සනීපාරක්ෂක කම්කරුවන් වෙනුවෙන් අපි හැමෝම කතා කරමු

පළාත් පාලන ආයතනයන්හි කැළි කසල එකතු කරන්නේ ද මිනිස්සු ය. මේ මිනිස්සු තිරිසනුන් වැනි සෙසු මිනිසුන්ගේ කුණු දෝතින් එකතු කරන්නේ ජීවත්වීම සදහා වැටුපක් ලබා ගැනීමට ය. මේ කම්කරුවන් වර්ජනය කළ දිනක් මගේ මතකයේ නැත. ඔවුන් වැඩ වර්ජනය කළහොත් නහයක් තියෙන මිනිසුන්ට තම එදිනෙදා වැඩ කරගත නොහැක. ඒ අතින් මේ කම්කරුවන් විශිෂ්ඨය. ඔවුන්ට කම්කරු අයිතියක් ලෙස වැඩවර්ජනය සදහා හිමිකම් ඇතත් ඉසේරුජාවටත් වැඩවර්ජනය නොකිරීම වාසනාවකි.

එහෙත් මේ කම්කරුවන්ගේ අයිතීන් ගැන කතා කරන දේශපාලන පක්ෂයක් මා දැක නැත. ඔවුන්ටම වූ විශේෂිත වරප්‍රසාදයන් හිමිවුවද ඒවා ලබාදෙන්නට මැතිවරණ පොරොන්දුවක් ලබාදෙනවා මා දැක නැත.

කැලිකසල එකතු කරන කම්කරුවන් ද මනුස්සයෝ ය.

පිලිප් ශාන්ත විසින් තබන ලද උක්ත සටහන දුටු මට මා මීට පෙර තබන ලද සටහනක කොටසක් උපුටා දක්වන්නට සිත් විය.

ඵලදායී, අත්‍යවශ්‍ය සේවාවක් කරන කම්කරු පිරිසක් වන සනීපාරක්ෂක කම්කරුවන්ට ඉහළ වැටුප් ගෙවීම වෙනුවෙන් සෙසු වැඩ කරන ජනයාත් පෙනී සිටිය යුතුයි. ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාවත් ඉතා වැදගත්. බලන්න, කොළඹ නගරයේ පවා පිළිකුල් සහගත කුණු ලොරිවල පිටුපස එල්ලී මේ මිනිසුන් කරන අවදානම් සහගත රැකියාවේ ස්වභාවය. රක්ෂණාවරණ, නොමිලේ වෛද්‍ය පහසුකම්, අවදානම් දීමනා, විශ්‍රාම වැටුප්, නිල නිවාස විතරක් නෙමෙයි, තීරුබදු රහිතව යතුරුපැදියක්වත් ආනයනය කර ගැනීමේ වරප්‍ර‍සාදය හෝ ඔවුන්ට ලබා දිය යුතුයි.

සනීපාරක්ෂක කම්කරුවන් යනු ඇත්තෙන් ම සමාජයේ අත්‍යවශ්‍ය, ඵලදායී වැඩ කොටසක් කරන, අවම වැටුපක් ලබන, අවම වෘත්තීය අයිතිවාසිකම් සහිත, අවම අධ්‍යාපනයක් හා අවම දේශපාලන අවබෝධයක් ද ඇති පිරිසකි. මීට වසර තිහකට, හතළිහකට එපිටදී බාල්දි වැසිකිළිවලට ඔබ හලන ඔබගේ බහිස්‍රාවය කර තබාගෙන යන මිනිසුන් මේ සමාජයේ සිටිය හ. 

සිය වෘත්තියේ තිබෙන අනතුරුදායකකම පිළිබඳව පවා මෙම ප්‍රජාව අතර ඇත්තේ අවම අවබෝධයකි. නූගත්කම ඔවුන් අතර ඉහ වහා ගොසිනි. මෙම ප්‍රජාව සමාජයෙන් කොන් කර තිබෙන ආකාරය කෙතරම් ද යත් මීට කලකට ඉහතදී රාජගිරියේ මැතිවරණ කාර්යාලය ආසන්නයේ ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ කාර්යාලය පිහිටා තිබුණු ස්ථානය ඉදිරිපිට ජනාවාසය හැඳින්වුණේ සක්කිලි වත්ත කියා ය.

නවතම සංවර්ධනය වන්නේ සනීපාරක්ෂක සේවා සපයන සමාගම් ය. ඇතැම් සනීපාරක්ෂක සමාගම්වල වැඩ කරන කම්කරුවන්ගේ සේවා තත්වයන් ඉතාම දුර්වල ය. විශේෂයෙන් ම රෝහල් වැනි රජයේ ආයතනවල සනීපාරක්ෂක සේවා සපයන දේශපාලන ගැත්තන්ට අයත් ඇතැම් සමාගම්වල තත්වය ඉතා ම නින්දිත ය. 

ඔබ කසල බැහැර කරන විට එය රැගෙන යන්නේ තවත් මිනිසකු බව සිතන්න. විශේෂයෙන් ම රෝහල්වල එන්නත් කටු, විෂ රසායනික වැනි දේ අපරීක්ෂාකාරී ලෙස බැහැර කිරීම දිළිඳු පීඩිතයකුගේ ජීවිතයට අනතුරක් විය හැකි ය.

සනීපාරක්ෂක කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සමස්ත සමාජය ම පෙනී සිටිය යුතු යයි මම සිතමි. හේතුව, ඔවුන් කරන කාර්යයේ තිබෙන අති විශේෂ වැදගත්කමයි.

සනීපාරක්ෂක කම්කරුවන්ට රක්ෂණාවරණය අනිවාර්ය කළ යුතු ය. එසේම, ඔවුන්ට ආරක්ෂක උපකරණ ලබා දීම හා එම උපකරණ සහිතව වැඩ කිරීම අනිවාර්ය කළ යුතු ය. එසේම, සනීපාරක්ෂක කටයුතු, කසල බැහැර කිරීම හා ප්‍රතිචක්‍රීයකරණය සඳහා නවීන තාක්ෂණය වෙනුවෙන් කරනු ලබන ආයෝජන ඉහළ නැංවිය යුතුය. 

මේවා තවත් හුදු කතා බවට පත් නො කර, සනීපාරක්ෂක කම්කරුවන් වෙනුවෙන් අවංකව මැදිහත් වන්න. ඔබේ හඬත් නංවන්න. 

සුනීතලාගේ පරපුරින් පැවත එන ජෝසයියලා හා මාරිලා

සනීපාරක්ෂක කම්කරුවන් පිළිබඳ අධ්‍යයනයක් මෙතනින්.

දෙනවයි කිව්ව මේ ඩස්ට් එලවන්ස් එක කෝ? 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා, අරුණි දීලා තියෙනවා මචං ආටිකල් එකක් උඹේ අර පුක මසාජ් ඩයල් එකට පුකෙන් වමනේ ගිහිං කටිව් බඩඑළිය යන්න. මචං ස්ටනිං පර්සනැලිටිය බං අරුණි. උඹට තේරෙනවා ද පැරා ඇකඩමික් එක්ස්පෝෂර් එකක් තියෙන කෙ‍නෙකුගෙයි මහ පාරේ කුණ කාණුවේ ‍එක්ස්පෝෂර් එකක් තියෙන කෙනෙකුගෙයි වෙනස?

    මචං පිලොසොපි කියන්නේ පැරා පඅක මසාජ් කරනවාට, ගංජා ගහනවාට, සභාවක නැඟිටලා ගොන් ප්‍රශ්න අහනවාට, සීනිර් ප්‍රොපෙසර් කෙනෙකුට එයාගේ නමින් කුමාරි කියලා එඩ්‍රස් කරනවාට වඩා සීරියස් වැඩක් මචං. උඹ වගේ මොනවා වුණත් වැදගත් ඩයල් එකක් ඒ වගේ අපතයෙකුට කඩේ යන එක නම් පැතටික් පැරා. මොකක් ද මචං හිඩ්න් ඩීල් එක? ඩොලර් වෙන්න නම් බැහැ. ඒ වගේ හිඟන පකාලාගෙන් උඹට ගන්න ඩොලර් එකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇකඩමික් එක්ස්පෝෂර් එකක් තියෙන කෙනෙකු නම් ඔය වගේ ගොන් කතා කියන්නේ නැහැ. බලන්න ඔය භාෂාවෙ කැත. දේශපාලනික විරුද්ධවාදීන්ට ගහන ඕනැ කෙනෙකු දෙයියෙකු වගේ අදහන්න මහ ලොකු ඇකඩමික් එක්ස්පෝෂර් එකක් ඕනැ නැහැ.

      අවශ්‍ය දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි මෝඩකම. අනෙක තමයි තමන්ගේ අනන්‍යතාව හංගාගෙන මෝඩයකු වගේ හැසිරෙන්නට පුළුවන් ඇනොනිමස් අවකාශය. ඒ දෙකම ඔබට තිබෙනවා. සුබපැතුම්!

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. (ඉහත අදහස් දැක්වීම කමෙන්ට්කරුගේ ඉල්ලීම මත සංස්කරණය කර යළි පළ කරමි.)

      සනීපාරක්ෂක කම්කරුවන් පිලිබඳ ප්‍රශ්නය මතු කලාට අජිත්ට ස්තුතියි. එම කම්කරුවන් වෙනුවෙන් Solid Waste Operations Assistant යනුවෙන් NVQ සුදුසුකම අපි ලර්න් ඒෂියා ආයතනයෙන් මුල්වෙලා හදලා තියෙනවා (එය මෙතැනින් කියවන්න ). දැනට 1000කට වැඩිය ඒ සහතිකය TVEC එකෙන් ලබා ගෙන තියෙනවා. තවමත් එය කෙරීගෙන යනවා. එම පුහුණුව හා සහතික නිසා එම කම්කරුවන්ගේ වෘත්තිමය තත්වය දියුණු වෙලා තියෙනවා.

      NVQ හදන්න මුල් වුනේ නිරෝෂා නිස්සංක, පුහුණු අධ්‍යක්ෂ NAITA. පුහුණුවට මුල් වුනේ බලන්ගොඩ නගර සභාවේ සෞඛ්‍ය සේවා නිලධාරී නිමල් ප්‍රේමතිලක. දැන් ඔහු කැලණිය ප්‍රාදේශීය සභාවට මාරුවක් ලැබී එහි සේවය කරනවා. පුහුණව සඳහා වැඩි විස්තර එම ප්‍රාදේශීය සභාව හරහා ඔහුගෙන් ලබා ගන්න පුළුවන්.

      Delete
  3. මෙතුමන්ලා හරියාකාරව සේවය ලබා දුනහොත් ඇති වටිනාකම සේම, ඔවුන් උවමනාවෙන් නිසි සේවය ලබා නොදී ජනතාව අපහසුතාවයට ලක් කරන අවස්ථා බොහොමයි.. ඔවුන්ගේ පහසුකම් වැඩි දියුණු කිරීම, මන්ත්‍රී තුමන්ලාගේ සුඛෝපභෝගී රථ වාහන පහසුකම් ලබාදීම ආදිය සමගම අපටත් ඔය පිරිසගෙන් සැහීමකට පත්වෙන්න පුළුවන් සේවයක් ලැබුනොත්..

    ReplyDelete
  4. අපේ පාරේ වම්පස සහ දකුණු පස කුණු එකතු කරන පිළිවෙල හාත්පසින්ම වෙනස් එ් කුණු ට්‍රැක්ටරේ දෙපසින් යන සේවකයෝ දෙන්නගේ හැසිරීමේ වෙනස, එක් කෙනෙක් වතු ලයිමක ඉන්න දෙමළ ජාතිකයෙක්, අනෙකා සභාවේ හිටපු සභාපතිගේ චක් ගෝලයෙක්, චක්ගෝලයා කුණු බාල්දියේ භාගයක් ට්‍රැක්ටරයට දාලා භාගයක් ඉතිරිව තියෙද්දී බාල්දිය පාර අයිනට විසි කරනවා, ඉතින් නිතිපතා පොළවේ ගහන ප්ලාස්ට්ක් බාල්දියේ පැවැත්ම බොහොම කෙටි කාලීනයි, කුණු පාර හැමතැනම, බල්ලොන් ගෙන් කුණු බාල්දි බේරගන්න ට්‍රැක්ටරය එනතුරු ළමයි වඩාගෙන පාරබලා ඉන්න නැන්දම්මලා චක් ගොලයාට ඔරවනවා, චක්ගෝලයා රවනවා, වඩාගෙන ඉන්න පොඩි එකා අඬනවා, නැන්දම්මා තරහින් ගේ ඇතුලට යනවා. පාර අනිත් පසින් යන දෙමළ හාදයා සම්පූර්ණ කුණු බාල්දියම අඩියට තට්ටුවක් දාලා ටැක්ටරයට හලනවා, හිස් කුණ බාල්දිය පරෙස්සමට බාර අයිනෙන් තියනවා එ් පැත්තේ නැන්දම්මලා දෙමළ හාදයට හිනාවෙනවා වඩාගෙන ඉන්න පොඩි එකාව කිති කවනවා, පොඩි එකා හයියෙන් හිනාවෙනවා.

    කුණු ට්‍රැක්ටරේ සේවකයෝ දෙන්නට නිතරම වම දකුණ මාරුවෙන නිසා දවසක ලොකු අලකලංචියක් වෙන්න තියන ඉඩ අඩුයි. නිතර වම දකු‍ණ මාරුවෙන එක යහපාලනයේ මූලධර්මයක් වෙන්න ඇති.

    ReplyDelete
  5. අනිවාර්යෙන්ම ඔවුන් කරන්නේ ලොකු සේවයක් කාගේවත් ඇගයීමක් හෝ ඉල්ලීමක් නැතුව.තවත් පැත්තකින් මේ නගර සභාවල සේවය කරන බොහොමයක් සනීපාරක්ෂක කම්කරුවෝ ඇවිත් තියෙන්නේ ප්‍රදේශයේ මන්ත්‍රීතුමාගේ උපකාරයෙන්.කුමක් හෝ රජයේ රස්සාවක් ගැන බලාපොරොත්තුවෙන් ඉන්න ඔවුන්ට සනීපාරක්ෂක කම්කරු රස්සාව බොහෝ වටිනා දෙයක්.මේ අය අතරේ විවිධ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූ අයත් බොහොමයක් ඉන්නවා.එවැනි අය තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් අනෙක් අය තරමට පෙනි සිටින්නේ නැහැ.නමුත් ඔවුන්ගේ වෘත්තීය ඒ නිසා අවතක්සේරුවට ලක් කරන්න හොඳ නැහැ.

    ReplyDelete
  6. අපේ සනීපාරක්ශාව සලසන මේ මිනිස්සුන්ගේ සනීපාරක්ශාවට මූලිකව අවශ්‍යවෙන ග්ලවුස්, බූට්ස්, නහය වහගන්න ඕන ටිකවත් සපයනවද කියන එකත් ප්‍රශ්නයක්. අපේ රටේ මේ මිනිස්සුන්ට දක්වන සැලකිල්ල ඉතාම නරකයි කියා තමා හිතන්නේ. එංගලන්තේ වගේ රටවල්වල මේ රිෆියුස් කලෙක්ටර්ස්ලා තිතට ජොබ් එක කරන්නේ ලැබෙන පඩිය සහ පහසුකම් නිසා වෙන්නත් ඇති. ඔවුන්ට සියලු පහසුකම් සහිතව අවුරුද්දකට පවුම් විසිදාහකට ආසන්න පඩියක් ලැබෙනවා. ඔවුනුත් සාමාන්‍ය සේවකයෙක් ලබන වැටුපකට වඩා ලබනවා. කරදරයක් නැතිව ජීවත් වෙන්න එය ප්‍රමානවත්. කරන රස්සාවට ඇගයීමක් නැතිකම සහ රස්සා වර්ගීකරනය තමයි මේ ප්‍රශ්නවලට හේතු.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අරුණ මම කියන්නෙ ඒ වගේම ජහපලාන ආණ්ඩුවෙ කසල, සයිබර් අවකාශයේදී සෝදා පිරිසිදු කරණ පුද්ගලයන්ටත් මීට වඩා සලකන්න ඕනෑ කියනඑක. මේ පුද්ගල කණ්ඩායමට ඔබ ඇතුලත් නැත.

      Delete
    2. ඇනෝ....මමත් යහපාලනයක් වෙනුවෙන් මගේ මට්ටමෙන් හෝ පෙනී සිටිය කෙනෙක්. දැන් ඒක නැහැ කියන්න බැහැ. ඒ වෙනස විය යුතු යැයි හිතුවා. නමුත් දැන් වෙන්නේ මම හිතාගෙන හිටිය දේවල් නෙමේ. මේ අපි එදා සිට රැවටුනු රැවටිල්ලේ තවත් එක දිගුවක් කියා හිතාගෙන බලන් ඉන්නවා. දුකයි මචෝ.

      Delete
  7. ඇස් අරවන ලිපියක්. බොහොම ස්තුතියි.

    ReplyDelete
  8. පැරා,

    මතුගම, යටදොල කියන ගම තියෙන හරිය ගැන දන්නවද? කොළඹ ඉදන් දුම්රියේ යනවා නං යන විදිය ගැන කියන්න පුලුවන්ද පහසු නම්?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා