ඉක්බිති සියලු වැඩ කරන ගැහැණු හේමමාලාවෝ වූ හ

මුහුළ දරා වැඩමවු පෙර සිරි දළදා
බිතු සිතුවම් රූ විය ගං තෙරදි එදා
රත්නසිරින් රන් මලකින් කළ පුබුදා
හේමමාලි නම් ඇය ලොව සදන ළඳා

- අජිත් පැරකුම් ජයසිංහ

මෙම කවිය ලියන්නට සිතුණේ රත්න ශ්‍රී විජේසිංහයන්ගේ දියණිය වන ප්‍රාර්ථනා සම්මානි ෆේස්බුක්හි පළ කර තිබූ ඇගේ මව් පියන්ගේ හිරිමල් තරුණ වියේ සේයාරුවක් දැකීමෙනි.

රත්න ශ්‍රී වස්සානේ කාව්‍ය සංග්‍රහය සිය බිරිය වන හේමමාලිට පිදුවේ මෙසේ ය.


හේමමාලීට-------
කිරි ශිරා සියක් ඉල්පී
කෘශ ළැමට ඇදී එත්මැයි
පියයුරෝ දෙදෙන හොරැහින්
බිම බලාගෙන හඬත්මැයි
ලේ කඳුළු බිංදු නොසිඳී
ලැම දුකින් තෙත් කරත්මැයි
හාමතේ නොලා දෙදරුන්
රක්ෂා කෙරෙත්මැයි

නුඹ වින්ද දුකින් උපනෙන්
මේ කවි මගේද නොදනිම්
ලොව තනන දෑත් නොතකා
මෙය ඉතින් කාට පුදදෙම්

රත්න ශ්‍රී සිය ඔහු සමග ජීවිතයේ දුක් කම්කටොලු බෙදා හදා ගත් හේමමාලි ගැන ලියූ මේ කවිය සියලු වැඩ කරන, බර උසුලන ගැහැණුන් වෙනුවෙන් ලියන ලද උපහාර කවියකි. ඒ හේමමාලි වැඩ කරන ගැහැනුන්ගේ සදාතනික සංකේතය වී හමාර ය.

මා මෙම ඡායාරූපය දුටුවේ වමේ අපි නමින් තමන් හඳුන්වා ගන්නා සංවිධානයක් විසින් මෙම බ්ලොග් අඩවියේ පළ කර තිබූ නිර්නාමික දීර්ඝ කමෙන්ට් දෙකක් දැකීමෙන් පසුව ය. කවිය ලියවෙන්නට ඇත්තේ ද ඒ ආවේග සමගයි.

මගේ බිරිය වීම හා පාඨිකාවක් වීම හැර මෙම බ්ලොග් අඩවිය සමග වෙනත් සම්බන්ධයක් නැති ගැහැනියක සම්බන්ධයෙන් තුච්ඡ කතා කීමෙන් ඒ වමේ යයි කියන අය උත්සාහ කරන්නේ මා බිඳ වට්ටන්නට බව මම දනිමි. අන් කිසිදු ක්‍රමයකින් ඔවුන්ට මා උකටලී කිරීමට බැරි වූ කල මගේ බිරිය, දරුවන් වැනි සංවේදී නිල ඇල්ලීම මට තේරුම් ගත හැකි ය. ඒවා කියවන කල කම්පනයට පත් නො වන්නට හැකියාවක් මට නැත.

මේවා කරන අය වනාහි අප සමග ගැටුම් ඇති ලංකාවේ සිටින වාමාංශිකයන් යයි අපි නො සිතමු. කෙතරම් මතවාදීව ගැටුණත්, ලංකාවේ ජීවත් වන අත්දැකීම් සහිත වාමාංශිකයන් මෙම තිරිසනුන්ට වඩා සංස්කෘතික ය.

වමේ අපි (අන්තර්ජාතික වාම විප්ලවීය දේශපාලනයක ලාංකීය සන්ලකුණ) වැනි නාමපුවරු භාවිතා කරමින් මේ නින්දිත ක්‍රියා කරන්නේ බටහිර රටක ජීවත් වන්නට ඇති හීනමානී පෙරේතකම නිසා හේතු ඇතිව හෝ නැතිව ලංකාවෙන් පළා ගොස්, ලංකාවට ඇවිත් කරන්නට දෙයක් නැති නිකමුන් වීම නිසා, ලංකාවට එන එක වළක්වා ගැනීම තම දේශපාලනයේ පදනම කර ගත් කාලකණ්ණි පිරිසකි. 

නූතන වාමාංශිකයන් පැවත එන්නේ සාර්ගේ පවුල පමණක් නො ව සුරතල් බල්ලා ද මරා දැමූ ලෙනින්ගේ පරපුරෙන් වීම නිසා වමට අත තැබූ කල එවැනි දේ බලාපොරොත්තු විය යුතු ය.

මා ඉහත කළ ප්‍රකාශය ලෙනින් විසින් සමාජයට කරන ලද සාධනීය දායකත්වයට අවමානයක් නො වේ. එහෙත්, වර්තමානයේදී අභාවයට යමින් සිටින 'වමේ අපි' වැනි කොටස්වලට ස්පර්ශ වන්නේ ඒ සාධනීය දේ නො වේ.    

රොමානොව්ගේ බල්ලාත් මරා දැමූ පරපුරෙන් පැවත එන 'වමේ අපි' වැනි බල්ලන්ට සන්නස්ගල කරන මෙම ප්‍රකාශය විශේෂයෙන් ම අදාළ ය.  



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මේ අය දැනට ලංකාවෙන් පිට ජීවත් වෙන අය පමණක්ම කියා මමනම් හිතන්නෙ නෑ.
    ලංකාවෙමත් ඉන්නවා පැරාව නිහඬ කරන්න කලහැකි හැම දෙයක්ම කරමින් ඉන්න පිරිසක් (නම් වශයෙන් කියන්න අවශ්‍ය නෑනෙ)

    ReplyDelete
  2. වමේ විතරක් නෙමෙයි පැරා.. බ්ලොග් ලියන සමාජ සාධාරනය ගැන කතා කරන මහා ප්‍රවල් පවා අන්තීමට කරන්නේ ඕක..

    පැරත් ඒ පොන්නයන්ට නොම්මර එකේ වෙදිකාවක් හදලා දීපු කෙනෙක්..

    නමුත් දවසක තමන්ටත් ඒ දේ එනකොට තමයි ඒවයේ රඟේ තේරෙන්නේ.. දැන්වත් ඔය ඇනෝ කොමෙන්ට් දැමිල්ල නවතා දමන්න..

    රට හැදිල්ල කෙසේ වෙතත්. ඒකෙන් වෙන්නේ පොන්න මානසික රෝගීන් පිරිසකට නොම්මර එකේ වේදීකාවක් සකසා දීම විතරයි..

    අනෙක් ප්‍රධානම දේ තමයි බ්ලොග් කියන දේ විනාශ වෙන එක..

    ReplyDelete
    Replies
    1. ඇනෝ කමෙන්ට්වලට ඉඩ දීපු එක මම නම් ඒ තරම් ම වරදක් ලෙස දකින්නේ නැහැ.

      ඔබ කියන විදියේ අමනයන් දෙතුන් දෙනෙකු කරන විනාශය තිබුණත්, ඇනෝ කමෙන්ට් ලෙස ඉතා වටිනා අදහසුත් පළ වී තිබෙනවා.

      සමාජයක් විදියට සිංහලයන් කොයි තරම් පසුගාමීන් පිරිසක් ද, ප්‍රකාශනයේ නිදහස ඔවුන්ට කොයි තරම් බාල ලෙස පාවිච්චි කළ හැකි ද යන්නට හොඳම උදාහරණය තමයි සිංහල බ්ලොග් අවකාශය.

      මං වමේ එවුන්ට විශේෂයෙන් චෝදනා කරන හේතුවක් තියෙනවා. උඹලා අපේ ගෙවල්වල ඇවිත් අපත් එක්ක එකට ජීවත් වෙලා අප ගැන බොහෝ දේ දන්නා අය නෙමෙයි. මේවා ලියන්නේ මචං අපත් එක්ක එකට හිටපු එවුන් පෞද්ගලිකව දන්නා දේවල් එළියට දමමිනුයි.

      හැබැයි උන් දැන ගන්නට ඕනැ මට උන් ගැන ඊට වඩා දේවල් කියන්නට පුළුවන් බව.

      මම එකක් දෙකක් ලියපු ගමන් මෙතන ඇවිත් නාහෙන් අඬනවා, ඒ අපි නෙමෙයි, අපි ඒ වගේ වැඩ කරන්නෙ නැහැ කියලා.

      මුන් නියම කාලකණ්ණි.

      Delete
    2. බ්ලොග් වල ඒ දේ කරන්නෙත් උඹ කියන ජාතියෙම සෙට් එකක් තමයි. එකට කාපු බීපු උන්, ඔතන තියෙන්න මානසික ලෙඩක්. අඩු ගානේ උන්ගේ කොමෙන්ට් දැක්කාම ඩිලීට් කරලා දාහන්. උන් මානසික ලෙඩ්ඩු.

      උඹ දන්නවද ඕකුන්ගේ ඉන්ටර්නැසොනල් ළිඳ ළඟ සංගම් පවා තියෙනවා කියලා. අතින් කයිට් කරගෙන ටැලිපෝන් කෝල් අරගන්න එන්සිනාලා ගැන.

      Delete
    3. මකල දානවා බං. කොච්චර මැකුවද පහුගිය දවස්වල.

      Delete
    4. මහින්ද චින්තන වීරෝධී අදහස් ප්‍ර‍චලිත කල මාතලන් ඇතුළු W3 වැනි බ්ලොග් සදහා Anonymous ලෙස බහුතරයක් පිවිසියේ පැවති ඒ තුච්ඡපාලනය පෙරලා දමා යහපාලනයක් ඇතිකරගැනීමේ අභීලාෂයෙනි.(2010-2015 කාලය)
      නමුත් දැන්,මහින්ද චින්තනය හිටගෙන කල වැඩ ටික යහපාලනය දුව දුව කරයි.
      මේ අතර යහපාලනය සමග ඩීල් දාගෙන එයින් ගතමන්ට් එකක් කඩාගෙන ඒ ගූ හැලියෙම ලඟින සමහර ඉහඳ පනුවන්ට දැන් Anonymous Phobia නිදන්ගත තත්වයට පත්වී ,ඔවුන් පාලනයකින් තොරව අනෙක් උදවියටද Anonymous වීරෝධී උපදෙස් ‍දෙන තරමටම රෝගය උත්සන්න වී ඇත.

      සැ.යු-
      *Anonymous බහුතරයකට " සයිබර් සමයං" ලා වීමටද අවශ්‍ය නැත.
      *සයිබර් පාඨක ඔබට අප Anonymous වුවාට රටේ පාලකයන්ට අප Anonymous වන්නෙ නැත.
      *Anonymous අප යහපත් ලොවක් වෙනුවෙන් ඉදිරියටත් පෙනී සිටින නිසා වෛරස පාලනයටද උරදෙන්නෙමු.
      -ස්තූතියි පැරා

      Delete
    5. මම පාරා ට කියන්න ගිය දේ මාතලන් දෙවෙනි කමෙන්ට් එකෙන් දාල. ඔහෙලා බ්ලොග් ඔස්තාර්ලා. ඔහෙලා ට අප්පුඩි ගහන උන්ම තමයි පෞද්ගලික හෝ දේශපාලන මුවාවෙන් ඔහෙටම නෙළන්නේ. ඕන් අපි ගියා.. 🙏

      Delete
    6. //ඔහෙලා ට අප්පුඩි ගහන උන්ම තමයි පෞද්ගලික හෝ දේශපාලන මුවාවෙන් ඔහෙටම නෙළන්නේ.//


      සුරතල් බ්ලොග්කරුවන් නැළවීමට ප්‍රොෆයිල් නැනීලා අවශ්‍යයයී.

      Delete
  3. Mostly I do not read your writings. However must agree it is very uncivilised to target family members for rude comments.

    Removing ano comments will stop some valid comments coming in. Maathalan calling others 'Poona Manasika Leddu' is like pot calling kettle black.

    ReplyDelete
    Replies
    1. මේ තමයි පොන්නයෝ..

      Delete
    2. දැන්වත් ඔය ඇනෝ කොමෙන්ට් දැමිල්ල නවතා දමන්න..

      මාතලන් පොන්නයින්ට බය වගේ පැරා කවදත් පොන්නයෝන්ට බය නෑ

      Delete
    3. මාතලන් පොන්නයන්ට බය නෑ... ඒත් බ්ලොග් කියන දේ විනාශ කරන්න දෙන්න බ්ලොග් අයිති කරගන්න හදන කාළකන්නින්ට පොන්නයෝ ලෙස ඇවිල්ලා... පොන්නයෝ නෙමේ නම් ප්‍රෝෆයිල් වලින් වරෙල්ලා.. එහෙම එන්න උඹලට කොන්දක් නෑ.. අපි උඹලව දැකලා තියෙනවා නේ.. කතා කරලා තියෙනවනේ...

      Delete
  4. අජිත් අයියා කවි නොලියන එක අපරාදෙ... දක්ෂ කවියෙක්...

    ReplyDelete
    Replies
    1. කවියන්ට කවියක් ලියාගෙන ඉන්න පුළුවන් විදියට දේශපාලකයන් රට පාලනය කරගෙන හිටියි කියලා හිතාගෙන මදැයි ආණ්ඩුවක් බලයට ගෙනාවා.

      අසූචි වලෙන් මුත්‍රා වලට තමයි වැටුණෙ. කට්ටියක් ආපහු අසූචි වලට යන්න කතා කරනවා. ගොඩ එන්න බැරි නම් පල් වලකට හරි බහින එක මීට හොඳයි.

      කවි ලියන්න වෙලාවක් නැත්තෙ ඒකනේ.

      Delete
  5. "කවිය ලියවෙන්නට ඇත්තේ ද ඒ ආවේග සමගයි."
    ඔබ ආවේගයට පත් වුනා
    ඒ කියන්නෙ ඔවුන්ගේ වෑයම යම් දුරකට සාර්තකයි.
    ඉදිරියේ මීට වඩා දරුණු ප්‍රහාර ආවත් මේ වගේ තවත්
    කවියකින්ම, ලිපියකින්ම ඒ ආවේගයන් යටපත් කරගනු ඇතැයි සිතමි.

    ReplyDelete
  6. මේක පොස්ට් එකට අදාළ නැත.

    මම මේ සෑහෙන කාලෙක ඉඳලා දැකපු දෙයක් තමයි, පහුගිය දවස්වල පැරාගේ ඕන පොස්ට් එකකට යන්නෙ කොහෙද මල්ලෙ පොල් තියරියේ මරු කමෙන්ට් දදා හිටපු අර කුමාර කළුආරච්චි (තමාටම තුමා කියාගන්නා සරස කියන හාදයා) දැන් ටික කාලෙක ඉඳන් මේකේ කමෙන්ට් නොදැමීම.

    පැරා එතුමට බැනලා පන්නගත්තවත් ද?

    ReplyDelete
    Replies
    1. එයා හිතුවෙ එයා මට බනින, අපහාස කරන, තමන්ගේ මනස්ගාත ප්‍රකාශ කරන සියලු කමෙන්ට් පළ කරන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියලා. කමෙන්ට් කැපුවයි කියලා ඔය තරහ වෙලා ගියේ. දැන් ඇනෝ ඇවිත් බැනලා යනවා. පව්!

      Delete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. වැඩක් බලාගෙන ඉඳහල්ලා බං. උඹලා කොච්චර දිගට ලිව්වත් වැඩක් නැහැ. ඒවා මෙහි පළ වෙන්නේ නැහැ. වමේ තොපි මෙහි නාවත් කමක් නැහැ. අපි ලියන්නේ තොපට නෙමෙයි. මේ රටට, ලෝකෙට, මිනිසුන්ට, පරිසරයට ආදරය කරන මිනිසුන්ට විතරයි.

      Delete
    2. පැරා දැන් උඹ මැකුව කමෙන්ට් එක උඹ මැකුවේ මොන හේතුවකට ද? උඹ අපිට මඩ ගහනවා අපි නොකළ දේවලට. එතකොට අපිට අයිතියක් නැති ද පැහැදිලි කිරීමක් කරන්න?

      වමේ අපි
      (අන්තර්ජාතික වාම විප්ලවීය දේශපාලනයක ලාංකීය සන්ලකුණ)

      Delete
    3. //එතකොට අපිට අයිතියක් නැති ද පැහැදිලි කිරීමක් කරන්න?//
      ඉතින් බං උඹලත් බ්ලොගක් අටව ගනිල්ලකො.
      එතකොට ඕනෙ මලදානයක් ලියාගන්න පුලුවනිනෙ

      Delete
  8. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. වමේ තොපේ කමෙන්ට් මෙහි පළ කරනු නො ලැබේ.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  9. පැරා,

    බලාගෙන යනකොට ශ්‍රී ලංකාවේ වමේ ලෙස පෙනී ඉන්න බහුතරයක් මානසික රෝගීන් නේ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා