමා ඇත්තේ විශාල අවදානමකටයි.

කෙසේ වෙතත් මෙරට දේශපාලක පැලැන්තිය තමාගේ චිරස්තිථිය උදෙසා කිසිදු පැකිලීමකින් තොරව රටත්, ජනතාවත්, ජාතික ධනයත් පරදුවට තබන ආකාරය කෙබ‍ඳු දැයි වික්ටර්ගේ පොතින් මනාව හෙලි කෙරෙනවා.

අරුණ ප්‍රේමරත්න තම සටහන අවසන් කළේ මෙසේයි: 

පසුගිය කාලයේ ප්‍රසිද්ධියේ පිස්සු නැටූ දේශපාලක පුත්‍රයින්ගෙන් රවී ජයවර්ධන වෙනස් වෙනවාද නැද්ද යන්න දෙවරක් සිතිය යුතු කාරණයක්.

නිතර ආරාවුල් ඇති කර ගන්නා, සිරිකොතට පහර දීම නිසා එජාපයෙන් දොට්ට වැටුණු, මංගල සමරවීරගේ කුරුඳු පොලු ප්‍රහාරවලට ලක් වූ, මෑතදී ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිකමින් නෙරපා හරින ලද දේශපාලනඥයකු වන මෛත්‍රී ගුණරත්නගේ පියා වන, වැවිලිකරුවකු හා පසු කලෙක මහවැලියේ නිලධාරියකු වූ හර්මන් මාලිංග ගුණරත්න රවි ජයවර්ධන සමග භූ දේශපාලනික ව්‍යාපෘතියක නිරත වූ අයෙක්. රවි ජයවර්ධන පිළිබඳව ඔහු ද කතා කර තිබෙනු මාධ්‍යවල දුටුවා. මීට කලින් ඔහු මෙම ව්‍යාපෘතිය පිළිබඳ ‘ස්වෛරී රාජ්‍යයක් උදෙසා' නමින් පොතක් ද පළ කළා. එහි ඇත්තේ ඔහුත්, රවි ජයවර්ධන වැනි අයත් දෙමළුන්ගෙන් සිංහල රට බේරා ගැනීමට සිංහල ජනපද පිහිටවූ ආකාරය පිළිබඳ විස්තර හා ඒ මාර දේශප්‍රේමී ව්‍යාපෘතිය ගැන හරි අවබෝධයක් නැතිව ජේ.ආර්. ජයවර්ධන ඔහු සිරගත කළ හැටි ගැන කන්කෙඳිරියකුයි. 

රවි ජයවර්ධනගේ දේශපාලන භූමිකාවේ ප්‍රතිගාමී ම කොටස මෙම ජාතිවාදී යුද ජනපදකරණ ව්‍යාපෘතිය සමග සම්බන්ධයි. වැලිඔය ආරක්ෂක ජනපදය පිහිටුවීම මෙහි ප්‍රධාන ම කාර්යයයි. වැලිඔය පිහිටා තිබෙන්නේ අනුරාධපුර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට අයත් පදවිය ගොවි ජනපදයට ඊසානදිගින් වවුනියා, මුලතිව් හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල මායිම් ප්‍රදේශවලයි. 

රවී ජයවර්ධනටත්, හර්මන් ගුණරත්නටත් උදව් කළ දෙදෙනෙකුගේ නම් හර්මන් ගුණරත්න පුවත්පතකට කියනවා. ඒ තමයි, පදවි පරාක්‍රමපුර පන්සලේ හා පදවි ශ්‍රීපුර පන්සලේ සිටි හාමුදුරුවරු. මෙයින් පදවි ශ්‍රීපුර පන්සලේ සිටි භික්ෂුව කියන්නේ 1950 දශකයේදී පදවිය ජනපදයේ පදිංචි කිරීමට නියමිතව සිටි දෙමළ ජනයාට එන්නට නො දී පළවා හැර, ඔවුන්ට වෙන් කළ ඉඩම් පැහැරගෙන වෙනත් ප්‍රදේශවලින් අවිධිමත් අන්දමින් ගෙන්වා ගත් ජනයා පදිංචි කිරීමට මූලිකත්වය ගත් අයෙක්. ඔහු මිය යාමට කලකට ඉහතදී මා සමග ඔහු මේ විස්තර කීවේ මහත් ජාතිවාදී අභිමානයකිනුයි. 

පදවි ශ්‍රීපුර කියන නම දාගන්නේ එසේ දෙමළ ජනයා පදිංචි කිරීමට නියමිතව සිටි ප්‍රදේශවලයි. පදවි ජනපදයේ පදිංචි වීමට සිටි දෙමළ ජනයාට කළ පහර දීම පිළිබඳව ටාසි විට්ටච්චි ලියූ 1958 හදිසි අවස්ථාව පොතේ විස්තර කෙරෙනවා.  

රවි ජයවර්ධන පදවියට ගොස් එකතු වන්නේ මෙවැනි අය සමගයි. ඔවුන් වැලිඔය ආරක්ෂක ජනපදය පිහිටෙව්වේ කොටි සංවිධානයට උතුරත්, නැගෙනහිරත් අතර චලනය වීමේ ඉඩකඩ ඇහිරීමේ යුදමය අරමුණකින් බව ඔවුන් පවසනවා. කෙසේ වෙතත්, එය පලස්තීන වැසියන්ගේ ගම් බිම් මත පිහිටුවන ලද ඊශ්‍රායලයේ බලහත්කාර යුදෙව් ජනාවාසවලට සංකල්පය පැත්තෙන් බොහෝ දුරට සමාන වුණා. 

අදටත් මහවැලි වතුර බවුසරයකින්වත් නො යන, එහෙත්, මහවැලි එල් කලාපය ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය තනිකර ප්‍රෝඩාවක්. එහි මුලින් ම සිංහල ජනයා පදිංචි කළේ එහි ජීවත් වූ දෙමළ ජනයා පළවා හරිමිනුයි. මේ ඇතැම් දෙමළ ජනයා දකුණේ වාර්ගික කෝලාහල නිසා අවතැන්ව එහි ගිය අයයි. 

මුලින් පදිංචි කරන ලද සිංහල ජනයා සමාව ලද සිරකරුවන් පිරිසක් වන අතර, ඔවුන් හා එම ප්‍රදේශයේ කලින් ජීවත් වූ දෙමළ වැසියන් අතර ගැටුම් ඇති වුණා. දෙමළ ජාතිවාදී ව්‍යාපාර විසින් මෙම පියවර සිය භූමිය ආක්‍රමණය කිරීමක් ලෙස සලකා, ඩොලර් ෆාම්, කෙන්ට් ෆාම්හි පදිංචි කරන ලද දුප්පත් සිංහල ජනයා කපා කොටා මරා දමනු ලැබුවා. එය සිදු වුණේ 1984 නොවැම්බර් මාසයේදීයි. 

එයට ප්‍රතිප්‍රහාර ලෙස රවි ජයවර්ධනලාගේ අනුදැනුම ඇතුව සිදු වූවා යයි සැලකිය හැකි ජාතිවාදී ඝාතන ගැන සිංහල ජනයා එතරම් දන්නේ නැහැ. ඩොලර් ෆාම්, කෙන්ට් ෆාම් ප්‍රහාරවලින් කෙටි කලකට පසු පසු, වසර 1984 දෙසැම්බරයේදී රජයේ හමුදා වැලිඔයට නුදුරින් පිහිටි ඔදියමලෙයි ගම්මානයේ වැසියන් 32ක් ගමේ ගමේ ප්‍රජා ශාලාවට කැඳවා වෙඩි තබා මරා දැමුවා. 

ඒ සමගම, අලම්පිල්, කුමුලාමුනෙයි, කොක්කුතුඩුවායි, තෙන්නමරවාඩි, නයාරු, කෝකිලායි වැනි දෙමළ ජනයා විසූ තවත් පැරණි ගම් රැසකට පහර දී ජනයා පළවා හැරියා. මේ ප්‍රහාරකයන් ඉන් පසු එම ගම්වල ජනාවාස පිහිටුවද්දී ඒවාට තම නම් පවා දමා ගත්තා. පසු කලෙක කොටි ප්‍රහාරයකින් මිය ගිය අනුරාධපුරයේ එජාප නායකයකු වූ එවකට හමුදා නිලධාරියකු වූ ජානක පෙරේරා තම නමින් ජානකපුරයකුත්, බිරිඳගේ නමින් කල්‍යාණිපුරයකුත් පිහිටුවා ගත්තා. තව කවුරු හරි කොක්කුතුඩුවායි ජයසිංහපුර ලෙස නම් කළා. මේ ගම්වලින් පළවා හරින ලද මිනිසුන්ට තවමත් සාධාරණය ඉටු වී නැහැ. 

මේවා පුර ලෙස නම් කළත්, මේ ගම් ඉතාම දිළිඳු ජනයා ජීවත් වන දුෂ්කර ගම් ලෙසයි යුද්ධය අවසන් වන තෙක් ම පැවතියේ. මේ ගම්වල ජීවත් වූ ජනයාගේ ප්‍රධාන ජීවනෝපාය වුණේ ග්‍රාමාරක්ෂක රැකියායි. ගණිකා වෘත්තිය, සමාජ රෝග, බේබදුකම, මිනීමැරුම්, දූෂණ ආදිය ඉහවහා ගොස් තිබුණ මේ ගම්වල ජනයා ඇත්තෙන් ම පාවිච්චි කෙරුණේ මිනිස් පලිහක් ලෙසයි. බොහෝ විට, ගම්මාන තිබුණේ අනතුරුදායක වන්නි කැළයට මායිම්ව වන අතර, හමුදා කඳවුරු පිහිටුවා තිබුණේ පසුපසට වන්නටයි.  

මේ ගම්වල මිනිසුන් විශාල වශයෙන් කොටි සංවිධානය අතිනුත්, ප්‍රහාරවලට මැදි වීමෙනුත්, වකුගඩු නරක් වීම වැනි විවිධ ලෙඩ රෝගාදියෙනුත් මිය ගියා. ඔවුන් ඉතා අසරණ, ඉතා කටුක ජීවත ගෙවූ පිරිසක්. කොටි සංවිධානයේ ප්‍රහාර නිසා ඔවුන් වාර ගණනාවක් ම අවතැන් වුණා. එහෙත්, දුප්පත්කම නිසා මේ මිනිසුන්ට වෙන යන්නට තැනක් තිබුණේත් නැහැ. තවමත් මේ තත්වයේ ලොකු වෙනසක් සිදු වී නැහැ. 

රවි ජයවර්ධනලාගේ මේ සිංහල මිලිටරි ජනපදකරණය යුද්ධය තීව්‍ර වෙන්නටත්, කොටි සංවිධානය ශක්තිමත් වන්නටත් ඉවහල් වුණා. ඔවුන් බලාපොරොත්තු වූ අන්දමේ මිනිස් පවුරක් උතුර හා නැගෙනහිර පළාත් අතර හදා ගන්නටත් ඔවුන් අසමත් වුණා. මතක තබා ගත යුතු කාරණය වන්නේ, රවි ජයවර්ධනලාගේ මෙවැනි අමනෝඥ ක්‍රියාමාර්ගත් සමග ඇරඹුණු යුද්ධය අවසන් වුණේ ඉන් සියවස් කාලකට පමණ පසුව බවයි. ඒ අවරුදු 25 ඇතුළත සිදු වූ විනාශය අති විශාලයි. 

හමුදා නිලධාරියකු හා ගුවන් නියමුවකු ලෙස සේවය කළ, ඉලක්කයට වෙඩි තැබීමේ ශූරයකු ද වන, දරුවන් තිදෙනෙකු අනාථ කරමින්, පළමු බිරිඳ දික්කසාද කර, ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීමේ අරමුණ ද සහිතව තවත් කසාදයක් බැඳ ගත්, කලක් තායිලන්තයේදී මහණ වී භාවනා කරමින් සිටි අසමබර චරිතයක් වන රවි ජයවර්ධනගේ නිහතමානිකම ගැන සුරංගනා කතා ලියූ බොහෝ දෙනෙකු ඔහු ජනාධිපති පුතකු ලෙස නැටූ මෙවැනි නාඩගම් ගැන දන්නේ නැත. ඒවාත්, නාමල් රාජපක්ෂලා නැටූ නාඩගමුත් අතර වෙනස, ඒවා සොරකම් නො වීම පමණි. කෙසේ වෙතත්, රවි ජයවර්ධන ද අපහරණය කළේ සිය පියාගේ දේශපාලන බලය ම තමා ය.

ඔහු පොලිස් විශේෂ කාර්ය බලකාය පිහිටුවීම ගැන උදම් ඇනුවාට, එමගින් ඇත්තෙන් ම කරනු ලැබුවේ ත්‍රස්තවාදීන්ගේ ම උපක්‍රම භාවිතා කරමින් ත්‍රස්තවාදය මර්දනය කිරීමයි. එහි ඉතිහාසයේ ද බොහෝ මතභේදාත්මක කරුණු තිබේ. 

ලංකාවේ මාධ්‍ය පොරවල් බලා ඉන්නේ කවුරු හෝ කිසියම් දෙයක් කළ අයෙකු මැරෙනකල් ය. ඉන් පසු අපේ සර් අපේ මචං මළා වැනි කතා ලියමින් එකට බිවූ හැටිත්, තමන්ට අරක්කු නොදී වීරයා තනියම බීම ගැන ඇරියසුත් ලියති. ඇත්තෙන් ම, මේවායින් කරන්නේ වීරයාගේ භූමිකාව ගැන විවරණය කිරීම නොව, තමන් ගැන ම ලියා ගැනීමයි. මැරුණ වීරයාගේ මළ සිරුරට හේත්තු වී තමන්ගේ හිස් චරිත ගොඩ දා ගැනීමයි. රවි ජයවර්ධන අඩු තරමේ පිස්සන් සමග අරක්කු බීමෙන් හෝ වැළකී තිබේ. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මේවා බොහෝ අයට දිරවන්නේ නැති කතාය.

    ReplyDelete
  2. එයත් එහෙමද ?

    ReplyDelete
  3. පැරා ඔබට අතිශයින් ස්තුතියි මේ ටික ලීවට. මටත් ඔහු හමුවුනේ එකෙවරක් පමණයි. ඒත් සේපාල ආටිගල කියන මිනිහ ආරක්ෂක අම්ත්යන්සයේ ලේකම් කාලේ. එතකොට ඔහු එතන උපදේශකයෙක්. මම ඉස්සෙලම ඔහුව අඳුනගත්තේ තාත්තගේ නහයෙන්. ඔහුට ලොකු බලයක් තිබුන එතන. මේ ආකාරයෙන් ලිවීම ඉතා අගයකරමි. නමුත් මිනිස්සුන්ට ඕනැ සුරඟන කතා.මේවා රට විනාශය කරා ගෙනෙයමට අමතරව දෙමළ ජනතාවට කරනලද විශාල අසාදාරනයක්.

    ReplyDelete
  4. Para, though I agree with most of your independent writing, I have to disagree with you here. A lot of people suffered during the war. Yes, Welioya was a buffer zone, and LTTE attacked the settlers. But it was a necessary evil. Didn't the LTTE attack Colombo? If we did not have that buffer zone, LTTE would have got a contiguous land bridge between North and East. That would have given the LTTE a much greater force multiplier that would have been too much for the SL army to handle. LTTE was hell bent on removing the army from Welioya area, remember the battle led by Janaka Perera in which over 3000 LTTErs were killed?

    I have served in the Mahaweli zones on the 80's, and experienced the situation first hand, unlike some of the armchair pundits who are commenting here !

    ReplyDelete
    Replies
    1. Para is telling us what has been done to innocent Tamil people. Things done has pushed Tamils towards LTTE. Same thing happened in Colombo in 83.

      Delete
    2. In fact, this buffer already existed since 1950s. There was road from Kebithigollewa via Padaviya, Padavi Sripura to Kokilai lagoon. Sinhapura Army camp was there between Padavi Sripura and Kokilai since long time before the start of war.

      On the other hand, there was a road from Parana Medawachchiya on Pulmudai road to Trincomalee since a long time. This so-called buffer zone did not serve much military purpose other than being catalyst for LTTE's cause.

      Padaviya was never safe because of this buffer. I was there when LTTE attacked Eke Kanuwa, one mile east of Padaviya. The villages like Herath Halmillewa were also attacked.

      LTTE freely crossed the line between north and east from anywhere between Kebithigollewa and Kokilai until they were weakened in east due to Karuna's defecting. This mass stretch of land was mostly deserted and it was never safe during war. Welioya is just a dot on this vast land mass which belonged to Anuradhapura, Vavuniya, Mullaithivu and Trincomalee districts.

      Delete
    3. Thanks Para, I am no military expert, perhaps someone with military knowledge can chip in here. (Where is Wicharaka ?) The then UNP govt even considered developing the Yan Oya basin as part of the Mahaweli scheme to settle more people in the area. May be Welioya was only a small part of a bigger plan, how effective it was is subject to intepretation. However, one cannot argue the fact that denying the contiguous land mass between North and East was a thorn in LTTE's side. They may have moved in small numbers, but when you have a large military base in the area with artillery guns etc, and with local intelligence, it is very effective. I am sure you are aware that there was a contiguous forward defence line from the East coast to the West coast those days north of Vavuniya and LTTE did cross this line in smaller numbers and mounted attacks on border villages from time to time. What would have been the effect if there was no defence line at all ? Make your own conclusion.

      Delete
  5. ර ප්‍රේමදාස ගේ මොසාඩ් කොමිසම මතකද?

    ReplyDelete
  6. මගේ බිරිඳ ගේ මාම කෙනෙක් හිටියා .STF එක ආරම්භ කරපු මුල්ම කාලෙ ඒකට බැදුණ .පොලිසියේ ඉද්දි බැදුණ ද කෙලින්ම බැදුණ ද කියලා මතකයක් නැහ.බදින්න ඉන්න කෙල්ලගෙ ගෙදර කාමරයේ රෑ ඉන්න විට jvp එකෙන්, ඇරපු ජනේලයෙන් වෙඩිතබා මරලා දැම්ම.හදිසියේම මලගෙදරට රවී ආව. ඒ වෙලාවෙදි තමයි මාම රවී ජයවර්ධනගේ රියදුරු බව ගෙදර අයත් ජේ වී පී කාරයොත් දැනගත්තෙ.

    ReplyDelete
    Replies
    1. අවිස්සාවෙල්ල ආසනයේ නේද? මියගිය පුද්ගලයාගේ නමත් ජයවර්ධන නේද? වෙඩි තියා පැයකින් පමණ මම එහි ගියා.

      Delete
    2. ඔව් එයා තමයි.. මම දැනගෙන හිටියා උඹ එහෙ ගියා කියලා... මොකද මම ඒ වෙලාවෙ උඹලගෙ ගෙදර ගියා...

      Delete
    3. හෙහ් හෙහ්, මගෙ ගෙදර ඒ වෙලාවෙ හිටියේ උඹේ අම්ම. උඹ උඹේ අම්මත් එක්කත් ....?

      Delete
    4. සමහරවිට රවීට රියදුරන් කීදෙනෙක් හිටියද කියලා මම දන්නෙ නැහ.මම සඳහන් කරන කෙනාට වෙඩිතබා මරා දැමුවේ තිස්සමහාරාම දි .මාමගෙ ගෙදර තිබුනෙ කතරගම

      Delete
    5. ඉයන් උඹ කලුතරද ? වාසගම සේනාරත්නද?

      Delete
  7. OK Ravi was in the army and he was a strategist. What is wrong with that. If you do not do anything and just live your life like a Zombie, then he is a good man.. what skewed logic

    ReplyDelete
    Replies
    1. Yes. Ravi was a strategist and that is the most important trait of his character, not the humbleness. That's why we evaluated his role in war which ultimately served LTTE's cause and dragged the war for 25 years more taking many thousands of lives of the people of this country.

      Delete
    2. So as per your logic, strengthening of military had dragged the war.. right? A weak military would have allowed all the butchery by LTTE terrorists and their dreamland mono-ethnic Tamil Eelam in a shorter time where their fore fathers manufactured since 1920s . So the war too would not have dragged on.. You are smart man..!!

      Delete
    3. You are wrong anonymous. Both the government and the LTTE strengthened their forces continuously.

      I criticize Sinhala colonization which ultimately helped LTTE to rationalize their cause and to win support of the Tamils and the international elements.

      Delete
  8. යුරේකා!! පැරාගේ ලියවීම් අතරින් බොහෝ ඒවා සමඟ 90% කට එහා මගේ මතයට එකඟයි. මේක තමයි 1% වත් එකඟ වෙන්න බැරි පළමුවෙනි ලියවිල්ල.

    ReplyDelete
    Replies
    1. ඒක ගැටලුවක් නැහැ ඉයන්. ඔබේ අදහස පැහැදිලි කරන්න. මම මේ කාරණා ලියන්නේ යුද්ධයේ උච්චම අවධියේ සිවිල් වැසියකු ලෙස ඔය ප්‍රදේශයේ අවුරුදු පහක් විතර ජීවත් වෙමින් කරන ලද අධ්‍යයනයක් පදනම් කරගෙනයි.

      Delete
    2. දෙතුන් දෙනාගෙම ඒවා කියවලා බලමු

      Delete
    3. පැරා, දශක ගාණක බෙදුම්වාදී කටයුතු සහ රජය සහ සමාජය එය සමඟ ගනු දෙනු කල අවස්ථාවල බොහෝ වැරදුනු තැන් තියෙනවා. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. ඔබගේ මතෘකාව රවී ජයවර්ධන ගැනයි. ඔහු අවංකවම ඔහුට ඒ සඳහා කල යුතු යැයි සිතුනු සහ ඔහුට කල හැකි යැයි සිතුණු දේ ඔහු කලා. ජනාධිපති පුත්‍රයා 'බලතල' ඔහු යොදාගත් එකම විදිහ ඒකයි. ඔහු අතින් වැරදි වෙන්න ඇති. එම වෙන්නට ඇති වැරදි හිතා මතා කල ඒවාවත් රටට හානි කිරීමට කල ඒවාවත් හෝ ඔහුට අසාධාරණ වාසියක් සඳහා කල ඒවාවත් නෙවෙයි. ඒවා ගැන සඳහන් කරමින් ජනාධිපති දරුවන් අතරින් ඉතාමත් වනචරම හැසිරීමක් පෙන්වූ රාජපක්ෂ පුත්‍රයන් හා සමාන කිරීම නම් ඇදහිය නොහැකියි.

      රවී ජයවර්ධනගේ ජීවිතයේ ඉතා සුළු කොටස් කිහිපයක් ඇසින් දකින්න මම වාසනාවන්ත වුණා. ඔහුගේ හැසිරීම ජනාධිපති පුතෙකුන් තියා අනික් තරාතිරම් වල අයගේ පුතෙකුගෙන්වත් මම නම් දැක නැහැ. ශ්‍රීලාංකිකයෙක් වශයෙන් මට ඔහු ගැන ඇත්තේ අසීමිත ගෞරවයක්.

      Delete
    4. ඉයන් ඔබේ ලියවිලිත් හොඳ ඒවා තිබෙනවා.

      නමුත් ඔබ යම් දේශපාලනය සහ දේශපාලකයන් හා සම්බන්ධ අය සම්බන්ධයෙන් ඉතාම පක්ෂග්‍රහී පිළුණු අදහස් දක්වන්නෙක්.

      Delete
  9. රවි ජයවර්ධනලාගේ සිංහල ජනපදකරණය නිසා උතුරත්, නැගෙනහිරත් අතර මිනිස් පවුරක් හැදුණා ය කියන එක මිථ්‍යා අදහසක්. ඇත්තෙන් ම, කැබිතිගොල්ලෑවේ සිට පදවිය, පදවි පරාක්‍ර‍මපුර, අලිවංගුව, පදවි ශ්‍රීපුර, සිංහපුර හරහා නැගෙනහිර වෙරළේ කෝකිලායි කලපුව දක්වා ම 1950 දශකයේ සිට ම පාරක් තිබුණා. ජනාවාසත් තිබුණා. ඒත්, කිලෝමීටර් 100ක් පමණ වන මෙම දැවැන්ත භූමි ප්‍රදේශයේ ගම්මාන තිබුණේ අතරින් පතරයි.

    වැලිඔය කියන්නේ මේ භූමියට පිටින් පිහිටවන ලද සාපේක්ෂව කුඩා ප්‍රදේශයක්. එහි පිහිටුවන ලද ජනපද හා හමුදා කඳවුරු ඒ ප්‍රදේශයට තමයි වැඩිපුර අදාළ වුණේ. පදවිය, හේරත්හල්මිල්ලෑව වැනි ගම්වලට මේ බෆර් එක නිසා ආරක්ෂාවක් සැලසුණේ නැහැ.

    කරුණා අම්මාන්ගේ කැඩී යාම නිසා නැගෙනහිර කොටි බලය දුර්වල වන තෙක් ම කොටින් කැබිතිගොල්ලෑවත්, කෝකිලායිත් අතර ප්‍රදේශවලින් රිංගා නැගෙනහිරට ගියා. ඒවා ගරිල්ලා හමුදාවකින් සම්පූර්ණයෙන් ම ආරක්ෂා කරන්නට බැරි තරම් විශාල කැළෑ.

    වැලිඔය සිංහල ජනපදය ඇත්තෙන් ම අලුතෙන් ආරම්භ කරන ලද විවෘත යුදබිමක් වුණා මිස වැලිඔයින් සිදු වූ ලොකු ප්‍රයෝජනයක් ඇතැයි මා නම් සිතන්නේ නැහැ. වැලිඔයත්, වන්නි කැළෑවත් අතර ප්‍රායෝගිකව ම දේශසීමා වැටක් ඉදි කර තිබුණා.

    එම ප්‍රදේශවල පිහිටා තිබුණු තෙන්නමරවාඩි වැනි ඉපැරණි දෙමළ ගම්වල මිනිසුන් පහර දී පළවා හැරිය ආකාරය කොටි සංවිධානය විසින් සිය අරමුණු සාධාරණීකරණය කර ගැනීම සඳහා මුළු ලෝකයට ම අලෙවි කර ගත්තා.

    මේ ගම්වලින් පළවා හරින ලද මිනිසුන් කොටි සංවිධානය සමග එක් වූ බවත්, ඔවුන් මෙම භූමි කලාපය පිළිබඳ විශේෂඥ දැනුමක් තිබුණු අය ලෙස කොටින්ගේ අරමුණු වෙනුවෙන් යොදා ගත් බවත් දැන ගන්නට ලැබුණා.

    ජාතීන්ගේ ප්‍ර‍ශ්නයට දේශපාලන විසඳුමක් සෙවීම එතරම් දුෂ්කර නො වූ මුල් කාලයේ රවි ජයවර්ධනලා කළ මෙවැනි අමනෝඥ ක්‍රියා නිසා යුද්ධය තවත් අවුරුදු 25ක් දිග්ගැහුණ බව අමතක කරන්නට එපා.

    ReplyDelete
  10. It was Ravi J who transformed along with Lalith,Sri Lankan army from a ceremonial outfit to a professional army...and They managed to corner Tigers towards decimation during Operation Liberation short time after these reforms...we all know why THAT failed...so don't blame Ravi for dragging war for 25 years using skewed logic ..further we don't know for certain as to why Ravi divorced Charmaine Wunderkoon,JRJs favorite daughter in law...so stop passing judgement based on petty assumptions

    ReplyDelete
    Replies
    1. Basically, the main reason for the dragging of war was lack of will from both parties to negotiate a political settlement. International pressure and other political affairs area also part of the crisis and it is not wise to say this and that was the reason for failing to end war by war.

      In terms of this Ravi Jayawardane was no better than the LTTE and other Tamil and Sinhala nationalists.

      Delete
    2. Para,
      //Basically, the main reason for the dragging of war was lack of will from both parties to negotiate a political settlement.//

      Can we re-phrase this by saying "Basically, the main reason for the dragging of war was lack of will from Sri Lankan Government to defeat LTTE by a military solution" is that correct ?

      Delete
    3. Both Sri Lanka government and the LTTE always had that will to defeat each other. But both of them had no will for peace.

      War is not only the battlefield. International politics was also part and parcel of war. Ultimate result was due to balance of capacities in terms of all these things.

      Delete
  11. And further as per Tarzie Vittachchi there were already Sinhala settlements inPadaviya...and those Padaviya Panzers as he called them did not attack Tamil people who we're meant to be settled,but refugees from anti Tamil protein.they were saved by the then GA Aluwihare and Ceylonese army..so you are wrong here too

    ReplyDelete
    Replies
    1. Well said lakshan

      Delete
    2. I have met and discussed with the settlers in Padaviya who had engaged in this attack. Most of them had been the employees of the Land Development Department and public property was also used in this attack.

      First the allocated land in Padaviya was not allowed to be given to the Tamils. Vavuniya MP Sundaralingam led the protest against this and he led the struggle for the rights of Tamils. The attacked action was related to it.

      The land allocated for Tamils as per the state policy of ethnic proportions were squatted by the settlers who were brought from southern areas under the patronage of Sinhala racist politicians and the late Bhikku of Padavi Sripura temple.

      Delete
  12. I commend Para for the great courage he had to write this article, knowing it would draw heavy criticism and other kinds of brick bats. It's an eye-opener for everybody and reminds us that one should not praise the day until the dusk. Never praise politicians or their close ones who are seemingly "patriots", for there is no single one of them who doesn't act without ulterior motives.

    ReplyDelete
  13. ane palayan gon pera tho demalunta kade yana NGO balla Welioya nethnam koti anuradapuren pahalatath ewith thota koti winasa karapu eka gena dukai neda yako oita wada hodai puken atha daala bada welak edagena kaapiya jathiya pawala nodee

    ReplyDelete
  14. හොඳ විස්තරයක්;JR ගේ පුතා MR ගේ පුතාගෙන් වෙනස් වෙන්නේ JR ගේ පුතා නිදහස් පසුව බිහිවූ සිංහල-බෞද්ධ ජාතික රාජ්‍යයේ අනන්‍යතාවයට අනුගතවු, එහි ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කල තැනැත්තකු වීමත්, MR ගේ පුතා එසේ කිරීමට අසමත්වුවෙකුවීම තුළ නොවේද ?
    දැන් ලංකාව තුල අවංක, නිහතමානී, ගුණ යහපත් සහ වීරයා ආදී සියල්ල නිර්ණය වෙන්නේ එම රාජ්‍යයේ පැවති වෙනුවෙන් දක්වන මැදිහත්වීම මත නොවේද ?

    ReplyDelete
    Replies
    1. ලාංකික දෙමළ ජාතිවාදීන් සහ සිංහල ක්‍රිස්තියානි මධ්‍යම පන්තිය අතර සමාන කමක් දැකිය හැකියි.
      දෙමල ජාතිවාදියන්ට අවශ්‍ය මෙරට සිංහල සංස්කෘතියට හිමි තැන අහිමි කිරීමටයි.
      සිංහල ක්‍රිස්තියානි මධ්‍යම පනිතියට අවශ්‍ය මෙරට සිංහල ‍බෞද්ධයන්ට හිමිතැන අහිමි කිරීමටයි.
      ඔවුන් දෙපිරිසම මෙරටතුල පවතින ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට සේවය කරන්නන්.

      Delete
    2. Jagath
      100% Truth

      Delete
    3. Jagath
      100% false.

      Delete
    4. No you wrong. You racism. Why that you talk this like.

      Delete
  15. //හමුදා නිලධාරියකු හා ගුවන් නියමුවකු ලෙස සේවය කළ, ඉලක්කයට වෙඩි තැබීමේ ශූරයකු ද වන, දරුවන් තිදෙනෙකු අනාථ කරමින්, පළමු බිරිඳ දික්කසාද කර, ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීමේ අරමුණ ද සහිතව තවත් කසාදයක් බැඳ ගත්, කලක් තායිලන්තයේදී මහණ වී භාවනා කරමින් සිටි අසමබර චරිතයක් වන රවි ජයවර්ධනගේ නිහතමානිකම ගැන සුරංගනා කතා ලියූ බොහෝ දෙනෙකු ඔහු ජනාධිපති පුතකු ලෙස නැටූ මෙවැනි නාඩගම් ගැන දන්නේ නැත.//

    මෙහි සදහන් බොහෝ දේවල් ඔහුගේ පුද්ගලික ජිවිතයට අදාළ දේ ය.
    දරුවන් සිටින බිරිදක් දික්කසාද කල හැක්කේ, තවත් කසාදයක් කර ගත හැකිවන්නේත්, තායිලන්තයේදී මහණ වී භාවනා කිරීමට හෝ අනිකුත් කාරණා කල හැක්කේ ජනාධිපති පුතෙකුට පමණක් නොවේ.
    කෙනෙකුගේ අතිශය පුද්ගලික ජිවිත තොරතුරු එම පුද්ගලයාගේ චරිතයට හානි කරනු වස් මෙම ලිපියට යොදා ගැනීම අතිශය පිළිකුල් සහගතය.
    පැරකුම් ජයසිංහ මහතාණෙනි ඔබත්, බලු කුනත් විකුණා මුදල් සෙවීමට හැකි නම් එසේද කිරීමට නොපැකිලෙන අසීලාචාර මාධ්‍ය ව්‍යාපාර අතර වෙනසක් මේ ලිපියෙන් මම නොදකිමි.

    එයින් අදහස් කරන්නේ ඕපාදුප මාධ්‍යකරණය ගැන මිස ඔබ මේ ලිපිය මුදල් සෙවීම සදහා ලිවුවක් බව නොවේ.

    ReplyDelete
    Replies
    1. මේ සියලු කාරණා පසුගිය දිනවල ප්‍ර‍ධාන ධාරාවේ මාධ්‍යවල වාර්තා වූ ඒවා ය. අනෙක, කිසියම් පුද්ගලයකු පරමාදර්ශී චරිතයක් ලෙස සියලුම ප්‍ර‍ධාන ධාරාවේ මාධ්‍ය විසින් සමාජයට ඉදිරිපත් කරන විට ඒ පිළිබඳ ප්‍ර‍ශ්න කරන්නටත් විකල්ප මාධ්‍යවලට අයිතියක් ඇත.

      රවි ජයවර්ධන මේ රටේ මහජන මුදලින් වැටුප්, වරප්‍ර‍සාද ලබන හා රටට විශාල බලපෑමක් කළ ජ්‍යේෂ්ඨ තනතුරකට පත් වුයේ තනිකර ම ඔහු මෙරට විධායක ජනාධිපතිවරයාගේ පුත්‍ර‍යා නිසා ය. ඒ බඳවා ගැනීමේ ක්‍රියාවලිවල කිසිදු විනිවිද පෙනෙනසුළුභාවයක් නැත.

      එවැනි පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධ කරුණු පවා ප්‍ර‍ශ්න කිරීමට බදු ගෙවූ ජනතාවට අයිතියක් තිබේ. හේතුව, එදා සිදු කළ එවැනි වැරදි ක්‍රියා සාධාරණීකරණය පිණිස මෙවැනි පුද්ගලයන්ට සාධු චරිත නිර්මාණය කර දීම මාධ්‍ය විසින් කරන බැවිනි.

      Delete
  16. පැරා,

    //දරුවන් තිදෙනෙකු අනාථ කරමින්, පළමු බිරිඳ දික්කසාද කර, ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීමේ අරමුණ ද සහිතව තවත් කසාදයක් බැඳ ගත්// ඔබත් මමත් ඔවුන්ගේ පුද්ගලික ජීවිතය ගැන දන්නේ නෑ නමුත් ඔබකියන "දරුවන් තිදෙනෙකු අනාථ කරමින්" කියනදේ පිළිගන්න බෑ මොකද මේ දරුවන් විදේශ වලට යවල අධාපනය දීල තිබුන, මේක නම් රවිට මඩ ගැසීමක් පමණයි.


    //දැන දැනම එවන්නක් සිදු වූයේ නම් ඔහුගේ අරමුණ වන්නට ඇත්තේ රටත්, ජනතාවත්, ජනතා මුදලුත් පරදුවට තබා සිය පියාට දේශපාලන ස්ථාවරත්වයක් ගොඩ නැගීමට උපකාර කිරීමයි.//
    මෙයත් පිළිගත නොහැකියි පැරා මොකද රටත් ජනතාවත් පරදුවට තැබුවානම් ඒ රටේ පාලක යට "දේශපාලන ස්ථාවරත්වයක් ගොඩ නැගීමට" කියන දේ වෙන්නේ නෑ නේ.

    //කෙසේ වෙතත්, එය පලස්තීන වැසියන්ගේ ගම් බිම් මත පිහිටුවන ලද ඊශ්‍රායලයේ බලහත්කාර යුදෙව් ජනාවාසවලට සංකල්පය පැත්තෙන් බොහෝ දුරට සමාන වුණා. //

    මගේ පියාගේ මුස්ලිම් මිතුරෙකු කිව්ව දෙයක් කියන්නම් ඔහු යාපනයේ මැලේ විදිය නමැති විදියේ පදිංචි වෙලා මිලමුදල් හොදට උපයමින් සිටි කෙනෙක්, දිනක් 1991 පමණ කොටි සංවිදානය කියනවා ඔවුන්ගේ සියලු දේපල බැංකු ගිණුම් ද සහිතව කොටි සංවිදානය සතුවන බවත් ඔවුන්ට එක පවුලකට රුපියල් 500 ක් තියාගෙන සරණාගතයන් ලෙස දකුණට යන්න පුළුවන් බවත් පවසනවා, කොටි පතියන් ලෙස හිටපු මිනිසුන් හිගන්නෝ වගේ දකුණේ සිංහල ප්‍රදේශවල ආරක්සාව ලැබුන නමුත් ඔබ නිකන් හිතන්න සිංහල මිනිසුන් සුළුතරය වෙලා දෙමල අය බහුතරය උනානම් අද වෙන විට සියලු සිංහලයන් සරණාගතයන් වෙනව, හොදට මතක තියාගන්න ඔය පාහර වැඩේ LTTE එක කරන කොට දෙමල උගතුන් කීදෙනෙක් විරුද්ද උනාද ?

    //වසර 1984 දෙසැම්බරයේදී රජයේ හමුදා වැලිඔයට නුදුරින් පිහිටි ඔදියමලෙයි ගම්මානයේ වැසියන් 32ක් ගමේ ගමේ ප්‍රජා ශාලාවට කැඳවා වෙඩි තබා මරා දැමුවා.//

    කරුනාකර පිළිගත් මාද්යක ලිපියක් ඉදිරිපත් කරන්න මේ සිද්දිය ගැන.

    //ඔහු පොලිස් විශේෂ කාර්ය බලකාය පිහිටුවීම ගැන උදම් ඇනුවාට, එමගින් ඇත්තෙන් ම කරනු ලැබුවේ ත්‍රස්තවාදීන්ගේ ම උපක්‍රම භාවිතා කරමින් ත්‍රස්තවාදය මර්දනය කිරීමයි. එහි ඉතිහාසයේ ද බොහෝ මතභේදාත්මක කරුණු තිබේ. //

    මේ ගැනනම් ඔබට ප්‍රශ්න ඇති පැරා ඔබට මතකද ඔබේ කොලුගැට කාලේ ඔබල රජයේ නිලදාරීන් වෙඩි තියල දැම්ම, මතකද බස්රථ වලට ගිනිතිබ්බ මතකද මිනිසුන් මරාදමල මල මිනියෙනුත් පළිගත් ඒ (අ)සුන්දර කාලේ. රජය මිනින් සාමාන්‍ය නිතිය ක්‍රියාත්මක කරද්දී අධි වේගයෙන් ත්‍රස්තවාදී ක්‍රියාකරන විට ත්‍රස්තවාදයට ත්‍රස්තවාදයෙන් පිළිතුරු දුන්නවිට ඔබේ සදාදර රෝහණ විජේවීරයන් කනත්තේ පණපිටින් පුච්චල ත්‍රස්තවාදයෙන් සාර්ථකව ඔබේ කොලුගැට කැරැල්ල ඉවර කරා.

    මේකේ ඇති මතබේදයක් නෑ මෙවැනි දැඩි ක්‍රියා නොගන්න ශ්‍රී ලංකාව කම්පුචියාවක් වෙන්න තිබුන.

    //ජාතීන්ගේ ප්‍ර‍ශ්නයට දේශපාලන විසඳුමක් සෙවීම එතරම් දුෂ්කර නො වූ මුල් කාලයේ රවි ජයවර්ධනලා කළ මෙවැනි අමනෝඥ ක්‍රියා නිසා යුද්ධය තවත් අවුරුදු 25ක් දිග්ගැහුණ බව අමතක කරන්නට එපා.//

    එතකොට එකට මහින්ද විසදුම් දුන්නේ මොන සාක්ච්චවෙන්ද ? JR ඉන්දියන් හමුදාව ගෙන්වීමට විරුද්ද වුන කෙනෙක් තමයි රවී ඔබනම කියනවා LTTE එකට සාකච්චාවෙන් විසදුමක් උවමනා කලේ නැති බව ඉතින් ඔබ කියන්නේ ශ්‍රී ලංකා රජයට දිගටම සාකච්චාව ගැන විශ්වාසය තියන්න කියලයි ඒ කියන්නේ කොච්චර ගැහුවත් වදින්න කියල නේද ?

    ඔය කියන සාම සාක්ච්ච්චා නිසයි යුද්දය මෙච්චර දිගුඋනේ යුද්දය හරි විදියට කලානම් වසර 30 ගියේ වසර 3 කින් ඉවර කලයුතු යුද්දයක් ඇත්තටම 1987 හරි විදියට යුද්දය කලානම් මාස ගණනකින් ඉවර කරන්න තිබුන.

    // Basically, the main reason for the dragging of war was lack of will from both parties to negotiate a political settlement.//

    So you are advocating the Sri Lankan government that it has to concentrate only on negotiated settlement at the same time LTTE can continue its military conflict, so peace brokers will always in a position to gain a piece, what a intelligent way to think.

    ReplyDelete
    Replies
    1. //කරුනාකර පිළිගත් මාද්යක ලිපියක් ඉදිරිපත් කරන්න මේ සිද්දිය ගැන.// කරුණාකර ඔබ පිළිගන්නා මාධ්‍යවල ලැයිස්තුවක් සහ ඔබව මට පිළිගැනීමට ඔබගේ නම, ලිපිනය, හැඳුනුම්පත් අංකය ආදී විස්තර මා වෙත ඉදිරිපත් කරන්න. (ප්‍ර‍සිද්ධියේ බැරිනම් පෞද්ගලිකව ලබා දෙන්න)

      Delete
    2. //ඔබව මට පිළිගැනීමට ඔබගේ නම, ලිපිනය, හැඳුනුම්පත් අංකය ආදී විස්තර මා වෙත ඉදිරිපත් කරන්න//

      මාව පිළිගනිම ඔබටවත් මෙය කියවන පුද්ගලයන්ටවත් වැඩක් නෑ, වැදගත් වන්නේ මම ඉදිරිපත් කරන අදහස ඇත්තද බොරුද කියන එක පමණයි.
      මම මගේම පුද්ගලික කිසිවක් මෙතන ඉදිරිපත් කරලා නෑ ඕනෑම දෙයක් ඇත්තද බොරුද කියල සොයන්න පුළුවන්.

      ඒවගේම ඔබ කියන දේ සිදුවී ඇත්තම් ලෝකයේ පිළිගත් ජනමාද්‍ය වල පලවිය යුතුයි. ඔබ කියන දේ ඇත්තනම් මෙය යුද අපරාදයක් වියයුතුයි, කිසිවෙක් මෙතක් ඔය සිද්දිය යුද අපරාදයක් ලෙස වාර්තාකර නෑ නේද ?

      Delete
    3. ඉහත කරුණ මා සඳහන් කරන්නේ මට එම විස්තර අවශ්‍ය නිසා නොව, ඔය පිළිගත් කතා දැන් අදාළ නැති නිසා ය. වඩා වැදගත් වන්නේ තොරතුර කෙතරම් විශ්වසනීය ද යන්නයි. මේ පිළිබඳ ගවේශනය කර බලන්න. එය වාර්තාගත වූවකි. තෙන්නමරවාඩි, කොක්කුතුඩුවායි වැනි ගම්වලින් මිනිසුන් පළවා හැර ඒවා වනගත වූ පසු මා ඒ ගම් බලන්නට ගොස් ඇත.

      මා යුද විරෝධියෙකි. ලංකාවේ රජය මෙන් ම කොටි සංවිධානය ද කිසිදු කලෙක දේශපාලන විසඳුමක් සඳහා අවංකව උත්සාහ කර නැත. වැඩිය ඕනෑ නැත. දැන් කොටි සංවිධානය නැත. දෙමළ ප්‍ර‍ජාතාන්ත්‍රික දේශපාලනය සමගවත් දේශපාලන විසඳුමක් ඇති කර ගැනීමට රජයට හා සිංහල නායකයන්ට උවමනාවක් නැත. එයින් දෙන පණිවුඩය කුමක් ද?

      Delete
    4. පැරා,

      ඔය පුවත වාර්තා වෙලා තියනවා හැබැයි පිළිගන්න පුළුවන් ජනමාද්‍ය වල නෙමෙයි. මෙවැනි පුවත් පහසුවෙන් ගොතන්න පුළුවන්. මෙවැනි දේයක් සිදුවුනා නම් ශ්‍රී ලංකා රජයට එරෙහිව අතිවිශාල අන්තර්ජාතික විරෝදයක් පැනනගිනවා.

      ඔබ හොදට බලන්න මම ඔවුෂද මාෆියාව ගැන අදහස් පලකරන විට මම සමාජ මාද්‍ය වල කවුරු හරි දාපු කරුණක් දාන්නේ නෑ හැම විටම පිළිගත් මාද්යක් තුලින් උපුටා දැක්වීම කරනවා.

      උදාහරණ ඉයන් පසුගියදා දාපු පුවතකට මම පහත කොමෙන්ටුව දැම්ම

      {
      කරුනාකර මේ සබැදි බලන්න
      01. http://www.bmj.com/content/353/bmj.i2139/rapid-responses
      Journal of the American Medical Association (JAMA)

      02. http://www.hopkinsmedicine.org/news/media/releases/study_suggests_medical_errors_now_third_leading_cause_of_death_in_the_us

      ඇමරිකාව තුල සිදුවෙන මරණ වලින් 1/3 සිදුවෙන්නේ වෛද්‍යවරුන් ගේ වැරදි වලින් බව පෙන්වාදෙනවා, ඇමරිකාවේ මෙහෙම කියන්න පුළුවන් වෙලා තියන්නේ ඇයි ? එහි සිදුවෙන ඕනෑම මරණයක්, මරණ පරීක්ෂණයක් කරන අතර මරණයට හේතුවූ කරුණ සෑම විටම සොයාගෙන සංක්‍යා ලේකන වන ඇතුළු කරනු ලබනවා.
      }


      මේවා කාගේවත් පිස්සු කතා නෙමෙයි ලොව පිළිගත් වෙබ් අඩවි වල සන්ක්‍යා ලේකන මත පලවී ඇති තොරතුරුයි. මේ නිසා මේවා කියවන දොස්තර වරු කට හොල්ලන්නෙ නෑ ඔවුන් අහන්නේ නෑ මම දොස්තර කෙනෙක්ද කියල මොකද මේ සබැදි ඉදිරිපත් කරලා තියෙන්නේ ඔවුන්ගේ මුදුන් මල්කඩ වැනි ඉහලම තැනකින්

      //මා යුද විරෝධියෙකි. //
      මා නම් යුද්දයට ඉතාම පක්ෂපාති කෙනෙක්, ඔබ දන්නවද ඇයි කියල? යුද්දයෙන් තමයි විශාලම ජිවිත ප්‍රමාණයක් බේරිලා තියෙන්නේ තව විදියකින් කියනවනම් සාම සක්ච්චා නිසයි විශාල ජිවිත නැතිවුනේ.

      මහින්දගේ කුරුරු යුද්දයෙන් නැතිවූ ජිවිත වලට වඩා අතිශයෙන් වැඩි ජිවිත ප්‍රමාණයක් සාම සාකච්චා නිසා නැති උනා. යුද්දයට උවමනා ඔක්සිජන් සැපයුවේ මේ සාම සාකච්චා වලින්.

      තව සරලව කියනවනම් බලය බෙදීම කියන්නේ දැන් ඉන්න දෙමල දෙසපාලුවොන්ට පාලන බලය දීම නම් ඔවුන් දිගින් දිගටම කරන්නේ තම ජනතාවට කිසිම සේවයක් නොකර සියලු වරප්ප්‍රසාද ගන්න අතර බලය රැකගැනීමට ජාතිවාදය ප්‍රචාරණය කිරීමයි. උතුරු පලත්සබාවේ ලබාදුන්නා ප්‍රතිපාදන වලින් වැඩක් නොකර මද්යම රජයට දීමෙන් මෙය ඔප්පු වෙනවා.

      මෙන්න මෙනිසයි මම සිංගප්පුරුව වැනි ප්‍රජාතන්ත්‍ර වාදය සීමාසහිත රටක් ශ්‍රී ලංකාවට ගැලපෙනවා කියල කියන්නේ.

      මටනම් කිසිම පුද්ගලයකු කියන දේ කිසි වැදගැම්මකට නෑ අදාළ පුද්ගලයා කුණුහරුපෙන් බැනල හරි පිළිගතයුතු සබැදි ඉදිරිපත් කරනවානම් එයයි වටින්නේ.

      Delete
    5. ඔය වකවානුවේ පිළිගත් ජනමාධ්‍ය තිබුණේ දැඩි නිල හා නො නිල පාලනයක. ලංකාවේ යුද්ධය ජාත්‍යන්තරකරණය වී තිබුණෙත් ඉතා අඩුවෙන්. මෙය යාපනය විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය සිය වාර්තාවල දක්වා තිබෙනවා. ඔබ කියයි එයත් පිළි ගත නො හැකි මූලාශ්‍ර‍යක් ය කියා.

      යුද්ධයේ සියලු පැති ආවරණය කළ කිසිදු මාධ්‍යයක් ලංකාවේ නම් තිබුණේ නැහැ. ඒ නිසා කිසිදු මාධ්‍යයක් පිළි ගන්නට බැහැ. ඒ වුණාට ඇහින් දැකපු දේ හැර අනෙක් සියලු දේ ම වුණේ නැහැ කියලා කියන්නට බැහැ.

      Delete
    6. There is no point in arguing with L. Sithuwili because he/she (sorry, I do not know the gender of that person appearing under that pseudonym) is a conspiracy theorist. Such people bring around various arguments just for the sake of dragging on.

      Delete
    7. It was not so long ago that people said those who believe Donald Trump winning US elections are "conspiracy theorist" but where are those people
      https://www.youtube.com/watch?v=YZ46I3kMOr0&t=13s

      Delete
    8. L.S. >>>>>

      OK, then let me call you a "YouTube Theorist".

      Delete
    9. LS,
      Could you please prove (with statistics) that the WAR is better than the Pease process in terms of dead bodies, damaged properties etc......

      Delete

    10. //මා යුද විරෝධියෙකි. //
      මා නම් යුද්දයට ඉතාම පක්ෂපාති කෙනෙක්, ඔබ දන්නවද ඇයි කියල? යුද්දයෙන් තමයි විශාලම ජිවිත ප්‍රමාණයක් බේරිලා තියෙන්නේ තව විදියකින් කියනවනම් සාම සක්ච්චා නිසයි විශාල ජිවිත නැතිවුනේ,
      යුද්ධයට පක්ෂයි කියනකොට මගේ යාලුවෙක් කියපු කතාවක් මතක් වුනා.එයා කිව්වා මත්තල (ගුවන්තොටුපළ හැදීමට බොහෝ පෙර)ග්‍රාමය ගොඩක් දියුනු උනේ යුද්ධය නිසා කියලයි .හේන් ගොවිතැනින් ජීවත් වුනු දුප්පත් ගොවියන්ගේ දරුවන්ට ලැබුණු ලොකුම චාන්ස් එකක් තමයි අඩු අද්‍යාපන සුදුසුකම් සහිතව වුවත් තමන්ට ලැබුණු රජයේ හමුදා රැකියාව .ගමේ විසාල තරුණ පිරිසකට ලැබුණු මේ ඉහළ වැටුප් වලින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහල ගියා .අලුත් ගෙවල් හැදුවා.මෝටර් බයිසිකල්, ත්‍රීවීලර්, කුබෝටා අත්ට්‍රැක්ටර් ගමට ආවා.ගමට ඉදහිට මිනී ආවත් යුද්ධය නිසා දුප්පත්කම නැතිවුණා

      Delete
    11. මේක වැදගත් පොයින්ට් එකක්. අපි මේ ගැන පස්සෙ කතා කරමු.

      Delete
    12. මට උසස් පෙළ ආර්ථික විද්‍යාව පන්තියේ ගුරුවරයකු කිව්ව දෙයක් මතක්වෙනවා ඒකපුද්ගල දල ජාතික ආදායම දෙගුණ වෙනවා රටේ ජනතාවගෙන් අඩක් මරුනනම් (ඔය දෙසපාලකයෝ ආර්ථිකය දියුණු කිරීමට පොරොන්දු වෙන විට ටිකක් කල්පනා කාරී වෙන්න )

      Delete
    13. //AnonymousApril 12, 2017 at 10:28 PM
      LS,
      Could you please prove (with statistics) that the WAR is better than the Pease process in terms of dead bodies, damaged properties etc......//

      why not

      {Casualties of the Sri Lankan Civil War. The Sri Lankan civil war was very costly, killing an estimated 80,000-100,000 people between 1982 and 2009. The deaths include 27,639 Tamil fighters, more than 21,066 Sri Lankan soldiers, 1000 Sri Lankan police, 1500 Indian soldiers, and tens of thousands of civilians.}

      IF you look at this https://en.wikipedia.org/wiki/Casualties_of_the_Sri_Lankan_Civil_War

      you will find for the last 3 years there had been about 30000 deaths,
      because of the LTTE was not defeated there was another insurrection by JVP that cost 60000 lives.

      so effectively if Sri Lankan government resolutely fort the war without any peace talks with LTTE then in the early stage we could have won the war by loosing about 10000 lives but since they allowed to drag this cumulative death tall rose to about almost 200000.

      Delete
  17. Whatever said and done, he was better than the sons of most SL politicians.

    ReplyDelete
    Replies
    1. You are not wrong. But the reporters must not romanticize the persons like this.

      Delete
    2. Actually, excessive praise for RJ shows how uncivilized the country is. His was, by Sri Lankan standards, quite civilized in his dealings with the society. The praise heaped on him shows how uncivilized his counterparts are and have been. He was exceptional in Sri Lankan context, compared to other Sri Lankan political family members. That is more of a condemnation of the others rather than an appreciation of him.

      Delete
    3. I agree parakum sir point things. Ravi jayawardane racism things do in past.

      Delete
  18. ජේ.ආර් මහත්තයාගේ පුතා රවී තම පියා සමග එකට ගත් පින්තූරයක්වත් හොයා ගන්න නෑ. රවී කිසි දවසක ආරක්ෂකයො තියා රියදුරෙක්වත් තියාගත්තෙ නෑ. J.R කියන්නෙ උප්පත්තියෙන්ම ධණවත්තතු. දේශපාලනයෙ එක තැන පල් වෙවී හිටපු උන් නායකයො උනාම උන්ගේ ගෙවල්වල ඉන්න බල්ලොත් පෙරමුණට එනවා. උනුත් මහජන මුදල් විනාශ කරනවා. එදා මහින්ද මේ වරද කළා. අද.... ලැජ්ජයි... අදත් මේවා දකිද්දි...

    ReplyDelete
  19. රවී ජයවර්ධනගේ තැන අජිත් පැරකුම් හිටියනම් යුද්දේ මෙච්චර දුර දිග යන්නේ නෑ.
    එහෙනම් දෙමළ ජාතිවාදියෝ කියන හැමදේම තර්ක නොකරම ක්‍රියාත්මක කරලා සාමය කියන එක ගෙනෙයි.

    ReplyDelete
    Replies
    1. You are fool rasism man. Go away and do your work by not bother we.

      Delete
  20. Well don Parakum sir. Again good meenful post to read. I come back again and put post my blog.

    ReplyDelete
  21. පැරා, නිතර කමෙන්ට් නොකළත් මම ඔබේ සියලු ලිපි කියවනවා. ඒ විතරක් නෙමෙයි ඔබේ බොහෝ අදහස් සමග 90%කට වඩා එකඟ වෙන්න මට පුළුවන්. ඒත් මේ ලිපිය සමග නම් 1%ක් වත් එකඟ වීමට බැහැ. අනෙක් මාධ්‍ය වල තියෙන දේ ඉවත් කර ඔබ ලියා ඇති දේ දිහා පමණක් බැලුවත් මට රවීවයි නාමල්වයි සමාන කරන්න බෑ. රවී සාන්තුවරයෙක් නොවෙන්න පුළුවන්. හැබැයි ඔහු නාමල්ට වඩා ගව් ගණනක් ඉදිරියෙන් ඉන්නව කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. රවි ජයවර්ධන නාමල් වගේ පීචං පොරක් නෙමෙයි කියන එකට මම සීයට සීයක් එකඟයි. මම විවේචනය කරන්නෙ රවි කරපු දේශපාලන මැදිහත් වීම.

      නාමල්ලාගේ ප්‍රශ්නය මව්පිය පරම්පරාවලින් එන එකක්. රවීලාට ජන්මයෙන් ම සම්භාව්‍ය උරුමයක් තිබුණා.

      Delete
  22. පැරා උපුටාගෙන තියන අරුණ ප්‍රේමරත්න ගේ ලිපියට ලින්ක් එකක් දාන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. මේක අරුණ ප්‍රේමරත්නගේ ෆේස්බුක් එකේයි පළ වුණේ. එතැනින් සොයා ගත හැකියි.

      Delete
  23. Excellent article. Without any reservations Para is courageous enough to call a spade a spade, unlike most Sri Lankans who view such figures as demigods. I think Para's exposure to the life in the so-called "border villages" helped to see the other side of the coin. Almost all people who regard failed characters such as RJ and GR in high esteem have no inkling as to what happened in the former war zones.

    ReplyDelete
  24. පැරා ඔබ හර්මන් ගුණරත්න මහතාගේ පොත ගැන සදහන් කල නිසා මේක ලියන්නෙ මම ඒ පොත ගොඩක් කාලෙකින් කියවෙව්වේ නැහැ. එත් මට එකේ තියෙන කරුණු හොදට මතකයි. ඇයි ඔබ නොදැක්කෙ මහවැලියේ ජානපද කරණයේදී උවමනාවෙන්ම දෙමල නිලධාරින් සිංහල ප්‍රදේශ ආක්‍රමණය කරන්න සැලසුම් හදල තිබුන බව . ඒක මහවැලියේ එවකට සිටි නිලධාරියෙකුවූ (මට මතක ඇති අන්දමට දිසානායක) මහතා විසින් හර්මන් ගුණරත්න මහතා දැනුවත් කල බව. ඒ අනුව එස්,එල්, ගුණසේකර මහතා ඇතුළු පිරිස දිඹුලාගල කිතලගම සීලවංශ නායක හාමුදුරුවන්ට උදව් කල ආකාරය. පැරා යමක් ලියන කොට ඒකෙ තමන්ට උවමනා කොටස පමණක් ගෙන කරුණු දැක්වීම නින්දිතයි. ඒ පොත ගැන අද අහපු අය එකෙන් නොමග යනවා ඒක ඔබ වැනි කෙනෙකුට ඔබින වැඩක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් සිංහලයන් ජීවත් වුණේ කැබිතිගොල්ලෑවට දකුණෙන්. පුල්මුඩේ පාරේ පරණ මැදවච්චිය කියලා කියලා පරණ හුදකලා සිංහල ගමක් තිබුණා. පදවි ජනපදය සම්පූර්ණයෙන් ම අලුත් ජනපදයක්. 1950 දශකයේදී එය පිහිටුවද්දී ජන අනුපාතය අනුව පදිංචි කිරීම් කරන්නට අර ඉහත කී හාමුදුරුවරු ඇතුළු පිරිස් ඉඩ දුන්නේ නැහැ. ඒ නිසායි පදවිය වෙන කිසිම ජනවර්ගයකට අයත් කිසිවෙකු නැති තනි සිංහල ජනපදයක් වුණේ.

      ඔබ දන්නවාද, පදවි ජනපදයේ පදවි පරාක්‍රමපුර මුල් නම වන්නච්චිය. මට මතක විදියට පදවි ශ්‍රීපුර පැත්තට තිබුණෙ කංජිකුඩිච්චිආරු වගේ නමක්. එවැනි දෙමළ නම් තිබුණේ ඇයි? මේ ක්‍රියාවලිය ඉතා පැහැදිලි ආක්‍රමණයක්.

      දෙමළ පැත්තෙනුත් ප්‍රතිචාරාත්මක ක්‍රියා තියෙන්නට ඇති. ඒත්, වඩා බලවත් වූ සිංහල නිලධාරීන් හා ගාමිනී දිසානායකලා, ලලිත් ඇතුලත්මුදලිලා, හර්මන්ලා, රවි ජයවර්ධනලා එකතු වෙලා කරපු ක්‍රියාව ඉතා පැහැදිලි ආක්‍රමණකාරී සිංහල ජනපදකරණයක්.

      සිංහලයන් හා යුදෙව්වන් අතර වෙනස ඒකයි. යුදෙව්වන් ආක්‍රමණය කළේ අපි ආක්‍රමණය කරනවා ය කියා කියන්නට පුළුවන් කොන්දක් සහිතවයි. සිංහල ජාතිවාදීන්ට ඒ කොන්ද පණ නැහැ. ඔවුන් හැමදාමත් උත්සාහ කරනවා තමන්ගේ ක්‍රියා ප්‍රතිචාර ය කියලා කියන්න. මොකක්ද මේ කොන්ද පණ නැතිකම? මේක ඉතා පැහැදිලි ජාතික හීනමානයක්. ජාතීන්ගේ ප්‍රශ්නය විසඳාගන්නට බැරි වෙන්නට ප්‍රධාන හේතුවක් තමයි මේ හීනමානය.

      Delete
    2. දෙමළ නිලධාරීන් සැලසුම් කළා ය කිව්වාට ඒ සැලසුම් ක්‍රියාත්මක වුණ තැනක් නැහැ. හැබැයි සිංහල නිලධාරීන්ගේ සැලසුම් වැලිඔය දක්වා ම ජාතිවාදී පදනමින් ක්‍රියාත්මක වුණා.

      ඔය වැලිඔය පැත්තේ කිසිදු පහසුකමක් නැති ප්‍රදේශවල සිංහල මිනිසුන් ගෙන ගොස් පදිංචි කළේ දකුණට වෙන්නට ඉඩම් නො තිබුණු නිසා නෙමෙයි නේ. ඒවායේ තිබුණේ දුෂ්ට අරමුණු. ජාතීන්ගේ ප්‍රශ්නය උග්‍ර වෙන්නට ඔය වගේ ක්‍රියාමාර්ග හේතු වුණා.

      මනලාරු ප්‍රදේශයේ දීර්ඝ කාලීන පදනමින් බදු අරගෙන තිබුණු ඩොලර් ෆාම්, කෙන්ට් ෆාම්, සිලෝන් තියටර්ස් ෆාම් වැනි ඉඩම්වල ගාන්ධියන් ව්‍යාපාරය වගේ සංවිධාන විසින් දකුණෙන් පළවා හරින ලද දෙමළ වැසියන් පදිංචි කිරීම් තිබුණා. ඒ වගේ ම, එහි ප්ලොට් වැනි සංවිධානවල දේශපාලනයකුත් තිබුණ බව ඇත්ත. හැබැයි, රජයක් කටයුතු කරන්නට ඕනැ ඔය විදියට නෙමෙයි.

      රවි ජයවර්ධනලා ලංකාවේ ප්‍රශ්නය උග්‍ර කළේ එහෙමයි.

      Delete
    3. දෙමළ පැත්තෙනුත් ප්‍රතිචාරාත්මක ක්‍රියා තියෙන්නට ඇති. ඒත්, වඩා බලවත් වූ සිංහල නිලධාරීන් හා ගාමිනී දිසානායකලා, ලලිත් ඇතුලත්මුදලිලා, හර්මන්ලා, රවි ජයවර්ධනලා එකතු වෙලා කරපු ක්‍රියාව ඉතා පැහැදිලි ආක්‍රමණකාරී සිංහල ජනපදකරණයක්.
      ==========
      ආපහු අර පොත කියවන්න. එහෙම නැත්නම් දැනට ජීවමානව සිටින හර්මන් මාලිංග ගුණරත්න මහතාට දන්වා සිටින්න ඔබ ලියු පොත ගැන මා විවේචනයක් කරනවා. ඔබට එකට යමක් කියන්න ඇත්නම් ඒක මට එවන්න කියල. කොන්දක් තියෙන මිනිස්සු නම් කරන්නේ ඒකයි.ඔබට උත්තර දෙන්න එස්.එල්. ගුණසේකර මහතා හෝ කිතලගම නායක හාමුදුරුවෝ අද නැහැ.

      Delete
    4. //එහෙම නැත්නම් දැනට ජීවමානව සිටින හර්මන් මාලිංග ගුණරත්න මහතාට දන්වා සිටින්න ඔබ ලියු පොත ගැන මා විවේචනයක් කරනවා. ඔබට එකට යමක් කියන්න ඇත්නම් ඒක මට එවන්න කියල.//

      ඒක නම් අලුත්ම මාධ්‍ය භාවිතාවක්. ඒ භාවිතාවට අනුව, හර්මන් ලියලා තියෙන්නෙ බයිබලය වගේ අවසන් කෘතියක්. කවුරුහරි ඒක ගැන කතා කරනවා නම් හර්මන්ගෙන් අවසර ගන්නට ඕනැ. මරු නේ!

      හර්මන් ලිව්වෙ තමන්ගේ ජාතිවාදී ක්‍රියාව නිවැරදියි කියා විශ්වාසයකින් වෙන්නට පුළුවන්. ඔහු අවංක ජාතිවාදියකු වෙන්නත් පුළුවන්. එහෙත්, මා ජාතිවාදියකු නෙමෙයි. ඔහු ලියූ දේ මා කියවන්නේ මගේ දෘෂ්ටි කෝණයෙන්.

      අනෙක මා මගේ තර්කය ඉතා පැහැදිලිව මෙහි ඔබට පිළිතුරු ලෙස ලියා තිබෙනවා. සංවාදය ඇති වුණේ ඔබත්, මාත් අතරයි. ඔබට එයට එරෙහිව කරුණු දක්වන්නට පූර්ණ අයිතිය තියෙනවා. හර්මන්ට අවශ්‍ය නම් ඔහුටත් පුළුවන්. මා ලියන්නේත් අවුරුදු පහක් විතර කාලයක් ඔය ප්‍රදේශයේ ජීවත් වෙමින් කරපු අධ්‍යයනයක් පදනම් කරගෙනයි. ඒක නිකම් ම ජීවත් වීමක් නෙමෙයි.

      Delete
    5. පැරා කියන සිංහල ජනපද කරණය පටන්ගත්තේ ඔය කියන ගාමිණි දිසානයකලට අවුරුදු 40 ට 50 ට කලින් දෙමල ජාතිවාදය ඊටත් ඈත කලකට දිවෙනවා එම පදිංචි කිරීම කලේ දෙමල ජනයා සිටි ඉඩම් වලින් ඉවත් කර නෙමෙයි හැබැයි සිංහල මිනිසුන්ට ප්‍රමුකතාවය ලැබෙන විදියටයි, ගොඩක් මිනිස්සු වරදාවා ගත්ත දෙයක් තමයි දෙමල ජාතිවාදය කියන්නේ දෙමල ජනයාගේ අයිතිය තහවරු කරන සටනක් කියල, දෙමල සමාජය කුල ක්‍රමය මත සංවිදානය වෙලා තියනවා මෙය කොච්චර තදද කියනවනම් ඉහල කුලයේ දෙමල මිනිසුන් පහල කුලයේ අය තම ළිදෙන් වතුර බොනවට අකමැතියි, දෙමල ඉහල සමාජය විසින් ඉතා දැඩි පීඩනයකට පත්කරලා තියනවා, දෙමල පහල සමාජය, මේ සොයන් පාලන අයිතිය කියන්නේ ඉහල සමාජයේ දෙමල තක්කඩි ටිකකට තමන්ගේ බලය ගොඩනැගීමට උවමනා ආයුද ලබාගැනීමයි.

      උතුරු පළාත් සබාව දෙමල මිනිසුන්ට කල සේවය ගැන හොයල බැලුවහම මෙය මනාව පැහැදිලි වෙනවා.

      හැබැයි ඔය පැරා කියන කතාවලත් යම් ඇත්තක් තියනවා ඔහු කියනවා ගාමිණි දිසානායකලා දෙමල මිනිසුන් පදිංචි වීමට බාදා කලබව, මෙතැන සිංහල දෙසපාලුවොත් ජාතිවාදය නමැති මෙවලමින් හොදහැටියට ප්‍රයෝජන ගෙන තියනවා, ජාතිවාදය කියන්නේ දෙසපාලුවෙක්ගේ පැත්තෙන් නොමිලේ ලැබෙන ප්‍රචාරණයක්.

      මට මතකයි දිබුලාගල හාමුදුරුවෝ කියල තිබුන උන්වහන්සේ දිබුලාගලට එනකොට සිංහල මිනිසුන්ට දෙමල වාසගම් දීමේ ක්‍රමයක් තිබුන බව මෙය කියවා ඇති අය ට මතක ඇති මෙවැනි ක්‍රම දෙමල දෙසපලුවෝ පාවිච්චි කළා.

      මෙවැනි බොහෝ ක්‍රම දෙමල ජාතිවාදීන් බලය ලබා ගැනීමට කරලා තියනවා, බවුතික සංවර්දනය අතින් විශාලම සංවර්දනය දෙමල ජනතාවට ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ බව අවංකව බැලීමෙන් තේරුම් ගන්න පුළුවන්.

      අද වනවිට විදුලිබලය නොතිබූ උතුරු පළාත වේගවත් අන්තර්ජාල පහසුකම් ලබාදීම පටන්ගන තියනවා (මතකනේ පැරා ඔබ කිලිනොච්චියේ ඉදල බ්ලොග් ලිව්වා )

      Delete
    6. සිංහල ජනයාට දෙමළ වාසගම් දීමේ ක්‍රමයක් පැවතුණා ය, එය කළේ දෙමළ නිලධාරීන් ය කියන එක අර්ධ සත්‍යයක්. ඇත්තම කියනවා නම් වන්නි ජනතාව දෙමළ හෝ සිංහල වීම තීරණය වුණේ යටත් විජිත යුගයේ පසුභාගයේ හා නිදහසින් පසු මුල් වකවානුවේදීයි. වන්නි ජනතාවගේ භාෂාවේ මෑතක් වන තුරු ම දෙමළ වචන රාශියක් තිබුණා.

      ඔවුන්ගේ වාසගම් ක්‍රමය සුවිශේෂයි. එය දෙමළ ක්‍රමය වන පියාගෙන් පුතාට නම ලැබෙන ක්‍රමයටයි තිබුණේ. වේලුපිල්ලේගේ පුතා වේලුපිල්ලේ ප්‍රභාකරන් වෙනවා වගේ ප්‍රභාකරන්ගේ පුතා ප්‍රභාකරන් බාලචන්ද්‍රන් වෙනවා වගේ බණ්ඩාගේ පුතා බණ්ඩාගේ අබේරත්නත්, අබේරත්නගේ පුතා අබේරත්නගේ ජයන්තත් වන අපූරු වාසගම් ක්‍රමයක් වන්නියේ තිබුණා. ඒක ඔවුන්ගේ අනන්‍යතාව. ඒක ජාතිවාදී පදනමින් හෙළා දැකීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් අද වන විට කෘත්‍රිම වාසගම් භාවිතා කරනවා.

      Delete
    7. //මේ සොයන් පාලන අයිතිය කියන්නේ ඉහල සමාජයේ දෙමල තක්කඩි ටිකකට තමන්ගේ බලය ගොඩනැගීමට උවමනා ආයුද ලබාගැනීමයි.//

      මේකත් කරුණු නො දැන කරන ප්‍රකාශයක්. ඇත්තම කියනවා නම්, දෙමළ ඊලාම් සටන නිසා මේ කුල ප්‍රශ්නය බොහෝ දුරට යටපත් වුණා. කොටි නායකත්වය වෙල්ලාල කුලයේ අය නෙමෙයි. ප්‍රභාකරන් අයත් වුණේ කරායර් කුලයට. තමිල් චෙල්වන් කරණවෑමි කුලයට.

      දෙමළ අරගලය තමයි ඇත්තෙන් ම දෙමළ ජාතියක් බිහි වීමටත් හේතු වුණේ. නිදහස ලබා ගන්නා විටත් හිටියේ කුල පදනමින්, ප්‍රාදේශීය පදනමින් විසිරී සිටි දෙමළ භාෂාව කතා කරන ප්‍රජාවන් රැසකුයි. නූතන දෙමළ ජාතියක් නිර්මානය කර ගැනීමේ උත්තේජනය ඇත්තෙන් ම දෙමළ ජනයාට සැපයුවේ සිංහල ජාතිවාදීන් විසිනුයි.

      මේ පිළිබඳව, දෙමළ වාමාංශිකයකු වන මහාචාර්ය කාර්තිගේසු සිවතම්බි ලියා තිබෙනවා. ඔහු ඉංග්‍රීසි බසින් මේ කරුණ පැහැදිලි කරමින් ලියූ ලිපියක් ජේ.එන්. තිස්සයිනායගම් (ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විසි අවුරුදු සිර දඬුවමකට ලක් කර පසුව ජාත්‍යන්තර පීඩනය නිසා මහින්ද විසින් නිදහස් කරන ලද) විසින් සංස්කරණය කරන ලද නෝත් ඊස්ටර්න් හෙරල්ඩ් සඟරාවක පළ වී තිබුණා.

      Delete
    8. නිදහසින් පසු ලංකා රාජ්‍යයේ ආධිපත්‍යය අත්පත් කර ගත් සිංහලයන් අතර සිටි ඩී.එස්.සේනානායක, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක වැනි ජාතිවාදී නායකයන් විසින් පුරවැසි පනත, සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම වැනි ක්‍රියාමාර්ග හරහා ඉදිරියට ගත් සිංහල ජාතිවාදය වෙනුවට ලාංකික ජාතියක් ගොඩනැගීමේ වැඩසටහනක් ඉදිරියට ගත්තා නම් ලංකාවේ දෙමළ ජාතියක් නිර්මානය නො වන්නට ඉඩ තිබුණා. එහෙනම් ඔවුන් සම්බන්ධ වන්නේ ලාංකික දේශපාලන අනන්‍යතාව සමගයි.

      මෙය ඉන්දියාවේ වුණා. තමිල්නාඩු, කර්ණාටක, ආන්ද්‍රා, කේරළ වැනි ද්‍රවිඩියානු ප්‍රාන්තවල ජනයා ද්‍රවිඩ අනන්‍යතාවක් සොයාගෙන නො ගිහින් ඉන්දියානු ජාතික අනන්‍යතාවත් සමග ගොනු වුණේ ඉන්දියානු ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රබලකම නිසායි.

      මේවා නො දැන සිටීම බුද්ධිමත්කමක් කියලායි ලංකාවේ සිංහල නායකයන් හිතන්නේ.

      Delete
    9. // ඇත්තම කියනවා නම්, දෙමළ ඊලාම් සටන නිසා මේ කුල ප්‍රශ්නය බොහෝ දුරට යටපත් වුණා.//
      මෙය නිවැරදියි! ප්‍රබාකරන් කරායර් කුලයට අයත් වගේම ඔහුගේ බිරිද මදිවදනී වෙල්ලාල කුලයේ
      නමුත් නැගෙනහිර දමල ජාතිකයන් අඩු කුලේ අයගේ බහුතරයකින් සමන්විත උනා මෙනිසා LTTE තුලත් වඩා අමාරු දේ ඔවුන්ට පැවරුණා මෙයත් හේතුවුනා නේද කරුණාගේ ඉවත් වීමට ?

      දැන් දෙමල සමාජය ගත්තත් කුලක්‍රමය තදින්ම තියනවා.
      සන්නද්ද අරගලය මේ කුල ක්‍රමයේ පීඩනය අඩුකිරීමට හෙතුවුනත්, මේ දෙමල ජාතිවාදීන් අදත් සොයන් පාලන අයිතීන් ඉල්ලන්නේ තම අඩුකුලයේ සිටින සහෝදර ජාතියට සේවය කර්න්න්නද ? එහෙම නැත්නම් තමන්ට වරප්ප්‍රසාද ලබාගන්නද ?

      උතුරු පළාතේ වියලු වරප්ප්‍රසාද ලබපු විග්නේශ්වරම් මේ දෙමල සහෝදර ජනතාවට කල සේවය කුමක්ද ? ඔහු එහෙම සේවය කලානම් පලත්සබාවට දුන්න ප්‍රතිපාදන නැවත මද්යම රජයට දුන්නේ ඇයි ?

      මේ දෙමල ජාතිවාදීන්ට ඕනේ සිංහල ජාතිවාදීන් සමග කිසියම් ප්‍රශ්නයක් ගොඩනගාගන්න ඔවුන් දන්නවා මෝඩ දෙමල ජනයා ගේ චන්ද කොල්ලකන්න හැකිබව.

      ඔබ විනාඩි 4ක මේ https://www.youtube.com/watch?v=qUOfikPQwRk වැඩසටහන බලන්න කොච්චර අමුලික මුසාවක්ද මේ ගෑනි කියන්නේ

      Delete
    10. //මෙය ඉන්දියාවේ වුණා. තමිල්නාඩු, කර්ණාටක, ආන්ද්‍රා, කේරළ වැනි ද්‍රවිඩියානු ප්‍රාන්තවල ජනයා ද්‍රවිඩ අනන්‍යතාවක් සොයාගෙන නො ගිහින් ඉන්දියානු ජාතික අනන්‍යතාවත් සමග ගොනු වුණේ ඉන්දියානු ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රබලකම නිසායි.
      //

      ඔව් ඔබ හරි, මොකද්ද ඉන්දියානු ව්‍යවස්ථාවේ ඇති විශේසත්වය ? ඔබ දන්නවා ඇති ශ්‍රී නේරු තුමා මෙයට එකතු කළා වැදගත් ප්‍රතිපාදනයක් එනම් කිසියම් පුද්ගලයෙක් ඉන්දියානු රජයෙන් වෙන් වෙන්න ක්‍රියාමාර්ග ගන්නවානම් මිනිසුන්ව පොලබවනවා නම් ඔහුට කිසිම සමාවකින් තොරව දීර්ග කාලයක් සිරගතවීමට උවමනා නීති අන්තරගත කරනවා, මෙනිසා දෙමල රාජ්‍යක් ගැන මද්යම රජයෙන් කිසිවිටක නොඉල්ලන්න ප්‍රාන්ත වගබලාගන්නවා.

      ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය කියමින් අමිර්තලින්ගම් ල කලේ මොකද්ද ? OUR BOYS කියමින් මේ මිනීමරුවෝ වර්දනය කළා.

      Delete
    11. මා හිතන්නෙ ලංකාවේත් ඔය නීති තියෙනවා. ඒ වගේ ම හයවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් තියෙනවා.

      ඉන්දීය ජාතිය ගොඩනැගීම සිදු වුණේ තනිකර ම වෙන් වීම වළක්වන නීති නිසා නෙමෙයි. වෙන් වීමේ අරගල විතරක් නෙමෙයි, දීර්ඝ කාලීන මාඕවාදී අරගලයකුත් ඉන්දියාවේ තිබෙනවා. හැබැයි මේ කිසිවකට ඉන්දීය ජාතික හැඟීම අභිභවා යන්නට බැරි වුණා. තවමත් ඉන්දියාවෙන් කිසිම කෑල්ලක් වෙන් වෙන්නට ආසන්න වෙලාවත් නැහැ.

      හැබැයි ඉන්දියාවට පුළුවන් වුණා බලය බෙදා ගැනීම ඔස්සේ පාලනය ශක්තිමත් කර ගන්න. ආසන්න ම උදාහරණය තමයි ආන්ද්‍රා ප්‍රදේශ්වලින් වෙන්ව පිහිටුවා ගත් තෙලෙන්ගානා ප්‍රදේශය.

      ලංකාවේ සිංහල ජාතිවාදී නායකයන් බලය බෙදා ගැනීමට විරුද්ධව පතුරුවන මිථ්‍යා අදහස් ඇත්තට ම උපකාර කරන්නේ බෙදුම්වාදීන්ටයි.

      Delete
    12. //මා හිතන්නෙ ලංකාවේත් ඔය නීති තියෙනවා.//

      එහෙනම් කොහොමද ලංකා රජය සමුහ ඝාතක ක්‍රියා කල බවවට යෝජනා සම්මත වෙන්නේ, මෙලහකට විග්නේශ්වරම් හිරේ ඉන්න ඕනේ ඔය කියන නීති තුබුනනම්.

      //හැබැයි ඉන්දියාවට පුළුවන් වුණා බලය බෙදා ගැනීම ඔස්සේ පාලනය ශක්තිමත් කර ගන්න.// ඉන්දියාව කියන්නේ ශ්‍රී ලංකාව වගේ 60 ගුණයකට වඩා විශාල රටක් මම කලින් කිව්වා වගේ උතුරු පළාත් සබාවට බලය ලබාදුන් විට ඔවුන් කලේ මොකද්ද පැරා.

      ඔවුන් ඔප්පුකලා පළාත් සබාවක්වත් පාලනය කල නොහැකි බව, ඉතින් කොහොමද කියන්නේ සොයන්පාලනයක් දෙන්න ඕනේ කියල.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා